පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-07-30

අධ්‍යාපන ප්‍රතිසංස්කරන 5


අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 සිට:
නව විෂය නිර්දේශය සහ GPA ක්‍රමය - සවිස්තරාත්මක මාර්ගෝපදේශය
2026 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නව විෂය නිර්දේශය සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ GPA (Grade Point Average) ක්‍රමය පිළිබඳව ඔබ දැනුවත් කිරීම සඳහා මෙම සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරමු. මෙම වෙනස්කම් සිසුන්ගේ අධ්‍යාපන බර අඩු කර, ඔවුන්ට වඩාත් ගැඹුරින් අධ්‍යයන කටයුතු කිරීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට අවස්ථාව ලබා දෙනු ඇත.
නව විෂය නිර්දේශය: විෂයයන් 7ක්
නව ක්‍රමය යටතේ සිසුන්ට විෂයයන් 10ක් වෙනුවට විෂයයන් 7ක් හැදෑරීමට සිදු වේ. මෙය සිසුන්ගේ විෂය බර අඩු කර, ඔවුන්ට වඩාත් ගැඹුරින් අධ්‍යයන කටයුතු කිරීමට අවස්ථාව සලසා දීම අරමුණු කරයි.
අනිවාර්ය විෂයයන් 5ක්:
මෙම විෂයයන් සියලුම සිසුන් විසින් හැදෑරිය යුතුය.
* මව්බස: සිංහල, දෙමළ හෝ වෙනත් පිළිගත් මව්බසක්. (Credits: 3)
* ඉංග්‍රීසි: සන්නිවේදන කුසලතා, කියවීම, ලිවීම සහ කථනය. (Credits: 3)
* ගණිතය: ගණිතමය සංකල්ප, ගැටලු විසඳීම සහ තර්කනය. (Credits: 3)
* විද්‍යාව: භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පොදු විද්‍යාව. (Credits: 3)
* ආගම: බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම හෝ කිතුනු ආගම. (Credits: 2)
මුළු අනිවාර්ය විෂයයන් සඳහා Credits: 14
තෝරාගත හැකි විෂයයන් 2ක්:
මෙම විෂයයන් දෙක සිසුන්ට ඔවුන්ගේ රුචිකත්වය සහ අනාගත අරමුණු අනුව පහත කාණ්ඩවලින් තෝරාගත හැක. සෑම තෝරාගත් විෂයයකටම Credits 2ක් හිමිවේ.
* දෙවන ජාතික භාෂාව (Second National Language)
* තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (Information and Communication Technology)
* ඉතිහාසය (History)
* පුරවැසි අධ්‍යාපනය (Civic Education)
* සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (Health and Physical Education)
* තාක්ෂණය (Technology): (මෙය පුළුල් ක්ෂේත්‍රයකි)
* සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණ තාක්ෂණය (Tourism and Hospitality Management Technology)
* නිර්මාණ හා ඉංජිනේරු තාක්ෂණය (Design and Engineering Technology)
* පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය (Livestock Product Technology)
* කලාත්මක නිෂ්පාදන තාක්ෂණය (Artistic Product Technology)
* ව්‍යවසායකත්වය හා ඊ-වාණිජ්‍ය තාක්ෂණය (Entrepreneurship and E-commerce Technology)
* භූගෝල විද්‍යාව (Geography)
* සෞන්දර්යය අධ්‍යාපනය (Aesthetics Education):
* පෙරදිග සංගීතය (Oriental Music)
* බටහිර සංගීතය (Western Music)
* කර්ණාටක සංගීතය (Carnatic Music)
* පෙරදිග නැටුම් (Oriental Dance)
* භරත නැටුම් (Bharatha Dance)
* බටහිර නැටුම් (Western Dance)
* නාට්‍ය හා රංග කලාව (Drama and Theatre)
* චිත්‍ර (Art)
* ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව (Entrepreneurship and Financial Literacy)
මෙම විෂයයන් 7ක් තෝරාගැනීමෙන්, සිසුන්ට විෂයයන් ගණනාවකට විසිරී නොගොස් තමන්ට වැදගත් වන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමට හැකි වේ.
GPA (Grade Point Average) ක්‍රමය
නව ක්‍රමය යටතේ විභාග ප්‍රතිඵල A, B, C, S, F යන අකුරු ශ්‍රේණි වෙනුවට GPA ක්‍රමය මගින් නිකුත් කෙරේ. GPA යනු සිසුවෙකු විෂයයන් ගණනාවක ලබාගත් සාමාන්‍ය ලකුණු මට්ටම සංඛ්‍යාත්මකව දැක්වීමේ ක්‍රමයකි. මෙය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමයක් වන අතර, සිසුන්ගේ සමස්ත අධ්‍යයන කාර්ය සාධනය වඩාත් නිවැරදිව පිළිබිඹු කරයි.
GPA ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය (අපේක්ෂිත පරිදි):
* ලකුණු ශ්‍රේණිගත කිරීම: සෑම විෂයයකටම ලබාගන්නා ලකුණු ප්‍රතිශතයක් හෝ ලකුණු පරාසයක් මත පදනම්ව, ඊට අදාළ ලක්ෂ්‍ය අගයක් (Grade Point) ලබා දෙනු ඇත. (මෙම ලක්ෂ්‍ය අගයන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු වෙනස් විය හැක. පහත දැක්වෙන්නේ උදාහරණයක් පමණි):
* 90-100% = 4.0
* 80-89% = 3.7
* 70-79% = 3.3
* 60-69% = 3.0
* 50-59% = 2.7
* 40-49% = 2.0 (සමත්)
* 39%ට අඩු = 0.0 (අසමත්)
* සෑම විෂයයකටම ලක්ෂ්‍ය අගයන්: ශිෂ්‍යයෙකු විෂයයන් 7 සඳහා ලබාගන්නා ලකුණු අනුව, එම එක් එක් විෂයයට අදාළ ලක්ෂ්‍ය අගය (Grade Point) ලබා දෙනු ඇත.
* GPA ගණනය කිරීම: අවසාන GPA අගය ගණනය කරනු ලබන්නේ සියලුම විෂයයන් සඳහා ලැබුණු ලක්ෂ්‍ය අගයන්ගේ සාමාන්‍යය ගැනීමෙනි.
උදාහරණයක්:
යම් සිසුවෙකු විෂයයන් 7 සඳහා පහත ලක්ෂ්‍ය අගයන් ලබා ගත්තා යැයි සිතමු:
* ගණිතය: 3.7
* ඉංග්‍රීසි: 3.3
* මව්බස: 4.0
* ආගම: 3.7
* විද්‍යාව: 3.0
* තෝරාගත් විෂය 1: 3.5
* තෝරාගත් විෂය 2: 3.2
මුළු ලක්ෂ්‍ය අගයන් එකතුව = 3.7 + 3.3 + 4.0 + 3.7 + 3.0 + 3.5 + 3.2 = 24.4
GPA = මුළු ලක්ෂ්‍ය අගයන් එකතුව / විෂයයන් ගණන
GPA = 24.4 / 7 = 3.48 (ආසන්න වශයෙන්)
මේ අනුව, එම සිසුවාගේ අවසාන GPA අගය 3.48 ක් වනු ඇත.
GPA ක්‍රමයේ වාසි:
* වඩාත් නිවැරදි ඇගයීමක්: GPA ක්‍රමය මගින් සිසුවෙකුගේ සමස්ත කාර්ය සාධනය පිළිබඳ වඩාත් සවිස්තරාත්මක හා නිවැරදි චිත්‍රයක් ලබා දේ.
* අධ්‍යයන පීඩනය අඩු කිරීම: තනි විෂයයක අසමත් වීමක් හෝ අඩු ලකුණක් සමස්ත ප්‍රතිඵලයට දැඩි ලෙස බලපානවාට වඩා, GPA ක්‍රමය යටතේ සමස්ත සාමාන්‍යය සැලකිල්ලට ගැනීමෙන් සිසුන්ට ඇති පීඩනය අඩු විය හැක.
* ජාත්‍යන්තර ප්‍රමිතීන්: බොහෝ ජාත්‍යන්තර අධ්‍යාපන පද්ධතිවල GPA ක්‍රමය භාවිතා වන බැවින්, උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන සිසුන්ට මෙය වාසියක් වනු ඇත.
* උසස් පෙළට මග පෙන්වීම: සිසුන්ගේ සමස්ත හැකියාව සහ රුචිකත්වයන් වඩා හොඳින් පිළිබිඹු කරන බැවින්, උසස් පෙළට විෂය ධාරාවක් තෝරා ගැනීමට මෙය වඩාත් ඵලදායී මග පෙන්වීමක් ලබා දිය හැක.
* සාපේක්ෂ ඇගයීම: මෙම ක්‍රමය තුළ සිසුන්ගේ සාපේක්ෂ කාර්යසාධනය වඩා හොඳින් තක්සේරු කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
අභියෝග සහ සැලකිලිමත් විය යුතු කරුණු:
* අවබෝධය: GPA ක්‍රමය පිළිබඳව සිසුන්, දෙමාපියන් සහ ගුරුවරුන් නිසි ලෙස දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.
* සමත් වීමේ මට්ටම්: GPA ක්‍රමය තුළ සමත් වීමට අවශ්‍ය අවම GPA අගය සහ එක් එක් විෂය සඳහා සමත් වීමේ නිර්ණායක පැහැදිලිව අර්ථ දැක්විය යුතුය.
* ගණනය කිරීමේ විනිවිදභාවය: GPA ගණනය කරන ආකාරය සහ ලකුණු සඳහා ලක්ෂ්‍ය අගයන් ලබා දෙන ආකාරය පිළිබඳව විනිවිදභාවයක් තිබිය යුතුය.
මෙම නව ක්‍රමය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ නිසි සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම සහ අදාළ පාර්ශ්වයන්ගේ සහයෝගය මතයි. මෙම වෙනස්කම් සිසුන්ට වඩාත් අර්ථවත් හා ප්‍රතිඵලදායී අධ්‍යාපන අත්දැකීමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.

උපුටා ගැනීමකි.

A day in the life

2025-07-29

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 4. ඉතිහාසය .


ධ්‍යාපනවේදය ගැන දැනුමක් නැති කෙනෙක් විදියට ඉතිහාසය සාකච්ඡාවට මගෙන් (කවුරුත් ඉල්ලපු නැති) සත දෙක...
(Disclaimer: ඉතිහාසය පාසල් විශය මාලාවෙන් අයින් කරල නෑ කියල මම දන්නව. ඒත් මේ වෙලාවෙ යන කථිකාව මේ ගැන අපිට විවිධ අදහස් කතා කරන්න අවස්ථාවක්. මේ අදහස් දැනටම ඇක්ඩමියාවෙ කතා වෙන දේවල් නම් මගේ ඉග්නොරන්ස් එකට කමා කරන්න.)

1. ඉතිහාසය උගන්නන්න ඕන. අනන්‍යතා අර්බුද ගැන අපි කතා කරනව හොඳටම මදි. අපේ මුලු ජීවිතයම ගත වෙන්නෙ මම කවුද කියන ප්‍රශ්නෙට උත්තර හොයන ගමන්. මම කවුද කියන එකේ උත්තරයට අපි කවුද කොහෙන්ද එන්නෙ කියන එක අතිශයින් වැදගත් කොටසක්. ඒක සම්පූර්ණ උත්තරයම නොවුනත් ඒක නැතුව බහුතරයකට මම කවුද කියන එකට උත්තරයක් හොයාගන්න බෑ. අනිත් පැත්තෙන් ඉතිහාසය කියන්නෙ අනාගතයට රෝඩ්මැප් එකක්. ඉතිහාසය දන්න තරමට වර්තමානය තේරුම් ගන්න ලේසියි. අද වෙන ගොඩක් දේවල් අතීතයේ නැවත නැවත සිදු වෙලා තියෙනව. ඉතිහාසය නොදැන වර්තමානයේ ඉඳන් අනාගතයට මුහුණ දෙන එක කිසිම දෙයක් පාඩම් නොකර විභාගයක් ලියනව වගේ.

2. අපි ඉතිහාසය ඉගෙනගන්න විදිය මීට වඩා සෑහෙන්න හොඳට කරන්න පුලුවන්. අපි ඉතිහාසය ඉගෙන ගත්තෙ තනි narrative එකක් විදියට. ඒත් ඉතිහාසය කීයටවත් තනි නැරටිව් එකක් නෙවෙයි. එකම සිදුවීම වාර්තා කරල තියෙන විදි වෙනස්. ඒ සිදුවීම් ගැන එකිනෙකාගෙ Perspectives වෙනස්. ඉතිහාසය ඉගෙන ගන්න ඕන මේ එකම සිදුවීම ගැන different accounts සහ different perspectives ඉගෙන ගැනීමක් ලෙස. එතනදිත් අපි ඉගෙන ගන්නෙ ඉතිහාසය විතරක් නෙවෙයි. 

කුඩා වයසෙදිම අපි තේරුම් ගන්නව එකම සිදුවීමක් උනත් ඇත්තටම ඒක දිහා බලන අය අනුව සිදුවීම් කීපයක් කියල. තමන්ගෙ පටු දැක්ම වෙනුවට වෙනස් අයගෙ ඇස් වලින් සිදුවීම් දිහා බලන්න පොලඹවනවා. එකම සිදුවීම වෙනස් අර්ථකථන ඇතුව දකින්න පොලඹවනවා. මට හිතෙන්නෙ මේ ස්කිල් සෙට් එක උගන්නන්න පුළුවන් එකම "විශය" ඉතිහාසය විතරයි. ඒ ස්කිල් සෙට් එක ජීවිතයට කොච්චර වැදගත්ද කියන එක මට overemphasize කරන්න බැරි තරම්. අන්තර් පවුල් සම්බන්ධතා, පවුලෙන් පිට සමාජයේ අන්තර් පුද්ගල සබඳතා, දේශපාලනය යනාදී හැම තැනම මේ ස්කිල් සෙට් එක අත්‍යවශ්‍යයි. ඇත්තටම මේ ස්කිල් සෙට් එක නැතුව ජීවත් වෙන එක handicap එකක් එක්ක ජීවත් වෙනව වගේ. අවාසනාවකට වගේ ඇත්තටම සමාජයෙන් බහුතරයක් ඒ ස්කිල් සෙට් එක අතින් hadicapped මට හිතෙන්නෙ.
3. දෙවෙනි පොයින්ට් එකේ විදියට ඉතිහාසය ඉගෙන ගන්න දැන් තරම් ලේසි කාලයක් තවත් නෑ. ඒකට හේතුව AI. දැන් හැම AI එකේම ෆ්‍රී වර්ශන් එකක් තියෙනව. අනාගතයේ (ඒ කියන්නෙ හෙට ඉඳන්ම) ළමයි ඉස්කෝලෙ හැම දේටම AI පාවිච්චි කරනව අපි හා කිව්වත් එපා කිව්වත්. ඒත් AI පාසලට intergrate කරන්න හොඳම තැනක් තමයි ඉතිහාසය වගේ විශයන්. ඉතිහාසය කියන්නෙ කරුණු වගේම interpretations. ඒ නිසා AI පාවිච්චි කරන්න එපා කියනව වෙනුවට ටීචර්ස්ලටම කියන්න පුළුවන් ඔයා හෙට එනකොට ඩොනමෝර් ප්‍රතිසංස්කරණ ගැන ක්‍රිටිකල් ඇනලිසිස් එකක් ලියාගෙන එන්න කියල. 

අනිවාර්යයෙන් ලමය කරන්නෙ ඔය ප්‍රශ්නෙ අහල උත්තරේ කොපි පේස්ට් කරන් එන එක. ඒත් ඊළඟ ස්ටෙප් එකේ තමා මැජික් එක තියෙන්නෙ. ඊළඟ දවසෙ හෝම් වර්ක් බලනකොට උත්තරේ කියවනව වෙනුවට ලමයගෙන් අහන්න ඕන ඔයාට මේකෙන් තෙරුනේ මොනවද කියල පන්තියට කියන්න කියල. ඔතනදි අනිවාර්යයෙන් එක එක කෙනාගෙ තේරුම් ගැනීම සම්පූර්ණයෙන් වෙනස් වෙනව. 

අනික ඕක ඉංග්‍රීසියෙන් නම් ඇහුවෙ ඉංග්‍රීසි තේරුම් ගැනීම අනුව තවත් වෙනස් වෙනව. ඒත් ඒක තමා මේ exercise එකේ පොයින්ට් එක. එක රැයින් මේකෙ ප්‍රතිඵල පේන එකක් නෑ. නමුත් ටික ටික සතතාභ්‍යාසයේ යෙදෙනකොට ලමය ක්‍රිටිකල් තින්කින් ඉගෙන ගනියි. ඉංග්‍රීසි ඉගෙන ගනියි. පන්තිය ඉස්සරහ මිනිත්තු පහක් කතා කරන්න පබ්ලික් ස්පීකින් ඉගෙන ගනියි. තමන් කියපු කතාවට සම්පූර්ණයෙන් අනිත් පැත්ත කියපු පන්තියෙ අනිත් ළමයගෙ මතයටත් රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගනියි. 
මැත්ස්, සයන්ස් හෝ ලැන්වේජ් වලට වඩා ඉතිහාසය විශය මේ විදියට උගන්නන්න ලේසියි. ටිචර්ස්ලට සෑහෙන්න ක්‍රියේටිව් වෙන්න පුළුවන් මේකෙදි.
(හැමෝටම AI වලට ඇක්සස් නෑ කියන්න එපා දැන්. බහුතරයකට ලේසියෙන් ඇක්සස් හදල දෙන්න පුලුවන්. දැනටත් හැමෝටම අධ්‍යාපනයේ රිසෝසස් වලට ඇක්සස් නෑ. කවදාවත් එහෙම තියෙන්නෙත් නෑ.)

මගෙ පොයින්ට් එක තමා ඉතිහාසය කියන්නෙ ඉස්කෝලෙ උගන්නන්න පුළුවන් වැදගත්ම විෂයක් කියන එක. ඒක "ජීවිතේට" ගණිතය හෝ භාෂාව තරම්ම වැදගත්. නිර්මාණශීලී විදියට ඉගැන්නුවොත් ඉතිහාසය අපි ඉස්කෝලෙන් අපිට උගන්නන වැදගත්ම "life skills" සෙට් එක ඉගෙන ගන්න විෂය වෙන්න පුලුවන්. 

 Naveen Udawella 

A day in the life