පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-02-24

බුරුවෝ . - නස්රුදීන්ගේ කතා.







"මීදුම" නස්රුදීන්ගේ කතා ලියලා තියෙනවා. මේ දවස් වල වැඩි වැඩියෙන් බූරුවෝ ගැන කතා වෙනවා.ස්ට්‍රෙස් එක රතු කට්ට පැනපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් තම බූරුවා හොයන රූපවාහිණි දර්ශණ පහුගිය දවස් වල ප්‍රවෘත්ති අතර ජනප්‍රිය  මාතෘකාවක් වුනා. 

කලබල වුනහම ඔහොම තමයි. 

නස්රුදීන් ගේ කතාවල හැම එකකම වගේ බූරුවා හමුවෙනවා. උන්නැහේගේ කාලෙ ජනප්‍රිය වාහනය වුනේ බූරුවා. දැන් කාලේ රථවාහන පදවන්නේ බුරුවෝ.

නස්රුදීන් ගුරුවරයෙකු ලෙස හදුන්වනවා. නිතර නිතර රාජ්‍ය පාලකයින් සමග සහසම්බන්ධතා තිබුන කෙනෙක් හැටියටත් කතාන්දර වලදී මුණ ගැහෙනවා.

නස්රුදින්ගේ කතාවල පුදුම ගුණයක් තියෙනවා. 

එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනව. 

ඒ කතාවක් අහල කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනාවට වැටෙනවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා. 

 කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා පිළිගැනීමක් තියෙනවා.මෙහෙම කිව්වේ නස්රුදීන් තේ කතා සිංහල අප අතරට ගෙනා පර්සි ජයමාන්න මහත්තයා

නස්රුදීන් තමන්ගේ කර ගන්නා බොහෝ රටවල් ලෝකයේ තියෙනවා. රුසියාවෙ සලකන්නේ ජනතා වීරයෙක් ලෙසට. චීනයේදී ඔහු “ නස්රුදීන් අවන්ති “ වෙනවා. “නස්රුදීන් ගෝභා” ලෙසයි යුගොස්ලාවියාවෙදි හමුවෙන්නේ.

ග්‍රීසිය, ප‍්‍රංශය ආදී රටවල  ජනකතා අතරත් ශ්‍රී  ලංකාවේ අන්දරේගේ කතා අතරත් නස්රුදින්ගේ කතා තියෙනවා.නස්රුදින් තම රටේ උපන් කෙනෙකැයි කියන රටවල් ලොව පුරා තිබුණත් ඔහු වෙනුවෙන් සොහොනක් ප‍්‍රදර්ශනය කරන එක එකම රට තුර්කියයි. ඒ රටේ නස්රුදින් උපන්නා යැයි කියන එස්කිෂෙයර්වල වාර්ෂික උත්සවයකුත් පැවැත් වෙනවා. නස්රුදින්ගේ ප‍්‍රතිමාවක් ඉදි කරපු උයනකුත් තියෙනවා

නස්රුදීන් සංචාරකයෙක්. සංචාරය කරන ගමන් පුංචි පුංචි ව්‍යාපාරත් කරලා තියෙනවා.

කලක් ග්‍රීසියට බූරුවන් අපනයනය කිරීම තහනම් වෙලා තිබුනා.

නස්රුදීන්ගේ වාහනය වුනේ බූරුවෙක්. බුරුවෙක් පදවපු වාහනයක් නෙමෙයි. ඉතින් පර්සියාවේ සිට ග්‍රීසියට යන නස්රුදීන් දේශසීමාවෙදි රැකවලුන්ගේ පරීක්ෂාවට ලක්වෙනවා.අපේ රටේදී රේගුව කරන පරීක්ෂා දන්නවනේ. සමහරවිට පරීක්ෂණවලට ලක් නොවීත් කන්ටේනර් දෙතුන්සීය ඉගිලෙන වෙලා වලුත් තියෙන්නේ.

ඒවා කෘතිම බුද්ධියට යටත් වුනත් ග්‍රීසියේ ඒ තක්ෂණය තිබුනේ නැහැ.

ඉතින් ……..

නස්රුදීන් නිතර නිතර දේශසීමාව හරහා එහා මෙහා යනවා. දේශසීමා රැකවලුන් ඔහු  ගෙන යන  බඩු බාහිරාදිය හොදින් පරීක්ෂා කරනවා.ඔහුවත් පරීක්ෂා කරනවා.  හැමදාමත් බූරුවගේ පිටේ ලොකු ගෝණියක දාලා බැදලා පටවලා තියෙන්නේ පිදුරු .

එකවතාවකවත් සැක කටයුතු කිසිවක් නස්රුදීන්ගේ බඩුබාහිරාදිය අතර තිබුනේ නැහැ.

ආරක්ෂකයින් නස්රුදීන්ගේ ප්‍රශ්න කරනවා.

“ තමුන් හැමදාමත් ග්‍රීසියට  මේ ගෙන යන්නේ මොනවද ?.

නස්රුදීන් උත්තර බදිනවා.

“ මොනවද ? . හොරබඩු මිසක් !”

මේ විහිලුව දිගටම කෙරෙනවා. නස්රුදීන් පිදුරු පටවාගත්ත බූරුවෙක් එක්ක නිතර නිතර දේශසීමාව පහු කරගෙන නිරුප්‍රදිතව ග්‍රීසියට යනවා එනවා.

හැබැයි එන්නේ පයින්.

කාලය මෙහෙම ගෙවීගියා. පර්සියාවත් ග්‍රීසියත් අතර තිබුන වෙළද සම්බන්ධතාවය අහවර වෙලා නස්රුදීන් ඊජිප්තුවට ගියා.

විවේකයක් ගන්න. ඊජිප්තුවේ සංචාරය කරමින් ඉන්න අතර තුර එක් දිනක් ඔහුට පර්සියාණු දේශසීමාවේ රැකවල් කර සිටි නිළදාරියෙක් හමුවුනා. 

ඔහු මේ වනවිට විශ්‍රාමිකයෙක්.

දෙදෙනා දැන හදුනාගෙන සතුටු සාමිචියේ යෙදිලා ඉන්න අතර විශ්‍රාමික නිළදාරියා අහනවා.

“ඔයා ඒ දවස්වල දේශසීමාව පහුකරන කොට මොනවා හරි හොර බඩු ගෙන යන බව අප සැක කලා. ඒත් අල්ල ගන්න නවදාවත් බැරිවුනා 

දැන් මෙහෙ ධනවතෙක් වගේ සංචාරය කරනවා.

ඒ නීති මෙහෙ බලපාන්නෙත් නෑ.

හැබෑට මෙනවද පර්සියාවේ ඉදන් ග්‍රිසියට අරන ගිය හොරබඩු ?.

කියන්නකෝ දැන්වත් .

ස්ට්‍රෙස් එක නැතිවම නස්රුදීන් උත්තර බැන්දා. 

“බුරුවෝ “.

A day in the life

2025-02-23

ඉන්දියාවේ ජාතික වීරයෝ.


 


94 හැවිරිදි පුද්ගලයෙකු කුලියට ගත් නිවසක කුලිය නොගෙවීම නිසා ඉඩම් හිමියා විසින් ඔහු එළියට දැමුවේය.
පැරණි ඇඳක්, ඇලුමිනියම් උපකරණ කිහිපයක්, ප්ලාස්ටික් බාල්දියක් සහ මග් එකක් හැර වෙනත් කිසිඳු දෙයක් මහලු මිනිසා සතුව නොතිබූ තරම්ය.
මහල්ලා අයිතිකරුගෙන් ඉල්ලා සිටියේ කුලිය ගෙවීමට යම් කාලයක් ලබා දෙන ලෙසයි. අසල්වැසියන් ද මහලු මිනිසාට අනුකම්පා කළ අතර, කුලිය ගෙවීමට ඔහුට යම් කාලයක් ලබා දෙන ලෙස ඔවුන් ඉඩම් හිමියාට ඒත්තු ගැන්වූහ. ඉඩම් හිමියා ඔහුට කුලිය ගෙවීමට අකමැත්තෙන් වුවද යම් කාලයක් ලබා දුන්නේය.
මහල්ලා ඔහුගේ බඩු බාහිරාදිය ඇතුළට ගත්තේය.
ඒ අසලින් ගිය මාධ්‍යවේදියෙක් නැවතී මුළු දර්ශනයම දුටුවේය. මේ කාරණය තම පුවත්පතේ පළ කිරීම ප්‍රයෝජනවත් යැයි ඔහු සිතුවේය.
"කුරිරු ඉඩම් හිමියා මුදලට කුලී නිවසින් මහල්ලා පන්නා දමයි" යන සිරස්තලය යටතේ පුවත පල විය.
ඉන්පසුව ඔහු කුලී නිවැසියාගේ පින්තූර කිහිපයක් ගත් අතර කුලියට ගත් නිවසේ පින්තූර කිහිපයක්ද ඒ සමඟ විය.
මාධ්‍යවේදියා ගොස් තම මුද්‍රණාල හිමියාට සිද්ධිය කීවේය. ඡායාරූප දුටු මුද්‍රණාලයේ හිමිකරු අතිශ්‍ය කම්පා විය. ඔහු මාධ්‍යවේදියාගෙන් ඇසුවේ, "ඔබ වයසක මිනිසා හඳුනනවාද?" මාධ්‍යවේදියා ඒ වයසක මිනිසා කවුදැයි දැන සිටියේ නැත.
පහුවදා පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන පුවත ලෙස එය පල විය
මාතෘකාව වූයේ,
"ඉන්දියාවේ හිටපු අගමැති ගුල්සාරිලාල් නන්ද දුක්ඛිත ජීවිතයක් ගත කරයි" යන්නයි.
හිටපු අගමැතිට කුලිය ගෙවා ගැනීමට නොහැකිව ඔහු නිවසින් එළියට දැමූ හැටි, එම පුවතේ වැඩිදුරටත් ලියා තිබුණි.
වර්තමානයේ නවක දේශපාලනඥයන් ද විශාල මුදලක් උපයන රටම දැන සිටියේ ය.
එහෙත් දෙවතාවක් ඉන්දියාවේ හිටපු අගමැතිවරයෙක්, දීර්ඝ කාලයක් මධ්‍යම ඇමතිවරයෙක් විදියට කටයුතු කළ අයෙකුට තමන්ගේම කියා නිවසවත් නැත!.
පණ්ඩිත් නේරූගේ මරණයෙන් පසුවත් ලාල් බහදුර් ශාස්ත්‍රිගේ මරණයෙන් පසුවත් අගමැති වූ එතුමා ආර්ථික විද්‍යාඥයෙක් හා කම්කරු සබඳතා පිළිබඳ විශේෂඥයෙක් විය.
ඉන්දු චීන යුද්ධයටත්, පාකිස්තාන ඉන්දියා යුද්ධයත් යන යුද්ධ දෙකම මෙහෙය වූ ඉන්දියානු අගමැතිවරයා ද වූයේ ගුල්සාරිලාල් නන්ද මහතා ය.
ඇත්තෙන්ම ගුල්සරිලාල් නන්දට රු. 500/- මාසික දීමනාවක් ලබා ගත හැකි විය. ඒ නිදහස් සටන්කාමියෙකු ලෙස ය. නමුත් ඔහු 'නිදහස් සටන්කාමීන් රට වෙනුවෙන් මිස දීමනාවක් වෙනුවෙන් සටන් නොකළ බව' පවසමින් මෙම මුදල් ප්‍රතික්ෂේප කර තිබුණා.
පසුව ඔහුට වෙනත් ආදායමක් නොමැති බව පෙන්වා මිතුරන් ඔහුට එය භාර ගන්නා ලෙස බල කර තිබුණි. මේ මුදලින් නිවසේ කුලිය ගෙවමින් යඔහු ජීවත් වූයේ.
පසුදා වත්මන් අගමැතිතුමා මැති ඇමැතිවරු නිලධාරීන් වාහන තොගයක් සමඟ ඔවුන්ගේ නිවෙසට යවන ලදි.
ප්‍රභූ වාහන සමූහය දැකීමෙන් ඉඩම් හිමියා තුෂ්නිම්භූත විය. ඔහුගේ කුලී නිවැසියා වන ගුල්සරිලාල් නන්ද මහතා ඉන්දියාවේ හිටපු අගමැති බව ඔහුට දැන ගන්නට ලැබුණේ එවිටය.
තමාගේ නොමනා හැසිරීම පිළිබඳව ඉඩම් හිමියා වහාම ගුල්සාරිලාල් නන්දගේ පාමුල වැටී සමාව අයැද සිටියේ ය.
රජයේ නවාතැන් සහ අනෙකුත් පහසුකම් පිළිගන්නා ලෙස නිලධාරීන් සහ ප්‍රභූවරුන් ගුල්සාරිලාල් නන්දගෙන් ඉල්ලා සිටියහ.
ගුල්සරිලාල් නන්ද මහතා මේ මහලු වයසේ මෙවැනි පහසුකම්වලින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි කියමින් ඔවුන්ගේ යෝජනාව පිළිගත්තේද නැත.
අවසන් හුස්ම හෙළන තුරුම ඔහු සාමාන්‍ය පුරවැසියෙකු මෙන් සැබෑ ගාන්ධිවාදියෙකු ලෙස ජීවත් විය. 1997 දී රජය ඔහුට භාරත රත්න සම්මානයෙන් ගෞරව කළේය.
ඔහුගේ ජීවිතය, ලංකාවේ "හිටපු" දේශපාලකයන් සමඟ සසැදීමෙන් ලංකාවේ 76 වසරක සාපය කවරේදැයි නිසැකවම හිතාගත හැකිය.

උපුටා ගැනීම,
Channa jayawickrama.
A day in the life