පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-08-04

ජීවිතේ සතුටින් ජීවත් වෙන්න.


ඇත්තටම ජීවිතේ සතුටින් ජීවත් වෙන්නේ කොහොමද 
සතුට කියලා කියන්නේ සැනසීමෙන් ජීවත් වීම.
සතුට කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ අවදානමකට හෙළලා මොහොතක සැපය විඳින එකනම් නෙමෙයි..
උදාහරණයක් විදිහට කවුරු හරි හිතනවා නම් ම.ත් ද්‍ර.ව්‍ය.ක් පාවිච්චි කරලා සතුටින් ඉන්න පුළුවන් කියලා එයා දන්නේ නෑ ඇත්තටම සතුට කියලා කියන්නේ මොකක්ද කියලා..
තමන්ගේ මානසික සුවය මානසික සැනසීම ඔයාට සතුට අරන් එනවා...
ඉතින් ජීවිතේ සතුටෙන් පිරෙන්න නම් මං පුංචි කාරණා ටිකක් කියාදෙන්නම්...
ඊට පෙර අවබෝධ කරගන්න ඔයාට මේ ලෝකේ හැමෝම සතුටු කරන්න බැහැ. ඒත් මුලින්ම ඔයා ඔයාව සතුටින් තිබ්බොත්, ඉබේම ඔයාගේ වටා ඉන්න හැමෝටමත් සතුට බෝ වෙනවා කියලා අමතක කරන්න එපා..
ඉතිං සතුටෙන් ඉන්න පුංචි කාරණා ටිකක් මේ...
 ලොකු ලොකු බලාපොරොත්තු සැබෑ වෙනකම් බලා නොසිට මේ වෙලාවෙ තියෙන පුංචි පුංචි දෙයින් පවා සතුටු වෙන්න. එහෙම සතුටු වෙන ගමන් තමන් සතු හීන සැබෑ කරගන්න උත්සාහ කරන්න.
 ඕපදූප කතා කරන එක අවම කරගන්න. පුළුවන් තරම් අනිත් අයගේ කුණු හොයන කතාවලට මැදිහත් නොවී ඉන්න.
 තමන් අකමැති දේවල් වලට අනිත් අයගේ හිත රිදෙයි කියලා එකඟ වීමෙන් වලකින්න. ඒ කියන්නේ නෑ , බෑ , මං අකමැතියි කියන තැන් වලට හා ,පුළුවන්, මං කැමතියි කියන එක නවත්වන්න.
 ටොක්සික් සබඳතා වලින් ඈත් වෙලා ඉන්න. ටොක්සික් කියල කියන්නෙ විෂ. ඉතිං විෂ සහිත සබඳතා වලින් ඈත් වෙන්න ඒ සබඳතාව කොයි විදියක එකක් වුණත්.
  •  අනිත් අය මොනවා හිතයිද කියලා හිතන එක නවත්වන්න. තැනට සුදුසු විදියට ඔයාට පහසු පරිදි ජීවත් වෙන්න.
  •  හයියෙන් හිනා වෙන්න, නටන්න, ජීවිතයේ හැම මොහොතකම තමන්ට ලැබිලා තියෙන දේ ගැන හිතලා තෘප්තිමත් වෙන්න උත්සාහ කරන්න.
  •  ඔයා ඔයාව අඩුවෙන් තක්සේරු කරන එක නවත්වා ගන්න. මේ ලෝකයේ හැම මනුස්සයෙක්ටම විශේෂයක් තියෙනවා. මේ ලෝකේ හැම කෙනෙක්ම එයාලගේ විදියට පරිපූර්ණයි...
  •  ඔයා ඔයාව සංසන්දනය කරන්න එපා. අපි හිතමු ඔයා හැම මොහොතකම ඔයාගේ රූපය ඔයා කරන රැකියාව අනිත් අයත් එක්ක සංසන්දනය කරනවා කියලා. එතකොට ඔයාට හැමතිස්සේම දැනෙන්නේ ඍණාත්මක හැඟීමක් නැත්නම් අනිත් අයව පරාජය කරලා තමන් විතරක් වැජඹෙනවා කියලා ආත්මාර්ථකාමී හැඟීමක්.. ඉතින් මේ හැඟීම් දෙකම ඔයාට අහිතකරයි. එනිසා තමන්ව සංසන්දනය කරන එක නවත්වන්න.
  •  ' මටත් තිබ්බනම්.. මටත් හිටියනම්..' කියලා හිතනවා කියනවා වෙනුවට දැනට තියෙන දේවල් සහ දැනට ඉන්න අය ගැන තෘප්තිමත් සහ සතුටු වෙන්න.
  •  නිල් චිත්‍රපටි බැලීමෙන් වලකින්න. මේක වැරදි ඇබ්බැහියක්. කවුරු හරි කියනවා නම් මෙතනින් සතුටෙන් ඉන්න පුළුවන් කියලා, ඒක සම්පූර්ණයෙන්ම රැවටීමක් පමණයි.
  •  මේ මොහොතේ ජීවත් වෙන්න !
  •  ව්‍යායාම කරන්න. ජිම් එකට යාමට අවකාශයක් නැත්නම් සින්දුවක් දාගෙන හොඳට නටන්න.
  •  වැරදි හිතේ තියාගෙන ඉන්නවා වෙනුවට සමාව දීලා අත්හැරීමේ පුරුද්ද තව තවත් ප්‍රගුණ කරන්න.
  •  අතීතයේ මතක අවුස්සන දේවල් ආයෙත් ආයෙත් බලන්න යන්න එපා.
  •  ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න.
  •  පිරිසිදුව ඉන්න.
  •  යම්කිසි ස්ථානයක ඔයාට සතුටක් දැනෙන්නෙ නෑ වගේ දැනෙනවා නම්, එතනින් ඉවත් වෙන්න.
  • උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා මේ වෙලාවෙ ඉන්න නිවස මොනව කරත් කිසිම කලඑළියක් නෑ කියලා. ඔයාට හිතෙනවනම් ඒ නිවස තුළ ඔයා සාමකාමී හැඟීමක නෑ කියල. අලුත් තැනකට යන්න පුලුවන් නම්.
  • තවත් උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා ටොක්සික් රැකියා ස්ථානයක ඉන්නවා. ඉතින් පුළුවන් තරම් උත්සහ කරන්න අලුත් තැනකට යන්නට.
  •  මිනිස්සුන්ගෙන් සියයට සීයක් යහපත් දේවල් බලාපොරොත්තු වෙන්න එපා . ඔයා වගේම අනිත් අයත් හොඳයි කියලා හිතන එක නවත්වන්න.
  •  ඔයාගේ කාලය අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න එපා. ඔයාට උරුම වේලාවට නියමිත දේ ඔයාට ලැබෙනවා කියලා විතරක් විශ්වාස කරන්න.
  •  නිතරම උත්සාහය පවත්වාගන්න ධනාත්මක මනසක් එක්ක. උත්සාහය කිරීමේදී විවිධ ක්‍රම අනුගමනය කරන්න.
  • උදාහරණයක් විදිහට ඔයා විභාගයකින් දිනන්න පාඩම් කරනවනම්, ඒ පාඩම් කිරීම අතරතුර ඩාක් චොක්ලට් කෑල්ලක් කන්න, ටිකක් එළියට ගිහිල්ලා ඇවිදල එන්න.
  •  ඒකාකාරී ජීවන රටාවෙන් මිදිලා ටිකක් සතුටෙන් ඉන්න ඔයාගේ ජීවිතේ පාට පාටින් පාට කරන්න..
ඉතින් ජීවිතේ කියලා කියන්නේ දුක විතරක්ම නෙමෙයි.. චුට්ටක් හිතුවොත් ඔයාටත් පුළුවන් ජීවිතේ ගෙවෙන හැම තත්පරයකම සතුට හොයාගන්න..

 Liyanage chathu.

- Gumiho's Diary -
Credit goes to respective owner




A day in the life

ලෝලු හෙවත් පතරාජ / Cordia dichotoma




ලෝලු පුරාණ හෙළ වෙදකමේදී දිව ගුණ සහිත ඔසුවකි. විටෙක පළතුරක් ලෙස පරිභෝජනය කරනා ලෝලු ගසේ පොතු , කොළ , මල් , ගෙඩි , ඇට ආදිය එකසේ හෙළ වෙදකමේදී භාවිතා කරයි.

පතරාජ , පතරංග ආදී සිංහල නම් වලින්ද ඉංග්රීසියෙන් Indian Cherrry ලෙසට හඳුන්වනු ලබන ලෝලු 10m ක් දක්වා උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාකයකි. ඉලිප්සාකර පත්ර ඒකාන්තරව පිහිටන අතර කලාතුරකින් සම්මුඛ විය හැකි ය. අංකුර දැඩි බූවක් සහිතය. අග්රස්ථ පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. එහි හට ගන්නා සුදු පැහැති මල් ද්වීලිංගික හෝ නිසරු පුෂ්ප සහිත විය හැකි ය. කහ සිට තැඹිලි දක්වා වර්ණයන්ගෙන් යුත් ඵලය අෂ්ඨිලයකි. ලංකාවේ ශුෂ්ක සහ අර්ධ ශුෂ්ක පළාත්වල ඉබේ වැවෙන ශාකයකි. ලෝලු Boraginaceae උද්භිද කුලයට අයත් ශාකයකි.
ලෝලු මල් සහ දළු රසවත් ව්යංජනයක් ලෙස සකසා ගත හැකි අතර ඉදුණු ගෙඩි පළතුරක් ලෙස කෑමට ගත හැකිය. ඵලාවර්ණයට අතුලතින් නානුමය මැලියම් විශේෂයක් පිහිටා ඇති අතර පෙර පරම්පරාවේ උදවිය ඒවා කඩදාසි වැනි දෑ ඇලවීම සඳහා භාවිතා කර ඇත. ඉදුණු ලෝලු ගෙඩිවල පැහැදිලිව දැකි හැකි විශේෂත්වයක් වන්නේ එහි මදය ඇලෙන සුලු ජෙලටීනමය ස්වරූපයක් ගැනීමය. ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව සහ මියන්මාරය වැනි රටවවල සාම්ප්රදායික ජනතාව තවමත් ලෝලු ගසේ මල් , කොළ , ගෙඩි , සහ පොතු ආහාර වශයෙන් සහ ඖෂධ වශයෙන් භාවිතයට ගනිති. ශ්රී ලංකාවේ ද ඇතැම් පළාත්වල ජනතාව කලාතුරකින් මෙම ගසේ දලු සහ මල් ව්යාංජනයක් හා ඉදුණු ගෙඩි පලතුරක් ලෙස ගන්නා අතර ඇතැම් පාරම්පරික සිංහල වෛද්යවරු මෙම ගස ඖෂධයක් ලෙස ප්රයෝජනයට ගනු ලබති. මධ්යම තායිලන්ත ප්රාන්තයක් වන ප්රානෙක්හොන්සි අයුත්තායා හි ප්රාන්ත ගස ලෙස සැලකෙන්නේ ලෝලු ගසය. මියන්මාරයේ පාවෝ ජාතිකයන් අතර මෙම ගසේ දලු ව්යාංජනය බෙහෙවින්ම ප්රචලිතය. මෙම ශාකය සතු ඖෂධීය සහ පෝෂණ ගුණ පිළිබඳ නූතන පර්යේෂණ වලින් තහවුරු ව ඇත.





ලෝලු වටිනා ශාක රසායනික වර්ග රාශියක් අඩංගු ඉතාම පෝෂණීය ආහාරයක් වෙයි. විශේෂයෙන් මෙහි ඇටවල ඉතාම දුර්ලභ සහ වටිනා මේද අම්ල සහ ඇමයිනෝ අම්ල (ප්රොටීන) කිහිපයක්ම අඩංගු වෙයි. මෙම පලතුර සහ පත්ර ඛනිජ ලවණවලින් පොහොසත්ය. විශේෂයෙන් දුර්ලභ ඛනිජ ලවණයක් වන ක්රෝමියම් අඩංගු වන බැවින් දියවැඩියා රෝගීන්ට බෙහෙවින්ම හිතකරය. කෙසේ වෙතත් ඉදුණු ලෝලු ගෙඩිවල ප්රතිපෝෂක අඩංගු වන බැවින් ප්රධාන ආහාර වේලකට පැයකට පෙර හා පසුව ලෝලු පලතුරක් ලෙස ගැනීම සුදුසුය.

ප්රභල ප්රතිජීවකයක් හා වේදනා නාශකයකි ලෝලු ශාකය. ලෝලු සාරය සතු තුවාල සුව කිරීමේ ගුණය මෙන්ම , එය සතු පුළුල් පරාසයක පැතිරුණු රෝග කාරක ක්ෂුද්ර ජීවීන් විනාශ කිරීමේ ගුණයත්, වේදනා නාශක ගුණයත් මීයන් ඇසුරින් සිදු කෙරී ඇති පර්යේෂණ වලින් සනාථව ඇත. ආහාර මාර්ග පද්ධතිය තුළ හට ගන්නා තුවාල සහ කල් ගිය වන සුව කිරීමේ හැකියාවක් සහ අල්සර් සහ කොලික් පේන් (Ulcers and Colic pain) තත්ත්වයන් නිසාවෙන් ගර්භාෂයේ , පිත්තාශයේ සහ උදරයේ හට ගන්නා දරුණු වේදනාවන් සමනය කරන්නටත් ලෝලු හොඳ ප්රතිකාරයක් බව තවත් පර්යේෂණයකින් හෙළි වී ඇත. මෙහි අන්තර්ගත වන ඇපිජෙනින් (Apigenin) වැනි ශාක රසායන සංඝටකවල බලපෑමෙන් මෙය සිදු වන බව විද්යාඥයින් ප්රකාශ කරයි.තරුණ බව රැක දෙයි. ලිංගික ශක්තිය වැඩි කරයි. ලෝලු පත්ර සහ ඇටවල සාරයෙහි අඩංගු වන ප්රබල ස්වාභාවික ප්රතිඔක්සිකාරක සතුව ඇති නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමේ හැකියාව නිසාවෙන් තරුණ බව දිර්ඝ කාලයක් පවත්වා ගැනීමටත් වියපත්භාවය හා සම්බන්ධ ඔස්ටියෝ , ආතරයිටිස් , ඇල්සයිමර්ස් , හෘදයාබාධ , දියවැඩියාව , පෙනීමේ ආබාධ , පිළිකා රෝගාබාධවලින් වැළකී සිටින්නටත් ඉමහත් පිටිවහලක් ලැබෙන බව සොයාගෙන ඇත. ලෝලු පත්රවල මෙම හැකියාව සාපේක්ෂව වැඩි බව ද හෙළි වී තිබේ. එමෙන්ම ලෝලුවල ලිංගික ආශාව වැඩි කරන වාජීකරණ ගුණයක් ද තිබෙන බව තහවුරුව තිබේ.





රත්පිත්, ඇදුම, ප්රමේහ රෝග, බඩවැල්වල ඇති වන වේදනා, රක්ත අර්ශස්, ගෙඩි, වණ, මුඛ රෝග, අළුහම්, බිබිලි, කැඩුම් බිඳුම්, සර්ප විෂ ආදී රෝග අවස්ථාවන් සඳහා ප්රතිකාර කිරීමේදී ලෝලු ශාකයේ කොළ, දළු, ගෙඩි, ඇට, සුඹුලු ආදී කොටස් භාවිතා කරයි. ලොලු ශක්තිජනක, කෘමින් නසන, මුත්රකාරය, රුධිරය වර්ධනය කරන, අරුචිය, උගුර දැවිල්ල, මුත්ර දැවිල්ල ආදිය නසන, හෘදයට හිතකර ගුණ සහිතයි.

අම්ල පිත්තයට -
ගැස්ට්රයිටීස්‌ රෝගයට ලෝලු ගසේ පොත්ත ගලවා පිට සුඹුල හැර කෑලිවලට කපා වනේ දමා කොටා එහි යුෂ ලීටරයක් පමණ උදේ හවස අඬු කෝප්පයක් බැගින් පානය කිරීමයි.
හොරි දද කුෂ්ඨ වලට
සිරුරේ ඇති කල් ගිය ඔඩු දුවන ලද තුවාල , දද කුෂ්ට සුව කරන්නට හා ලේ වල විෂ නසන්නටත් සිරුරේ තැන්පත් මේදය දිය කර හරින්නටත් දියවැඩියා රෝගයටත් ලෝලු පොතු , කොළ , මල් , ගෙඩි මනා ගුණ දෙන බෙහෙතකි. එමෙන්ම ලෝලුවල වාජීකරණ ගුණයකුත් අන්තර්ගතය. ලෝලු ගසේ පොතු කැඩුම් බිඳුම් වෙදකමේ වෙලුම් පටි ලෙස කලකට ඉහත භාවිත කළේය.
මොළය රැක දෙයි...
දිර්ඝ කාලයක් තිස්සේ මොළයට සැපයෙන ඔක්සිජන් සහ පෝෂක කොටස් අඩු වීම නිසාවෙන් මොළයේ ඇති වන ආබාධ තත්ත්වයන් පාලනය කිරීමට ලෝලු සාරයට හැකියාවක් තිබෙන බව සොයාගෙන ඇත. ඉගෙනීමේ හැකියාව වැඩි කරන්නටත්, මොළයේ මනා ක්රියාකාරිත්වය සඳහාත් ලෝලු ආහාරයට ගැනීම ඉවහල් විය හැකි බව ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් පාර්මසූටිකල් රිසර්ච් ඇන්ඩ් ඩිවලප්මන්ට් වෙබ් අඩවියේ පළ වූ පර්යේෂණ පත්රිකාවක සඳහන්ය.
අහිතකර කොලෙස්ටරෝල් සදහා
අධික තෙල් සහිත ආහාර ගැනීම නිසා දේහ බර වැඩි වේ. රුධිරයේ ට්රයිග්ලිසරයිඩ් සහ අඩු ඝණත්ව ලිපො ප්රෝටීන් (අහිතකර කොටලෙස්ටරෝල්) වැඩි වී, හිතකර කොලෙස්ටරෝල් අඩු වෙයි. දරුණු හදවත් රෝගවලට හේතු වන, හයිපර්ලිපිඩීමිය (Hyperlipidemia) යන නමින් හඳුන්වනු ලබන මෙම තත්ත්වය ඇතැම් උදවියට ජානමය හේතු නිසාවෙන් ද හට ගනී. ලෝලුවල සුලභව තිබෙන දල තන්තු පොලිනොලික සංඝටක , ටැනින් වර්ග සහ විශේෂයෙන් ඉදුණු ලෝලු ගෙඩි වල තිබෙන ඇලෙන සුලු පදාර්ථ නිසාවෙන් අහිතකර කොලෙස්ටරෝල් අඩු කරන්නටත් හිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්නටත් සුවිශේෂී හැකියාවක් ලැබී තිබෙන බව පර්යේෂණ වලින් හෙළි වී ඇත. තවද ලෝලු ආහාරයට ගත් මීයන්ගේ බර වැඩි වීම පාලනය වී තිබුණු බවද මෙම පර්යේෂණවලින් වැඩි දුරටත් හෙළි වී ඇත.
දරුණු අක්මා රෝගවලින් බේරෙන්නට...
ඇල්කොහොල් භාවිතය අක්මාව තුළ මේදය තැන්පත් වීම සහ දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගන්නා ඖෂධ සහ වස විස රසායනික ද්රව්යයන් නිසාවෙන් අක්මාවට හානි සිදු වීම නිසාවෙන් දරුණු අක්මා පිළිකා පවා ඇති විය හැකිය. හානි වූ අක්මාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබා දෙන ඖෂධයක් වන සිලිමරීන් ඖෂධයට සමාන අක්මාව රැක ගැනීමේ ලක්ෂණ ලෝලු සාරය සතුව ද තිබෙන බව සොයාගෙන ඇත.
ලෝලු ගෙඩි සහ පත්ර සාරය ලබා දීමෙන් ගැබ් ගැනීම වැළැක්විය හැකි බවට මීයන් ඇසුරෙන් කර ඇති පර්යේෂණ වලින් සනාථ වී ඇත. දැනට භාවිත කෙරෙන කෘත්රිම හෝර්මෝනමය උපත් පාලන ක්රම වල දී මෙන් නොව, ලෝලු පත්ර සාරය ලබාදීම අත්හිටුවීමෙන් පසු නැවත ස්වාභාවික ලෙස ගැබ් ගැනීම කිසිදු පමාවකින් තොරව සිදු වන බව බ්රසීලියන් ජර්නල් ඔෆ් පාර්මොකොග්නොසිස් වෙබ් අඩවියේ පළ කෙරී තිබෙන එකී පර්යේෂණ පත්රිකාවෙ සඳහන් ය. මෙකී කාරණාව නිසා ගර්භනී බව පතන ස්ත්රීන් සහ ගර්භනී සමයේ මුල් මාස තුනේ පසු වන ස්ත්රීන් ලෝලු අනුභවයෙන් වැළකී සිටීම මැනවි.
* ලොලු කොල චූර්ණය හෝ කෂාය ඇදුම රෝගයට ප්රතිකාරයකි.
* රක්ත අර්ශස් සඳහා ලෝලු කොළ, දළු පිරිසිදුව අඹරා වියළි පුවක් ගෙඩියක පමණ ප්රමාණයක් ගෙන ගිතෙල් සමඟ මුසු කොට දවසට දෙවරක් කෑමට නියම කර ඇත.
* මුඛයෙහි හට ගන්නා තුවාල සහ බිබිලිවලට ලොලු කොළ යුෂ ආලේප කරයි.
* ලොලු ගසේ පොත්තෙහි ඇති සුඹුලු කෂාය කර එයින් කට සේදීම මුඛ දුර්ගන්ධය ඇතුළු මුඛ රෝග සඳහා ප්රතිකාරයකි.
* ලොලු ඇට චූර්ණය තල තෙලින් අනා ආලේප කිරීමෙන් අළුහම්, බිබිලි ආදිය සුව වෙයි.
දියවැඩියා රෝගයට , කැස්ස , හතිය වැනි රෝග වලට දාහය සහ ඌෂ්ණ රෝගවලින් සහනයක් ලබන්නටත් ලෝලු උපකාර වන බව පැවසේ. සැඩ හිරු කිරණින් බේරෙන්නට ලෝලු මල් අඹරා මීකිරි සමග මිශ්ර කර සම මත දිනකට දෙවතාවක් ගැල්වීම ඉන්දියානුවන් අතර භාවිතයට ගැනෙන ප්රතිකාරයකි.
ලෝලු ව්‍යංජනය
ලෝලු දලු ඇඹුලට හදාගත් විට කදිම ව්යාංජනයකි. අලකොළ ව්යාංජනය පිළියෙළ කරන ආකාරයට සකසා ගත හැකිය. ලෝලු මල් ව්යාංජනයට සකසා ගත හැකිය. මුංඇට ව්යාංජනය සකසා ගන්නා ආකාරයට එය සකසා ගත හැකිය ....
පූජ්‍ය අතුරුවැල්ලේ ධම්මානන්ද හිමි ( පිළිකුත්තුව ඓතිහාසික රජමහා විහාරය ) විසින් සිළුමිණ පුවත්පතේ පලවූ ලිපියකින් හා අන්තර්ජාලයෙන් හා ඖෂධීය ශාක සංග්‍රහය ඇසුරින් සකසන ලදි ...
මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමටත් උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුමද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් හා පරිසරයේ ඇති ශාක ආරක්ෂා කරමින් යුතුකම ඉටුකරන්න අදිටන් ඇති මිනිසුන් වෙමු .

පණ පොදේ අයිතිකරුවන් ගහ කොළ වැලයි සොබාදහමමයි.

Sarana Himi
A day in the life