පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-07-30

කුසලතාවයන් ඉගෙන ගනිමු










වයස අවුරුදු 40 වීමට පෙර මෙම කුසලතාවයන් ඉගෙන ගැනීමට දිනකට මිනිත්තු පැය එකාමාරක් වෙන් කරන්න.
1) හැසිරවීම ඉගෙන ගන්න
ඔබ වටා සිටින අය ආත්ම කේන්ද්‍රිව වේ. ඔබ වටාිමු ඇති,හැසිරවීමේ අවස්ථා හඳුනාගෙන නිවැරදිව ක්‍රියාකිරිම ප්‍රගුණ කරන්න. මෙය ඔබේ ජීවිතය වෙනස් කිරීමට හේතුවනු ඇත.
2) සටන් කරන ආකාරය ඉගෙන ගන්න
ඔබ ඔබව ආරක්ෂා කර ගත යුතු කාලයක් පැමිණේ. ඔබව ආරක්ෂා කර ගැනීමට අසමත් වීම දුර්වලතාවයක් ලෙස සලකනු ඇත
මෙය කරන්න.
- දිනපතා පැය එකාමාරක් මේ සඳහා වෙන් කරන්න
- ⁠පුහුණුකරුවකුගේ උදව්වෙන් කුමන හෝ නව කුසලතාවක් ඉගෙනගන්න.
- අවම වශයෙන් දින 180 ක් වත් මේ සදහා කැපවන්න. මෙයින් එම කුසලතාවයට අදාල ඔබ සියලු මූලික කරුණු ඉගෙන ගනු ඇත.
3) විවිධ අවස්ථාවන් හසුරුවන ආකාරය ඉගෙන ගන්න.
මිනිසුන් ඔබේ ජීවිතයේ පිළිබඳව කුඩා ප්‍රමාණයක් දැන සිටින දේ ප්‍රමාණවත් වේ. ‍යම්කිසි අද්භූත ජීවිතයක් ගත කිරීම ආකර්ශනීය වේ. ඔබ බෙදා ගත යුතු දේ , ඔබ එය බෙදාගත යුතු වන්නේ කා සමඟද?, ඔබ එය සිදුකළ යුත්තේ කෙදිනකද? වැනි දේ පිළිබඳව අවබෝධයෙන් පසුවන්න.
4) ස්වයං විවේචනය ඉගෙන ගන්න
ඔබ වටා සිටින පුද්ගලයින් තේරුම් ගැනීමට ඇති එකම ක්‍රමය නම් පළමුව ඔබ ඔබ පිළිබඳව දැනගැනීමයි. ඔබ සමඟ අවංක වන්න සහ,
- ඔබේ නොගැලපීම් සඳහා ඔබම අමතන්න
- ඔබේ අරමුණට එරෙහිව ඇති පුරුදු අත්හරින්න.
- ඔබට විමට අවශ්‍ය පුද්ගලයා සකසාගන්න. මෙය කරන්න ඔබේ ජීවිතය දහ ගුණයකින් වඩා හොඳ වනු ඇත.
5) සෑම දෙයක්ම සැක කිරීමට සහ ප්‍රශ්න කිරීමට ඉගෙන ගන්න.
ප්‍රසිද්ධ අය කියන දේවල්,පොදුවේ පිලිගන්න දේවල්, විශේෂඥයින් සහ සාක්ෂි වැනි දේ විශ්වාස කිරීම නවත්වන්න.මිනිසුන් බලය ලබාගැනිම සඳහා ඔවුන්ගේ විශ්වාසයන් තහවුරු කිරීමට උත්සාහ කරයි. මේ විදිහට කරන්න උත්සාහ කරන්න.
- එහි ඇති දේ ඉගෙන ගන්න.
- විනිශ්චයකින් තොරව නිරීක්ෂණය කරන්න.
- දැන් ඔබට වැදගත්වන දේ පිළිබඳව අවබෝධයක් ලබාගන්න.
6) කථා කළ යුතු ආකාරය ඉගෙනගැනිම
ඔබ වටා සිටින බොහෝ අය කතා කරන්නේ හුදෙක් ඔවුන් වෙනුවෙන් පමණි. ඔබ සැමවිටම ඔබ පවසන දේ අනුව ඔවුන් ඔබ විනිශ්චය කරනු ඇත.කථා කළ යුතු අයුරු,කථා කළ යුත්තේ කාහටද,කථා කළ යුත්තේ කෙදිනකද? වැනි දේ සමඟ අවබෝධයෙන් කටයුතු කරන්න.මෙමගින් තර්ක විතර්කවලට භාවිත වන ඔබගේ ශක්තියෙන් 99% ක් ඉතුරු කර ගත හැකිවේ.
7) ජය සහ පරාජයන් හසු විය යුතු ආකාරය ඉගෙන ගන්න.
මීට පෙර ඔබට උගන්වා ඇත්තේ ජයග්‍රහණ භුක්ති විඳීමට සහ පරාජයන්ට බිය වීමටය. සමහර ජයග්‍රහණ තුළ වෙස් වළාගත් ඛේදවාචකයන් ඇතිබව,දිනුම සහ පරාජය යන ද්විත්වය තුළින්ම අත්දැකීම් ලබා ගත හැකි බව සහ සියලු පරාජයන් තුළ විශාල ජයග්‍රහණයන් ඇති බව අවබෝධ කරගන්න.
සමාව දෙන අයුරු ඉගෙන ගැනිම
ඔබ, ඔබවම මිනිසුන් සමඟ සංසන්දනය කරනු ඇත. අනෙකාව ඔබට සංසන්දනය කිරිමෙන් ඔබ ඔවුන්ට කැමති වනු ඇත, නැතිනම් ඔබ ඔවුන්ට වෛර කරනු ඇත නැතිනම් ඔබ ඔවුන් සමග සටන් කරනු ඇත. මිනිස්සුන්ට ඔවුන්ට ඔහුන්ට කැමැති දේ සිදු කිරීමට අවස්ථාව ඇති බැවිනි ඔබට සෑම අවස්ථාවකදීම යම් අයෙකුට වෛර කිරීම නැවැත්විය හැක.

 Thaaru Paranavithana





A day in the life

2024-07-29

කල්ලඩි පාලම යට සින්දු කියන මාළු.












 


"කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාලුවෝ" මේ සින්දුව ඇහුන ගමන් මතක් වෙන දේවල් 02ක් තියෙනවා. එක්කෙනෙක් නැසී ගිය ගායක කපුගේ ශූරීන්, අනිත් දේ තමයි මේ සින්දුව නිසාම ලංකාවේ ගොඩක් ජනප්‍රිය උන කල්ලඩි පාලම අසල ඉන්නවායැයි විශ්වාස කරන "සින්දු කියන මාලුවෝ" නම් මේ අමුතු මාලු විශේෂය. 

කවුද මේ මාලුවෝ? ඇත්තටම කල්ලඩි පාලම ලඟ එහෙම සින්දු කියන මාලුන් ඉන්නවද? උන් කොහොමද සින්දු කියන්නෙ? සින්දුවෙ කියන විදියට දැන් ඒ මාලු නැද්ද? අද කතාව ඒ ගැන.
කල්ලඩි පාලම ඉදිවන්නේ 1924 වසරේදීයි. නමුත් කල්ලඩි පාලම අසල මේ සින්දු කියන මාලුන් පිළිබඳ කතාව ශතවර්ෂ ගානක සිට පැවතෙන්නක්. විශේෂයයෙන්ම පුරහඳ පායා ඇති නිසල රාත්‍රීන් වල මෙම මාලුන්ගේ ශබ්දය ඉතා හොඳින් ඇසිය හැකි බවයි ප්‍රදේශවාසීන්ගේ මතය වන්නේ. මඩකලපුවේ ධීවරයින් මේ නාදය හොඳින් ඇසීමට ඔරුවේ හබල ජලය තුලට ගිල්වා, හබලේ මිට පිහිටි කෙළවරට කන තබා බලනවා නිරීක්ෂණය කරන්න පුලුවන්. සමහරුන්ට අනුව මේ ශබ්ධය කල්ලඩි පාලම අසලින් පමණක් මතුවන අතර සමහරුන් පවසන්නේ මේ හඬ කලපුවේ සෑම තැනකින්ම ඇසෙන බවයි. ඇත්තටම කල්ලඩි පාලම අසල කලපුවේ ජලය අතුලෙන් ශබ්දයක් එන බව බොහෝ අවස්තාවල නිරීක්ෂණයට ලක් කරපු කාරණාවක්. මේ ශබ්දය හොඳින් අහන්න පුලුවන් වන්නේ ශබ්දය ඉතා අඩුවෙන් ඇති රාත්‍රී කාල වල ජලය මතුපිටට කන තබා ශ්‍රවණය කිරීමෙනුයි. නමුත් ගත වුනු තිස් අවුරුදු යුධ කාලය තුල බොහෝදෙනාට මේ මාලුන් පිළිබඳ කාරණාව අමතකව ගොස් තිබුනා.

යටත් විජිත සමයේ ක‍තෝලික පූජකයින්, මිෂනාරීවරුන් මේ ශබ්දය ඇසීමට කල්ලඩි පාලම උඩට ආ බවට වාර්තා ඇති අතර ස්වාමි විපුලානන්ද වැනි මහාචාර්යවරු, බ්‍රිතාන්‍ය දේශපාලකයින් උන එමර්සන් ටෙනෙන්ට් (Emerson Tennent) වැන්නන් පවා මේ සින්දු කියන මාලුන්ගේ ගායනා ඇසීමට කල්ලඩි පාලම අසලට ආ බවට සඳහන් වෙනවා. වර්ෂ 1954 දී පමණ ඇමරිකානු පූජකතුමන් දෙදෙනෙකු උන ලෑන්ග් (Lang) සහ මෝරාන් (Moran) විසින් හයිඩ්‍රොපෝනයක් ආධාරයෙන් මෙම ශබ්දය පටිගත කරුනු අතර මේ ශබ්දයේ සංගීත ස්වර නාද රටාවද පිටපත් කෙරුණා. පසුව එය 1960 වසරේ දී රේඩියෝ සිලෝන් හරහා විකාශනය උනා. යුද්ධයෙන් පසු කලපුවේ ජලයෙන් නැගෙන මෙම අත්භූත ශබ්දය ගැන පරීක්ෂණ කටයුතු නැවත 2012 වසරේ දී ආරම්භ උනා.
පාලම අසලින් මතුවන මෙම නාදය පිළිබඳ සත්‍යය හෙළිදරවු කර ගැනීම සඳහා 1953 වසරේ දී පමණ එවකට ප්‍රකට කිමිදුම් කරුවෙකු වන රොඩ්නි ජෝන්ක්ලෝස් (Rodney jonklaas) මඩකලපුව කලපුවේ කිමිදෙනවා. නමුත් ඔහුට සාමාන්‍යය කලපුවකින් හමුවන සතුන් හැරුනකොට වෙනත් අසාමාන්‍යය සතෙකු කලපු පතුලෙන් හමුවන්නේ නෑ. වර්තමානයේ පවා කලපුවේ ධීවර කර්මාන්තයේ නියැලෙන ධීවරයින් එවැනි අත්භූත, විශේෂ මාලුවෙකු තම දැලට හසු වූවාකියා වාර්තා කර නැහැ. 

එහෙමනම් පාලම අසල ජලයෙන් මතුවන අමුතු ශබ්ධය නැගෙන්නේ කොහොමද? ඒ පි‍ටුපස ඇති අභිරහස මොකක්ද?
මඩකලපු කලපුවේ පතුලේ සිටින කවචයක් (ක‍ටුවක්) තුල සිටින ජීවී කොට්ඨාශයක් මේ ශබ්දය නිකුත් කරන බවට මුලින්ම මතයක් ගොඩ නැඟී තිබුනා. ඉන්පසු කලපුව ආශ්‍රිතව ජීවත් වන ගෙම්බන් විශේෂයක් මේ හඬ නිකුත් කරනවායැයි අදහසක්ද ගොඩනැගුනා. නමුත් ගෙම්බන්ට වතුර යට දී ශබ්දය නිකුත් කල නොහැකි නිසා ඒ අදහස යටපත් උනා. මුහුදේ ශබ්ද/ නාද මතු කල හැකි මාලුන් වාසය කරනවා. උදාහරණ විදියට ඉන්දියන් සාගරයේ ජීවත් වෙන ඩැම්සල් මාලුන් (Damsel fish), ක්ලවුන් මාලුන් (Clown fish), ගිරා මාලුන් (Parrot fish) වැනී සතුන්ට මේ විදියට ශබ්ධ නිකුත් කල හැකියි. රොඩ්නි ජෝන්ක්ලෝස් කලපු පතුලේ කිමිදුන අවස්තාවේ මේ ආකාරයේ ශබ්ධ මතු කල හැකි මාලුන් විශේෂ රාශියක් සොයා ගැනුණා. නමුත් ඔවුන් සාමාන්‍ය මුහුදේ, කලපු වල ජීවත් වන මාලු විශේෂ පමණයි. විශේෂ මාලුවෙකු ඒ අතර සිටියේ නෑ. එහිදී නිගමනයක් වන්නේ මේ ශබ්දය කිසියම් එක් මාලු විශේෂයකින් නිකුත්වන්නක් නොව මාලු විශේෂ කිහිපයකින් නිකුත් වන ශබ්ද වල එකතුවක් වශයෙන් ගත හැකි බවයි.

ඒත් ඒ නාදය මඩකලපුව කලපුවෙන් පමණක් මතු වන්නේ ඇයි? 

එවැනි අසිරිමත් මාලු විශේෂයක් සිටිනවා නම් වර්ග සැතපුම් 40ක් පමණ විශාල කලපුවේ ඔවුන්ව සොයා ගැනීමත් අභියෝගයක් වන බවට කිසිම සැකයක් නෑ. කෙසේ නමුත් මඩකලපුව නගරයට "සින්දු කියන මාලුන්ගේ නගරය" ලෙස අන්වර්ථ නාමය ලැබීමටත් කල්ලඩි පාලමට සාමාන්‍ය පාලමකට එහා ගිය ජනප්‍රියත්වයක් ලැබී ගීත සාහිත්‍ය තුල පවා සඳහන් වන්නට හේතු කාරණාවක් වූ "සින්දු කියන මාලුන්" නම් මේ අපූර්ව පුරාවෘත්තය, තවත් චිරාත් කාලයක් මිනිසුන්ගේ මනස තුල හොල්මන් කරනා සොඳුරු අභිරහසක් වන බව නම් සහතිකයි.


ඉසුරු වික්‍රමගේ - Green Roamer
උපුටා පළකිරීමකි......






A day in the life