පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-07-09

අතීතය අතහරින්න ...




අතීතය අතහරින්න ...
රාජාලියෙක් වගේ ජීවත්වෙන්න.!!
(Forget everything in the past..
Let’s live like an Eagle. Turn unfavorable
Event into strength……! )
**********************************

සාර සොබාවට හිනැහෙන උන් ළඟ
කඳුළු තියෙන්නේ පපු මැද්දෙයි
ගිනිකඳු ලාවා ගලා හැලෙන්නේ
විදාරණය වී ගිය පසුවයි.
ගොදුරු සොයා ඉගිළෙන රාජාලිය
මළකුණු දෙස කිසිදා නොබලයි
අතීතයක් ගැන සිතමින් වැළපෙන
එකම සතා මිනිසා පමණයි.

මතකය මිහිදන් කරමින් දළුලන
සිතිවිලි අතරේ සිත රන්දා
වාන් දමන්නට ඉඩක් නොදී දුක
ඇතැමුන් වෙස් මුහුණක් බැන්දා

ඉර හඳ පායන එකම අහස යට
සතුට හුඟක් මිළ වැඩි හින්දා
සෝලි නොගෙන දුක වසා තබන්නට
දලදර සුදු සේලය ඇන්දා .
(දලදර =වළාකුළු )

චණ්ඩ මාරුතේ පුංචි කුරුල්ලන්
තැති ගෙන සැඟවෙන අතරතුරේ
රාජාලියෙකුට ,ඒ සැඩ සුළඟම
ඉහළට ඔසවා තබයි වැරේ

බාධක අබියස නො වැටී ඉන්නට
ජවයක් ඇත්නම්, මා මිතුරේ
සොවින් තැවෙන්නට කාලය දී නැත
හිනැහෙමු අරුණළු දැක අඹරේ .


රෝ.සි.









A day in the life

2024-07-08

එරික් ස්වෝන් ගල්වැටිය





සෝමාවතිය වන මැද ඇති "එරික් ස්වෝන් ගල්වැටිය"
සෝමාවතිය බලන්න යන කෙනෙකුට වර්ථමානයේ දී පාරවල් බොහොමයක්ම භාවිත කරන්න පුලුවන්. නමුත් ලංකාවේ ත්‍රස්තවාදය පැවතුන සමයේ භාවිතා කරන්නට හැකි වුනේ මහවැලි ගගෙන් වම් ඉවුර දෙසින් පැවතුන මාර්ග පමණයි. එයින් ප්‍රධාන මාර්ගය වන්නේ හබරන පොළොන්නරුව මාර්ගයේ හබරන දෙසින් පැමිණ මින්නේරිය හන්දියෙන් වමට හැරී හිගුරක්ගොඩට පැමිණ, හිගුරක්ගොඩ හන්දියෙන් දකුනට හැරි හිගුරක්ගොඩ - සෝමාවතිය මාර්ගයේ කිලෝමීටර් 35 ක් පමණ ගමන් කර සෝමාවතී පුද බිමට පිවිසෙන මාර්ගයයි. තවද පොළොන්නරුවේ සිට සේවාගම, ලංකාපුුුර, පුලතිසිගම හරහා පැමිණ, සෝමාවතිය හිගුරක්ගොඩ මාර්ගයට පිවිස සෝමාවතී පුද බිම වෙත පිවිසිය හැකිය. වර්ථමානයේදී කන්දකාඩු මාර්ගයේ පැමිණ කන්දකාඩු - සෝමාවතිය පාලමෙන් මහවැදකාඩු හරහා සෝමාවතිය ගමන් කල හැක.


"එරික් ස්වෝන් ගල් වැටිය"
හිගුරක්ගොඩ සෝමාවතිය මාර්ගයේ ගමන් කරන විට සුංගාවිල ප්‍රදේශය හමු වෙනවා. මේ සුංගාවිලදී, මනම්පිටිය අසල ගල්ලෑල්ල ප්‍රදේශයේදී මහවැලි ගගෙන් වෙන් වුන "පෙරිය ආර "හරහා තමයි මේ මාර්ගය ගමන් කරන්නේ."පෙරිය ආර පාලම" පසුකරන විට පිවිසෙන්නේ සෝමාවතිය අභය භූමියටයි. මේ අභය භූමිය පුරාම ඓතිහාසික නටඹුන් දකින්නට පුලුවන්. මෙයින් බොහොමයක් ඒවා තවමත් තහවුරු කර නොගත් ඒවායි. මේ වන විටත් ඒවා බොහොමයක් තුච්ච නිධන් හොරුන්ට ගොදුරු වී හමාරයි.
මේ සුංගාවිල පෙරිය ආර පාලම පසුකර කිලෝමීටර් 9ක් පමණ ගමන් කල පසු පාරේ දකුණුපසින් හමුවෙනවා එරික් ස්වෝන් ගල් වැටිය. මෙම ගල්වැටිය බොහොම වටිනාකමකින් යුත් සෙල් ලිපියක් සහිත ස්ථානයක්. මෙම ගල් වැටියට එරික් ස්වොන් නාමය ලැබීම පිළිබදවත් අපූරු කතාවක් තිබෙනවා.
විදේශ ආක්‍රමණයන්ට නතුවී තිබුන පොළොන්නරුව නැවතත් සොයාගනු ලබන්නේ 19වන සියවසේ දීයි. මිනිස් වාසයත් තිබි ඇත්තේ ඉතාමත් කුඩා ප්‍රමාණයකි. නමුත් මේ ප්‍රදේශයේ අලි ඇතුන් ඇතුළු සතුන්ගෙන් ගහන වූ ඉතාමත් සුන්දර ප්‍රදේශයක් බවට පත්වී තිබී ඇත. මේ කාලයේ සෝමාවතී දාගැබ ඇතුළු නටඹුන් සොයාගත් මුල්ම අවධියයි. එම නිසාම ඝන කැළෑව මැදින් ගමන් කිරීම සදහා යොදාගත්තේ කැලේ රජා නමින් ගැමියන් හදුන්වන ට්‍රැක්ටර් වර්ගයකි. මේ කාලයේදීම එංගලන්තයේ සිටි අති දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන එරික් ස්වෝන් මහතා ලංකාවට පැමිණ තිබේ.




මොහු සමග පැමිණි පිරිස සෝමාවතිය අවට සුන්දරත්වය සහ වන සතුන් ගැන අසා ඒවා නැරඹීම සදහා සෝමාවතිය වෙත පැමිණ ඇත. සෝමාවතිය අවට ප්‍රදේශය විශාල විල්ලුවකි. එසේ වන්නේ පිටාර ගලන මහවැලි ගඟ නිසා එකතුවන ජලය ඒ ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් බැස නොයාමයි. මේ විල්ලුව තුල ඕනෑ තරම් අලි ඇතුන් රංචු පිටින් නිදහසේ ගැවසේ. මෙසේ ගැවසෙන අලි රංචුවක් දැක එරික් මහතා ඡායාරූප ලබාගෙන ඇත. මේ අතරම ඔහු සද්ධන්ත තනි අලියෙක් රැලෙන් වෙන්ව ආහාර බුදිමින් සිටිනවා දැක ඇත. ඒ අසල තිබූ ගල් තලාවකට මුවා වෙමින් ඔහු අලියාගේ ඉතා සමීප ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහා දරා ඇත. ඒ මොහොතේ කැමරාවෙන් නිකුත්වූ හඩට අලිියා කුලප්පු වී ඔහුට පහරදී එතනම මරා දමා ඇත. ඒ අවට සිටි මිනිසුන් විසින් ඔහුගේ සිරුර මැස්සක තබාගෙන විත් පවුලේ සාමාජිකයින් වෙත භාරදී ඇත. මෙසේ මරණයට පත් වුන එරික් ස්වෝන් නමින් පසුකාලීනව ඉංග්‍රීසි ජාතිකයින් විසින් මේ ගල හදුන්වා ඇත. නමුත් මේ ගල මතුපිට සෝමාවතිය සම්බන්ධ වැදගත් කරුණු රැසක් අඩංගු ශිලා ලේඛනයක් ඇත.
සටහන - බුද්ධික විදානගේ ©
උපුටා ගැනිමකි..
A day in the life