පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-04-11

අවුරුදු කුමාරයා



 “පසළොස් රියන් උස මැවී වෛධුර්ය මුහුදේ ගිලී ස්නානය කර සමවන් දිව්‍යාභරණ පැලඳ නිල්මිණි මාලාවක් කරලා සත්රියන් මුතු ඔටුන්නක් දරා දිව සුවඳ ඇඟ ගා දිවයහනෙක සිට යෙල ගව්වක් උස සමවන් රථයක් මවා එහි සමවන් යහනෙක දෑ සමන් මල් අතුට මුතු සුණු යාලයකින් සහ දිව සඳුනෙන් පිරිබන්ධ කර එකී රථයට සමවන් ගොනකු යොදා අතකින් පිච්ච මල් මාලාවක් සහ අංකුසයක් ගෙන එකී රථයට නැගී සිට සතර දිගට ගීත නාද පතුරුවා නොයෙක් නළු නාටකයෙන් සමවන් ගුරුළු මුඛ්‍යාකාර මාර්ගයකින් මෙලොව පහළවන“  අයුරු දකින්නට අපි කුඩා කල සිහින මැවුවෙමු.

වසරෙන්  වසර අවුරුදු කුමාරයා මෙලොවට පැමිණි ආකාරය වෙනස්ය.වරෙක අසෙකු යෙදු වාහනයකද තවත් වසරක ඇතෙකු යෙදු වාහනයක් තවත් දිනක වෙනත් සත්වයෙකු යෙදු වාහනයක් ආදී වශයෙන් විවිධ වාහන මේ ගමනට යොදා ගත්තේය.ස්නානය කර ලද්දේ විවිධ මුහුදු වලින්ය පලදින ලද ඇදුම් පැලදුම් විවිධය

අපද කුඩා කල මේ ලෙස අවුරුදු කුමාරයා අප දකින්නට පැමිනෙන තෙක් බලා සිටියේය. එහෙත් මෙතෙක්  කිසිදා අවුරුදු කුමාරයා අප දකින්නට එලෙස පැමිණියේ නැත. දොලොස් වෙනිදාට පසු අවුරුදු කුමාරයා එන බව පැවසු නැකතට රතිඥ්ඥා හඩත් රබන් හඩත් ඇසු හෙයින් අවුරුදු කුමාරයා කොහේට හෝ ගොඩ බසින්න ඇතැයි සිතුවෝය.

 

මේ අවුරුද්දේ නම් අවුරුදු කුමාරයා ගැන වැඩිහිටි අපට නම් කිසිදු හැගීමක් නැත.පුංචි එවුන්ටත් වෙනදා මෙන් උද්යෝගයක් නැති ගානය.

notes of imaginary

2023-04-05

කපුටා සහ රාජාලියා

පසුගිය දිනක මුණු පොතේ පලවු කතාවක් කියවුවෙමි. මේ කතාව රාජාලියා සහ කපුටා ගැනය. රාජාලියා හා සටන් කිරීමට කපුටා  බිය නොවේ.අප අතර සිටින සමහර අයත් එලෙසින් රගපාති. අවසානයේ ඔවුන් විවිධ අත්දැකීම් වලට මුහුණ දෙති.

රාජාලියාට සුවිසල්  පියාපත් තිබේ. තියුණු දෙනෙතකි. හොටය මුවහත්ය. සිරුර ශක්තිමත්ය. ඌ ඉහල අහසේ නිදහසේ පියාසර කරයි.  මේ තේජාන්විත කුරුල්ලාට සටනක් දීමට නිර්භීතව ඉදිරිපත් වන එකම කුරුල්ලා කපුටා පමණි. ඒ ඔහු තමා ගැන තබා ගෙන ඇති අධිතක්සේරු මානසිකත්‍වය නිසාවෙනි. කපුටා රාජාලියාගේ  පිට මතට පියාසර කර ලැතුම් ගනී. පිට මත ඉඳගෙන බෙල්ලට කොටමින් ප්‍රහාර එල්ල කරයි.

රාජාලියා ප්‍රතිචාර නොදක්වයි. ඔහු නිදහසේ අහසේ ඉහලට පියාසර කරයි. ඔහුගේ ඉලක්කය අහසේ ඉහලට පියාසර කිරීමයි. ඔහු කපුටා සමඟ සටන් නොකරයි, ඒ සදහා කාලය හෝ ශ්‍රමය නාස්ති නොකරයි. අහසේ තව තවත් ඉහලට පියාසර කරයි.

කපුටාද සටන අත්නොහැර පියාපත් ම ඉදගෙන රාජාලියාට හිරිහැර කරයි. අහසේ ඉහලට යන්න යන්න ඔක්සිජන් හිගවේ. කපුටාට හුස්ම ගන්න අපහසුවේ.  ඔක්සිජන් නොමැතිකම නිසා කපුටා අඩපනවේ. ඉහල අහසේ තමන් පාලන කර ගත නොහැකිව රාජාලියා හා කරන සටන නවතී කපුටා රාජාලියාගේ පිටමතින් කපුටා ඇද වැටේ.

කපුටන් මෙන් හැසිරෙමින් සටන් කරන මිනිසුන් සමඟ ඔබගේ කාලය නාස්ති කිරීමෙන් වලකින්න නිහඩව බලා ඉන්න.

 ඔවුන් ටිකෙන් ටික ඈතට යනු ඇත .අප නිදහස් වනු ඇත .."