පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2022-06-29

මුක්කු හොයන රාජ්‍ය සේවය .




රටේ පාලනයක් නැතිවා වගෙයි. ඔහේ පාවෙනවා. නුල කැඩුන සරුංගලයක්  ගානට.
අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ හරි අප්‍රබංශයි. වංකගිරියේ ගියා වගේ ඒවා ඒවයේ තියෙන්නේ. මේ ඊයේ පෙරේදා ඉන්ධන නැති නිසා දරුවන්ට නිවාඩු දෙන්න කියල නිකුත් කල චක්‍රලේඛය මහා හෑල්ලක් කියලා පාසල් වහන්නත් එපාළු. පාසල් අරින්නත් එපාළු කියලා වගෙයි මට තේරුනේ.

ඛනිජ තෙල් ඇමතිත් ඒ වගේ  ඒවා මයි ප්‍රකාශ කරන්නේ. දැන් තෙල් නැහැ. ටෝකන් දෙනවා.
එකම කතාවයි තියෙන්නේ ඒක කියලා දාන්න ජනාධිපතියි ,අගමැතියි කම්මැලි පාටයි. “ රටේ විනිමය ආදායම නැහැ .ඒ නිසා ඩොලර් නැහැ.” කියලා කියන්න බයයි. නොකියා කියනවා නැව් එනවා, හරවලා යනවා. තව පරක්කුයි ඔන්න ඔය වගේ කතා.ජනතාව නොමග යවනවා.

විපක්‍ෂය ඊට දෙවෙනි නැහැ. මට දුන්නොත් මාස තුනෙන් ගොඩ දානවා කියලා එක් කෙනෙක් කියන කොට අනෙක් එක්කෙනා අවුරුදු පහකින් සුඛිත මුදිත කරනවා කියලා කියනවා. අන්දරේ හීනටි හාලේ බතුයි කුකුල් මසුයි කාලා ගල උස්සලා කරෙන් තියන්න මම ගෙනිහින් දාන්නම් කියලා කිව්වා වගෙයි.

මේ වෙලාවේ කවුරුත් එකතු වෙලා තම තමන්ගේ හැකියාවන් වලින් රට ගොඩ දාන්න එපාය. ඒත් එහෙම නැහැ. පාර්ලිමේන්තුවෙන් එලියට බැහැලා ජනතාව අවුස්සලා ගෙදර යනවා.
ජනතාවත් නිවී සැනසිල්ලේ හිතන්නේ නැතිව විවිධ දුක්‍ඛ දෝමනස්සයන්ගෙන් ආතතියට පත්වෙනවා.

225+1 කරන්නේ ව්‍යාපාරයක්. ලාබයි ලාබයි කිය කෑ මොර දෙමින් තමන්ගේ ව්‍යාපාරය සරු කරගෙන තමුන්ට ලාබ ගන්න හදනවා මිසක් පාරිභෝගිකයාට ලාබයක් කරන්න අරමුනක් එයාලට නැහැ.

මේ වනවිට දේශපාලනයට එහායින් රාජ්‍ය සේවය ඉහල නිලධාරි වැජඹෙනවා කියලයි මීදුම හිතන්නේ. දේශපාලනයේ හැල හැප්පීම් නිසා මේ ගොල්ල තීන්දු තීරන ගන්නේ නැහැ.මේ නිසා රටම අස්ථාවර වෙලා කියලයි මීදුම දකින්නේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හොදම උදාහරනය. පාසල් වහන්න කියලා ගහපු චක්‍රලේඛය අප්‍රබංශයක් වෙලා තියෙන්නේ මේ අස්ථාවරයේ පිලිබිඹුවක්. 
මෙයාල ඔක්කොම වැඩ කරන්න ඕනි ජනතාවට. ඒත් වෙන වෙන න්‍යය පත්‍රවල ඉන්න මේ අය වැඩ කරන්නේ දේශපාළුවන්ට.

අවිනිශ්චිතතාවය නිසා ගෝඨා යයිද ?අනුර එයිද ? ස ජිත් එයිද?  රනිල් දිගටම ඉදිද ? ඔය වගේ ප්‍රශ්නවල ඉදන් තම තනතුරු වලට මුක්කු හොයනවා මිසක් මේ දවස් වල වෙන වැඩක් නැහැ.    




notes of imaginary

2022-06-27

ජනාධිපති දෝෂාභියෝගය.



මෙයත් දෝෂාභියෝගයක් ද ?.


ව්‍යවස්ථාවට අනුව නම් ජනාධිපතිවරයාට අවුරුදු හයක නිල කාලයක් සම්පූර්න කල හැකිවේ.  ඔහු ගෙදර යැවීමට පාර්ලිමේන්තුවට දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත් කර එය සම්මත කල යුතුවේ. එම දුෂ්කර කටයුත්ත පහත දැක්වෙන ක්‍රියා මාර්ගයෙන් සම්පූර්න කරගත යුතුවේ.

 ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත් කිරීමට පහත සදහන් චෝදනාවලින් එකක් හෝ කිහිපයක් පැවතිය යුතුය.

1.     මානසික හෝ ශාරීරික ආබාධයකින් පෙලීම

2.     චරිත දූෂණය

3.     අල්ලස් හෝ දූෂණ

4.     රාජ්‍ය ද්‍රෝහිත්වය

5.     චේතනාත්මකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම

 ***ජනාධිපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු විසින් කථානායකවරයාට ඉදිරිපත් කල යුතුය.  මෙම පෙත්සම  උක්ත චෝදනා වලින් එකක් හෝ කිහිපයක් සහිත විය යුතුය.  . එම පෙත්සම ශ්‍රේෂඨාධිකරනයෙන් පරීක්‍ෂා කර බලා වාර්තාවක් ලබා දෙන මෙන්ද  ඉල්ලා සිටිය යුතුය.

එවැනි චෝදනා පත්‍රයක් පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත විය යුතුය.

 ***පාර්ලිමේන්තුවේ ½ ක් සම්මත කල යෝජනාවක් කතානායකවරයාට බාරදිය හැකිවුවත් එය බාර තැනීම හෝ ප්‍රතික්‍ෂෙප කිරීමේ අභිමතය කතානායකවරයා සතුය.

2/3 ක් සම්මත කල යෝජනාවක් කථානායක වරයාට ප්‍රතික්‍ෂෙප කල නොහැකි අතර එය පාර්ලිමේනතුව තුල නැවත සම්මත කිරීමට හා සාකච්ඡා කිරීමට න්‍යය පත්‍රයට ඇතුලත් කලයුතුය.

 ****ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග චෝදනාවක් ඉදිරිපත්වු සැනින්  කථානායකවරයා විසන් ජනාධිපතිවරයාට ඒ බව දැනුම් දිය යුතුය. එවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඔහුට අහිමි වන්නේය.

 *****කථානායක වරයා චෝදනා පත්‍රය නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොපැමිණි පාරලිමේන්තු මන්ත්‍රීවරුනද ඇතුළුව 2/3 විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය.

 *****එසේ සම්මත කරන ලද චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරනය වෙත ඉදිරිපත් කළ යුතුවන්නේය. ශ්‍රේෂ්ඨාධිකරනයවිසින් පරීක්‍ෂණයක් පවත්වා ස්වකීය තීරණය හා ඊට අදාල හේතු දැක්විය යුතු අතර මෙම පරීක්‍ෂණයේදී තම නිර්දෝෂිත්‍වය දැක්වීමට නීතිඥයෙකු මගින් කරුනු දැක්වීමට චුදිත ජනාධිපතිවරයාට හැකියාව ඇත.

 *****ජනාධිපතිවරයාට එල්ලවී ඇති චෝදනා වලට ඔහු වැරදි කරු බව ශ්‍රේෂ්ඨාධිකරනය දන්වා ඇත්නම් එම වාර්තාව නොපැමිණි පාරලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළුව 2/3 විශේෂ බහුතරයකින් සම්මතවු විට ජනාධිපතිවරයාට තම තනතුර අහිමි වන්නේය.

 *****ජනාධීපති ධුරය පුරප්පාඩු වු පසුවැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ අගමැතිවරයාය.එම බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබේ.

අගමැතිවරයා නොමැති නම් කතානායක වරයාද, ඔහුත් නොමැති නම් අග්‍රවිනිශ්චයකාරවරයාට ද වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කල හැක.

 

 

notes of imaginary