Friday, January 26, 2024

මගේ වැඩේ ඉවර කරලාද බන්















පොඩ්ඩේ සීයා නැති උනේ හරියටම අවුරුදු අසූ පහකින් මට අද වගේ මතකයි ඒ වෙලාවේ ලග හිටියේ මම නිසා මැරිලා මල් ශාලාවටත් දාලා තමයි මම ගෙදරට පණිවුඩය දුන්නේ මාත් දවස් කිහිපයක්ම රෝහලේ හිටපු නිසා මල් ශාලාවට පස්සේ යනවා කියලා ගෙදර ඇවිත් නා ගන්නකොටම චුට්ටේ සීයා ආවා පොඩ්ඩේ සීයායි චුට්ටේ සීයායි කියන්නේ නිවුන්නු මොනා උනත් චුට්ටේ සීයා හෙනම අවුලෙන් හිටියේ ඒක මට හොදටම තේරුණා
'සිරිලෝ මගේ වැඩේ ඉවර කරලාද බන්'
චුට්ටේ සීයා හැම වෙලාවෙම එහෙම තමයි කතා කරන්නේ එයා කාගේ වැඩක් උනත් ඕනම දේකදී මගේ කියන වචනේ දාලා කතා කරන්නේ අනික් උන්ටනම් බයිලා වගේ ඒත් ඉතින් පවුලේ අයටනම් තේරෙනවා සීයා අහන්නේ මොකක්ද කියලා .
දැන් උනත් සීයා "මගේ වැඩේ ඉවර කරලාද බන් " කියලා ඇහැව්වේ පොඩ්ඩේ සීයාගේ මිනිය ගේන්න පුලුවන්ද කියලා දැනගන්න
ඒ දවස් වල තමයි ඔය කලර් ප්රින්ට් බැනර් ආපු මුල් කාලේ මල්ශාලාව ළඟ එකක් තිබ්බ නිසාම මම ගෙදර ආවෙත් පොඩ්ඩේ සීයාගේ පොටෝ එකක් අරන් යන්න ප්රින්ට් එකක් ගන්න තනියම යන්නම් කියලා කිව්වට මොකො චුට්ටේ සීයා මල් ශාලාවට යන්නම ඕන කියලා කියපු නිසා වීල් එකක දාගෙන එක්ක ගියා මොනා උනත් එක බඩවැල කඩාගෙන ආපු තමන්ගේම නිවුන් සහෝදරයානේ පට්ටම දුකක් ඇති මල් ශාලාවෙත් එම්බාම් කරණ මහතුන් මාමාව මම කාලයක් තිස්සේ දන්න නිසාම වැඩිය අවුලක් උනේ නෑ ඒ වැඩ ටික කරගන්න ඒත් එක දිගට දවස් ගාණක් නිදි මරපු නිසාම පහල තේ කඩේට යන්නම් කියලා චුට්ටේ සීයා මිනිය පටවන වෑන් එක ගාව තියලා
" චුට්ටේ සීයා මම පොඩ්ඩේ සීයාගේ පොටෝ එක එහා පැත්තේ කඩේට දීලා එන්නම් බැනර් එක ගහන්න මම තේ එකකුත් බීලම එන්නම් ඔයත් එනවද නැත්තම් "
කමක් නෑ සිරිලෝ මගේ වැඩේ ඉවර කරගෙන එන්නම්
චුට්ටේ සීයා දන්නවා මම සිගරට් එකක් බොන්න යන බව ඒක නිසාම එන්න බෑ කියන්න ඇති මල් ශාලාවෙන් එලියට ඇවිල්ලා එහා පැත්තේ උඩ තට්ටුවේ බැනර් ගහන තැනට ගිහින් චුට්ටේ සීයාගේ පොටෝ එකකුත් දීලා පහලට ආවා තේ කඩේ තිබුණේ බැනර් ගහන තැනට කඩ තුනක විතර දුර තේ කඩේට ගිහින් දුමක් අරගෙන කඩේ පිටිපස්සට ගිහින් පාරවල් දෙකක් විතර අදිනකොට බැනර් ගහන තැන එකා බුදු අම්මෝ කියාගෙන උඩ තට්ටුවේ ජනේලයේ වීදුරුවත් කඩාගෙන බිමට පැනපු පාර දුමක් දාගෙන හිටපු දෙතුන්දෙනාම ඒ පැත්තට දිව්වා
බැනර් ගහන තැන කොල්ලා පැනපු පාර කකුල ඇමෙට් වෙලා වෙලාවට කැඩිලා නෑ අපි දෙතුන් දෙනාම ඌට කිට්ටු කරලා උස්සලා ගත්තා විතරයි මූ එතකොටත් දාඩියෙන් පෙගිලා වගේ හිටියේ
මොකද යකෝ හොල්මනක් දැක්කා වගේ බයවෙලා තෝ මම එහෙම අහනකොටත් මේකා තොල්පොටවල් වලින් මතුරනවා වගේ
ත.. තමුසේ බැනර් එක ගහන්න ගෙනල්ලා දිපු පොටෝ එකේ හිටපු වයසක මිනිහගේ හොල්මන එක පාරම මයේ ඉස්සරහින් මතු ..... කියනකොටම චුට්ටේ සීයාත් එතැනට ආවා බැනර් ගහපු එකා ආපහු චුට්ටේ සීයා දකිනකොටම සිහිනැතිව ගියා උනේ මොකක්ද කියලා මට තේරුණා හිටපු දෙන්නා තුන්දෙනා බැනර් ගහන එකාව උස්සන් ගිහින් තේ කඩේ බංකුවක හාන්සිකරලා මම චුට්ටේ සීයා එක්ක මල් ශාලාව පැත්තට එන ගමන් වැඩි හොදටත් එක්ක මොකද උනේ ඇහැව්වා
" චුට්ටේ සීයා මොකෝ උනේ ඔයාට මම වෑන් එක ගාවනේ ඉන්න කිව්වේ කියලා "
හිටියා බන් බැරිම තැන එම්බාම් කොරණ තැනට ගිහින් උගෙන් ඇහැව්වා "මයේ වැඩේ ඉවරද කියලා" ඒක මයේ දිහා කන්න වගේ බලන් ඉදලා බිම පත බෑවුනා කියපන්කෝ දෙපාරක් විතර කතා කොරා හා හූවක් නැති නිසා උබ බැනර් ගහන තැන ඇති කියලා එතැනට ගියා බැනර් එක සෝක් එකට තිබුණා මයේ එකා පණ පිටින් වගේ මම ඉතින් උගෙන් ඇහැව්වා පුතේ "මයේ වැඩේ ඉවර කරාද කියලා" ඒකා උත්තර දෙන්නේ නැතිව අම්මව මතක් කොරාන බැනර් එකත් බිම දලා අර වීදුරු ජනේලයත් කඩාගෙන බිමට පැන්නා කියපන්කෝ
හිනා වෙවී අහගෙන හිටියට පස්සෙනේ මතක් උනේ මහතුන් මාමා
තකහනියම එම්බාම් කාමරේට ගිහින් බැලින්නම් මහතුන් මාමට තාමත් සිහිය නෑ වතුර ටිකක් මූණට ඉහලා සිහිය අරගෙන සැබෑවටම පොඩ්ඩේ සීයා සහ චුට්ටේ සීයා ගැන විස්තරේ කියලා පොඩ්ඩේ සීයාගේ බොඩියේ වැඩ ටික පිළිවෙළක් කරාන ගෙදර ගෙනාවා හැම දේම හොදට උනත් පොඩ්ඩේ සියා භූමිදානේ කරලා හත් දවස යන්න කලියෙන් චුට්ටේ සීයත් නැති උනා බැනර් එකේ මරණ දිනේ විතරක් වෙනස් කරලා එහෙම්ම තිබ්බා සමහර විට නිවුන්නු ඉපදෙන්නෙම එකට යන්නම වෙන්න ඇති.
අයිති නැති අකුරු. අඩයාලම
A day in the life

Thursday, January 25, 2024

පත්තිරිප්පුව නිර්මාණය කළ ඉංජිනේරුවා..

 








අද කියන්නේ රාජකීය ඉංජිනේරුවෙක් ගැන.

ඔහු සුවි⁣ශේෂි පුද්ගලයෙක්.ඒ වගේම කාගෙත් ගෞරව යට පාත්රවන කෙනෙක්.ඒ තමයි දෙවෙන්ද්ර මුලාචාරින්

දළදා මාලිගා පරිශ්රයේ රජවරුන් නඩු ඇසු මඟුල් මඩුව, පත්තිරිප්පුව, දිය අගල, වැවේ වළාකුළු බැම්ම, උල්පැන්ගේ ආදි හෙළ කලා නිර්මාණවල විශ්මිත සැලසුම් ශිල්පියා වූයේ මේ දේවේන්ද්ර මුලාචාරින්.ඔහු ගැන විස්තරයක් කියන්නයි මේ සුදානම. පුරාණ ලංකාවේ විශිෂ්ටම ඉංජිනේරුවා වන්නේ ඔහුයි. හන්දෙස්සේ දේවේන්ද්ර මුලාචාරි කියලත් ඔහු හැදින්වෙනවා.
ඉතින් දේවේන්ද්ර මුලාචාරින් කියන මේ සුවිශේෂි ඉංජිනේරුවා එහෙම නැත්නම් නිර්මාණ ශිල්පියා රජවරුන් තිදෙනෙකු යටතේ සේවය කරලා තියෙනවා. ඔහු ඉපදිලා තියෙන්නේ 1747 කියලයි සදහන් වෙන්නේ. ඒ කියන්නේ ශ්රී විජය රාජසිංහ රජතුමාගේ අවසාන කාලයේදි.
කීර්ති ශ්රී රාජසිංහ රජතුමා, රාජාධිරාජසිංහ රජතුමා, ශ්රී වික්රම රාජසිංහ රජතුමා යටතේ දේවේන්ද්ර මුලාචාරින් සේවය කර තිබෙනවා. දේවේන්ද්ර මුලාචාරින්ගේ දක්ෂතා ගැන පැහැදුණු කීර්ති ශ්රී රාජසිංහ රජතුමා 1780 දී දේවේන්ද්ර නාමය සමඟ මූලාචාරි යන පටබැඳි නාමය රන් නළල් පටක් සමඟ ප්රදානය කර තිබෙනවා.
රාජ සේවය නිසා ඔහුට ගම්වර රැසක් තෑගි වශයෙන් ලැබුණා. ඒ අනුව දේවේන්ද්ර මුලාචාරින් උඩුනුවර, අරත්තන ගමේ නිවෙසක් සාදා පදිංචියට ඇවිත් තියෙන බවත් කියනවා ඒ පරපුරේ අය අදටත් උඩුනුවර අරත්තන ගමේ ඉන්නවා.
ඉතින් මේ හන්දෙස්සේ දේවෙින්ද්ර මුලාචාරින් කරපු සුවිශේෂිම නිර්මාණය තමයි අටලැස් අටල්ල හෙවත් පත්තිරිප්පුව. ඒ සිංහලයේ අවසන් රජු වූ ශ්රී වික්රම රාජසිංහ රජ්ජුරුවන් විසින් පත්තිරිප්පුව සාදා ඇත්තේ රජුට නගරය බැලීම, පිට්ටනියේ පැවැත්වෙන ක්රීඩා නැරඹීම ආදී අරමුණු මුල් කරගෙනයි.
දෙහිගම දියවඩන නිලමේගේ යෝජනාවක් අනුව රාජකීය මුළුතැන් ගෙය කඩා එම ස්ථානයේ තමයි මේ පත්තිරිප්පුව ඉදිකළේ. පත්තිරිප්පුවට දේවේන්ද්ර මුලාචාරින් දුන් සැලැස්මට රජතුමා ඉහළ කැමැත්තක් දක්වා තිබෙනවා.
ඒ වගේම රජවාසලට ආසන්නව අදත් දක්නට ඇති මඟුල් මඩුව හදලා තියෙන්නෙත් දේවේන්ද්ර මුලාචාරින් විසින්මයි. මුල් සැලැස්මට අනුව මඟුල් මඩුවේ දිග මීටර් 19.75 පළල මීටර් 11.65 ක්. විසිතුරු කැටයමින් යුක්ත කුලුනු හැට හතරක් තියෙනවා. මඟුල් මඩුව උඩරට වාස්තු විද්යාවේ විචිත්රවත්ම නිර්මාණයක්.
එසේම මාලිගාව අසල ඇති කිරි මුහුද ලෙස හඳුන්වන වැව වටා ඇති වළාකුළු බැම්මත් දේවේන්ද්ර මුලාචාරින් ගේ නිර්මාණයක්.
දේවේන්ද්ර මුලාචාරින් රජමාලිගාවෙි ඔටුනු පට්ටල්, රන්කඩු පට්ටල්, සිංහාසන පට්ටල්, ආයුධ පට්ටල් යන පට්ටල්වල අධිපති ධුරය දරා තිබෙනවා. ඒ වගේම මේ ශිල්පියාගේ දක්ෂකමට ගරු කිරිමක් වශයෙන් රජ මාලිගාවේ විශේෂ ආසනයකුත් ඔහුට වෙන්කර තිබු බව සදහන් වෙනවා.
තව විශේෂ කරුණක් තිබෙනවා. මේ දේවේන්ද්ර මුලාචාරින් හා ශ්රී වික්රම රාජසිංහ රජතුමාගේ හැඩරුව එක සමාන බව සදහන් වෙනවා.මේ නිසාත් රජුගෙන් ඔහුට ලැබෙන සැලකිලි සත්කාර නිසාත් ඇමැතිවරුන් ඔහුට එරෙහිව රජුට කේලාම් කියු බව කියනවා.
ඔහුගේ ඇඳුමත් රජමාලිගාවේ මහ අධිකාරමගේ ඇඳුමට සමානයි. රජුගේ නියමය අනුව දේවේන්ද්ර මුලාචාරින් නිතර යන එනවිට "රියන්දණ්ඩ" පාවිච්චි කර තිබෙනවා. මේ නිසා අධිකාරම්වරුන් මොහුගේ ඇඳුම වෙනස් කරවා ගැනිමට උත්සහ දරුවත් රජතුමා ඊට කැමැත්ත දක්වා නැහැ.
කෙසේ හෝ මුලාචාරි හා රජු බිඳවිමට ඇමැතිවරු ක්රියාකර තිබෙනවා. ඉදිකිරිම්වලට ගෙනා ලී කොට කර එම ලී මුලාචාරියා විසින් ලී කෙටි කර ඇතැයි ඇමැතිවරු රජුට පවසා තිබෙනවා. මොවුන් මූලාචාරියාට විරුද්ධව රජුට කේලම් කියු නිසා රජු ද ඒවා විශ්වාස කොට මූලාචාරියාගේ දකුණු අතේ මාපට ඇඟිල්ල කපාදමන බවට නියම කළ බව සඳහන් වෙනවා.
මෙයින් කම්පාවට පත් මූලාචාරියා මහනුවර වැවට පැන දිවි නසා ගෙන තිබෙන බව ජනප්රවාදයේ සදහන් වෙනවා. ඒ 1812 දී. ඔහුගේ මරණයෙන් රජතුමා කම්පාවට පත්වු බවත් සදහන් වෙනවා.
අනාගත පරපුර වෙනුවෙන් නිර්මාණ රැසක් කර ඉතිහාස ගතවු මේ අසහාය නිර්මාණ ශිල්පියාගේ අවසානය එලෙස ශෝකජනක අයුරින් නිමාවි තිබෙනවා.
එසේම රජුගේ මේ නියමය නිසා දේවේන්ද්ර මුලාචාරින් හා පිරිස මහනුවරින් පලාවිත් නමත් වෙනස් කරගෙන ලියන්වල ප්රදේශයේ සැඟව ජීවත්වු බවට මතයකුත් ඇත. උඩුනුවර අරත්තන ගමේ තිබු දේවේන්ද්ර මුලාචාරින්ගේ නිවස දැන් කඩා වැටි ඇති බවයි දැනගන්නට ඇත්තේ. ඔහු පාවිච්චි කරපු ළිඳ, පඩිපෙළක් ,නිවසේ තිබූ විශාල කුරහන් ගලක් ඉතිරිව තිබෙනවා. ඒ වගේ ම ඔහුට රජවරුන්ගෙන් ලැබුණු සන්නස් තවමත් ඒ පරපුරේ අය ළඟ සුරක්ෂිත තිබෙන බව සදහන්.
.
✍️ ධර්ම ශ්රි තිලකවර්ධන

A day in the life

Wednesday, January 24, 2024

කපුටු සාත්තරේ ........




 








කොස් ගහේ අත්තකට වී නුඹ

කරව් කරලා කෑ ගහනකොට

අනේ අම්මප බයක් දැනෙනව

නෑයො එනවා කියනවද ඔය..

 

පුංචි සන්දියෙ මහගෙදර අර

සපු ගහේ ඉඳ කරව් කරලා

අත්තම්ම ගෙන් විසුමක්ම නෑ ......

ගෙවල් අස් කරලා දාන්නලු

 

දර වතුර කුස්සිය ට ගන්නලු

පොල් අත්ත වගෙ මිදුල අතුගා

තියෙන්ටම ඕනෑලු උන්දැට .

ලොක්කි ,ඒ වැඩවලට දස්සයි

 

මමයි දොර රෙදි අලුත් කෙරුවේ.

නෑයො එන සලකුණු කියන්න ට..

කලු කපුට හරි දස්සයා ලු නෙ.

තාත්තා කිරි පැණි ගෙනේවී

 

අටුවෙ වී මල්ලක් කෙටේවී

කිරි කොසුයි බල මාලු ඇඹුලයි

තවත් රස මසවුලු හදාවී.

ගෙජ්ජි සද්දෙට දුවන් ආවම

ලොකු තාත්ත ල ඇටඹ ගහ යට.

 

බරට කදමලු අරං ඇවිදින්

කාක්කෝ.......උඹෙ සාත්තරෙ හරි .!

ඒ එදා නේ......අද වෙනස් බං

 

සාත්තර මට එපා අද නම්.

ගේ හරියෙ නෑ හාල් ඇටයක්

ලූණු පලුවක්.......හාල්මැස්සෙක්.

නෑයො ආවොත් මං කපෝතියි

 

සීනි බෝතලෙ හේදුවා අද .

 

රෝ.සි.

2024.01.23.

 වර්තමානයත්  සමග ගලපනවිට ආගන්තුක සත්කාරයත් ජීවන වියදමට බරක්   අපි පුංචි කාලෙ නම් මීට අවුරුදු පනහක් හැටකට ඉස්සර ආගන්තුක සත්කාරය සතූටක්. පිලිගැණීමට හේතුවක් . සාමය සමගියේ සංකේතයක් අදඒ් සියල්ල සිදී බිදී ගිහින් . තනිවෙලා  හිරවෙලා අසහනයට පත්වෙලා..

 

කපුටු සාස්තරේ ගැනත් සදහන් නොකොලොත් අඩුපාඩුවක් . අපි පුංචි කාලේ කාක් කාක් කිව්වොත් කපුටෝ දහයක් දොළහක් අපි වටේ රොක් වෙනවා. ඒ්ත් අද කපුටු ගහනය බිංදුව වෙලා. ඉදහිට දකින කපුටු ජෝඩුවක් විතරයි ඉන්නේ.. මෙයාලට තාමත් බබාලා නැද්ද කොහෙද ?. ගොවිතැන් සදහා කෘෂිරසායන භාවිතය නිසා වෙලා තියෙන හාණිය. නෑදෑයෝ එයීද කියලා කොහොමද දෑන ගනන්නේ ?

 SMS එක ඒ රාජකාරිය බාර අරන්.

 සතුන් හොද සංනිවේදකයන්. සුනාමිය කලින්ම දැනගත්තේ සතුන්. ඒයාලගේ පණිවිඩය අපි හදුනාගත්තේ නැහැ.පැරණි ගොවි පරපුර කාලගුණ අනාවැකි අකුරට කිව්වේ සතුන්ගේ හැසිරීම් රටාවෙන් .

ඒ්වා ගැන අපේ පරපුරු හැදෑරීමක් නැහැ 

කාලගුනය චන්ද්රිකාවලට බාරදීලා.

 කපුටු කාක් දේශපාලන වේදිකාවේ අපි ගොරක දේන් දේන් කිය කියා බලා ඉන්නවා.




notes of imaginary

Tuesday, January 23, 2024

කුණුහරුපෙට පෑනෙන් ඇන්නා

notes of imaginary "

 

















බණ්ඩා, උක්කුවා, සිවලිංගම්,
කාදර්...
මුන් ටික හතරෙ පන්තිය කෙරුවා
චාටර්...
තීරණයක් අරන් විදුහල්පති
පීටර්...
දැම්මා උන් හදන්නට 'මොළගොඩ' ටීචර්...

"අද සිට මටයි උඹලගෙ පන්තිය බාර...
කෙරුවොත් වැරදි, දෙනවා
වේවැල් පාර...
හතරේ ඉන්න ජඩ, නරි
පැටවුනි මාර...
හදනව නැතොත් මකනව
එකෙකුන් නෑර..."

"පළවෙනි පාඩමට 'පරිසරයයි
ගන්නේ...
ඕන ම ගැටලුවක් ඇතිනම්
විමසන්නේ...
අපි පරිසරය ගැන දැනගත
යුතු වන්නේ...
බැරි දේ කියාදෙන්නයි ගුරුවරු ඉන්නේ..."

හතරේ වුණත්, ඒ පැටවුන්
යක්කු වුණේ...
පළවෙනි පැනය විමසන්නේ
උක්කුවනේ...
"ගැහැනුන් හා පිරිමි මැවුවේ
මොක්කු අනේ...?
පිරිමින් හට මොකට, කිරි නැති කුක්කු තනේ...?"

ඇරඹෙනකොට ම පැන විමසුම
මුල හරිය...
සිවලිංගම්ගෙ පැනයත් පිළිතුරු
බැරි ය...
"බඩ මැද 'සින්න ඉල්ලෙයි' හිලකි ය, 'පෙරිය'...
මොකටද ටීච, මැවුවේ ෂාමියො
බුරිය...?"

ඊළඟ පැනය විමසයි කෙළවර
බණ්ඩා...
ඒකා තමයි කොල්ලන් අතරින්
දණ්ඩා...
හූනා වගේ හිටියට මහ
ඇනකොන්ඩා...
"ඇයි පිරිමින්ට විතරක් මැවුවේ ජු..............?"

'මොළගොඩ' ටීච පිළිතුරු බැරුවයි
උන්නේ...
බේරෙන මගක් නෑ උගුලෙන් ළමයින්නේ...
"යකුනේ, තොපි නරක වචනයි
දොඩවන්නේ...
දැනගනියවු !! තොපිට මම
දඬුවම් දෙන්නේ..."

"මම ගිය වෙලාවෙදි අද
ටොයිලට් එකට...
පස්සෙන් ඇවිත් උක්කුව අඩියට දෙකට...
සත්තයි ටීච, ගැහුවා
කකුළෙන්  පු............
හතරේ පන්තියට මුන් වගෙ උන් මොකට..?"

"තව කියනවද බොල, තොපි ඔය කැත වචන...?
ඕවා කුණුහරුප බව
ඉන්නේ නොදැන...
දණගහපියවු !! අවුවේ
ඩාදිය දමන...
හිටපිය ගිහින් එන්නම් වේවැල රැගෙන..."

කාදර් නැගිට පන්තියෙ පිටුපස ඉන්නා...
දන්නා බසින් ටීචට පිළිතුරු
දුන්නා...
"මං 'කුණුහපර' නොකියා පාඩුවෙ උන්නා...
මූ මගෙ 'කුණුහපරය'ට පෑනෙන් ඇන්නා..."

සැරවැර වෙන්න හැදුවට
මොළගොඩ ටීචර්...
ඒවා බොරු ය, හතරේ
පන්තිය චාටර්...
පන්තියෙ නොසණ්ඩාලයො
දැම්මෙම යෝකර්...
වෙන පන්තියක් දුන්නා
ටීචට පීටර්...🫢🫢
------------------------------------------------
-ප්‍රියංජිත් බාලසූරිය
 (2024.01.22)

Monday, January 22, 2024

රදල රෙද්දක හුජ්ජ පැල්ලම්.........















මඟුල් මඩුවේ වළං පිඟන් සේදූ දාසයෙකුගේ
ඇසින් දුටු සාක්ෂිය නොහොත්
රදල රෙද්දක හුජ්ජ පැල්ලම්.........
කන්ද උඩරට දන්ත ධාතුව
පංච සීලය වඳිමිනා
එදා අටසිය පහළොවෙත් මං
දාසයෙක් සේ කැපවුණා
කන්නසාමිට කන්නසාමිට
දොන්ත දොමිකිට කියමිනා
කන්ද උඩරට පොන්ත ගිවිසුම
කුංචනාදෙන් ඇවිලුණා
ලොන්ත නිලමේවරුන් අළු යට
අඟුරු ටික තලුමරමිනා
කන්නසාමිගෙ බෙල්ල හිරකොට
තොණ්ඩු අඹරා ඇඹරුණා
සුද්දගේ ලොම් ඩිංග අද්දර
තප්පුලන පරයන් දිනා
ඇස් පනා පිට පත්තුවී ගිය
ගින්දරෙන් මං පිච්චුණා
එංගලන්තේ ජෝර්ජ් පප්පගෙ
කිරීටේ බල පෙන්වනා
බින්න බහිනා ගිවිසුමක් යට
කන්ද උඩරට යටවුණා
මඟුල් මඩුවේ වහල හොල්ලන
අස්ප කුර හඬ මතුවුණා
දවුල් බෙර සක් උදම් සද්දෙක
උගුල් ගිවිසුම්ගත වුණා
උගත් මල්වතු සේ ම අස්ගිරි
උසස් යතිවරු සමඟිනා
මොහොට්ටාලල මුලාදෑනිලා
පහත් වී තැන්පත් වුණා
තීන්දුවකින් තීන්දුවකට
වාන් දමනා වේදනා
ජෝන් ඩොයිලිගෙ හීන් නූලක
චූන් එක උඩ පාවුණා
තුවක්කු ද බයිනෙත්තු හිටගෙන
කුලප්පුව උඩ කැරකුණා
බුලත් විට කන මටත් ඇප නැත
මඩිස්සලයට කෙළවුණා
දනිස් වෙව්ලන ප්රභූවරු ටික
හුඹස් කටවල් අරිමිනා
විරිත්තනකොට රෙද්ද පල්ලෙන්
හැබැයි සුළුදිය බේරුණා
රට්ටු පාවා දීපු උන්ගේ
හක්කෙ බුදුරැස් මතුවුණා
පස්ස පැත්තට වස්තිකරගෙන
බොක්කෙ ගෙරි මස් දියවුණා
ලැජ්ජ බය උඩ ගෙජ්ජි බැඳගෙන
රට්ටු නටවන නැකතිනා
අම්මපල්ලා කජ්ජ පුහුලම
හුජ්ජ බරට ම රතුවුණා
ඉස් මුදුන් උඩ තුප්පොට්ටි බැඳ
රදල පිරිවර කැරකුණා
සුද්දගේ මස් කටු උරන්නට
බත් නොකෑ උන් වටවුණා
විද්ද වෙඩි සැර කාපු විරුවන්
සද්ද නොකර ම වැළලුණා
රෙද්ද උස්සන රදල බැලයන්
සුද්දගෙන් හුරතල් වුණා
අත්සනක් යට අත්සනක් යට
කප්පරක් ගින්දර උනා
හත්තිලව්වයි රදල රෙද්දක
හත්තිලව්වයි රදල රෙද්දක
හත්තිලව්වයි රදල රෙද්දක
හුජ්ජ පැල්ලම් මතුවුණා
පසුව ලියමි...........
වැඩ ඇරී මං ගෙදර එනකොට
හීන් අඩියක් ගේනවා
එදා මං දුටු හුජ්ජ පැල්ලම්
අදත් හැබැහින් පේනවා
කුමාර හෙට්ටිආරච්චි
notes of imaginary

Sunday, January 21, 2024

සහජීවනය



 

ඒ මට මතක විදියට අසූව දශකයේ මුල් බාගයේ මගෙ හිතවත් අයියා කෙනෙක් හිටීය කැළණි විශ්ව විද්යාලයේ උපාධියක් හදාරමින් .
එයා එක දවසක් කිව්ව කැම්පස් එකේ ව්ක්ටර්ගෙ ස' පෙන්නනවා කියල .කෙසේ හෝ පහුවෙනිදා ඒ ගැන අහද්දී එයා දීපු උත්තරේ තමයි ".නියමෙට ගියා මල්ලි හැබැයි පටන් ගැන්මෙයි ඉවර වෙද්දි යි " අපි ඔක්කොම රජවරු " කියන කොට හූව දැම්ම.අනික් ඒවට නම් කන පිරෙන්න් අත්පුඩියයි ව්ෂිල් පාරයි"කියල.එදා ඒක මට ගානක් නොවුනත් දැනුම් තේරුම් තියෙන වයසට එනකොට මට මේ සිද්දිය ගළපා ගන්න උනා තවත් සිද්දියක් එක්ක.
ඒ 1974-75 කාලෙ .ව්ක්ටර්ගෙ ස ඉහලම ජනප්රියත්වයෙන් දිවයින පුරා ප්රදර්ශනය වෙනවා.ඔය වෙනකොට යාපනය ව්ශ්ව ව්ද්යාලයේ සිංහල අංශයට පත් වෙලා එනවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්.යාපනයේ අන්තිම සිංහල දිසාපති උන ලයනල් ප්රනාන්දු මහතාගේ සේවා කාලය .එතුමා ප්රවීණ කළාවේදිනි සෝමලතා සුභසිංහ මහත්මියගේ දයාබර සැමියා .මේ කට්ටිය එකතු වෙලා ස ප්රසංගය පෙන්නනවා යාපනය ව්ශ්ව ව්ද්යාලයේ .යාපනයේ කලාකාමී ජනතාව කෙතරම් ආදරයෙන් ප්රසංගය වැළඳ ගත්තද
කියනවානම් ශාලාව අතුරු සිදුරු නැතිව පිරිලා.සමහර උපකරණ (බෆල් සෙට් වගේ )
අයින් කරනවා ඔවුන්ට වාඩිවෙන්න ඉඩ හදන්න.හැබැයි එක දෙකක් උනා.එයල එදා අපි ඔක්කොම රජවරු සිංදුවට හූ තිබ්බේ නෑ .
සිංදුවෙන් සිංදුවට අත්පුඩි ගැහුවා .ව්ශ්ව ව්ද්යාලයේ පාලකයන් වේදිකාවේදී කිව්වේ මේ ඇහෙන සංගීතය අපේම ජීවන සංගීතයයි කියල .
ලයනල් ප්රනාන්දු මහතා යාපනයේ රාජකාරි කරන කොට එතුමාගේ මෑණියනුත් වාසය කර තිබෙන්නේ එතුමත් සමගම යාපනයේමයි.අවාසනාවකට එතුමිය ජීවිතයෙන් සමු ගත්තම දිසාපති පුතුනුවන් දැන් අවසන් කටයුතු කරන්න දේහය කොළඹට ගේන්න හදන කොට යාපනයේ ජනතාව මොකද කියල තියෙන්නේ ?
"සර් අම්මා හිටියෙ මෙහෙ අපිත්
එක්ක.ඔබතුමාට වගේම එතුමිය අපිටත් අම්මා කෙනෙක් .ඒක නිසා දේහය කොහේවත් ගෙනියන්න එපා . යාපනයේම භූමදානය කරන්න කියල
මේ සිද්දියත් ඊට ආසන්න කාල වකවානුව කදී
සිදු උනේ.එවකට අගමැතිණි සිරිමාවෝ මැතිණිය යාපනයේ සංචාරය කරනවා යාපනයේ විශ්ව ව්ද්යාලයේ ව්වුර්ත කිරීමේ උත්සවයකට .එය සංවිධානය කරන්නෙ එවකට යාපනයේ නගරාධිපති ඇල්ෆ්රඩ් දොරේඅප්පා මහතා .අගමැතිණිය පිලිගන්නට එදා යාපනයේ ජනතාව සූදානම් කරලා තිබුණේ හරිම සංවේදී ආකාරයකට .ඉතා දිග කොණ්ඩා තිබුණු තමිල් කාන්තාවන් පේළි දෙකකට බෙදිලා බිම ඇන තියාගෙන
ඔවුන්ගේ කෙස් වලළු බිමට දාගෙන පලසක් වගේ හදල තියෙනවා මැතිණියට ඒ උඩ්න් ගමන් කරන්න කියලා.එතුමිය ඉතා සුහදසීලීව එම ආරාධනය ප්රතික්ෂේප කලාලු.යාපනයේ ජනතාව කවදත් මැතිණිය හදුන්වනු ලබන්නේ අම්මා කියල .දෑවැදි ප්රශ්නය ඉතා උග්ර ව තිබුණ යාපනයේ පලාතේ පියවරුන්ට දෑවැදි හොයාගන කරදරයක් නැතුව තම දූවරුන් ව්වාහ කරලා දෙන්න මැතිණියගේ වගා සංග්රාම වයාපාරය ඔවුන්ට ලොකු පිටුවහලක් වුනා කියන එදා හරි ජනප්රිය කතාවක් .1982
ජනාධිපතිවරණයේදී කොබ්බෑකඩුව මහත්තයව අල ලුණු මිරිස් වලින් හදපු මාලයක් දාල පිළි අරගෙන එතුමව ජයග්රහණය කලේ මුළු දිවයිනෙන්ම යාපනයේ ජනතාව පමණයි.ඒ අවුරුදු ගනනාවක් ගිහිල්ලාත් ඔවුන්ට අතීතය අමතක නොවුණු නිසා වෙන්නැති .
ඊටත් බොහොම කාලෙකට පස්සේ කස්ටම් එකේ අපේ අයියා කෙනකුට මාරුවක් ලැබෙන වා ත්රිකුණාමලය වරායට.එයා ටිකක් පිච්චර් පිස්සා.ඔය කාලෙදී එහේ චිත්රපට හෝල්වල පෙන්නුවේ "නීල කඩලින් ඕරිත්තිලයි"කියන චිත්රපටය .නම එහෙම උනාට මේකේ ප්රධාන චරිතය රගපෑවේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහත්තයා .පලාතේ ඒ වෙනකොටත් මතු වෙමින් තිබුණු අසහනකාරී
තත්ත්වයන් උඩ අපේ අයියා දැන් බොහොම කුතුහලයෙන් බලා ඉන්නවා ප්රේක්ෂක ප්රතිචාර කොහොමද වේව්ද කියල ගාමිණිට.ගාමිණිගේ රුව තිරයේ දිස්වුනා විතරයි නැගී ආ ව්ශිල් හඩ හා අත්පොලසන් නාදය අපේ අයියා කවදාකවත් දකුණේ හෝල් එක්කින් අහල තිබුණේ නෑ.
එහෙම දයාවෙන් කරුනාවෙන් සලකපු ජාතියක් ඊට අවුරුදු හතරකට පහකට පස්සේ
වෛරයේ අවි ඔසවා ගත්තෙ කොහොමද කියන එක මට නම් අදටත් ගැටලුවක් .පිටස්තර බලවේග මේ පිටිපස්සෙ හිටිය කියල හිතෙන්නේ කවදත් ඒ සහෝදර ජනතාවගෙ හදවත් තේරුම් ගැනීමේ හැකියාව මට තිබුණු නිසාමයි.
මේ 1989 90 වසර .මම සේවය කළේ කොලඹ ඉන්දියානු බැංකුවේ .අපේ බැංකුවේ මිතුරියක් ව්වාහ උනා .උත්සවය තිබුණේ යාපනයේ චුන්නාකම් වල.ඉන්දීය සාම හමුදාව යාපනයේ ඉන්න කාලෙ .යාපනයේ මිතුරෝ මට අරාදනා කරනවා යමු යාපනයේ කියල .හිතේ තිබුණු ආශාවට මාත් ඔවුන් සමග ගමනට එක් උනේ ගෙදරට අනුරාධපුරයේ යනවා කියල .දැන් මං විතරයි එකම සිංහලයා .මමත් තමිල් යාළුවෝ එක්කම ව්වාහ මංගල උත්සවයට සහභාගි වෙලා සද්ද නැතුව ඉන්නවා.දැන් දිවා බෝජන වේලාව .සැවොම බිම වාඩ්වෙලා කෙහෙල් කොලේ බත් කනවා පට්ට රසයි .ඊලගට පායාසම් බෙදනවා.මං කාපු පායාසමක් නෑනෙ.
මම ඇගිලි වලින් බත් කනවා වගේ පායාසම් කන්න හදනවා .කොහෙද පායාසම් ඇගිලි අස්සෙන් පයිනවා.ඇගිලි එකට තියලා හැන්දෙන් ගන්නවා වගේලු කන්න ඕනෑ .කවුද දන්නෙ ?
මේක බලන් හිටිය කෑම බෙදපු තරුණයෙක් .වේට්ටිය ඇදලා ටිකක් හැඩි දැඩි පෙනුම .හයියෙන් හයියෙන් ආව මං ලගට.මං ලග හිටිය තමිල් යාළුවාගෙන් අහනවා මෙයා සිංහලද කියල .මගෙ පපුවත් ට්ක ටික ගැහෙනවා.මිතුරත් අසරණ ව මූනෙම්ම පිලිතුරු දුන්නා.ආපු තරුණයා හයියෙන් කතා කරනවා.කාටද ව්ධානයක් දෙනවා .මං දැන් දෙයියෝ සිහිකර ගන්නවා .යන්තම් තේරුණේ සිංහල මුනියා කියල කියනවා විතරයි .මෙන්න බොලේ තරුනයෙක් එනවා හැන්දක් අරන්.තව තරුණයෙක් එනවා වතුර අරන්.අරයා කියල තියන්නෙ මෙයා සිංහල කෙනෙක් .පායාසම් කන්න හැන්දක් දීලා වතුර ටිකක් දෙන්න කියල .එයාගෙ කටේ සද්දෙට මගුල් ගෙදර හැමෝම මං ලගට ආවා.මනාළ ජෝඩුව ගැන දැන් එයාලට නිනව්වක් නෑ.දැන් සමහරු මට බත් සෝරු බෙදනවා .සමහරු මෝරු,රසම් බෙදනවා .මට කන්නත් බෑ.
උත්සවය ඉවර වෙලා අපි බස් එකක් ගන්න හංදිය ට ආවා.දැන් යාලුවො ටික වෙච්චි සිද්දිය ගැන කතා වෙනවා .බස් නැවතුමේ අසල තිබුණු කඩයක මුදලාලි පුටුවක් අරං ඇවිත් කඩේ හෙවනකින් තිබ්බා.එයා යාළුවන්ට කියනවා සිංහල එක්කෙනාට වාඩිවෙන්න කියල .එයා කොලඹ පිටකොටුවේ කඩේක ඉස්සර වැඩ කරලා තියෙනවලු.මම හොඳට වාඩ්වෙලා එයත් එක්ක කතා කරන කොට අනික් යාළුවෝ ටික බස් එකක් එනකල් අව්වෙ කර වෙවී හිටිය .
අපි නැවත කොලඹ එන දවස උදාවුනා.කොලඹ දුම්රිය පටන් ගන්නෙ කන්කසංතුරෙන්.අපි යාපනයේ ඉදලා KKS යනවා .හවස නිසා වැඩි සෙනඟකුත් නෑ.අපිත් නිදහසේ කතා කර යනවා .මගෙ පහසුවට යාළුවෝ සිංහලෙනුත් කතා කරනවා .බස් එකේ හිටපු අම්මෙකුයි තාත්තෙකුයි එයාලගේ පොඩි දුවට (වයස අවුරුදු දහයක් විතර ඇති )
මාව පෙන්නනවා "සිංහල සිංහල "කියල .
දැන් අර පොඩි ළමයත් මාත් එක්ක හිනාවෙනවා.මං එයාට අත වනනවා.බස් එක KKS ලගාවන කොට අපි හරි යාළුවෝ .හැබැයි එක වචනයක්වත් කතා කරල නෑ.බස් එක ස්ටෑන්ඩ් එකට ලංවෙලා බහින්න කිට්ටු වෙනකොට ළමයා අම්මට මොකද්ද කියලා එයාගෙ මල්ලෙන් මිදි අහුරක් අතට ගන්නවා .ඒ කාලෙ යාපනයේ මිදි වාරෙ.මම බහින්න හදන කොටම එයා මගෙ ලගට ඇවිත් මිදි අහුර දීලා ආපසු අම්මා ලගට දුවගෙන ගියා .මිදි පොකුර මගෙ අතේ හිරවෙන කොට මගෙ දෑස් කදුලු වලින් තෙත් වෙලා.එයාට ස්තුති පූර්වකව අත වැනුවත් ඒ රුව බොද වෙලයි පෙනුණේ .මේ මම මගේ ජීවිතයේ ලබපු ඉතාම වටිනා කිසිදා අමතක නොවන උතුම්ම තිලිණයකි.
බන්දුල පෙරේරා

notes of imaginary

Saturday, January 20, 2024

සේරානාම් රජුුත් පලමුව පැමිණියේ කැළණියට.


 






කෘෂිකර්ම සශ්රීකත්වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ  පිහිට පතා  කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හැදින්වෙනවා. අපේ ගමෙත් පත්තිනි දේවාලයක් තියෙනවා. මෙම දේවාලයට අවුරුදු දෙසියක පමණ ඉතිහාසයක් පවතින බවයි පැවසෙන්නේ.මෙම දේවාලයේත් වාර්ෂිකව පහන් මඩු උත්සවයක් පවත්වනවා.

 

 අතීතයේ සිට පැවතෙන මෙම චාරිත්‍ර විධි ගම්මඩුව,දෙවොල් මඩුව,පූණ මඩුව,මල් මඩුව,ගිණිමඩුව,ගරා මඩුව ආදී වශයෙන් ප්‍රෙද්ශයෙන්  ප්රදේශයට විවිධ   නම් වලින් හදුන්වනවා.ඒ වගේම  මෙම උත්සවය පවත්වන ආකාරයේද සුළු සුළු වෙනස් කම් දක්නට ලැබෙනවා.

මඩුව යන්න මණ්ඩපය යන්නෙන් අරුත් ගන්නනවා.

මේ යාතු කර්මයන් ද අපිට ඉන්දියාවෙන් ලැබුන ආභාෂයක්. ලංකාවේ දෙවෙල් මඩු ආරම්භය පිලිබද පුරා වෘත්තය මෙසේ පැවසෙනවා.

ඉන්දියාවේ චෝල රාජ්ය කාලයේ සේරනාම් නම් රජුගේ උයනට ගෝනෙකු එන සිරිතක් තිබුනා මේ ගෝනා උයන පාළු කරන බැවින් රජු තම හේවායින්ට අණ කලා ඌ රා දමන්නට.

හේවායින් ගෝනා අඹා යන විට ඌගේ පය පැකිලී අසල තිබු පොකුනට වැටී මරණයට පත්වෙනා. මෙම ගෝනා ගැබ්බර අවස්ථාවේ සිටි සතෙක්.අධික වේදනා විද රජු කෙරෙහි වෛරී සිතිවිල්ලෙන් ඈ මියයනවා.මියගොස් එම උයනේ පොකුනේම  මැඩියෙක්ව නැවත ඉපදෙනවා.

දිනක් රජතුමා උයන් කෙළියේ පැමින මෙම පොකුන අසලට එනවා. පොකුනේ පිපි මානෙල් මලක් නෙලා ගෙන සුවද ආග්‍රාරනය  කරනවා.ඒ අවස්ථාවේ  මැඩියා මල යට රිංගාගෙන සිට,රජුගේ නාසයට විෂක් නිකුත් කරනවා.

මේ හේතුවෙන් රජුට දරුණු හිසරදයක් ඇතිවෙනවා.මොනතරම්  පිලියම්  කලත් හිසරදය සුව නොවු රජු  පීඩාවට පත්වෙනවා. රජතුමා දිනක සිහිනයකින් රුමත් කන්තාවක දකිනවා.

ඒ බව පසුදින තම පුරෝහිත බමුනාගෙන් මෙම සිහිනයේ අරුත විමසු කල ඔහු පිළිවදන් දෙන්නේ  සිහිනයෙන් දුටු  කාන්තාව පත්තිනි දේවිය බවයි.

 ඇගේ සාපයකින්  හිසරදය වැළදී ඇති බැවින් නිර්මල බුද්ධ ශාසනයත්   සතර මහා දේවාලත් ඇති  රටකට ගොස්  දින හතක් දුගී මගී යාචකයින්ට දන් දී පත්තිනි දේවියට පිං පැමිණිය යුතු බවට පුරෝහිත බමුනා උපදෙස් දෙනවා.

මීට සුදුසුම රට ලංකාව බව පුරෝහිත බමුනා රජුට සැල කිරීමෙන් පසු රජු වත්තලින් මේ රටට පැමිනෙනවා.පලමුව කැලණියට ගොස් බුදුන් වැද රුවන්වැල්ලේදී  දෙවොල් මඩුවක් කර පත්තිනිදේවියට පිංපෙත් දුන් බවත්, එදා පටන් රජුගේ හිසරුදාව සුව වු බවත් පැවසෙනවා


notes of imaginary