Friday, April 14, 2023

සුබ නව වසරක් වේවා !




notes of imaginary

Thursday, April 13, 2023

නව වසරක් !

මේ වන  විට අවුරුදුද ගෙවෙමින්  අළුත්  අවුරුද්දකට මුල පිරෙමින් තිබේ පරණ අවුරුද්දට අවසාන දිනයේ දිය  නෑම ඉතා වැදගත් චාරිත්‍රයකි.    ගැමියන් කියන්නේ පරණ අවුරුද්ද සෝදා හැර අලුත් අවුරුද්දට අලුත් වනවා යන්නයි. එදා අප හෙළ දිව සිංහල ගැමියන් හැම දේම කළේ නැකැත් අනුවය. වසර දෙදහස් පන්සියයක් තිස්සේ අවිච්ඡින්නව පැවැත එන සිංහල චාරිත්‍ර විධිය. ඒ අනුව පරණ අවුරුද්දේ නෑම ද ඉතා වැදගත් චාරිත්‍රයකි.   

අලුත් අවුරුද්දට හිස පිරිසිදු කරගැනීමට  නානු ගෑමෙන්ම අසනීප දුරු කරගැනීමටත්, කටවහ, ඇස්වහ දෝෂ හා ග්‍රහ දෝෂ දුරු කරගැනීමත් සිදු කර ගනු ලැබේ . මේ සඳහා නානු පිළියෙල කිරීම පැරැණියෝ එක් ඖෂධ වට්ටෝරු ක්‍රම යොදා ගනී. එසේ සාදනු ලබන නානු අටවිසි පිරිතෙන් විසි එක් වරු පිරිත් කරගැනීම කරනු ලබන්නේ තව තවත් සෙත් ශාන්තිය ලැබෙනු පිණිසය. පරණ අවුරුද්ද අදින් ගෙවී යන්නේය.

 

පරණ අවුරුද්දට ස්නානය කිරීම. හද බැලීම චාරිත්‍ර විධි තිබුනත් වර්තමානය වන විට ඒවා භාවිතයෙන් ඉවත් වෙමින් පවතින චාරිත්‍ර බවට පත්ව ඇත.

සෑම කෙනෙකුටම තමන්ට වෙන්වු ඉෂ්ඨ දේවතාවෙකු සිටින බව මතයක් ඇත. ඔහු වසර පුරාවට තමන් සමග සිට තමන් ආරක්‍ෂා කල බවට විශ්වාසයක් තිබේ. හිරු මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන වේලාවේ ( පුණ්‍ය කාලය ) උග්‍ර ග්‍රහ බලවේගයක් ක්‍රියාත්මක වේල.මේ වෙලාවට මුහුණ දීමට මහේශාක්‍යය අල්පේක්‍ෂ දෙවිවරුනට නොහැකිවේ මේ අවස්ථාවේ දෙවියන් මිනිස් ලොව සමග තිබු සබද කම් වලින් මිදී දෙව් ලොවට යයි . මිනිස් ලොව ග්‍රහ බලවේගයන්ගෙන් මිදුණු පසු යලිත් පෙර පරිදි සබදකම් ඇති කර ගැණිමට දෙවිවරුන් මිනිස් වෙලාවට පැමිනෙති.

ඒ අවස්ථාවේ තම ඉටුදෙවියන් පිලිගැණිමට නා පිරිසිදු වී පිරිවට ඇද පේවී සිටිය යුතු බව මුතුන්මිත්තන් දැරු මතයකි.

පුණ්‍ය කාලයේ සියළු වැඩකටයුතු අත්හැර පුණ්‍ය කටයුතු වල යෙදීම ග්‍රහ බලවේගයන් මගහවා ගැණීමටත්  ඉන් ඇතිවන අපල උපද්‍රව වලින් මිදීමටත් සිදුකල වතාවකි.

 

 

අවුරුදු උළෙලේ තවත් එක් චාරිත්‍රයකි, ළිප් බැඳ නැකැතට ගිනි මෙළවීම. ඉදිරි වර්ෂය තුළ දී ගෙදර ආහාර පානයෙන් අඩුපාඩුවක් නැතිව තිබීමට මෙන්ම ගෙදර අරපරෙස්සම් ආදිය ඇතිවීම සඳහා ළිප් බැඳ ගිනි මෙළෙවීම නැකැතට සිදු කරනු ලැබේ.   

 

මේ අවුරුද්දේ නම් අවුරුදු කුමාරයා ගැන වැඩිහිටි අපට නම් කිසිදු හැගීමක් නැත.වැඩිහිටියන්ට උනන්දුවක් නැති නිසා පුංචි එවුන්ටත් වෙනදා මෙන් උද්යෝගයක් නැති ගානය.ඇදුමක් පැළදුමක් ගන්න ගේ දොර උගස් තියන්නට තරම් මිළ ගණන් ඉහලය. 12 වෙනිදා පරන අවුරුද්දට ස්නානය කිරීමෙන් පසු අළුත් අවුරුදු චාරිත්‍ර සදහා සූදානම් වීම අපේ සිරිතය.

මීට අවුරුදු පනහකට හතළිහකට පෙර අවුරුදු නැකත් සීට්ටුව ගමට ලැබුනේ පන්සලේ ලොකු හාමුදුරුවන් සහ ගමේ නැකත් ගුරුන්නාන්සේගේ අනුග්‍රහය ඇතුවය.පසු කාලීනව දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි විසින් සකස් කරන ලද පංචාංග ලිත මුළු රටටම අවුරුදු නැකත් පෙන්වීය. දැන් නම් සෝබනයට උත්සවාකාරයෙන් අවුරුදු නැකත් ජනාධිපතිවරයාට ඔප්පු කරන්නේ සංස්කෘතික අමාත්‍යවරයා විසින්ය. එයටත් සල්ලි නැති රටේ වියදම් වන්නේ මහජනතාවගේ බදු ගෙවන අරමුදල්ය. ඒ මදිවාට පලාත් ආණ්ඩුකාරවරුද මෙවන් ජොගි නටන්නේය. මේ අවුරුදු කතාව එතරම් ප්‍රසන්න නැත. අපිට එන අවුරුද්ද ගැනවත් මීට වඩා ප්‍රන්න අන්දමින් සිතන්නට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනය කරමු.

ඔබසැමට සුබ නවවසරක් වේවා.

notes of imaginary

Tuesday, April 11, 2023

අවුරුදු කුමාරයා



 “පසළොස් රියන් උස මැවී වෛධුර්ය මුහුදේ ගිලී ස්නානය කර සමවන් දිව්‍යාභරණ පැලඳ නිල්මිණි මාලාවක් කරලා සත්රියන් මුතු ඔටුන්නක් දරා දිව සුවඳ ඇඟ ගා දිවයහනෙක සිට යෙල ගව්වක් උස සමවන් රථයක් මවා එහි සමවන් යහනෙක දෑ සමන් මල් අතුට මුතු සුණු යාලයකින් සහ දිව සඳුනෙන් පිරිබන්ධ කර එකී රථයට සමවන් ගොනකු යොදා අතකින් පිච්ච මල් මාලාවක් සහ අංකුසයක් ගෙන එකී රථයට නැගී සිට සතර දිගට ගීත නාද පතුරුවා නොයෙක් නළු නාටකයෙන් සමවන් ගුරුළු මුඛ්‍යාකාර මාර්ගයකින් මෙලොව පහළවන“  අයුරු දකින්නට අපි කුඩා කල සිහින මැවුවෙමු.

වසරෙන්  වසර අවුරුදු කුමාරයා මෙලොවට පැමිණි ආකාරය වෙනස්ය.වරෙක අසෙකු යෙදු වාහනයකද තවත් වසරක ඇතෙකු යෙදු වාහනයක් තවත් දිනක වෙනත් සත්වයෙකු යෙදු වාහනයක් ආදී වශයෙන් විවිධ වාහන මේ ගමනට යොදා ගත්තේය.ස්නානය කර ලද්දේ විවිධ මුහුදු වලින්ය පලදින ලද ඇදුම් පැලදුම් විවිධය

අපද කුඩා කල මේ ලෙස අවුරුදු කුමාරයා අප දකින්නට පැමිනෙන තෙක් බලා සිටියේය. එහෙත් මෙතෙක්  කිසිදා අවුරුදු කුමාරයා අප දකින්නට එලෙස පැමිණියේ නැත. දොලොස් වෙනිදාට පසු අවුරුදු කුමාරයා එන බව පැවසු නැකතට රතිඥ්ඥා හඩත් රබන් හඩත් ඇසු හෙයින් අවුරුදු කුමාරයා කොහේට හෝ ගොඩ බසින්න ඇතැයි සිතුවෝය.

 

මේ අවුරුද්දේ නම් අවුරුදු කුමාරයා ගැන වැඩිහිටි අපට නම් කිසිදු හැගීමක් නැත.පුංචි එවුන්ටත් වෙනදා මෙන් උද්යෝගයක් නැති ගානය.

notes of imaginary

Wednesday, April 05, 2023

කපුටා සහ රාජාලියා

පසුගිය දිනක මුණු පොතේ පලවු කතාවක් කියවුවෙමි. මේ කතාව රාජාලියා සහ කපුටා ගැනය. රාජාලියා හා සටන් කිරීමට කපුටා  බිය නොවේ.අප අතර සිටින සමහර අයත් එලෙසින් රගපාති. අවසානයේ ඔවුන් විවිධ අත්දැකීම් වලට මුහුණ දෙති.

රාජාලියාට සුවිසල්  පියාපත් තිබේ. තියුණු දෙනෙතකි. හොටය මුවහත්ය. සිරුර ශක්තිමත්ය. ඌ ඉහල අහසේ නිදහසේ පියාසර කරයි.  මේ තේජාන්විත කුරුල්ලාට සටනක් දීමට නිර්භීතව ඉදිරිපත් වන එකම කුරුල්ලා කපුටා පමණි. ඒ ඔහු තමා ගැන තබා ගෙන ඇති අධිතක්සේරු මානසිකත්‍වය නිසාවෙනි. කපුටා රාජාලියාගේ  පිට මතට පියාසර කර ලැතුම් ගනී. පිට මත ඉඳගෙන බෙල්ලට කොටමින් ප්‍රහාර එල්ල කරයි.

රාජාලියා ප්‍රතිචාර නොදක්වයි. ඔහු නිදහසේ අහසේ ඉහලට පියාසර කරයි. ඔහුගේ ඉලක්කය අහසේ ඉහලට පියාසර කිරීමයි. ඔහු කපුටා සමඟ සටන් නොකරයි, ඒ සදහා කාලය හෝ ශ්‍රමය නාස්ති නොකරයි. අහසේ තව තවත් ඉහලට පියාසර කරයි.

කපුටාද සටන අත්නොහැර පියාපත් ම ඉදගෙන රාජාලියාට හිරිහැර කරයි. අහසේ ඉහලට යන්න යන්න ඔක්සිජන් හිගවේ. කපුටාට හුස්ම ගන්න අපහසුවේ.  ඔක්සිජන් නොමැතිකම නිසා කපුටා අඩපනවේ. ඉහල අහසේ තමන් පාලන කර ගත නොහැකිව රාජාලියා හා කරන සටන නවතී කපුටා රාජාලියාගේ පිටමතින් කපුටා ඇද වැටේ.

කපුටන් මෙන් හැසිරෙමින් සටන් කරන මිනිසුන් සමඟ ඔබගේ කාලය නාස්ති කිරීමෙන් වලකින්න නිහඩව බලා ඉන්න.

 ඔවුන් ටිකෙන් ටික ඈතට යනු ඇත .අප නිදහස් වනු ඇත .."

Monday, April 03, 2023

බිත්තර

බිත්තර ගැන මෙතරම් කතා බහට ලක්වුන කාලයක් මට මතක නැහැ;මේ ඔක්කොම හුට පට වෙළද ඇමතිතුමාගේ ආරෝවක් කියලා දවසක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇහුවා.දේශපාලකයෝ කියන්නේ සමාජ සේවකයෝ පිරිසක් කියලයි මම හිතන්නේ.ඒත් අපේ දේශපාලකයෝ හිත් මමත්වයෙන් පුරවා ගත්ත අය විදියටයි අපි දකින්නේ.දේශපාලනයේදී පෞද්ගලික කරුණු කාරනා තියෙන්න පුළුවන්ද ?.

බිත්තර විටමින් ඒ – 6%ක්, ෆෝලේට් 5%ක්, විටමින් බී 5 : 9%ක්, විටමින් බී 12 : 15%ක්, විටමින් බී 2 : 9%ක්, පොස්පරස් : 9%ක් සහ සෙලනියම් : 22% ක් බිත්තරවල අඩංගු වෙනවා. එයට අමතරව විටමින් ඩී, විටමින් ඊ, විටමින් කේ, විටමින් බී 6 වගේම කැල්සියම් සහ සින්ක්ද බිත්තරයක තියෙනවා. බිත්තරයකින් කැලරි 77ක් සිරුරට එකතුවෙන අතර ප්‍රෝටීන ග්‍රෑම් 5ක් සිරුරට හිතකර මේද අම්ල ලෙස සිරුරට ඇතුළත් වෙනවා. එක් බිත්තරයක තිබෙන පෝෂ්‍ය පදාර්ථ එක්ක ගත්තාම අඩුම මිලකට ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක් වෙන්නේ බිත්තර.

බිත්තර වලට පාලන මිලක් පැනවුවා. පාලන මිලට විකුනන්න  සිල්ලර වෙලෙන්දෝ කැමතිවුනේ නැහැ. එයාලට ලැබෙන ලාභය රුපියල් දෙකක් නිසා. නිෂ්පාදකයා පිරිවැය වැඩි නිසා ලාභයක් නැහැ කිව්වා. මහපරිමානයෙන් ගොවිපල පවත්වා ගෙන යන්නන් , බිත්තර රැස් කර අළවි කරන්නන් වෙළද පලට බිත්තර විකුනන්නේ නැතිව මහා පරිමාන ආහාර නිෂ්පාදකයින්ට බිත්තර අළවි කරන්න පටන් ගත්තා. මෙයට හේතුවකුත් තිබ්බා.

බිත්තර නිෂ්පාදනය සදහා කුකුළු පැටවුන් , ආහාර ,බෙහෙත් ද්‍රව්‍ය හිගයක් සහ මිළ අධික වීම නිසා මහා පරිමාන නිෂ්පාදකයෝ තම නිෂ්පාදන පරිමාව අඩුකලා.කුඩා ගොවිපල හිමියන් නිෂ්පාදන පිරිවැය දරා ගන්න බැරිව තම ගොවිපලවල් වසා දැම්මා.

මේ හේතුවෙන් බිත්තර වෙළද පලේ හිගයක් ඇතිවුනා. ඉල්ලුම සහ සැපයුම අතර වෙනස බිත්තර මිළ ඉහල යන්න හේතු වුනා.රජය ඉන්දියාවෙන් බිත්තර ගේනන තීන්දු කලේ මේ වගේ පසුබිමක.

රජය ඉන්දියාණු බිත්තර,  කර්මාන්තකරුවන්ට දෙන්න තීරණය කරලා අහාර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ වෙළද පල අත්පත් කරගන්නා විට පාරිභොගික වෙළද පලට මෙරට නිෂ්පාදනය කරන බිත්තර ලැබෙයි කියන බලාපොරොත්තුව ඇති කර ගෙන සිටිනවා. ඒ වුනත් පරිභෝජනයට ප්‍රමානවත් බිත්තර ප්‍රමාණයක් මෙරට ගොවිපල වලින් නිෂ්පාදනය වන බවක් දකින්නට නැහැ.  බිත්තර නිෂ්පාදකයාට අවශ්‍ය යටිතල පහසුකම් ඒ කිව්වේ කුකුළු පැටවුන් ,සාධාරන මිලට ආහාර හා ඖෂධ තාමත් ලැබෙන්නේ නැහැ.රජයේ නව බදු ප්‍රතිපත්ති බිත්තරේටත් හරස් වෙලා. කෘෂිකර්ම අමාත්‍යංශයට අනුව  දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්, බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින්ද, කුකුල් මස් නිෂ්පාදනය සියයට 12.1කින්ද පහත වැටී ඇති බවයි පැවසෙන්නේ.

එම අමාත්‍යංශයම සදහන් කරන පරිදි  මෙයට හේතුව  සත්ව ආහාර නිෂ්පාදනය නිසියාකාරව නොසිදුවීමයි.ගොවීන්ට බීජ , පොහොර නිසිකලට නොලැබෙන් විට අස්වැන්න බලාපොරෙත්තුවෙන්න බැහැ. මෙයට වගකිව යුත්තෙත් කෘෂිකර්ම අමාත්‍යාංශය. ඇමති දෙපල රෙදි ඇදගෙන නානවාද නැත්නම් රෙදි නැතිව නානවද කියලා හිතා ගන්න බැහැ. එකම මේසෙක විසදගන්න පුළුවන් ප්‍රශ්න එකිනෙකා හමු වෙන්නේ නැති ගානට වේදිකාවේ නැත්නම් මාධ්‍ය සාකච්ඡා පවත්වලා දිග අරිනවා.

ඉන්දියාවෙන් බිත්තර ගෙනවිත් ඉන්දියාවට යන විනිමය ගැන හිතන්නේ නැහැ. අපේ ගොවියට බීජ පොහොර අඩු බදු අයකිරීමකින් සපයලා කුකුල් ගොවිපල හිමියනට පැටවුන් ඖෂධ සපයන්නේ නම් ක්‍රමවත් සැලැස්මකින් මාස කිහිපයකින් බිත්තර දේශීයව නිෂ්පාදනය කර ගත හැකියි. සහල් වලට දැන් ගැටළුවක් තියෙනව ?.කන්න දෙකකින් සහල් ප්‍රශ්නය විසදුනා වගේ බිත්තර ප්‍රශ්නයත් විසදේවි.

වෙළද අමාත්‍ය වරයා එක පාරක යන කොට කෘෂිකර්ම ඇමති තුමා යන්නේ වෙන පාරක.සත්භාවයෙන් කටයුතු කරනවා නම් මේවා ගැටළු නෙමෙයි.බිත්තරයටත් QR නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.



 


notes of imaginary

Saturday, April 01, 2023

අප්රෙල් 1 - දිනපොත.


මේ දවස් වල පලාත් පාලන මැතිවරණය මාධ්‍යට අමතක වෙලා. මැතිවරණයට ඉදිරිපත් වුන අපේ හිතවත්තු නිහඩ වෙලා. ඒ අතරේ රනිල් මහත්තයා නම් ප්‍රවෘත්ති මවනව. තෙල් අඩුකරනවා. ඒ ගමන්ම ඛනිජ තෙල්  සංස්ථාවට ප්‍රහාර එල්ල කරනවා. පන්දම පත්තු කර ගත්ත නිරුවත් මානවයා නන්නන්තාර වෙලා.

1956 බලයට ආපු බණ්ඩාරනායක මහත්තයට වැඩ වර්ජන පෝලිමකට මුහුණ දෙන්න සිද්ධවුනා. වෘත්තීය සමිති බොහොමයක බලය තිබුනේ වාමාංශික පක්‍ෂවලට.ආචාර්ය එන්.එම්; පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා වගේ අය විපක්‍ෂ බලවේග. “ බණ්ඩාරනායක මහත්තයා නොමරා මැරුවේ “ ඒ වර්ජණ රැල්ල. අන්තිමේදී එතුමා ඝාතනය කලෙත්  එතුමා බලයට පත් කරන්න උදව් වුන බලවේග.මට නම් හිතෙන්නේ එතුමාගේ ප්‍රතිසංස්කරණ ඔරොත්තු නොදුන් බලවේග විසින් එතුමාගේ පාලනය අවසන් කලා කියලා

වර්ථමානයේ ආපස්සට හැරෙමින් තියන ඉන්ධන බෙදා හැරීම ඒ කාලේ තිබුනේ බ්‍රිතාන්‍ය සමාගම් කිහිපයක් අතේ. ෂෙල් , කල්ටෙක්ස් , එසෝ සමාගම් එදා වෙළදපලේ හිටියා.ඛනිජ තෙල් සංස්ථාව ඇති කලාට පස්සේ එම සමාගම් තම ව්‍යාපාරික කටයුතු අත්හැරලා දැම්මා.විදේශීය වශයෙන් විරුද්ධවාදීන් පිරිසක් ඇති කරගත්තත් සමාජවාදී රටවල් එදා පිහිටට හිටියා. එදා ඉදන් දේශපාලන හිතවතුන්ගේ ව්‍යපාරයක් බවට පත්වු ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන්න පටන් ගත්තා. අද එය යලිත් පරණ තිබු තැනට පත්වෙමින් තියෙනවා.

ජනසතුව ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා තිබුන ඒ යුගයේ වැවිලි කර්මාන්තය, ප්‍රවාහණය වැනි ක්‍ෂෙත්‍රයන් ජනතාව සතුවුනා.ඇත්තෙන්ම වුනේ දේශපාලනඥයන් සතුවීම. දේශපාලන හෙන්චයියන්ගෙන් මේ ආයාතන පිරී ගියා. එවුන්ට ආයතන ගැන හැගීමක් තිබුනේ නැහැ. සමාජවාදී රටවල සිදුකෙරුන ජනසතුව ආකෘතියකට ගත්තත් අපේ රටේ එය සාර්ථක වුනේ නැහැ.

සිරිමාවෝගේ යුගයෙන් පස්සේ 1970 – 1977 න් පස්සේ විවෘත ආර්ථිකය ආවා.

වෘත්තීය සමිති මෙහෙවන්නේ දේශපාලන පක්‍ෂ විසින්. වෘත්තීය අරගල වලට වඩා ඒවායෙන් කෙරෙන්නේ ඒ ඒ දේශපාලන පක්‍ෂ බලයට පත් කර ගැණීම සදහා මග එලි කිරීම. එම අරමුණු උදෙසා ජනතාව පීඩනයට පත් කිරීම ඔවුන්ට වැදගත් වන්නේ නැහැ.  අදවන විට ජනතාවගේ මනස වෘත්තීය ක්‍රියාමාර්ග සදහා අවතීර්ණ වන්නන්ට අනුකම්පාවක් , සහයෝගයක් දක්වනු වෙනුවට ඔවුන් .ගැන ඇත්තේ කලකිරිමක්.


Notes of imaginary

Wednesday, March 29, 2023

ලන්ච් සීට්

මම දිනපොත ලියන්න පටන් ගත්තේ කොයි වෙලාවේ නතර වෙයිද දන්නේ නෑ කියලා හිතාගෙන. පුංචි බ්රේක් එකක් ඇවිත් දැන් යාථා තත්වයට පත්වෙමින් ඉන්නවා.

ලොකු ලොකු දේවල් හිත හිතා ඉන්න කොට පුංචි එකෙක් කිව්ව කතාවක්  මතක් වුනා.

එක එක කාලෙට එක එක සංකල්ප එනවා. එනවා වගේම නැතිවෙලත් යනවා. ප්‍රායෝගික නූනාම ඒවා පවතින්නේ නැහැ. මේ කතාව පටන් ගන්නේ කෑම පාර්සල් ඔතාගෙන එන පොලිතීන් කොළ ගැන. අපි සිංහල භෂාවෙන් “ ලන්ච් සීට් “ කියන්නේ !!.

පොලිතීන් සීමාකරන්න ඕන කියලා ලොකු අඩහැරයක් තිබුනාගේ සිරිසේන උන්නැහේගේ රාජ්‍ය පාලන සමයේ. ඉතින් ඒ කාලේ පාසල් වල දරුවන්ට තමන්ගේ දිවා ආහාරය ගේන කොට විකල්පයක් භාවිතා කරන්න සිද්ධවුනා. මේක අකුරටම කෙරෙන්න ඕන කියලා පාසල්වල නියෝගයක් පනවලා තිබුනා. ඔය මම කියන පාසලේ කෑම පාර්සල් පරීක්‍ෂණයට ‍ගුරුවරයෙක් වෙන් වෙලා හිටියා

 එතුමා පාර්සල් පරීක්‍ෂා කරමින් යනවා දිනපතාම. මුළු පාසලේම ලන්ච් සීට් භාවිතයෙන් ඉවත් වෙලා. ඒත් ලමයි දෙන්නෙක්  විතරක් මේ වැඩේ අත්හැරලා නැහැ. කොයිතරම් අවවාද කලත් මේ දෙන්නා පිලිගන්නේ නැහැ.ඒ මදිවට මේ දෙන්නා ශිෂ්‍ය නායකයෝ. අමුතු වරප්‍රසාද  මේ දෙන්නට විතරක් තියෙන්න බැහැනේ. එහෙම හිතාගන විදුහල්පතිතුමාට පැමිණිලි කරන්න හිතාගත්තා.

සර් ගේ ක්‍රියාකලාපය නිරීක්‍ෂණය කරගෙන හිටු පොඩි එකෙක් සර් ලගට ඇවිත් කියාපි  “ ඔය අයියලා දෙන්නා සර් කියන නියෝගය පිලිපදින්නේ නැහැ සර් “ කියලා ““ඇයි එහෙම කියන්නේ ?.“ ඇයි සර් දන්නේ නැද්ද අර වැසිකිලිවල කැපුවේ කවුද කියලා   ?. එතකොට මතක් වුනා මේ දෙන්නා නේද ? කියලා. “සර් විසිපන්දහක් ඉල්ලපු වැඩේ මේ දෙන්නා කරලා දුන්නේ හත්දාහට. පොඩි එකා කිව්වා.

රුපියල් දහඅට දාහක් ආගිය අතක් නෑ.

කුඩු කෑ විත්තිය යට ගිහින්. ළමයි දෙන්න ලන්ච් සීට් එකේම තාමත් කෑම ගේනවා.


notes of imaginary

Friday, March 17, 2023

මාර්තු 17 වෙනිදා .



වර්ජණය තාවකාලිකව නතරවු බවක් පේන්නේ. තර්ජණය එහෙමමයි. එක් දිනක පාඩුව මේච්චරයි. අච්චරයි කියලා වර්ජණය කල ඇත්තෝම පුරසාරම් දොඩවනවා. කාටද පාඩු ?.

පාසල් යන දූ දරුවන්ට කරන ලද පාඩුව. මිළ කරන්න බැහැ. ඊයේ බ්‍රහස්පතින්දා. බුහස්පතින්දා වර්ජණය කරලා සිකුරාදත් නිවාඩු දමපුවහම ආයේ පාසලට එන්න ඕනි සදුදා.  උදේ ට අතුරු පාරකින්  එන බස් එකක ගුරුවර ගුරුවරියන් පහලොවක් විතර එනවා පාසල් දෙකකට. අද උදේ ඒ බස් එකේ හිටියේ ගුරුවරු තුන්දෙනයි. ඒ රජයේ ගම්බද පාසලක තත්වය.ඒත් නගරයේ පෞද්ගලික පාසලක ගුරුවරු වර්ජණයට සහභාගීවෙලා නැහැ. ඊයෙත් පාසල පැවත්වුනා.

අපෙන් අය කරන බදු මුදල් වලින් වැටුප් ගන්න මේ උදවිය පාඩු කරන්නේ බදු ගෙවන අපිටමයි කියලා හිතන්නේ නැති හැටි.

ජාතික ජන බලවේගයේ  කේ.ඩී. ලාල්කාන්ත සහෝදරයා වර්ජනය ගැන සුබවාදී අදහසක් පලකරලා තිබුනා.ඒ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂවල ඇතැම් කණ්ඩායම් විසින් සංවිධානය කරවනු ලබන  වැඩ වර්ජන වැනි ජනතාව අපහසුතාවට ලක්වන ක්‍රියාමාර්ගවලට විරුද්ධව නැගී සිටින බවත්, වැඩ වර්ජන නිසා වන විනාශය ගැනත් ඔහු අදහස් දැක්වුවා.

වෘත්තී සමිති පිටුපස සිට මෙහෙවනු ලබන්නේ දේශපාලන පක්‍ෂ විසින්. දේශපාලන පක්‍ෂ බලයට පත්වීමට පවතින ඕනම ආණ්ඩුවක් පීඩනයට පත්කිරීමට යොදා ගන්නේ වෘත්තීය සමිති.මේ වර්ජනයේදීත් එය පැහැදිලිව දක්කට ලැබුනා. ඉන් ජනතාව පීඩනයට පත්වෙනවා කියලා හිතන්නේ නැහැ.

සිංගප්පූරුව දියුණුවු අන්දම ගැන කතා කරන අපි මුල් කාලයේ පාලනය අධ්‍යයනය කලොත් දකිවී වෘත්තීය සංගම් සදහා ඉඩ දී තිබු අන්දම.  අපේ දූෂිත දේශපාලකයන් මෙන්ම වර්ථමාන රාජ්‍ය සේවයද මේ රටින් අතුගාදමා පිරිසිදු කල යුතුයි.

අයිතිවාසිකම් මිස යුතුකම් ගැන ඔවුන්ගේ හැගීමක් ඇත්තේම නැහැ.


notes of imaginary

Wednesday, March 15, 2023

බදු බර වැඩියි . අපි වැඩ වරලා.

අද වෘත්තීකයෝ වැඩ වරලා. රටම නැවතිලා. ඒ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම්. රටේ ජනතාවගේ අයිතිවාසිකම් ලොප් වෙලා. ආණ්ඩුව රටේ ජනතාව අත් අඩංගුවට අරගෙන තවපැත්තකින් වෘත්තීය සංගම් ජනතාව අත්අඩංගුවේ ඉන්න ජනාතාව චප්ප කරනවා.රටේ ආර්ථිකය විනාශ කලේ දේශපාලකයෝ කියලා කියනවා. මෙයට රටට සේවය කරන වෘත්තිකයෝ වගේම ජනතාවත් වගකිව යුතු නැද්ද ?. ගැමුණු කුමාරයා කිරිබත් කෑවා වගේ අතත් පුච්චගෙන කටත් පුච්චගෙන ගලනාලය දිගේ උණු උණු කිරිබත් බස්සන්නේ නැතිව බත නිවෙනකම් ඉදලා කන්න තරම් අපිට ඉවසිල්ලක් නැහැ.

 මේ PAYE TAX එක නැවත සලකා බලන්න කියලා වෘත්තිකයෝ ඉල්ලීම් කරනවා. මුදල් අමාත්‍යංශයට ඇහෙන්නේ නැහැ. බදු කොයිතරමක් හැංගිලා ඉදගෙන අපිව සූරා කනවද කියලා හිතා ගන්න සීනී කිලෝ එකක, සබන් කෑල්ලක ඉදන් වාහනයක මිල දක්වා විශ්ලේසනය කරලා බැළුවොත් හිතා ගන්න පුළුවන්. ඒ මදිවට වැටුප මතත් බද්දක් ගහන කොට ඉවසන්න බැහැ. අද ලක්‍ෂයක් කියන්නේ සුළු මුදලක් !.

Prof. Aruna Shanthaarchchi මහතාගේ ලිපියක් මට අන්තර්ජාලයෙන් හමුවුනා. නිවිහැනහිල්ලේ කියවන්න  පහලින් පල කරනවා.

# Profit එකයි salary  එකයි කියන්නෙ සංකල්ප දෙකක්...ලොකේ කිසිම  Tax policy  එකක මේ දෙක එකක් හැටියට සලකන්නේ නෑ..  Profit එක කියන්නෙ සියලු වියදම් අඩුකලාට පසුව අතට ලැබෙන ශුද්ධ ලාභය..ව්‍යාපාරිකයන්ගෙන් මේ  tax  අය කරන්නෙ ඒ ශුද්ධ ලාභයෙන්. එ නිසාම ව්‍යාපාරිකයො කරන්නේ සියලු වියදම් එකතුකර ( සැබෑ වියදම් වලින් පරිබාහිර) හැකිතාක් ශුද්ධ ලාභය අඩුකර පෙන්වීම..එවිට ඔවුන්  ගෙවන Tax  එක  ඉතා අඩුයි.

නමුත් වැටුප් ලබන අයගෙන් මෙය අය කරන්නෙ දළ වැටුපෙන්..මෙය කිසිම රටක නොකරන ක්‍රියාවලියක්. තාක්ෂණික වශයෙන් ඉතා වැරදි ප්‍රතිපත්තියක්. ව්‍යාපාරික යන්ගේ ආදායම් බද්ද 30% උපරිමය වන අතර වැටුප් ලබන්නන්ගෙ උපරිම බදු සීමව 36% දක්වා වැඩිකිරීම කොතරම් සාධාරණද?. වැටුප හා ලාභය එකක් ලෙස සැලකීම කොතරම් ප්‍රායෝගිකද?

ලංකාවේ  වැටුප් ලබන සේවකයෙක් ගේ දළ වැඩුප නෙමේ වැදගත් වෙන්නෙ. ඔවුන්ගේ වර්තමාන ජීවන රටාව, වියදම් කිරීමේ හැකියාව, තීරනය කරන්නේ ශුද්ධ වැටුපෙන්..ඒ කියන්නෙ අතට ලැබෙන වැටුප. අපේ රටේ රාජ්‍ය සේවකයෙක් ගේ ශුද්ඩ වැටුපෙ සාමාන්‍ය වන්නෙ දළ වැටුපෙන් 40% සීමාව..මොකද අපේ වැටුප කියන්නෙ බොන්ඩ් එකක්..එක අපි ඇපේට තියල තමාඉඩම්, ගෙවල් දොරවල්, යාන වාහන සියල්ල මිලදී ගන්නෙ..ඒ කියන්නෙ දළ වැටුපෙන් 60% පමණ විවිද වූ ණය සදහා මාසිකව අපි ගෙවනවා.

එහෙම නම් අපිට ඉතුරු වෙන 40%න් තමා අපි මේ Tax   එක ගෙවන්න වෙන්නෙ..එක කොහොමද අපි ගෙවන්නෙ. මිට පෙර අපි ලබාගත් ණය අපි ගෙවිය යුතුමයි. එතකොට Tax  එක ගෙවන්න වෙන්නෙ ණය වෙලාද?

 

මාසිකව රුපියල් ලක්ෂ 5ක දළ ආදායමක් උපයන පුද්ගලයෙක් හිතන්න..ඔහුගේ අතට එන ගුද්ඩ වැටුප සාමාන්‍ය‍යෙන්  රුපියල් ලක්ෂ 2ක් විතර. එත් ඔහුගේ  PAYE tax එක වෙනවා මාසෙකට රුපියල් 106,499ක්. එතකොට ඔහුට ඉතිරි වෙන්නෙ මේ දක්වා අතට ලැබුනු වැටුපෙන් හරි අඩකටත් වඩා අඩුවෙන්..එහෙම නම්  එක සාධාරණද?..ඔහු ජීවත් වෙන්නෙ කෙසේද

1776 Adam Smith ගේ The Wealth of Nation පොතින් හදුන්වාදුන් Tax  එකක තිබිය යුතු මූලික ගුණාංග වන Fairness, Ability to pay  වන සංකල්ප අමු අමුවේ මරා දමන්නේ නැද්ද?...

 රටක  උද්දමනය 60% ඉක්මවා තියන වකවානුවක, 2019, ඩොල්‍රර් එකකට රුපියල් 178 ගෙවා, එය 2022 රුපියල් 363 දක්වා රුපියල බාල්දු වූ වකවානුවක, පොලී අනුපාතිකය 30% මට්ටමේ තිබෙන වකවානුවක, රටේ දළ දේශීය නිෂ්පාදිතය  minus 8.3   වී එක පුද්ගල ආදායම පිරිහෙන අවස්තාවක, ලොකයේ කිසිම රටක්   PAYE tax එක 400% කින් වැඩි කිරීමට යෝජනා කිරීම මොන තරම්  අතාර්තික ‍යෝජනාවක්ද?.

මේ පාලකයින්ට හැගීම් දැනීම් ඇත්තේම නැද්ද?..

 බදු අයකර ගැනීමේ ආර්ම්භය ලෙස  දළ වැටුප රුපියල් 100,000 සීමාව යෝජන කිරීම මොනතරම් ප්‍රායෝගිකද?. අද වනවිට ලොකයේ දිලිදු කමේ මායිම ව්න්නේ දිනකට ඒක පුද්ගල ආදායම ඩොලර් 2ට වඩා අඩු මට්ටමයි. ඒ අනුව ලංකාවේ 5 දෙනෙක් ඉන්න පවුලක  දුගී බවේ සීමාව වන්නෙ මාසයකට රුපියල් 111,000 පමණවේ (මේ ප්‍රතිපත්තිය හදුන්වා දෙනවිට විනිමය අනුපාතිකය අනුව). එසේ නම් මේ  PAYE tax   අයකරන්න පටන් ගන්නේම්   Poverty line   එකට වඩා අඩු ජන කොට්ටාශ වලින් වීම මොන තරම් ප්‍රායෝගිකද?..

රංජිත් සියබලාපිටිය කියන පරිදි රටේ මුලු ශ්‍රම බලකායෙන් (මිලියන් 4) මේ PAYE Tax  එක ගෙවන්න වෙන්නෙ 120,925 ක පමණයි. නමුත් රජය අපේක්ෂා කරන මුලු වා‍ර්ෂික ආදායම රුපියල්  බිලියන 100ක්. එහෙම නම් (සියබලාපිටියගේ ඉල්ක්ක) එක් පුද්ගලයෙක් ගේ වාර්ෂික බදු ගෙවීමේ සාමාන්‍ය රුපියල් 826,958ක් වෙනවා..මෙය ප්‍රායෝගිකද?.

රංජිත් සියබලා පිටියගේ දත්ත අනුව (ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රකාශකල) රුපියල් ලක්ෂ දෙක හමාරට වඩා අඩුවෙන් වැටුප් ගන්නා ප්‍රමාණය 109,783ක් වන අතර ඔවුන්ගෙන් අය කරගත හැකි බදු ප්‍රමාණය රුපියල් බිලියන 11 පමණ් වේ. ඉතිරි රුපියල් බිලියන 81 ප්‍රමාණය අය කරගත යුත්තේ, 11,142ක් වන, මාසික ආදායම, රුපියල් ලක්ෂ 3 ඉක්මවු සේවක පිරිසෙනි.

මෙය මොන විකාර කතාවක්ද?.. මේ පුරෝකථන සියල්ල නිවරදි විය යුතුය. මේ ඉලක්කම් ගැන නැවත සිතා බැලිය යුතුය.

2022 ක සාපේක්ෂව 2023,   PAYE tax එක 400% කින් වැඩිකිරීමෙ පදනම කුමක්ද?..රටක බදු අදායම ක්‍රමාණුකූලව, රටේ ඒක පුද්ගල ආදායමේ ප්‍රවර්ධනය සමග සිදුවිය යුතුය. නමුත් ඒකපුද්ගල ආදායම පිරිහෙන කාලයක, අධික  උද්දමනීය බලපෑමක් තිබෙන අවදියක මෙලෙස PAYE tax  එක 400% කින් වැඩි කිරීම මොන තරම් ප්‍රයෝගිකද?..

දැනට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ Tax  නොගෙවන ව්‍යව්සායකයන්, 30,000ක් ඇත. පිටු 900ක්  inactive ලිස්ට් එකක් ඇත..මේ අයගෙන් අය කරගත යුතු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 205කි..මේ‍ය අය කර ගැනීමට කිසිදු වැඩ පිළිවෙලක් නැත.

දැනට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ RAMIS  (Revenue Administrative management Information System) පද්දතිය අක්‍රීය වීම නිසා, අය කර ගැනීමට නොහැකි වූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 510කි. රුපියල් බිලියන 10ක් වියදම් කර සිංගපුර් සමාගම හැදු එම පද්දතිය අක්‍රීයව පවති.

 බදු පැහැර හරින්නම් සදහා නඩු කඩිනමින්   ඇදීමට වෙනම උසාවියක් නොමැති නිසා එවා වසර ගනන් ප්‍රමාද වෙමින් පවති. දැනට පවතින ක්‍රමය අනුව  එම නඩු අසන්නෙ වසරකට දෙපාරක් පමණි.

රාජ්‍ය වියදම පාලනයට පැහැදිලි උපාය මාර්ග නොගෙන,   එකේ   ආදායම පමණක්  400%   වැඩිකර ගැනීමට කොතරම් සාධාරනද?..

# 2019, 2000 බදු  අදායම රුපියල් බිලියන 1100කින් අඩුකර ගත්තේ දේශපාලන අරමුනු එලක්ක කරගත් මෝඩ ප්‍රතිපත්තති නිසා මිස ජනතාව බදු නොගෙවූ නිසා නොවේ.කිසිම රටක් zero  මට්ටමේ තිබුනු බද්දක් එකවර 36% දක්වා වැඩිකර නොමැති අතර එය අති අසාධාරණ ක්‍රියාවකි.

දේශපාපාලන හිතවාදීන් වන කැසිනෝ ව්‍යාපාරික‍යින් දෙන්නෙක් ගේ බදු කපා හැරීම නිසා රුපියල් මිලියන 2000ක් අහිමි කර ගත්තා.. අදටත් ඔවුන් බදු ගෙවන්නෙ නෑ. කෝටි ගනන් උපයන කැසිනෝ බ්දු වලින් නිදහස්..ඒත් රාජ්‍ය සේවකයාගෙන් අසාධාරන බද්දක් ?.

සීනි හා පොල්තෙල් බදු කපා හැරීමෙන් අහිමි වූ මුදල රුපියල් බිලියන 26ක්. ඇයි මේවා නැවත අය කරගන්න බැරි?..

මේ ඉලක්ක ගත රුපියල් බිලියන 100 සොයා ගැනීමට හැකි විකල්ප ක්‍රම ගනනාවක් අපි විසින් මුදල් අමාත්‍යාංයට ලිඛිතව ලබා දී ඇති අතර ඒවා සියල්ල ඔවුන් විසින් පිළිගෙන ඇත. අප විසින් ඉදිරිපත් කල උපාය මාර්ග, හෙට සිට වුවද හදුන්වා දිය හැකි අතර ඒ තුලින් මේ    එකෙන් බලාපොරොත්තු වන බිලියන 100 මෙන් දෙගුනයක් ආදායම් උපදවා ගත හැක. නමුත්   මේ වෙලාවෙ මේ ප්‍රතිපත්තිය වෙනස් කලොත් IMF loans   එක නොලැබේ යන බියෙන් අපගේ විකල්පයන් හදුන්වා දීම ප්‍රමාද කරමින් සිටී.

ඇමැරිකානු නිදහස් සටන, ප්‍රංශ විප්ලවය, ඉන්දියානු නිදහස් සටන, ලංකාවේ 48 කැරල්ලට පවා හේතු පාදක වූයේ, අසාධාරන බදු ප්‍රතිපත්ති බව අවසාන වශයෙන් මේ පාලකයන්ට  මතක් කර දීමට කැමැත්තෙමි.

Prof. Aruna Shanthaarchchi

මේ ලිපියේ පුද්ගලික ව්‍යාපාරිකයන් විදින ගැහැට දක්වන්න තරම් කෘතවේදී නොවුවත් රජය අවධානයෙන් සිටිය යුතු බව දක්වනවා මහාචාර්ය අරුණ ශාන්තිආරච්චි මහතාට ස්තුතියි.

 


notes of imaginary

Tuesday, March 14, 2023

මීනගයා



“මීනගයා “ දුම්රිය ත් පුංචි බිළිදාත් පසු ගිය දිනවල මාධ්‍ය මාතෘකාව බවට පත්විය.

 මේ සිද්ධියට සදා චාරයක් නොමැති බවට අපට  හිතෙනු ඇත.සංවර නොවු මෙන්ම දැනුම්වත් නොවු තරුණ යුවලකගේ හැසීරීම බිළිදෙකුගේ ඉරණම බවට පත්ව තිබුනේය.

මාධ්‍යයට සදාචාරයක් තිබුනේම  නැත. අග මුල සියල්ල වමාරමින් ඡායාරූපත් සමග මුද්‍රිත මෙන්ම විද්‍යුත් මාධ්‍යයත් විශාල ප්‍රචාරයක් ලබා දෙමින් සිටියේය. බණ්ඩාරවෙල පොලිසියත් මීට සගාමීව මාධ්‍ය සංදර්ශණයක් පැවත්වීය.

මෙම තරුණයා පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවෙකු වු අතර තරුණිය සුළු රැකියාවක් කරන්නියක වුවාය. දෙදෙනා අගනුවරදී හමුවුවත් තරුණිය පදිංචි නායබැද්දත් ,තරුණයා පදිංචි මීරිය බැද්දත් සමීප ප්‍ර දේශයන් දෙකකි.විශ්වාසය ගොඩනගා ගන්න මෙයත් හේතුවක් වෙන්නට ඇත.

නිදහසේ හමුවන තරුණ තරුණියන් ගේ හැසිරීම් රටාවන් පරාම්පරාවෙන් පරම්පරාවට වෙනස්ව ගොස් ඇති අතර. වෙළද ආර්ථිකය නොමදව ඒ සදහා යටිතල පහසුකම්ද සපයා  දී ඇත.අද විශ්ව විද්‍යාල සිසු සිසුවියන් මෙන්ම තරුණ වැඩිහිටි සිසු සිසුවියන්ද නිදහස සොයා යන්නෝ බවට පත්ව ඇත. මොවුන් දෙමව්පිය රැකවරණ සීමාවෙන් ඔබ්බට ගොස් හැසිරෙන අන්දම ඉතාමත් කණගාටුදායකය.

එවන් විටක මෙවන් අවාසනාවන්ත සිදුවීම් සිදුවිය  හැකි බැවින් වැඩිහිටියෝ ආරක්‍ෂාව සපයන අතරම ලිංගික අධ්‍යාපනයද ලබාදිය යුතුවේයැයි සිතෙන්නේය.

අපේ ආර්ථිකයද යහපැවත්මට බාධා කරන බව කිව යුතුය.

 


notes of imaginary