අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

A day of the life

Recent Comments

නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.

නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.

ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.

1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

Random Post

Saturday, December 21, 2024
අපෙන් ඈත්වන කෙම් ක්‍රම එකතුවක්

12/21/2024 07:51:00 pm
1

අපේ පැරැණි මුතුන් මිත්තන් විසින් නිරන්තරයෙන් භාවිතයට ගැණුනු අපේ පුරාණ කෙම් ක්‍රම කීපයක් ගැණයි මෙහි සදහන් වන්නේ. ඉතින් අපේ දේ වියැකී යන කාලයක...

Read more »
Friday, December 20, 2024
සාගර පලන්සුරිය

12/20/2024 08:00:00 am
1

ආචාර්ය සාගර පලන්සූරිය සාහිත්‍යවේදියාණන් 1908-03-31 උපත ලබා  රට ජාතිය ආගම ප්‍රධානව අපේ භාෂා සාහිත්‍යයේ ක්ෂේත්‍රයෙහි පුළුල් මෙහෙවර උදෙසා ඇප කැ...

Read more »
Tuesday, December 17, 2024
මරිය මග්දලේනා'

12/17/2024 06:44:00 pm

' මරිය මග්දලේනා ශුද්ධවූ බයිබලය තුළ තවත් කැපී පෙනුණු චරිතයක් විය. එහෙත් ශුද්ධවූ බයිබලයේ පවා ඇයගේ සම්පූර්ණ වතගොත සඳහන් වී තිබුණේ නැත. ඊශ් ...

Read more »
Saturday, December 14, 2024
යමු අපි සිරිපාදේ .

12/14/2024 08:00:00 am
2

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 20 වැනි සියවසේ මැද භාගයේදී සිරි පා කඳු මුදුන හා ඒ ආශ්‍රිත වනාන්තරය අභය භූමියක්‌ බවට ප්‍රකාශයට පත් කර ඇත. ලෝක උර...

Read more »
Friday, December 13, 2024
මම  - පුර්විකාවක් .

12/13/2024 08:00:00 am

මම ලොකු පුතා. වැදගත් නොවන චරිතය. හදහන කියන හැටියට කේතු මහා දසාවෙන් අවුරුදු හතරක් ඉදිරියට තියාගෙන ඉපදුන පින්වත් කුමාරයා. ඒ අවුරුදු හතර එවරවෙන...

Read more »
Thursday, December 12, 2024
 පී.බී. අල්විස් පෙරේරා

12/12/2024 08:00:00 am

'පීබී' කිවු පමනින්ම සිහිපත් වන්නේ පී.බී .අල්විස් පෙරේරා කවියාය.සාහිත්‍යධරයාය.  එතුමන් 1917 මාර්තු මස කොළඹ කොල්ලුපිටියේ පල්ලිය වත්තේ ...

Read more »