Sunday, October 01, 2023

දඹුළු යාම සහ තලගොයි මැරීම

තල ගැන කල මේ වියමන මුණු පොතෙන් ගත්තේ. සටහන Nandika Beddegama

ගේ වෑයමක් වෑයම පිලිබදව එතුමන්ට ස්තුතියි .

දඹුලුත් වැඳගෙන තලගොයිත් මරන් එනවා කියලා කියනවා.  මමත් මූණු පොතට ගොහින් මේ වියමන අරන් ආවා.

 

වලගම්බා රජු ඉතා දැඩි නීති යටතේ රාජ් භාණ්ඩාගාරයට බඩු රැ ස් කලාලු.බදු අය කලාලු ගොවීන්ගෙන්.ගොවීන්ට වගා කරන්න බීජ දෙන්නෙත් භාණ්ඩාගාරයෙන්.නමුත් වගාවෙන් කොටසක් අසාධාරණ විදියට ආපහු ගන්නවාලු.නොදුන්නොත් නොයෙක් දඩුවම් සදහා.ඉතින් ගොවීන් කල්පනා කලාලු බදු පැහර හරින්න. බිත්තරට දුන් තල බීජ පැල වෙන්නෙ නැති වෙන්න කබලෙ බැදල ඉස්සාලු.පැල උනේ නැහැ ලු.

ඒක ආරන්චි උනු රජතුමා නිලධාරීන්ට අන කලාලු දබුලු ගොහින් තල ගොවියොත් අල්ලන් වරෙව් කියල

එහෙමයි. තල ගොවීන් කාලයත් එක්ක තල ගොයා වුනේ .

 

තල ගොවියො.තලගොයි උනා

 

 

 තවත් කතාවක් තියෙනවා.

ඇත්තෙන්ම මේ කියමනෙන් ගම් වනවාට වඩා රසවත් වෙනත් අරුතක් ඇති බව මමද වටහා ගත්තේ දඹුල්ල පුබ්බෝගම දුෂ්කර මාර්ගය අසල ගමක් වන දඹුලු හල්මිල්ලැවේ ජිවත් වන වයසක සියා කෙනෙකුගෙන් මේ පිළිබදව මා ඇසු පසුවයි.

 

මරාගෙන එනවා කියද්දී මුලින්ම මතුවන ගැටලුව නම් වෙසක් පොසොන් පෝය කාලයට අනුරාධපුරේ අටමස්ථානය වන්දනා කරන්නට යන අතරතුරේ දඹුලු ලෙන විහාරය වන්දනා කරන්නට යන පැරණි බෞද්ධ වන්දනා කරුවන් එසේ සතුන් මරා කමින් විනෝද වන්නේ කෙසේද යන්නයි?

එකල දඹුල්ල, සිගිරිය,බකමුණ, ආශ්රිත ප්රදේශය තල වගාවට ප්රසිද්ධ මෙන්ම තල වගාව බහුලව කෙරුණු ප්රදේශයකි,තල හේන් වැඩිපුරම කෙරුනේ දඹුල්ල අවට ගම්මාන වලය,තල එකල එතරම් සුලභ නොවූ,වටිනාකමක් ඇති ධාන් වර්ගයක් වූ නිසාම විශේෂයෙන්ම දුර බැහැර පළාත්වලින් ගොනුන් බැඳී ගැල් වලින් වන්දනාවේ යන පිරිස් ආපසු ගම්බිම් කරා යන ගමනේ දඹුල්ල පසු කරන විට ගම්මාන වලට ගොස් තල වවන ගොවියන්ගෙන් හෙට්ටු කර අඩු මිලට තල මිලට ගෙන තම ගම් පලාත්වල වැඩි මිලට විකුණා ලාභයක් ලබන්නට හෝ තමන්ගේ ප්රයෝජනයට අඩුමිලට තල මිලට ගන්නට පුරුදුව සිටියහ.එලෙස හෙට්ටු කර අඩුමිලට තල මිලට ගැනීම තල ගොවියන් මරා ගන්නවා ලෙස ජන වහරේ යෙදුම පසුව තලගොයි මරා ගන්නවා ලෙස විකාශනය වී අවසන දඹුලුත් වැඳගෙන තලගොයිත් මරාගෙන එනවා යනුවෙන් වහරේ යොදා ගනි.

 


එලෙස යම්කිසි ක්රියාවලියකින් ලැබෙන ප්රයෝජනයට අමතරව වක්රාකාරයෙන් ලැබෙන වෙනත් ලාභ ප්රයෝජන ලැබෙන අවස්ථාවලදී මේ කියමන යොදා ගන්නට සමාජය පුරුදු වෙලා තියෙනවා.

 

එකල තල ඇට මිණුම් ඒකකයක් විදියට භාවිතා කර තිබෙනවා.

 

අබ ඇට දෙකක් නම් තල ඇට එකක් වේ

තල ඇට දෙකක් නම් මුන් ඇට එකක් වේ

මුන් ඇට දෙකක් නම් වියෑට එකක් වේ

වියෑට දෙකක් නම් අඟලින් එකක් වේ

 

ඔහොම කීවේ දුර මණින්න…..

 

වගේම තමා මෙහෙම කීවේ බෙහෙත් බර මණින්න

 

තල ඇට තුනක් නම් අමු ඇට එකක් වේ

අමු ඇට තුනක් නම් වියටින් එකක් වේ

අට වියටක් නම් මදටින් එකක් වේ

විසි මදටක් නම් කළඳින් එකක් වේ…..

 

අවුරුදු දහස් ගණනක් පැරණි ඉතිහාසයේ ලෝකයේ මුලින්ම වගකරපු භෝග වලින් එකක් විදිහට සැලකෙන තල ඇට මිනිසුන් විසින් ආහාරයට සහ ඔසුවක් ලෙසට භාවිතා කරපු බවට සාක්ෂි තියනවා..

පැරණි ඊජිප්තු පිරමීඩ ඇතුලේ තිබිලා තල ඇට සහ තල තෙල් හමුවෙලා තියනවා..අපේ ජනජීවිතේටත් තල ගොඩාක් සමීප වෙලා තියන්නේ තල තෙල් කියන වටිනා බෙහෙත් තෙල නිසාමය්..

තල සඳහා අප්රිකාව නිජබිම විදිහට සලකනු ලබනවා. ලංකාවෙත් රජරට වියළි කළාපයේ වගේම රුහුණු මාගම් පත්තුවෙත් තල වගාව කෙරෙනවා ...අවාසනාවට ලංකාවට උවමනාතරම් තල නිෂ්පාදනයක් අදටත් සිදුවෙන්නේ නෑ. නොහැකියාව නිසා නෙවේ..තල වගාවට ගොවියන් දිරිගන්වන්නේ නැතුව පිටරටින් තල ගෙන්වීමට රජයන් විසින් කටයුතුකිරීම නිසා තල වගාව වළපල්ලට ගිහින් තියන්නේ...

නිසා ගොවියන් විසින් "තල නම් තෙලට වේලේ ..මී බෙටි කුමට වේලේද" කියලා අහන තැනට වැඩ සිදුවෙලා..

 


තල / Sesame/ Benne/ Sesamum indicum..

තෙල් වර්ග අතරින් උසස්ම වගේම ගුණාත්මක බවෙනුත් පළමු තැන හිමිවන්නේ තල තෙල් වලට.

 

තල තෙල් පෙරදිග ආහාර වල බහුලව භාවිතා කරනවා වගේම බටහිර ආහාර රටාවේ බනිස් වගේ දේවල් රස ගැන්වීමට සහ සැරසීමට භාවිතා වෙනවා. මැද පෙරදිග සහ අප්රිකානු රටවල ඔලිව් තෙල් සහ තල තෙල් රත් නොකර ආහාරයට ගැනීමට පුරුදුවෙලා සිටිනවා.රත්වීමෙන් පෝෂණ ගුණය වැනසෙන නිසා ඔවුන් එසේ කරනවා. ලංකාවේ උතුරු ප්රදේශයේ දෙමළ ජන ජීවිතේ තල තෙල් එක්ක බැඳිලා තියන්නේ ..එයාලා ආහාරයට ගන්නවා වගේම ඇඟේ ආලේප කරන්න ගන්නෙත් තල තෙල්. විෂ්ණු දෙවියන්ට පවත්වන පුද පූජා වෙනුවෙන් තල ඇට සහ තෙල් අනිවාර්යය් . තල තෙල් කියන්නේ ඔසුවක්..දෙවියන් වෙනුවෙන් යොදාගන්නා බොහෝ පූජාවන් වෙනුවෙන් තල තෙල් සහ තල මිශ් ආහාර යොදාගැනීම එම සංකෘතියේ අංගයක්.

 

සිංහල වෙදකමේ තල ශාකයේ සියලු කොටස් ඖෂධ සඳහා යොදා ගැනෙන අතර තල තෙල යොදාගෙන"චන්ද්රකාන්ති , සරස්වතී, සිංහරාජ, ප්රාණජීව, මහා හෙණරාජ....වගේ වැනි වටනා ආයුර්වේද තෙල් ගණනාවක් නිෂ්පාදනය වනවා.

 

වගේම තල ඇට විවිධ ආහාර වෙනුවෙන් එදා ඉඳලාම අදටත් යොදාගැනෙනවා..

තල කන්න කවුද අකමැති නේද? දැන් තල වගාව පටනගන්න කාලේ ..රජරට සහ රුහුණේ තල ගොවියෝ අපේ රටේ යම් ප්රමාණයක් වගා කරනවා...ලංකාවේ සාමාන්ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ ග්රෑම්700-750 වගේ ප්රමාණයක් ..මෙය පහසුවෙන් ටොන් එකක් වැනි මට්ටමකට ගෙනෙන්න පුළුවන් බව වගාවේ ඉන්න ගොවියන්ම පවසනවා..අවස්යතාව තියන්නේ සුදුසු ගුණාත්මක බීජ වගාව වෙනුවෙන් දෙන්න ඕනේ තල යනු වියලි කලාපයටම හැඩගැසුණු බෝගයක්.

වල් අලි තල වගාවට එන්නේ නෑ. කෘෂිරසායන ද්රව්යයන්ගෙන්ද මේ වගාව නිදහස්....අපි ඉස්සර තල වගාවක් කරන්නේ හේනක් වටේට වෙන්න..හේතුව තමා වල් සතුන්ගෙන් හානි වෙන්නේ නෑ...

 

. අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනය නව තල ප්රභේදයක් හඳුන්වාදී ලා…. .එන්.කේ.බී.එස්. – 5 (ANK-BS 5) යන සංකේත නාමයෙන් දැනට ඇති වැඩි අස්වැන්නක් ගෙනදෙන කළු ඇට සහිත තල ප්රභේදය එයයි .. ..

දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තල ප්රභේ 3ක්... උමා, මලී,සහ එම්.අයි – 3 (MI-3) වශයෙන් නිර්දේශිතව තියනවා. . මෙම වර්ග තුනම සුදු පැහැ තල ප්රභේදයන් . කළු ඇට සහිත වර්ගයක් තමා මේ ANK-BS5 වර්ගය.

 

තල වගාවේ පළමු ස්ථානය මියන්මාරය (බුරුමය) වන අතර දෙවන ස්ථානය ඉන්දියාව සහ චීනය. තල සඳහා ඇති ජනප්රියතාවය හා ඉල්ලුම එහි බීජ හා එයින් නිපදවන තෙල් නිසාමය් .ලෝකයේ වැඩියෙන්ම තල ආහාරයට ගන්නවා කියන්නේ ජපන් ජාතිකයන් සහ මැද පෙරදිග වැසියන් ...වැඩි ආයුස ලබන්න නම් තල වැඩියෙන් ආහාරයට ගන්න කියලා ඔවුන් විස්වාසකරනවා ..එය නිවැරදි බව දැන් පිළිගන්නේ ලේ පිරිසිදු කරන රතු රුධිරානු වඩන්න හොඳම ආහාරයක් තමා තල කියන්නේ ..මේ දේවල් දැන් පර්යේෂණ වලින් සනාථ කලාට ඔවුන් දන්නේ ඊට පෙර ඉඳලා.

 

තලවල හිතකර ගුණ

* තල ඇට වලින් ලබා ගන්නා තල තෙල් ආහාරයට ගැනීමෙන් ශරීරයට මනා පෝෂණයක් ලැබෙයි.

* රෝග සෑදීම වැළැක්වීමේ මෙන්ම රෝග සුව කිරීමේ අපූරු ගුණයක් තලවලට ඇත.

* විශේෂයෙන් අක්මාව, වගුගඩු, පීහාව, ආමාශයට තල ආහාරයට ගැනීම ඉතා ගුණදායකය.

* බඩ වැල් වල සෑදිය හැකි පිළිකාවලට යෝග්යම ආහාරයකි.

* ප්රතිඔක්සිකාරක ගුණයක් තලවලට ඇත.

* සන්ධි රෝග වළක්වයි.

* ධමනි ගත රෝග වළක්වයි.

* මිග්ග්රෙන්වලින් පෙළෙන අයට තල බොහෝ ගුණ දායක කෑමකි.

* තල තෙල් වලින් ශරීරයෙහි ඇති කොලෙස්ටරීල් ප්රමාණය අඩු කරයි.

* මල බද්ධයට බෙහෙවින් ගුණදායකය.

* කරකැවිල්ල, පීනසට, දත්වල වේදනාවට තල වලින් ලැබෙන්නේ මහඟු පිටුවහලකි.

* ඇස් පෙනීම වර්ධනය කරයි.

* කිරි දෙන මවකට මවු කිරි වඩයි.

* ගර්භණී සමයේ බිය නොවී ආහාරයට ගත හැකි කෑමකි.

* ස්නායු ආබාධ වලට වඩාත් යෝග් වේ.

* තල ආහාරයට ගැනීමෙන් අස්ථි වැඩීම, රුධිරුයේ රතු සෛල වර්ධනය වීම මනාව සිදුවේ.

* ශරීරයේ එන්සයිම වල ක්රියාකාරීත්වය වැඩි දියුණු කරයි.

* හෝමෝන නිපදවීම, හෘදයේ මාංශ පේශි හොඳින් ක්රියා කිරීමට තල ගුණදායක ආහාරයකි.

* ශරීරයේ අනවශ් විෂ කොටස් ඉවත් කිරීමට උදව් වේ.

* මස්තිෂ්කයේ සිදු වන සුළු ආඝාත නැති කරයි.

* කුඩා දරුවන් වැඩීමට අවශ් ප්රෝටීන් බහුලව තලවල ඇති නිසා ඔවුන්ගේ ආහාර වේලට නිතර තල එකතු කර ගන්න.

* තල තෙල් වල විටමින් බී බහුලය.

* පණු රෝගවලට බෙහෙවින් ගුණදායකය.

* තල තෙල් ආලේප කිරීමෙන් සමේ රෝග නැති වෙයි. මේ නිසාමදෝ රූපලාවන් කටයුතු වලදී විවිධ ආලේපන සෑදීම සඳහා තල තෙල් පාවිච්චියට ගැනේ.

* ස්ත්රීයගේ ඔසප්වීමේදී ඇතිවන වේදනාවට වඩාත් ගුණදායක වේ.

* මුත්රා ගල් සෑදීම වළක්වන ගුණයක් තලවලට ඇත.

ලිපිඩ නිපදවීම අඩු කරයි. මොළයේ අතිරේක ශක්ති ජනකයක් වන කීටොන් බොඩි නිෂ්පාදන වැඩි කරයි. සෙසමින්හි ඉතා ඉහළ ප්රතිඔක්සිකාරක ගුණ ඇත. එමඟින් විටමින් ප්රතිචක්රීකරණය වැඩි කරයි.

ශරීරයේ එන්සයිම වර්ග රාශියක පරිවෘත්තියන් මෙහෙයවයි. තලවල අඩංගු පීනොල් සහ සෙසමින් පිළිකා මර්දනය කරයි. එම සංයෝග පිළිවෙළින් ලියුකේමියා, මල්ටිපල්, මයලෝමා, ආහාර මාර්ග පිළිකා, පියයුරු පිළිකා, පෙණහලු පිළිකා ඇති වීම වළක්වයි.

තල දියවැඩියාව මර්දනය කරයි.LDL කොලෙස්ටරෝල් අඩු කරයි. HDL කොලෙස්ටරෝල් වැඩි කරයි. රුධිර පීඩනය අඩු කරයි. හෘදය වස්තුව, අක්මාව සහ වකුගඩු ආරක්ෂා කරයි. ස්නායු පද්ධතිය සුරකියි. බිය සහ මානසික පීඩනය දුරු කරයි.

එළකිරි පෝෂණයට වඩා 8 ගුණයකින් වැඩි වන අතර මස්වලට වඩා8 ගුණයකින් පෝෂණය ඉහළය. තලතෙල් රුධිරවාහිනි නාලිකාවල මේදය අඩු කරයි.තල තෙල් තුවාල වේළීමට හොඳ ඖෂධයකි.

 

සංයුතිය සහ කැලරි

තල ග්රෑම්100 සංයුතියට ඇතුළත් වන්නේ:

ප්රෝටීන - ග්රෑම් 19.2;

මේදය - 49 ග්රෑම්;

ජලය- 9 ග්රෑම්;

ආහාරමය තන්තු - ග්රෑම් 5.5;

අළු- ග්රෑම්4.46;

සංතෘප්ත මේද අම්ල(ලිනොලික්, ඔලෙයික්, පැල්මිටික්, ලිනොලනික්, ස්ටියරික්) - 6.4 ග්රෑම්;

මොනොසැකරයිඩ - 2 ග්රෑම්;

පොලිසැකරයිඩ - 2 ග්රෑම්;

පිෂ්ඨය- 10 ග්රෑම්;

පොටෑසියම් - ග්රෑම්495;

කැල්සියම් - 1470 mg;

මැග්නීසියම් - 540 mg;

සෝඩියම්, 75 mg;

පොස්පරස් - 721 mg;

යකඩ - 15 mg;

විටමින් B 1;

විටමින් B 2;

විටමින් E;

ප්රතිඔක්සිකාරක- ලිග්නන්; ෆයිටොස්ටෙරෝල්.

ප්රධාන වශයෙන් අසංතෘප්ත මේද අම්ල වලින් සමන්විත වේ: 43% ඔලෙයික් අම්ලය සහ41% ලිනොලෙයික් අම්ලය

මේද අම්ල:


notes of imaginary

Monday, September 25, 2023

පිලිලයන් දරා උහුලන අළුත් ගස්.

හරි පුදුම ගස් ඇත
මහ පොළොවටම ආදරය කරන
නැවි නැවී දහසකගෙ බඩගින්න නිවන
රත්තරං දතක් දාගත්
රත්තරං පොරොවක් අතින් ගත්
සුදු ඇඳගත්ත කලු උන්ට විසුලු කර හිනාවෙන
එහෙව් ගස් මත
ගී කියන කුරුල්ලන්ට බොහෝ ඉඩ ඇත
රෑ බදුල්ලන්ට වුව පහන් දැල්විය හැකිය
හුස්ම හිරවුණුදාක
අත් නොහැර ඇවිදින් ළඟට
රැස් දාන මහා ගින්දරට පැන
උස් මිටිකම් බින්ද මහ ගස
රහස් මොනතරම් නම් ඇතිද
අහස් ගඟ දිය මත පවා දිය නොවුණු
පිළිලයන් දරා උහුලන
අලුත් මල් පිපෙන්නට ඉඩ දෙන
තුවාල මොනතරම් තිබුණද
එහෙව් ගස් තියෙනවා තවම දළුලන
සහතිකයි
මේ ඉරිතැලුන මහ පොලොවෙම
ඇලි ඇලී ඒ ගස් තවම
---සෝමලතා හේරත් මැණිකේ

notes of imaginary

යන්නට අවසරයි

නර්ස් නෝන පහුකරගන
චිරිස් බිරිස් හඬ නංවන
හර්ස් එකේ බ්රේක් පාර
මෝචරියේ දොර අද්දර...
සිකුරිටියෙක් ඕනැම නෑ
සිකුරට ඒ මගේ බොඩිය
හතරම උස්සලා ගාත
ට්රොලියෙන් දැම්මා ඇතුලට...
මල් ශාලාවක් කීවට
ගල් හිත් ඇති නරුම රැලක්
සල්ලි වලට බල්ලො මරන
කල්ලියක් වගෙයි
බාවා මළකඳ මැස්සේ
නාවා කළකට පස්සේ
හාවා හමගසා තිබේ
නෑ ඇඳසිටි ගොමස්කඩේ...
හවුහරණක් නැතිය කිසිත්
පිළිසරණක් නොමැත තවත්
කය නිරුවත් නැත කිසිවක්
උපත විපත නෑ වෙනසක්...
මූන පුරා වැඩුනු රවුල
සූරා දැම්මා විගසින්
පීරන්නට බෑ හිසකෙස්
හැඩපලු ගෙතිලා...
මල් ලියකම් හැඩ ගන්වා
විල්ලුද අතුරා සැකසූ
සව්සිරි පිරි සයනය මත
මා සැතපෙව්වා..
දැකුමෙන් කුණුකය නිරුවත්
ඇතිවිනි විලිබිය නැවතත්
එක පලුවක් ඇති ඇඳුමක්
බලියට එලුවා...
මළ මිනියට කලඑලියක්
කුල ගෙදරට සිරියාවක්
දළ දෙක දෙපසින් තැබුවා
මිනිය නෙමේ,... මෘත දේහය... !
සාංසාර දුක පිළිබඳ
ශාන්ත හිමියන්ගෙ දෙසුම
කාන්තාවො කීපදෙනෙක්
අහගන හිටියා...
හාමුදුරුවො බණ කියනව
හමහර අය නිදිකිරනව
මා මරනින්දේ හිටියට
මට පෙනෙනව... මට ඇහෙනව...!
සියළු වතාවත් නිමවා
පාංශකූලය පිදුවා
පාණ්ඩු පැහැයෙන් දිස්වන
කුණුකය අද... මෘත දේහය...!
මං කාගෙත් හිතවතාලු....
දැන් තියෙන්නෙ ගිහි කතාලු...!
මේවගෙ වෙලාවට විතරයි බණ පිරිත
බේබදුකමට යටවී ඇත කුලසිරිත
දෑතම තබාගන දේහය මත "මුරුත"
සෑහෙන වෙලාවක් ඔහු කැපුවේ බුරුත...!
කළකට පෙර සිටිය ලෙසට නැගී ඉන්න බෑ
"මළකොට බෙර රිඹටද බොල ?"
මට අහන්න බෑ....!
අසා ඉන්න බැරි තරමට
මුසා දෙඩුවෙ බොහෝ දෙනෙක්
දෙපා දෑත නොසෙල් වන්න
මාපටැඟිලි බැඳල මගේ...!
ආදාහන මැඳුර වෙතට හර්ස් එකෙන් මං යනකොට මා පසුපස එන්නෙ මොටද ?
රිය පෙරහැර... රිය පෙරහැර... !
මං ආපසු එන්නේ නෑ ඔබ මා හා යන්නෙත්නෑ...
ආදාහන ශාලාවේ
කෝ දන්නා කිසිම කෙනෙක් ?
ලෙනකට "දෙන" ඇතුල්කළා
කවුරුත් නෑ මගෙ තනියට...
ඔබේ හිතට දුක් කන්දක්
මා වටේම ගිනි කන්දක්
පිටතට නොපෙනෙයි
ඇතුලත....!
අහස උසට ච්මිනි දොරින්
ඉහල නගින දුම් රොටුවේ
රුව මැවිලා දකින්නෙපා හිත තැවුලක් රැඳෙන්නෙපා...!
ඉහල නගින දුම් වලාව
සැඩ හිරු රැස් වෙලා ගනී...
මා වෙන්වී යන මොහොතේ
ඔබට දැනේවා සිසිලක්.....!
*** යන්ට අවසරයි...!!!
ඒකානංයකා...

notes of imaginary

Friday, September 22, 2023

නිවිති - දියවැඩියාව නිසා ඇතිවන තුවාල වලට ගුණයිි.


නිවිති අවධාණයට ලක් නොවු එළවළුකි. රස කර ගෙන පිසීමට සලාදයක් ලෙස ආහාරයට ගැණීමට නිවිති යොදා ගැනේ. බොහෝ විට පරිප්පු  අධික අල වර්ග හා එක්ව පිසිමට  ගත්විට රස එළවළුවකි‍ෙ නිවිති දියවැඩියා ‍රෝගීන්ට ගුණදායි එළවළුවක් බව බටහිර වෛද්‍ය පරීක්‍ෂකයෝ අනාවරණය කර ගෙන තිබේ.

විටමින්, ප්‍රතිඔක්සිකාරක, ග්ලූටමින් සහ සින්ක් ඇතුළුව මෙම බලපෑම ඇති කළ හැකි සංයෝගවලින් නිවිති පිරී ඇත, නමුත් තුවාල සුව කිරීමට ප්‍රවර්ධනය කිරීමට නිවිති සාරය ඉඩ දෙන යාන්ත්‍රණය  තවමත් අපැහැදිලිව පවතී.

වණ ඇතිවීමට පෙර නිවිති සාරය ලබාගත් මීයන් තුළ වඩාත් තීරණාත්මක තුවාල සුව කිරීමේ ප්‍රතිලාභය දක්නට ලැබුණි.

මීයන් සම්බන්ධයෙන් කරන ලද නව අධ්‍යයනයකින් පෙනී යන්නේ නිවිති, Spinacia oleracea, දියවැඩියා වණ සුව කිරීම ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන බවයි.

නිදන්ගත දියවැඩියා වණ දියවැඩියා රෝගීන් සඳහා බරපතල ගැටළුවක් වන අතර එය මාස කිහිපයක් හෝ වසර ගණනාවක් පැවතිය හැකිය. දියවැඩියා රෝගීන්ගෙන් 15%කට පමණ විශ්වාසදායක ප්‍රභවයක් පහළ අන්තයේ වණ ඇති අතර ඒවා සුව නොවන අතර බොහෝ විට කපා ඉවත් කිරීමට හේතු වේ. නිදන්ගත දියවැඩියා වණ දළ වශයෙන් ලෝක ජනගහනයෙන් 6.3% විශ්වාසදායක ප්‍රභවයකට බලපායි.

නිවිති සාරය දියවැඩියා තුවාල සුව කිරීම වැඩිදියුණු කිරීමට සහ බර අඩු කර ගැනීම ප්‍රවර්ධනය කළ හැකි බව සොයාගෙන ඇත, එය බොහෝ විට අධික බර ඇති දියවැඩියාව ඇති පුද්ගලයින්ට ප්‍රතිලාභයකි. නව අධ්‍යයනයක්වු මෙය  - Scientific ReportsTrusted Source හි ප්‍රකාශයට පත් කර ඇත

පර්යේෂකයන් විසින් නිවිති සාරය වර්ග දෙකක කාර්යක්ෂමතාවය විමර්ශනය කරන ලදී. එකක් ජලය මත පදනම් වූ (ජලජ), අනෙක මත්පැන් මත පදනම් වූ ඒවා විය. ද්‍රවක දෙකම  සුවය ප්‍රවර්ධනය කළහ, නමුත් මධ්‍යසාර මත පදනම් වූ නිස්සාරණයට  ජලයට තරම් ප්‍රබලත්වයක් නොතිබිනි

මෙම අධ්‍යයනයට වැඩිහිටි මීයන් 72ක් සම්බන්ධ වූ අතර ඒවා කාණ්ඩ හයකට බෙදා ඇත:

A කාණ්ඩය - මාසයක් සඳහා කිලෝග්‍රෑමයකට (mg/kg) බරින් යුත් සේලයින් ද්‍රාවණයෙන් මිලිග්‍රෑම් 300ක් නල පෝෂණය කළ දියවැඩියා මීයන්

බී කාණ්ඩය - මාසයක් සඳහා 300 mg/kg සේලයින් ද්‍රාවණයකින් නල පෝෂණය කළ දියවැඩියාව නොමැති මීයන්

C කාණ්ඩය - මාසයක් සඳහා S. oleracea ජලජ සාරය 300 mg/kg නල පෝෂණය කළ දියවැඩියා මීයන්

D කාණ්ඩය - මාසයක් සඳහා S. oleracea මධ්‍යසාර සාරය 300 mg/kg නල පෝෂණය කළ දියවැඩියාව නොමැති මීයන්

E කාණ්ඩය - පර්යේෂකයන් විසින් දියවැඩියා රෝගයට නිරාවරණය කර මාසයක් සඳහා S. oleracea ජලජ සාරය 300 mg/kg නල පෝෂණය කරන ලද දියවැඩියාව නොමැති මීයන්, පසුව අතිරේකයක් සඳහා S. oleracea ජලජ නිස්සාරණය 300 mg/kg නල පෝෂණය කරන ලදී. මස

F කාණ්ඩය - පර්යේෂකයන් විසින් දියවැඩියා රෝගයට නිරාවරණය කර මාසයක් සඳහා S. oleracea මධ්‍යසාර සාරය 300 mg/kg නල පෝෂණය කළ දියවැඩියා රහිත මීයන්, පසුව අතිරේකයක් සඳහා S. oleracea මධ්‍යසාර සාරය 300 mg/kg නල පෝෂණය කරන ලදී. මස.

දියවැඩියා රෝගය ඇතිවීමට පෙර සහ පසු මාස 2ක නිවිති සාරය ලබා ගත් මීයන්, E සහ F කාණ්ඩවල ශක්තිමත්ම, වේගවත්ම තුවාල සුවවීම අධ්‍යයනයෙන් නිරීක්ෂණය විය.

සියලුම කන්ඩායම්වල තුවාල සුවවීම සිදුවී ඇති බැවින් අධ්‍යයන කාලය අවසානයේදී තුවාල සුව කිරීමේ සමහර ක්‍රමවල වෙනස්කම් සැලකිය යුතු නොවේ.

 

වඳ බයොප්සි පන්ච් භාවිතා කරමින් පර්යේෂකයන් විසින් ඇති කරන ලද තුවාල නිරීක්ෂණය කිරීමෙන් තුවාල සුව කිරීම තක්සේරු කරන ලදී. ඔවුන් VEGF විශ්වාසනීය මූලාශ්‍රය, රුධිරයේ සීනි මට්ටම සහ බර අඩු කර ගැනීම ඇතුළුව සුව කිරීමට අමතරව විවිධ සාධක මැනිය.

දියවැඩියා රෝගයේදී තුවාල සෙමෙන් සුව වන්නේ ඇයි?

මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූ ලියාපදිංචි පෝෂණවේදිනියක වන Yelena Wheeler තුවාලය සුවවීම සිදුවන ආකාරය වෛද්‍ය පුවත් ටුඩේ වෙත පැහැදිලි කළාය.

රතු රුධිර සෛල නව පටක වල පදනම වන්නේ කොලජන් නිපදවන බැවිනි. කොලජන් නව සමේ පටක සාදයි, එය තුවාලය මත වැඩෙන අතර, එය සුව කිරීමට සහ ප්රමාණය අඩු කිරීමට හේතු වේ," ඇය අපට පැවසුවාය.

තුවාලයක් සිදු වූ විට, සුදු රුධිරාණු, ප්‍රෝටීන, පෝෂ්‍ය පදාර්ථ සහ ඔක්සිජන් සමඟ බැඳුණු රතු රුධිර සෛල කැටි ගැසීම සහ සුව කිරීම සඳහා යවනු ලැබේ, ලියාපදිංචි පෝෂණවේදියෙකු වන සීසර් සවුසා ද අධ්‍යයනයට සම්බන්ධ නොවන බව පැවසීය. "මෙම සංයෝග සියල්ලම තුවාල සුව කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරය ඇත," ඔහු පැවසීය.

කෙසේ වෙතත්, දියවැඩියා රෝගීන් සඳහා, "රුධිර සීනි මට්ටම ඉහළ යාම රුධිර වාහිනී දැඩි වීමට හේතු විය හැක, සංසරණය මන්දගාමී වීම සහ පටක වලට ඔක්සිජන් සැපයුම අඩු කරයි" යනුවෙන් පර්යේෂණයට සම්බන්ධ නොවූ ඒකාබද්ධ ලියාපදිංචි පෝෂණවේදියෙකු වන Kelsey Costa පැහැදිලි කළේය.

 

"මෙය සුදු රුධිරාණු වල ක්‍රියාකාරිත්වය අඩාල කරයි, තුවාලයක් ආසාදනය වීමට වැඩි ඉඩක් ඉතිරි කරයි," ඇය පැවසුවාය.

"අතිරේකව, පර්යන්ත ස්නායු රෝග වේදනාව අඩු කිරීමට හේතු විය හැක, එයින් අදහස් කරන්නේ තුවාල නොපෙනී ගොස් ප්‍රතිකාර නොකොට නිදන්ගත විය හැකි අතර විශේෂයෙන් පාදය වැනි පහළ අත් පා වල සුළු තුවාල වලට ගොදුරු විය හැකි බවයි."

නිවිතිවල ඇති පෝෂ්‍ය පදාර්ථ මොනවාද?

නිවිති එහි අනෙකුත් ගුණාංග අතර බොහෝ දෙනෙකුට ආරක්ෂිතව පරිභෝජනය කළ හැකි මෘදු එළවළුවක් බව අධ්‍යයනය සටහන් කරයි. කෙසේ වෙතත්, එම අනෙකුත් ගුණාංග, ප්රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට අමතරව, තුවාලය සුව කිරීමට සමත් වේ.

පළමුවෙන්ම, නිවිති සෑදී ඇත්තේ ලුටීන්, ලයිකොපීන් සහ ලිනොලනික් අම්ලය වැනි විශ්වාසදායක ප්‍රභවයක් වන ෆීනොලික් සංයෝගවලින් වන අතර ඒවා ඔක්සිකාරක හානිවලින් සෛල ආරක්ෂා කරන බව පෙන්වා දී ඇත.

කොස්තා නිවිතිවල ඇති විටමින් C, E, K සහ ශාක රසායනවල වැදගත්කම සඳහන් කළේය: "මෙම පෝෂ්‍ය පදාර්ථ කොලජන් සෑදීම ප්‍රවර්ධනය කිරීම, සෛල වර්ධනය වැඩි කිරීම සහ රුධිර වාහිනී ඝනත්වය වැඩි කිරීම මගින් තුවාල සුව කිරීමට උපකාරී වේ."

නිවිති වල ග්ලූටමින් ද අඩංගු වන අතර එය තුවාල සුව කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. Sauza ට අනුව, "glutamine යනු arginine සඳහා පූර්වගාමියා වේ, තුවාල සුව කිරීමේ ක්රියාවලීන් සඳහා විශාල වශයෙන් සහභාගී වන ඇමයිනෝ අම්ලය."

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: ප්‍රමාණවත් තරම් සින්ක් තිබීම කොලජන් ඇතුළු ප්‍රෝටීන් වර්ධනයට අවශ්‍ය වේ. නිවිතිවල ඇති සින්ක් අධ්‍යයනයේ මීයන්ගේ තුවාල සුව කිරීමට ද දායක වන්නට ඇත.

මධ්‍යසාර නිවිති නිස්සාරණයේ තරමක් හොඳ කාර්ය සාධනය එහි ඉහළ ප්‍රතිඔක්සිකාරක සහ ඇමයිනෝ අම්ල ගුණ නිසා සුව කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමෙන් සහ වණ ව්‍යුහය ධනාත්මක ලෙස වෙනස් කිරීමෙන් දියවැඩියා වණවලට ප්‍රතිකාර කිරීමේදී S. ඔලෙරේසියා හි විභවය ශක්තිමත් කිරීම සඳහා ආරෝපණය කළ හැකි බව කොස්ටා පැවසීය.

නිවිති වැළැක්වීම සඳහා භාවිතා කළ හැකිද?

අධ්‍යයනයේ හොඳම ප්‍රතිඵලය වූයේ 50 mg/kg streptozotocin එන්නත් කිරීම හරහා පර්යේෂකයන් විසින් ප්‍රේරණය කරන ලද දියවැඩියා රෝගයට පෙර දැනටමත් නිවිති සාරය ලබා ගනිමින් සිටි මීයන් සඳහා ය.

මෙයින් ඇඟවෙන්නේ තුවාල වීමේ අවදානමක් ඇති පුද්ගලයින්ට සහ විශේෂයෙන් දියවැඩියා රෝගීන් සඳහා නිවිති සාරය රෝග නිවාරණය සඳහා ස්ථානයක් ඇති බවයි.

"මෙම පර්යේෂණය දියවැඩියා ආශ්‍රිත තුවාල, [නිවිතිවල] පෝෂණ ගුණ සහ ප්‍රතිඔක්සිකාරක ධාරිතාව කෙරෙහි අවධානය යොමු කළත්, නව පටක වර්ධනය උත්තේජනය කිරීමෙන් දියවැඩියා නොවන රෝගීන්ට ප්‍රයෝජනවත් විය හැක.

MEDICAL NEWS  පරිවර්ථණයකි.






notes of imaginary

Wednesday, September 20, 2023

වැහි දළු හා ගිනිදළු !!




මහ විසාලෙට දුරට ඇදි ඇදි
ගියත් අහසක් දුක දරාගෙන
වළාකුළු ගැබ්බර උණේ නම්
අපේ කඳුළුත් එයා අරගෙන

සිලි කවරෙකට අඩුවැඩිය ටික
පුරෝගන්නට විඳපු දුක ගැන
නාට්ටාමියෙකුමයි දන්නේ
අල්ල කරගැට වලින් හැඩවුණ.

සේදවත්තේ සේද රෙදි කොයි
දිරපු ටකරන් වහළ හිල්වුණ
මඩකඩිති බොර පාට විසිවෙයි
දෝරෙ ගලනා කොළඹ වැස්සට

“සයිඩ්” ඉල්ලං බර කරෙන් ගෙන
මැනිං මාර්කට් එකේ දිවුවට
“කෑල්ලක්” බා ගත්තෙ නැත්තං
ජේසු පිහිටයි පැටවු දෙන්නට .

කඩා වැටෙනා අහස් කළුවට
තෙමුනොතින් බඩු කාගෙ පිහිටද
ආය කටුවෙන් බාට ජෝඩුව
රඳවගන්නට ඇහැක් වේවිද

අර්ථ සාධක ,බටා ඉල්ලා
නාට්ටාමිල ඇඬුවෙ කවදද
අපේ හිත්වල කැකෑරෙන දුක
පැටවු ගැහුවත් උන් දකීවිද .


ඉරුණු කඩමළු ගවුම අස්සෙන්
ඇහැල මල් පාටින් දිස්නෙ දෙන
කාන්ති ගෙ කුස ආයෙ පාරක්
නෙරා එනවා බලා ඉද්දිම

දවස තිස්සෙම ගෙදර නැති මං
රාත්තිරියේ ගොර අදිනකොට
බමරු කැරකෙනවාද මන්දා
රෝද තුන මඩපාරෙ තදටම.

රෝ.සි.

Siripala Kahawatte
"අතීත යොබ්බනෝ පෝසෝ ආනෙති තිම්බරුත්තනිං....."ඒ කර්කශක ජීවිත තුළත්
ආදරය තියෙනවා.හැමදාම සැකයත් ඒ ආදරය ළඟම ඉන්නවා.ඔයා ඒ ජීවිත දිහා අධ්යාත්මිකව සංවේදීව බලලා තියෙනවා.අරුත ඉස්මතුවෙන හොඳ පදගැලපුමක්.
අගෙයි රෝසි.

notes of imaginary

Tuesday, September 19, 2023

නාඩගම්කාරයෝ.



බ්‍රෙස්ලට් චුවිංගම් සිහිනයේ සිට වොක්ස්වගන් කාර් නිෂ්පාදනය දක්වා ඇදගෙන ආ ජනතාවට දැන් තව තවත් සිහින පෙන්වන්නට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා සැරසෙන බවක් පෙනෙයි. අළුත්ම සිහිනය විශ්විද්‍යාල සිහිනයකි.

අපි ආර්ථික අගාධයකට වැටී සිටිමු. රාජ්‍ය සේවකයා වියදමට සරිලන වැටුපක් නැතිව අසරණවී සිටියි. ඔවුන්ගේ ජීවන වියදම වැඩිවීමට අනුරූපව  වැටුප්  වැඩිවුනේ නැත. කෘෂිකාර්මිකයාගේ නිෂ්පාදන වියදම ඉහල ගිය තරමට නිෂ්පාදන ආදායම නංවා ගැණීමට මැදිහත් වීමක් නැත.ඔවුන් ගේ නිෂ්පාදන වියදම අඩුකරගැණීමට අධාරයක් නැත

මෑතක මුහුණ දුන් බිත්තර කුකුල් මස් නිෂ්පාදනය, මත්ෂ්‍ය නිෂ්පාදනය රජයේ මැදිහත් වීමක් ඇත්නම් පාලනය කර ගත හැකියාවක් ඇත. මේ රටේ පශු සම්පත් සංවර්ධණ අමාත්‍යංශයක් මෙන්ම ධීවර අමාත්‍යාංශයක් ද ඇත. ඔවුන් නැත්තේ දැක්මක්ය.එළවළු වගා කරන්නෝ අස්වැන්න අළවි කරගතනොහැකිව විසිකර දමන අතර පාරිභෝගිකයෝ එළවළු සදහා ගිණි ගණන් ගෙවන්නේය. කෘෂිකර්ම දෙපාර්මේන්තුවක් සහ වෙළද දෙපාර්මේන්තුවක් මේ රට තුල තිබියදී ය.

රජයට කිසිවක පාලනයක් නැත.මැදිහත් වීමක් නැත. නැත්නම් මේවා සදහා ප්‍රතිපත්ති ඇතිකිරීමට මොළය කළදක්වත් නැත

මැතිවරණයක් සමීප වන විට සිහින වෙන්දේසියේ යෙදෙන්නට නම් හැකිය.










notes of imaginary