Saturday, February 25, 2023

කැරොලිනා මාරියා ඩී ජීසස්


“ජනාධිපතියෝ,

උඹ කූඩුවක ඉන්න ගිරවෙක් ලස්සන ලස්සන කතා කියනවා.ඒත් බඩගින්නේ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍ර යෝ කියලා හිතා ගන්න එක හොදයි.  උන් ඉන්නේ කෝපයෙන්    අවස්ථාව ආපු ගමන් උඹව ගොදුරු කර ගන්නවා“ ---කැරොලිනා මාරියා ඩී ජීසස්

මේ දවස් වල මූණු පොතේ  හුවමාරු වන උධෘතයක් මගේ හිත ලග නතරවුනා.  හිතන්න බොහෝ දේවල් තියෙනවා.  අපේ රට , අපේ රටේ වර්තමාන පරම්පරාව . ඔවුන් ඉන්නේ ව්‍යාඝ්‍රයෝ  වගේ. උන් දත් විලිස්සා ගෙන රතුවුන ඇස් බෝල කර ගෙන කර කවමින් බලා ගෙන ඉන්නේ ගිරවා මරා දමන්න. ඉවසීමේ සීමාව ඔවුන්ගෙන්  ඔබ්බට ගිහින්. සීමාව අවුල් වියවුල් කරන්න අපේ ඇත්තන්ගේ දායකත්වයත් ඉහලයි. එයාලටත් කූඩුවේ හිරවෙන්න සිහින තියෙනවා.ඒකට මග පාදාගන්න  ඉන්න ගිරව් මේ ව්‍යාඝ්‍රයෝ රෑනට  මවන්නේ සුරංගනා ලෝකයක්.

මාරියා බ්‍රසිලියානු ජාතික ලේඛිකාවක්. ඈ සාඕ පවුලෝ නගරයේ පීඩිතයන් සමග මුඩුක්කු ප්‍ර‍දේශයක  ජීවත්වු දිරිය කතක් .ඇගේ ජීවන සටහන් පීඩිත ජීවිතය ඇගෙන්    මුදවා ගත්තත් ඈ දරිද්‍රතාවය සහ පාලකයන්ගේ දුෂ්ඨ  භූමිකාව පීඩිතභාවයේ  සිටම , පීඩිතභාවය අත්විදිමින් සටහන් කලා.                                                                                 

  බ්‍රසීලයේ  සැක්‍රමෙන්ටෝ  නම් කුඩා නඟරයේ දී 1914 මාර්තු මස 14 දින  උපත ලද කැරොලිනා  කුඩා කලම නිවසින් පලා යනවා. ජීවිතය ගැන  කිසිත්  අවබෝධයක් නොමැතිව, දන්නා හදුනා ගත් කිසිවෙත් නැති සාඕ පවුලෝ නගරයට.එතකොට ඇගේ වයස අවුරුදු දාහතක්. පියා මව අතහැර ගිහින්. මවගෙන් ඇයට ආදරය ලැබුනේ නැහැ. මව ගෙන් පලා ආ ඇය සාඕ පවුලෝ  නගරයේ තනිවනවා.මුඩුක්කු ජීවිතයටත් පියෙක් නැති ති දරු මවකගේ උරුමයත් සමග කටුක ජීවන අරගලයක යෙදෙන ඇය විවේක ඇති විට ලියන්න පෙලෙඹෙනවා.

අක්‍රමවත් ව විසිකරන කඩදාසි කැබලි වල සටහන් වන ඇගේ දරිද්‍රතාවයෙන් උණුසුම් වු ලියවිලි පැල්පතේ ගෝණි මල්ලක එකතුවෙනවා. ඈ රීඩර්ස් ඩයිජස්ට් සගරාවට මේ පිටපත් හැරියත් අප්‍රසිද්ධ චරිතයක්වු මාරියාගේ නිර්මාන ඔවුන්ගේ අවධානයට පත්වෙන්නේ නැහැ. කාලය මෙලෙස ගෙවී යද්දී “ අවුඩාලියෝ ඩාන්ටාස්  “ නම්  'ඕක්රූක්ශයරෝ' කියන සගරාවේ සේවය කරන මාධ්‍යවේදියා හමුවෙනවා. අවුඩාලියෝ ඇගේ සටහන් මළු සංස්කරණය කරමින් තමන් සේවය කළ පුවත්පත් ආයතනයේ පුවත් පතේ පළකරනවා.පසුව අවිධිමත් ජීවණ සටහන් මාරියෝගේ දීනපොත් සටහන් ලෙසින් බෞතීස්ම ලබා බ්‍රසීලයෙන් පිටතටත් පැතිරෙමින් මාරියෝ ගේ දූගී ජීවිතයට අරුතක් සපයනවා.

 

The Diary of Carolina Maria De Jesus නම් ලැබු පොත

 පිටවු පසු පොතට ලැබුන ජනප්‍රියතාවය මාරියෝටත් ලැබෙනවා .විශාල ලෙස පිටපත් අලවි වෙනවා.  පොත බ්‍රසීල විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව කරන සිසුන්ගෙ අත් පොතක් බවට පත්වෙනවා. නීති විද්යාලයේ සාමාජිකත්වය දීමෙන් ඈ හට  බුහුමන්  කරනු ලැබෙනවා.                                                                                     

1977 පෙබරවාරියේ ඈ මිය යන්නේ ජීවිත කාලයෙන් තුනෙන් දෙකකටත් වඩා කාලයක් තිස්සේ ඇ සිහින මැවූ සෞභාග්‍යමත් ජීවිතය අත්විදිමින්.  

 

අපි අදුරට සාප කරමින් සිටිනවා. එක් පහනක් හෝ දල්වන්න උත්සහා කරන්නේ නැතිව.අපි එක් එක් පහන බැගින් දැල්වුවහොත් අදුර දුරුවෙලා යාවී. මාරියෝගේ ජීවිතය අදුරෙන් ගොඩ නැගුනේ අදුරේ සිට සාප කරමින් නොසිට පහන් එකින් එක දල්වපු නිසා කියලා මම හිතනවා.එය  අහම්බයක් ලෙස පෙනුනත් ජීවිතයේ හැඩරුව වෙනස් කරන දෛවය ක්‍රියාත්මක වෙන්නේ අප නොසිතනා අයුරින්.නොසිතනා විලසින්.


notes of imaginary

Monday, February 20, 2023

පුංචි ඡන්දේ දොරකඩට ඇවිත්.

     

ටොයියෝ බයියෝ..................වෙනත් වෙනත් විවිධ නම් වලින් ප්‍රතිචාර දක්වනවා. අපිව හදුන්වනවා.හිතවත් වයසක ඇත්තන්ට  බර අවි කියනවා. ප්‍රති පක්සයේ  අය වැඩ බැරි නාකි හැත්ත. වෛරය හාස්‍යය භූමියේ  ගලා යනවා.අපි අසා සිටිනවා. බලා සිටිනවා. “අංකල් මේ පාර වෙනස් කරමු. රටම විනාශයිනේ.............. කියන පුතාලා වෙනස් කරන්න සහයෝගය ඉල්ලනවා.

88 වන විට මට හතලිහයි.  ක්‍රීයාකාරී දේශපාලනයේ නියළුන කාලයක්.  පැතුරුන දේශපාලන ජාලයක මමාත් ඉත්තෙක්. 88 -89 මම සටන් වැදුන පිරිසව ආරක්ෂා කරන්න  කැපවීමක් කලා තෝරා බේරා ගන්නේ නැතිව. මේවා නිහඩව කල සේවාවන්. අඩ බෙර මම 71 දිත්  ඇහුම්කන් දුන්නා....මගේ වයස විසිතුනයි.  ආරක්‍ෂා සහිතව  සටන් බිමේ ඉන්න කොට මට වඩා අත්දැකීම් තිබු  වැඩිහිටියෝ මගේ මොලේ සෝදලා දැම්මා.

ගැහැවානම් ප්‍රේමදාස ගේ ගිනුමේ මගේ නමත් තියෙන්න ඕන. මම කල සේවාව දැන් කාලේ අපි ලගට ඇවිත්  උපදෙස් දෙන අනුශාසනා කරන මේ උදවිය දන්නේ  නැහැ. අසා සිටිනවා මිස වෙන මොනවා කරන්නද ?.ත්‍රීමා විතාරන  අතුරුදහන් වෙන්න දවස් දෙකකට ඉස්සර මට හමුවුනා.  88 89 මම හිටියේ කොතනද කියලා ඉතිරි හරිය ......හිතා ගන්න ඉගියක් ඒ පල කලේ.

අපි වේගවත්......අති ධාවනයක යෙදිලා ඉන්නවා. ගෝඨා ගෙනාවෙත් බලාපොරොත්තු රැසක් සමග. ගෝඨා ට තමන්ගේ ස්වාමි පන්තියට සේවය කරන්නත් හැට නව ලක‍්සයට සේවය කරන්නත්  බැරිවුනා. තමන්ගේ ස්වාමි පන්තිය විසින් ඔහු එලවා දැමුවා කියන අදහසයි මට තියෙන්නේ. ස්වාමි පන්තිය විසින් තමන්ට කැමති පුද්ගලයා රජ කමට ගෙනාවා.

ඒ සමගම දකුනේ ජාතිකත්වය මත ගොඩ නැගුන දේශපාලනය විනාශ කරන්න තිබු අවශ්‍යතාවයත් ඉටු කර ගත්තා. අද දකුනේ සිංහල බෞද්ධ පදනමට නායකයෙක් නැහැ. සී සී කඩ විසිරුන නායකයෝ  රොත්තක් ඉන්නේ. මේ හැත්තට එකගතාවයක් නැහැ.  උතුරේ හා නැගණහිරත් සුළු ජාතීනුත් කේවල් කරන කාලය උදා වෙමින් පවතිනවා. ඔවුන්ගේ අරමුණු ඉටු කරගනීවී. ප්‍රභාකරන් හට යුද්ධයෙන් කර ගන්න බැරිවු  දේ  ඉටුවේවී.

 මෙපමන කලක් රටෙ සිද්ධවුනේ  අපේ චන්දය නොපෙනෙන පිරිසකගේ කැමැත්තට පාලනයවු බවයි. අපිට තනියෙන් රට ගොඩනගා ගන්න පුළුවන් පරිසරයක් තියෙයිද කියන එක වර්තමානය වන විටඋත්තරයක් නැති ප්‍රශ්නයක්.

තනියෙන් රට ගොඩ නගා ගන්නා උත්සහායක අපි රටවැසියන් හැටියට සහයෝගයක් දෙනවද ?.  උත්තරය   ඇත්තටම නැහැ. මට   සිහියට එන එක උදාහරණයක් දක්වන්නම්. අද වියලි කිරිපිටි ග්‍රෑම් 400 ක් රුපියල් 1150.00 යි.  මේ  තත්වයට පත්වෙලා  අවුරුද්දක් විතර ඇති.... අළුතින් කවුරුවත්  කිරි ගවයෙක් හදන්න පෙළඹීලා තියෙනවාද ? නැහැ. වෙළද පලට සාප කරිමින් ඉන්නවා මිස තමන් කිරි නිෂ්පාදනය කර ගන්න හිතන්නේ නැහැ. ප්‍රශ්න තියෙනවා  ගොවි බිමක් නැහැ. කිරි ගවයෙක් ගන්න ආයෝජනයක් කරන්න විදියක් නැහැ. මේවා විසදා ගත හැකි ප්‍රශ්න වුනත්...................ඒවා ලගට එනකම් බලා ඉන්නවා.

අපේ දේශපාලනයත් අංග විකලයි. සැලැසුම් නැහැ.  කරන එකාට බාල්දි පෙරලමින් බලය ඩැහැගන්නා උත්සහායක මිස කරන එකාට සහයෝගය දෙන ප්‍රතිපත්තියක නැහැ. බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ වගේ ප්‍රතිපත්තියක්  ඒක.

 

 

 



 notes of imaginary

Wednesday, November 23, 2022

පහසු ඇඳුම සහ ගැලපෙන ඇඳුම

  




මුනු පොතෙන් පිටපත් කලෙමි .


මම කැමැතිම ඇඳුම තමයි අත් තියෙන මේස් බැනියමයි සරමයි. පොඩි කාලෙ නම් ගෙදරට ඇන්දෙ සරම විතරයි. උඩට ඇඳුම් නැහැ. මම රස්සාවට ආවෙ 2006 අවුරුද්දෙ සීමාවාසික වෛද්‍යවරයෙක් විදියට. මම ඉගෙනගත්ත බටහිර වෛද්‍ය විද්‍යාවෙ සංස්කෘතිය විසින්ම මම රැකියාවට ඇඳිය යුතු ඇඳුමත් තීරණය කරලයි තිබුණෙ. සපත්තු මේස් දාල, දිග කලිසමට අත්දිග ෂර්ට් එක ඇඳල, ටයි එක දාල, පින් එක ගැහුවම ඇත්තටම ලස්සනයි. ටයි එක දාගෙන ඉන්න එක ටිකක් අමාරුයි තමයි. ඒත් ඒ අපහසුතාවය මැඩගෙන ඒ ඇඳුම නිසා රාජකාරිය කරන්න අපිට පුදුම පහසුදායක පරිසරයක් හැදිල තිබුණ. 

රැකියාවට එන කාලෙ අපි දැන් වගේ නෙමෙයි. ඒ තනතුරේ තියෙන වගකීම් වල හැටියට අපි ටිකක් වයසින් පොඩි පාටයි. ඉත්න් රෝහලේ කොතනට ගියත් රෝගීන්, කාර්ය මණ්ඩලය, ඒ වගේම අනිත් වෛද්‍යවරු අපිව එසැනින් අඳුනගත්තෙ අපේ ඇඳුම් පැළඳුම් විලාශයෙන්. කිසි කෙනෙකුට හඳුන්වල දෙන්න අවශ්‍ය වුණේ නැහැ මම වෛද්‍යවරයෙක් කියල. ඒ වගේම බොහොමයක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ඉදිරියේ රෝගීන් ගැන විශේෂඥ වෛද්‍යවරයට present කරන්න ඒකෙන් අපිට ලොකු ආත්ම විශ්වාසයක් ලැබුණා. 

ආයතන සංග්‍රහයෙ කිසිම තැනක අපේ ඩ්‍රෙස් කෝඩ් එකක් ඩිෆයින් කරල තිබුණෙ නැහැ. මට කැමතිනම් ඩෙනිමක් ගහල ටීෂර්ට් එක උඩින් දාල යන්නත් තිබුණ. ජාතික ඇඳුම අඳින්නත් තිබුණ. සරමට බැනියම අඳින්නත් තිබුණ. ඒත් එහෙම කරන්න මට කවදාවත් හිතුනෙත් නැහැ හිතුවෙත් නෑ. මම මගේ ජාතික ඇඳුමට ගොඩක් ගරු කරනව. එහෙම කියල කාලයක් තිස්සෙ තියෙන බොහොම පහසුවෙන් දුවන සම්ප්‍රදායට එරෙහි වෙන්න මට වුවමනාවක් ඇති වුනේ නැහැ. සමහර දවස් වලට උදේට දාන ටයි එක ගලවන්නෙ රෑට. දවස පුරාම මැරීගෙන වැඩ කළත් ඒ ඇඳුම තුළ තියෙන අපහසුවට වඩා පහසුව මම අත්වින්ද.

සීමාවාසික පුහුණුවෙන් පස්සෙ මට දිගටම වැඩ කරන්න ලැබුණෙ සේවාමුර විදිහට වැඩ කරන තැන්වල. දැඩි සත්කාර ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකක වල අවුරුදු 14ක් වැඩ කළා. පැය හයේ එහෙම නැතිනම් 12 සේවා මුරයට unit එක ඇතුලට ගියාම ආයෙ එළියට එන්නෙ සේවා මුරය ඉවරවෙලා. ඒවයෙ අපි හොඳින්ම හඳුනන කාර්යමණ්ඩලයක් ඉන්නෙ. ඒ වගේම අපි ගැටෙන රෝගීන් ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ නිසා smart casual අඳින්න පුරුදු වුණා. ඒකත් හැබැයි බොහොම පිළිවෙලකට කලේ. 

රාත්‍රී සේවා මුර වලදී නිදාගන්න ලැබෙන්නෙ බොහොම පොඩි වෙලාවක්. රෝගීන්ගෙ වැඩ ඔක්කොම ඉවර කරල ළඟ තියෙන රෙස්ට් රූම් එකේ ඇඳට වැටිල ටිකක් නිදාගන්නව. පැය බාගෙකට පැයකට වගේ ඇහැ පියා ගන්න එක තමයි කරන්නෙ. ටික වෙලාවකට වුනත් සරමක් ඇඳගෙන ඒ වෙලාව ගත කරන්නෙ. හොඳට ventilate වෙන හින්ද 😂 පහසුවට නින්ද යනව. ඉතින් ඔහොම ඉන්නකොට කවුරුහරි ඇවිත් දොරට තට්ටු කරනව doctor patient කෙනෙක් ඇවිත්, එහෙම නැතිනම්  ලෙඩාගෙ මොනවහරි ප්‍රශ්නයක් කියල. 

ඉතින් ඔන්න ඔය වෙලාවට මට හිතිච්ච වාර අනන්තයි මේ සරම ඇඳගෙනම එලියට යන්න තියනව නම් නම් කියල😂. ඇත්තටම ඒ වෙලාවට යුනිට් එකේ ඉන්නෙ රෝගීන් කීප දෙනෙකුයි හෙද හෙදියො, කාර්යමණ්ඩලය දෙතුන් දෙනෙකුයි මමයි විතරයි. සරම ඇඳගෙන ගියත් අවුලක් නැති මට්ටමට එයාල ගොඩක් හිතවත්. ඒත් දඩි බිඩි ගාල ආයෙ කලිසමට මාරු වෙලා ටී ෂර්ට් එක දාගෙන තමයි වාට්ටුවට යන්නෙ. 

මොකද හදිසි ප්‍රතිකාර ඒකකයෙ නැතිනම් දැඩි සත්කාර ඒකකයෙ රෝගියෙකුට අමාරුවෙලා හාට් මසාජ් දෙනකොට ඇඳ උඩට නැගල දණිස් දෙක මෙට්ටෙ උඩ තියාගෙන තමයි පපු තෙරපුම දෙන්නෙ. ඉතින් මම ආසම ඇඳුම ඇඳගෙන ගිහින් ඒ වෙලාවට ඕක ගැලවෙලා බිම වැටුනොත් එහෙම ආයෙ ඇඳුම ඇඳගෙන එනකොට ලෙඩා ජීවතුන් අතර නැති වෙයි. 

ලෙඩා නම් ලෙඩා කියලවත් කියමුකො. ඒත් ඒක දැකල අර යසට ඉන්න මිසීලට හාට් ඇටෑක් එකක් වත් හැදුනොත් අපරාදෙනෙ. ඒක නිසා කැමති ඇඳුම සරම වුනත් ඒ වෙනුවට හිත හදාගෙන හරි සුදුසු ඇඳුම මම තාමත් අඳින්නෙ.

විශේෂයෙන් මිනිස්සු ගරු කරන රැකියාවක තමන්ගේ ඇඳුම නිසා සේවාදායකයින් අපහසුතාවට පත් නොවිය යුතුමයි. මොකද මේ සමාජයේ කෙලෙස් ප්‍රහාණය කරපු අය අති දුර්ලභ නිසා. නීති පොත්වල කොහොම තිබුනත් සමාජයක ජීවත් වෙනකොට අපිට කැමති කැමති දේවල් කරන්න හැමවිටම බැහැ.

ඉතින් මේ දවස්වල ගොඩක් කතාවෙන ගුරුතුමියන්ගෙ ඇඳුම ගැනත් යමක් කියලම නතර කරන්නම්. පළමුවෙන්ම ඔවුන් ඇඳිය යුතු ඇඳුම ගැන බලපෑම් කරන්න මට අයිතියක් නැති බව කියලම පටන් ගන්නම්. මට දැනෙන දේ විතරක් මම කියන්නම්.

සරියක් ඔසරියක් ඇඳල එන ගුරුතුමියන්ට මම පෞද්ගලිකව ගොඩක් කැමතියි. ඒ ඇඳුම තුළම ඔවුන් කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වෙනව. පාසල අවට කොහේ හිටියත් අපි ඒ ඇඳුමෙන් ඔවුන්ව හඳුන ගන්නව. ඒ ඇඳුම තුළ ඔවුන් කෙරෙන් හොඳ පෞරුෂයක් මට පෙනෙනව. සමාජය තුළ බොහෝ කාලයක් මට තියෙන අත්දැකීම් අනුව මේ සාරියට ඔසරියට හැම මිනිහෙක්ම සාපේක්ෂව ගොඩක් ගරු කරනව. ඒ ගොඩනැගෙන පෞරුෂය ඉදිරියේ කාන්තාවකට සමාජයේ ලොකු රැකවරණයක් ආරක්ෂාවක් පවා තියෙනව.

දැන් ඉතින් කියන්න එපා ඇඳුමෙන් මිනිස්සු මනින්න තරම් මේ සමාජය ගෝත්‍රික ද කියල. හේතුව අහන්න එපා. මම මේ කියන්නෙ ඔබ කැමති වුණත් නැති වුණත් මේ මහපොළොවෙ තියෙන යථාර්ථය. ඒක එහෙමම තමයි. ඉතින් ඒක දන්න කිසිම ගුරුවරියක් සාරියෙන් වෙන ඇඳුමකට මාරු වෙන එකක් නෑ. ඇත්තටම ලෝකෙ පහසුම ඇඳුමක් කියල එකක් නැහැ. ඒක තීරණය වෙන්නෙ ඇඳුම අඳින කෙනාගෙ අවශ්‍යතාවය, අපේ සංස්කෘතික සමාජ සහ ආගමික වටිනාකම්,  වෘත්තීයමය ස්වභාවය වගේ සාධක බොහොමයක් එකතුවෙලා. 

system change කියන්නෙ මිනිසුන්ගෙ ඇතුල වෙනස් කරන්නෙ නැතුව පිටකවරය මාරු කරන එක නෙමෙයි. ඒ වගේම ඇතුලතින් පරිපූර්ණ කෙනා දැනට තියන කවරෙ වෙනස් කරන එක ගැන ඒතරම් වද වෙන්නෙ නෑ කියන එකත් ලියලම මම නවතින්නම්. 👍

ෆොටෝස් ටික නං නිකමට දැම්මෙ 😂😂🙏                                                                            notes of imaginary

Friday, November 18, 2022

කුමට මෙවන් රජයක් ?.


පාසල් ලිපි ද්‍රව්‍ය මිල අහස උසට ඉහල ගොස් ඇත. මෙය දෙමව්පියනට දරා ගත නොහැකිය.සීමිත ආදායම් රටාවක් තුල හිරවී සිටින දෙමව්පියන් ආහාර,ඖෂධ, සහ බැංකු ණය  මාසිකව තුලනය කර ගන්නනේ ඉදිරි මාසයටද හිග ශේෂයක් ඇති කරගෙනය.

ආදායම් අතිරික්තයක් නොමැති සමාජ ස්ථර අතිරේක ව්‍යාපෘති සිහිනයක් බවට පත් කරගෙන ඇති බැවින් එදිනෙදා රැකියාවක් කර මුදල් උපයා ගන්නා කම්කරු  ,ගොඩනැගිලි ඉදිකිරීම් කේෂත්‍රයේ ,වැනි රැකියා කරන අයට අද රැකියා නැත.

අවුරුද්ද එවර වෙමින් අළුත් පාසල් වාරයක් ආරම්භ වෙමින් ඇත. පාසල් යන වයසේ දූ දරුවන් ඇති දෙමව්පියන් අනිවාර්යෙන්ම පාසල් ලිපි ද්‍රව්‍ය සදහා මුදල් වැය කල යුතුය. වැය කිරීමට අයක් නැති බාවින් දෙමව්පියන් අසරන තත්වයකට පත්වී ඇති බව රහසක් විය නොහැකිය.

ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයට අවබෝධයක් නැද්ද ?. අධ්‍යාපන අමාත්‍යාංශයට අධ්‍යාපන අමාත්‍යවරයාට මේ ගැන සංවේදිත බවක් නැද්ද ?.

පාසල් ලිපි ද්‍රව්‍ය . සහ උපකරරන සදහා පමනක් සෙස් බද්ද අඩුකිරීමට නුවනක් නොමැති නම් කුමට මෙවන් රජයක් ? .......



notes of imaginary

Saturday, November 12, 2022

සීතල මරණය - ඇස් හතරකින්.



නාවලා මේ සිමේන්තිය උඩ

බාවලා තිබ්බාම ලැජ්ජයි

රෙදි කෑල්ලක් දමාපල්ලා

අඩුම ගානේ ඉණටවත් මගෙ .

තැනින් තැන සුදු වෙලා තිබුණට

ජීවිතේටම පාට නොකරපු

කොන්ඩෙ කළු කරලා තියෙන්නං.

වැරදිලාවත් සැලුන් එකකට

අරං ආවද සැකයි මට නං .

පැපොල හැදිලා මූනෙ හැමතැන

ආවාට වගෙ කැළැල් තිබුණට

උළල උලලා තට්ටු ගාලා

මොකක්දෝ මේ කරන විගඩම..

දරකෝටු වගෙ තිබුණු අතපය

මිටියකින් ගහලයි නමන්නේ

කොහු පාන්කඩ ඔබලමයි මුං

පපුවෙ කරඬුව හදාගන්නේ .

මැරිල හින්දා රිදුනෙ නැතුවට

අපේ උන්දෑ දැක්කනම් හෙම

වාවන්නෙ නෑ පපුව පැලෙනව.

රහස් සේරොම වහන්කරලා

තත්තෙ රැකගෙන වලදාන්නයි

ලොකු එකී වියදම් කරන්නේ

දුක නැතෑ ඒකිටත් අම්මප .

හත් අවුරුද්දකින් දැක්කෙ නැහැ නොවැ

පෝන් එකකින් මිසක් ඇත්තට

අඬාගෙන මා බදාගත්තම

ඇහැරලා පොඩ්ඩක් බලන්නට

හිතක් හිතුණත් නොකෙරුවේ මං

ඒකි බයවෙයි කියලමයි.

හුස්ම ටික ගිය මේ සරීරේ

හැඩ කොරන්නට ගිහිං අයියෝ

ඇහැකි වේවිද ඇඳින ගන්නට

ඉස්ටෝරුවෙ කිරිකපාපු

ඇල්පිනාව .....කාටවත්ම....????

රෝ.සි.

 💜💜💜💜💜💜💜ඒ මරණය දුටුව රෝහිණි සිසිප්‍රිය.


රංජිත් කෝණාර ත් මරණයේ සුන්දරතාවය දකිනවා. මේ සිගිවිලි මම ගත්තේ වත පොතෙන්. මගේ හිත මේ සිතිවිලිත් එක්ක නතරවුනා. 💜💜💜💜💜💜💜💜💜




හිටි හැටියේම

වමි අත දිගේ හිං කැක්කුමක්

උපැස් යුවල ගලවා ලියන කොලය

උඩින් පෑන තබා හයියෙන් හුස්ම

පොදක්

කැක්කුම පපුවටම

අක්කේ

පෙනඩෝල් පෙති දෙකක්

හොදටෝම මදි වී

1990 සයිරන් හඩක්

ලගම රෝහලේ

OPD එකේ දොස්තර මහතාගේ

නලලේ රැලි තුනක්

සීරියස් 😕😕😕😕😕තනි වචනයක්

වමතට ,දකුනතට කටු වැස්සක්

ට්රාන්සර් එකක්

රත්නපුරේට

කහපාට තීන්ත පතුරු

ගැලවුනු ට්රොලියක්

පෑනක් පොතක් ගන්න ආපු

දවසට හිනහ වෙලා විහිලුවක්

කරපු ඇටෙන්ඩන්ටි මහත්තයාගේ

බොද වු සේයාරුවක්

රතුපාට බල්බි එකක් කැරකෙන

ගිලන්රථයක් වෙිගයෙන්

ගමනක්

පිලිගන්න පෙරමග සුදානමක්

මහ රෝහල දොරකොඩ ඉදිිරිපිට

ට්රොලියක් සමග දෙදෙනෙක්

කෙලින්ම

ඇදකට

සියලු සේයා බොද වීමක්

හදවතේ ගැඹුරුම තැනක

සදාතනික මතකයක සිහිවීමක්

දෙනෙත් කොනින් ගලා ගිය

සීතල කදුලු බිදුවක්

ඇමිබුෂ් කරමු

පපුව උඩ වෙද නලා කිහිපයක්

ෂිහ් Description: 😢Description: 😢Description: 😢

ඩවුන්

මොනව කරන්නද

අපි ෆුල් ට්රයි කරා

මහ වෙදදුරුගේ මලානික

කෙටිම කෙටි වචන පෙලක්

ජයරතත්න ද,රත්න,ද කැමති තැනක් , නැෂනල් එකද, කලු කලිසමයි සුදු අත්දිග කමිසයි

හැබැයි ඇන්දෙම ටී ෂර්ටි

චැහ් ඒක හරි නැ එහෙනං කැමැත්තක්

මහගෙදර පාමුලද,

ආංඩුවෙි කනත්තද

ඔිනි තැනක්

දුරින් ඈතින් එන්න නැති නිසා

එකම එක දවසක්

හිත හැදෙන මතක බනක්

කොප්පෙන් ඉතිරි පිගානට

පැන් ටිකක් එය අනිත්යයට

සමකිරීමක්

"මාව දාලා යන්න එපා රත්තරනේ"

කියන්න කෙනෙක් සින්නක්කරේටම

නැති නිසා

සතුටු හිතෙන ගමනක්

පරවුන මල්වඩමක්

ඇවිලි නිවී ගිය පොල් ගෙඩි දෙකක්

පෙටිටියට උඩින් වැටුනු සත පහේ

කාසියක්

පෙනි නොපෙනි යන

අමිමා ගේ රන් රුව

සීතල මරණයක්


 




notes of imaginary