අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.

මීදුම

බුදුරජාණන් වහන්සේ , ධර්මය දේශනා කරන්න මැළිවුණා මුලින්. සහම්පති බ්‍රහ්මයා තමයි ලු,ආරාධනා කළේ , අවබෝධ කරගන්න පුළුවන් සත්වයිනුත් සිටින බව, කියල..එතකොට ,බුදුන් වහන්සේ , මහාකරුණා සමාපත්ති යෙන් ලෝකය බලා, පුද්ගලයන් කොටස් 04ක් සිටින බව දැක වදාළා.

1.උග්ගට්තඤ්ඤ.

2. විපටිතඤ්ඤ.

3.ඤෙය්‍ය .

4.පදපරම.

මෙයින්,පළමු කෙනා, ධර්මය ඇසෙනවිටම අවබෝධ කරගන්න වා.

දෙවැනියා ,ධර්මය පැහැදිලි කරදෙනවිට අවබෝධ කරගන්න වා.

තුන්වැන්නා කාලයක් අසීරුවෙන් ධර්මය සාකච්ඡා ,දේශනා ආදියෙන් පසු, අවබෝධය ලබනවා.

පදපරම පුද්ගලයා ට කිසිවිටක ,අවබෝධය කරා යන්නට නොහැකි වෙනවා.

තථාගතයාණන් වහන්සේ ලස්සණ උපමාවක් ඊට දේශනා කළා .

ඇතැම් නෙළුම් මල්, විල් දියේ ගෑවි, ගෑවී තිබී.....හිරුඑළිය ලද සැණින් විකසිත වෙනවා. ( උග්ගටිතඤ්ඤ )

තව සමහර මල් , තරමක් ගැඹුරු දියේ තිබිලා, ක්‍රමයෙන් හිරු එළිය ඊට වැටුණාම දියෙන් මතුවී විකසිත වෙනවා.( විපටිතඤ්ඤ , )

තවත් මල් ඉතාම ගැඹුරේ තිබී, මඩ..රොඩු බොරඩු අතරින් , හිරුඑළිය පතුලට වැටුණාම, අමාරුවෙන් උඩට මතුවෙනවා .(ඤෙය්‍ය )

තවත් කොටසක් , පතුලේම තිබී, සතුන් කාදමා, මඩෙන් උඩට නො පැමිණ ම විනාශ වෙනව . ඒ පදපරම පුද්ගලයන් ට කියපු උපමාව

...............බුදුන් වදාළ ධර්ම ය මොනතරම් සුන්දරද ?

Random Post

2022-08-09
දුක හිතෙනවා

8/09/2022 06:25:00 am
2

                                                 සුන්දර ඇමෙරිකන් ජිව්තය .. ටිකක් දිග කතාවක්,හැබැයි ගොඩක් වැදගත්  මේ කතාව මගේ නෙමෙ ..ඒත් එය ...

Read more »
2022-08-07
මුන් ට පිස්සු  ආනන්ද .

8/07/2022 07:22:00 am
2

                                                                                                                           මුන්ට පිස්සු...ආන...

Read more »
2022-08-06
දියව් ! දියව් !!.

8/06/2022 03:34:00 pm

ජී වත් වීම අසීරුය.රටේ ආර්ථිකය ලත්වු පීඩනය අපේ බත් පතටත් එල්ලවී තිබේ.   පසුගිය අවුරුදු දෙක අපිට වුන දේ හිතාගන්නටවත් නොහැකිය. පොහොර ගෙන්වා ගැණ...

Read more »
2022-08-04
මහ දිග කතාවක් නෙවෙයි...විනාඩි 18යි

8/04/2022 02:38:00 pm
1

notes of imaginary 😁😁😁මුනූ පොතට මේ කතාව යොමු කලේ රෝහිණී සිසිප්‍රිය. ඇයට ස්තුතියි . ටිකක් නිවී හැනහිල්ලෙ ඉන්නකොට මට  හිතුණ, අපි මේ දුවන්නෙ...

Read more »
2022-08-03
අග්ගලා තියෙනවා නම් ගමුකෝ  - මහාචාර්ය සෙනරත් පරනවිතාන.

8/03/2022 09:34:00 pm
7

මෙතුමා ගැන නොදන්නා අය බොහෝ විරලයි. පුරා විද්‍යාවත් අපේ අතීත ශ්‍රී විභූතියේ හෙලිදරව්වත් සාකච්ඡා කරන කාට හෝ මහාචාර්ය සෙනරත් පරනවිතාන.මහතාගේ නම...

Read more »
2022-08-02
හේන්පිටගෙදර ශ්‍රී ඥාණසිහ හිමියන්ගේ චරිතාපදානයෙන්   බිදක්.

8/02/2022 11:17:00 am
1

...බෞද්ධාලෝක මාවතේ පිහිටි පොලිස් පරීක්ෂණ ස්ථානයේ රාත් ‍ රිය ගත කර, දෙවෙනි දින මැගසින් බන්ධනාගාරයට යවනු ලැබූ මම කාමර කිහිපයක් ඇති වාට්ටුවක එක...

Read more »