ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2013-07-08

ශ්‍රී ලංකාවේ තේ කෝප්පයේ ඉතිහාසය.







ශ්‍රී ලංකාවත් තේ දල්ලත් අතර ඇත්තේ සුවිෂේශ සම්බනධයකි. අපේ රටේ වානිජ වගාවන් අතර කෝපි යුගය අවසන් වන්නේ තේ යුගය ආරම්භයෙනි. 1867 අක්කර 19 ක භූමි භාගයක වගා වකින් ආරම්භවු තේ වගාව පසුකාලීනව අක්කර 1,87309 ක පමණ භුමි ප්‍රමාණයක් අත්පත් කර ගත්තේය.තේ වගාව පිළිබදව උතුරු ඉන්දියාවේ අත්දැකීම් සමග 1867 දී ශ්‍රී ලංකාවට පැමිණි ජේම්ස් ටේලර් නම්වු යුරෝපීයා ලූ කොන්ඩෙරා වතුයායේ ඔහුගේ ප්‍රථම අත්දැකීම් පර්යේෂන වගාව ආරම්භ කල බව සදහන්ය.
ජේම්ස් ටේලර් නිපදවූ තේ ලන්ඩනයේ වෙන්දේසියකදී ඉතා හොද මිලකට අලෙවි විය. මේ අලවි වාර්තා ශ්‍රී ලංකාව පුරා තේ වගා කිරීමට උත්ප්‍රෙරකයක් විය. 1873 සිට 1880 දක්වා කාලය තුළ පවුම් 23ක වටිනාකමක් වු තේ නිෂ්පාදනය 1890 වන විට ටොන් 22,900 ධාරිතාවක් අත්පත් කර ගෙන තිබිණි.
1960 දක්වා ශ්‍රී ලංකාවේ වූ බොහෝ තේ නිෂපාදන ආයතන බ්‍රීතාන්‍යයන්ට අයත් ඒවා විය. "ඉඩම් ප්‍රතිසංස්කරණ පනත" හදුන්වා දීමෙන් අනතුරුව, මෙම තත්වය වෙනස් විය. සියළුම විදේශික වගාවන් රජයට අත්පත් කරගත් අතර 1990 දක්වා ආයාලයේ ගිය අතර සිට නව කළමනාකරනයකට පත්ව කර්මාන්තය රාජ්‍ය සහ පෞද්ගලික ආයතන අතර බෙදී ගියේය. බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද වතු 1960 දී රජයට පවරා ගන්නා ලදී. නමුත් එතැන් පටන් පෞද්ගලීකරනය වී වර්තමානය වන විට වතුකර කීපයක් හෝ තේ වත්තක් හෝ හිමි "වැවිලි සමාගම්" මගින් කළමනාකරණය පවත්වා ගෙන යයි.
අද වන විට ජාත්‍යන්තර තේ වෙළද පලේ ලිප්ටන් , සර් වින්ස්ටන් සහ අහ්ලන් යන තේ ‍සන්නාම තේ ලොව පුරා ප්‍රකට ශ්‍රී ලාංකික තේ වර්ග වේ.
ශ්‍රී ලංකාව ලොව තුන්වෙනියට විශාල වශයෙන් තේ නිශ්පාදනය කරන රට ලෙස ජාත්‍යන්තර නිෂ්පාදනයෙන් 9%කට හිමිකම දරන අතර ගෝලීය අවශ්‍යතාවයෙන් 19%ක පමණ කොටසක් හිමිකම් කියන ලොව ප්‍රධානතම අපනයන කරුවෙකි.

භුගෝලිය පිහිටීම අනුව ශ්‍රී ලංකා තේ උඩරට තේ, මැදරට තේ සහ පහත රට තේ ලෙස කාන්ඩ 3කට බෙදේ.

notes of imaginary

2013-06-18

හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස - විශාරද නන්දා මාලණි





හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල  තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.

කුසින් අඩක් දල අහරින් සකසා
කෙසග සිරුරු  රළු යහනේ සතපා
අනියත් හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප වන පොත් කරනා
මානව මනවිකාවන්ගේ 
නලියන රුධිරයේ උණුසුම් සුසුම
ප්‍රේමයේ සුවද නොවේ.

හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල  තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
පීඩනයෙන් පැනසර හිස ඔසවා 
පෙරමුන ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන්  සිහිකරමින්
විද්‍ය ශිල්ප කලා වනපොත් කරනා
මානව මනවිකාවන්ගේ 
 පුපුරන මනසේ කකියන පැතුමයි 
ප්‍රේමයේ සුවද නොවේ.

හන්තාන අඩවියේ මැදුරු කුළුනු සුදු සදළු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවද නොවේ.
හන්තාන අඩවියේ කුසුම වදුල  තුරු සිරස හමා ගෙන
මේ එන්නේ ප්‍රේමයේ............................... සුවද නොවේ.

notes of imaginary

2013-06-14

ඔන්න බබෝ ඇතින්නියා.




 සම්ප්‍රදායික නොවු නැළවිලි ගීතයක් පල කරමින් සීයා කල අත්හදා බැලීමක් නැවත බලන්න.. ඊයේ වියමනේ පල කලෙමි.
මේ නැළවිලි ගීතද පුංචිත්තා නිදිකරවීමට  සීයෝ යොදා ගන්නේ ඒකාකාරි ශබ්ද රටා ඇසීමෙන් පුංචිත්තා අසහනයට පත් නොකරන්නට සිතාගෙනය.

මේ නැලවිලි ගීත පදවැල් කාලීනව අදට කොහොමවත් ගැලපෙන්නේ නැත.ද රට යන අම්මලා අද නැති තරම්ය.අම්මලා සුපර් මාකට් එකෙන් පලා පලතුරු ගෑස්  සිලින්ඩර් උස්සාගෙන ත්‍රිවිලරයෙන් ගෙදර එන්නේ පඩි වැඩිකරන්න වෘත්තීය සමිති කාරයින්ට උපදෙස් දෙන සිතිවිල්ලේය.

මාත් පුංචිත්තාත් මේ වාද විවාද මායිම් නොකර  සුව නින්දකට දොර විවර කරගන්න තැත් කරන්නේ ලෝක‍ය සරල බවේ සිට සංකීර්නවීමට දරනා උත්සහාය ගැන සිතමින්ය.


ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා

පුතුට බයේ දුවන්නියා


දොයි දොයි දොයි දොයිය පුතා
බයි බයි බයි බයිය පුතා
නුඹේ අම්මා කිරට ගියා
කිරි එරවා එන්ට ගියා
කිරි මුට්ටිය ගඟේ ගියා
ගඟ දෙගොඩින් කොක්කු ගියා

අතට වෙරළුඇහිද ගෙනේ
ඉනට පලා නෙලා ගෙනේ
බරටම දර කඩාගෙනේ
එයි අම්මා විගසකිනේ

ලිඳ ළඟ මී අඹ අත්තේ
දසයකි ගෙඩි එක ඉත්තේ
ඉන් එකකුත් ඇත පුතාට
ඇත්නම් සැතපී ගත්තේ 

දුවේ නුබේ ලොකු අම්මා
අතේ වලල්ලක් දැම්මා
නැතේ අගය එහි නිම්මා
දුවේ මගේ නිදි යම්මා

අතට වළළු කොහෙන් දුවේ
කරට මාල කොහෙන් දුවේ
ඉනට සේද කොහෙන් දුවේ
නැළවී නිදියන්න දුවේ.

  
නුබේ අම්මා කොතන ගියේ
පතන කැලේ  දරට ගියේ
දර අරගෙන එන්නට ගියේ
ඒ එනකල් නුඹ දොයියේ.

නුබේ අම්මා කොතැන ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා  ගියා

සුරතල් දරු බිය වෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම්නැති
කිරිල්ලෝද සැතැපෙති

තොටිල්ල සැම සුව පිරි
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්න  පුත රන් කිරී

 කන්දක්ගිනි ඇවිලෙන්නේ
හැන්දක්කිරි බීපන්නේ
නැන්දයි නුඹ නලවන්නේ
නින්දක්නිදියා ගන්නේ

 ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා

පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක්පඩිකනවා
ඉන් පවුමක්මට දෙනවා



උඹෙ අම්මත් ඉතා කළුයි
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹ නලවන මාත් කළුයි
නුඹ විතරයි තල එළළුයි

ලොවේ පුතුන් බොහොම ඇතා
ඩා  නැලෙව්වත් අඩතා
මගේ පුතා එහෙම නැ තා
නාඩා  නැලවියන් පු තා

දොයි දොයි දොයිය බබෝ
 බයි බයි බයි බයිය   බබෝ

ක න් ද  ක්  ගිනි ඇවීල ගෙනේ
හැ න් ද  ක්  කිරි බීපන්නේ
නැ න් ද ක්   නුඹ නලවන් නේ
නි න් ද  ක්  නිදි යා ගන්නේ

දොයි දොයි දොයි දොයිය බබෝ
බයි බයි බයි බයිය බබෝ

න් බබෝ හොරුඑනවා
  ලමයි අල්ලනවා
 රේ තියාගෙණ යනවා
 අල්ල අල්ලා  විකුනනවා 
  න්   විකුණා රා බොනවා          
 විකුන විකුන රා බොනවා



notes of imaginary

2013-06-13

පුංචිත්තාට ගැයු ගී


පුංචිත්තා සමග දවස ගෙවන මීදුමට ඔහුගේ ක්‍රියාකාරකම් වලට සහයෝගය දෙමින් දවස ගෙවා ගන්නට සිදුව ඇත. පාන්දර “ සීයෝ “ කියාගෙන අවදිවී  සීයා සොයා ගෙන විත් අත්අඩංගුවට ගන්නා පුංචිත්තා සීයා නැවත අත්අඩංගුවෙන් මුදවා හරින්නේ රාත්‍රීයේ නින්දට  අම්මා තුරුලට යාමෙනි.
මීදුමට දවසේ ඇත්තේ එකම කාලසටහනකි. දහවල පැය දෙකක පමණ විවේක කාලයක් කාලසටහනේ ඇතත් ඒ කාලය පුංචිත්තාගේ නින්ද කඩනොවීමට ඇද ඉද්දර සීරුවෙන් සිටීමට සිදුවන බැවින් එයද  stand by වර්ගයේ විවේක කාලයකි.
පුංචිත්තාට අවශ්‍ය නිසාම පාඩම් කරගත් ගීතිකා පුංචිත්තාට නින්ද යන තෙක් ගායනා කිරීමද  “සීයෝ ” ට පැවරී ඇති රාජකාරියෙකි. මේ ගීතිකා සමහර ඒවා නැලවිලි ගීතය. තවත් සමහර ගීත නැලවිලි ගීත ස්වරයෙන් ගායන කරන වෙනත් ගීතය. ආදරය සෙනහස ශබ්ද රසයට එක්ව ඇසෙන විට නැලවිලි ගීත නොවුවත් ඒ ගී හඩ පුංචිත්තා නිදිසුවය කරා රැගෙන යාමට සමත්ය.

ඉතා ගැඹුරෙන් නැලවිලි ගීත කතා කරන්නට ඕනා වුනත් අද මේ වියමන වෙන් කරන්නේ පුංචිත්තා නිදිසුවය කරා කැදවා ගෙන යන්නට මීදුම යොදා ගන්නා අසම්මත නැලවිලි ගීයක පදවැලක් පලකරන්නටය.
මේ පදවැල චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිතය. එවකට ගුවන් විදුලියේ ගීතයක් ලෙසද ප්‍රචාරය වුවා මීදුමට  මතකය. නවීන පද්‍ය සංග්‍රහය නම් පාඨග්‍රන්ත්‍රයේ මේ ගී වැල පලවී තිබුනේ අපොසප සාමාන්‍ය පෙල සාහිත්‍ය විෂයය නිර්දේශය සදහා තෝරා ගත් නිසාවෙනි.
පසුකාලයේ  ( 1977 න් පසු )සාහිත්‍ය කන්න බැරි නිසා දරුවන්ට ඉගැන්වීම අත්හිටවු බවත් සිහිපත් කලයුතුය.

මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙති වල කවුදෝ ලියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
පාට පාට ඉරි හැඩ ගහලා

පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
වනන්තරේ හරි වැඩ කෙරෙතී
බෝසත්වරු බණ කතා කියද්දී
වන දෙවඟනො මල් වල ලියතී

මේ වගෙ ලස්සන පාට අපට නෑ
කොතැනින් මේවා ගෙන එන්නේ
කොහොමද අම්මේ මේව කියන්නේ
මට නෑ මොකවත් තේරෙන්නේ

ඉර පායන කොට ඉර බැස යන කොට
පාට වළාකුළු ඇත අහසේ
ඒවායින් මේ මල් පැහැ ගන්වයි
ඒව කෙරෙන්නේ හොර රහසේ


අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
කිචි බිචි ගා මොනවද කියතී
උන් දන්නව ඇති මේ මල් වල ඇති
පුංචි අකුරු නිතරම බලතී

ඔව් මගෙ සූකිරි පුංචි පුතේ ඔව්
කුරුළු ගීත වල රස මතුවේ
එක එක තාලෙට කියන කියන දේ
මල් කොළ වල තව තව ලියැවේ

බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
මල් ද කුරුල්ලන් කොහි යනවා

බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
කවදත් ඔහොමයි පුතුනි මගේ
මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම
මල් කොළ වලටත් සතුට නැගේ
notes of imaginary

2013-06-11

වීඩියෝ දෙකක්.

2013-06-04

සරසවියක මඩවනවා...........


සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවියන්  බදුල්ල - කොළඹ ඒ 04 ්‍රධාන මාර්ගයේ පඹහින්න මංසන්දිය (සරසවියට හැරෙන මං සංදිය) අවහිරවනසේ මග හරස් කර උපවාසයක් අරඹා ප්‍රධාන මාර්ගය හරස් කරමින් වි‍රොධතාවයක් පැවත්වීය.

පැය පහ හමාරක් පමණ වේලාවක්  මගී ජනතාව , සහ වාහන    අත්අඩංගුවට ගෙන සිසුන් කටයුතු කලේ ඔවුනට සරසවි පාලකයින්ගෙන් සිදුවුවායි පවසන ආසාධාරනයනට වගකිව යුත්තේ  මගී ජනතාව යයි සිතා විය හැක.
නැත්නම් ඔවුනට උපවාස කරන්නට සත්‍යග්‍රහ කරන්නට සුදුසු ක්‍රිඩාපිටි එළිමහන් භුමි ඔනෑවටත් වඩා සබරගමුව විශ්ව විද්‍යාලය සතුය.මේ රටේ පාලකයින්ට විරුද්ධවන උද්ඝොෂකයේ බොහෝ දෙනා කිසිවකටත්  අදාල නැති ජනතාව පීඩනයට පත්කරන්නේ ඔවුන් ලවා තම ගැටළු ලිහා ගත හැකිවේයයි සිතා විය හැක.


මෙම ක්‍රියාදාමයට ප්‍රතික්‍රියා දක්වන පොලීසිය සිසුන්ගෙන් මාර්ගය මුදවා ගැණිමට සාම සාකච්ඡා පවත්වා ඉන් ප්‍රතිපල අත්නොවු තැන අවම බලය යොදන්නේය. කදුළු ගෑස් බැටන් පොළු  දඩු මුගුරු වලින් යුද්ධය අරඹා සිසුන් රෝහල්වලට ඇතුලත් කර තමුනුත් රෝහල් ගතවෙන්නේය.
ප්‍රශ්නය අවසන් වන්නේය. සිරකර සිටි මගී ජනතාව දවසක වැඩ කටයුතු කඩාකප්පල් කරදමමින් නිදහස් වන්නේය. මේ අපේ රටේ විරෝධතාවල ස්වභාවය යි.

සබරගමුවේ සිසුන්   තම ආචාර්යවරුන්ගේ වාහන කුඩු වෙන්න ගල් ගසන්නේත් නිවාස කුඩුපට්ටම් කරන්නේ   ගුරුවරුන්ට ඇති   ගුරු ගෞරවයනිසාය. ඒතරමටම ගුරු ගෞරවය  රකින වීනිත සිසුන් නිසාය.පාසලක සිටියත් පූජණිය ස්තානයක සිටියත් විශ්ව විද්‍යාලයක සිටියත් ගුරුවරුන් ගුරුවරුය.
විශ්ව විද්‍යාල  පාලණාධිකාරිය මතු බුදුවන මෛත්‍රීය බුදුන් දැක නිවන් අවබෝධ කරගන්න පාරමිතා පුරන සැදැහැවත් පාලකයෝය.සිසුන් විශ්ව විද්‍යාලයෙන් නෙරපා දමන්නට තරම් කාරුණිකය.කාටුනය බලන්න.

ඉදින් කවර කතාද ?.


notes of imaginary

2013-05-30

2013-05-24

අධ්‍යාපන සර්ලා සහ මැඩම්ලා.



මේ රටේ පරිපාලන සේවා දෙකක් ඇත. එකක් රාජ්‍ය පරිපාලන සේවය වන අතර අනෙක අධ්‍යාපන පරිපාලන සේවයයි. මෙම සේවා දෙකම සමගාමී සේවා වන අතර රාජ්‍ය පරිපාලන සේවය ජනතාවට ඉතාමත් සමීප වන අතර අධ්‍යාපන පරිපාලන සේවය සමීප වන්නේ අධ්‍යාපන ක්‍ෂෙත්‍රයට පමනය. ගුරු සේවා තත්වය තුල තිබු කඩඉම් පුළුළු් කර අධ්‍යාපන පරිපාලන සේවය ඇති කරන ලද්දේ අධ්‍යාපන ඇමතිවරයෙකු ව සිටි රිචර්ට් පතිරණ මහතාගේ සංකල්පයකට අනුවය. එතුමාද ගුරු වෘත්තියෙන් පැමිණියෙකු නිසා වෙන් ගුරු වෘත්තිය තුල තිබු සීමා කඩඉම් පිළිබදව මනා අවබෝධයකින් යුතු ඇමතිවරයෙකු විය.

අධ්‍යාපන පරිපාලන සේවයේ සිටින පරිපාලන නිලධාරින්ගේ වෟත්තීකුල අභිමානය පිලිබදව මීදුමට ඇති අවබෝධය අද මීදුම වියමනින් දිග ඇරෙන වට යමෙකුට රිදෙනවානම් රිදෙන අයගේ තුවාලයට බෙහෙත් දමා ගන්නවා විනා මීදුමට ගරහා සේවයක් වන්නේ නැත.

මීදුම මෑත දිනක මීදුම් ඇති පලාතක පලාත් කාර්යාලයකට ගොඩවැදුනේය. වෙලාව පස්වරු තුනයි තිහ වන්නට ඇත. දිනය බදාදා දිනකි. මෑතක සේවයට එක්වු පරිපාලන නිලධාරිණියක් මිතුරකු හා කරන පිලිසදර කට  ඇහුම් කන් දීමට  මීදුමට අහම්බෙන් සිදුවිය.
 “අනේ මන්දා මේ ගුරුවරු හවස් වෙනකම් ඔ‍ෆිස් එකට එනවා මල කරදරේ . මගේ හිසේ කැක්කුමේ බෑ .”  යනුවෙන් ඇගේ වෘත්තීය  පිලිබද ප්‍රතිචාරය මිතුරාට කියවනු ලැබීය. ඈ විසින් කරන ලද විමර්ශණයක් ගැන උජාරුවකුත් මට අසන්නට ලැබිනි. තවත් අධ්‍යාපන පරිපාලන නිලධාරියෙකු විසින් ගුරුවරියකට එරෙහිව කරන ලද  පැමිණිල්ලක් විභාග කර සේවය අත්හිටවීය. මෙම පැමිණිල්ල තහවුරු කිරීමට කිසිදු සාක්‍ෂියක් නොතිබිනී. ඒ පිලිබදව කරන ලද දෙවෙනි විනය පරීක්‍ෂණයකදී එම නිලධාරියා කීවේ මා ලද වෘත්තීය අත්දෑකීම් නිසා ඈ එම වරද කල බව තීරණය කල බවය.

මේ රටේ  අධ්‍යාපන පරිපාලන සේවය  පිහිටුවා ඇත්තේ ගුරුවරුන්ට සිසු සිසුවියනට සහ සිසුසිසුවියනගේ උරුමක්කාරයන් වන දෙමව්පියන්ටගේ යහපත සුරක්‍ෂිත කිරීමට මිස පරිපාලන සේවයේ රැකියාවක් ප්‍රධාණය කිරීමේ උවමනාවට නොවන බව  මේ ඇත්තන්ට සිහිපත් වන්නේ කවදාද ? යන්න මීදුමට සිතුන වාර අනන්තය.

බොහෝ කාර්යාල වල කරක් ගසා හෙම්බත්වු ජීවිත අත්දැකීම් ඇති මීදුම අධ්‍යාපන කාර්යාල කරා යන්නේ විශ්‍රාම යන්නට තම බිරින්දෑ අධ්‍යාපනයට සම්බන්ධව සේවය කල නිසා ඇගේ වෘත්තීය උවමනාවන් සදහාය. මේ ගමන් බිමන් වලදී අනෙකුත් රාජ්‍ය අංශයේ රාජ්‍ය සේවකයින් හා අධ්‍යාපන සේවකයින් සසදන්නටත් අප්‍රසන්නතාවය පල කරන්නටත් මීදුමට බොහෝ වාර වල සිදුවිය.

ගුරුවරයා ඔබෙත් මගෙත් කියා වෙනසක් නැත. ඔහු හෝ ඈ ගුරුවරයෙකි. මගපෙන්වන්නෙකි. ගුරුවරයාට නිසි බුහුමන් තිබිය යුතුය. තම වෟත්තීමය උවමනාවකට අධ්‍යාපන කාර්යාලයට ගොඩ වදින  ගුරුවරයෙකු කරදර කාරයෙක් සේ යම් නිලධාරියෙක් සලකන්නේ නම් ඔහු හෝ ඈ ගුරුවරයෙක් ගේ ඉගනගන්නා ලද තැනැත්තෙක් නොවිය හැකිය. ඔවුන්  පරිපාලන සේවයට පහලවන්නේ අකනිටා ඹබලොවෙන් විය යුතුය.

මේ සමහර නිලධාරීන් ගුරුසේවයේ සිට අධ්‍යාපන පරිපාලන සේවයට එක්වු අයද වෙති. මේ සියල්ලෝම තම තනතුර තුල රගදෙන්නේ මොණර විලාශයෙනි. අප්‍රසන්නවු පිටු පස දිග අරින පිල් කලබින් නිරාවරණය වන බව නොදන්නා සෙයකි.

සංග්‍රහශීලී ලෙස සිනහ වීමට තබා ගුරුවරුන් දෙස ප්‍රසන්න ලෙස බලන්න වත්  නැති මේ උදවිය  තමන්ගෙන් වැඩක්‌ කර ගැනුමට එන ගුරුවරයා  දෙස බලන්නේ ආත්ම කිහිපයක්‌ තිස්‌සේ තමන් පසුපස එන වෛරක්‌කාරයකු දෙස බලන විලාශයෙනා. එසේ  නම් මේ තනතුරු වලින් වැඩක් නැත.  තමන් ඉදිරිපිට දහදිය පෙරාගෙන හති දමමින් සිටින සහෝදර ගුරුවරයාට ආසනයක්‌ පිරිනැමීමට ඔවුන් කැමැති නැත.එසේ උව හොත් තනතුර හෑල්ලු වනබව සිතත්දැයි හිතා ගත නොහැක.

තමන් සංග්‍රහශීලී වනු වෙනුවට තමන් වෙත එන පුද්ගලයාගෙන් සංග්‍රහයක්‌ ලබන්නට ඔහු කැමැති ය.

අඩු තරමින් “සර්” හෝ “මැඩම් “ කියවා ගන්නවත්  ඔවුන්ට උවමනාය.


notes of imaginary

2013-05-21

සස්සද සසද දිය පල්ලේ තිබෙයි අල - රෝහන බැද්දගේ.




රෝහන බැද්දගේ මහතා  හොරන තක්‍ෂිලාවේ  උසස් පෙල කරන අවධියේදී මීදුමට හමුවන්නේ ගුරු - ගෝල සම්බන්‍ධයකිනි. තක්‍ෂිලාවෙන් නික්ම  යාමෙන් පසුව එක් දිනක් බදුල්ල -පානදුර බස්රථයකදී  එතුමා සමග ගමන් යන කුඩයත් බුලත් මල්ලත් සමග යලිත් අහම්බයෙන් මුණගැසිනි. “ සර් මොකද මේ ?.  “මම දැන් මොණරාගල ස්කෝලෙක උගන්වනවා .”හැත්තෑවේ දශකයේ අග භාගයේ ඇතිවු දේශපාලන විපර්යාසය එතුමා හොරණ සිට මොණරාගලට විසීකරන්න ඇතැයි මම එදා සිතුවෙමි.එතුමා අප තක්‍ෂිලාවේ සිටි අවධියේ නිර්මාණය කල පාසල් නාට්‍යය සමස්ථ ලංකා මට්ටමේ පලමු පෙල ජයග්‍රහණයයන්ට උරුම කම් කිවය. හොරණ තක්‍ෂිලාවත් - විද්‍යාරත්නයත් තරගයට මෙන් කරන ලද නිර්මාණ එදා සමස්ථ ලංකා මට්ටමේ කතාබහට ලක්විය. මගේ මතකය නිවරදි නම් තක්‍ෂිලාවේ “අලකලංචිය “ විද්‍යාරත්නයේ “සුදු ඇතා ආවාට පස්සේ “එදා බොහෝ කතාබහට ලක්වු නිර්මාණ විය.

අදත් වේදිකාවේ නම කියවෙන හැත්තෑවේ දශකයේ බිහිවු නාට්‍යකරුවන්  , නිර්මාණකරුවන්  මේ පාසල් නාට්‍යදෙක සහ මව්වරුන් වු බව සදහන් කල යුතුමය. මා දශක හතරකට ආසන්න කාලයක්  තිස්සේ මේ සුන්දර ගැමි කටහඩට  පෙම් බැන්දේය.

notes of imaginary

2013-05-10

අහන්න නන්දා මාලණියගේ හඩින්




notes of imaginary