ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2012-06-11

මේ හැටි දුර පියමං කරලා



2012-06-05

දියණියනි , ජූනි මස 5 වැනිදා



 2012 ජූනි මස 5 වැනිදා


ආදරණිය සුදු,


ම‍ගේ 31 දා ලිපිය කියෙව්ව හැටි‍යෙම ව‍ගේ සුදු මට කතා කලා. මට හරි සතුටුයි ම‍ගේ සමහර අදහස් වලට සුදු එකග වුනාම.
මම එදා ‍කේන්දර ගැලපිම් ගැන අදහසක් පල කලා. ‍‍මේවා පිලිබදව ම‍ගේ  නම් අදහසක් නැහැ. ඒ මට මේ පිළිබදව සාස්ත්‍රීය අවබෝධයක් නැති නිසයි.
කේන්දරය සකස් කරන්‍ ‍නේ   උපන් දිනය මුල් කර‍ගෙන. විවාහ ගැලපිම් සදහා ‍‍ජොතිශාස්ත්‍රාඥ‍යෝ උප‍යෝගි කරගන්නා දත්තයන්  ති‍යනවා. ‍මේවා හදුන්වන්නේ  ‍පො‍රොන්දම් කියලා.  ‍පො‍රොන්දම්  විස්සකින් සමන්විතයි. බොහෝ ජොතිශාස්ත්‍රාඥ‍යෝ මේ පොරොන්දම් විස්ස කේන්දර දෙක හා  ආදේශ කර  ගැලපීම් බලනවා. ඒවා  සුබ,අසුබ මධ්‍යස්ථ ලෙස වර්ග කර සුබ පල සියයට පනහකට වඩා වැඩි නම් විවාහයට සුදුසුයි කියා තීරණය කරනවා.    
ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එක නැකතකින් උපන්නානම්  ,  රෙහෙන අද පුස ...............ආදී නැකැත්  කණ්ඩායම් තුනකට බෙදා සුබ ,අසුබ , මධ්‍යම ලෙස කාණ්ඩ කර විවාහයට සුසුදුසුද නුසුදුසු ද යන්න   තීරණය කරන ක්‍රමවේදයකුත් තියෙනවා.
මෙම ක්‍රමවේදයන්  අසාස්ත්‍රීයයි  කියලයි මට හිතෙන්නේ.
එහෙනම් ලොකුට  සමාජය  අදුරා ගෙන විවාහයට කෙනෙක් තෝරා ගන්නා එක සුදුසුයි කියන මතවාදය අනුමත කරන්න වෙනවා නේද ?. සුදු මගෙන් ප්‍රශ්නයක් අහයි.
අපිට ගැටුම් අවම කර ගතහැකි  ක්‍රමවේදයක්  සකස් කරගත යුතුයි කියලයි මට හිතෙන්නේ.වැඩිහිටියෝ කියලා අපි මුලින්ම හදුන්වන්නේ අම්මයි තාත්තයි නේ ?. කවුරු හරි විවාහය සදහා තෝරා ගන්නා කෙනෙක් හමුවුනොත් මුලින්ම එයා අම්මටයි තාත්තටයි හදුන්වලා දුන්නෝත් එයාලට පුළුවන්වේවි නේද හොද නරක යෝජනා කරන්න. එතකොට වෙන බලපෑම් අඩුයි. අවදානමත් අඩුයි. අම්මයි තාත්තයි ගැලපෙයි කියලා හිතන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා කලින් හිතන්න වෙනවා. ඒ අනුවයි තමන් සැලසුම් සකස් කර ගන්න ඕනී.
වැඩිහිටියන්ගේ සම්ප්‍රදායික නිර්ණායකයන් කිහිපයක් තියෙනවා. සමහර නිර්ණායක වල දැන් කාලේ වලංගු භාවයක් නැහැ කියලා මට හිතෙනවා. කුලය කියන එක වැඩ වසම් යුගයේ ඇතිවු දෙයක්.ගොවිතැන් කල ඇත්තන්ගේ පරපුර ගොවිකුල ලෙසයි හැදුන්වුයේ. රජ වාසලට සේවය කලෝ රදළ වුවා. මේ වගේ එක් එක් වෘත්තීන් අනුව වර්ග කලා. අද මේ තත්වය වෙනස්. වෛද්‍ය,ඉංජිනේරු, ...................ආදී වෘත්තින්අනුව  වර්ග කලොත් එවැනි නව පරපුරක් ඇතිවේවි.මෙතෙන්දී මට නම් යෝජනා කරන්න වෙන්නේ තමන්ගේ වෘත්තීයට තමන්ගේ සමාජ පරිසරයට ගැලපෙන කෙනෙක් තෝරා ගත්තොත්, පවුල් ජීවිතයේ ගැටුම් අඩු බවයි.

ඉතින් අදට නතරවෙන්නයි මගේ අදහස. ආයෙත් දවසක මම ලියන්නම්

තෙරුවන් සරනයි.










ආදරණිය ලොකු 

2012-05-31

දියණියනි, - මැයි 31 දා.

notes of imaginary

 

31.05.2012

ආදරණිය සුදු,

thank  loku. මට ලැබුන sms පණිවිඩයේ තිබුනා. මගේ විච්චූරනේට සුදු පිළිතුරු එව්වේ එහෙමයි.

 ඒත් මම කියාගෙන එන කතන්දරය සුදුට කියන්න හිතුනා. එක විවාහයක් සිද්ධවුනේ මෙහෙමයි. පාසල් කාලයේ ඉදන් දැන ඇදිනගෙන ආදරවන්තයෝ වෙලා හිටියා. දෙන්නම උසස් පෙල උසස් විදියටම සමත් වෙලා ඉංජිනේරු අංශයෙන් විශ්ව විද්‍යාලය හමාර කරලා විවාහ වුනා. දෙන්නගේ කේන්දර ගැලපෙන්නේ නෑ කියලා දෙපාර්ශවයේම වැඩිහිටියෝ විවාහයට කැමැත්ත දුන්නේ නෑ. ඒත් මේ ආදරවන්තයෝ දෙන්නාට විවාහ වෙන්නම ඔන වුන නිසා දෙමව්පියෝ කැමැත්ත දුන්නා.

එක දරුවෙකුත් ලැබිලා දරුවට මාස හත අටක් වයසේදී දෙන්නා දෙපලකට වුනා. මාත් මේ දෙමවිපියන්ගේ උවමනාවට මේ දෙන්නත් එක්ක කතා කලා . දෙන්න ‍වෙන ‍වෙනම කියන්නේ ඉස්සර වගේ නෙමෙයි දරුවා ලැබුනට පස්සේ එයා මට ආදරේ නෑ කියලා. මේ දෙන්නා ප්‍රාර්ථනා කරන ආදරේ මෙකක්ද කියලා මට තේරුම් ගන්න බැහැ. මේ දෙන්න සමථයකට පත්කරන්න ගත්ත සියළු උත්සහායන් ව්‍යාවර්ථ වෙලා අද වන විට වෙන්වන්න අධිකරණයේ පිහිට පතා ගෙන වැඩ කටයුතු කෙරෙනවා.

මේ වරද කේන්දරේද ?. අනවබෝධයද ?.

අනිත් යුවල ටියුෂන් ක්ලාස් එකේදි හමුවෙලා .එක බස් එකේ ගමන් ගිහින් දෙවෙනි වර උසස් පෙල ලියා ගත්තා විතරයි කසාද බැන්දා. කඩුල්ලි මේ මනාල මහත්තයා ‍ගේ අම්ම‍ගෙන්  විවාහ උත්සවය දවසේ ඇහුවා ප්‍රශ්ණයක්. “නංගා  ඔයා පුතා බෝනික්කෙක් ඉල්ලලා අඩන කොට බෝණික්කෙක් අරන් දුන්නා වගෙයි නේද ? “ කියලා  කඩුල්ලීගේ ප්‍රශ්ණයට  උත්තරය  අවුරුදු එකහමාරක් විතර යන කොට ලැබුණා. ‍මේ ‍දෙන්න‍ගේ ‍ගෙදර ප්‍රශණ පත්‍රයට උත්තර ලියන්න බැරිව මාස හත අටක දරුවෙක් සමග  දැන් දෙන්න දෙපලේ !.

සුදුලාගේ ව‍ගේ තරුණ වයසේ  අය  මග දෙපස තියෙන අන්ධකාරේ දකින්නේ නැහැ. ඈතින් ‍පෙ‍නෙන මිරිගු‍වේ ආලෝකය විතරයි දකින්නේ. විවාහයට ‍පෙර දැන අදුනා ‍ගෙන ඉන්න ඔනී කියන මතය තරුණ වය‍සේ දරුවන්  නිවරදිව අදුරා ගන්න පටන් ගන්‍නේ විවාහ‍යෙන් පස්‍ ‍සේ කියලයි ඉස්‍සෙල්ලා කියාපු සිද්ධි ‍දෙ‍කෙන්ම මට හි‍තෙන්‍ ‍නේ.

දැන  දරන අදුනා ගන්න ආදරේ කලත් විවාහයේ ප්‍රශ්නත් සමගයි දෙන්නා අදුනා ගන්න පටන් ගන්‍නේ.. එතනදී වගකීම් බෙදා ගන්න  ගන්නා උත්සහායේදී වගකීම් වලින් බැහැර වෙන කොට ගැටුම් ඇතිවෙනවා. ‍බැදීමක් වගකීමක් නැතිව ‍කොයිතරම් දැන ඇදිනගත්තත් වැඩක් ති‍යෙනවද ?. යෝජිත විවාහ ගැන තර්ක විතර්ක කරන තරුණ වය‍සේ දරුවන්  මම කැමති දැන අදුනා ගත් අ‍යෙක් සමග විවාහ ‍වෙන්නයි  කියලා තර්ක කරනවා.

අධ්‍යාපනයම දැණිමයයි හිතන්නත් බැහැ. විභාග සහතික ‍‍කොයිතරම් තිබුනත් ප්‍රායෝගික  නැත්නම් වැඩක් ති‍යෙනවද ?. වැඩිහිටි‍යෝ තම ජීවිත‍යෙන් අත්දැකීම් එක්රැස්කර ගත් අය. වැඩිහිටියන් සිතන්නේ ඒ අත්දැකීම් මූලාශ්‍රකර ගෙන. ඉතින් එයාලට ඇහුම්කම් දීමත් වැදගත්වනවා.

අපි ලබන සතියේ ආයේ හමුවෙමු. පොසොන් පෝයත් ලගයි. සිල් ගන්න අදහසක් එහෙම නැද්ද. ලොකු නම් සිල් සමාදන් වෙන අදහසින් ඉන්නේ.

තෙරුවන් සරනයි.

ආදරණිය ලොකු 



2012-05-25

When I am dead

notes of imaginary

2012-05-14

අසිරිමත් හෙලබිමක්

දියණියනි , - මැයි 14.

 






 2012.05.14
ආදරණිය සුදු,
ලියුම් ලියන එක මේ කාලේ මෝස්තරයක් නෙමෙයි. මීට දශක හතරක් පහකට ඉස්සෙල්ලා ජනප්‍රියම සන්නිවේදන මාර්ගය වුනේ ලියුම්. අපි අපේ යාළුවන්ට ලියුම් ලියලා උත්තර එනකම් දවස් ගානක් පියුම් මාමාලා ඇවිත් ගේ ඉස්සරහට වෙලා බයිසිකලේ සීනුව ගහනකම් බලා ගෙන හිටියා. දැන්නම් වචනයයි දෙකයි . sms එකක් යවා සතුට  වේදනාව වගේම කේන්තියත් පොල්ලෙන් ගැහුවා වගේ පලකරනවා.
ඒ කාලේ සතුට  වෙදනාව වගේම කේන්තියත් සවිස්තාරත්මකව ලියුම් වල පැහැදිලි කරලා ලැබුනහම කියවලා ඊට අනුරුප  වින්දනයක් ලැබුනා. දැන් සියල්ලටම ගහෙන් ගෙඩි එන්නා වගේ පුතිචාර  ලැබෙනවා. කාලයේ අරුමය...........

සුදුයි මායි කාල දෙකක ජීවත්වෙන්නේ. .ඉතින් අවුරුදු හතලිහකට වඩා ඉස්සරත් අදත් සමාන කරන්න බැහැ. අහසයි පොලොවයි වගේ. මම සුදුලාගේ ලෝකේ ජීවත් වෙන්න දගලනවා. අපේ කාලයේ අයත් එක්ක සුදුලා වෙනුවෙන් පාලමක් හදන්න උත්සහා කරනවා. ඒක හරි අමාරු වැඩක් සුදු.
අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කරන කැපවිම් හිතලා බලන කොට  එයාලා දරුවන්ගෙන් සෙනෙහස බලාපොරොත්තු වෙනවා කියන එක සාධාරණයි. එයාලා කැමතියි දරුවන්ගේ ජීවන මංසංදි වලදී පලමු තැන අරගෙන කටයුතු කරන්න.
අපි උපදින දවසත් අපි මැරෙන දවසත් හැරෙන්න,  අපි ඉපදුන වෙලාවේ ඉදන්  දරුමුණුපුරන්ගේ ඉදුල් කට ගාන දවසත් දරු මුණුපුරන්ගේ විවිධ කටයුතු වලදීත් තීන්දු තීරණ ගන්න එයාලට මැදිහත් වෙන්න  පුළුවන් නම් අඩුතරමේ අපේ අම්මලා තාත්තලාගෙන්   එයාලගේ අදහස් විමසනවා නම් ඒක එයාලඅපිට දක්වපු සෙනෙහසට  ආදරයට අපි කරන උපහාරයක් වෙනවා. 
ඒත් අද එවැනි සමාජයක් තියෙනවද කියලා හිතා ගන්න බැහැ.විවිධවු හේතු නිසා ඒ සමාජ සම්බන්‍ධතාවයන් බිදිලා ගිහින්. 
ඔන්න ලොකු වැරදි පාරකට වැටෙන්න හදන්නේ කියලා   ඔයාගෙන්  විරෝධතාවයකට  පෙර  මට පුංචි අනතුරු හැගවීමක් කරන්න හදන බව   මට මැවිලා පේනවා.  ඒවුනත් අම්මලා තාත්තලා වුන  සීයලා අත්තම්මලා වුන වැඩිහිටි අපේ ප්‍රාර්ථණාව ඕකයි. 

අපිට අපේ ජීවන මංසන්දිවලදී යායුතු මග තෝරා ගන්න අයිතියක් නැද්ද ?  දූදරුවන්ගේ ප්‍රශ්ණයයි. එහෙම නේද ?.
අපි ඊයේ විවාහ උත්සවයකට සහභාගි වුනා. තානායම් පියස අසලින් ගලා ගෙන යන ගගදිය ගල් පරවල වැදිලා බිදිලා යනවා මම බලා ගෙන. මම පසුගිය වසර පහක් ඇතුලත   මේ  බිමේදී සහභාගී වුන විවාහ අතරින් දෙකක් අද වන කොට බිදිලා ගිහින් . හරියට බාධක සමඉර කරගන්න බැරිව බිදිලා යන ජල කද වගේ . 
මේ විවාහ දෙකම සිද්ධවුනේ එකිනෙකා කාලයක් අදුරගෙන ..මේ විවාහ දෙකේම  පොදු සාධකයක් තිබුනා.  මේ විවාහ දෙකටම දෙමව්පිය කැමැත්ත ලැබුනේ  මේ දෙයුවල  මෙව්පිය දෙපාර්ශවයට කරන ලද  දැඩි බලපෑම මත.

මම ඔබට මේ කතාව කියන්නම්. ඊලග  දවසේ.
කේන්ති ගන්න එපා. ලොකු  පෝන් එක අරගෙන කතා කරන්නේ නැතිව මේ ලියන  ලියමන් ගැන

මට හිතුනා අද ඉදන් මේ ලිපි ඔයාට මීදුම හරහා එවන්න. ඔයා කියවලා මාත් එක්ක කතා කරනව නේද ඔයාගේ අදහස්.

තෙරුවන් සරනයි. 
ආදරණිය ලොකු .


2012-05-08

How long will you live?




This is a calculator that estimates your life expectancy.

It was developed by Northwestern Mutual Life.

There are only 13 questions.

2012-04-25

උයනක විසිතුරු.










2012-04-22

අ‍ඹේ‍වෙල ‍ගොවිප‍ලෙන් විදුලිය.




කියවන්න  http://en.wikipedia.org/wiki/Windmill

2012-04-20

උද්‍යානයක විසිතුරු නිර්මාණ.

මෙන්න අමුත්තෙක් එනවා.
මේ දෙන්නා පාක් එකට ඇවිත් .
ආපු වාහනේ ඔය තියෙන්නේ.

හෙටත් එන්නකෝ මේ පැත්තේ තව ලස්සන ඒවා බලන්න.