Thursday, April 17, 2014

මහාචාර්ය විශාරද සනත් නන්ද සිරි සමග.



මාර්තු මාසේ අන්තිම සතියේ බ්‍රහස්පතින්දා. වෙලාව පස්වරු 6.00යි අපි රංග ශාලාවට ඇතුල්වෙලා අසුන් ගත්තේ හතට පටන් ගන්න නියමිත සනත් නන්ද සිරි මහත්මයාගේ ගීත සමුච්ඡයට සවන් දෙන්න. මහාචාර්ය විශාරද  සනත් නන්ද සිරි අපි එහෙම කියමු. නැත්නම් ආමන්ත්‍රනයේ අඩුවක් වෙනවා.
තැන  සබරගමුව විශ්ව විද්‍යාලයේ  සමාජ විද්‍ය පීඨයේ රංග ශාලාව. අසල්වාසියෙක් වන මට වසර කිහිපයක සිට හුරුපුරුදු තැනක් බවට පත්වෙමින් තියෙන්නේ මේ වගේ අවස්ථා නොපැහැර අරින නිසා. විශ්ව විද්‍යාල කුලයට අය කියන්නේ බෙලිහුල්ඔයට අපි ආවේ නැත්නම් තාමත් ඔය ගොල්ල ආදි වාසීන් කියලා.
කමක් නැහැ අපි දැන් ඒ පිහිටෙන් හරි අළු ගසා ගත් බයියන් බවට පත්වෙමින් සිටිනවා. මේ කතාව නන්දසිරියන්ට කීවා නම හැත්තෑවේ දශකයේ ආරට භාව ගීතයක් රසවිදින්න තිබුනා.

විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටැලේ
බැල්මට නෙතු සඟලේ සිතු සිතුවිලි පැටලේ 
ළඳුනේ......... මා දකිනා
සිහිනේ... හද සැලුණා.........  
මහාචාර්ය විශාරද  සනත් නන්ද සිරි තම හඩ අවදිකරන්න පටන් ගත්තා . අවුරුදු කාලෙට කොහා අඩලනවා .මට රිගිං  සෝන්ග් එකකින් ඇහුනේ මේ කොහාගේ හඩ නෙමෙයි. කපුටු රාල කෙනෙක්ගේ හඩක්. ගීතය ගයා අවසානයේ එතුමාගේ පසුතැවිල්ල ප්‍රකාශවුනා.

“මා ගැයූ විකසිත වත කම‍ලේගීතය ගැයුවේ මගේ මිතුරු ගායකයෙකුගේ පුතෙක්. එයා තමන්ගේ පියාගේ ගීයක් නොගයා මගේ ගීතයක් ගැයුවේ එයාගේ පියාගේ ගීතවලට වඩා මගේ ගීතය හොඳ නිසා විය යුතුයි. ඒ ගැන මම සතුටු වෙනවා.
ජනප්‍රිය ගීතයක් වෙනත් අයකු ගැයුවාට මුල් ගායනය නැතිවන්නේ නැහැ. විකසිත වත කම‍ලේගීතයෙන් මා අභිබවා ඔහු මතුවන්නේ නැහැ.
ඒත් මට පුංචි කනගාටුවක් තියෙන්නේ ඔහු මගේ මිතුරෙකුගේ පුතෙකු වීම නිසයි. අන්කල් මං මේ සින්දුව රිඟින් ටෝන් වලට කියනවාකියලා මට දුරකථන ඇමතුමක් දෙන්නවත් මේ ගායකයාට මා අමතක වීම ගැන විතරයි මම කනගාටු වන්නේ.”

අපේ රටේ බුද්ධිමය දෙපල නීතිය තුල ගායකයාට  ගීයක හිමි කමක් නැහැ.ගීය අයිති පද රචකාටයි සංගීත නිර්මානකරුවාටයි. ගීතයක්  ජනප්‍රිය වන්න ගායක ගායිකාවන් ප්‍රබල දායකත්වයක් ලබාදෙනවා.  මේ නීතිය ගායකයාටද අයිති විදියට ඉක්මනින්ම සංශෝධනය විය යුත්තක්.  
අඩ අදුරේ මට නැගුන සිතිවිල්ල අනිත් අයටත් නැගෙන්න ඇති.

ප්‍රේක්‍ෂකයන් අදුරේත් වේදිකාව විදුලි ආලෝකයෙනුත් පුරවලා. විදුලි පරිපාලකට  මහාචාර්ය විශාරද  සනත් නන්ද සිරියන්ගෙන් ඉල්ලීමක් “ මට  තනියෙන් ගයන්න බැහැ අර ගොල්ලෝ මට පේන්නේ නැහැ. ඒ ගොල්ල මට දකින්න ඕනී. ඉතින්  ශාලාවට ආලෝකය සපයන්න “ අදුරෙන් අඩ අදුරට මැරුවුන ශාලාව
එතැන් ඉදන් මහාචාර්ය විශාරද  සනත් නන්දසිරියන් ආධිපත්‍යට යටත් වුනා .

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධුමල් පිපෙනා
බිඟු රැව් නැගෙනා.......
මේ ප්‍රථම වසන්තයයි........

සිත පවස දරා මිරිඟුව අතරේ 
දිය පහස පතා සිටියදි කතරේ 
ඔබ සිහිල් දොළක්‌ සේ පාවී....
වසන්තයක්‌ වී ආවේ.....

ගීතයක් ගයා අවසන්ව ඊලග ගීතයට යන්නේ ගීතය ඉපදුන හැටි විවරණය කරමින්. ඒ සදහා කථකයෙක් යොදා නොගත්ත මහාචාර්ය විශාරද  සනත් නන්දසිරියන්  ශ්‍රවක ජනී ංනයන්ගෙන් පිරී ගිය නේපත්‍යගාරය හා දොඩමළු වුනා. එයත් අපුරු අත්දැකීමක්.

එතුමන් පදවා ගිය රථයට වරින් වර වෙට්ටු දමමින් රිය පසුකර ගිය ත්‍රීවීලර් රියදුරෙක් “ සර් පස්ස පස්ස “ කීවාළු. එතුමා ත්‍රීවීලර්යේ පසු පස බැළු ටිට එහි “ වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි.......” යන්න සටහහන් ව තිබු බවක් සියල්ලන් සිනා හඩ මැද පවසමින්
වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස්දෙක වගෙයි //
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ...//
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුළ දෝ....
අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට ශාප කර යාවිදෝ...//
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදුවේවි දෝ...
යන ගීතයට ජීවය සැපවුවා.

·        ගමේ කෝපි කඩේ
·        මා හද අසපුව කුසුමින් සැරසුව
·        මුළු ලොව මගෙන් අසාවී
·        පෙමාතුර හැඟුම්
·        විකසිත වත කමලේ
·        ඇව්ලුනු ගිනිදැල්
·        කොහෝ කොහෝ
·        ඈත එපිට ගම්මානෙන්
·        සහසක් පැතුමන්
·        යසෝදරා
·        සීත රෑ වසන්තේ
·        දඟකාර ඔය දෑස දුටුවා එදා
·        සොවින් පිරි මගේ හදවත
·        ආදරේ නෑ ආදරේ, කවුරැවත් නෑ
·        නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ
·        ගී අරණේ මධුමල් පිපෙනා....
·        ප්‍රථම වසන්තය
·        දූ අනුරාධා

නේපත්‍යාගාරය  මහාචාර්ය විශාරද  සනත් නන්දසිරියන් විසින් තමන් වෙත ඇද බැදගෙන සිටී ප්‍රේක්‍ෂක ජනී ජනයා එක් පිටුපස තව එකක් වෑහෙන රස කතා සමග ගැයෙන ගීතයන් ලොල් බැද සමාධි ගතවු  දැහැනෙන් මිදෙන්නී ගීතයෙන් ගීතයට ශාලාව අත්පොලොසන් හඩ ගුගුරුවමින් තම සතුට පලකරනවා .
හැත්තෑවේ දශකයේ මුලින්ම අප දුටු පිරිපුන් වියත්  මැදිවියත්  ඉක්මවා  අපටත් වඩා ඉදිරියෙන් පියමං කරන මහාචාර්ය විශාරද  සනත් නන්දසිරියන්ගේ රූපකාය තුල  ප්‍රේමණීය හඬ පෞර්ෂය නොනැසී  ශාලාව අත්පත් කරගෙන. ඒ හඬ රසික හදවත් දොවාගෙන ගංගාවක් සේ ගලායනවා. එතුමන් ගේ බොහෝ ගී තනුනිර්මාණ තුළ ද ඒ යෞවනය තවමත් නොනැසී පවතීනවා.
“ මගේ රටට දළදා හිමි සෙවනයි - මගේ දැයට දළදා හිමි සරනයි.  එන ගීතරාවයත් සමගින් වේදිකාවෙන් සමුගන්නා මහාචාර්ය විශාරද  සනත් නන්දසිරියන් තිරපටින් වැසී යද්දී වේදිකාව ඒක් හඩින් අත් පොලෙසන් හඩින් ගිගුම් දී නිහඩ වෙයි.වෙලාව 10.20 සටහන් වෙලා අපිව පැය 3.00 ගීතයෙන් දැහැන් ගත කල මහාචාර්ය විශාරද  සනත් නන්දසිරියන්ගේ වේදිකාවේ තිරයෙන් එහා සැගවුනා.
සිත පවස දරා මිරිඟුව අතරේ 
දිය පහස පතා සිටියදි කතරේ 
ඔබ සිහිල් දොළක්‌ සේ පාවී....
වසන්තයක්‌ වී ආවේ.....


මම තවමත් මුමුනනවා. 

notes of imaginary

Wednesday, April 16, 2014

ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය.

දෙමව්පියන් සහ ගුරුවරුන්  දරුවන් ගැන අතර විවිධ ගැටළු අසන්නට ලැබෙන කාලයක් බවට පත්වෙලා. මේ සම්බන්‍ධයෙන් අම්මලා තාත්තලට වගේම ගුරුවරුන්ටත් ඒක පාර්ශවිකව දෝෂාරෝපනය කරන්න අපහසුයි. යම් යම් බලසීමා ඉක්ම ගියෝ ජීවත්වෙන්නේ තමන් ගැන අධිතක්සේරුවෙන් යුතුව. පුත්තලමේ දේශපාලකයා ගැන උදාහරනයකට ගත්තෝත් මේ බව පැහැදිලි වෙනවා. ඒත් එක්සත් අමරිකා ජනපදයේ ජනාධිපතිවරයා කියන්නේ පලාත් සභා ඇමතියෙක් නෙමෙයි. බලන්න ඔබමා මුළු ලෝකෙටම දාන සෙල්ලම්. එහෙම ලෝකෙටම බලපැම් කරන්න පුළුවන් බලපරක්‍රමයක් තිබුන අමරිකාවේ දහසය වෙනි ජනාධිපති වුනේ ඒබ්‍රහම් ලින්කන් මැතිතුමා. එතුමා තම පුතා වෙනුවෙන් පාසලේ ගේට්ටුවෙන් එහාට යන්න බලපරාක්‍රමයක් නැති බව තේරුම් ගත්ත ජනාධිපති තාත්තා කෙනෙක්. එතුමා තම පුතා පාසලට ඇතුල් කල දවසේ ඔහුගේ පාසලේ විදුහල්පතිනියට ලිපියක් ඇරියා. මේ ලිපිය පසුකාලයේ ඉතාමත් ප්‍රසිද්ධ ලිපියක් බවට පත්වුනා. මේ ලිපිය කියවන්න.



ආදරණීය පාසල් ගුරුතුමිය වෙත,

අද පටන් මාගේ පුත්‍රයා ඔබගේ සෙවණේ පාසල් අධ්‍යාපනයට පැමිණෙනු ඇත. ටික දිනක් යනතුරු ඔහුට මේ පරිසරය අලුත් හා ආගන්තුක වනු ඇත. ඒ නිසා ඔහුව හොඳින් බලාගන්න. ඔහුට හොඳින් සෞම්‍ය ලෙස සලකන්න. ලොව පුරා දැනුම, මහද්වීප තරණය කරමින් නව ලොවකට යන සුවිශේෂී ගමන ආරම්භ කරන්නේ අද දින සිටයි. සෑම අසීරු ගමනකම දුක, වේදනාව, සතුට, අපාය, කුමන්ත්‍රණය ආදිය ගැබ්ව තිබේ. මේ ජීවිතය ගතකිරීමට විශ්වාසය, ආදරය සහ ධෛර්යය අවශ්‍ය වෙයි.
ඉතින් දයාබර ගුරුතුමියනි,
මේ මාගේ පුත්‍රයා ඔහුගේ අතින් අල්වාගෙන ප්‍රවේශමෙන් රැගෙන යන්න. ඔහු දැනගත යුතු දේ ඔහුට උගන්වන්න. සෑම නොමිනිසෙකුටම, සතුරකුටම, මිතුරකු සිටින බව ඔහුට උගන්වන්න.
දුෂ්ට මිනිසුන් සිටින නමුත් ඒ සෑම කෙනෙකුටම වීරයන්ද සිටින බව උගන්වන්න. ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයින් අතර, තම ජීවිතය පරාර්ථකාමීත්වය වෙනුවෙන් කැපකරන නායකයින් ද සිටින බව පහදා දෙන්න.
ඊර්ෂ්‍යාවෙන් ඔහු ඈත්කර තබන්න. නිහඬ සිනහවක පවතින අගය ඔහුට පහදා දෙන්න. සදාකාලික නොවන බව ඔහුට පහදා දෙන්න. ‍පොත්වල සුන්දරත්වය හා විශ්වයේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. අහසේ පියාඹන කුරුල්ලන්ගේ සුන්දරත්වය ඔහුට පහදා දෙන්න. දිවා කල පියඹනා මී මැස්සන් ගැන ඔහුට උගන්වන්න. කඳු මුදුන් හි පිපි ගී ගයන මල් ‍පොහොට්ටුවල සුන්දරත්වය ඔහුට පෙන්වන්න.
රැවටීමට, වංචාවකින් ලබන ජයට වඩා පරාජය ලැබිම ශ්‍රේෂ්ඨ බව ඔහුට උගන්වන්න. තමාගේ නිවැරදි අදහස් ගැනම දැඩි ලෙස විශ්වාසය තැබිමට උගන්වන්න. තමා වටා සිටින සියලු දෙනාම තමා වැරදි බව පවසද්දීත් තමාගේ මතය නිවරදි නම් එම මතය විශ්වාසය තැබිමට උගන්වන්න.
අනෙක් මිනිසුන්ට දයාව කරුණාව දැක්වීමට ද නපුරු තද ගති ඇති මිනිසුන්ට තදින් සැලකීමට ද උගන්වන්න.
මගේ දරුවා පිරිසක් පිටුපස යනවා වෙනුවට එහි ඉදිරියට යෑමට උගන්වන්න. සියලු මිනිසුන්ට සවන්දීමට ඔහුට උගන්වන්න. තෝරා බේරාගෙන නරකින් හොඳ වෙන්කර ගැනීමට උගන්වන්න. ඔහුට දුකින් සිටින විට සිනාසීමට උගන්වන්න. නෙත කඳුළුවල ලැජ්ජාව නොමැති බව උගන්වන්න.
තමා උගත් දැනුම සහ මොළයෙන් සොයා ගත් දේ අලෙවි කල දැනුම හදවත හා ආත්මය උකස් නොකිරීමට උගන්වන්න. තමාට මිලක් නියම කරනොගැනීමට උගන්වන්න. මෝඩ සහ අසත්‍ය ප්‍රකාශ හමුවේ දෙකන් නොඇසෙන ලෙස සිටීමට උගන්වන්න. තම මතය නිවැරදි නම් නිර්භීතව හොඳින් ඒ ගැන කතා කිරීමට හා නැඟී සිටීමට උගන්වන්න. පරාජය දරාගැනීමට උගන්වන්න. ජයග්‍රහණය විඳ ගැනීමට උගන්වන්න. හොඳින් මෘදු ලෙස ඔහුට සලකන්න.

ආයුධ මුවහත් වන්නේ රත් වූ විටය. ඔහුට ඒවා පහදා දෙන්න. ඔහුට අවශ්‍ය පරිදි හොඳින් මුවහත් කරන්න. පරාජය තුළ සැඟවුණු ජයග්‍රහණයන් පවතින බව උගන්වන්න. ඉවසීමට ඔහුට ධෛර්යය ලබාදෙන්න.”“ඉවසීම පුහුණු කිරීමට ඔහුට ධෛර්යය ලබාදෙන්න. ඉවසීමට ඔහුට නිර්භය බව ලබාදෙන්න. තමාට තමා ගැනම විශ්වාසය ඇති විය යුතුය. එවිට ඔහුට මිනිසුන් ගැන විශ්වාසයක් ඇති වනු ඇත. එවිට ඔහු දෙවියන්ද විශ්වාස කරනු ඇත.

මේ මා ඔබට දෙන විශාල අණයි. නියෝගයයි. ඔබට පුළුවන් ලෙස ඔහුව රැකබලාගන්න.
උපයා ගන්නා ශත දහය, ඇහිඳ ගන්නා ඩොලර් සියයකට වඩා වටිනා බව ඔහුට උගන්වන්න.
මාගේ හුරුබුහුටි කොළුගැටයා හොඳ හාදයෙකි.
ඒ මගේ පුතාය.

මෙයට,

ලින්කන්


මේ තරම් වියත් නුනත් අපේ දෙමව්පියන්ද නිහඩව කියන්න ඇත්තේත් බලාපොරොත්තු වුයෙත් මෙයමැයි මම සිතමි. පාසලෙන් දඩුවමක් ලැබ ගෙදර ආ මට ඒ බැව් පැමිණිලි කලදා මා විචාරා ගෙදරදී එම වරදට දෙවන වරටද දඩුවම් විදින්නට සිදුවිය. එතැන් සිට මම කිසිදාක පාසල ගෙදර ගෙන ආවේ නැත. එසේම මාද මගේ දරුවා පාසල ගෙදර ගෙන ඒමට අකමැතිවිය.

notes of imaginary

Tuesday, April 15, 2014

විමල්ගේ ලෝකය.


  

මගේ අතින් පසුගිය මාසයක් හමාරක්  කාලේ වැදගත් යමක්  ලියවුනේ නැහැ. මම  සටහන් තබාගෙන ලියන්නේ නැහැ. හිතේ එකතු වෙලා delete වෙන්නේ නැතිව පල් වෙන ඒවා word  පිටුවක් තෝරා ගෙන දිය කරන එකයි සාමාන්‍ය පිලිවෙත. තොරතුරු හොයාගෙන ලියාපු ලිපි තියෙනවා නම් ඒ තොරතුරු මාස ගානක්  තිස්සේ desktop එකේ දුක් විදමින් සිට  පරිපුර්න වුවාට පසු පල කරපු ලිපි. එවැන්නක් කාලෙකින් කරන්න බැරිවුනා.

හේතුව මේ පිටුවේ පහලින්ම පලකරලා තියනවා. මම “සීයෝ” වුන හැටි කියලා.

පසු ගිය මාස එකහමාරක් මානස විල කැලබිලා. සියළු සිතිවිලි භයංකාර ලෙස කැරකෙන්න පටන් අරන් තිබුනා දිය සුළියක් වගේ.  පුංචි වේදනාවකට එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයකදී මොන වගේ අත්දැකීමක් ලැබෙයිද කියලා මට හිතුනා. මට පෙනුනා සුදු කොඩිවැල් ඇදපු සුදු වැලි අතුරපු පාළු පාරක් දිගේ හෙමි හෙමීට ඇදී යන පෙරහැරක මා පෙරටුව ගෙන යනවා. ඒත් එහෙම වුනේ නෑ.

 මට මේ අතරේ මතක්වුනේ මගේ මිත්‍රයා විමල්. තාත්තා සුරියබණ්ඩාර වුන නිසා නම අගට විමල් සුරියබණ්ඩාර කියලා සම්පුර්න නමින් තමයි විමල් තමුන්ව හදුන්වා දුන්නේ. විමල් තාත්තට කතා කලේ “ ලොකු ස්කෝලේ මහත්තයා”  කියලා. අම්මා “ ස්කෝලේ හාමිනේ ” වුනා. මේ දෙන්නා කළුතර දිස්ත්‍රික්කයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට  ගුරු පත්වීම් ලැබ 1950 ගනන් වල ඇවිත් බදුල්ල දිස්ත්‍රික්කයේ පැලපදියම් වුන ඇත්තෝ.ලොකු ස්කෝලේ මහත්තයාට  “ ස්කෝලේ හාමිනේ ” හමුවුනේ පලමු පත්වීම ලැබ ලොකු ස්කෝලේ මහත්තයාගේ පාසලට ආවට පස්සේ. දෙන්නම එකම දිස්ත්‍රික්කයේ වුනාට  ගම් පලාත් දෙකක.ඒ කාලේ ගමේ ප්‍රභුන් වුන මේ දෙන්නා දරුමල්ලන් තුන්දෙනෙක් හදා ගෙන ලොකු මහත්කරන ගමන්ම ප්‍රදේශයේ නමක් කියන ධනවතුන් බවටද පත්වෙලා තිබුනා .

විමල් මට හමුවුනේ  අසුවේ දශකයේ මුල් භාගයේ. ඒ  වන විට මේ උරුමයේ පාලක කොටස් කරු විමල්. මට අවුරුදු තිස්දෙකක් විතරවු  ඒ සන්දියේ විමල්ට අවුරුදු විසි හයක් විතර ඇති.  විමල් පවුලේ බඩපිස්සා. උසස් පෙල ලියලා HOLT තියලා ලොකු ස්කෝලේ මහත්තයාගේ ප්‍රවාහන ව්‍යාපාරයටයි, ගල් කොරියටයි යටවුන විමල් වැඩිමහල් සහෝදරි විවාහ වෙලා වැඩිමහල් සහෝදරයා පවුලෙන් වෙන් වෙන කොට කාරකාරෙට ගන්න මාමගේ දුවට පුංචි කා‍ලේ ඉදන්ම පෙම් බැන්දා. මාමට හිටියේ එකම දරුවයි. ඒ තමයි මාමගේ දුව.

මාමා “ කුණු ලෝභයා”.අපේ “ ස්කෝලේ හාමිනේ ”ගේ දේපලත් කොල්ල කාගෙන “ ඌ ලොකු මිනිහෙක් වුන වාඩුව පිරිමහන්න  මාමාගේ දුව බැදගෙන ඌට හොද පාඩමක් උගන්නනවා” කියලයි විමල් අපට කියන්නේ. අපි යාළුවෝ දෙන්න තුන්දෙනා මේ අදහස අනුමත කලේ හොද අදහසක් හැටියට.මේ කියන්නේ  බොරුවට. විමල් නෑනට පණට වගේ ආදරෙයි. 

ඒත්  ලොකු ස්කෝලේ මහත්තයායි  ස්කෝලේ හාමිනේ යි වගේම මාමයි නැන්දයි ජෝඩු දෙකම මේ මගුලට ඒ තරම් කැමති නැහැ. වැඩිමහල්ලෝ අතීරනේ නිසා  - දුව කැමතිත් නැහැ අකමැතිත් නැහැ. වැට උඩ. මේ හින්දා විමල් කියන්නේ “ඒකිට ගම්පලාතෙන් අළුතින් කොල්ලෙක් සෙට් වෙලා ”ඇති කියලා. 

මම විමල්ගේ ගෙදර ඉස්සෙල්ලම දවසේ ගියේ මේ අලකලංචි වලින් පුංචි පුංචි සුලි කුණාටු ගෙදරත් විමල්ගේ ඔළුවෙත් කැරකෙන කාලෙක. විමලුයි මායි  ගෙට ගොඩවුනා. විමල් මම සාලේ වාඩිකලා. “ ලොකු ස්කෝලේ මහත්තයා................”  විමල් කෑ ගහන්න පටන් ගත්තා. මට දෙයියෝ සිහිවුනා. මේ යකා තාත්තටනේ කතා කරන්නේ කියලා. “නැද්ද ?. ලොකු ස්කෝලේ මහත්තයාගේ සාක්කුවේ ගෙනාපු මොනවත් - මගේ යාළුවෙක් එක්කරගෙන ආවා ?. මට දෙවි දේවතාවුන් වහන්සේලා අසූ හාරදාහක පිහිට ඕන වුනා.

 ලොකු ස්කෝලේ මහත්තයා හිනාවේවී එලියට ආවා “ මේ ගල් මූසලයාගේ හැටි ඔහොම තමයි දරුවා!. ”  මගේ හිත යන්තම් නිවුනා.  ස්කෝලේ හාමිනේ..............  “ කුස්සිය පැත්තට එබිකම් කරලා “මේ දරුවට තේ එකක් හදන්කෝ ”කියලා ඇදලා පැදලා කිවුවා. මම හරි බරි ගැහිලා හොදට පුටුවේ වාඩිවුනා.

කාලය ඔහොම ගෙවිලා ගියා. පවුල් දෙක මේ අත්හරින්නේ නැති ප්‍රේමයට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න තීරණය කලා. මේ අතරේ ආයෙත් විමල් ඔළුව අවුල් කරගෙන එහේ මෙහේ දුවන්න පටන් ගත්තා. නැන්දම්මයි මාමයි වගේම  ලොකු ස්කෝලේ මහත්තයායි  ස්කෝලේ හාමිනේ යි වචනයක් දෙන්නේ නැතිව නිසංසල ප්‍රතිතිපත්තියකට පත් වෙලා නෑනා වෙනද පරිදිම හීතල ප්‍රතිපදාව අනුගමනය කරනවා.  

එක දවසක විමල් නෑනගේ කේන්ද්‍රයයි විමල්ගේ කේන්ද්‍රයයි උස්සගෙන අපේ ගෙදර ආවා. විමල් කේන්ද්‍ර දෙක අරගෙන යන යන තැන කියනවළු ස්ත්‍රී කේන්ද්‍රයට විවාහ දෙකක් පෙන්නුම් කරනවා කියලා. එහෙම නම් විමල්  දික්කසාද වෙන්න ඕනී නැත්නම් විමල් අකාලේ මැරෙන්න ඕණි.අපි හිතුවා.

අපි කොයිකටත් කියලා ප්‍රදේශයේ ජ්‍යොතිෂ්‍ය කටයුතු පිළිබද ප්‍රසිද්ධ හිමි නමක් සොයා ගෙන ගියා. එතුමා කොළයක් අරගෙන එහාට මෙහාට ඉරි ඇදලා මොන මොනවදෝ ලියාගෙන ගිහින් කෙස් බාපු ඔළුව අතගගා පැය ගානක් ගැටළු විසදලා පුස්කොල කේන්‍ද්‍ර පිටපත් දෙක හකුලලා ආපහු දෙන ගමන් කිව්වා “ මහත්තයෝ අපි පැවිද්දෝ නේ ? . මේවා ගැන මොනවත් අනාවැකි කියන්න හොද නැහැනේ කියලා. ” 
අපි දෙන්නත් අකුලා ගෙන ගෙදර ආවා.ඒ යකා දන්න මගුලක් නෑ ...ලොකු බෝර්ඩ් එකක් එල්ලා ගෙන හිටියට . හාමුදුරුවන්ගේ කතාවට අපි තිරනයක් දුන්නා.

අපි යාළුවො තුන් හතර දෙනා විමල්ට කිව්වා “හැමෝම කියන නිසා ඕක හිතෙන් අස්කරගනින් රටේ වෙන කෙල්ලෝ ඉන්නවානේ” කියලා.  එක යාළුවෙක් කිවුවා. “විමල් , ඔය මගුලට කරනවා නම් උඹලා දෙන්නට හනිමූන් එකට මගේ බංග්ලෝ එක නම් දෙන්නනේ නෑ” කියලා ඌ නොබැදපු එවුවෝ බදින කොට උගේ බංගලාව හයර් කරපු Planter කෙනෙක්.  කන්ඩායමේ තව එකෙක්  “ අපි වෙන උපක්‍රමයක් යොදමු “කියලා යෝජනාවක්  කලා.  මේ යාළුවා අපි කණ්ඩායම ඇතුලේ විමල්ම හැදුන්වුනේ “ තෝ මිත්‍යදෘෂ්ඨිකයා. දෙමළා - තෝ අදහන්නේ කාටවත් එපාවුන දෙයියෙක්” කියලා. අවුරුද්දක් දෙකක් කාලය හෙමින් ගෙවී ගියා කාගෙත් විරෝධතාවය නිශ්සබ්දයකට පෙරළුනා.

කවුරුත් අනුමත නොකලත් විමල් දෙමළ මිත්‍රයාගේ “වෙන උපක්‍රමය යොදලා විවාහ වුනා.” Planterගේ බංගලාවේ හනිමුන් එක ගත කලා. අපේ පවුල් අතරට තවත් හොද ගුණ යහපත් යෙහෙලියක් එකතු වුනා. කාලයක් ගිහින් ලොකු පුතාත් ලැබුනට පස්සේ දික්කසාදේ ඉල්ලලා දෙන්නා වෙන්වුනා. ආයෙත් විමලුත් සුනේත්‍රත්  විවාහ වුනා.  තව දුවෙකුත් පුතෙකුත් පවුලට එකතු වුනා. පුංචි පුංචි අලකලංචි තිබුනත් දෙන්නා දෙමහල්ලෝ සතුටින් සාමදානයෙන් සහ  සුපුරුදු ලෙස විමල්ටම උරුමවු චර්යා රටාවෙන්  විනෝදයෙන් කාලය ගත කලා.

මට අවුරුදු හැටක්වු 2008 දී විමල්ට වයස අවුරුදු 54යි. විමල් ඒ වන  දූ දරුවනගේ අධ්‍යාපන කටයුතු පහසුවන්න සුනේත්‍රලාගේ මහ ගෙදරට පදිංචිය මාරු කරලා හිටියේ. දැන් ලොකු දරුවෝ දෙන්නා පිටරට රැකියාවලට නිවසින් බැහැර වෙලා . ගෙදර ඉදන් පුංචි කෙල්ල උසස් පෙල හදාරනවා.

2008 අවුරුද්දේ එක් අදුරු දවසක.,  බියකරු ලෙස අකුණු ගහ ගහා මහ හයියෙන් වැස්සා . විමල් වම් අත ටිකක් රිදෙනවා කියලා කෑ ගහන්න පටන් ගත්තා. විමල්ගේ විහිළුවක් කියලා  සුනේත්‍රා ගනන් ගත්තේ නෑ. විමල්ගේ වේදනාව හදුනා ගත්තේ ඩිංගක් පමා වෙලා. සුනේත්‍රා   විමල්ගේ වේදනාව තාවකාලිකව වලක්වන්න හිතාගෙන අතේ ඇගිලි ගාවා ඉදන් උර හිස ගාවට Declopanac jell එකක්  ඇතුල්ලුළුවා. සුවයක් නැති තැන රෝහලට එක්කරගෙන යන්න සූදානම්වුනා.වේදනාව අතර සුනේත්‍රාට කෑගහන විමල් “කෙල්ලේ ....අර මගේ මගුල් සූට් ගනින් .ඒක මට හෙට අදින්න ඕනී. නැත්නම්  මගේ ලෝභ කුණු මාමන්ඩියා උඹේ අළුත් මිනිහට මගුල්දාට ඒක අන්දයි. වගේ විහිළු කතා කියන්න පටන් ගත්තා . විමල්ගේ හැටි දන්න සුනේත්‍රා ඒවා විහිළු හැටියටම හිතට  ගත්තා.

රෝහලට යන අතර මගදී විමල් සුනේත්‍රාගේ උර හිස මත  සිට අපිත් , සුනේත්‍රාත් දු දරුවෝත් අතහැර .,............අපි අතරින් වෙන්ව යන්න ගියා. විමල්ගේ සදාකාලිකවු සැහැල්ලුව හිනාව එදා පරිද්දෙන්ම අදත් අපි අතර ඉතිරිවුනා.

එදා විමල්ගේ  මිත්‍යදෘෂ්ඨික මිතුරාගේ උපක්‍රමික උපදේශය පල දැරුවේත් නෑ .2014 අප්රේල් වන විටත්  කේන්ද්‍රයේ තිබු දෙවන විවාහය සුනේත්‍රා සොයාගෙන ආවෙත් නැහැ. සුනේත්‍රා මුණුපුරු මිණිපිරියන් අතර ආත්තම්මා වුනා.


Dr බෙහෙත් වට්ටෝරු ලියන හැම දවසෙත් , ඊලග දවසේ ගේන්න කියන රිපෝට් ගානත් දකින හැම දවසෙමත් මට හිතෙනවා විමල් කෙනෙක් වෙන්න. ඒත් හැම කෙනාටම විමල් කෙනෙක් වෙන්න පුළුවන්ද ?. මට විමල් කෙනෙක් වෙන්න වාසනාව තිබුනොත් මාත් පින් කල කෙනෙක් කියලා මට හිතනවා. 


notes of imaginary

මගේ අවුරුද්ද .

සිංහල හින්දු අළුත් අවුරුදු උත්සව සමය තාමත් ගෙවී ගොස් නැත. එරමුදු ගස් නැති මහ පොලොවේ ගෙඋයන් වල අපහසුවෙන් වවා ගන්නා පයින් විලෝ වැනි ගස් මත කොහා හඩලමින් බක් මහ අපේ රටට උත්සව සමයක් බව කියනා බැව්  මට සිතිවිල්ලක සටහන් විය. මේ අවුරුද්දේ උත්සව සමය ගෙවී යලිත් 21 වෙනිදා වන විට ජන ජීවිතයේ  ජීවන සටනට මිනිසුන් අවතීර්න වනවා ඇත. මේ ගෙවී යන්නේ ජීවිත සටන නැතිනම් අරගලය තාවකාලිකව අමතක කර බොල් සිහින දකින  සතියේ  අවසාන දින දෙක තුනය.
වැස්ස නැතිව දිය පොදකට සුසුම් ලෑ උදවියට වැස්ස ලැබී ඇත. එහෙත් එය පසුගිය අවුරුද්දේ මේ බිම තෙමු බක් මහ වැස්සට සමීප කරවන්න ඒ වැස්සට බැරිවු බවක් මගේ හිතට  දැනෙන වෙනසක්වීය. මහ නියගයක පෙර නිමිත්තක්ද ?.

හතර දිග් බාගේ   අවුරුද්දට සුබ පතන මට අද නම් යාන්තම් වැස්සා අපේ ලිං හොදටම හිදිලා තිබුනේ යන කතාව සුලබව අසන්නට ලැබුන අදහසක් බවට පත්විය. අවුරුද්ද පුරාවට තුන් පැත්තකින් වතුරෙන් ඉතිරෙන බිම්කඩක නිවෙස් කර සිටින මට වතුර අඩුපාඩුවක් නැත. මේ බිම් කඩ ද්වීපයක්ද අර්ධ ද්වීපයක්ද නොවන බව අපේ නිවසට එක්වෙන පුංචි එවුන් විවිධ අන්දමින්  තර්ක ගොඩ නගනු අසන මම ඉන් ආශ්වාදයක් ලබන බව නොරහසක් වී ඇත.

අපේ තාත්තා අපෙන් වෙන්වී සුවදායක නින්දකට පිවිසියේ 1998 අප්රේල් මාසේ 13 වෙනිදා දිනයෙදීය. ඉතින් මේ ගෙවී යන්නේ අපට අවුරුදු උත්සවය අහිමිවු දහ හත්වෙනි අවුරුද්දය. තාත්තා සිටින විට අවුරුදු දා දූ දරුවන්ගෙන් සහ මුණුපුරු මිණිපිරියන්ගෙන් අපේ මහ ගෙදර පිරී ගියත් මේ වන විට මහ ගෙදර පිරී යන්නේ අපේ අම්මා විසින් ලක ලෑස්ති කර පිරිනමන දානමය පුණ්‍යකර්මය සරසන්නටය.  හරියටම අප්රේල් මස 13 වෙනිදාට දනට වඩින ස්වාමීන් වහන්සේලා ගිවිස ගැණිමට නොහැකි හෙයින් මේ අවුරුද්දේ 05 වෙනිදා එතෙර මෙතෙර සිටින අපේ තාත්තාගේ දූ දරුවෝ මහ ගෙදරට කේන්ද්‍ර කොට ගත්තේය.

අපේ අම්මාද මේ මාර්තු මසේ විසි හත්වෙනිදා වන විට අවුරුදු අනූවක් ජීවිතයේ මං සලකනු තැබු වේය. ඈ අපේ දූරුවන්ගේ ආදරණිය ආතම්මාය. මුණුපුරු මිණිපිරියනට ආදරණිය ලොකු අම්මාය. අපිට “කලා වැවේ දියවර අපේ අම්මා” ය. කලාවැවේ දියවර රජරටම රැක බලාගන්නාසේ අපේ අම්මා තාමත් අප රැක බලා ගන්නීය. අප ගැන සොයා විමසන්නීය.   අප වෛද්‍ය වරුන් ලග “ෆුල් ඔප්සන්” වී වැටෙන විට ඈ  තවමත් නිරෝගීය .  සෞඛ්‍යමත්ය ,කඩිසරය. https://www.youtube.com/watch?v=TZmjfIj1Plo ඈ හට   අපේ ආයුෂත් රැගෙන අපි නැතිවත් අපේ දු දරුවන්ට සෙනෙහස පාන්නට පින් ඇත.
අපේ තාත්තාටත් අම්මාටත් මේ මිහිමතට බරක් නොවනා පරිද්දෙන් දරවන් නවදෙනෙකු බිහිකර හදා වඩා ගන්නට පින්මහිමය තිබුනේය. ඒත් ආත්තම්මා හිමිකම් කියන්නේ මුණුපුරු මිණිපිරියන් පහලොස් දෙනෙකුට පමනය. ලොකු අත්තාම්මා වී මී මුණුපුරු මිණිපිරියන් පස්දෙනෙකු ඈ සුරතල් කරන්නේය.

කාලයත් ජීවිතයත්  වෙනස්ව ඇත මේ මිහි මඩලට ඔසවා ගන්නට නොතරම් බරක් මිහිමඩල ඔසවා සිටින බව අප අද දකින්නේය. කාලයක සිට අමුත්තක් නැතිව මගේ අවුරුද්ද පටන් ගන්නේ  මෙවැනි සිතිවිලි සිහිපත් කරගෙන වුවද මා නැතිකලක මම තාත්තා වී - සීයාවී සැමරුම් ලබන්නට තරම් කාලය නිසංසල විය නොහැක.

අප පුංචිකාලයේ දවසට වාහන දහයක් දොලහක් එහාට මෙහාට ගිය ඒ 4 මාවත අද කනට නිවනක් නොදෙන තරම් වාහන එහා මෙහා වෙන හඩින් පිරී ඇත. ඇස් දිෂ්ඨියක් මානයේ නිල්ල පිරුන වනය කොන්ක්‍රීටි පිරුණ කාන්තාරයක් බවට පත්ව ඇත. අවුරුද්ද පුරාම අඩුවක් නැතිව මිණිකැටයක් වන් පිරිසිදු ජලය වළවේ ගගට එක්කල බෙලිහුල්ඔය අද වැස්ස නතර වන විටම සිදී යන්නේය. නිහඩව නිසලව ගලා ගිය අපේ ජීවිත‍ය අද වන විට මහත් සංකීර්න අවුල් ජාලාවක් බවට පත්ව ඇත.දෑස පියා ගෙන මේ විදින  මහා ජීවන ව්‍යාසනය ජය ගන්නට වෙර දරන අපේ පසු පරම්පරාවට අපව සිහිපත් කිරීමට කාලය ඉතිරි කර ගත  හැකිද?.

අපේ තාත්තා සහ අම්මා තරම්  අපි පින් කර නැතියයි යලි යලි සිතන්නට මම ඔවුන් මෙන්    දීර්ඝායු විදිමින්  ජීවත්විය යුතු නැත. අවුරුද්දක් ගෙවී තවත් අවුරුද්දක් ලබන හැම අවුරුදු දාකම  මම මෙසේ සිතුවත් ඊලග අවුරුදු දා ත් එසේ සිතන්නට සිදුවන නිසා මා තවමත් මගේ පව් ගෙවා නැති බව සිතමින් සුසුමකින් සැහැල්ලු කර ගන්නේය.


notes of imaginary

Wednesday, April 09, 2014

තන්හාවක තරම ?.




notes of imaginary

Thursday, April 03, 2014

මහින්ද අදූරදර්ශී නායකයකු විය යුතු ද ?.


ශ්‍රී ලංකාවේ වගවීම හා ප‍්‍රතිසන්ධානයට අදාළව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී තිබෙන යෝජනාව ආශ‍්‍රයෙන් කරළියට එන වැඩසටහන සමග ශ‍්‍රී ලංකාව සහයෝගයෙන් ක‍්‍රියා නොකොට ඊට එරෙහිව ක‍්‍රියාකරන තැනකට ගියහොත් රටක් වශයෙන් අපට සිදුවිය හැකි විනාශය අතිවිශාලය. නූතන ලෝකයේ අභ්‍යන්තර හෝ බාහිර යුද්ධයක් අවසන් කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවීම ඉතාමත් ස්වාභාවිකය.
යුද්ධය අවසන් කිරීමෙන් පසු මතුවූ ප‍්‍රශ්න කිරීම් ඉදිරියේ ප‍්‍රඥාවන්ත ලෙස ක‍්‍රියාකරන්නට රට සමත් වී නම් ලොකු වන්දි ගෙවීමකින් තොරව එම ප‍්‍රශ්න නිරාකරණය කරගනිමින් වඩා ශක්තිමත් ලෙස ඉදිරියට යෑමේ හැකියාව රටට හිමිවන්නට ඉඩ තිබුණි. එහෙත් ආණ්ඩුව මුල සිටම එම ප‍්‍රශ්න කිරීම් ඉදිරියේ ක‍්‍රියා කළ ආකාරය ඉතාමත් අදූරදර්ශී විය. දැන් මෙම යෝජනාව සම්මතවීමත් සමග රට ඇද වැටී සිටින්නේ මහා විනාශයක මුවවිටය. එහිදී අප තෝරාගන්නට යන්නේ ඊට එරෙහිව සටන් කරන මාවතක් නම් ආණ්ඩුව පමණක් නොව රටද මහා ප‍්‍රපාතයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය.
දේශප්‍රේමය
මහජනයා අතර දේශපේ‍්‍රමී හැඟීම් උද්දීපනය කිරීම අමාරු නැත. එහෙත් ඒ සඳහා ක‍්‍රියාවට නගන වැඩසටහන් මහජනයා කෙරෙහි විශාල පීඩාවක් ඇතිකරන්නේ නම් එම දේශපේ‍්‍රමී වැඩසටහන්වලට එරෙහිව නැගී සිටින්නන් බවට පත්වන්නේද මුලදී දේශපේ‍්‍රමී ආවේගයන් මත ක‍්‍රියා කළ දේශපේ‍්‍රමී ජනතාවමය. 1977ට පෙර ශ‍්‍රී ලංකාවේ ජනතාව විවෘත ආර්ථික ක‍්‍රමයක රස බලා නොතිබුණි. ඔවුන් ජීවත්වූයේ වර්තමානයට වඩා සරල හා අල්පේච්ඡ සමාජ වටාපිටාවකය. නිදහස ලැබීමෙන් පසු 1970-77 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව දක්වාම බලයට පත් හැම ආණ්ඩුවක්ම කතා කළේ ආහාරවලින් ස්වයංපෝෂිත රටක් ගැනය. එය සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේද ප‍්‍රධාන සටන් පාඨය විය.
එම ආණ්ඩු කාලයේදී ලෝක මට්ටමෙන් ඇතිවී ලංකාව කෙරෙහි විනාශකාරී ලෙස බලපාමින් තිබූ ආර්ථික අර්බුදයකට මුහුණදීම පිණිස රට වගා සංග‍්‍රාමයකට යොමුකරනවාට අතිරේකව රටේ ආර්ථික ආරක්ෂාව සඳහා මහජනයා කෙරෙහිද පීඩාකාරී ලෙස බලපාන ආකාරයේ සම්බාධක පනවන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නට එම ආණ්ඩුවට සිදුවිය. ආණ්ඩුව එසේ කළේ මහජනයා අතර දේශපේ‍්‍රමී හැඟීම් පුබුදු කරමිනි. මුලදී දේශපේ‍්‍රමී හැඟීමෙන් කුල්මත් වූ මහජනයාද ආණ්ඩුව ක‍්‍රියාවට නගන ලද පියවරයන්ට සහයෝගය පළකරමින්, ‘සීනි නැතිව තේ බොන්නම්, හාල් නැතිව බත් කන්නම්කියමින් පෙළපාළි ගියේය. එහෙත් ආර්ථික වශයෙන් පැවති පීඩාකාරී තත්ත්වය ඉවසිය නොහැකි තත්ත්වයකට පත්වූ විට එම ආණ්ඩුව අතිවිශාල පරාජයකට ලක්කරනු ලැබුවේද මුලදී දේශපේ‍්‍රමී හැඟීමෙන් ක‍්‍රියා කළ එම ජනතාවමය.
වර්තමාන ජනතාව එදා සිටි ජනතාවටත් වඩා වෙනස්ය. ඔවුහු අල්පේච්ඡ ජීවිතයකට හුරු පුරුදු වූ ජනතාවක් නොව සුවපහසු විවෘත ආර්ථිකයකට හුරුපුරුදු ජනතාවකි. ඔවුන් මේ මොහොතේ දේශපේ‍්‍රමී හැඟීමෙන් කුල්මත් වී ක‍්‍රියාකරන තත්ත්වයක සිටිය හැකි වුවත් සම්බාධක පනවන තත්ත්වයක් ඔවුන්ගේ හුරුපුරුදු ජීවිත වෙනස් කොට ඔවුන් කෙරෙහි පීඩාකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතුවේ නම් ආණ්ඩුවට එරෙහිව කෝපයෙන් හැඟීම්බරව ක‍්‍රියාකරන තත්ත්වයට යොමුවනු ඇත්තේද මුලදී දේශපේ‍්‍රමී හැඟීමෙන් කුල්මත් වී ක‍්‍රියාකළ එම මහජනතාවමය.
සම්බාධක
අප හිතුවක්කාරීව ක‍්‍රියාකරන තැනකට ගියහොත් ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීම ආරම්භ වනු ඇත්තේද පුංචියටය. ඒවා ලොකු මහත් වූ දේවල් බවට පත්වනු ඇත්තේ ක‍්‍රම ක‍්‍රමයෙනි. දකුණු අපි‍්‍රකාවට මෙන් සමහරවිට අපේ කි‍්‍රකට්වලට පවා තහංචි පනවන තත්ත්වයක් ඇතිවිය හැකිය. සම්බාධක පැනවීම්වලට ලක්වූ වඩා බලවත් රටවල් පවා විනාශ මුඛයට පත්වූවා මිස එවැනි තත්ත්වයකට මුහුණ දී විශාල හානියක් ඇතිකර ගැනීමකින් තොරව නැගී සිටි කිසිම රටක් ගැන අසන්නට ලැබෙන්නේ නැත. ආරාවුල දුරදිග යන තත්ත්වයක් ඇති වුවහොත් කොළඹ වරායද නැව් නොඑන වරායක් බවට පත්විය හැකිය. කටුනායක ගුවන්තොටුපොළද ගුවන්යානා නොඑන ගුවන්තොටුපළක් බවට පත්විය හැකිය. අපේ අපනයන වෙළෙඳාම නැත්තටම නැතිවිය හැකිය. ඒ සමග අපේ ආනයන වෙළෙඳාමද මහා අර්බුදයකට ලක්වනු ඇත. තේ වතුවලින් තේ ඉවත් කොට ඒවාහි අල, බතල සිටුවන්නට සිදුවන තත්ත්වයක් ඇතිවිය හැකිය. අවසානයේ කාපට් කරන ලද මහා මාර්ගවල මෝටර් රථ වෙනුවට ගමන් කරනු ඇත්තේ ගොන් කරත්තය.
වැරදි තක්සේරුව
ආණ්ඩුවට නූතන ලෝක රටාව ගැන හෝ සම්බාධක හා ඒ නිසා ඇතිවිය හැකි ප‍්‍රතිඵල ගැන හෝ නිසි අවබෝධයක් හෝ තක්සේරුවක් ඇති බව පෙනෙන්නට නැත. තාවකාලික තහනමකින් පසුව නැවත ලබාගත හැකි තත්ත්වයක තිබූ යුරෝපා සංගමයේ ජීඇස්පී ප්ලස් සහනය ගැනද කීවේ එය නැතිව ඉදිරියට යෑමේ හැකියාව ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට තිබෙන බවය. අවසානයේ එය අහිමිකර ගැනීමෙන් අපනයන කර්මාන්ත අංශයට සිදුවූ හානිය අතිවිශාලය. කර්මාන්ත විශාල සංඛ්‍යාවක් වැසී ගියේය.
කම්කරුවන් විශාල සංඛ්‍යාවකට රක්ෂා අහිමි විය. ආර්ථිකයේ 33%ක තත්ත්වයක තිබූ අපනයන කර්මාන්තය 17% දක්වා පහත වැටුණේය. එවැනි පුංචි සම්බාධකයකින් විය හැකි හානිය එතරම් විශාල නම් හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකරන තැනකට ගියහොත් පනවන සම්බාධකවලින් රටට විය හැකි හානියේ තරම තේරුම් ගැනීමට අපහසු නැත.
අවසානයේ දේවල් සිදුවන්නට යන්නේ රටේ විනාශයට හේතුවන ආකාරයට නම් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නාමය ඉතිහාසයට එකතුවනු ඇත්තේද ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයෙන් රට ගලවා ගත් ඉන්පසු බෙදී සිටි ජාතිය එක්සත් කිරීමට හා එම ජාතියේ නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන නව රාජ්‍යයක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට අසමත්වීම නිසා හා ආත්මාර්ථකාමී වීම නිසා ශ්‍රේෂ්ඨ ජන නායකයකු වීමට තිබුණු හැකියාව අහිමි කරගනිමින් රට මහා කාලකණ්ණි තත්ත්වයකට ඇද දැමූ අදූරදර්ශී නායකයකු වශයෙනි.
මාතෟකාව පමනක් මගෙනි.


රාවය - වික්ටර් අයිවන්.



notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon