Saturday, December 14, 2013

මූදු පතුල යට ඉඳලා




මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා//

මූදු පතුල යට ඉඳලා..

සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

මූදු පතුල යට ඉඳලා..

වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා//
තවාත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් .හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා///

මුදුපත්ල යට ඉදලා

සෝමලතා සුබසිංහ - මුදුපුත්තු
notes of imaginary

Monday, December 02, 2013

ඔබේ ඇස් පරීක්ෂා කරගන්න






ඇස් දෙක වගේ රැකගන්නා කියලයි වඩාත්ම ආදරේ ඇති වස්තූන් ආරක්‍ෂා කරගන්නවට කියන්නේ . ඒත් ඔබේ ඇස් දෙක පණ වගේ රැක ගන්නවාද කියන එක ප්‍රශ්නයක්.
අපිට ඇස් පෙනීම ඉබේම අඩුවුනොත් හිතන්නේ කණ්නාඩියක් ( උපැස් යුවලක් ) ගන්න. ඒ වගේ වෙලාව නගරයේ ඇති ඇස් කණ්නාඩි වෙළද සැලකට ගිහින් ඇස් පරීක්‍ෂා කරගෙන කන්නාඩියක් ගන්නවා. ඒත් ඔබ දන්නේ නැහැ එම කන්නාඩි ඔබට වික්කේ සුදුසු කම් සපුරා නිසි පුහුණුවක් ලත් ඇසි පරීක්‍ෂකයෙක්ද කියලා. සමහරවිට ඔහු දන්නවා ඇත්තේ අකුරු පුවරුව කියවලා පෙනීම පරීක්‍ෂා කිරීම විතරක් වෙන්න ඇති. ඔබ කරගන්නේ අනතුරුදායක වැඩක් !.
ඔබ ඇස් කණ්නාඩියක් ගන්නේ නම් අඩුම තරමින් රජයේ පිලිගත් අක්‍ෂිතාක්‍ෂණවේදියෙක් තෝරගතයුතුමයි. මෙම අක්‍ෂිතාක්‍ෂණවේදින්  ඇස් පිළිබදව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් දෑවුරුදු විධිමත් පුහුණුවකට පසු  රෝහල්වල සේවයට අනුයුක්ත කරසිටිනවා. 
අනෙක් වෛද්‍යවෟත්තිකයන් මෙන් මේ අයත් පෞද්ගලික වෛද්‍ය ව්ත්තියේ යෙදෙමින් අක්‍ෂි වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වා ගෙන යනවා.

ඇස්වල ආබාධයක් ඇති වුණොත් ඇහැට අනතුරක් සිදු වුණොත් නැතිනම් ඉබේම පෙනීම අඩු වුණොත් නම් මුලින්ම කල යුත්තේ අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසීමයි.   ඔහුගේ /ඇගේ උපදෙස් පැතීම වැදගත්.
වයස අවුරුදු හතළිහ පැන්නාම පෙනීමේ ඇසේ ඇතිවන වෙනස්කම් නිසා බොහෝ දෙනෙක් හතළිස් ඇඳිරිය ඇවිත් කියලා ඇස් පරීක්ෂා කරවා ගන්නවා. ඒත් වයස අවුරුදු හතළිහට කලින් වුණත් ඇස්වල නිරෝගී බව ගැන ඔබ උනන්දු වෙන්නට ඕනෑ.

ලෝක ජනගහනයෙන් මිලියන තිස් නවයක්ම අන්ධ භාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා.  මොවුන් අතරින් වැඩි දෙනෙක්  තුන්වෙනි ලෝකයේ රටවල ජනතාව , එලෙස අන්ධ භාවයට පත්වන්නට හේතු වී ඇත්තේ ඇසේ සුද, දියවැඩියාව හේතුවෙන් ඇතිවන අක්ෂි ආබාධ, ග්ලූකෝමාව, දෘෂ්ටි ආබාධ සහ ළමා වියේ අන්ධ භාවයයි.අන්ධ භාවයට බලපාන ප්‍රධාන හේතු කිහිපයක්ම තිබෙනවා. මෙම හේතු කල් තියා හඳුනා ගතහොත් අන්ධ භාවයෙන් වැළකෙන්නට හැකි වීම සුබවාදී ලක්ෂණයක්.

Ø ඇසේ සුද,
Ø හතළිස් ඇඳිරිය,
Ø ග්ලූකෝමාව,
Ø දියවැඩියාව
Ø මවුපියන් ඇස් රෝගවලින් පෙළෙන විට ඇතිවිය හැකි ජානමය බලපෑම
Ø ඇසට අනතුරු සිදුවීම
Ø වෙනස් ඇස් රෝග,
Ø ඇසට රසායනික ද්‍රව්‍යයක් ඇතුළුවීම,
Ø වපරය,
Ø ලේ නෑයින් අතර විවාහය
Ø මන්ද දෘෂ්ටිකතාව හෙවත් අර්ධ අන්ධ භාවයත්

හතළිස් ඇඳිරිය සහ හැට ඇඳිරිය
ඇසේ සුද ඇතිවෙන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු හැට පමණ වූ විට. හැට ඇඳිරිය කියලත් ඇතැමුන් එය හඳුන්වනවා. ඇසේ සුද මේරීමෙන් ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩු වෙමින් සදාකාලිකව අන්ධ භාවයට පත් වීම මෙම රෝගයේ ස්වභාවයයි. සරල සැත්කමක් මඟින් ඇසේ සුද ඉවත් කොට කාචයක් ඇසට බද්ධ කිරීමෙන් සාමාන්‍ය පෙනීම ලබා ගන්නට පුළුවන්.
අවුරුදු හතළිහ පැන්නාම හැදෙන්නේ හතළිස් ඇඳිරිය. පොත් පත් කියවීමේ අපහසුතාව, ඉඳිකටුවට නූල දැමීම වැනි සියුම් කාර්යයන් කිරීමේ  අපහසුතාව ඇති වෙන විට ඇස් පරීක්ෂා කරගන්න.
හතළිස් ඇඳිරියට ඇස් පරීක්ෂා කරන විට ඔබේ දෑසේ සුද මතුවී ඇත්නම් එයට ද කල් වේලා ඇතිව පිළියම් කරගන්නට ඔබට හැකි වේවි. හතළිස් ඇඳිරියට කන්නාඩි ගන්නට වෛද්‍යවරයා ඔබට උපදෙස් දුන් විට ඉක්මනින්ම අදාළ නිර්දේශ මත කන්නාඩි ලබා ගැනීම වැදගත්. ඒ වගේම මේ කන්නාඩිය ඔබ ලියන කියවන වේලාවට වෛද්‍ය උපදෙස් අනුව පැලඳීමත් වැදගත්.
අවුරුද්දකට වරක් නැත්නම් අවුරුදු දෙකකට වරක්වත් ඇස් පරීක්ෂා කරවා ගෙන කන්නාඩිය වෙනස් කිරීමට අවශ්‍ය නම් එසේ කිරීමත් වැදගත්.

ග්ලූකෝමාව ඇස් අන්ධ වීමට බලපාන ප්‍රබල හේතුවක්.
ඇසේ පීඩනය වැඩි වී අක්ෂි ස්නායුවේ ඇති ස්නායු තන්තු විනාශයට පත් වීමෙන් ග්ලුකෝමාව ඇති වෙනවා. ක්‍රමයෙන් ඇසේ දෘෂ්ටි පරාසය අඩු වී යමින් ඔබ නොදැනුවත්වම දෑස් නොපෙනී යාම මෙහි ඇති භයානක තත්ත්වයයි. කිසියම් වස්තුවක් දෙස ඔබ නෙත් යොමු කරන විට ඇසේ දෙපස පෙනීම අඩු වී යාම මෙහි රෝග ලක්ෂණයයි. ඇසේ දෙපස පෙනීම අඩු වීම එකවර ඔබට නොදැනීම මෙහි ඇති බරපතළ තත්ත්වයයි.

දියවැඩියාව
දියවැඩියාව ඔබේ සිරුරේ සෑම ඉන්ද්‍රියකම ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන බව ඔබ දන්නවා. දියවැඩියාව පාලනය නොකළහොත් ඉබේම ඇස් අන්ධ භාවයට පත් වෙන්නට පුළුවන්. ඩයබිටික් රෙටොනොපති යනුවෙන් හඳුන්වන්නේ මෙම රෝග තත්ත්වයයි.
දියවැඩියාව ග්ලූකෝමාව සමඟත් සෘජු සම්බන්ධයක් තිබෙනවා.
ලෝකයේ වැඩිහිටි ජනතාවගේ අන්ධ භාවයට හේතු වන ප්‍රධාන හේතුව ග්ලෝකෝමාව. ඩයබිටික් රෙමොනපති රෝගය පාලනය නොකිරීම නිසා ඇසේ දෘෂ්ටි විතානයේ සියුම් නහර පිපිරීමෙන් ඇස තුළ රුධිර පැල්ලම් ඇතිවීමෙන් හා ඇස ඉදිමීමෙන් ඇස් අන්ධ භාවයට පත් වීමයි.
එ‍යින් වැළකීමට ඇති හොඳම ක්‍රමය දියවැඩියා රෝගීන් අනිවාර්යයෙන්ම වසරකට වරක් ඇස් පරීක්ෂා කරගැනීමයි.

මවුපියන් ඇස් රෝගවලින් පෙළෙනවා නම්
මවුපියන් ග්ලුකෝමා, ඩයබිටික් රෙමිනොපති වැනි රෝගවලින් පෙළෙනවා නම් සහ මවුපියන් , ලේ ඥාතීන් නම් ජානමය බලපෑමෙන් දරුවන්ටත් අක්ෂි ආබාධ ඇති වෙන්නට පුළුවන්.
එවැනි අවදානමක් ඇති මවුපියන් කුඩා කාලයේ පටන්ම දරුවන් ගේ ඇස් පිළිබඳ විමසිලිමත් වෙන්නට ඕනෑ. ඇස් ආබාධයක් ඇත්දැයි නිතර පරීක්ෂා කර බැලීම වැදගත්. ආබාධ ඇති දරුවන් උපැස් පලඳිනවා නම් ඒවා නිසි කලට නැවත පරීක්ෂා කර කන්නාඩි මාරු කළ යුතුයි.

ඇහේ වපරය
ඇහේ වපරයට පිං වපරය කිව්වේ ඒ කාලේ. දැන් කාලෙ ජනතාව වපරය අන්ධ භාවයට හෝ දෘෂ්‍යාබාධවලට හේතු වන බව දන්නවා. උපන් අලුතම බිලිදාගේ දෑසේ වපරයක් හෝ වෙනසක් දුටුවොත් වහාම අක්ෂි වෛද්‍යවරයකු හමු වන්න.

අල්ප දෘෂ්ටිකතාව
අල්ප දෘෂ්ටිකතාව හෙවත් පෙනීම අඩු බව තවත් අක්‍ෂි ආබාධයක්. ඇහේ සුද හෝ හතළිස් ඇඳිරිය නැතත් ඇස්වල පෙනීමේ වෙනස්කම් වේ නම් ඒවා අර්ධ අන්ධ භාවයේ ලකුණු වෙන්නට පුළුවන්.
සුව කළ නොහැකි අක්ෂි රෝගයක් නිසා ඔබ ඉතාම අඩු ඇස් පෙනීමකින් යුක්ත නම් විශේෂ උපකරණ මඟින් ඔබගේ ඇස් පෙනීම වැඩි දියුණු කරගන්නට පුළුවන්.

ඔබගේ ඇස් පෙනීම ගැන සරල පරීක්ෂණයක් ඔබටම කරගන්නට පුළුවන්.
Ø ඔබ උපැස් පැලඳ සිටියත්, යහළුවන් හා හිතවතුන්ගේ මුහුණු හඳුනා ගැනීමට නොහැකි නම්,
Ø කියවීම, ආහාර පිසීම, මැසීම වැනි ළඟ පෙනුම අවශ්‍ය වෙන ක්‍රියාකාරකම් කළ නොහැකිනම්,
Ø ඔබගේ ඇඳුම්වල වර්ණ ගැළපීම හා වර්ණ තෝරා ගැනීම කළ නොහැකි නම්,
Ø ආලෝකය මදක් අඩු අවස්ථාවලදී සාමාන්‍ය ක්‍රියාකාරකම් කළ නොහැකි නම්,
Ø මාර්ග සංඥා, බස් පුවරු හෝ ව්‍යාපාරික ආයතනවල නම් සඳහන් පුවරු කියවීමට නොහැකිනම්
ඔබ අර්ධ අන්ධ භාවයෙන් පෙළෙනවා වෙන්නට පුළුවන්.
ඇස් කණ්නාඩි සහ කාච වෙළද පල නම් මිත්‍යා විශ්වාශයන් මත ගොඩ නැගී මුදලාලිලාගේ සාක්කු පුරවන ව්‍යාපාරයක්. ඔබ දැවන්ත වායුසමීකරණය කරන ලද ගෙඩනැගිල්ලකට ගෙඩවැදී රුපියල් දසදහසක් ගෙවා මිලදී ගන්නා ඇස් කණ්නාඩිය පුංචි ඇස්කන්නාඩි වෙළද සැලකින් රුපියල් තුන්දහසකට  පමන ගන්න පුළුවන් වේවී.

මෙහිදී වැදගත් වෙන්නේ ඇස් නිසි ලෙස පරීක්‍ෂා කර නියමිත වට්ටෝරුව ලබාගෙන ඒ අනුව කාච සකස් කරගැණිමට  උනන්දු වීමයි. 

notes of imaginary

Tuesday, November 26, 2013

සුබ රාත්‍රියක් !.



පුංචි දරුවන් ගේ සිංදුවක් උනත් මේ රුප පෙල 
වැඩිහි‍ටි අපට අපේ  අම්මලා දක්වපු සෙනෙහස සිහිපත් වෙනවා.
ඕනෑම පරම්පරාවක අම්මලාගේ සෙනෙහස වෙනස් වෙන්නේ නැහැ 
පරම්පරාවෙන් පරම්පරාවට එකවගේ  පැවතෙනවා.




notes of imaginary

Saturday, November 16, 2013

කැමති මූණක් දා ගන්න.


CHOGM  2013 ඉවරයි!.
විවේචන නම් බොහොමයි.ආණ්ඩුව ජයටම ගත්ත මගුල් ගෙයක්.මගුල් ගෙට ලැබෙන තෑගි බෝග වලින් හෝටලේ බිල ගෙවා ගන්න හිතාගෙන මගුලක් කාපු අපේ ගමේ ගොඩේ මායියෙකුට වෙච්ච ඇබැද්දියක් වගේ හෙයිම්මාරුවක් වෙයිද කියලා සමහරු අදහස් පල කරනවා.
කාටත් ගැලපෙන්න මේ මුණු ටික මාරු කර කර දාගෙන බලන්න !.























notes of imaginary

Thursday, November 07, 2013

ඉරි තැළුන වලා......අමරසිරි පීරිස්





ඉරි තැළුන වලා  - උඩු වියන් යටින්  
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු  යමු අපි ඇවිද යමු ප්‍රේමියේ  
සිව් දෙසින් හඹා එන මෙටෝ රථ ලග
සෙනග නවතිවී .................
වට පිටේ සිරුවට  - විදුලි ඇස් සිනාසේ වි 
නොරැවටී යන්න යමු  - කහ ඉරෙන් එතරවීලා
කහ ඉරෙන් එතරවිලා...........
ඉරි තැළුන වලා  - උඩු වියන් යටින්  
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු  යමු අපි - ඇවිද යමු ප්‍රේමියේ  
සිව් දෙසින් හඹා එන මෙටෝ රථ ලග
සෙනග නවිතීවි.............
රිය පෙලේ තුරුළුවු  -  රජ වරුන් අතවනාවි
මෙ බලන්  යන්න යමු  -කහ ඉරත් රැලි වැටීලා
කහ ඉරත් රැලි වැටීලා..............

 ඉරි තැළුන වලා  - උඩු වියන් යටින්  
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු  යමු අපි ඇවිද යමු ප්‍රේමියේ  
සිව් දෙසින් හඹා එන මෙටෝ රථ ලග
සෙනග නවතිවී .................

ඉරි තැළුන වලා  - උඩු වියන් යටින්  
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු  යමු අපි ඇවිද යමු ප්‍රේමියේ  
සිව් දෙසින් හඹා එන මෙටෝ රථ ලග
සෙනග නවතිවී .................

යමු යමු  යමු අපි ඇවිද යමු ප්‍රේමියේ  
යමු යමු  යමු අපි ඇවිද යමු ප්‍රේමියේ  

යමු යමු  යමු අපි ඇවිද යමු ප්‍රේමියේ  


ඉරි තැළුන වලා.............

notes of imaginary

Monday, November 04, 2013

බල්ලොත් එක්ක බෑ



දේශපාලනය පාදඩීකරණයට පත්වුනේ  JRමහත්තයාගේ ධාර්මිෂ්ඨ සමාජයක් කරා අපේ රට රැගෙන ගිය ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන්.හැම එකාම මණ්ත්‍රී කෙනෙක් කරන්න හදාපු එතුමා මේ වගේ අවලම් තත්වයක් බලාපොරොත්තු නොවෙන්න ඇති.
රටේ ඉන්න ප්‍රාදේශිය සභා , පලාත් සභා , පාර්ලිමේන්තු  මංත්‍රී වරුන්ගේ සංඛ්‍යාව බලන්න මැතිවරණ කොමසාරිස්තුමාගේ වෙබ් අඩවියට යන්න ඕණි අඩුතරමින් මණ්ත්‍රී වරු පන්දාහක් වත් ඉක්මවලා ඇති.

මේ මිනිස්සු ජණතාව අතරින් නැගිටලා එන්නේ මැතිවරණ වලදී සල්ලි විසිකරලා. මහජන සේවය කරලා ඒ අතරින් නෙමෙයි. තමන් ලබන එක් මනාපයක් සදහා අඩුම තරමින් රුපියල් සියයක් වත් ‍වියදම් කරලා. මැතිවරණයකදී මනාප ලක්ෂයක් ගත්ත එකා ඒ වෙනුවෙන් ලක්‍ෂ සීයයක් වියදම් කරලා තියෙනවා අඩුම තරමින්.

මැතිවරණයක් අවසානයේ ශේෂ පත්‍රය හදන මෙවැණි ජයග්‍රාහී දේශපාළුවෝ එදා ඉදන් බලන්නේ ඊලග ඡණ්දේට සල්ලි හොයන්න ගසාකන ව්‍යාපෘති හදාගන්න. පලාත් සභාව වෙනකම් unlimited බදු රහිත වාහණ බලපත්‍රයෙන් මූලික වියදම පියවගන්න ඇත්තෝත් මේ අතර හමුවෙනවා.අළුත් ව්‍යාපාර පටන් ගන්න ඇත්තෝත් ඉන්නවා. සමහරු ගෙවල් හදන්න අත්තිවාරම් දාන්න විතරයි වියදම් කරන්නේ. පුදේශයේ ඉන්න හාඩ්වෙයාර් කාරයෝ තැබෑරුම් කාරයෝ වැලි , ගල් ,දැව බලපත්‍රලාභී නොලාභී ව්‍යාපාරික‍යෝ ඉතිරි වැඩ ටික නිම කරලා දෙනවා.

සල්ලි ඇත්නම් මේ මිනිස්සුන්ට ඡණ්දදායකයෝ හොයාගන්න පුළුවන් කියලා දන්නවා. මහජන සේවය කරලා ඡණ්ද වැඩිකරගන්න ඕන නැහැනේ. දැන් පාර්ලිමේණ්තුවේ තියෙන්නේ ජාතික ආණ්ඩුවක්. පලාත් සබාවේ බලය පිහිටුවා ගෙන තියෙන්නේ  විවිධවු දේශපාලන මත දරාපු උදවිය ගෙන්.

ගමේ ඉන්න පුංචි හරමාණිස්ට විතරක් ඇයි දේශපාලන පක්‍ෂයක් ? .

මේ ආරළු බුරළු ටිකට ආවේ  ප්‍රදේශිය සභාවල ඉන්න ස්ත්‍රී දූෂකයෝ, අපයෝජකයෝ මීණිමරුවෝ ,වංචණිකයෝ ගැන හෙළිදරව් වෙන සීග්‍රතාවය ගැන හිතලා. අළුත්ම news  එක එන්නේ දත් දොස්තර කෙනෙක්ගෙන් සහ මල්ලව පොර ශුරයෙක් ගෙන් !.මගේ පුස්තකාලයේ තියෙන පහුගිය දවස් වල record එක කියවලා බලන්න.
2011 දෙසැම්බර් 25
සැකකරු  තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති.තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය  ජාතිකයකු ඝාතනය කර බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතියට බරපතළ තුවාල සිදු කිරීම. 2012 ජුනි 12
දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිලක් 70 අල්ලස්සිද්ධියකට අත්අඩංගුවට ගැනේ.2012 අගෝස්තු 05
පොලිස්රාජකාරියට බාධා කළ දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රී හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්2012 නොවැම්බර් 18
ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පනහකට ආසන්න පිරිසකට එල්ලවී ඇති දූෂණ චෝදනා ගැන ජනාධිපති විමර්ශන ඒකකය පරීක්ෂණ අරඹයි. (2012.11.18) “දිවයිනමුල් පුවත. 2013 ජනවාරි 13
ප්‍රෘදේශීය  දේශපාලනඥයන් රැසක්ඔවුන්ගේ නම්වලින් පදනම් පිහිටුවාගෙන සමාජ සත්කාරයන් මුවාවෙන් කෝටි ගණන් වංචා කරයි. (දිවයිනමුල් පුවත)2013 පෙබරවාරි 13
ගංජා වැවූ, හොර හරක්පැටවූ, වැලි ගොඩ දැමූ ප්‍රාදේශීය දේශපාලනඥයන් පොලිසියටත් බලපෑම් කරති. (දිවයිනමුල් පුවත)2013 පෙබරවාරි 13
ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු මීරිගමදී පුද්ගලයකු පැහැරගෙන ගොස්, ජනාකීර්ණ ස්ථානයකදී අමානුෂික ලෙස පහරදී පිස්තෝලයක්එල්ල කර තර්ජනය කිරීම හා මීරිගම පොලිසියේ ස්ථානාධිපතිට තර්ජනය කිරීම හා පොලිස්රාජකාරියට බලපෑම් කිරීම.2013 මාර්තු 08
එජාප පළාත් සභා මන්ත්‍රීවරයකු  කෑගල්ල අවන්හලකදී බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට පහරදීම.2013 මාර්තු 29
මහරගම නගර සභාවේ සන්ධානයේ නාගරික මන්ත්‍රීවරයකුඅවුරුදු 12 දැරියකට අතවර කිරීම. 2013 අප්රේල් 16
ගම්පහ නගරාධිපතිවරයා පොලිස්නිලධාරීන්ට බැණ පහරදී තර්ජනය කිරීම.2013 අප්රේල් 24
බුත්තල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා උප සභාපතිවරයා හෙල්මට්නොපැළඳ යතුරුපැදියේ ගමන් කළ විට පොලිස්නිලධාරීන් එය ප්‍රශ්න කර ඇත. උප සභාපතිවරයා ඊට එරෙහිව පොලිසිය සමග ගැටුම් ඇතිකරගෙන තිබේ.2013 ජුනි 04
ඇඹිලිපිටිය  ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පනාමුරේ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස්නිලධාරීන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දෙයි.2013 ජුනි 05
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මනුෂ්‍ය ඝාතනයක්සිදු කිරීමේ චෝදනාවටට මරණීය දණ්ඩනය නියම වේ.2013 ජුනි 13
විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සන්ධානයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අතර ගැටුමක්‌. 2013 ජුනි 14

වයඹ පළාත්  සභාවේ මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුතුමියට බැණ මරණ තර්ජනය කර ඇය දණ ගස්වයි.2013 ජුනි 17
සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීරීවරයකුගේ පුතුන් දෙදෙනෙකු මිද්දෙණියේදී  ජුනි 13 වැනිදා වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කළ අත්අඩංගුවට ගැනේ.2013 ජුලි 03
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තබ්බෝව වැව අසලදී වාරි මාර්ග ක්ෂේත්‍ර නිලධාරියකුට පහර දේ04 වැනිදා සභාපතිවරයා අත්අඩංගුවට පත් විය.2013 ජුලි 09
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රුපියල් ලක් 15 මුදලක්අල්ලස්ලෙස ලබාගත්තේ යෑයි අත්අඩංගුවට.2013 ජුලි 09 දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා දැරණියගල  නූරියවත්ත වතු අධිකාරිවරයා ඝාතනයට සැකපිට අත්අඩංගුවට

අපේ පැත්තේ කියලා වෙනසක් නැහැ. සගයෙක් පිහියෙන් ඇනලා අපේ සභාපතිතුමාත් පසුගිය දවස් වල රෝහල් ගතවෙලා හිටියා.
එතුමා හොද මනුස්සයෙක්. 
ඒත් මට පිහියෙන් අනින්න හිතදෙන කෙනෙක් නැත්තේ ඇයි කියලා මීදුම හිතුනවා !.




notes of imaginary
 

මීදුම Published @ 2014 by Ipietoon