Tuesday, October 18, 2011

අන්තර්ජාල සැරිසර





කොහොමද පුහුණුව ?.




බෝට්ටු පදින වැඩිහිටියෝ


Thursday, October 13, 2011

මීදුමගේ සේරුවාවිල මතකයක්.

 දඹගස්ආරේ ශ්‍රී සුමංගල හිමියන්


රුගම්බේ සිට පිටත්වු අපි ඊලගට පැමිණියේ ඓතිහාසික පසුබිමකට  උරුමකම් කියනු ලබන සේරුවාවිල රජ මහා විහාරයටයි. මේ පුදබිමට පැම්ණි මීදුමට  තම පාසල් දිවියේ සිදුවු සිද්ධියක අතීත රූප රාමු රැසක්  යලිත් මැවෙන්නට පටන් ගත්තේය..

මින් දශක හතරකට පමණ පෙර  කුඩා පාසල් මිතුරු නඩයක් සමග මීදුම  දඹුල්ල , සීගිරිය . අනුරාධපුරය  පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය සංචාරයක යෙදි සිටියාය. උසස් පෙල විභාගය අවසන් කර බ්‍රේන් රෙස්ට් කරන ගැටවර තාලයේ සංචාරයක්වු මේ සංචාරයට යොදා ගත්තේ මෙකල තරමට දියුණු නොවු දුම්රිය සහ බස්රිය වැනි පොදු ප්‍රාවහන  සේවාවන්ය.

උසස් පෙල විභාගය අවසන් වු වහාම රාජකාරියක් ලැබී  ගල්ගමුවේ වාරි ව්‍යාපෘතියක සේවය කල සගයෙක්ගේ රාජකාරි නවාතැන හැර  මේ කිසිම ස්ථානයක අපිට නිශ්චිත නවාතැනක් නොවීය. මේ  ගමනේ දින  අටක්  පමණ පන්සලක් හෝ විශ්‍රාම ශාලාවක් තාවකාලික නවාතැන බවට පත් කර ගත් අපි එකල මෙම  ගමන  සිහිපත් කලේ අප කල වීර චාරිකාවක් ලෙසටය.

මන් සගයෙකු පොලොන්නරුව ගල්විහාරයේදී සිදු කල  අව ක්‍රියාවක් සේරුවාවිල විහාරයේ රාත්‍රිය ගත කරන විට  ප්‍රතිවිපාක  දුන්නේය . මෙය අප සැමටම  ත්‍රාසවත් අත්දැකීමක් උරුම කර දුන් සිද්ධියක් විය.  පසුකලක මේ සගයා උසස් අධ්‍යාපනය හමාර කර ශ්‍රී ලංකා මහ බැංකුවට බැදී  ඉහල මට්ටමේ වෘත්තියධරයෙකුව විශ්‍රාම ගියත් කලාතුරකින් හෝ  අපි හමුවු විට අදත් කතාබහට එක් වන මේ චාරිකාවේ අත්දැකීම් සමග අපි අතීතයට පියමන් කිරීම සාමාන්‍ය සිද්ධිටක්ව ඇත.  
අපි  මේ ගමනේ එක් දිනක සැලසුම ලෙස ත්‍රිකුණාමලයට ගොස් එදිනම  සේරුවාවිල රජ මහා විහාරය බලා යාමටත් එහි නවාතැන් ගැණිමට  තීරණය කරගෙන සිටියාය. ත්‍රීකුණාමලයේ සිට බෝට්ටුවෙන් කි.මී. 14 1/2 ක් පමණ දුරක් ගෙවා මුතුර් බලා ගොස් මුතුර් සිට බස් රියෙන් තවත් කි.මී. 16 ක් ගෙවම්න්  සේරුවාවිල රජ මහා විහාරය දක්වා යාම එකල අපට තිබු පහසුම ගමන් මග විය.

 අපි මේ සැලසුමට අනුගතව පෙරදින  නවාතැනවු පොලොන්නරුවෙන් හිමිදිරි පාන්දර පලමු බස්රියෙන්  පිටත්ව,                        පෙර දින තැනින් තැන ඇවිද එකතු කර ගත් අත්දැකීම් සමාලෝචනය කරමින් රස විදමින් ත්‍රිකුණාමලය බලා ගමන් ගත්තාය. 
ත්‍රිකුණාමලයේ සිට මුතුර් දක්වා ‍මගී බෝට්ටුවේ ගමන අපට නුහුරු ත්‍රාසජනක අත්දැකීමක් විය. මුතුර්හිදී යලිත් ගොඩ බිමට පා තැබු පසු බෝට්ටුව පැද්දෙන වාරයක් පාසා ගෙදර බුදුන්ගේ සිට සියළු දෙවි දේවාතවන්ගේත්  බුදු හිමියන්ගේත් සරන පතමින් යදින ලද බව අපි  එකිනෙකා පිලිගත්තාය.

මුතුර් සිට පිටක්වු අවසන්  බස්රියෙන්    බිම් කරුවල වැටෙන පැයේ අපට සේරුවාවිල රජ මහා විහාරයට ලගා වීමට හැකිවිය. එවකට විහාරයේ වැඩම කර සිටි දඹගස්ආරේ ශ්‍රී සුමංගල හිමියන් වැද පිලිසරණක් පැතු කල නවාතැන පිණිස බණ ශාලාවත් අදුර මකන්නට පහණකුත් අනෙකුත් පහසුකම් සලසා ගන්නට උපදෙසුත් ලබා දීමට උන්වහන්සේ ත්‍යාගිශීලිවිය.

අප ඇගපත දොවා ගෙන රාත්‍රී  කුසගින්න නිවා ගන්නා අටියෙන් ආහාර සපයා ගන්නට ගත් උත්සහායේදී  අසල කුඩා වෙළද සැලකින් මිලට ගත්  රෝස්පාන් ප්‍රමාණයෙන් සෑහීමට පත් නොවී ඥාණ කතා නම් බණිස් විශේෂයකින් ඉතිරි අඩ සතපා තේ කෝප්පයකින් බඩ පුරවා ගැණිමටත් අපට වෙලද ද්‍රව්‍ය අලවි කල මුදළාලි අවසන් ගනුදෙනුව කරමින් වෙළද සැල හිස් කර ගත් අන්දම  පිලිබදව රස කතා ගොඩනගා ගණිමන්  නින්ද සොයන්ට සැරසුනා පමණි.

පේ නඩේ සිටි ආනන්දට තද බල ලෙස එක්වරම උණ ගෙන ඇත. අපි හය දෙනෙකුට අල්ලා මෙල්ල කර තැණිමට නොහැකි ශක්තියක් ඔහුට ලැබී ඇත. අපි ගසා බසා ගෙන නැගී සිටින සගයා අනේ ආනන්ද හාමුදුරුවනේ මට සමාවෙන්න, මම හිතලා කරපු වැරද්දක් නෙමෙයි. ඔබ වහන්සේට මතු ආත්මයක  බුදු බව අත්වෙන්න ඕනී.  මට සමාවන්න ආනන්ද හාමුදුරුවනේ  යනුවෙන් මහා හඩින් අඩා වැලපෙමින් ආනන්ද හාමුදුරුවන් ගෙන් සමාව අයදිමින් මහා පෙරළි කාරයෙකු බවට පත්ව ඇත.

කිසිවක් කර කියා ගත නොහැකිව අසරණවු අපි ඔහුත් අපහසුවෙන් මෙල්ල කරගෙන දඹගස්ආරේ ශ්‍රී සුමංගල හිමියන් පාමුල වැද වැටී පිලිසරණ පැතිය. අප අස්වැසූ උන්වහන්සේ පිරිත් සජ්ජායනා කරමින්  පෙවු පිරිත් පැන් බිදෙන් මෙහොතින් ආනන්ද යලිත් යථා තත්වයට පත්විය. අප සේවා මුර ක්‍රමයට නිදිවරමින් පසුදාට  පහන් කර උදෑසන තතු විමසීය.

නන්ද පොලොන්නරුවේ ගල් විහාරයේ ආනන්ද හිමියන්ගේ පිලිරුවට හමුදා පන්නයේ අචාරයක් කර
 ඔබත් ආනන්ද - මමත් ආනන්ද එහෙනම් මට යන්න අවසර
කියා ආනන්ද හිමි ගෙන් සමුගෙන තිබු බව හෙලි වීමෙන් අප සියල්ලෝම ගමනේ කෙළවරක් වෙන තෙක්  කට පරිස්සම් කර ගත යුතුයැයි අතිරේක සම්මුතියකට එලඹීමට තිරණය කර ගත්තාය.

ලග වියමන මෙවර සේරුවාවිල රජ මහා විහාරයේ දී දුටු දේ උදෙසා සදහා වෙන් කරන්නට බලාපෙරොත්තුව අදට මීදුම සමු ගන්නේය.

Tuesday, October 11, 2011

අරුගම්බේ

අරුගම්බේ සර්ෆින් ක්‍රීඩාවට සුදුසු රල පෙල

මුහුදු මහා විහාරයෙන් පිටත්වු මීදුම මින් වසර කිහිපයකට පෙර සටන් විරාම කාලයේ පැමිනෙන්නට අදිටන් කර සිටියත් එකල පැමිනෙන්ට නොහැකිවු  අරුගම්බේ වෙරලට පැමිණියෙමු .
සැඩ හිරු රැස් හකුලා ගනිමින් හිරු බටහිර වෙරළට ආසන්න කොට සිටිනා සෙයකි. කරුණාලාගේ පිල්ලෙයාන් ප්‍රභාකරන් සමාගමේ තිස්වසරක සාපයෙන් මිදී අරුගම්බේ වෙරළත් අවට පරිසරයත් කරුණාලාගේ පිල්ලෙයාන්ගේත් පියවි දෑස ඉදිරි පිට  යලිත් නැවුම් පිබීදීමකට පත්ව ඇති බවකි. පැරණි හෝටල් පිලිසකර වෙමින් පවතී. අළුතින් හෝටල් ඉදිවේ. සංවර්ධන කටයුතු ශීඝ්‍රයෙන් සිදු කිරීම හේතුවෙන් වර්තමානය වන විට ඒ ප්‍රදේශවලට අවශ්‍ය මහා මාර්ග, ජල විදුලිය, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය ඇතුළු යටිතල පහසුකම්  බැංකු, මූල්‍ය සේවා, රෝහල්, පාසල් ඇතුළු පොදු පහසුකම් සේවාවන්ද වැඩිදියුණු වී තිබේ.

කිලෝමීටර් 3ක් හතරක් එක දිගට අඩි ගණනාවක් උසට නැගෙන රැළි හත අටක් මුහුදු වෙරළට රැගෙන එන අරුගම්බේ වෙරළ තීරය ලෝකයේ සර්ෆිං ක්‍රීඩාව සඳහා යෝග්‍යතම මුහුදු තීර දහය අතරින් ප්‍රථම ස්ථානයට හදුනා ගැණිමත් සමඟම අරුගම්බේ ප්‍රදේශය විදේශිකයන්ගේ අවධානයට පාත්‍ර  වන්නට පටන් ගෙන තිබේ.
මේ සංචාරයේ කාල සටහන විසින් මඟුල් මහා විහාරය, ඔකඳ දේවාලය, පානම් පත්තුව, කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය, පොතුවිල් කලපුව, සහ කුමන අභය භූමිය මීදුමට යා ගත නොහැකිවු ස්ථානයන් අතරට එක්වෙයි. 

සේරුවාවිල රජ මහා විහාරයට යාමට සංවිධායක වරුන්ගේ මීලග  සැලසුම නිසා  මීදුමට යලිත් බසය තුල හිරවෙන්නට සිදුවිනි.



අපේ කට්ටිය හා මිතුරුවු සර්ෆිං ක්‍රීඩාව සදහා වෙරළට පැමිණි  විදේශික කණ්ඩායමක් 

Sunday, October 09, 2011

පොතුවිල් මුහුදු මහා විහාරය.






 

නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ . පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.
මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ.
අතීත කතාව ඇරඹෙන්නේ එකල සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට විහාර මහා දේවිය නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට (අරුගම්බේ ) යයි කියවේ.




පසු කලක ඇය ගොඩ බට ස්ථානයේ ඉදිවු පුන්‍ය භුමිය මුහුදු මහා විහාරය බවට පත්වී ඇත. මේ විහාරස්ථානයේ නටබුන් අතර සෙල් ලිපියක් මෙන්ම බුදු පිළිම වහන්සේ නමක් ඉදිරියේ සිටින කාන්තා සහ පිරිමි පිළිම යුවලක් ගලින් නෙලා ස්ථාපනය කර ඇත. මෙම ගිහි යුවල කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය යයි සැලකේ.1964 වසරේ පුරා විද්‍යා භුමියක් ලෙසට ප්‍රකාශිත මෙම විහාර භුමියට අයත් භුමි භාගය අක්කර සිය ගණනක් විය හැකි වුවත් අද නම් ඉතා කුඩා ශුමි භාගයකි. මෙවැනි විහාර භූමි මංකොල්ලයක් මීදුම කන්දරොඩෙයි විහාරය (යාපනය ) සහ කූරගල (බලන්ගොඩ) දී දැක ඇත්තෙමි.මුහුදු මහා විහාරයේ නටබුන් වෙරලෙන් ඔබ්බට මුහුද තුලත් ඇති බව මීදුම කියවා ඇත.මේ තොරතුරු තහවුරු කර ගැණිමට මුලාශ්‍රයන් නැතිවුවත් ප්‍රතිචාර තුලින් අදහස් පල වෙනු ඇතැයි මීදුම බලාපොරොත්තුවේ.





Saturday, October 08, 2011

පුංචි වීරයෝ

Monday, October 03, 2011

යුදගනා වෙහෙරට.


මීදුම චාරිකා සටහන  ලියන්න පටන් ගත්තේ ගමනේ  
මැද ඉදන් . ඒ ගිරිහඩු සෑය සිත්බැදගත් නිසා. අපේ ගමන් මග කොළඹ - බෙරගල -වැල්ලවාය - මොණරාගල- සියඹලාන්ඩුව - හරහා අම්පාර එදින නවාතැනවු දීඝවාපී විහාරයට . ඒ 4 මාර්ගයෙන්  අපි අම්පාරට හැරී ගියා.  ඒ 4 මාර්ගය කෙළවර වන්නේ මඩකලපුවෙන්.


අපේ පළමු විවේකය දියළුම ඇල්ල ලගදී.
දියළුම ඇල්ල මේ ගමන් මගේ කොස්ලන්ද පහුකරන විට හමුවෙනවා.


 මේ දිනවල ඇති තද නියගය දියළුම ඇල්ලටත් බලපාලා.  
ඇල්ල සිනිදු සේලයක් වගේ ඇද හැලෙනවා.










අපි වැල්ලවායෙන් වම් පැත්තට ඇති මග තෝරා ගෙන යනවා බුත්තල නගරයට කි.මි 05 කට පෙර හමුවන යුදගනාව රජ මහා විහාරයට. 
මේ සටහන් යුදගනා රජමහා විහාරයේ වෙබ් අඩවියෙනි.


යුදගනා වෙහෙර ක්‍රි.පු 161 දක්වා දිව යන ඓතිහාසික නවාතැන්පලක්. දුවුගැමුණු රජතුමන් උතුරේ ඇතිවු යුද්ධය සදහා මාගම සිට යන අතරමග පලමු නවාතැන්පල ලෙස මෙම ප්‍රදේශය තෝරා ගත් බවයි සදහන් වෙන්නේ. මෙතැන නතරව සේනා සංවිධාණය කල බවත් සදහන් වෙනවා.
මහානාග රජතුමන් මාගම රාජ්‍ය පිහිටුවීම හා මෙහි ඇති චුලාංගණි විහාර සංකීර්ණය ඉදිකරන ලදි. ඒ අනුව දාගැබබෝධිඝරයවිහාරයසීමාව ශාලාව භික්ෂුන් වහන්සේලා වැඩසිටි කුටි ආදියෙන් පැහැදිලි වන්නේ චූලංගණිය පංචා විහාරයකට සමාන කළ හැක.
චෛත්‍ය රාජයාණන් වහන්සේ ලක්දිව විශාලතම දාගැබ් වලින් එකකි. 
එහි වටප්‍රමාණය අඩි 1038 කි.
තවමත් ප්‍රතිසංස්කරණය කරණ දාගැබකි. 
කිර්ති ශ්‍රි නිශ්ශංක මල්ල රජු විසින් පිහිටුවන ලද සෙල්ලිපියක් මෙහි ආරක්ෂිතව පවති.


මීදුම නිරීක්‍ෂණය කල දෙයක් වුයේ  තවමත් යුදගනා රජමහා විහාරයේ සංරක්‍ෂණ කටයුතු ආරම්භ නොවී අතපසු වෙමින් තිබෙන බවයි. “දැයට කිරුළ” වැඩ සටහන බුත්තල තිබියදී මේ ඓතිහාසික උරුමයට පිවිසෙන මග පමනක් පිලිසකර වු බව දුටුවෙමි.  චෛත්‍ය අවට භූමියේ සංරක්‍ෂණ කටයුතු ආරම්භ කල බවට සදහන් පුවරු දෙකකි. එකක් සංස්කෘතික අමතිවරයෙකව සිටි හුරුල්ලේ මහතගේය.අනෙක වැල්ලවාය ගැන අවධාණය  යොමු කර ගුවන් තොවුපලක්ද ඉදිකිරීමට සැරසුන  අග්‍රාමාත්‍ය රණිල් වික්‍රසිංහ මහතාගේය.



කවමත් මේ ආණ්ඩුව සංරක්‍ෂණ කටයුතු අරඹා පුවරුවක් නම් සවිකර නැහැ.


Saturday, September 24, 2011

මද්දහනේ නිලාවේලි වලට.

ගිරිහඩු සෑයයෙන්  ආපසු ත්‍රිකුණාමලය දෙසට එන අතර අපේ නඩේ නිලාවේලි මුහුදු තීරයට පිවිසුනා.
අපේ විද්‍යාර්ථීන් සැලසුම්, පරිපාලන, මුදල්  සංවර්ධණ වගේ දෙපාර්තමේන්තු රැසකට අයත් උදවිය . මේ රැල අතර සිටින ශාරීරීක අධ්‍යාපන උපදේශක වරයා  තමයි ගමනේ සැලසුම් අංශයේ ප්‍රධානියා. මෙතුමා පරිපාලන බලතලත් කණ්ඩායමේ  නායකත්‍වයත් රාජකාරි ලැයිස්තුවට ඇතුලත් වෙලා තිබුනා.  කණ්ඩායම නියමිත කාලසටහනකට හසුරුවන බව ගමන පටන් කලින්ම නිවේදනය කලා. මගෙන් අහන්නේ නැතිව කටින් කෙළ බිංදුවක් වත් හලන්න බෑ තේරුනාද ?  මනුස්සයා‍ නීතීපොත පෙරලන ගමන්  උපදෙස් දුන්නා.  එතුමා ගේ අණ තමයි ගමන කෙළවර වෙනකම් බලපවත්වන්න ඕන කියලා මුලින්ම කිවත්  එතුමා හැර අනෙක් සියල්ලෝම නීතියට රූලට වැඩ කලා කියලා මීදුමට හිතුණා.


පාන් ගන්න  ප්‍රේස්ටි ෂොප්  දහයක් දොළහක් පහු කරලා රටබීම අළවි සැලක් ගාවින් තියෙන ප්‍රේස්ටි ෂොප් එකක් හොයා ගන්න  කිලෝ මීටර් විස්සක් තිහක් ගෙවන්න මේ ලොක්කෝ සමත් වුනා. ඉස්සරහ දොරෙන් පාන් එන කොට බස් එකේ ජනේල් අතරින් තිප්පොලවල් වලට බඩු ආවා. සීට් ඇතුලට නැමිලා තොල කට පිහිදා ගන්නේ හරියට  හොරපොලකට රිංගලා එළියට බහින්න වගේ. නඩේ එක්කෙනාට එක්කෙනා ගානේ පොලිසිය හිටියත් පොලිසිය නොමග යවන්න මේ ඇත්තෝ සමත් වුනා.
කොහොමද අද රාත්‍රි නවාතැන්.?. ඕ ......... ඒවා ඔක්කොම හරි. කලින් වෙන් කරවා ගෙන තියෙන්නේ ?. සැලසුම් ප්‍රධාණියාගෙන් අහපුවම උත්තරය වුනත් හැමදාමත් අගුවක බිම නිදාගන්න තරමට තිතට සැලසුම ක්‍රියාත්මකයි. ගමන් කාලසටහන නරඹන ස්ථාන  ලිපිගොණුවක අපුරුවට ගොනු කරලා . ඒත් ක්‍රියාත්මක වැඩ පිළිවෙල බස් එකේ කොන්දොස්තර පඩිතුමාට ඕන හැටියට.
අන්තිමට බලමුවහම ආණ්ඩුවේ කාර්යාලයක වැඩ වගේ ගමනත් සැලසුමෙන් බාගයක් වත් කෙරිලා නැහැ.


ඔයින් මෙයින් නිලාවේලි ගැන කියන්න බැරිවුනානේ  ගිණි ගහන මධ්‍යහ්න දොළහට  අපි කණ්ඩායම නිළාවෙලි වැල්ලට බැස්සුවා. උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර ආප්පේ වගේ කරවෙලා මීදුම ඉක්මනින්ම වාෂ්ප උනා  හෙවනකට. උදේ නවයට විතර නිලාවේලි පහුකරගෙන ගිරිහඩු සෑය බලන්න  ගියා. ඒ වෙලාවේ නිලාවේලි වෙරළට ගියා නම් විදින්න තිබු චමත්කාරය  සිහිපත් කරගෙන  ඈත ඉදන්  නිලාවේලි වෙරළ දිහා බලා හිටියා.
සැළසුම් විද්‍යාර්ථීන්ගේ නේ ! .  නම පොඩ්ඩක් වෙනස් කරලා කිව්වත් මේ ගොල්ලත්  ඒ දණ්ඩේ යන්න බැරි කට්ටියනේ මීදුම තීරණය කලා .
වෙරළ ජනාකීර්ණයි. කුච්චවේලි ප්‍රාදේශිය සභාව සංචාරකයිනට වැල්ලේ හෙවනක් නම් හදා දීලා තියෙනවා. යන එන පාර අවට පරිසරය ටිකක් ක්‍රමවත් කරලා. පරෙවි දූපතට  සංචාරකයින් ගෙන යන බෝට්ටු එනවා යනවා. 

ගිණිමද්දහනේ ඩිංගකින් පදම වැඩිවෙන බව නොදන්නා   ගැටයෙක් ඌරු පැටියෙක් වගේ වැල්ල අවුස්සා ගෙන කබානාවක ඔළුව ගහගෙන වමනේ දා ගෙන නිදි .





මීදුම නිලාවේලි වලදී ඉතිරි කර ගත්ත ඔය අනම් ටිකත් එක්ක මේ පින්තූර ටික බලන්නකෝ. අර ඈතින් පේන්නේ පරවි දූපත.



Thursday, September 22, 2011

ගිරිහඩු සෑයේ ඓතිහාසික පුවත.

කවදාවමත් වෙයි කියලා හිතන්න පුළුවන්ද ?. මේ උත්තමයෝ පයින් යයි කියලා.

ඓතිහාසික කතා පුවත.

ඓතිහාසික කතා පුවත.

මේ ශෛලමය ජල ගබඩාවම විශ්කමකි.
 

මීදුම Published @ 2014 by Ipietoon