Wednesday, December 10, 2008
නැත්නම් කරුත් “බළු” ....................
කරු ගැන අදහසක් කිව යුතුය. “කරු ආවොත් පායයි හිරු” කිවු අපි කරුගේ “ මරු වැඩ” වැඩ ගැනද අසා ඇත්තෙමු.සත් භාවයෙන් කරන වැඩ ගැන පද හදන එක අපේ රාජකාරියක් බැවින් ඒවා හිතට ගත යුතු නැත.
මම කරු ගේ කල්ලිය ආණ්ඩුවට සහයෝගය දුන් පරමාර්ථයට බොහෝ සතුටුවුනෙමි. ජවිපෙය රෙද්ද උස්සා ගනන් පෙන්නනවිට ආණ්ඩුවට ශක්තියක්වුයේ කරුය. මානුෂික මෙහෙයුම නම්වු දේශය මුදාගැණීමේ අරගලයේදී කකුලෙන් අදින කල්ලි යම්තරමකින් මෙල්ල වූයේ කරුගේ ශක්තිය නිසා බව සටහන්විය යුතුය.කරු ආණ්ඩුවට ජැක් එක දුන්නේ ජාතික ප`ශ්නයට තිත තබන්න තමන් ජාති හිතෛෂිවිය යුතු බව පවසමිනි.
ජාතික පශ්නය ඊයේ නිමාවුනිද ?.
තස්තවාදියා බෙලහීනව සිටියත් ඌ ඔක්සිජන් ඉල්ලන හෝරාවක කරුට තම පරමාර්ථය අමතකවූයේ රටට වඩා ලොකු දෙයක් දැක විය යුතුය. නැත්නම් රනිල්ගේ දේශ සීමා පෙන්වා ජාතික පශ්නය විසදීමේ වඩාත් සුදුසුයැයි සිතුනේද ? .
කෙසේ වෙතත් මෙහෙයුමේ නිරත අපේ කොල්ලෝ ගමේ ආ විට අපිට කියන්නේ මේ පාර නම් වසංගතය එවර කරගන්න පුළුවන් බවයි. ඒ කොල්ලන්ගේ අධිෂ්ඨානයට පයින් ගහන එකනම් සුබ කටයුත්තක් නෙමෙයි.
සල්ලි වලින් නෙමෙයි වටිනාකම මනින්නේ අහිමිවන ජීවිත, අබාධිතවන ජීවිත වලින්.
මේ අනර්ථකාරී කටයුත්ත එවරවුන දාක උතුරේ දරුවනුත් දකුනේ දරුවනුත් නිවි සැනසිල්ලේ හුස්ම ගනීවි. උතුරෙත් දකුනෙත් ජීවිත අහිමිවන එකක් නැහැ. ආබාධිත වන එකක් නැහැ.
ඒකට අකමැතිම කට්ටිය පැහැදිලිවම පෙනෙන කාලයක් මේක.
කරු එජාපයට ගියත් ඒ ස්ථාවරයේම හිටියොත් “ මරු”. නැත්නම්
කරුත් “බළු” ....................

Tuesday, December 09, 2008
බ්ලෝග් බ්ලොක් නොවි ඉදිරියට.
මම බ්ලෝග් මාධ්‍ය දෙස බැළුවේ සංවාදයකට සුදුසු තෝතැන්නක් ලෙස.
අපිට ලැබෙන නව අත්දැකීම් , නව දැනුම බෙදාගන්න හැකි තැනක් . ඒ වගේම අපි දකින අපි අත්විදින සමහර සිද්ධීන් වලදී අපිටම පෞද්ගලිකවු විවේචන බෙදා හදාගෙන සාධාරණ විනිශ්චයක් ලබාගන්න පුළුවන් තැනක් මේ අඩවියෙන් නිර්මානය වනවා දකින කැමැත්තක් මට තියෙනවා.
අපේ සටහන්වල අඩුපාඩු තව එක්කෙනෙකුට ඌණ පුරණය කරලා සම්පුර්න කරන්න පුළුවන්. එතකොට දැනුම පරිපුර්ණ කරගන්න අවස්ථාවක් නිර්මාණය වනවා.
දවසක අපේ සහෘදයෙකු බ්ලෝග් ගැන පුංචි පහේ වර්ගීකරණයක් කරලා තිබුනා. මම කොයි ගනයට වර්ග වෙනවාද දන්නේ නෑ. තොප්පිය හරිනම් දාගන්න කියලත් තිබුනා.මට හරියන තොප්පියක් තිබුනද මම බැළුවේනම් නෑ.
2009 අළුත් අවුරුද්දේ කවුරු කවුරුත් අළුත් අත්හදා බැලීම් කරාවි කියලා මම හිතනවා.
මාසේ අන්තිමට එන බිල පලදායි ලෙස ප්‍රයෝජනයට ගනිමු.

Monday, December 08, 2008
අයේෂා ජයසේකරගේ සැරිසරත් සමග යලිත් බෙලිහුල්ඔයට.
අයේෂා ජයසේකරගේ සැරිසර බෙලිහුල්ඔයට ඇවිත් තිබුනා.ඒ ගමනට මටත් එකතුවෙලා මමත් හොයා ගත්ත කරුණු ටිකක් මීදුමට එක්කහු කලාට අයේෂා ජයසේකර විරසක වෙන එකක් නැහැ කියලා මම හිතනවා. කලින් කීවානම් මමත් උදව්වට එයාත් එක්ක බෙලිහුල්ඔයට යනවා.
සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රිරික්කයේ කඩවත මැද කෝරලේ තලාපිටගම්පත්තුවේ බෙලිහුල්ඔය ආරච්චි වසම පරිපාලන පහසුවට ග්‍රාම සේවා වසම් හතර පහක් ඇතිකරලා. විවිධ නම් වෙලා තිබුනත් තවමත් වහරේ මේ සියල්ල ගැමියෝ හදුන්වන්නේ “බෙලිහුල්ඔය” කියලයි. A 4 මාර්ගයේ කොළඹ සිට බදුල්ලට යන විට කි.මි 157 -159 අතර දුර බෙලිහුල්ඔය නම්වු සුන්දර ග්‍රාමීය ප්‍රදේශය පසුකර යන්න ඕනි. බෙලිහුල්ඔයට තම අනන්‍යයවු නාමය ලැබෙන්නේ මේ ආරච්චි වසම මැදින් ගලායන සුන්දරවු “ඔය” නිසාවෙන්. වලවේ ගගේ ප්‍රධානම අතු ගංගාවත් “බෙලිහුල්ඔය” බව සටහන් වුනේ නැත්නම් අඩුවක්.
බෙලිහුල්ඔය පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්. වර්තමානයේ අවසන්වන්නේ සමනලවැවජලාශයෙන්.
සමනලවැව ජලාශයේ උතුරු ඉවුර මායිම් වන්නේ බෙලිහුල්ඔයට. බෙලිහුල්ඔයත් වලවේ ගගත් එක්වු ස්ථානය ත් පිහිටා තියෙන්නේ මේ උතුරු ඉවුරේ. බෙලිහුල්ඔයට අයත් සුන්දරවු දිය ඇලි දෙකක් තියෙනවා. එකක් හෝර්ටන් තැන්නේ බේකර්ස් ඇල්ල. අනෙක බෙලිහුල්ඔය මායිමේ පිහිටා තියෙන ගලගම ඇල්ල . මේ ඇල්ලට “කන්දැත්තේ ඇල්ල ” කියලත් කියනවා. සුවබර සුන්දර පරිසරයට බලහාත්කාරම් කරමින් ඔය ආශ්‍රිතව කුඩා විදුලිබලාගාර දෙකක් ඉදිකරලා...............
බෙලිහුල්ඔය ඓතිහාසික සටහන් වලගම්බා,මායාදුන්න රාජ්‍ය කාලයන් සහ මහනුවර රාජ්‍ය කාලය සහ ඉංග්‍රීසින්ගේ තේ වගා ආරම්භකල කාල පරාසවල යම් යම් මතක ඉතිරිව තිබෙනවා. වලගම්බා,මායාදුන්න රජවරුන් ඉදිකලා යයි සැලකෙන විහාරස්ථාන. මහනුවර රාජ්‍ය කාලයයේ අස්වැද්දු කෙත්වතු සම්බන්ධ පුරාවෘත්ත තියෙනවා. ඉංග්‍රීසින්ගේ සමයේ ඉදිවු තානායම තමයි අද “බෙලිහුල්ඔය තානායම ලෙස ප්‍රසිද්ධියට පත්ව තියෙන්නේ . බෙලිහුල්ඔය තානායම ලගින් ඇරඹෙන අතුරු මාර්ගය ඉංග්‍රීසින්ගේ සමයේ හෝර්ටන් තැන්න හරහා නුවරඑළිය දක්වා වැටී තිබූ අශ්වයින්ට යා හැකිසේ සකස්වු මාර්ගයක්.මේ මාර්ගය ඔස්සේ කි.මි.15 ක පමන සුන්දර සහ දුෂ්කර පා ගමනකින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න පුළුවන්.
බෙලිහුල්ඔය සංචාරකයනට නේවාසික පහසුකම් ඇති ස්ථානයක්. හෝටල් කාමර 45 ක් පමණ ආයතන 06 කින් පහසුකම් ලබා ගන්න පුළුවන්.

Sunday, November 30, 2008
අපි ඇමරිකාවේ කොලනියක්.
මංගල සමරවීරයන් ගේ පෙරලිය මට හිතාගන්නත් බැහැ. එතුමන් ජාතික නායකයෙක් කියලා හිතනවා ඇති. මොන පිස්සුද?
කාවෙනුවෙන්ද මේ ඇත්තා කතා කරන්නේ. රට වෙනුවෙන් නම් නෙමෙයි. වෛරයෙන් අග මුල හිතන්නේ නැතිව ඔහේ කටට ආවක් එලියට දානවා. ලොකු ඇමති කමක් තියෙන කොටයි දැනුයි ඇගට වෙනසක් නම් දැනෙනවා ඇති.
2008 නොවැම්බර් මස 29 වැනිදා සෙනසුරාදා දිවයින ඇතුල් පිටුවක තිබුනා මේ උත්තමයට මරණ තර්ජන තියෙනවාය ඒ නිසා ඇමරිකාවට කියලා ඇරියාය කියලා.................... අනේ අපොයි අපිට නම් කියන්න තියෙන්නේ ලගම පොලිසියට.
හැබැටම මේ රටේ අයිතිකාරයා ඇමරිකාවද.....?.

Monday, November 17, 2008
එහෙත් එහෙමයි.මෙහෙත් එහෙමයි
........... බිම් අගලකට හිමිකම් නොකියන, හිසට වහලක් නැති විරු දරුවෝ කම්බි ගසලා වෙන් කර ගන්න තිබුන මේ පුංචි රටේ සීමා මායිම් වැට කඩොළු බිද ගෙන උතුර දකුණ යා කරන මෙහෙයුම නිමා කරන්න සුදානම් වනවා. මේ විරුවන් මව් බිම මත හෙලන දහඩිය බිංදු ලේ බිංදු වල වටිනාකමක් නොදකින දේශපාලකයන්ගේ කතා අහන විට උන්ට හෙන ගහන්නේ නැත්තේ ඇයි කියලා හිතෙනවා.
1948 නිදහස ලැබුන දා ඉදන් මේ දක්වා රට පාලනය කලේ විදේශිකයෝ නෙමෙයි. දේශිකයෝ.
පාලකයන්ට හැර අපට පියදාසලාගෙත් චෙල්ලයියාලාගෙත් මරික්කාර්ලාගෙත් වෙනසක් තිබුනේ නෑ. කාලෙන් කාලෙට අපිව විරසක කරන්න පාර කැපුවේ දේශපාලන ඇත්තෝ උන්ගේ වාසියට.
අපිව වෙන් කරලා හිත්වලට ද්වේෂය වෛරය ටිකින් ටික කාන්දු කරලා අපිව වෛරක්කාරයෝ කරලා මඩිය තර කරගත්තා මිස උන් රට ගැන හිතුවේ නැහැ.
ඒ මදිවට පාට පාටටත් අපිව බෙදලා නිල් කොළ රතු ගොඩවල් හදලා තවත් වෛරක්කාර සමාජයක් බිහිකරගෙන හිරු නැගෙන වෙලාවේ සිට බැස යන තෙක් වෛරය වපුරනවා.
උන්ගේ බඩ තර කරගන්න.
උගුර ලේ රහ වෙනකම් දුප්පතා ගැන කෑ ගහන , කිඹුල් කදුළු හෙලන ඇත්තොත් අන්තිමට ගාල් වෙන්නේ අලි ගාවා . හේත්තුවෙන්නේ බුලත් කොටුවලට. ඉතිහාසයේ ඉදන්ම උනේ ඒක.
අන්තිමට මිරිකෙන්නේ අපේ දුප්පත් අම්මලා තාත්තලගේ දරුවෝ.
ප්‍රභාකරන් ගාවත් එහෙමයි.
මෙහෙත් එහෙමයි.

Sunday, November 16, 2008
Keeping the mind as a fortified city
තානායමේ උත්සව ශාලාවේ කෙලවරේ වාඩිවුනා. අසබඩින් ගලා යන ගගට මුහුනලාගෙන. කොතෙක් කාලයක සිට මම මෙතන වරින් වර වාඩිවෙලා විවාහ උත්සව සදහා සහභාගීවන්න ඇද්ද කියලා මටම මතක නැති තරම්.
මිතුරන්ගේ ඤාතීන්ගේ පසු කාලයේ ඔවුන්ගේ දූ දරුවන්ගේ.....
මට මගේ කල්පනාවන් මෑතක සහභාගීවුන විවාහ උත්සවයක මතක අවධි කරන්න සමත් වුනා . විශාල ඤාති හිතවතුන් පිරිසක් මැද ගෙවුන සම්භාවනීය දවස ගෙවී ගොස් තවම මාස තිහක්වත්නැහැ.
තරුන යුවලගේ විවාහය අද වනවිට විශාල අර්බූදයක් බවට පත්වෙලා .. වසර හය හතක ආදර කතාවක් විවාහයෙන් පසුව මාස තිහක් ගතවෙන විට අර්බූදයක් වීම අරුමයක් . පුංවි පුතාට මාස අටයි.
දරුවාගේ ආගමනයෙන් පසු අම්මා තාත්තට ඉස්සර වගේ ආදරේ නැහැ. තාත්තා කියන්නේ එහෙමයි.
අම්මා අඩා හැලෙනවා . එයා මටත් දරුවටත් ආදරේ නැහැ කියලා. දැන් දෙන්නා දෙපලේ. දරුවා අම්මා ලග. තාත්තා බෝඩිමක.ගෙදර එන්නේ නෑ. දෙන්නාම එකතු කර ගත්ත සල්ලිවලින් හදන්න හදපු ගේ වහල දක්වා ගොඩනගලා අතරමග නතරවෙලා.
ආදරය කොයි වගේ ද මට හිතාගන්න බැහැ.භෞතික වස්තුවක්ද රසායනිකයක්ද විදුලියක් වගේද ? ෆුඩ් සිටියෙන් සුපර් මාකට් එකෙන් මිළට ගන්න හැකි දෙයක්ද ?.
අපේ පුංචි කාලේ අපිට මතක් වෙනවා. දඩබ්බරයෙක් හැර හිතුවක්කාරෙට පෙලවහක් කරගන්නවා අහන්න ලැබෙන්නේ කලාතුරකින්. වැඩිහිටියන් මැදිහත් වෙලා කේන්දර බලලා ,නෑදෑයෝ බලලා, ගෙවල් දොරවල් බලන්න ගිහින් විවාහයක් තීන්දු කරගන්නා තෙක් කොයිතරම් සම්ප්‍රදායික වැඩ කොටසක් කරනවාද.
අද මේ සියල්ල වෙනස් වෙලා .දෙමව්පියන්ට අහන්න වෙන්නේ තීන්දුව විතරයි. විවාහ උත්සවයට සූදානම් වෙනවා හැරෙන්නට විකල්ප යක් එයාලට ඉතිරි කරන්නේ නැහැ.
සරල ආර්ථික රටාවක් තිබූ අපේ අම්මලා තාත්තලා අවුරුදු ගානක් “උඹ නොදකින් “ කියන්න පවුල් රැක්කා . තාත්තා උපයා ගෙන ආවා .අම්මා වියපැහැදම් කලා .කෙනෙක් සද්දයක් දාගෙන ආවොත් අනෙක් කෙනා නිශ්සබ්ද වුනා.වැඩ කටයුතු බෙදා ගත්තා . දුක් කරදර වගේම සතුටත් ඉවසුවා අපිට කවදාවත් දෙන්නා දෙමහල්ලෝ “ උඹ මට ආදරෙයිද බන් “ කියලා අහනවා අහන්න ලැබිලා තියෙනවාද ? . ඒ වුනත් ඒ ගොල්ලෝ ආදරෙන් ඉන්නා බව අපට දැනුනා.
වර්තමානය සංකීර්ණයි . ආර්ථිකය සන්තෘප්ත වන්න උපයන්න ඕනී . සැමියාත් බිරිදත් උදේ පිටත්වෙලා හවස එන්නේ වෙහෙසින් මහන්සියෙන්. දරුවා බලාගන්නා සේවිකාව බිරිද එනතුරු බලාගෙන ඉන්නවා ඇගේ නිවසට යන්න. බිරිදගේ උදේ පටන් ගන්නා ඒකාකාරි වෘත්තීය ජිවිතය නිමාවන්නේ තවත් වෘත්තියක ආරම්භයත් සමග.නිවසේ වැඩ කටයුතුත් දරුවාත් සමග කරන යුද්දෙත් අවසන් කරන විට .......
පාසල් යන කාලේ , විශ්ව විද්යා.ලයේ ඉන්න කාලේ වගේ සැහැල්ලුවෙන්න ඉඩ ඉතිරි වෙන්නේ නෑ.මේ පුංචි දේ තේරුම් ගන්න බැරිව සුරංගනා ලෝක මවන තාත්තලා අම්මලා ජීවිතය තේරුම් ගන්නේ නෑ. අර්බූද හිතේ මවාගන්නවා.දෙන්නාත් එක්ක විසදගන්න පුළුවන් ප්‍රශ්නයකට උත්තර සොයන්න උපදේශන වැඩක් නැහැ. තමන්ගේ මතය තහවුරු කරන්නම කරුණු ඉදිරිපත් වෙන විට විසදුමක් නැහැ.
මට ධම්ම පදය සිහියට එනවා “ කය මැටි බදුනක් යැයි සිතා - සිත නුවරක් කරගන්න” එක් ගාථාවක සදහන්වනවා. අපේ සිත් නුවරක් කරගමු.

Tuesday, October 21, 2008
යලිත් ගුරුතුමන් හමුවිය.
වෛද්‍යවරුන් වෙත තම අබල දුබල වු ශාරීරික යන්ත්‍ර දක්වා අළුත්වැඩියා කරගැනීමට පැමිනියවුන්ගෙන් චැනල් මධ්‍යස්ථානය කාර්ය බහුල ගරාජයක් බවට පත්ව තිබේ. මමද විටින් විට වේදනා දෙන මගේ දනහිස යථා තත්වයට පත්කරගැනීමේ අරමුනින් කායික වෛද්‍යවරයෙකු වෙත යාමට ගාස්තු ගෙවා කුවිතාන්සිය ගුලි කරගෙන ඔහුගේ කාමරය සොයමින් ලෙඩුන්ද කාමරද පසුකරමින් ඇවිද යමින් සිටියෙමි. ලෙඩුන්ගේ කන්කෙදිරිලි හඹා යමින් තැනින් තැන රදවා ඇති රූපවාහිණී යන්ත්‍ර වල විසුක දර්ශනත් මධ්‍යස්ථානයේ සවිකර ඇති ශබ්ද විකාශන වලින් රෝගීන් හසුරවමින් වෛද්‍යවරුන් වෙත යොමු කරවන හඩත් කන් කරච්චලයක් වුවාට , කාගේ කාගේත් ශාරිරික වේදනා ඉක්ම යාමට ඒවා සමත් නැතැයි මට සිතේ.
මේ හවු අස්සේ රෝද පුටුවක් බොහෝ අබලන්වූ පුරුදු මුහුනක් ඇති සිරුරක් දරා ගෙන ජීවිතය පිලිබදවු දෙගිඩියාවෙන් පීඩිතව සිටින අයුරින් අසරනව වෛද්‍යවරයකුගේ කාමරයේ දොර දෙස බලා සිටින රෝගියෙක් දැක මගේ අබලන් දෙදනහිස් මා ඔහු ලග නතර කරවිනි. අධික රුධිර පීඩනය විසින් , සිරුරේ වම් කොටස අප්‍රානික කරවා තිබු ඔහුට හැගීම් ප්‍රකාශ කිරිමට දෛවය විසින් දෙනෙතට සහ මුහුනට පවරා තිබිනි.මම සෙනහසින් ඔහුගේ රෝගි සිරුර බදා ගතිමි. ඔහුගේ දෙනෙතින් වට කදුලක් මා දෙඅත තෙත් කර තිබිනි.
ඒ කදුලේ ලියවී තිබුනේ කුමක්ද යන්න මා තවමත් සොයමි.
වර්තමානයේ සිට මා මගේ පාසල් කාලයට ....., දශක තුනක් හතරක් ඈතට...: අපි දෙදෙනා රැගෙන ගියාය.මම ඔහුගේ සුචච කීකරු ගෝලයා වීමි. ඔහු මගේ ගුරුතුමා විය.
කාලය විසින් විදුහල්පතිවරයෙකු මාණ්ඩලික අධ්‍යාපන නිලධාරියෙකු පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු දක්වා ඔහු දුර වෘත්තීය ගමනක යෙදී සිටියාය. මම ඔහු පසු පස වයසත් වගකීමත් සමග ඉදිරියට ගමන් කරමින් සිටියෙමි.මාද ඔහුද මේ අතර වාරයේ වරින් වර හමුවුයේ මා අවන්හලක වෘත්තිකයෙකු වූ නිසාවෙනි.
ගුරුවරියකවු මගේ පියබද වෘත්තීය අසාධාරනයකට ලක්වන්නේ ඔහු පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ලෙස අප පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේය. මට මගේ ගුරුවරයා අහිමිවන්නේද අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාතුල ජීවත් වු පල් හොරෙකු හමුවන්නේද මේ වකවානුවේය.
විධිමත් විභාගයකින් සමත්වන මගේ පියබද පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පැවත්වු සම්මුඛ පරීක්ෂණයකට පෙනීසිට අසමත්විය. එහෙත් ඇයට වඩා අඩු සේවා කාලයක් , අඩු වෘත්තීය සුදුසුකම් තිබු ගුරුමහත්මියක උසස්වීමට හිමි කම් ලැබුවාය. මේ සිද්ධිය නිවස තුල මහත් ටොරොන්ටෝවක් බවට පත්ව මාද කලම්බා උඩ හැරීමට පියබද පීඩනයක් ඇති කල බැවින් ඇගේ ලිපිගොණුවද කිහිලි ගන්නාගෙන මම මගේ ගුරුවරයා හමුවන්න ගියෙමි.
අවන්හලක වෘත්තිකයෙකු වූ නිසාවෙන්ද , බොහෝ පාසල් මිතුරන් රාජ්‍ය සේවයේ සිටි නිසාද මට බොහෝ තැන් අමුත්තක් නැතිව යා හැකිවිය. පලාත් අධ්‍යෙපන අධ්‍යක්‍ෂවරයා මගේ ගුරුතුමාවු බැවින් සහ ඔහු අවන්හලේදී හමුවු සැම දිනකම ඔහුගේ බිල්පත් ගෙවීම මගේ භාරය විය. මම සිංහයෙකු සෙයින් නිවසින් ගියද, පලාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගේ වායු සමිකරණය කරන ලද නිල කාමරයේදී බලු විය.
වාඩිවීමට ඉදිරි අසුනද නොපෙන්වා මා දුන් ලිපිගොණුව අත රදාගෙන “ තමුන් හිතනවාද හැඩට රුවට සම්මුඛ පරීන්‍ෂණ වලින් සමත් කරනවා කියලා ?.” මට ප්‍රශ්නයකින් දමා ගැසීය. මම ඉදිරි අසුන් දෙක දක්වා වාඩිවෙන්නද මෙතනින් අසාගෙන අසුනක් ඇදගෙන වාඩිවනවාත් සමගම “මේක තමුන්ට අයත් ප්‍රශ්නයක් නෙමෙයි අදාල පුද්ගලයාට එන්න කියනවා” ලිපිගොණුව මා අතපත් කලේය.
ලිපිගොණුව දුටු පමනින්ම මෙතුමන් කලබලයට පත්වුයේ මන්ද අසුනට කඩා වැටෙන්නට පෙරම සංඥාවක් මගේ මොළය නිකුත් කලේය. නොයෙක් ආවේග සංඥා ගලා ආවත් ඒවා මා තුලම බිද හෙලන්නට සලස්වමින් සිටි මම හැකි තරම් වායු සමීකරණයේ සිසිලට අනුගත වීමට උත්සහා දරමින් වට පිට බැළුවෙමි.
කාර්යාල කාර්ය සහකාරවරයාට “ ඊළග” කියන්නට නොහැකිවත් පෞද්ගලික සහකාර නිලධාරිණිය හට පිට්ටු හිරවුන සෙයකින් මා දෙස බලා සිටින බවක් මට හැගිනි. මට සිහිවුයේ ගෙදරය . ලිහා නොගෙන ගෙදර ගියහොත් ඒ ලනුවේ එල්ලෙන්න සිදුවන්නේ මටය.
අධ්‍යාපන අධ්‍යක්‍ෂසවරයා මා සිටින බවක්ද නොදන්නා සේ ලිපිගොණුවක බරපතල ගැටළුවක හිරවෙලාය. මේ අතරවාරය මම ඔහු මගේ ගුරු තනතුරෙන් ඉවත් කරදමන්නටත් මේ උද්දච්ච මිනිහාගේ පෙරලිය ගැන පරීක්‍ෂණයක් කිරිමට බුද්ධි අංශ මෙහෛවිය යුතු අන්දම ගැනත් මෙනෙහි කරමින් සිටියෙමි.ඔහු මට ඇහුම්කන් දෙන ස්වරූපයක් ඇත්තේම නැත.
මම හැකි තරම් සන්සුන් වන්නට මගේ ආවේගයන්ට අණ කර “ එහෙනම් විසදුමක් නෑ “ උත්තරයක් බලාපොරොත්තුව කාමරයේ සිසිල ගැන සිතන්නට විය.ඔහු ලිපි ගොණුවේ මිස මට උත්තරයක් දෙන උත්සාහයක් නැත.
ගෙවෙන කාලය හොරකමක ඡායා මගේ හිතට ඇතුල්කරමින් ඉවසීමේ දේශ සීමා කරා මම ලංවෙමින් සිටින බවක් දැනෙන්න විය.මගේ ගුරාවු අධ්‍යක්‍ෂවරයා හැර දමා මම ම විසදුම සොයා යා යුතු බව කියන්නට විය. “මිස්ටර් සද්ධාරත්න විසදුමත් සොයා ගෙන මම එනවා එදාට තමුන්නාන්සේගේ බෙල්ල අන්න අතන තියේවි” කියාගෙන කුණු කූඩය පෙන්වමින් නැගිට ඔහුගේ කාමරයෙන් පිටවිය.
සියල්ල තුෂ්නිම්භූතය. අධ්‍යක්‍ෂවරයාද මගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන්න ඇත.මගේ ශබ්දයද කාර්යාලය පුරා පැතිර ගොස් ඇත.සැම මා කවුදැයි විපරම් කරන දෑස් ඇතුව මා දෙස බලා සිටින බවද නොතකා දිගු පඩිපෙල බැස කිසිවක් නොවු සෙයකින් ආ වාහනයට නැග ඒමට මට හැකිවිය.
ආපසු එන අතර මා කල යුත්ත මගේ සිත සැලසුම් කරමින් විවිධ යෝජනා ඉදිරිපත් කරන්නට පටන් ගත්තේය. මේ සදහා මැති ඇමති වරුන් ප්‍රාදේශීය දේශපාලකයන් අධ්‍යාපන බලධාරීන් කී නොකී අය උදව්වට ගත යුතුය. මගේ සිත අවසානයේ උදව්වට තෝරා ගත්තේ කාර්යාල කාර්ය සහකාරවරු දෙදෙනෙක්ය.
සම්මුඛ පරීක්ෂඇණයට අදාල ලකුනූ නිර්නායක, ලකුණු ලබා දී ඇති අන්දම ,උසස්වීම්ලාභිණියගේ අධ්යාගපන සුදුසුකම් ,වෘත්තීය සුදුසුකම් ආදිය තහවුරු කරගත හැකි ලෙස තිබිය යුතුය.
අධ්‍යක්‍ෂවරයා භාරයේ තිබු සම්මුඛ පරීක්ෂ,ණයට අදාල ලකුනූ නිර්නායක, ලකුණු ලබා දී ඇති අන්දම ත් උසස්වීම්ලාභිණියගේ අධ්‍යාපන සුදුසුකම් ,වෘත්තීය සුදුසුකම් ආදිය තහවුරු කරගත හැකි සහතිකවල ඡායා පිටපත්ද මා සොයා ආවේ ය.
මේ සියල්ල ගලපා බලනවිට විභාග සහතික මතම වංචනිකව ලකුනු 15 ක් ලබා දි ඇ හට අදාල පත්වීම කර ඇති බව තහවුරු කිරිමේ ලේඛණ දිනා ගත් මම නිවසට පැමිණියේ රටක් රාජ්‍යයක් දිනාගත් පරිද්දෙනි.නොඑසේනම් මට නිවසට තබා එලිපත්තටවත් ගොඩවන්නට වරම් ලැබෙන්නේ නැත.
අධ්‍යක්‍ෂතවරයා එවකට රාජ්‍ය නායිකාව සමග සෘජු සම්බන්ධකම් ඇත්තෙක්වී ඉහල ගිය නිසාවෙන් සර්ව බලධාරී චින්තනයක් මවා ගෙන රාජකාරි කලේවිය.ඔහු විදුහල්පතිවරයෙකු සමයේ නවාතැන් ගත් නිවසක දැරිවියකට උදව් කිරිමට කරගත් නිර්මානය මට විසක්ව ඇති බව බුද්ධි අංශ පැහැදිලි කලාය.
ඔහු මට එරෙහිව පොලිස් පොතේ ලියමින් මා ඔහුගේ කාර්යාලයට පැමින රාජකාරි කටයුතු වලට බාදා කල බවත් බෙල්ල කපා දමන බවට තර්ජනය කල බවත් සටහන් කලේය. පොලිසිය මා සොයා ආවේය. විභාගයකට දින නියමවිනි . පිරිවර නිලධාරින් සමග ඔහු මට නැවත අපරාධ අංශයේදී මුණ ගැසෙන්නට සිදුවිය. චෝදනා ඉතාමත් බලවත්ය. බී වාර්තාවක් මත මහේස්ත්‍රාවරයෙකුට ඉදිරිපත් කර අඩු තරමින් සති දෙකකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කල හැක. මටත් ඇහුම් කන්දෙන්නට පොලිස් පරීක්ෂවකවරයාට සිදුවිය. ඔහුද අවන්හලේ මිත්‍රයෙකු වීම අධ්‍යක්‍ෂවරයාගේ දේශපාලන හයිය යම්තරමකින් සමනයකර ගැනීමට උදව් විය.
මම එක් රැස් කරගත් ලිපි ලේඛණ වලින් සන්නද්ධව ඔහු කර ඇති වංචාව පැහැදිලි කලේය. කිසිවක් නෑහුනු එතුමාට ඇහෙන්න පටන් ගත්තේය.නිලධාරීන් අවට උෂ්නත්වයට අනුගතවීමට ටයි පටි ලිහිල් කරගෙන මට බෙල්ල පාන්නවිය. බෙල්ල කපන්නේ මේවායින් මිස ආයුධයකින් යන්නක් මා අදහස් නොකල බව ඔවුන්ට පැහැදිලිවෙමින් සිටින බව එකිනෙකාගේ මුහුනු මට කියන්න විය.මා අධිකරනයට දක්කනවාද ? අධ්‍යක්‍ෂතුමා කුණු කූඩයට යනවාද ? . තෝරා ගැනීමට ඉඩ ඉතිරිවිය.
නිරුත්තරව ඔහුත් මාත් විසිර ගිය අතර ඊලග සතිය වන විට නිවරදි මාවතට පැමින මට සාමයේ අත දික්වි සියල්ල අමතක කර දමන්නට හැකිවිය.
ඉන් වසර දෙකකට පමන පසු විශ්‍රාම ගිය ඔහු මට යලිත් හමුවුනේ අද චැනල් මධ්‍යස්ථානයේදීය. මට අධ්‍යක්‍ෂ පල් හොරා මගේ මනසින් පලවා හැර මගේ ගුරුතුමන් සෙනෙහසින් බදා ගන්නට හැකිවිය .

Thursday, October 16, 2008
විශ්ව ශක්තිය - පසු විපරමක්
“විශ්ව ශක්තිය” යන මැයෙන් 02.08.2008 දින මා පල කල තොරතුරු අවසන් කලේ නිගමනයකින් තොරව.
I. අප යොදා ගත් රෝගීන් දස දෙනෙක්ගෙන් එක් අයෙකු තමන්ට සුවය ලැබූ බව පැවසුවා. ඈ විශ්‍රාමික විදුහල්පතිනියක්. ඇගේ රෝග ස්වභාවය හන්දි පත් වේදනාව,මස් පිඩුවල වේදනාව . අධික රුධිර පීඩනයට බටහිර ප්‍රතිකාර නොකඩවා තවමත් ලබාගන්නවා. ඈ පවසන්නේ සිරුරේ පැවති වේදනා තුරන් වූ බවයි. අධික රුධිර පීඩනය පාලනයවී ඇති බවයි.
II. දෙවැන්නා හත වසර පාසල් සිසුවෙක්. ඔහු දගකාරයි. දෙමව්පියන්ට ඇහුම්කන් දෙන්නේ නෑ.නිතරම පාසල් ගමන අත්හිටවනවා.වැඩිටියන්හට කිසිදු ගරුත්වයක් නැහැ. පරුෂ වචන භාවිතා කරනවා. මේ සිසුවාගේ දෙමව්පියන් රජයේ ඉහල රැකියා කරන අය. නිවසේ මෙහෙකරුවන් නැහැ. දෙමව්පිය සෙනෙහස ඕනෑවටත් වඩා ලැබෙනවා. ඔහුටද ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වුනේ නැහැ.
III. තුන්වැන්නා ආතරයිටිස් රෝගියෙක්. අධ්‍යායපන මාණ්ඩලික නිලධාරිණියක්. ඈ හටත් ප්‍රතිකාර වලින් පලක් වී නැහැ.
IV. සිව්වැන්නා. විශ්‍රාමික අධ්‍යාපන මාණ්ඩලික නිලධාරි ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ රුධිර සීනි අඩුවීම හා මෑතකදී ඒ සදහා යොදා ගත් බටහිර ඹෟෂධ වර්ගයක් අසාත්මික වීමෙන් චර්ම රෝගයක් වැලදී පීඩා විදිනවා.ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් උන්වහන්සේටද නැහැ.ඒත් උන්වහන්සේ පැවසුවේ යම් යම් අවස්ථාවලදී බෝධි පූජා ආදියෙන් අපට මානසික සහනයක් ලැබෙන්නාක් මෙන් මෙවැනි ප්‍රතිකාරවලින් රෝග සුවවන අවස්ථාද ඇතිවිය හැකි බවයි.
V. පස්වැන්නා අවුරුදු විස්සක් පමන කාලයක සිට මානසික ආබාධයකින් පෙලෙන්නෙක්. ආබාධිතවුයේ අධ්‍යාපනය ලබමින් සිටියදී. දැනට බටහිර ප්‍රතිකාර ලබමින් සිටින්නෙක්. ඔහුටද ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වුනේ නැහැ.
VI. හයවැන්නා ගුරුතුමියක්. ඇගේ දෙනෙත හිරු එලියට ආවරනය වූ විට හිසේ රුදාව සහ වමනය ඇතිවනවා බටහිර ප්‍රතිකාර ලබමින් අදුරු කල උපැස් භාවිතා කරන්නියක්. ඇයටද ප්‍රතිකාරවලින් ප්‍රයෝජනයක් වුනේ නැහැ.
VII. අනෙක් හතර දෙනා මේ ප්‍රතිකාර පලදායි නොවන බව සහ විශ්වාසයක් නොමැති බව පලකලා.
VIII. රෝගීන්ගේ ජීව දත්තයන් දැක්වූයේ විශ්ව ශක්තියෙන් පල ලබන්නන් බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් විචාරාත්මකව නොසිතන අය බව මට සිතෙන නිසයි.
IX. බොහෝ පිලිකා වැනි අසාධ්‍ය රෝගීන් ආසන්න දිසා රෝහල මගින් මෙම සායනයට යොමුවු බව මට දැනගන්න ලැබුනා. ඔවුන් සුවපත්වු බවත් නැවත සායනයට යොමු නොවු බවත් පැවසුනා. මම හිතන්නේ ඔවුන්ට නැවත ප්‍රතිකාර සදහා දෛවය ඉඩ නොදුන් බවයි.
මම මෙවැනි ප්‍රතිකාර මගින්ම ලෙඩ රෝග සුව කල හැකියි යන්න විස්වාස කරන්නේ නෑ. ඹෟෂධත් අත්‍යාවශ්‍යමයි. කායික හෝ මානසික රෝගවූ ඕනෑම රෝගයක් රෝගියා තුල රෝගය සුවවන බවට විස්වාස කරවීමට පොලඔවා ගැනීමට හැකිවනවානම් හරි අඩක් ඖෂධ නොමැතිව ්‍රතිකාර සාර්ථක වනවා යන්න මා හිතනවා. වෛද්‍යවරුන් අතරින් සමහරුන් ගෙන් ‘ඇල්වතුර බීවත්’ රෝග සුවවෙන්නේ ඹෟෂධ සමගම එම වෛද්‍යවරුන් කෙරෙහි විස්වාසයත් ඇති නිසයි.
තමන් කෙරේ විස්වාස ඇතිකරවා ගැණීම මෙම මනෝ ප්‍රතිකාර කරන අයගේ මුලිකම කටයුත්ත ලෙසයි මා දකින්නේ. ඉන් ඹෟෂධ නොමැතිව සුව කල හැකි කායිකව බැදී ඇති මානසික රෝග සුව වනවා.

Subscribe to:
Posts (Atom)