Monday, September 15, 2008
බේසමේ කිඹුල්ලු.
මට මේ කාලය තුළ සිදුවුන සමහර විනාශකාරී සිදුවීම් සහ පසුව එම විනාශයන් යලිත් ප්‍රතිශංස්කරණය වු අයුරුත් ගලපනවිට මැවෙන්නේ වෙනස් චිත්‍රයක්.මෙම වකවානුවේ විවෟත ආර්ථීක ප්‍රතිපත්තිය තුළ බොහෝ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය වුනා. නැත්නම් පෞද්ගලික අංශයට විකුනා දැම්මා.මෙම කාල වකවානුව වන විට වැවිලි අංශය,ගමනාගමනය (ලංගම), රාජ්‍ය ගොවිජන සේවාවන් කෟෂි රසායන.පොහොර බෙදා හැරීම වැනි අංශ පෞද්ගලිකකරණය කිරීම කෙරෙහි ජනතාව දැඩි ප්‍රතිරෝධයක් දැක්වුවා. පැවතුන රජයට මෙම අංශ ඇතුළු තවත් අංශ කිහිපයක් විකුණා දමන්නට අවශ්‍ය වූවත් එය කළ නොහැකිව සිටියා.
ජවිපෙ භීෂණ සමයේ වැවිළි අංශය අඩපන කරන ලෙස තේ රබර් කර්මාන්ත ශාලා ගිණිතබා විනාශ කලා.ලංගම බස් ඩිපෝ පිටින්ම ගිණිතබා විනාශ කලා. ග්‍රාමීයව ස්ථානගතවු ගොවිජන සේවා මධ්‍යස්ථාන ගිණිතබා විනාශ කලා. තවත් රාජ්‍ය දේපළ, ආයාතන විනාශ කරමින් ආර්ථිකය අඩපන කලා.
මේ සියළු විනාශයන් බැරවුයේ ජවිපෙ ගිණුමට.
ඉන් පසු රජය මෙම අංශ කාර්යක්‍ෂමව පවත්වාගෙන යාමට නොහැකිබව දක්වමින් පෞද්ගලිකකරණය කලා. කළ හැකි දෙයක් නැති ජනතාව නිහඩව බලා සිටියා. සද්ද කරන අයට උරුමයක් මේ දවස්වල නිර්මාණය කර තිබුනා.අපි පෝර කෟෂී රසායන පෞද්ගලික වෙලෙන්දන් ගෙන් අධීක මීළට ගන්නත් කෟෂී උපදේශණය වෙළද නියෝජිත ගිරවුන්ගෙන් ගන්නත්, කොල්ලන්ගේ රැවුම් ගෙරවුම් මැද අධීක ගාස්තු දරමින් පෞද්ගලික බස්වල තෙරපි තෙරපි කොට කොටා යන්නත් පුරුදුවුනා. තේ රබර් කර්මාන්තය පෞද්ගලික අංශය හිමි කර ගත්තා. මේ උදාහරණ ටිකක් පමනයි.අනෙක් විනාශයන් හා පුනරුත්ථාපනයන් ගලපා බලන්න. අවසාන ජයග්‍රහණය අත්කරගෙන ඇත්තේ විවෟත ආර්ථීකය කියන ප්‍රතිපත්තිය බව වැටහේවි.
ජවිපෙ කාගේ කොන්ත්‍රාතුවක් කලාද? නැත්නම් රජය බොර දියේ මාළු බෑවාද? යන්න අපිට හිතා බලන්න ඉතිරි වෙනවා.
දේශ හිතෛෂි මනසකින් යුත් ජවිපෙය ද්වේශ සහගතව කටයුතු කලා යැයි හිතා ගන්නත් බැහැ.
උතුරේ යුද්ධයත් මම දකින්නේ මේ වගේම කොන්ත්‍රාතුවක් සමග බැදුන විකෟතියක් ලෙසයි.
ලංකාවේ සිතියමේ මුහුදු තීරයෙන් 3/2 ක්ම අයිතිය ප්‍රභාකරන් මහත්තයාටය. ( මේ යක්ෂ යාට කාලෙන් කාලෙට අපේ බූරුවෝ එක එක විධියට ආමන්ත්‍රණය කරනවා. මහත්මා ගති ඇත්තෝ මහත්වරුන් වුනාට ‘මහත්තයා’ ට ඒ වගේ තේරුමක් නෑ.)
ස්වභාවික වරාය, ඛනිජ සම්පත් මත්‍ය සම්පත් මේ තීරුවේ තියෙනවා. නෝර්වේ වගෙ රටවල් මේවට කෙළ හලන්නේ නෑ කියලා විශ්වාස කරන්න බැහැ.
ඉන්දියාව අපේ අසල් වැසියා. JR මහත්තයා ගේ කාලේ අමරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් ඔහුට තිබුනේ. ත්‍රිකුණාමළයේ තෙල් ටැංකි ටික අමරිකානු සමාගමකට බදු දෙන රාවයක් එකල තිබුනා. පිලිපීනයේ තිබුන අමරිකානු යුද කදවුරු හකුලාගෙන යන කතාවකුත් ඹවුන් ලංකාව දෙස බලාගෙන ඉන්නා බවත් අහන්න ලැබුනා. මේවට ඉන්දියාව කැමැති නොවු නිසා ප්‍රාභෘකරන් බිහිවුනා. ඉන්දියාව කවලා පොවල හදලා වඩලා අපිට ප්‍රතිවිරෝධයක් නිර්මාණය කලා. අන්තිමේ පරිප්පු දීලා JR මහත්තයා මෙල්ල කරගත්තා. ප්‍රාභෘකරන් ඉතිරි කලා. විකෟතිය ඇරඹෙන්නේ එතැන් සිට. රජිව් ගාන්ධි මියයන්නෙ තම සුරතලා අතින්.
ඉන්දියාවෙන් ගිලිහෙන ප්‍රාභෘකරන් මිළදී ගන්නේ නෝර්වීජීයානුවන්. ප්‍රාභෘකරන් විතරක් නෙමෙයි චන්ද්‍රිකා රනිල්ලත් මිළදී ගන්නවා. මංගල ලා වගේ අයත් නොයෙක් රාජ්‍ය නොවන සංවිධානත් කවලා පොවලා හදා වඩා ගන්නවා. මේ ඹක්කොම යොදාගෙන උතුර සහ නැගණහිර වෙන් කරගන්න ව්‍යාපෟතියක් ඇති කරනවා. ප්‍රාභෘකරන්ට කිසිදා ගහන්න අපේ හමුදාවට බැහැ කියන මානසිකත්වකයක් මහින්දාගමනය තෙක් රටට මේ අය අනියමින් ඒත්තු ගන්වමින් හිටියා . ගහන්න පුළුවන්වු කොබ්බෑකඩුව වගේ අය විනාශ කලේ රටට ප්‍රශ්නාර්ථයක් ඇති කරමින්.
කවුරුත් සිහිපත් නොකරන ඩී.බී.විජේතුංග ජනාධිපති තුමාට විතරයි මේ අතරින් අවංකවූ චින්තනයක් තිබුනේ. නමුත් ඔහු ක්‍රියාශීලී පාලකයෙක් නෙමෙයි. වර්ථමානය සහ අතීතයේ සිදුවිම් ගලපන විට හැම සිදුවීමක් තුලම වෙනත් අතුරු බලවේගයන් ක්‍රියාත්මක වන බවයි මම හිතන්නේ.
මේ මට හිතෙන හැටි මිසක් විශාරද මතයක් නෙමෙයි.
Sunday, September 07, 2008
සුන්දර ගින්දර
ආදරය විවිධාකාරයි. මව්පියන් දරුවන්ට දරුවෝ මව්පියන්ට ආදියෙන් පටන්ගෙන සතුන්ට පවා අපි ආදරය කරනවා . සමහරු බීමත් කම වගේම නොසන්ඩාල කමටත් ආදරේ කරනවා .
යොවුන් ආදරය ජනප්රිකය ලෙස සාකච්ඡා කල පලමු නවකතාව ගොළු හදවත කියලයි මම හිතන්නේ. ගොළු හදවතේ පලවු හැත්තෑවේ දසකයේ තිබු විනීත සංවර බව යොවුන් ආදරයේ වර්තමානයේ නැහැ. පසුකාලීනව අසම්මත ආදර කතා වියත් ලේඛකයන් අතින්ද ලියවී එම ආදර්ශයන් සමාජයටත් කාන්දු වුනා. වර්තමානය වනවිට විද්යූවත් මාධ්යව වල පෙන්වන ටෙලි නාට්යනවල සාකචඡා වන යොවුන් ආදරය දු දරුවන්ට යහපත් ආදර්ශයක් ලබා දෙන්නේ නැහැ.
කාලයෙන් කාලයට යොවුන් වියඇවතුම් පැවතුම් දකින්නට ලැබෙන්නේ එක එක ආකාරයට. සමහර ප්රේ මවන්තියන් ප්රේෙමවන්තයන් දිනපතා ප්රදවෟත්ති පත්රල සති, වාර සගරාවල පලවන වෛද්ය ගැටළු තීරවලින් අහන ගැටළු කියවන කොට මේ අයගේ හැසිරීම් රටා ගැන අදහසක් ඇතිකරගන්න පුළුවනි.පසුගිය අවුරුදු කිහිපයක වරින් වර මම දිසා අධිකරණයක නඩු විභාගයක් සදහා පෙනී සිටින්නට සිදුවුනා . මම මෙම කාලය තුළ නිරීක්ෂරණය කළ එක් දෙයක්වූයේ දික්කසාද අයදුම් කළ පිරිසෙන් වැඩි දෙනෙක් තරුණ ජෝඩුවීමයි. විවාහයෙන් අවුරුදු දෙක තුනකින් වෙන්විමට සුදානම්වන මේ අයගෙන් වැඩි දෙනෙක් දෙමව්පිය මැදිහත්වීමකින් තොරව විවාහවුවන්.මේ අය විවාහයකට පත්වීමත් සමග ඇතිවන තමතමන් ගේ වගකිම් අවබෝධ නොකරගැනීම නිසා මේ තත්වයට පත්ව තිබෙන බවයි මගේ අදහස.
අපොසප සා.පෙල හැලෙන කොටසක් පලමුවෙන් ටියුෂන් පංතිවලටත් අපොසප උ.පෙල හැලෙන කොටස දෙවෙනුව ටියුෂන් පංතිවලට නිදහස්වනවා. පාසලේ නොතිබු අසීමිත නිදහසක් මේ දරුවන්ට ලැබෙනවා. මේ දරුවන් කීදෙනෙක් පංති යන බව අගවා වෙනත් ගමන් බිමන් යනවාද?. කොළඹ ගමනාන්තයවූ නගාරාන්තර බස් රිය නිරික්ෂ ණය කලොත් කොළඹට ගොස් ආපසු අනෙක් බස්රථයක එන දරුවන් අපට දක්නට ලැබේවි.බොහෝ නගරවල ඉතාමත් අඩු ගාස්තු යටතේ නවාතැන් ගත හැකි නවාතැන් බිහිවි තිබෙනවා. දිවා කාලයේ මේවායේ නවාතැන් ගෙන පංති අවසන්වන වෙලාවට නිවසට යන දරුවන් සිටිනවා.නගරයේ මෙන් උද්යානන නැති ග්රානමීය නගරවල පාළු ස්ථානවල මෙවැනි ලාබාල ජෝඩු බහුලයි. උසස් අධ්යාිපනයට යොමූවු නිවසින් බැහැරව නවාතැන් ගෙන සිටින දරුවන් මීටත් වඩා නිදහස්ව කටයුතු කරනවා.
යොවුන් විය ආදරය විවාහයෙන් කෙළවර යුතුයැයි මම විස්වාස කරන්නේ නෑ.අපි එම ඉමට පැමිනෙන්න සපුරා ගතයුතු තවත් කෙතරම් දේ තියෙනවද ?. ස්වාධීන ආර්ථිකයක් නොමැතිව කිසිවක් කරන්න බැහැ. ආර්ථිකය අවසාන දත්තය කර ගෙන ආපස්සට හිතනවානම්. අපිට අපි අනාගතයට බරක් කැළලක් නොවන හැටියට යොවුන් විය ආදරය සුන්දර ලෙස ආවර්ජණය කල හැකිවන පරිද්දෙන් හැසිරෙන්න සීමා ඇතිකරගන්න හැකිවේවි.
Thursday, September 04, 2008
පලාත් සභා ඡන්දය ඉවරයි.
මගේ වපසරිය වන්නේ රත්නපුර දිස්ත්‍රික්කය.අපිට තියෙන්නේ වැවිලි ආර්ථිකයක් වී වගාව ලාභ ලබන වගාවක් වන්නේ කොලොන්න සහ බලන්ගොඩ මැතිවරණ කොට්ඨාස වලින් කොටසකදි පමනයි. අනෙක් ප්‍රදේශවලදී බතට සරිලන වගාවක්.
බලන්ගොඩ,පැල්මඩුල්ල, රක්වාන,රත්නපුර,නිවිතිගල, ඇහළියගොඩ, සහ කළවාන කුඩා තේ වගාවන් නිසා ආදායම් ලබනවා. පැල්මඩුල්ල රත්නපුර,නිවිතිගල ඇහළියගොඩ,සහ කළවාන මිට අමතරව රබර් සහ මැණික් කර්මාන්තයත් රක්වාන සහ කොලොන්න මැතිවරණ කොට්ඨාස පහත රට එළවළු වගාවත් කෙසෙල් වගාවත් ආදායම් මාර්ගයි. වගා ඉඩම් හිමියන් නොවන ජනතාව මේ ආශ්‍රිතව ඇතිවන දෛනික රැකියා රික්තයේ කුළි කරුවන් ලෙස ආදායම් ලබනවා.
සිංහල බෞද්ධ බහුතරයකුත් තේ සහ රබර් වතු ආශ්‍රිතව කොලොන්න හැර අනෙක් මැතිවරණ කොට්ඨාසවල ද්‍රවිඩ ජනතාව සුළුතරයකුත් ඡන්දදායකයෝවනවා.
බඩුමිළ ඉහළ යන විට සමාගම් වතුවල සේවකයෝ හැර අනෙක් විවිධ ශ්‍රමික ශ්‍රේණින්ගේ වැටුපද ඉහළ යනවා. සැමගේම ආදායම වියදම යම් තරමිකින් තුළනයවනවා. මේ නිසා බොහෝ ජනතාවගේ ආර්ථික මැසිවිලි අහන්න ලැබෙන්නෙ නැහැ. රජයේ සහ පෞද්ගලික අංශයේ සේවානියුක්තියන්ද වැවිලි ක්‍ෂෙත්‍රයේ යම් තරමකින් අතිරේක ආදායම් ලබන්නෝ.වතුකරයේද එළවළු වගාව වැනි අතිරේක ආදායම් ලබන පිරිස් සිටිනවා . මෙයින් 100% සමෟද්ධිමත් බව සදහන් කරනවා නොවෙයි. දැඩි ආර්ථික පීඩනයකට පත්වු ජනතාවක් රත්නපුර දිස්ත්රික්කය තුළ ජීවත් නොවනබව පැහැදිලිවනවා
මේ ජනතාවගේ විඥාණය දැඩි කම්පණයකින් මිස උඩුගංබලා රැගෙන යා නොහැකි බවයි මගේ අදහස. ඡන්ද කාලය තුලම ජනතාව තුළ පැවතියේ නිහැඩියාවක්. කුළප්පුව පැවතුනේ අපේක්ෂේකයින්ටත් ඔවුන්ගේ කුඩා ප්‍රචාරක කන්ඩායම්වලට පමනයි. මේ නිහැඩියාව අවසාන දවසවන විට අපේක්ෂිකයින්ට තේරුම් ගැනිමට නොහැකිව නන්තාරව සිටි බව දක්නට ලැබුනා.
ප්‍රධාන පක්ෂ දෙකෙන් රජය පමනක් තම ඡන්ද ප්‍රමානය වැඩි කරගැනිමේ සහ සුරකීමේ වැඩ පිළිවෙලක සිටියා.ඔවුන් අනුගමනය කළ සමෟද්ධි , කෟෂිකර්ම සංවර්ධණ සහකාරවරුන් සහ ග්‍රාමසේවා නිලධාරීන් යොදවා ගනිමින් ග්‍රාමීය මට්ටමේ රැස්වීම් සංවිධාණය කර ජනතාව අමතමින් රජයට ඡන්දයදීමේ වැදගත්කම පෙන්වා දීමේ උප්‍රකමික වැඩ සටහන පාවෙමින් තිබු ජණවිඥාණය ආපසු කැදවා ගත්තා.එක්සත් ජාතික පත්‍ෂයට එවැනි වැඩසටහනක් තිබුනේම නැහැ.පොදුවේ සියළුම අපේක්ෂණකයෙක්ම තම මනාප ගොඩ වැඩිකර ගැනීමේ පරමාර්ථයෙන් මිස තම පක්ෂ ජයග්‍රහණය කිරීමේ අදහසක සිටියේ නැහැ.ජවිපෙ අපේක්‍ෂකයනට සන්ධානගතව සිටියදි ශ්‍රීලනිප චන්ද බැංකුවෙන් මනාප ලැබුනා. මෙවර ලැබුනේ ඔවුන්ගේ පක්ෂ්යේම චන්ද පමනයි. ජවිපෙ බෙදීම නිසා ඔවුන්ගේ චන්ද බොහෝම විට කාටවත් ලැබුනේ නැහැ.
ඡන්දදායකයා තම මැතිවරණ බලප්‍රදේශයෙන් පිටත අපේක්ෂනකයනට ඡන්දයදීමට ප්‍රතිරෝධයක් දැක්වුවා. එයින් මිදි මනාප ගත් අපේක්ෂණකයෙක් වෙත් නම් ඔහු අසීමිතව මුදල් වියදම් කර තිබුනා. දිනකට වාහන 50 ක් පමන යොදමින් 200 කට පමන ආහාර පාන සපයමින් මැතිවරණ ව්‍යපාරයේ රත්නපුර දිස්ත්‍රික්කය පුරාම මැතිවරන කොට්ඨාස අටේම ප්‍රචාරක කටයුතුවල(ව්‍යාපාරයක මිස සමාජ සේවයක් සදහා මෙතරම් මුදල් යොදවන අයව හදුන්වන්නේ කෙලෙසද මම නොදනිමි.) යෙදුණ අපේක්ෂිකයෙක් වෙත්නම් ඔහුට අසමාන මනාප ප්‍රමානයක් ලැබුනා.
පලාත් සභාවක මන්ත්‍රිවරයෙකුට ඇමතිවරයෙකුට ලැබෙන දීමනා සහ පහසුකම් සලකා බලන කොට මේ වියදම තම ජීවිතකාලෙදීවත් පියවාගන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි දියළුනු කැටේට පවා බදු ගෙවනවා . අවසානේ ඒකත් හොරකම් නොකරයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද ?
ඡන්දදායකයාගේ අදහස ප්‍රකාශවුනේ ඉතාමත් නිහඩව. නිහඩවම ඒ අදහස ආපසු කැදවන්නත් ඔහුට කාගෙවත් මග පෙන්වීමක් අවශය නැහැ කිසලා මට හිතෙනවා.
Monday, August 18, 2008
ඊට පස්සේ හාමතේ.
ගුරුවරියන් දෙදෙනෙකු 19දා කල කතාබහක් මෙසේ සටහන් කරමි.
සුබ දවසක් කොහොමද ?
අද නම් කරගන්න කොච්චර වැඩ තියෙනවද කියලා හිතෙනවා
හෙට පඩි දවසනේ ?.
මොනවද අනේ අද හිතේ - හෙට අතේ - අනිද්දා හිතුමතේ - ඊට පස්සේ හාමතේ.
ගුරුවරියන් දෙදෙනා ආර්ථිකය කැටි කර දක්වමින් සිටින විට උදේ රැස්වීම හගටන සීණුව හඩවෙන්න ටිය. .
2008 අගෝස්තු මස 18 වැනිදා
Saturday, August 16, 2008
සීතාම්බර සළු
මේ දින වල සේල්ස්මන්ලා මෙන් නොයෙක් උද්ධෘත යොදමින් තම අපේක්ෂිකතාවය මාකට් කරති. ‘තාරුන්යරයේ ලෙන් ගතු ශක්තිය” , ’රුවන්පුර ළෙන්ගතු ශක්තිය “ , ‘අපි හැමෝටමයි’ මේ වචනවල එකිනෙකට ගැලපෙන අරුතක් වත් ඇත්ද? . ‘සර්පයා’ ද ‘වන්ෂොට්’ ද තමන්ම සර්පයා’ බවත් ‘වන්ෂොට්’ බවත් හදුන්වාදෙයි.
ඡන්දදායකයන්ගේ අයිතිය එක් කතිරයකින් පැහැර ගන්නා මෙතුමන්ලා ඉන් පසු අපට මුණ ගැසෙන්නේය ආයෙත් ඡන්දයකිදීය.
මට දේශපාලනඥයින්ගෙන් උත්සව සමයේ සුබ පැතුම් පත් තැපෑලෙන් ලැබේ. ඡන්ද සමයේ ජනාධිපති අපේක්ෂඡකයන්ගේ සිට පලාත් සභා අපේක්ෂනකයන් දක්වා තැපෑලෙන් උදව් ඉල්ලා ලිපි ලැබේ. මා මුරුංගා අත්තේ තබා ‘ මට කඩේ යන්නැ’යි ඉල්ලා සිටි. දුරතකනයෙන් කතාකරයි. බොහෝවිට පටිගත කළ කට හඩවල් අසන්නට සලස්වයි.මේ එක්කෙනෙක්වත් මා ඇසුරු කරන්නන් නොවේ. දැක ඇත්තෝද නොවේ. මොවුන් එකම දේශපාලන පිලකට අයත් අයද නොවේ.
කොහෙන්දෝ මූලාශ්ර.යකින් තොරතුරු ලබාගත්තෝ වෙති.
සාධාරණය මගේ තේමාව බැවින් මට බොහෝවිට වරදියි.
මම වෘත්තීයමය උසස්විමක් අපේක්ෂි තව විභාග දෙපාර්තමේන්තුව මගින් පැවත්වූ විභාගයකට පෙනි සිට සමත්විනි.මා හා සම්මුඛ පරීක්ෂ ණයට පෙනි සිටි උසස්වීම් ලාභීන් අතරින් මම ලකුණු 15 ක් ඉදිරියෙන් අධ්යිපන හා වෟත්තීය සුදුසුකම් මත පමනක් සිටින ලදී.
උසස්වීම මට නො ලැබිනි.
පසු විපරමේදි මා සොයා ගත්තේ තවමත් මට සුබ පැතුම් එවන ‘ මට කඩේ යන්නැ’යි ඉල්ලා සිටින ප්රසබල දේශපාලනඥයින් දෙදෙනෙක් මට එරෙහිව සිටි බවයි. මට මානව හිමිකම් පිහිට කරගෙන වැරද්ද නිවරදි කර ගැනිමට වසර දෙකක් පමන කාලයක් ගතවිනි.
එතුමන්ලා තවමත් උත්සව සමයේ සුබ පැතුම් පත් එවයි. ඡන්ද සමයේ මා මුරුංගා අත්තේ තබා ‘ කඩේ යන්නැ’යි ඉල්ලා සිටියි.
අප දෙගොල්ලන්ගෙන් ඇදුම් ලා ගෙන සිටින ඇත්තෝ කවුද ?.
මම ප්‍රදීපාගාරයක්.
.
නිව්ටන් දැඩි ගතිගුණ ඇති නාවික කපිතාන්වරයෙකි. යුරෝපීයෙකි. සිරිසෝම ද නාවිකයෙකි. ඔහු සහය නිලධරයෙකි. මේ දෙදෙනා සේවය කරන ලද්දේ නෞකා දෙකකය.
එක් ඝන මීදුම සහිත රාත්‍රීයක දෙදෙනා තම නෞකා දෙක මහ සයුරේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙසට යාත්‍රා කරමින් සිටියේය.
නිව්ටන් තමන් දෙසට යාත්‍රා කරන නෞකාවක විදුලි ආලෝකය ඝන මීදුම මැදින් දැක සිදුවිය හැකි අනතුර මග හරවා ගැණීමට වහා “ ඔබ ගමන් ගන්නා මාර්ගය අංශක 10 කින් දකුණට වෙනස් කරගන්න ” සංඥාවක් නිකුත් කලේය.දෙවෙනි නෞකාවෙන් “ ඔබ ගමන් ගන්නා මාර්ගය අංශක 10 කින් උතුරට වෙනස් කරගන්න ” යැයි පිලිතුරු සංඥාවක් ඔහුට ලැබිනි.
කපිතාන් නිව්ටන්ට යකා ආවේශ වී “මම කපිතාන්වරයෙක් - මගේ අණ පිළිපැදිය යුතුයි“යැයි නැවත සංඥාවක් නිකුත් කලේය.
දෙවෙනි නෞකාවේ සේවය කරමින් සිටි සිරිසෝම “ මම ප්‍රදීපාගාරයක් - ඔබේ කැමැත්තක් “ පිලිතුරු සංඥාවක් නිකුත් කර නැව් ජැටියට විත් මීදුම මැදින් මහා සාගරය විමසන්නට විනි.
2008 අගෝස්තු මස 16 වැනිදා
Saturday, August 09, 2008
BEWARE OF THE DOCTORS
DOCTORATE එකක් ඇති මිත්‍රයෙක් අපට සිටී. මෙතුමා මේ මොන කණ්ඩායමේදැයි අප නොදනී.
අපේ මිත්‍රයා මොනවා කලත් DOCTORATE එකත් එක්ක ලැබුන තොප්පිය ඔළුවට වැටේ. කබාය ZORRO ගේ මෙන් උරහිසින් රැදී හුළගේ පාවී ලෙලදෙයි. සමාජයේ DOCTORATE එක ගැන විග්‍රහ ඇති කරගනී. මේ මිත්‍රයා ප්‍රථමික පාසලකටවත් ගොස් ඇත්දැයි සැක සංකා අපටත් ඇති කරයි.
මෙතුමා මාධ්‍යකරුවන් හා නිතර ගැටුම් ඇති කරගනී. මාධ්‍යකරුවන්ද මෙතුමා බයිට් එකට ගැනීමට නොපසුබට වෙති. දෙගොල්ලෝම අති පණ්ඩිතයෝ බව මහජනතාව තේරුම් ගෙන ඇති බව මේ මෝඩයෝ නොදනී.කාටූන් ශිල්පීන්ට කලක් අතිත රණවිරු රජතුමෙකු වී සිටියත් මේ දිනවල දම්වැලත් සමග සිටින ගෘහස්ථිත සිවුපාවෙකි.රජවුවත් නැතත් කඩුව නම් අතේ තිබේ.
අපේ කතාබහට ලක්වු ජනාධිපති වරයෙකුගේ අමාත්‍ය මණ්ඩලයක මෙවන් අමාත්‍යවරයෙකු සිටි බව සිහිපත්වේ.දෙදෙනාම රණසිංහ වුවත් අමාත්‍ය රණසිංහ මාධ්‍යකරුවන් සහ කාටූන් ශිල්පීන් බයිට් එකට ගැනීම නිසා නැත්තටම නැතිවී ගිය බව නොරහසකි.
නිල් බාල්දියක් හලා ගත් නරියෙක් රජ වී හද පායන විට හූ කිවූ කතාවක් අපි අසා ඇත්තෙමු. නරියාට රජ වුවත් ජාන වල රැදී ඇති පාරම්පරික ගති ලක්ෂ ණ අභිභවනය කිරීමට නොහැකි වූ බව රජ නරියා සනාථ කර තිබේ.
2008 අගෝස්තු මස 9 වැනිදා
Saturday, August 02, 2008
විශ්ව ශක්තිය
පවසන අන්දමට භාවනා වැඩීමෙන් එක් අවය්ථාවකදී මේ බලය ඔහුට උරුමවී තිබෙනවා. රෝගීන්ගේ, රෝගය ආරම්භවූ අවස්ථාව දක්වා රෝගී මනස අතීතයට රැගෙන ගොස් එම අවස්ථාවේදී රෝගය මනසින් ඉවත් කිරීමේ හැකියාව ඇති බවයි ඔහු පලකල අදහස් වලින් මම තේරුම් ගත්තේ.
මට නම් මේ ව්‍යායාමය ගැටළු සහගතයි. වෛද්‍ය විද්‍යාවෙන් අපි ලබාගන්නා ප්‍රයෝජනත් එක්ක ගලපනවිට.
ඔහුගේ අදහසට අනුව යම් රෝගීයෙකුගේ මනස තම රෝගී තත්වය අත්හැර ඒමට අකමැත්තක් දක්වන්නේනම් ඔහු සුවකිරීමට එතැන් සිට බලහත්කාරයෙන් මනස වර්තමානයට කැදවාගෙන ආ යුතුයි.සමහර රෝගී මනස් තමන් රැදී සිටින ස්ථාන සුව පහසුයැයි සිතා වර්තමානයේ එතනින් ඉවත්වීමට අකමැත්තක් දක්වනවා. එවිට සුව කිරීමට අසීරුවෙනවා.
ඔහු රෝගීන්ට කිසිදු ඹෟෂධීමය ප්‍රතිකාරයක්කලේ නැහැ. ඔහු ගේ අත රෝගීයාගේ හිස මත තබාගෙන භාවනාවට සමවැදිමයි කලේ.මා රෝගීන් කිහිපදෙනෙක් විමසා බැළුවා. ඔවුන් වෙතින් ඹෟෂධීමය තෙල් හිසේ ගැල්වූ බවක්, තෙල් සුවද දැනුන බවත් පැවසුනා.ඇත්තෙන්ම එවැන්නක් සිදුවුනේ නෑ.
ඔහු වසර ගනනාවක සිට භාවනාව ප්‍රගුණ කරමින් සිටිනවා.
සිත සැහැල්ලු කර ගන්නනම් සිතේ ගුලි වෙලා තියෙන කුනු කන්දල් විතරක් විසි කරලා මදි කියලා මට හිතෙනවා.අපේ ජීවිත හුරු වෙලා තියෙන්නේ තරග කාරී ජීවන රටාවකට. මුලින්ම අපි අපේ අසල්වැසියා ඉක්මවා කුස්සියෙ ළුනු පොල්කට්ටේ සිට විසිතුරු වෙන්න බලනවා. වෙනස් කරන්න නිකම් බැහැනේ .ආයෝජනය අවශ්‍යය වෙනවා. .ආයෝජනය සොයාගන්න වවිධවු උපක්‍රම වල නිරතවනවා මේවා සාර්ථක වෙන්නත් නොවෙන්නත් පුළුවන්. කොයිතරම් ලැබුනත් මදිවෙනවා තරගය අඛන්ඩව පවතින නිසා.
ඉතින් සිත සැහැල්ලුව තබා ගන්න පුළුවන්ද ?.
සිතේ ඇතිවන පීඩනයන් ගතේ විවිවිධාකාරයෙන් මතුවෙන්න පුළුවන්. අපිට තදබල මානසික ආතතියකට මුහුණපාන්න වුනහම ගතේ ඇතිවන වෙනස්කම් හිතලා බලන්න.දහඩිය ගලන්න පටන්ගන්නවා.ඇගට පණ නෑ. හිසේ ඇම්ම වගෙයි.කම්මැලියි. සතුටක් ඇතිවූවිට ගතේ ඇතිවන ප්‍රතීක ක්‍රියා මීට වෙනස් නේද ?.
සමහර විට දීර්ඝකාලීනව ගැටළු ඇතිකරගත් අය ගැන විපරම් කරලා බලන්න. ඉරුවරාදය ඇදුම.සමහර වර්ම රෝග වලින් පෙලෙන්නන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා පැහැදිලි වෙයි.
අර තරුණයා භාවනායෝගිව ලබන ලද අත්දැකිම් පීඩාවට පත් අයවෙත සහනය ලබාදීම සදහා යොදවා ලබන ප්‍රතිඵල ගැන ලියන්න මට කල් මදියි. මගේ ගවේෂණය සදහා පිරිසක් සිටිනවා . මාස දෙක තුනක් යයි ප්‍රතිඵල දකින්න. එතෙක් අදහස් උදහස් ඇත්නම් මීදුමට රොක් කරන්න.එතකොට මට පුළුවන් වෙයි වැඩි පරාසයක් තුළ හිතන්න.
31.07.2008