පසුගියදාක අපේ අසල්වැසි නිවසක මල්වර මංගල්‍යයක් පැවැත්විනි දවස පුරා ආරාධිතයන්ට පැමිණීමට පහසුකම තිබිනි.දෙතුන් සීයයක් එදින පැමිනෙන්නට ඇතියි මම සිතින් ගනනය කලෙමි.රාත්‍රිය නිමාවුයේ මධු සාදයක් සමග සංගීතමය රස සාගරයක් මවමිනි. එම දෙමව්පියන් වියදම් කර තිබු මුදල පුංචි ගෙයක් හදා ගන්නට තිබුනා නේදෑයි එදා මට සිතිනි.
අටවසර පන්තියේ පමණ අධ්‍යාපනය ලබන පුංචි දියණියකට ඒ් දවස වදයක් වෙන්න ඇතැයි සිතන්න තවත් එවන්ම පුංචි දැරිවියක් මට මගපෙන්වු බවද සටහනට එක් කරමි. ඈ අළුත් ඇදුමක් පවා පිලිකෙව් කල උත්සව ප්රතික්ෂෙප කර මෙය සාමාන්‍ය අවස්ථාවක් බව කීමට එඩිතරව සිටීම ගැන මම ආඩම්බර වුනෙමි.ඇගේ දෙමව්පියන්ද එම අදහසට එකගව ඇගේ උඩුගම් බලා යන ගමනට අත්වැලක් වී තිබිනි.
මේ උත්සව දෙකම සංවිධානය වී තිබුනේ එක්වන් අධ්‍යාපනයක් සහ වත් පොහොසත් කම් ඇති දෙමව්පිය පවුල් දෙකකිනි.
මතෘත්වය කාන්තාවකට හිමිවීමේ පලමු වරම ලෙස මල්වර වීම හැදින්විය හැකිය .කායික විද්‍යාණුකුලව මල්වරවීම කාන්තා සිරුරක සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක ආරම්භක අවස්ථාවයි.
මෙය අඩ බෙර ගසා රටට කිවයුතු කාරනාවක් නොවේ.එහෙත් අපේ සංස්කෘතිය විසින් යම් යම් සිරිත් විරිත් මල්වර වීමෙදී පෙර පටන් අනුගමනය කරන්නට පරිසරය සකස් කර තිබේ. ඒවා අඩු හො වැඩි වශයෙන් අනුගමනය කරන අතර දැනුම්වත් දෙමව්පියන් පවුලේ ඥාතීන් අතර පමනක් පවත්වන සරල උත්සවයක් බවට මල්වර උත්සවය පත්කර ගෙන සිටී.
අතීතයේ සිට පැවත එන සිරිත් අනුව දියණියක විසින් තම මවට මේ බව දැන්වු විට , මව ඇය අතට ලෝහමය ආයුධයක් අතට දී කිරි ගහක් ලගට ගොස් ගසට කිරි එනසේ කැපුමක් කරනු ලැබේ ලෝහමය ආයුධයෙන් ආරක්ෂාවත් කිරි ගහෙන් සෞභාග්‍යත් සංකේතවත් කරනු ලැබේ.
පෙර පැවති සමාජයේ සිරිත් විරිත් අතරට ශබ්ද නගා කතා නොකිරීම, දින තුනක් ගතවන තුරු කිසිවෙකුට මුහුණ නොපෙන්වීම, තාරකාවන් දෙස නොබැලීම, සුවඳ විලවුන් පාවිච්චි නොකිරීම, ස්නානයෙන් වැළකීම, ආභරණ නොපැළඳීම, නියපොතු, හිසකේ නොකැපීම, හිසකේ පීරීමෙන් වැලකීම යන සිරිත් විරිත් මල්වරය මංගල්ලය සම්බන්ධ සිරිත් විරිත්අතරටට ඇතුළත් වේ. නැවුම් මැටි බදුනක ආහාර ගැනීම, දෝතින් ගෙන ජලය පානය කිරීමත් ,මෙම සිරිත්ම අනුගමනය කරන මල්වරවු දියණියකට තාවකාලික සිර දිවියක් ගතකිරීමටත් සිදුවේ.
සමහර ප්‍රදේශවල පස් මොරු කුල්ල දීම නමින් සිරිතක් තිබේ. මෙම සිරිතේදී හාල්, පොල්, තුනපහ, පළතුරු, කැවිලි, බුලත්, පුවක් ආදිය ද, දියලබු, වට්ටක්කා වැනි එළවළු වර්ග කීපයක්ද කුල්ලක අතුරා පහනක් තබනු ලැබේ
මල්වරවු දියණියක ස්නානයෙන් පසු නිවසට පිවිසෙන අවස්ථාවේ දොරකඩ හරහා පැදුරක් එලා වී,තල උදු මුං මෑ ඇට දමා ඒ මත තොලබෝ අත්තක් සහ මොල්ගහක් හරහට දමා ඒ උඩින් ඇවිද ගෙන යාමට සලස්වනු ලැබේ .
මේ අවස්ථාවේ රෙදි නැන්දා විසින් පොල් ගෙඩියක් බිම තබා දෙපළු වනසේ බිදිනු ලැබේ. මින් පසු ඈ කැදවා ගෙන යන්නේ නිවසේ මැද සකස් කර ඇති රන්, රිදී, මුතු, මැණික් ආදියෙන්ද කැවිලි, එළවළු, හාල්, පොල් හා ඇඳුම් ආදි ද්‍රව්‍ය වලින් බිම පැදුරක අතුරා සකස් කර ඇති ස්ථානයටයි. මෙම ස්ථානය පැදකුණු කර පහන් දල්වා සිරිත් කරනු ලැබේ. වැඩිවියට පත්වන අවස්ථාවේ ඇඳ පැළඳගෙන සිටි කණකර ආභරණ, ඇඳුම්, කොට්ට, පැදුරු සියල්ලම රෙදි නැන්දාට භාරදීම වැනි සිරිත්ද මෙයට ඇතුලත්වේ.
රෙදි නැන්දා අද වොසින් මැසින් එකවී ඇති බැවින් මව හෝ ඥාති නැන්දා කෙනෙක් මේ සිරිත් විරිත් සදහා මැදිහත්වේ. සිරිත් විරිත්ද වර්තමානය වන විට ලඝු වි ඇතත්, උත්සවශ්රීය නම් සංකීර්ණවී ඇති සෙයකි. මගේ අඅසල්වැසියාට සිදුව ඇත්තේ උත්සවශ්රීය සංකීර්ණවීමයි.
විජේසිරි ජයසේකර මෙටාවට එක් කල සිතිවිල්ලක්මල්වර නැකත මල් කැකුළක් හිසේ තියා
නැන්දට වෙල්ලාව පොට්ටනි ලියා තියා
සිරිතට වරිගෙ වංශෙට මල පොතේ ලියා
කෙල්ලගෙ ජීවිතේ කනවා මගුල් කියා
ජීවයෙ නියම ගමනට පිළිපන් විටදී
කාටත් පොදුයි ලෝ දහමට රුකුල් දිදී
කය තුළ සිදුවෙනා වෙනසක් නැකතට දී
ලෝකෙට කෙල්ල විකුණනවා මගුල් යෙදී
ගහලා පොටෝ ඇල්බම් උඩ නැගල හිඳී
යහපත් ගුණ ධර්ම වෙනුවට බයිල වදී
ගමටම බොන්න දී රෑ පාටියට හිඳී
දරුවව නටවනව අම්මල අකුණු වදී
නැකතට කියන දේවල් ගුරු කොට රැගෙන
දරුවගෙ ජීවිතේ කනවා නැත සිතින
යහපත අයහපත ගැන කිසිවක් නොදැන
කොටහළු මගුල ජයටම කයි ණය රැගෙන
නැකතට වතුර කලයක් නාවා ඇතිද
පහනක් එක් දිනක් දල්වාගෙන කිමද
සුදු වත හැමදාම අඳිනට හිත නැතිද
කිරි ගහකට කෙටුම කුමකට එය හරිද
සතියක් හමාරක් ඉගෙනුම නෑ ඔට්ටූ
කෑමක් බීම නෑ හරියට වෙයි තට්ටූ
සෙල්ලම් කරන්නට මුත් හිත වෙයි මට්ටූ
මුල්ලක තනි කරන්නේ මොන කරුමද පිට්ටූ
අන්දල නේක වයිවාරණ ඇඳුම් රෙදී
ගමටම කියල කෙල්ලගෙ ගලවනව රෙදී
ණය වී තම්බලා බත් ගෙඩි එක්ක හොදී
මෙහෙමත් පිස්සු කෙළිණා අය කොහේ හිඳී
පොඩ්ඩක් හිතල මේ ගැන දැන් හැදෙන අය
විකුණනු එපා දරුවා මේ ලෙසින් කය
යහපත් ගුණ ධර්ම දරුවට දිදී ළය
මල් පූදින්න ඉඩ දෙනු එය තමයි පිරිය
ස්තුතියි .