යාපහුව - දළදා මාලිගයට පිවිසුම

අනුරාධපුරයෙන් පොළොන්නරුවටත්, එතැනින් දඹදෙනියටත් මාරු වූ අගනුවර ඊට පසු පිහිටවූයේ යාපහුවෙයි. මේ පර්වතය මුලින්ම රටේ අගනුවර බවට පත්කර ගත්තේ පළමුවැනි බුවනෙකබාහු (1272-1284) රජු යි. මුලින්ම දඹදෙණියේ රජ වූ ඔහු වැඩි ආරක්ෂාව පතා යාපහුවට රාජධානිය අරන් යනවා. දළදා වහන්සේ අවුරුදු 11ක් යාපහුවේ වැඩ හිඳි බවත් වංශකතාවල සඳහන් වෙනවා.



හුණු ගල් පොකුණ - කල්තොට

හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ. පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව එහි වර්ග ත්‍රිත්වයකි. එනම් ආග්නේය පාෂාණ (Igneous Rocks), අවසාධිත පාෂාණ (Sendimentary Rocks) සහ විපරීත පාෂාණ (Metamorphic Rocks) වේ.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

2011-10-09

පොතුවිල් මුහුදු මහා විහාරය.




 

නැගණහිර පලාතේ පොතුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිම් කර ගෙන වැල්ල ආසන්නයේම පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටා තිබේ . පොතුවිල් නගරයේ සිට ආරුගම්බොක්ක දෙසට කිලෝමීටරයක් පමණ දුර පැමිණ වමට හැරී කුඩා පාර දිගේ ගමන් කිරීමෙන් මෙම පූජනීය ස්ථානයට පැමිණිය හැකි ය.
මේ පුද බිමේ ඉතිහාසය දුටුගැමුණු රාජ්‍ය යුගයෙන් ඇරඹේ.
අතීත කතාව ඇරඹෙන්නේ එකල සුනාමි තත්වයක් ඇතිව මුහුද ගොඩ ගැළු අවස්ථාවේ දෙවියන් කෝපව එසේ සිදුවු යයි මතයක් ඇතිවීම නිසා දේව කෝපය පහ කරගැණිමට විහාර මහා දේවිය නැවක් සකස් කර එයට නන්වා මුහුදේ පා කිරීමෙන් දෙවියන්ට කැප කිරීමෙනි. මුහුදට බිලිවන්නට ගිය විහාර මහා දේවිය කිරින්දට පාවී ආවත් ගොඩ බසින්ට සුදුසු මුහුදු තීරයක් නොවු හෙයින් යලි මුහුදට පාවී ගිය ඇය සහිත නැව යලි වෙරළ තීරයට පාවී ඇවිත් ඇත්තේ පොතුවිල් ප්‍රදේශයේ අරුගම්බොක්කට (අරුගම්බේ ) යයි කියවේ.




පසු කලක ඇය ගොඩ බට ස්ථානයේ ඉදිවු පුන්‍ය භුමිය මුහුදු මහා විහාරය බවට පත්වී ඇත. මේ විහාරස්ථානයේ නටබුන් අතර සෙල් ලිපියක් මෙන්ම බුදු පිළිම වහන්සේ නමක් ඉදිරියේ සිටින කාන්තා සහ පිරිමි පිළිම යුවලක් ගලින් නෙලා ස්ථාපනය කර ඇත. මෙම ගිහි යුවල කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවිය යයි සැලකේ.1964 වසරේ පුරා විද්‍යා භුමියක් ලෙසට ප්‍රකාශිත මෙම විහාර භුමියට අයත් භුමි භාගය අක්කර සිය ගණනක් විය හැකි වුවත් අද නම් ඉතා කුඩා ශුමි භාගයකි. මෙවැනි විහාර භූමි මංකොල්ලයක් මීදුම කන්දරොඩෙයි විහාරය (යාපනය ) සහ කූරගල (බලන්ගොඩ) දී දැක ඇත්තෙමි.මුහුදු මහා විහාරයේ නටබුන් වෙරලෙන් ඔබ්බට මුහුද තුලත් ඇති බව මීදුම කියවා ඇත.මේ තොරතුරු තහවුරු කර ගැණිමට මුලාශ්‍රයන් නැතිවුවත් ප්‍රතිචාර තුලින් අදහස් පල වෙනු ඇතැයි මීදුම බලාපොරොත්තුවේ.





2011-10-03

යුදගනා වෙහෙරට.


මීදුම චාරිකා සටහන  ලියන්න පටන් ගත්තේ ගමනේ  
මැද ඉදන් . ඒ ගිරිහඩු සෑය සිත්බැදගත් නිසා. අපේ ගමන් මග කොළඹ - බෙරගල -වැල්ලවාය - මොණරාගල- සියඹලාන්ඩුව - හරහා අම්පාර එදින නවාතැනවු දීඝවාපී විහාරයට . ඒ 4 මාර්ගයෙන්  අපි අම්පාරට හැරී ගියා.  ඒ 4 මාර්ගය කෙළවර වන්නේ මඩකලපුවෙන්.


අපේ පළමු විවේකය දියළුම ඇල්ල ලගදී.
දියළුම ඇල්ල මේ ගමන් මගේ කොස්ලන්ද පහුකරන විට හමුවෙනවා.

 මේ දිනවල ඇති තද නියගය දියළුම ඇල්ලටත් බලපාලා.  
ඇල්ල සිනිදු සේලයක් වගේ ඇද හැලෙනවා.

අපි වැල්ලවායෙන් වම් පැත්තට ඇති මග තෝරා ගෙන යනවා බුත්තල නගරයට කි.මි 05 කට පෙර හමුවන යුදගනාව රජ මහා විහාරයට. 
මේ සටහන් යුදගනා රජමහා විහාරයේ වෙබ් අඩවියෙනි.


යුදගනා වෙහෙර ක්‍රි.පු 161 දක්වා දිව යන ඓතිහාසික නවාතැන්පලක්. දුවුගැමුණු රජතුමන් උතුරේ ඇතිවු යුද්ධය සදහා මාගම සිට යන අතරමග පලමු නවාතැන්පල ලෙස මෙම ප්‍රදේශය තෝරා ගත් බවයි සදහන් වෙන්නේ. මෙතැන නතරව සේනා සංවිධාණය කල බවත් සදහන් වෙනවා.
මහානාග රජතුමන් මාගම රාජ්‍ය පිහිටුවීම හා මෙහි ඇති චුලාංගණි විහාර සංකීර්ණය ඉදිකරන ලදි. ඒ අනුව දාගැබබෝධිඝරයවිහාරයසීමාව ශාලාව භික්ෂුන් වහන්සේලා වැඩසිටි කුටි ආදියෙන් පැහැදිලි වන්නේ චූලංගණිය පංචා විහාරයකට සමාන කළ හැක.
චෛත්‍ය රාජයාණන් වහන්සේ ලක්දිව විශාලතම දාගැබ් වලින් එකකි. 
එහි වටප්‍රමාණය අඩි 1038 කි.
තවමත් ප්‍රතිසංස්කරණය කරණ දාගැබකි. 
කිර්ති ශ්‍රි නිශ්ශංක මල්ල රජු විසින් පිහිටුවන ලද සෙල්ලිපියක් මෙහි ආරක්ෂිතව පවති.


මීදුම නිරීක්‍ෂණය කල දෙයක් වුයේ  තවමත් යුදගනා රජමහා විහාරයේ සංරක්‍ෂණ කටයුතු ආරම්භ නොවී අතපසු වෙමින් තිබෙන බවයි. “දැයට කිරුළ” වැඩ සටහන බුත්තල තිබියදී මේ ඓතිහාසික උරුමයට පිවිසෙන මග පමනක් පිලිසකර වු බව දුටුවෙමි.  චෛත්‍ය අවට භූමියේ සංරක්‍ෂණ කටයුතු ආරම්භ කල බවට සදහන් පුවරු දෙකකි. එකක් සංස්කෘතික අමතිවරයෙකව සිටි හුරුල්ලේ මහතගේය.අනෙක වැල්ලවාය ගැන අවධාණය  යොමු කර ගුවන් තොවුපලක්ද ඉදිකිරීමට සැරසුන  අග්‍රාමාත්‍ය රණිල් වික්‍රසිංහ මහතාගේය.



කවමත් මේ ආණ්ඩුව සංරක්‍ෂණ කටයුතු අරඹා පුවරුවක් නම් සවිකර නැහැ.


2011-09-24

මද්දහනේ නිලාවේලි වලට.

ගිරිහඩු සෑයයෙන්  ආපසු ත්‍රිකුණාමලය දෙසට එන අතර අපේ නඩේ නිලාවේලි මුහුදු තීරයට පිවිසුනා.
අපේ විද්‍යාර්ථීන් සැලසුම්, පරිපාලන, මුදල්  සංවර්ධණ වගේ දෙපාර්තමේන්තු රැසකට අයත් උදවිය . මේ රැල අතර සිටින ශාරීරීක අධ්‍යාපන උපදේශක වරයා  තමයි ගමනේ සැලසුම් අංශයේ ප්‍රධානියා. මෙතුමා පරිපාලන බලතලත් කණ්ඩායමේ  නායකත්‍වයත් රාජකාරි ලැයිස්තුවට ඇතුලත් වෙලා තිබුනා.  කණ්ඩායම නියමිත කාලසටහනකට හසුරුවන බව ගමන පටන් කලින්ම නිවේදනය කලා. මගෙන් අහන්නේ නැතිව කටින් කෙළ බිංදුවක් වත් හලන්න බෑ තේරුනාද ?  මනුස්සයා‍ නීතීපොත පෙරලන ගමන්  උපදෙස් දුන්නා.  එතුමා ගේ අණ තමයි ගමන කෙළවර වෙනකම් බලපවත්වන්න ඕන කියලා මුලින්ම කිවත්  එතුමා හැර අනෙක් සියල්ලෝම නීතියට රූලට වැඩ කලා කියලා මීදුමට හිතුණා.


පාන් ගන්න  ප්‍රේස්ටි ෂොප්  දහයක් දොළහක් පහු කරලා රටබීම අළවි සැලක් ගාවින් තියෙන ප්‍රේස්ටි ෂොප් එකක් හොයා ගන්න  කිලෝ මීටර් විස්සක් තිහක් ගෙවන්න මේ ලොක්කෝ සමත් වුනා. ඉස්සරහ දොරෙන් පාන් එන කොට බස් එකේ ජනේල් අතරින් තිප්පොලවල් වලට බඩු ආවා. සීට් ඇතුලට නැමිලා තොල කට පිහිදා ගන්නේ හරියට  හොරපොලකට රිංගලා එළියට බහින්න වගේ. නඩේ එක්කෙනාට එක්කෙනා ගානේ පොලිසිය හිටියත් පොලිසිය නොමග යවන්න මේ ඇත්තෝ සමත් වුනා.
කොහොමද අද රාත්‍රි නවාතැන්.?. ඕ ......... ඒවා ඔක්කොම හරි. කලින් වෙන් කරවා ගෙන තියෙන්නේ ?. සැලසුම් ප්‍රධාණියාගෙන් අහපුවම උත්තරය වුනත් හැමදාමත් අගුවක බිම නිදාගන්න තරමට තිතට සැලසුම ක්‍රියාත්මකයි. ගමන් කාලසටහන නරඹන ස්ථාන  ලිපිගොණුවක අපුරුවට ගොනු කරලා . ඒත් ක්‍රියාත්මක වැඩ පිළිවෙල බස් එකේ කොන්දොස්තර පඩිතුමාට ඕන හැටියට.
අන්තිමට බලමුවහම ආණ්ඩුවේ කාර්යාලයක වැඩ වගේ ගමනත් සැලසුමෙන් බාගයක් වත් කෙරිලා නැහැ.


ඔයින් මෙයින් නිලාවේලි ගැන කියන්න බැරිවුනානේ  ගිණි ගහන මධ්‍යහ්න දොළහට  අපි කණ්ඩායම නිළාවෙලි වැල්ලට බැස්සුවා. උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර ආප්පේ වගේ කරවෙලා මීදුම ඉක්මනින්ම වාෂ්ප උනා  හෙවනකට. උදේ නවයට විතර නිලාවේලි පහුකරගෙන ගිරිහඩු සෑය බලන්න  ගියා. ඒ වෙලාවේ නිලාවේලි වෙරළට ගියා නම් විදින්න තිබු චමත්කාරය  සිහිපත් කරගෙන  ඈත ඉදන්  නිලාවේලි වෙරළ දිහා බලා හිටියා.
සැළසුම් විද්‍යාර්ථීන්ගේ නේ ! .  නම පොඩ්ඩක් වෙනස් කරලා කිව්වත් මේ ගොල්ලත්  ඒ දණ්ඩේ යන්න බැරි කට්ටියනේ මීදුම තීරණය කලා .
වෙරළ ජනාකීර්ණයි. කුච්චවේලි ප්‍රාදේශිය සභාව සංචාරකයිනට වැල්ලේ හෙවනක් නම් හදා දීලා තියෙනවා. යන එන පාර අවට පරිසරය ටිකක් ක්‍රමවත් කරලා. පරෙවි දූපතට  සංචාරකයින් ගෙන යන බෝට්ටු එනවා යනවා. 

ගිණිමද්දහනේ ඩිංගකින් පදම වැඩිවෙන බව නොදන්නා   ගැටයෙක් ඌරු පැටියෙක් වගේ වැල්ල අවුස්සා ගෙන කබානාවක ඔළුව ගහගෙන වමනේ දා ගෙන නිදි .

මීදුම නිලාවේලි වලදී ඉතිරි කර ගත්ත ඔය අනම් ටිකත් එක්ක මේ පින්තූර ටික බලන්නකෝ. අර ඈතින් පේන්නේ පරවි දූපත.