ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

පොසොන් පෝය 29 වෙනිදා.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2011-09-22

ගිරිහඩු සෑයේ ඓතිහාසික පුවත.

කවදාවමත් වෙයි කියලා හිතන්න පුළුවන්ද ?. මේ උත්තමයෝ පයින් යයි කියලා.

ඓතිහාසික කතා පුවත.

ඓතිහාසික කතා පුවත.

මේ ශෛලමය ජල ගබඩාවම විශ්කමකි.

2011-09-21

ගිරිහඩු සෑය (නීතුපත්පාන)

සියුමැලි ලෙස යෙදු කැටයම් සහිත පඩිපෙල

ඉහලසිට බැස එන විට වම්   පස පොකුණ

ඉහලසිට බැස එන විට දකුණු  පස පොකුණ
මුරගල

වහල දරා සිටි කුළුණු

නිලාවෙලි කුච්චවෙලි ගොඩබිම් කදුවැටි සමග මුහුදු තීරය
කුළුනු හිස් 

මුරගල සදකඩපහන සහිත පිවිසුම යහ පඩිපෙල, කොරවක් ගල් 
නිලාවෙලි කුච්චවෙලි ගොඩබිම් කදුවැටි 


කොරවක් ගල 
තුරු ලතා වියනේ සෙවන යටින්  පඩි සහිත පිවිසුම් මග

ගිරිහඩුසෑය - තිරියාය

  මීදුම  පසුගිය සතිය වෙන් කරන්න වුනේ නැගණහිර සංචාරයකට.


 ඒ 4 මාර්ගයෙන් මඩකලපුවටත් එතනින් අම්පාර ටත් ගිය අපි ත්‍රිකුණාමලයෙන් සංචාරය නිම කරලා හතරවෙනි දවසේ ගම් බලා හැරුනා.
ගමනේ රසතැන් බොහෝමයි. එක්වෙලා හිටි කට්ටිය විවිධ තාරාතිරමේ විද්‍යර්ථීන්. නඩේ හැටක් විතර හිටියා . හැටකගේ කතා පෙට්ටි විවර වුනාම දවස් හතරක් අඩුතරමේ කතා දෙසිය හතලිහක් වත් නිර්මාණය වෙනවා.

මීදුම සටන් විරාම කාලෙත්  යුද්ධයට විරාමය වැටුන විගසත් නැගණහිර සංචාර තුනක් කරලා තිබුනා. මෙවර දුටුවේ විශාල වෙනසකට පත්වන නැගණහිරක්. පාරවල්  තොටවල් අළුත් වෙලා . අළුතින් ගොඩනැගිලි  කල එලි වැටීගෙන නැගිටින නැගණහිරක්.  

ආගිය කතාත්  ගමනේ හමුවු වැදගත් දේවල් ලියන්නත් ඕනී නිසා අද වෙන්වෙන්නේ   තිරියාය හිරිගඩු සෑයේ විත්ති වලට. මීට කලින් ගිය හැමවතාවකම කාලය හරස් වෙලා නැත්නම් වෙනත් හේතුවක් මතුවෙලා මග හැරන හිරිගඩු සෑය දැක්කම මීදුම පසුතැවිල්ලට පත්වුනා මීට කලින් එන්න බැරිවුනාට.

ත්‍රිකුණාමලයෙන් නිලා වැලි පසුකරගෙන පුල්මුඩේ ට යන පාර කාපට් අතුරලා දර්ශණිය පාලම් ඉදිවෙලා තිබුනා. ඉරක්කන්ඩි , පොඩුවකට්ටු සහ යාන්ඔය පාලම් මතක හිටින පරිසර පද්ධතියට ආභරණයක් වෙලා.
ඉරක්‌කණ්‌ඩි පාලමෙන් අපි එගොඩ වෙලා කිලෝමිටර් කිහිපයක් පසු කරන විට අපට කුච්චවේලි හමුවුනා. කුච්වෙලි නමින්  ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයක්‌ තියෙනවා . නිලාවැලි  අයත් වන්නෙත්  මේ කුච්වෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට.  කුච්චවේලි හරහා යන අපිට  යුද්ධයයේ නටබුන් තාමත් අතරින් පතර දැකිය හැකිවනවා. නව සංවර්ධන ව්‍යාපෘතිත්  මීට අවුරුදු තුනකට පමන පෙර නැගණහිර එන විට දුටු දර්ශණත් ගලපන විට  කරුණලා පිල්ලෙයාන්ලා ප්‍රභාකරන් එක්ක අත්වැල් බැදගෙන ජනතාව ‍මැරුවා මිසක් වෙනත් ව්‍යාපෘතියක් කරලා නෑ කියලා හි‍තේ ඇදෙනවා.


 කුච්චවේලිය පසුකරන  අපි පොඩුවාකට්‌ටුවට ළඟා වෙනවා. පොඩුවාකට්‌ටු කලපුව අසලදීත් අපට දැකගන්නට ලැබෙන්නේ ඉරක්‌කණ්‌ඩිවලදී දැකගත් ආකාරයේම ආරුක්‌කු පාලමක්‌. පොඩුවාකට්‌ටුව පසුකරමින් මීළඟට අපි ළඟා වෙන්නේ තිරියායට. මහමුහුද අද්දරින් වැටී ඇති පුල්මුඩේ මාර්ගයේ පැමිණි අපි තිරියායට පැමිණීමෙන් පසුව තිරියායේ සිට කිලෝමීටර් 3 ක පමණ දුරක් ගෙවා අපි අද කතා බහ සදහා වෙන් වෙන ගිරිහඩු මහා සෑයට ගොඩබිම දෙසට විහිදුන අතුරු පාරකින්  පැමිණියා.
මීදුම හිත බැද ගත් මේ පින් බිම අප බුදුරජානන් වහන්සේ‍ගේ කේෂ ධාතූන් නිදන් කර තපස්සු බල්ලුක වෙළද සමාගම විසින් බුදුන් ජීවමානව සිටි කල ඉදිකල බවකුයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ.
අතීතයේදී ලංකාවෙන්  භාරතයට වෙළෙදාමේ ගිය වෙළෙන්දන්  තිරියායට ඉහළින් ඇති හාල්කන්ද නොහොත් අරිසිමලේ තම වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස භාවිත කළ බව ‍‍ඓතිහාසික කතාවක් පවතිනවා. භාරතයේ සිට කේශ ධාතු රැගෙන හාල්කන්දට පැමිණි තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්  මුහුදු තීරයට සමීප  ආරක්‍ෂිත  ස්‌ථානයක්‌ වූ තිරියායේ කඳු මුදුනක ගිරිහඬු සෑය නමින් දාගැබක්‌ ඉදිකොට එහි ධාතුන් නිදන් කළ බවත් මේ කතාවට ඇතුලත්.

ගිරිහඬු සෑය අලංකාර වටදා ගෙයකින් නිර්මිත විහාරයක්‌. අතීතයේදී මෙහි සුවිසල් විහාරයක්‌ පැවැති බවට අවට නටබුන් සාක්‌ෂි දරනවා. සෑය පිළිබඳව තොරතුරුත් සෑය වන්දනා කිරීමට සකස්වු ගාථාත් ඇතුලත්  ඉපැරණි සෙල්ලිපියක්‌ද මෙම පරිශ්‍රයේදී  දැකගත හැකියි. ඉතා අලංකාර වන තුරු වදුලක්‌ යටින් ශෛලමය පියගැට පෙළක්‌ නැග යා යුතු මෙම විහාරය  මට සිහිපත් කලේ දෙණියාය ගැටබරුව විහාර පරිශ්‍රයට යන පියගැට පෙළත් සමග මාවත. දෙණියායේ සිසිලස නැගණහිර නැතිවුනත්  මේ වන වදුල යටින් පියගැට පෙල නගින  විට නැගණහිර තාපය දැනුනේම නෑ. ගලින් නෙළන ලද විහාර භූමියයේ ඉදි කිරීම් අතර තනිවු මට සියුමැලි කරන ලද ගල් කුළු  නෙළු  ගල් වඩුවානන්ගේ දක්‍ෂතාවය අගයන ක්‍රමවේදයක් නොමැතිවීම ගැන ඇතිවූයේ පසුතැවිල්ලක්.

ඊලග වියමන ගිරිහඩු සෑයේ පින්තූරත් සමග මීදුම ඔබව හමුවෙනවා.  තවත් කතා බහටත් ඉඩ අරගෙන.

ගිරිහඩුපාය නීතුපත්පාය ලෙසින් හදුන්වනවා. වෙළද නායකයන් පැමිණි ගල්තලය  අර්ථවත් වන නෙතු පතන පාසාණ නීතුපත්පාය ලෙස වහරට එකවු  බවයි පැවසෙන්නේ 
.අම්බලන්තොටත්  ගිරිහඩු සෑය නමින් මෙවන් කතා පුවතක්‌ සහිත විහාරයක්‌ අපට හමුවූ වෙනවා. ඒ වගේම භාරතය අවටත් කේශ ධාතු චෛත්‍යය කිහිපයක්‌ම හඳුනාගත හැකි බවත් අපේ නඩේ හිටපු සමාජ අධ්‍යයන හා ඉතිහාසය පිළිබද විද්‍යර්ථීයා අතුරු කතාවක් දැම්මා. 
මිදුම භාරතය කොහොම වෙතත් කවදා හෝ අම්බලන්තොට   ගිරිහඩු සෑය බලන්න යන්න ඕනි කියලා හිතේ සටහන් කර ගත්තා.

Posted by Picasa

2011-09-20

ඇල්බට්‍ අයින්ස්ටයින් ගේ රිපෝට් කාඩ් එක.

ඇල්බට්‍ අයින්ස්ටයින් ගේ රිපෝට් කාඩ් එක.
 ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතිත විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතාවාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍ නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් තග්‍යායෙන් පිදුම් ලැබීය.

යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහුගේ අනෙකුත් දායකත්වයන් අතරට (සාපේක්ෂවාදී තාරකා විද්‍යාව , විශ්ව න්‍යාය විද්‍යාව) කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍ෙව් ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍ෙව් ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.
ඇල්බට්‍අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් පුජක තත්වයේ ලා සලකන අතර 1999 දී ටයිම්‍ සගරාව මගින් ඔහු ශතවර්ෂයේ මිනිසා වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම ගැලීලියේ ගැලීලි, අයිසැක් නිවුටන්, චාල්ස් ඩාවින්ස් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම් විශිෂ්ඨ විද්‍යාඥයෙක් ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල අයින්ස්ටයින් යන්න විශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.

මරණය
අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඇල්බට් අයින්ස්ටයින් මිය ගිය අතර ඔහු ශල්‍යකර්මයක් ප්‍රතික්ෂේප කර ඇත. ඔහු වෛද්‍යවරයා‍ට පවසා ඇත්තේ "මට යෑමට අවශ්‍ය විට යා යුතුයි. කෘතිමව ජිවත් වෙලා ඵලක් නෑ.මම මගේ කොටස අවසන් කරලා තියෙන්නේ. මම ඒක කදිමෙට කරනවා" යනුවෙනුයි. පසුදින එලිවෙත්ම ඔහු ප්‍රින්ස්ටන්හි රෝහලක 76 වියේදි ‍මරණයට පත්විය.
-------- විකිපීඩියානිදහස් විශ්වකෝෂය  වෙතින් ඒ ලෙසින්ම උපුටා පලකරන ලදී.