දේශපාලනයට පිවිසෙන විට සාදරයෙන් පිලි ගත්ත ජෙනරාල් වරයා අද දේශපාලන ළදරුවෙක් වෙලා.
දඹ රන් පිළිරුවක් ලෙසින් ජනතාව අතරට පත් ඔහු ඒ පිළිරුව රනින් නොව තඹ වලින් කර රන් ආලේප කල පිළිරුවක් බව ජනතාවට පෙන්වා දෙමින් සිටිනවා. දවසින් දවස ඒ තඹ දේශපාලන වා තලයේ ඇති ඔක්සිජන් සමග ගැටෙමින් තම පිළිරුව මත තඹ ඔක්සයිඩ් ආවරණයක් සදා ගනිමින් තම ප්‍රතිරූපය විනාශ කර ගනිමින් සිටිනවා.
සමූහව යුධ ක්‍රියා දාමයකට එක්ව රට වෙනුවෙන් කටයුතු කළ කණ්ඩායමක් අද දෙපස ට වී මඩ ගසා ගන්නවා. කෙනෙක් ගසන මඩ සෝදා හැරීමට අනෙකා කරුණු ඉදිරිපත් කරනවා. රටට හිතැති ව එක කණ්ඩායමක් ලෙස ගත් තීන්දු තීරණවල වගකීම් වල අප්‍රසන්න කොටස කලේ මම නොවේ කියලා කියනවා. ප්‍රසන්න කොටස මගේ කියනවා.
“වල් ඌ රෝ කැකුණ තල න කොට හබන් කුකුළන්ට මඟුල්” කියලා කතාවක් තියෙනවා.
රටට ප්රභාකරන්ගේ නික්ම යාම සටහන් කල අන්තිම දවස් ටිකේ ආ බලපෑම් අපට මතක් වෙනවා. ඉන් පසුව ඇමරිකාව ඇතුළු යුරෝපා ප්‍රජාව හැසුරුන අන්දමත් මහින්ද , ගෝඨාභය සරත් ෆොන්සේකා ඇතුළු කණ්ඩායම ජාත්‍යන්තර යුධ අධිකරණයකට යොමු කිරීමට ගත් වෑයමත් අපට මතක තියෙනවා. ඒ අභියෝග ඉතාමත් සාර්ථකව විසඳා ගන්න මහින්දටත් මහින්දගේ රජයටත් මෙතෙක් හැකි වෙලා තියෙනවා. තවමත් ඒවා ඉවර වෙලා නැහැ. ඇමරිකාව ඉරාකයේ දී කලේ තමන්ට අභියෝග කල නායකයෙක් එල්ලා මරලා තමන්ට හිතැති පාලනයක් රට තුල ස්ථාපිත කර ගැණීම. මීදුම මෙම ජාත්‍යන්තර බාධක හඳුනා ගන්නේ මහින්දට පෞද්ගලිකව කරන බාධක ලෙසින් ම නොවෙයි. අද පැමිණිලි පක්ෂ යේ සාක්ෂි කාරයාගේ කොටස කරමින් ජෙනරාල් වරයා කරන්නේ මහින්දට තරවටුවකට වඩා රටට ද්‍රෝහී වීමක්.
ජෙනරාල් වරයා කාගේවත් පොදු අපේක්ෂකකයා නොවී , ජනතාව ගේ පොදු අපේක්ෂකයා බවට පත්ව ජනධිපතිවරණයට තරග කලා නම් කොයි තරම් යහපත් ද කියලා මීදුම හිතනවා. අද දවසින් දවස ජනතා අපේක්ෂාව බවට පත් වෙමින් ලකුණු රැස් කරන්නේ මහින්දයි.
සරත් ෆොන්සේකා කියවන කතා පිටපත් රචනා කරන අය ජනතාවට චුවිංගම්, බ්‍රෙස්ලට්, ඩෙනිම්,දීපු යුද්ධෙ පවතින අවස්ථාවේ පාමංකඩ, මැදවච්චි, ගිය තොප්පිගල කියන්නේ කැලෑවක් කියපු යුද්ධ කරන්න ඕනෑම ගොනෙකුට පුළුවන් යයි කියපු අය නම් , යුද්ධය උපරිම තලයක ප්රභාකරන් පීඩනයට පත් කරන විට පාර්ලිමේන්තුව අස්ථාවර කරමින් අයවැය පරාජය කරන්නත් ඒ මගින් යුද්ධය නතර කරන්න හැදු උදවියත් නම් එතුමාගේ චින්තනයත් ඒ අයුරින් නිර්මාණය වී ඇති බව ජනතාව හඳුනා ගනිමින් සිටිනවා.
ඒ නිසා පොදු අපේක්ෂතකයා ගේ ජනාධිපති සිහිනය දවසින් දවස බොඳ වී යනවා.
කාලය .
-
කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන්
පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්...
1 day ago