පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-08-17

මීකිරි වලට වස මුසු ⁣වෙන හැටි


මීකිරි කියන්නේ එසේ මෙසේ රසයක්, ගුණයක් තියෙන කෑමක්ය කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එළකිරි වගේ දෙගුණයක් ප්රෝටීන්, මේදය, කනිජ ලවන වගේම විටමිනුත් යහමින් තියෙන බඩවැලට හිතකර බැක්ටීරියා (ප්රෝබයොටික්) වලින් හොඳටම පොහොසත් ආහාරයක් තමයි මීකිරි කියන්නේ. නැවුම් හට්ටියේ නියම ප්රමිතියට, පදමට නිෂ්පාදනය කරපු මීකිරි අනාදිමත් කාලයක ඉදල ලංකා⁣වේ බොහෙම ජනප්‍රිය කෑමක්. රුහුණේ මීකිරි කියන්නේ වෙනම වයිබ් එකක්.
ඒත් මීකිරි ගැන රහ නැති, ටිකක් අමුතු කතාවක් පර්යේෂණ අධ්‍යයන පත්රිකා, පලකෙරෙන රිසර්ච් ගේට් වෙබ් සඟරාවේ මෑතකදී පලවෙලා තිබුණා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ විද්‍යාථීන් කිහිප දෙනෙකු 2016 වර්ෂයේ කරල තියෙන මේ පර්යේෂණයෙන් හොයල බලල තියෙන්නේ , ලංකාවේ විවිධ පළාත්වල නිෂ්පාදනය කෙරෙන මීකිරිවල අඩංගු බැරලෝහ ප්රමාණයක් ගැන ය. මේ කාරණාව ගැන මෙයට පෙර කරපු අධ්‍යයනයන් ඉතාමත් හිඟ නිසා මේක ටිකක් වටිනවා.
සම්පූර්ණ අධ්‍යයන වාර්තාව මේ ලිංක් එකෙන් කියවන්න.
https://www.researchgate.net/.../350706907_Quantification...
මේ අධ්‍යයනයෙන් හෙළිවෙලා තියෙන කරුණුවලට අනුව ලංකාවේ සමහර පළාත්වල මීකිරි සාම්පල්වල ආසනික්, කැඩ්මියම්, ලෙඩ් වගේ බැර ලෝහ සැලකිය යුතු මට්ටමකික් හමු වෙලා තියෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්රමානය ඉක්මවා යන කැඩ්මියම් සාන්ද්‍රණයක් අනුරාධපුරේ පදවියේ මීකිරි සාම්පල්වලින් ලීටරයට මයික්රෝග්රෑම් 37.5ක ප්රමාණයක් හමු වෙලා තිබෙනවා . මේ ප්රමාණය අනුමත උපරිම ප්රමාණය වගේ දහ ගුණයක් විතර වෙනවා. (The World Health Organization (WHO) recommends a maximum of 0.003 mg/L (3 μg/L) of cadmium in drinking water.)
අවාසනාවක⁣ට, ලංකාවේ වකුගඩු රෝගීන් (CKDu) වැඩි පුරම හමු වෙන්නේත් පදවිය ශ්‍රී පුර වගේ ප්රදේශවලින්.
පරික්ෂා කළ මීකිරි සාම්පල් වලින් ආසනික් සහ ඊයම් අන්තර්ගතය වැඩිම මීකිරි හමුවෙලා තියෙන්නේ ඇඹිලිපිටිය ප්රදේශයෙන් ගත්තු සාම්පල වල. මේවායේ එකී බැර ලෝහ ප්රමාණයන් අනුමත ප්රමාණයන් ඉක්මවා වාර්තා වී නැතත් සැලකිය යුතු අවදානමක් පෙන්නුම් කරල තියෙනවා.
මීකිරිවලට බැරලෝහ ආවේ කොහොමද...?
මේකට ක්රම දෙකයි තියෙන්නේ. එකක් මී වැස්සියන් කන කෑම සහ බොන වතුර. අනික් ක්රමය තමයි කිරි ගබඩා කරල තියෙන ඇසුරුම්. මේ බැර ලෝහ වර්ග එකක්වත් ලංකාවේ පසේ සහ ජලයේ ස්වභාවිකව මෙතරම් සාන්ද්රණයක් සහිතව තියෙන එවුවා නෙවෙයි. ඒ අතින් අපි වාසනාවන්තයි. සමහර රටවල්වල ස්වභාවිකවම පස්වල සහ ජලයේ ආසනික් , කැඩ්මියම්, ඊයම් වගේ බැර ලෝහ ප්රමාණයන් වැඩියි. උදාහරණයක් ගත්තොත් බංග්ලාදේශයේ ලිං ජලයේ ආසනික් ප්රමාණය ලීටරයට මයික්‍රෝග්රෑම් 50 ද ඉක්මවා වාර්තා වෙනවා. මෙය ලෝක සෞඛ්‍ය සංවිදානය විසින් පානීය ජලයේ තියෙන්න පුළුවන් උපරිම ආසනික් ප්රමාණය වගේ පස් ගුණයක්.
ලංකාවේ එහෙම තත්වයක් නැති නිසා, වෙන්න පුළුවන් එක විදියක් තමයි කෘෂිකාර්මික කටයුතු වලට යොදන කෘෂි රසායනික ද්රව්‍ය වල අඩංගු බැර ලෝහ කාලයක් තිස්සේ එකතු වෙලා මේ හරකුන්ගේ ආහාර සහ බොන වතුර හරහා ශරීරගත වෙන එක. බැර ලෝහ යම් තරමකට එහෙමත් මීකිරිවලට යනවා ⁣වෙන්න පුළුවන්. හැබැයි මේ අධ්‍යයනයේදී කවුරුවත් එච්වර හිතන්නේ නැති පැතිකඩක් අනාවරණය වෙලා තියෙනවා. ඒක තමයි මේ අධ්‍යයනයට යොදා ගත්තු ප්ලාස්ටික් ඇසුරුම්වල ගබඩා කරල තිබිච්ච මීකිරවල බැර ලෝහ ප්රමාණය මැටි හට්ටිවල ගබඩා කරල තිබුණු කිරිවලට සාපේක්ෂව අඩු මට්ටමක තිබීමය. (ඒකෙන් අදහස් කරන්නේ නෑ ප්ලාස්ටික් ඇසුරුම් සෞඛ්‍යආරක්ෂිතයි කියල. මොකද ප්ලාස්ටික් ඇසුරුම්වලින් මයික්රොප්ලාස්ටික් සහ ප්ලාස්සයිසර්ස් ආහාරවලට කාන්ඳු වෙන්න පුළුවන්.)


එහෙම වෙන්නේ කොහොමද..
මැටි කියන්නේ ඛණිජ ලවන සහ බැරලෝහ අවශෝෂණය කරගෙන ගබඩා කරගන්නා මාධ්‍යයක්. දීර්ඝ කාලයක් තිස්සේ පසට එකතුවෙන වස විස මැටිවල ගබඩා කරගෙන තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ මැටිවලින් හදන කිරි හට්ටි, වලං, මුට්ටිවල ගබඩා කෙරෙන ආහාර සහ ජලයට ඒ වස විස රිලීස් කරනවා. හරි සරලයි.

මේ අධ්‍යයනය කරල තියෙන්නේ 2016 අවුරුද්දේ. මේ අධ්‍යයනය මත විතරක් පදනම් වෙලා නිගමනවලට එළැඹෙන එක විද්‍යාත්මක නෑ. හැබැයි, දැන් තත්වය සහ එම ප්රදේශවල ස්වභාවික කුඹුරු මැටිවල අන්තර්ගත බැර ලෝහ ප්රමාණයන් පිළිබඳව සහ කන බොන කෑමවල වස විස ගැන පුළුල් අධ්‍යයන සහ ආවේක්ෂණ ක්රම විධිමත් සහ ශක්තිමත් කිරීම පිලිබඳවත් විශේෂයෙන් කෘෂිකාර්මික යෙදවුම්වල තත්වය හා ප්‍රමිතිය ගැන වැඩි වැඩියෙන් සොයා බැලීමේ වැදගත්කම ගැනත් යම් රතු එළියක් මේ අධ්‍යයනය මගින් පෙන්නුම් කර තිබෙන බවනම් අවශ්‍යයෙන්ම කිව යුතුව තිබෙනවා.

- ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක .
දෙහිවල ගල්කිස්ස මහානගර සභාව .












A day in the life

2025-08-16

නවාතැන් කාරයා.



"දැන් ඉතින් මං වයසයි. ලෝකෙ තිබ්බ ඔක්කොම වැඩ ඉවර කළාට පස්සෙ මගේ වැඩක් කියලා දෙයක් කරගන්න තරම් ශක්තියක් මට ඉතිරි වෙලා නෑනෙ. කොටින්ම, හිටපු ගේ ලොකු වැඩි නිසා ඒක විකුනලා පොඩි එහෙකට ඇවිල්ලත් දැන් කලක් වෙනවා. දැන් දැන් මේකත් සුද්ධ පවිත්‍ර කර ගන්න එක මහමෙරක් වගේ, අමාරුයි. කවුද දැන් මගෙ වැඩ කරලා දෙන්න ඉන්නෙ ? 

"ඇයි, මගෙ ළමයි?"
"එයාලට කොයි තරම් වැඩද? එයාලගෙ ළමයි, එයාලගෙ රස්සාවල්, එයාලගෙ ගෙවල් දොරවල් නඩත්තු, අපොයි අම්මේ, මං එදා කරපු යුද්දෙ අද කරන්නෙ එයාලා" 
හොඳටම හිතන කොට මට ඉතිරි වෙන්නෙ කොහේ හරි තියෙන නර්සින් හෝම් එකක් තමයි. බලපු ඒවායින් හිතට අල්ලපු තැන නම් හරිම පිළිවෙළයි, නිස්කලංකයි. තනි කාමරේ පුංචි පුංචි උපකරණ ටිකක් එක්ක මටම අයිති වෙච්චි තනි ඇඳක්. එයාලගෙ කෑම බීම රටාවත් මගෙ වයසටම ගැළපෙන්න රස ගුණ පිරිලා.
ඒත්....
හොඳ වැඩි වෙන්න වැඩි වෙන්න ගාණත් වැඩි වෙන එක අහන්නත් දෙයක්ද? අවුරුද්දෙන් අවුරුද්ද ගාස්තු වැඩි නොවී තියේවි, කියලා කාට නම් කිව හැකිද ?
මුළු පැන්ෂන් එකම වියදම් කළොත් යාන්තමින් පිරිමහ ගත්තැකි. දැනට ඉන්න ගේ-දොර විකුණුවොත් නම් ඒකත් ඒ හැටි ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.
දරුවො මගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නෙම නෑනෙ, ඒ අය පූර්ණව ස්වාධීන වෙලා ඒ ඒ අයගේ සහකාර - සහකාරියන් එක්ක. අද කාලෙ අහන්න ලැබෙන දේවල් එක්ක බලද්දී නම් මගෙ දරුවො වාසනාවන්.
ඒත්....
දැන් ඉතින් මේ හැම දේම අතෑරලා යන්න ඕන.
උදෙන්ම ගේ අස්පස් කරන්න ගත්තා. බලපු බලපු හැම තැනම මගෙ අතීතෙ නටඹුන්.
බෑග්, පෙට්ටි, පින්තූර, මතක සටහන්, ඇඳුම්, ඇඳ ඇතිරිලි, තෑගි බෝග..... කොයි තරම් නම් කියලද? කුස්සිය පුරාම රිදී යකඩ නන්ස්ටික් භාජන, චීන පිඟන්, හට්ටි මුට්ටි, වළං, හාල් පෙට්ටි, කුළුබඩු. ඇඳුම් කබඩ් පුරාම වෛවාරණ්න සාරි, මාල, කෝට්, කළිසම්, ටයි, යට ඇඳුම්,
පුස්තකාලෙ පිරෙන්න පොත් පත්, ඒවායින් කීයක් කියෙව්වද කියලාවත් මතකයක්වත් නැති ගානයි, මේ වෙද්දී.... බිත්ති පුරා ෆොටෝ සිය ගාණක්.
මේ කිසිම දෙයක් පිළිගන්න නර්සින් හෝම් එකේ පුංචි කාමරේ කොහෙත්ම ලෑස්ති වෙන එකක් නෑ.
අපි හදාපු තට්ටු ගෙවල්, මං හිටවපු මල් පඳුරු මට නොතේරෙන කතාවක් කියනවා, හරියට සරදමක් කරන්නා වගේ.....
මේ ජීවිත කාලෙ පුරාවට මං දහදිය හෙළපු කිසිම දෙයක් අද මට ගෙනියන්න බෑ.
පණ තියෙනකම් මට අර පුංචි ඇඳයි, එක ඇඳුමකුයි, පිඟානයි, කෝප්පෙයි අයිති වේවි.
ඉතින් ඊට පස්සෙ?
නෑ නෑ කවදත් මට හැබෑවට අයිති වෙලා තිබ්බෙ ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මම පාවිච්චි කලේත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. මට වුවමනා වුනෙත් ඔය පුංචි බඩු මුට්ටු ටික විතරමයි. ගෙදර ඇඳන් දාහක් තිබ්බත් මං නිදා ගත්තෙ එක ඇඳක විතරයි. ඇඳුම් දාහක් තිබ්බත් මං එක වෙලාවක ඇන්දෙ එකම එක සරළ ඇඳුමයි. තේ කෝප්ප සිය දහස් ගණනක් තිබ්බත් මට එක වෙලාවක බොන්න පුළුවන් වුනේ එකම එක කෝප්පෙක විතරයි. කොයිතරම් රස මසවුළු තිබ්බත් මං කෑවෙ බඩ පිරෙන පොඩි කොටසක් විතරයි.
ඉතුරු හැම අතිරික්තයම වෙනුවෙන් මං මහන්සි වුණා විතරමයි.. හෙම්බත් වුණා විතරමයි.. කාලේ කෑවා විතරමයි.. සිද්ධ වෙලා තියෙන්නේ, එදා මට ඒක නොතේරුණ එක විතරයි..
අද මං අවදි වෙලා...!!!
මේ තාවකාලික නවාතැන අපිට පාවිච්චි කරන්න ගොඩක් දේ දුන්නට අපිටම කියල අයිති කරගන්න කිසි දෙයක් දෙන්නෙ නෑ. අපි ඒ ඒ දේවල් තාවකාලිකව බාවිතා කරන්නෝ, පාවිච්චි කරන්නෝ විතරයි.....
ඉතින් ඇයි අපි මේ තරම් වද වෙන්නෙ ? මේ දේ තේරුම් ගන්න මෙච්චර වයසට යනකන් ඉන්න වුනේ ඇයි... ? මේ දේ තේරුම් ගන්න ඇඟේ හයිය හත්තිය ඉවර වෙනකං ඉන්න වුනේ ඇයි... ?
ඔයාලට මේ කියන්නේ .....
ජීවිතේ විඳින්න පරක්කු වෙන්න එපා. අයිතියක් නොකියා මේ සියල්ලට නොකඩා නොබිඳ මේ සියල්ල පාවිච්චි කොට ස්තුතියි කියා නික්ම යන්න ලැහැස්ති පිට ඉන්න.
හද පුරා ආදරෙන් ඔබ වටා ඇති ජීවී - අජීවී සියල්ලට සළකන්න. ගෞරවය දක්වන්න:
ඔබත් මමත් ඇත්තටම මේ නවාතැන් පොළේ තාවකාලික නවාතැන්කරුවෝ විතරමයි.
උපුටා ගැනීමකි....Nanda Thushara Kumara Weralavithana මුණු පොතට


A day in the life