පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-08-15

ජිම් ඩේවිස් සහ ගාෆීල්ඩ්.



මේ රූපයේ ගාෆීල්ඩ් එක්ක ඉන්නෙ ජිම් ඩේවිස්. ජිම් තමයි ගාෆීල්ඩ්ගෙ ඇත්ත ම අයිතිකාරයා. ජිම්ට දැන් වයස අවුරුදු 80 ක් වෙනවා.

මං වගේ කොමික් පිස්සන්ට ගාෆීල්ඩ් ව අලුතින් හඳුන්වා දෙන්න දෙයක් නෑ.
ජිම් ඩේවිස් තමයි ගාෆීල්ඩ් කියන කාටූන් චරිතය ලෝකයට දායාද කෙරුවෙ. ඒ 1978 දි. කොමික් චරිතයක් විදිහට. ඒ කාලෙ ඇනිමේෂන් සහ කොමික් ඉන්ඩස්ට්‍රි එක සෑහෙන වේගයෙන් දියුණු වෙමින් පැවතුනා.

ජිම් මුලින් මේ කාටූන් එක නම් කරලා තියෙන්නෙ ජොන් කියලා. පස්සෙ තමයි ගාෆීල්ඩ් කියලා නම වෙනස් කෙරුවෙ. ගාෆීල්ඩ්ගෙ කාටූන් එකේ ඉන්න අයිතිකාරයාගෙ නම තමයි ජොන් කියන්නෙ. අර නිතරම ගාෆීල්ඩ්ට ලසඥ්ඥා ගෙනැත් දෙන කෙනා.
මේ කාටූන් එක එයා පටන් අරන් තියෙන්නෙ ජොන් ගෙ කතා අඳින්න. ගාෆීල්ඩ් අතුරු චරිතයක් විතරයි. ජොන් තනියම පාඩුවේ ඉන්න චරිතයක් හින්දා පාලුවට තමයි ගාෆීල්ඩ්ව ඇන්ඳෙ. හැබැයි දෙබස් ලියමින්, චිත්‍ර අඳිමින් යද්දි නිතරම පූසාට ලියැවෙන දෙබස් සහ චිත්‍ර තමයි විනෝදජනක වෙලා තියෙන්නෙ. ජිම්ගෙත් ඇස් වහලා ඔන්න ඔහොමයි ගාෆීල්ඩ් මේ කතා මාලාවෙ මුල්තැන අරගත්තෙ.

මේ කාලෙ ජිම් ඩේවිස් හිටියෙ වෙනත් ජ්‍යේෂ්ට කාටූන් ශිල්පියෙකුගෙ ඇසිස්ටන්ට් විදිහට. එයා තමයි ජිම්ට කියන්නෙ ඔන්න ඔය පූසාව අප් කරලා අරන් ඔයාගෙ කාටූන් එක ඉස්සරහට ගෙනියන්නය කියලා. ජොන් වගේ කම්මැලි නැති ක්‍රියාශීලී බවක් ගාෆීල්ඩ් මේ කාටූන් එකට ගෙනැත් දෙයි කියලා.

අසූව අනූව දශකවලදි කාටූන් ලෝකය පුරාම ගාෆීල්ඩ්, ජොන්, ඔඩී කියන සුසංයෝගය අතිශයින් ජනප්‍රිය උනා. ලංකාවටත් මේ උන්මාදය ආවා. ජිම් ඩේවිස් විසින් ජොන්ව නිර්මාණය කරලා තියෙන්නෙ තමන්ගෙ ම ගති ලක්ෂණ එකතු කරලා. කොටින් ම ජිම් ඩේවිස් මේ ජොන් ව ඇඳලා තියෙන්නෙ ඒ තමන් කියලා හිතාගෙන.

1978 ඉඳන් අද වෙනකන් ම ජිම් ඩේවිස් එක දිගට ගාෆීල්ඩ් ව අඳිනවා. දැන් ඉතින් මිකී මවුස් තරම්ම ගාෆීල්ඩ්ව මුලු ලෝකය ම දන්නවා. ලංකාවෙදි නම් අපේ කුඩා කාලයේ ගාෆීල්ඩ්ට වඩා ජනප්‍රිය ඇනිමල් කැරැක්ටර් එකකට හිටියේ ‘චක් ජෝන්ස්‘ විසින් ඇඳපු ‘රෝඩ් රනර්‘ විතරයි වෙන්න ඇති. (ස්කූබි ඩූ තනි පුද්ගල කොමික් එකක් නෙවෙයි. ඇනිමේෂන් එකක් විදිහට ම එලියට දාපු ටීම් වර්ක් එකක්. ස්කූබි නිර්මාණය කෙරුවෙ ටොම් ඇන් ජෙරී හදපු හැනා බාබරා කම්පැනිය)

මේ දිගු ගමන ගාෆීල්ඩ්ව එක්කන් එන්න ජිම් ඩේවිස් අපමණ වෙහෙසක් දැරුවා. පුවත්පත්වල කොමික් තීරුවක් විදිහට තමයි මුල් කාලෙ ගාෆීල්ඩ් ඇන්ඳෙ. ජිම් ඩේවිස් නම් කියන්නෙ එයා තාම කැමති ඒකට කියලා. මොකද පර්ෆෙක්ට් ම ඈන්ගල් එකෙන් ගාෆීල්ඩ්ගෙ වැඩකෑලි අඳින්න පුලුවන් වෙන්නෙ ඒ විදිහට. හැබැයි ගාෆීල්ඩ් ව බලන තරම් කොහෙත් ම ලේසි නෑ මේ කොමික් ඇඳිල්ල.

ඉස්සර පුවත්පත්වල අඟල් 7ක් දිග තීරුවක පුංචි කොටු 3ක් ඇතුලෙ තමයි මේ කොමික් එක අඳින්නෙ. ඒකට කිව්වෙ Three Panel Strip එකක් කියලා.
ජිම් ඩේවිස් එක ඉන්ටවිව් එකකදි කියනවා හැමදේම ඩිජිටල් උනාට පස්සෙත් ඇනිමේෂන් ආටිස්ට සිද්ධ වෙනවා ලයින් එකක් ගානෙ අතින් අඳින්න කියලා. එයා මේ වැඩේ කැමති ම කොටස ඒකලු. ඒක ඇත්ත. මේකෙන් ආට් එක තවත් ස්මූත් විදිහට ආරක්ෂා වෙලා ඉදිරියට යන බවයි ජිම් කියන්නෙ. (මමත් ඉඳහිටලා ඇනිමේෂන් අඳින හින්දා ජිම් ඩේවිස්ගෙ මේ ප්‍රකාශය එක්ක එකඟයි. මම තවමත් අර කලින් කියපු පැනල් ස්ට්‍රිප් වලත් අඳිනවා.)

ජිම් ඩේවිස් ගාෆීල්ඩ් ගැන අපූරු කතාවක් කියනවා. ඒක අපි හැමෝට ම වටිනවා. මේ කතාව ටීවි එක ඉස්සරහ ඉඳගෙන ගාෆීල්ඩ් බලද්දි අපේ හිතට නිකන්වත් එන එකක් නෙවෙයි.

“එයා පර්ෆෙක්ට් නෑ, ඒ උනාට කමක් නෑ. එයාගෙ ම විදිහකට එයා බොහොම පහසුවෙන් ජීවත් වෙනවා. ඒක හොඳ පණිවුඩයක්. එයාට සමහර වෙලාවට ටිකක් නරක පුරුදුත් තියෙයි. අපි හැමෝට ම එහෙමයි. හැබැයි ගාෆීල්ඩ්ට ධෛර්යයක් තියෙයි එයා කවුද කියලා හංගන්නෙ නැතිව හොඳ-නරක එක්ක නිදහසේ ජීවත් වෙන්න“
දැන් ජිම්ට වයසයි. ඒ හින්දා ගාෆීල්ඩ්ව අඳින්න එයා තව ඇසිස්ටන්ට්ලා දෙන්නෙක් හයර් කරලා තියෙන්නෙ. ඒ දෙන්නා මොනවා ඇන්ඳත් හැම පැන්සල් ඉරක ම තියෙන අඩුපාඩු ටික ජිම් ඩේවිස් තාම සම්පූර්ණ කරනවා.

පසුගිය සඳාදාට (ඒ කියන්නෙ 2025 ජූලි 28 වැනිදාට) ජිම් ඩේවිස්ට වයස අවුරුදු 80 සම්පූර්ණ උනා. ඉතින් ජිම් සීයෙ, ඔයාට ප්‍රමාද වෙලා හෝ සුබ ම සුබ උපන් දිනයක් ! තව කාලයක් අපිට ගාෆීල්ඩ්ව ඇඳලා දෙන්න හැකිවේවා..!


 ජිම් ඩේවිස් සහ ගාෆීල්ඩ්. 

සටහන: Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ



A day in the life

2025-08-14

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) - ජනාධිපති නීතිඥ අලි සබ්රි






ජනාධිපති නීතිඥ Mohamed Ali Sabry ගේ සටහනක සිංහල පරිවර්තනය

MMDA ප්‍රතිසංස්කරණ
යුක්තිය ජයගත යුතුයි – අපේම ප්‍රජාව තුළ පවා.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) සඳහා ඉක්මන් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පිළිබඳ මාගේ මෑත කාලීන ප්‍රකාශයන් මතභේදයක් ඇති කර තිබේ.
මාගේ ස්ථාවරය පැහැදිලි කරමි: මම උලමාවරුන්ට ගෞරව කරමි. එහෙත්, ගෞරවය අයුක්තියට ආවරණයක් විය නොහැක.
වර්තමානයේ පවතින නීතිය සියලු දෙනාට, විශේෂයෙන් අපගේ කාන්තාවන්ට සේවය නොකරයි. එය වෙනස් විය යුතුයි.
දශක ගණනාවක් තිස්සේ, 1971 සිට, ජමීල්, ෂහබ්දීන්, විනිසුරු මාර්සූෆ්, හලීම්දීන් යනාදී කමිටුවලින් පසු කමිටුවක් ගෙන ආවත්, අපගේ ප්‍රජාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ තවමත් ළඟා විය නොහැකිව තිබේ.
තව කොපමණ කල් බලා සිටිය යුතුද? ඉක්මනින් හෝ ප්‍රමාද වී හෝ, අපගේ ජනතාව පද්ධතිය කෙරෙහි සම්පූර්ණයෙන් විශ්වාසය අහිමි කරනු ඇත.
ඊටත් වඩා කනස්සල්ලට කරුණ වන්නේ, ප්‍රතිසංස්කරණවලට ඇති දැඩිම විරෝධය බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ජීවත් වන, එහි ලෞකික නීති පද්ධති යටතේ සමාන අයිතිවාසිකම් භුක්ති විඳින අයගෙන් එන බවයි.
ඔවුන් තමන්ගේම ප්‍රජාවට ආපසු තම රටේ එම අයිතිවාසිකම් අහිමි කරති. එය හුදු අනනුකූලත්වයක් පමණක් නොව, කුහකකමකි.
අපහසු සත්‍යයකටද මුහුණ දෙමු: කාතිවරුන් 60 දෙනාගෙන් 6 දෙනෙකු අල්ලස් ගැනීමේදී අත්අඩංගුවට ගෙන ඇත – එය 10%කි. එය හුදු එක්තරා දුෂ්ටයන් කිහිප දෙනෙකුගේ ගැටලුවක් නොවේ. එය ආතතියට පත්ව ඇති පද්ධතියකි, එයට ඉක්මන් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි.
මුස්ලිම් නීතියේ නම යොදාගෙන අයුක්තිය වසං කිරීම ඉස්ලාමයේ කරුණාව, වගවීම සහ සාධාරණත්වය වැනි වටිනාකම්වලට කරන පාවාදීමකි.
මෙම ප්‍රතිසංස්කරණ ඇතුළත් නොකළහොත්, අපි ඉස්ලාමීය වටිනාකම් හා නීති පිළිබඳ ව්‍යාජ රුවක් ඉදිරිපත් කරනු ඇති අතර, අප ආරක්ෂා කරන බවට ප්‍රතිඥා දුන් ආගමට සහ වටිනාකම්වලට බරපතල අකටයුතුකමක් කරනු ඇත.
අවම, අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ ඇත:
1. විවාහය සඳහා අවම වයස 18ක් වීම
2. කාන්තාවකට තමන්ගේ විවාහ සහතිකයට අත්සන් කිරීමේ අයිතිය
3. ස්ථිර ජීවනාධාරයක් සඳහා විධිවිධාන
4. කයිකුලි (දායාදය) තහනම් කිරීම
5. ජීවනාධාර පිළිබඳ අධිකරණ බලය මහේස්ත්‍රාත් අධිකරණවලට පැවරීම
6. කාසිවරුන් සඳහා අවම සුදුසුකම් සැකසීම
7. කාතිවරුන් ලෙස සේවය කිරීමට කාන්තාවන්ට ඉඩදීම
8. විවාදිත දික්කසාද සාධාරණ, සාක්ෂි පදනම් කරගත් විනිශ්චය සඳහා දිස්ත්‍රික් අධිකරණයට යොමු කිරීම
පනත් කෙටුම්පත කෙටුම්පත් කිරීම අවසන් කර ඇත. නීතිපතිවරයා විසින් එය සහතික කර ඇත. තවත් කිසිදු නිදහසට කරුණක් නැත.
නීතියක් විසින් බියෙන්, පක්ෂග්‍රාහීත්වයෙන් හෝ පූර්ව අගතියෙන් තොරව විශේෂයෙන් පීඩාවට පත්වූවන්ට සහ අවදානමට ලක්වූවන්ට සාධාරණත්වය ලබාදීමට අසමත් වුවහොත් එහි ඒ නීතිය ලියැවුණු කඩදාසියට තරම් වත් වටිනාකමක් නැත.
මෙය ආගමට එරෙහි ප්‍රතිසංස්කරණ ගැටලුවක් නොවේ. 
එය ඉහළම ආදර්ශ පිළිබිඹු කරන නීති පද්ධතියක් හරහා අපගේ ඇදහිල්ලට ගෞරව කිරීමයි. ක්‍රියා කිරීමට කාලය එළඹ ඇත.

බොහිමියා.- මුණු පොතෙන්. 

-මොහොමඩ් අලි සබ්රි 
A day in the life