පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-08-12

ප්‍රෙෂර් පෙත්ත Losartan Potassium





ප්‍රෙෂර් පෙත්ත (ලොසාටන්) ගැන හරියට දැනගමු...... 
 
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ වෛද්‍ය විද්‍යා අංශය මඟින් ලංකාවේ ඖෂධ භාවිතය පිළිබඳව පවත්වන ලද දීප ව්‍යාප්ත සමීක්ෂණයෙන් හෙළි වූ කරුණු අනුව මෙරට වෛද්‍යවරුන් විසින් ‍රෝගීන් සඳහා වැඩියෙන් ම නියම කරන ලද ඖෂධ අතරින් දෙවැනි තැන ගන්නේ ලොසාටන් (Losartan) ඖෂධය වේ.  
 
ලොසාටන් ඖෂධය වැඩියෙන් ම නියම කරනු ලබන්නේ අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ය. ඉන් අමතරව ‍හෘදයේ ක්‍රියාකාරිත්වය අඩු වීම පාලනයට, දියවැඩියාව ඇති රෝගීන්ගේ වකුගඩුවල ආරක්ෂාව සහ වකුගඩුවලින් ප්‍රෝටින් පෙරීයන ප්‍රමාණය පාලනය කිරීම සඳහා ලොසාටන් ඖෂධය දෙනු ලැබේ.  
 
වෛද්‍යවරයා විසින් ඔබට ලොසාටන් ඖෂධය නියම කර දී ඇත්නම් ඒ ඉහත සඳහන් රෝග තත්ත්ව අතරින් කවරක් වෙනුවෙන් ද යන්න වෛද්‍යවරයාගෙන් දැනගැනීම වැදගත් ය. ලොසාටන් බහුලව ඇත්තේ මිලිග්‍රෑම් 50 පෙත්තක් වශයෙනි. ඇතැම් විට මිලිග්‍රෑම් 10 සහ 25 පෙති ද තිබේ. ඔබට නියමිත ඖෂධ මාත්‍රාව කුමක් දැයි දැන සිටීම වැදගත් වන අතර ඔබට නියම කර ඇත්තේ මිලිග්‍රෑම් 50 ක් දවසට වරක් හෝ හෝ දෙවරක් විය හැකි ය.  
 
ඇතැම් විට මිලිග්‍රෑම් 50 ක් දවසකට දෙවරක් ලෙස නියම කළ විට පෙත්තෙන් ½ ක් ගැනීමට සිදු විය හැකි ය. ඇතැම් විට ¼ ක් ද විය හැකි ය. පෙති - ගණනින් නොව මිලිග්‍රෑම් ප්‍රමාණයෙන් ඔබ ගත යුතු බෙහෙත් ප්‍රමාණය දැන සිටීම වැදගත් වන්නේ එලෙස පෙති ½ හෝ ¼ බැගින් ගන්නා අවස්ථාවලදී ය. 
 
සාමාන්‍යයෙන් ලොසාටන් ඖෂධය උදේ සහ සවසට ගන්නා මෙන් උපදෙස් දෙනු ලැබේ‍. මේ ඖෂධය ආරම්භ කරන විට ඔබ ගත යුත්තේ දිනකට එක් වරක් නම් එය රාත්‍රියේදී ගැනීම වඩාත් සුදුසු ය. උදේට ගත්තද වරදක් නැත. මෙහි කෑමට පෙර හෝ පසු යනුවෙන් විශේෂත්වයක් නැත. එහෙත් හැමදාම එකම නිශ්චිත වෙලාවක බෙහෙත ගැනීම කළ යුතු ය.  
අතුරු ආබාධ

ලොසාටන් යනු අතුරු ආබාධ ඉතාමත් අඩු ඖෂධයකි. සාමාන්‍යයෙන් වෛද්‍යවරයකු මේ ඖෂධය නියම කරන්නට පෙර වකුගඩුවල ක්‍රියාකාරීත්වය හා රුධිරයේ සෝඩියම් සහ පොටෑසියම් මට්ටම බලා එය නියම කරනු ඇත. එමෙන් ම මින් පෙර ආසාත්මිකතා ඇත්නම් මීට සමාන කාණ්ඩයකට අයත් (Ac Inhibitors) කාණ්ඩයට අයත් (Captopril, Enalapril) බෙහෙත් මඟින් කැස්සක් ඇති විය හැකි ය. එසේ හෙයින් ඒ වෙනුවට ලොසාටන් නියම කරනු ලැබේ.  
 
ලොසාටන් ඖෂධය ගැනීම අරඹා මාසයකින් පමණ පසුව ඉහත සඳහන් පරීක්ෂණ සිදුකර ඒ වාර්තාවල කිසියම් වෙනසක් ඇත් දැයි සොයා බැලිය යුතු ය. වෙනත් බෙහෙත් සමඟ ලොසාටන් ගන්නා විට රුධිරයේ පොටෑසියම් වැඩි වන වෙනත් බෙහෙත් Spronolactone නම් ඖෂධ කාණ්ඩයේ ගන්නවා නම් රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය වැඩි විය හැකි හෙයින් එවැනි රෝගීන් වෛද්‍ය උපදෙස් දෙනු ලබන ආකාරයට ම රුධිර පරීක්ෂණ කර ගැනීම වැදගත් වේ. 
 
කලාතුරකින්, ඇතැම් විට ආසාත්මිකතාවක් ඇති විය හැකි ය. උගුර, තොල් ඉදිමීම, හෝ පළු දැමීම වැනි ලක්ෂණ පහළ වුවහොත් බෙහෙත නවත්වා වෛද්‍යවරයා වෙතින් ඒ වෙනුවට වෙනත් බෙහෙතක් ලියවා ගත යුතු ය. 
 
ගබඩා කිරීම
ගබඩා කිරීමෙහි ලා විශේෂත්වයක් නැතත් සායනයකින් ලබාදෙන ඇසුරුම් රහිත පෙති ඉරු එළියෙන් වලකින සේ දුඹුරු පැහැති හෝ සුදු පැහැති ප්ලාස්ටික් බෝතලයකට දමා ලොසාටන් මිලිග්‍රෑම් 50/45/10 යනාදී වශයෙන් පැහැදිලිව ලියූ ලේබලයක් අලවා වියලි ස්ථානයක අසුරන්න. 
 
ලොසාටන් ගන්නේ අධික රුධිර පීඩනය පාලනයට වන හෙයින් එය හොඳින් පාලනය වී ඇත්දැයි පරීක්ෂා කර බැලිය යුතු ය. සාමාන්‍යයෙන් ඔබේ රුධිර පීඩන මට්ටම සිස්ටොලික් අගය 140 ට අඩුවෙන් හා ඩයස්ටලික් අගය 90 ට අඩුවෙන් පැවතීම යහපත් ය. හොඳින් අධික රුධිර පීඩන මට්ටම පාලනය වී ඇත්නම් මසකට වරක් රුධිර පීඩන මට්ටම මැන බැලීම ප්‍රමාණවත් ය. 
 
ඇතැම් විට තයසයිඩ් කාණ්ඩයේ ඖෂධ හා මිශ්‍ර ව ලොසාටන් ලබාදෙන අවස්ථා ද තිබේ. බෙහෙත් වර්ග දෙකක් වෙනුවට ඒ දෙකට එකතු කර සාදන ලද මිශ්‍ර බෙහෙත් වර්ග ද දෙනු ලැබේ. එවැනි පෙති ලොසාටන් මිලිග්‍රෑම් 50 – 100 ප්‍රමාණවලින් ද නියම කිරීමට ඉඩ තිබේ. හැම විටම ඔබට ලබාදෙන පෙත්තෙහි අඩංගු සංඝටක ගැන දැන සිටීම ද වැදගත් වේ. 
 
උපුටා ගැනීමකි .
කොලඹ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යා අංශ ප්‍රධානී, කායික රෝග හා ඖෂධවේදීනිය පිලිබඳ මහාචාර්ය,විශේෂඥ වෛද්‍ය
ප්‍රියදර්ශනී ගලප්පත්ති

A day in the life

2025-08-11

අළුත් අදහසක් .




අද දවල් අවුරුදු 18 ක්වත් නැති වගේ පේන පොඩි එකෙක් කරන බඩ ඉරිඟු කඩයක් හම්බුණා. මාත් එකක් ගත්තා. මේක රුපියල් 100 යි. හැබැයි එ‍් වෙලාවෙ දැක්ක දෙයක් නිසා පොඩ්ඩක් මේ ගැන ලියල දාන්න ඕනමයි කියල හිතුණා.

තම්බපු බඩ ඉරිඟු මම අ‍ාසම කෑමක්. එ‍් නිසා නිතරම කනවා. රසටත් වඩා බඩ ඉරිඟුවලට අ‍ාස එ‍්ක ස්වභාවික කෑමක් නිසා. ගහේ තියෙන ඉරිඟු කරල අරන් ලුණු වතුරෙ තම්බන එක විතරයිනෙ වෙන්නෙ. ෂෝට් ඊට් වර්ග වගේ ජාති හැට හුට හමාරක් දාලා තෙල්වල බැදලා හදන දේකට වඩා මේක පොඩ්ඩක්වත් බය නොවී කන්න පුළුවන් කෑමක්.
බඩ ඉරිඟු නිතරම කන නිසා මම දන්න දෙයක් තමයි එ‍්ක විකුණන සාමාන්‍ය විදිහ. මෙච්චර කාලෙකට ගත්ත හැම බඩ ඉරිඟුවක්ම අතට හම්බුණේ පොලිතින් බෑග් එකක දාලා. ගමනක් යන ගමන් හරියට අත හෝදන්න අමාරු නම් දූවිලි ගෑවෙන් නැතිව කන්න එ‍්ක හොඳ ක්‍රමයක්. හැබැයි ඉතින් රස්නෙ බඩ ඉරිඟුවක් පොලිතින් බෑග් එකේ දාල අල්ලගෙන ඉන්න ලේසි නැති බව දන්නවනෙ. අත පිච්චෙනවා.
හැබැයි මේ‍ පොඩි එකා පාවිච්චි කරන්නෙ වෙනස් ක්‍රමයක්. බඩ ඉරිඟු තම්බන මුට්ටියටම බඩ ඉරිඟුවෙ වටේ තියෙන මේ කොළෙත් ගලවලා දානවා. ටිකක් තැම්බුණාම කොළ ටික අරන් වෙනම ගොඩ ගහනවා. බඩ ඉරිඟු විකුණද්දි එ‍් වෙලාවෙ කන අයට අතට දෙන්නෙ මේ කවරෙ ඔතලා.
ලොකුවට කතා කර කර හිටියෙ නැති වුණාට එ‍් අ‍ැයි කියල අ‍ැහුවාම කිව්වෙ තැම්බෙන වතුරට මේ කවරෙ දැම්මාම බඩ ඉරිඟු වැඩිපුර රස වෙනවලු. අනික තැම්බුණාම මේ කවරෙ ඉරෙන්නෙත් නෑලු. පොලිතින් බෑග් එකකට රුපියල් 5 ක් දෙන්න ඕන නිසා මේ ක්‍රමේ ලේසියිලු.
මේක කන ගමන් මට කල්පනා වුණේ මේ පොඩි එකා මොන තරම් මොළේ තියෙන එකෙක්ද කියලා. කියපු කතාවෙ අ‍ැත්තක් තියෙනවා, අ‍ැත්තටම එ‍් බඩ ඉරිඟු සෑහෙන රසයි. කවරෙ තම්බපු නිසාද නම් දන් නෑ. හැබැයි රස වැඩි වෙන කතාව පැත්තකින්ම තිබ්බත් මේ ක්‍රමය මොන තරම් සාර්ථකද බලන්න.
ගොඩක් වෙලාවට බඩ ඉරිඟු තම්බන අය කරන්නෙ මේ කවරෙ සම්පූර්ණ ගලවලා පැත්තකට දාලා ඉරිඟු ටික විතරක් තම්බන එක. ඊට පස්සෙ පොලිතින් බෑග්වල දාල විකුණනවා. බඩ ඉරිඟු තැම්බුණාම තියෙන 80°-90°C උෂ්ණත්වය එක්ක එ‍්ක හිතකරද කියන එකත් ලොකු ප්‍රශ්නයක්. අනික අ‍ැත්තටම බෑග් එකට පිටින් අ‍ැල්ලුවත් අත පිච්චෙනවා.
මේ කවරෙ එ‍් අතින් මොන තරම් සාර්ථකද? වෙනම පොලිතින් බෑග් ඕන නෑ. අතේ දූවිලි තිබුණත් කවරෙන් අල්ලගෙන කන්න පුළුවන්. අනික බඩ ඉරිඟුවලම කවරෙ නිසා ගාණට එ‍්කෙ ප්‍රමාණයට එතිලා තියෙනවා. කිව්වා වගේම තැම්බිලා නිසාද මන්දා කවරෙ මාර හයියයි. උවමනාවෙන් ඉරන්න හැදුවත් ඉරන්න අමාරුයි. අනික දුම් දාන තරම් රස්නෙ ඉරිඟු කරලක් වුණත් මේ කවරෙන් අල්ලද්දි අත පිච්චෙන්නෙ නැහැ. රස්නෙ නිසා පොලිතින් බෑග් එක වගේ අහිතකර දෙයක් එකතු වෙන්නෙත් නෑ කියල ෂුවර්නෙ. අනික කන්න අ‍ාස හිතෙන හොඳ සුවඳක් පවා එනවා. බඩ ඉරිඟුව කාලා ඉවර වෙනකල්ම රස්නෙටත් තියෙනවා.
කාලා ඉවර වුණාට පස්සෙ හිතුණෙ එ‍්කෙ තවත් පැතිකඩ කීපයක් ගැන. එක අතකින් පොඩි එකාට හවසට විසි කරන්න ගොඩක් බඩඉරිඟු කවර ඉතිරි වෙන් නෑ. මොකද වැඩි හරියක් ගන්න අය අතේම යවනවනෙ. අපිට වුණ‍ත් කාලා මේක විසි කරද්දි ඕනම තැනක දාන්න වුණත් බයක් නෑ. පොලිතින් කවරෙක ඔතලා විසි කරොත් එ‍්ක පරිසර හානියක්. ඉරිඟු cob එක කන සතෙක්ට වුණත් පොලිතින් කැවෙන්න පුළුවන්. හැබැයි මේ කවරෙ එහෙම කිසිම බයක් නෑනෙ. 100% ස්වභාවික නිසා පරිසරයට කිසිම හානියක් නැතිව ඉබේම දිරල ගිහින් පොහොරකුත් වෙයි.
මට තියෙන ප්‍රශ්නෙ ලංකාවෙ බඩඉරිඟු තම්බලා විකුණන අයට මේ අදහස අ‍ැවිත් නැත්තෙ අ‍ැයි කියලා. කොටින්ම දුර ගෙනියන කෙනෙක්ට පොලිතින් බෑග් එකක දාලා දෙනකොට වුණත් මෙහෙම මේ කවරෙන් ඔතලා දුන්නා නම් පිච්චෙන එක අවම වෙනවා. පොලිතින් අංශු රස්නෙත් එක්ක බඩ ඉරිඟුවට එකතු වෙන එකත් නවතිනවා.
ඉතින් කවුරු හරි අහම්බෙන් මේක දැක්කා නම් එ‍් ගැනත් හිතන්න. Share කරත් කමක් නෑ, හැබැයි ඊටත් වඩා හොඳම දේ මේක මතක තියාගෙන ගිහින් තමන් බඩ ඉරිඟු කන වෙලාවට විකුණපු මනුස්සයාට මේ කතාව කියන්න. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න හොඳම ක්‍රමය වැඩි දෙනෙක් මේ ක්‍රමයට හුරු කරන එක.
එ‍්ක කන අපිටත් හොඳයි, පරිසරයටත් හොඳයි, විකුණන මනුස්සයාටත් වාසියි.  
ශාන්ත දේවප්‍රිය මුණු පොතට කල වියමනක්

A day in the life