පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-07-20

ශ්‍රී ලංකාවේ හතර කොන .



මේ පාඩම් අපි ඉගනගත්තේ සමාජ අධ්‍යනයට ඉස්කෝලේ දි එනම් අපේ රටේ දිගින් වැඩිම ස්ථානය ලෙස සැලකෙන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කියලා එතකොට පළලින් වැඩිම තැන් දෙක සැලකෙන්නේ කොළඹ කොටුවේ සිට සංගමන් කන්ද තුඩුව තෙක් කියලා
වෙනත් රටක නම් ඔය සීමාව කන්දක්, ගඟක් එහම නැතිනම් ගොඩබිම මායිමක්‌ විය හැකිය. ඒත් ලංකාවේ අපිට නම් මේ හතර කොනම මනරම් වෙරළබඩ පරිසරයක් දක්නට පුළුවන් ය
දෙවුන්දර තුඩුව
පේදුරු තුඩුව
සංගමන් කන්ද
කොළඹ කොටුව

දෙවුන්දර තුඩුව 





දෙවිනුවර හෝ දෙවුන්දර ලෙසද හැඳින්වේ, එය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ පිහිටි ජනාවාසයකි. එහි ප්‍රදීපාගාරය වන දෙවුන්දර හෙඩ් ප්‍රදීපාගාරය සඳහා ප්‍රසිද්ධය, එය ශ්‍රී ලංකාවේ උසම සහ අග්නිදිග ආසියාවේ උසම එකක් වේ. මෙම ප්‍රදේශය හින්දු සිද්ධස්ථාන සහ බෞද්ධ විහාරස්ථානයක් සමඟ ඓතිහාසික හා ආගමික වැදගත්කමක් දරයි.
දෙවුන්දර ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර නගරයට ආසන්නව පිහිටා ඇත.
දෙවුන්දර ප්‍රධාන ප්‍රදීපාගාරය:
එය 1890 දී ඉදිකරන ලද අතර එය මීටර් 49 (අඩි 161) ක් උසයි.දෙවිනුවර තුඩුවේ තිබෙන ප්‍රදීපාගාරය ලංකාවේ උසම ප්‍රදීපාගාරයයි.

ඓතිහාසික හා ආගමික වැදගත්කම:
දෙවුන්දර කලක් සමෘද්ධිමත් වරාය නගරයක් සහ පූජනීය ස්ථානයක් විය. එය තේනවරම් විහාරස්ථානයේ නටබුන්, සැලකිය යුතු හින්දු සිද්ධස්ථානයක් සහ බෞද්ධ විහාරස්ථානයක් (විහාරය) සඳහා නිවහන වේ.
දෙවුන්දර යන නම පුරාණ සිංහල නාමය වන
"දෙවුන්දර" සහ දෙමළ නාමය වන "ටෙන් තුරෙයි" සඳහා යුරෝපීය කෙටි යෙදුමකි. සිංහල භාෂාවෙන් "දෙවිනුවර" යන්න "දෙවියන්ගේ නගරය" ලෙස පරිවර්තනය කර ඇති අතර "තෙනවරම්" යන්නෙහි තේරුම "දස දෙනාගේ දේවාලය" යන්නයි.

සංගමන් කන්ද
සංගමන් කන්ද තුඩුව (සංගමන් කන්ද) ශ්‍රී ලංකාවේ නැගෙනහිරම ස්ථානයයි.සමහර ස්ථාන මීටර් 100 ක් පළල වේ. සංගමන් කන්ද ප්‍රදීපාගාරය 1947 දී ඉදිකරන ලද අතර එහි උස අඩි 25 කි. මෙය 2004 සුනාමියෙන් විනාශ වූ අතර දැන් ඉතිරිව ඇත්තේ ප්‍රදීපාගාරයේ අඩි 15 ක් පමණි.
කොළඹ කොටුව පැරණි ප්‍රදීපාගාරය සහ ඔරලෝසු කණුව ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඔරලෝසු සවිකරන ලද එකම ප්‍රදීපාගාරය වේ. ප්‍රදීපාගාරයක් වූවත් එය වර්ථමානය වන විට අක්‍රීය කොට තිබෙන අතර, ඒ වෙනුවට එය ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගැනේ. කණුව, කොළඹ කොටුවේ චැතම් වීදිය හා ජනාධිපති මාවත අසල හන්දියෙහි පිහිටුවා ඇත.
කොළඹ කොටුව

ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ, කේන්ද්‍රීය ව්‍යාපාරික ප්‍රදේශය ලෙස කොටුව හැඳින්විය හැක. පෘතුගීසි ජාතිකයන් මුලින්ම මෙහි බලකෙටුව තැනූ අතර පසුව ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් විසින්ද මෙම බලකොටුව භාවිතා කරන ලදී.
කොළොම්තොට/ කොළොන්තොට ලෙස අතීතයේදී හැඳින්වුනු මේ ප්‍රදේශයට 16 වන ශත වර්ශයේ මුල් සමයේදී පෘතුගීසීන් මුල්වරට ලංකාද්වීපයට ගොඩබසිනු ලදුව, පසුව ඔවුන්ගේ වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්වු බව සැලකේ. පෘතුගීසීන් විසින් මේ වෙළෙඳ මධ්‍යස්ථානය පසුව ආරක්ෂක මධ්‍යස්ථානයක් හා ‍වරායක් ලෙස සංවර්ධනය කරන ලදී. එසේ සිදුකරන ලද්දේ දිවයින තුලට තම බලය විහිදුවීමට අවශ්‍ය පාලනය කොටුව ප්‍රදේශයට එක් කරගැනීමේ අරමුණිනි. පෘතුගීසීන් විසින් ගොඩනගනු ලැබූ කොටුව 1656 දී ලන්දේසීන් විසින් අත්කරගනු ලදුව තමුන්ගේ වටිනා වෙළෙඳ ද්‍රව්‍ය ආරක්ෂා කරගැනීමට යොදාගන්නා ලදී. කොළඹ, ලන්දේසි පරිපාල‍නයේ ප්‍රමුඛස්ථානයට පත්වීමත් සමඟ මුහුදින් හා රට අභ්‍යන්තරයෙන් ඇතිවිය හැකි තර්ජන වලට මුහුණ දිය හැකි ආකාරයෙන් නගරය පුළුල් හා ශක්තිමත් කරවීමට ලන්දේසීහූ උත්සුක වූහ. පෘතුගීසීන්ගේ ආරක්ෂක බලකොටු හා ඉදිකිරීම් සමහරක් බිඳ හෙලීමට කටයුතු කළ ලන්දේසීන්, අනතුරුව වැවත් මුහුදත් අතර පිහිටි බිමෙහි ස්වාභාවික වාසිය හොඳින් ලබාගත හැකි වන අයුරින් එය යලි ගොඩනංවන ලදී. ආක්‍රමණකාරී ලන්දේසීන්ට එරෙහිව රට අභ්‍යන්තරයෙන් පැනනැගි සිංහල රජවරුන්ගේ සටන් හමුවේ එය කීප විටකම වටලෑමට ලක්වූ විට, ලන්දේසීන් හට කොටුව ඉතා වැදගත් හමුදාමය බලකොටුවක්ම විය.
බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන්ට අයිතිව තිබූ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්කරගැනීමත් සමඟම කොටුව ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය බවට පත්විය. 1815 දී කන්ද උඩරට ගිවිසුමත් සමඟම කොළඹ මුළු දිවයිනේම අගනගරය ලෙසට නම් කෙරිණි. තවදුරටත් සෘජු හමුදාමය තර්ජනයක් නොපැවති නිසාත්, නගරයේ සංවර්ධනයට බාධාවක් යැයි සැලකූ නිසාත්, 1870 දී කොටුවේ බිත්ති කඩා බිම හෙලන ලදී. ලන්දේසි ගොඩනැගිලිද මෙලෙසම විනාශකර දැමුනු අතර නව ගොඩනැගිලි ඉදි කරවූයේ ප්‍රදේශයට බ්‍රිතාන්‍ය ඌරුවක් එක්වන ආකාරයෙනි.
මෙලෙස බලකොටුවේ ප්‍රාකාර බිත්ති පවා බිඳ දැමුවද තවමත් මෙම ප්‍රදේශය කොටුව නමින් හැඳින්වේ. කොටුව ප්‍රදේශයේ ගොඩනැගිලි බොහෝමයක් බ්‍රිතාන්‍ය පරිපාලන ගොඩනැගිලි වශයෙන් පැවතුනි. පාලනය කෙමෙන් ස්වදේශික ශ්‍රී ලාංකීයයන් අතට මාරුවීමේදී ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව හා ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ ගොඩනැගිලි මෙම ප්‍රදේශය තුල පැවතිණි. කොටුව ප්‍රදේශය ශ්‍රී ලංකා පරිපාලනයේ හදවත වූයේ යම් සේද එය ශ්‍රී ලංකාවේ වාණිජ කටයුතු වලද හදවත විය. රට 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගැනීමත් සමගම රාජ්‍ය ආයතන හා පරිපාලන මධ්‍යස්ථාන කොටුව ප්‍රදේශයට කේන්ද්‍රගත වීමක් දක්නට ලැබුණි. කෙසේ නමුදු පසුකාලීනව රාජ්‍ය පරිපාලනය පුළුල් වීමත් සමග කොළඹ නගරයේ තදබදය හේතුවෙන් හා සියළුම රාජ්‍ය ආර්ථික මර්මස්ථාන එකම ප්‍රදේශයක පිහිටු‍වීමේ ආරක්ෂක අවාසිය හේතුවෙන් 1980 දී රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට විතැන් කිරීමට පටන් ගැණුනි. මෙය ආරම්භ වූයේ පැරණි රාජ්‍ය මන්ත්‍රණසභා ගොඩනැගිල්ලේ තිබූ පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර නව ගොඩනැගිලි සංකීර්ණයකට රැගෙන යාමත් සමගිනි. මෙසේ ඇරඹුනු රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු කොළඹින් පිටතට ‍ගෙනයෑමේ ව්‍යාපෘතිය කිසිදා සම්පූර්ණ කරගැනීමට නොහැකි වුනු අතර බොහෝමයක් වැදගත් රාජ්‍ය ආයතන අදටත් කොටුව ප්‍රදේශයේ ඉතිරිව පවතී.


පේදුරු තුඩුව
පේදුරු තුඩුව යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. පේදුරු තුඩුව ශ්‍රී ලංකාවේ වඩාත්ම උතුරු කෙලවරයි.
තවත් සරලව සඳහන් කළහොත් ශ්‍රි ලංකාවේ උතුරු කෙලවරයි. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට 432Kmක දුරක් ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පේදුරු තුඩුව 3Kmක් පුරා දිවෙන අලංකාරය මුහුදු තීරයකින් ද සමන්විත වේ. කපු වගාවට ප්‍රසිද්ධ මෙම ප්‍රදේශය "පේදුරැ '' නැමැති නාවිකයා සොයාගත් නිසා ඔහුගේ නම යොදා ඇත. සෑම තප්පර පහකට වරක් එළිය විහිද වන මෙහි ප්‍රදීපගාරය 1916 දි ඉදිකර ඇත. එහි උස අඩි 105 කි. 
 
අන්තර් ජාලය ඇසුරින් සකස් කරන ලදී.

-- ධම්මක ගුණවර්ධණ

A day in the life

2025-07-19

එකපැහැර රිමාන්ඩ් කිරීම.





පොඩ්ඩක් ඉන්නකෝ,,
කදුලු කතාවක් අහන්නකෝ.
පහුගිය අප්‍රේල් මාසෙ අග දිනයක ඇඹිලිපිටිය අධිකරණයෙදි මිත්‍රයෙකු වෙනුවෙන් ඇප තැන්පත් කරන්න ආව අසංක ඉඳුනිල් කියන 46 හැවිරිදි පුද්ගලයගෙ දුරකතනය අධිකරණයෙදි නාද වෙනවා. ඔහුව පරීක්ෂා කරපු පොලිස් නිලධාරියා සාක්කුවෙ තිබිලා, බීඩි දෙකක් සහ ලයිටරයක් සොයා ගන්නවා. මෙයා යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්න ආවා කියන සැකයක් තියනව කියලා පොලිස් නිලධාරියා අධිකරණයෙන් ඉල්ලනවා වැඩි දුර විමර්ශන අවශ්‍ය නිසා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා. රක්ෂිත බන්ධනාගාරගත කරපු අසංක ඉඳුනිල් එහිදී වුණ පහරකෑමක් නිසා මරුමුවට පත් වෙනවා.

මිත්‍රයෙකු වෙනුවෙන් ඇප තැන්පත් කරන්න ගිය සාමාන්‍ය පුරවැසියෙකු දවස් දෙක තුනකින් පෙට්ටියකින් ගෙදරට එනවා.
අධිකරණයකදී අපරාධ යුක්තිය අනුව රක්ෂිත බන්ධනාගාරගත කරන්න ඕන සීමිත අවස්ථාවලදී පමණක් කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් බොහෝ අවස්ථාවල දකින්න ලැබෙන්නෙ, අධිකරණය විසින් පොලිසියේ ඉල්ලීම අනුව සැකකරුවන් පොඩ්ඩක් ඉන්නකෝ,
කදුලු කතාවක් අහන්නකෝ
පහුගිය අප්‍රේල් මාසෙ අග දිනයක ඇඹිලිපිටිය අධිකරණයෙදි මිත්‍රයෙකු වෙනුවෙන් ඇප තැන්පත් කරන්න ආව අසංක ඉඳුනිල් කියන 46 හැවිරිදි පුද්ගලයගෙ දුරකතනය අධිකරණයෙදි නාද වෙනවා. ඔහුව පරීක්ෂා කරපු පොලිස් නිලධාරියා සාක්කුවෙ තිබිලා, බීඩි දෙකක් සහ ලයිටරයක් සොයා ගන්නවා. මෙයා යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්න ආවා කියන සැකයක් තියනව කියලා පොලිස් නිලධාරියා අධිකරණයෙන් ඉල්ලනවා වැඩි දුර විමර්ශන අවශ්‍ය නිසා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා. රක්ෂිත බන්ධනාගාරගත කරපු අසංක ඉඳුනිල් එහිදී වුණ පහරකෑමක් නිසා මරුමුවට පත් වෙනවා.

මිත්‍රයෙකු වෙනුවෙන් ඇප තැන්පත් කරන්න ගිය සාමාන්‍ය පුරවැසියෙකු දවස් දෙක තුනකින් පෙට්ටියකින් ගෙදරට එනවා.

අධිකරණයකදී අපරාධ යුක්තිය අනුව රක්ෂිත බන්ධනාගාරගත කරන්න ඕන සීමිත අවස්ථාවලදී පමණක් කියන එක සාමාන්‍ය දෙයක්. ඒත් බොහෝ අවස්ථාවල දකින්න ලැබෙන්නෙ, අධිකරණය විසින් පොලිසියේ ඉල්ලීම අනුව සැකකරුවන් එකපැහැර රිමාන්ඩ් කිරීම. අධිකරණ තීන්දු කතා නොකළ යුතු ටැබූ සබ්ජෙක්ට් එකක් මට්ටමට පත්ව තිබෙන නිසා අපට ඒ ගැන කතා කරද්දි දෙපාරක් හිතන්න වෙනවා. අසංක ඉඳුනිල් වගේ දෙපයින් ඇවිදන් ගිහින් පෙට්ටියකින් ගෙදර එන්න වීමේ සම්භාවිතාවක් ඇති නිසා.

කොහොම වුණත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන්න තීන්දුවක මේ ගැන සෑහෙන වැදගත් කරුණු ප්‍රමාණයක් සඳහන් වෙන එක නෛතික ක්‍රියාවලිය සහ යුක්තිය ගැන සෑහෙන තරම් ආලෝකයක් දල්වනවා.

ඒ ගැන කෙටි විස්තරයක් කිව්වොත් මෙහෙමයි,

2018 වර්ෂයේ මැයි මාසෙ 6 දා වන අලි ගම්වැදීම වැළැක්වීමට බලධාරීන්ගේ මැදිහත්වීමේ දියාරුකමට විරෝධය පළ කළ ගොවීන් පිරිසක් අරලගංවිල කලුකැලේ මංසන්ධියෙදි විරෝධතාවක් සිදු කරනවා. මෙහිදී පොළොන්නරුව – මහියංගණ මාර්ගයේ ගමනාගමනයට බාධා වෙන බව දන්වලා පොලිසිය අධිකරණ නියෝගයක් ගන්නවා, විරෝධයට විරුද්ධව.
එහිදී අත්අඩංගුවට ගන්න ගොවීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා කරන පොලිසියෙ ඉල්ලීමට ඉඩදීලා පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කරනවා.

මේ ගොවීන් දෙදෙනා, මේ හේතුවෙන් තමන්ගෙ මූලික අයිතවාසිකම් කඩවුණු බවට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනවා.

එහිදී ඉතාම වැදගත් කරුණු සහිතව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනවා. මෙකී අත්අඩංගුවට ගැනීම මගින් ගොවීන් දෙදෙනාගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා කියලා තීන්දු කරන ශ්‍රේෂ්ඨාධිකරණය අරලගංවිල හිටපු පොලිස් ස්ථානාධිපතිගෙ පෞද්ගලික මුදලින් එම දෙදෙනාට රුපියල් 30000 බැගින් ගෙවන්න කියලා නියෝග කරනවා.

මේ තීන්දුවෙ වැදගත්ම කොටස තමයි, ඇප ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස.

එහි සඳහන් වෙනවා, පොලිසිය ඉල්ලීමක් කළ පමණින් යමෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොකළ යුතු බව. යමෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ යුත්තේ සීමිත අවස්ථාවලදී පමණක් බව සහ මහේස්ත්‍රාත්වරයෙකු අපරාධ යුක්තිය මූලධර්මය අනුව කටයුතු කළ යුතු බව.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම නොතකා, පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ව දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෘත්තීය ගරුත්වයට පවා නොගැලපෙන බව නඩු තීන්දුවේ සඳහන් වෙනවා. මෙවැනි ක්‍රියා දිගටම සිදු නොවන්නට මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීමට විනිසුරු පුහුණු ආයතන අධ්‍යක්ෂවරයාටත් තීන්දුව මගින් නියෝග කරනවා.

සමකාලීනව ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අතර සෑහෙන කතාබහට ලක් විය යුතු තීන්දුවක් විදිහට මේක සලකන්න පුළුවන්. පෙත්සම වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ චතුර වෙත්තසිංහ සහ නුවන් බෝපගේ යන අයටත් කෘතඥතාව පළ කරන්න ඕන. ඒ වගේ ම මේ තීන්දුව ගැන හොඳ සංවාදයක් ඇති කරගන්න පුළුවන් නම් වටිනවා !. අධිකරණ තීන්දු කතා නොකළ යුතු ටැබූ සබ්ජෙක්ට් එකක් මට්ටමට පත්ව තිබෙන නිසා අපට ඒ ගැන කතා කරද්දි දෙපාරක් හිතන්න වෙනවා. අසංක ඉඳුනිල් වගේ දෙපයින් ඇවිදන් ගිහින් පෙට්ටියකින් ගෙදර එන්න වීමේ සම්භාවිතාවක් ඇති නිසා.
කොහොම වුණත්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන්න තීන්දුවක මේ ගැන සෑහෙන වැදගත් කරුණු ප්‍රමාණයක් සඳහන් වෙන එක නෛතික ක්‍රියාවලිය සහ යුක්තිය ගැන සෑහෙන තරම් ආලෝකයක් දල්වනවා.

සමකාලීනව ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අතර සෑහෙන කතාබහට ලක් විය යුතු තීන්දුවක් විදිහට මේක සලකන්න පුළුවන්. පෙත්සම වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ චතුර වෙත්තසිංහ සහ නුවන් බෝපගේ යන අයටත් කෘතඥතාව පළ කරන්න ඕන.


ඒ වගේ ම මේ තීන්දුව ගැන හොඳ සංවාදයක් ඇති කරගන්න පුළුවන් නම් වටිනවා !

කුමුදු තිලකරත්න 

A day in the life