පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-06-18

කැපවීම අගයන්න..




අපේ අම්මට මේ ලඟදි ඉඳල අමුතු ලෙඩක් හැදිලා ,
දැන් අවුරුදු හැටකටත් කිට්ටුයි ,

මෙන්න මේන් එක පාරටම මිනිහෙක් හොයන් ,ඒ මිනිහත් එක්ක තනියම ජීවත් වෙන්න යන්න හදනවා ,මම තමයි එයාට ඉන්න එකම ළමයා ,මමත් බැඳලා මටත් අවුරුදු එක හමාරක බබෙක් ඉන්නවා ,අපි දෙන්නම ඔෆිස් ගියාම ළමයා බලන්නෙ අම්මා ,මෙච්චර කල් මේ ළමයා බලාගෙන ගෙදර වැඩ කරන් පාඩුවේ හිටියා ,මේ ලඟදි ඉඳල තමයි මේ වෙනස ,අනේ මිස් මේ අපේ අම්මට උපදෙසක් දෙන්නකෝ ??

ඒ අම්මා 

මගෙ මහත්තයා මැරෙනකොට මට වයස විසි නමයයි ,දුවට අවුරුදු දෙකයි ,එදා ඉඳන් මගෙ මුළු ජීවිතේම වුනෙ මගෙ දුව ,රස්සාවත් කරගෙන දරුවා ලොකු කරලා විශ්ව විද්‍යාලේ යනකම් උගන්නලා බලද්දී දන්නෙම නැතුව මන් වයසට ගිහින් ,

ඒ කාලෙ මට කසාදයක් ගැන හිතන්න වෙලාවකවත් වුවමනාවක්වත් තිබ්බෙ නැහැ ,කොහොමහරි දුව හොඳට ඉගන ගත්තා ලොකු රස්සාවක් කරනවා ,දැන් දුව බැඳලා ..එයාල බොහොම සතුටෙන් ඉන්නවා ..
ඔය අතරෙ ගිය අවුරුද්දේ මන් දඹදිව වන්දනාවෙ ගියා ,ඒ යද්දී තමයි එයාව මට හම්බුනේ ,එයත් නෝනා මැරුණ මනුස්සයෙක් ..
එයාගෙ පුතා ඉන්නෙ එංගලන්තේ ,ඒ දරුවත් මේක දන්නවා .

මට මගෙ ජීවිතේ අවුරුදු විසි පහක් හන්ගන් හිටපු මගෙ කථා ඔහේ කියව කියව ඉන්න ,ජීවිතේ ගැන කථා කරන්න හමබුනේ ඒ මනුස්සයා එක්ක ,
ඒක මට පුදුම සහනයක් ,මට ජීවත් වෙන්න පුංචි හරි ආසාවක් ආවෙ ඒ නිසා ..
ඒ මනුස්සයත් තනියෙන් ඉන්න කෙනෙක් ,
ඉතින් මට හිතුනා අන්තිම කාලෙ හරි මන් ළඟ කියව කියව ඉන්න කෙනෙක් වත් හිටියොත් හොඳයි කියලා ,

මම එපා කියද්දීම ඒ මනුස්සයා කෙලින්ම ගෙදරටම ඇවිත් අපේ දුව එක්කම මේ ගැන කථා කලා ,
ඒ දවසෙ ඉඳල දුව හොඳටම වෙනස් වුනා ,
මාව ඇහැට පේන්න බැරි තරමටම එපා වෙලා බනිනවා මට පිස්සු කියලා ,
සමහර විට මට පිස්සු ඇති ,බැඳලා අවුරුදු තුනෙන් මහත්තයා මැරිලා ජීවිතේම තනියම හිටපු ගෑනියෙකුට මැරෙන්න ඔන්න මෙන්න කියලා හරි පොඩ්ඩක් ජීවත් වෙන්න හිතෙන එක පිස්සූ වැඩක් වෙන්න ඇති මිස් , 
මන් මුළු ජීවිතේම කළේ දරුවගෙ ගෞරවය රැකපු එක ,හැබැයි දැන් මන් මුළු ලෝකෙටම වඩා වැරදි කරාපු ගෑනියෙක් ගානට වැටිලා ..

මම වැරදි ඇති මිස් ,අනේ දුවට කියන්න මට සමාව දෙන්න කියලා !!!
ඒ අම්මා එහෙම කිව්වා ..
ඒ කිව්ව ටික ඇතුලෙ නොකිව්ව බොහෝ දේ තිබුනා

රහස්‍යභාවය රැකෙන විදිහට එහෙ මෙහෙ කරලා මේ කථාව ඔයාට ලියන්නෙ අන්න ඒ නිසා ..
මම නිතරම දරුවන්ගෙ පැත්තෙ හිටගන්න කෙනෙක් ,
හැබැයි මෙතන කථාව වෙනස් ..

යාවත්කාලීන වෙලා කන්න බොන්න දීලා උගන්වලා නිසි වයසේදී දෙමව්පියෝ දරුවන්ව අත ඇරලා දරුවන්ගෙ ජීවිත නිදහස් කරන්න ඕනෙ වගේම ඕකෙ අනිත් පැත්තත් එහෙම්මම වෙන්න ඕනෙ නේද ?
ඒ කියන්නෙ දරුවො දෙමව්පියෝ ගැන හිතන විදිහත් අද කාලෙට ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඕනෙ ,යාවත්කාලීන වෙන්න ඕනෙ කියන එක !

ගෙදරින් කාලා ඉගනගෙන රස්සාවල් කරලා බැඳලා තමන්ට ඕනෙ නිසා ළමයි හදලා ඊට පස්සෙ තමන්ගෙ වයසක අම්මා තාත්තා තමන්ගෙ ළමයින්වත් ලොකු කරන්න ඕනෙ කියල හිතනවනම් ඒක අමානුශිකයි , තමන් හදපු දරුවො තමන් බලාගෙන වැඩිහිටි දෙමව්පියන්ව එයාලගෙ නිදහසේ ඒ කාලය ගත කරන්න දෙන්න ඕනෙ
කැමැත්තෙන්ම හරි දරුවන්ට බැහැ කියන්න බැරි කමට හරි වයසක අම්මලා මුණුබුරෝ ලොකු කරනවා ඇති ,හැබැයි ඒ මිනිස්සුන්ට වයසට ගිහින් හරි නිදහසක් දෙන එක තමයි දරුවන්ගෙ යුතුකම ,

ඒ වගේම ගෑනියෙක්ට මිනිහෙක් ඕනෙ ලිංගිකව සතුටු වෙන්න විතරමයි ,ගෑනියෙක් මිනිහෙක් අතර තියෙන්න පුළුවන් ලිංගික සම්බන්ධකම් විතරමයි කියල හිතනවනම් ඒකත් හෙනම ප්‍රාථමිකයි .
වයසට ගියාම මිනිස්සුන්ට කසාදයක් බඳින එක වැරද්දක් කියල හිතන එක ,වයසකින් පස්සේ මිනිස්සුන්ට බැඳීම් ඇති වෙන්න බැහැ කියල උපකල්පනය කරන එක ඊටත් වඩා ගෝත්‍රිකයි .
අනික ,වයස ගියා කියන්නෙ මිනිස්සුන්ගෙ හැඟීම් දැනීම් සම්පුර්ණයෙන්ම නැති වෙලා යනවා කියන එක නෙමෙයි ,

ඔයාට අම්මා තාත්තා උනාට ඒ මිනිස්සුන්ටත් වෙනම ජීවිතයක් තියනවා ,ඒ ජීවිතේ ඇතුලෙ අම්මා තාත්තා කියන චරිත වගේම තව තව චරිත තියනවා ,ආසාවල් තියනවා ,බැඳීම් තියනවා ,වගේම ඔයාලට වගේම ජීවිතේ අත අරුණු මග අරුණු හීන එහෙමත් තියෙන්න පුළුවන් ..
සමහර මිනිස්සු ජීවිතේම දුක විතරක්ම විඳිනවා
සැපක් සැනසීමක් දකින්නේවත් නැතුව වයසට යනවා
මැරෙන්න මොහොතකට කලින් හරි එහෙම මිනිහෙක්ගෙ ජීවිතේකටත් තමන් ආස සතුට විඳින්න අයිතියක් තියනවා ..
ඒ මිනිස්සු දෙමව්පියෝ උනා කියල ඒ අයිතිය සම්පුර්ණයෙන් අහිමි කරවීම මානුෂීය නැහැ ..

ඒක ලෝක ලැජ්ජාවක් කියල හිතෙනවනම් ඒ ලැජ්ජා කරන්න හදන මිනිස්සුන්ට උත්තර දීලා ඒ වෙනුවෙන් පෙනී ඉඳල තමන්ගෙ මිනිස්සුන්ගෙ ගෞරවය රකින එක තමයී නියම මනුස්ස කම ,
ඒක තමයි තමන්ගෙ කම ..


අනික මිනිස්සු ලැජ්ජා වෙන්නෙ ඕනෙ බය වෙන්න ඕනෙ වැරදි වැඩ කරන්න මිසක් ,සැනසීමෙන් ඉන්න නෙමෙයි ..
මිනිස්සු වයසට යනවා කියන්නෙ හැඟීම් මැරෙනවා කියන එක නෙමෙයි ..
ඔයා ඒ දුව නොවී ඒ අම්මා වෙලා එක සැරයක් හිතලා බලන්න ,
ඒ ගැහැණිය ආපු පාරෙ නිකමට ටික දුරක් හිතින් ඇවිදලා බලන්න ..
එතකොට තේරෙයි ..

 

අනිශා ජයකොඩි
Anisha Jayakody
(Psychological counsellor )

A day in the life

2025-06-17

කමටහනක් කර ගන්න.





කුමටද වැලපෙන්නෙ මගෙ දෙන
දෙසම බලා..
එනවද දුකක් ඔබගේ මුළු
ලයම පලා...
මොකටද තවත් ඔය හදවත
ගන්නෙ තලා..

ඔබ නොදනිතත් මං මීටත්
කලින් මළා ...
සෙනෙහස මොටද නිසසල
මළ සිරුරකට ...
මදහස පෙනෙනවද පියැවුණු
ඇස් දෙකට..

තුරුහිස මුදුනෙ නොපිපුණු
මල් පොකුරකට..
ජයගොස නගා කවියක්
ලියලා කුමට..
සුදු රෙදි කඩින් වැසුවත් අද
මගේ ගත..

හඳුනා ගත්තෙ කවුරුද
හදවතේ තෙත..
හෙට මේ සිරුර දා ලූ පසු
සොහොන මත..
කාටද මතක ගතවු පසු
දවස් හත...

පෙරදා නුරාවෙන් හිනැහුණ
දෑස් බලා..
මතකද කලක් ඔබ මට
ආදරෙත් කලා..
කිසිදා වෙන් නොවන බවටත්
සඵථ කලා..

රැඳුණේ සදහටම කවදද
අහසෙ වලා...
මළහිරු බහින විට අද
බටහිර අහසේ...
අප පෙර මතක හිත

නොපෙලාවිද රහසේ...
යලි යලි සිත බැඳී හෙට
පෙර මෙන් පහසේ..
සසරේ මුලා වෙමු දැයි
විමසමි රහසේ...

සංසාරෙදී අපි බෝ හමු
වෙන්න ඇතී..
මේ වාරෙදී හමුවී දුක්
ගන්න ඇතී...

යන පාරෙදී යලි හමුවක්
නොවනු ඇතී..
එන වාරෙදී මං සසරින්
මිදෙනු ඇතී...

මා දුන් සෙනෙහෙ හදවත
පතුලේ තියලා..
හිත සනසා ගන්න
ඔය දෑසම පියලා..
යන ලෙස මකුළුවෙකු
යලි යලි දැල වියලා..
පැටලෙනු එපා ආයෙත්
සෙනෙහස කියලා ....

සසරින් මිදෙන එක සටනක්
කර ගන්න ..
කතරින් එතෙර වී සටනට
සමුදෙන්න ...

අතරින් පතර යලි පටුනක්
නොතබන්න..
මගෙ මේ සිරුර කමටහනක්
කර ගන්න ...

...🙏 සමන්තී දේශප්‍රිය .

A day in the life