පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-04-01

අද අප්රේල් පලමුවෙනිදා



අද අප්රෙල් පලමුවෙනිදා. 

මෝඩයින්ගේ දිනය කියලත් කියනවා. අවුරුද්දේ එක එක දවස් එක් එක් දේ සදහා වෙන් කරලා තියෙනවා.ජාතික දිනය, වැඩිහිටි දිනය කාන්තා දිනය ………ඔය වගේ.

බොරු කියලා ප්‍රබන්ධ පතුරවලා මිතුරන් අසල් වැසියන් අන්දන දවස හැටියට අප්රේල් පලවෙනිදා ප්‍රචලිතයි..

අපේ රටට නම් හැමදාමත් අප්රේල් පලමුවෙනිදා තමයි.

අපි ඇන්දෙන තරම් වෙනත් රටවල ජනතාව ඇන්දෙන්නේ නැතිව ඇති.

අනම් මනම් කියලා හිත රිද්දා ගන්නේ මොකටද ?.

අප්රේල් පලවෙනිදා මෝඩයින්ගේ දිනය වුන හැටි හොයා ගෙන යමු.                                                                                

13 වන ග්‍රෙගරි පාප් වහන්සේ.

1582 වසරේ සිට ග්‍රෙගරියානු දින දර්ශණය සම්මත දින දර්ශණය ලෙස භාවිතයට එක්වුනා. මේ කටයුත්තට මුල් වුනේ 13 වන ග්‍රෙගරි පාප් වහන්සේයි

එතෙක් භාවිතා වුනේ ජුලියානු දින දර්ශණයයි.

ජුලියානු දින දර්ශනය අනුව අප්රේල් 1 දා නව වසර උදාවුන දිනය හැටියට සැලකුවා.

නව වසර උදාවීම සැමරුම් අවස්ථාවක් නේ.

නව ග්‍රෙගෝරියානු දින දර්ශණය අනුව ජනවාරි 1 වෙනිදයි වසර ආරම්භවුනේ.

ග්‍රෙගරියානු දින දර්ශණය භාවිතයට ගත්තේ 1582 ජනවාරි 1 දා සිට උවත් එය ජනතාව අතරට පැතිරෙන්න භාවිතයට එන්න කාලයක් ගතවුනා.

1582 වසර වන විට 9 වන චාල්ස් රජු ප්‍රංශයේ පාලකයා ව සිටියා.ග්‍රෙගරියානු දිනදර්ශණය ප්‍රංශය තුල නිල පිලිගැණිමක් තිබුනත් ජුලියානු දින දර්ශණය ජනතාව අතරින් මුලුමනිනිම බැහැර වෙලා තිබුනේ නැහැ.

මේ නිසා 1584 වසරේ ජනවාරි 1 වෙනිදා නව වසර සැමරිය යුතු බවට නීතියක් සම්මත කිරීමට චාල්ස් රජු තීරණය කලා.

වර්තමානයේ තරම්  සංනිවේදනය එතල දියුණු නැති නිසා ඇතැම් ප්‍රදේශවලට රජතුමාගේ නිවේදනය දැන ගන්නට බැරිවුනා. 

ඔවුන් අප්රේල් 1 වෙනිදාම අවුරුදු සැමරුවා.

රාජ නීතිය කඩවීම පිලිබදව රජතුමා කෝපයට පත්ව අප්රේල් 1 වෙනිදා අවුරුදු සමරන සියලු දෙනාම “ මෝඩයින් “ බවට ප්‍රකාශයට පත් කලා.

එම සිදුවීමෙන් පසුව අප්රේල් පලමුවෙනිදා මෝඩයින්ගේ දිනය ලෙස සැලකීමට ප්‍රංශ වැසියන් පුරුදු වුනා. පසුව යුරෝපයටත් ලෝකයේ විවිධ රටවලටත් මෝජයින්ගේ දිනය සැමරීම ව්‍යාප්ත වුනා.

මින් දශක කිහිපයකට පෙර අප අතර අප්රේල් පලමුවෙනිදාට හිත මිතුරන් නොමග යවා රවටා සතුටට පත්වෙන සිරිත් තිබුනත් වර්තමානය වන විට එය වියකී ගොස් ඇති බවක් දකින්නට ලැබෙනවා. 

මින් අවුරුදු කිහිපයකට පෙර රුපවාහිනිය නොතිබු අවදියේ ගුවන් විදුලි නාටකයක් පැයක් පුරා ප්‍රචාරය කරමින් රටම මෝඩයින්ට ඇන්දවු හැටි මතකයට එනවා.



A day in the life

2025-03-30

ඌවේ කතා.





හුවේ දුරයි මීදුමට ඌවට යන්න. 
කොළඹ පැත්තෙන් එන කොට බෙලිහුල්ඔය පහුකරලා මරන්ගහවෙලට ආපුවහම ඌවේ මායිම.
ලංකාවේ උසම දිය ඇල්ල බමර කන්ද .සුප්‍රසිද්ධ ඩබල් බ්‍රිජ් තියෙන්නේ කලුපහන ඌවත් සබරගමුවත් මායිමේ.
කොළඹ - මඩකලපුව ඒ 04 මාර්ගයේ 181 කිමි.පටන්ගන්නේ මේ මායිමෙන්.
සති අන්තයක් ගෙවා දමන්න ....යකාගේ පඩිපෙල ඔස්සේ හෝටන්තැන්නට යන්න. මේ ඌව මායිමෙන් පුලුවන්.
ඌවේ ඇත්තෝ හමුවුනොත් කතාබහත් ටිකක් අමුතු අත්දැකීමක් වේවි.
අහලා බලමුකෝ එහෙනම්......

1.පාන් කළුව/පාන්දර/පාන්දොඩ =අඳුර නැතිකරගෙන ආලෝකය ඇතිවීම

2. වෛතාලෙ/ඉරිමාඋදේ =උදෑසනින්

3.කනිසම =වේලාව

4. කිරිවේලාව =උදෑසන සිට අට පමණ වනතෙක්වේ

5.ඇටබගව්ව =ඉර මුදූන් වන වේලාව

6. හීම්පීර/හිටිපියර/හිටිබීරම =මද්දහන

7. ඉරගල වැටුණා=ඉර බැසිම

8. වවුලන් බඩගගන ජාමය =ඉර බැසගෙන යන වේලාව

9. ගොංමං වේලාව/කුකුළන් ගස්යන යාමය =ඉර බසින වේලාව

10.බසමන්ද කළුවර =ඉර බැසගෙන ගොස් ටිකවේලාවයි

11. කිතයියා =හඳ

12.ගජරා/බොටකඳා/ අල්ලිස්අප්පු/අලි‍බොටා =අලියා

13. බණ්ඩාර හඳ =කිරි බැබළෙන හඳ

14. හෙවන් බෑම =හිරු රැස් ආවරණය වීම

15. සාක්කුලය =පෑවිල්ල

16.බීරනීබාලා =වැහි වළාකුළු මුදූන්වීම

17.නිල්ල =පොද වැස්ස

18.වැහි නිල්ල =වැස්ස පෑයු වේලාව

19.කුලන්තරය =මහවැස්ස

20.අන්දන් බුරුවා/කරකොළයා =ගෝනා

21.පරියා/සෝමා =වළහා

22.පරියාපුල්ලියා/දීයා/කොටිහපුවා =කොටියා

23හොටබරියා/මඩවල පසිම්බුවා= ඌරා

24. කෑටා/කුඩුවා/ඇදූරුකුක්කා =බල්ලා

25. කුංචා/පොන්නා =පුසා

26.අප්පල්ලෑවා =හෝතම්බුවා(මුගටියා)

27.තඹරැණියා =සැළලිහිණියා

28.ගම්පාළුවා =උළමා(ඔගම්පාළුවා)

29.ගස්බෝදා =කටුස්සා

30.ගම්බලයා =කොට්ටෝරුවා

31.ගොන්කඩුවා =මයිනා

32.මීච්චා =පොල්කිච්චා

33.දියකුකුළා =ඉබ්බා

34.ගස්ගෝනා =වඳුරා

35.පුක්ගැටයා =කිඹුලා

36.කම්බැල්ලා දේහිනී =සමුහයක් එක්ව කරන ගෝෂාව

37කොම්බා =දඟකාර කොල්ලා

38.කීකල බා‍සෙට නෑ =අකීකරු කොල්ලා

39.කුකාඩියා =හිතුවක්කාරයා

40.කුඩුම්බරයා =කොල්ලා

41. කෙලිගහ/කෙල්ලී/ කෙලී =දියණිය

42.කෝනමා =නිරුවතින් සිටින්නා

43.කෙලිහැලේ කරනවා =කුඩා ළමයින් සෙල්ලම් කිරිම

44.නට්ටාලී =සෙල්ලම

45.පුන්නනවා =නිදිකරනවා(නිදාගන්නවා

46කිස්කනවා =කෝටුවෙන් තැලීම


 



A day in the life