පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-02-12

නවම් පොහොය අදයි.


මේ  පෙබරවාරි මාසයයි.
පෙබරවාරි මාසයේ පොහොය දිනය  නවම් පුන් පොහොය දිනයයි. 
බුදුන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බුද්ධ ශාසනයෙහි එම තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝදාකයි.
ප්‍රථම ධර්ම සංගායනාව සිදු වී ඇත්තේ ද අද වන්වූ නවම් පෝදාකයි
බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත් හරිනු ලැබුවේ ද නවම් පුන් පොහොය දිනකයි .

ඕවාද ප්‍රාතිමෝක්ෂය නමින් පටු ආකල්ප බැහැර කොට සමාධිගත දිවි පෙවතකට සඟරුවන යොමු කරවීමේ දේශනාව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේද අද වන් වූ උතුම් නවම් පුන් පොහොය දිනයකයි.
ශ්‍රී ලාංකීය අපට වගේම ලෝකවාසී බෞද්ධ ජනතාවටද, නවම් පුර පසළොස්වක පොහොය දිනය ඉතාමත් වැදගත් වෙයි.
මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදු වී තිබීම නවම් පොහොය දිනයක සිදුවූ උත්කර්ෂවත් අවස්ථාවකි .සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම ගොස් චාපාල චෛත්‍ය කරා වැඩම කරවීම ද මෙම පොහොය දිනයේ දී සිදුවිය.
සූර්යයා කුම්භ රාශියේ ගමන් කරමින් සිටින බව පැවසෙන නවම් මාසයේ වැදගත්කම ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට වඩා බුද්ධ ශාසනයේ චිර ජීවනය උදෙසා සිදුකරන ලද උතුම් සිදුවීම් ගණනාවකින්
ඔප් නැංවෙයි.
පිදිය යුත්තන් පිදීම, සුදුස්සාට සුදුසු තැන ලබාදීම, වැනි නුවණැති ක්‍රියාවන් නිසි ලෙස සිදු නොවන සමාජයක් පරිහානියට ලක් වනු විනා දියුණුවක් නොලබයි.
බුද්ධ චරිතය හා බැඳුණු බොහෝ නවම් මස සිදුවීම් තුළ ඇත්තේ ඉතාමත් දියුණු මනුෂ්‍ය ගුණධර්මයන්ගෙන් පොහොසත් ප්‍රඥාවන්ත ක්‍රියාවන් පිළිබඳව පූර්වාදර්ශ සමූහයක් බව පැවසිය හැකියි.

භික්ෂු සමාජයෙ හි ආචාරශීලීබව, ගුණ ගරුක බව, හා විනය නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා විවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම නවම් පුර පසළොස්වක පෝදා සිදු වූ ඉතා වැදගත් සිදුවීමක් වන අතර එම දේශනාව අවවාද වලින් යුත් ගාථා තුනකින් සමන්විත විය.
*ඉවසීම නමැති ශාන්තිය උතුම් තපසකි.බුදුවරු නිවන උතුම් කොට ප්‍රකාශ කරති .අනුන් නසන්නා පැවිද්දකු නොවේ. අනුන්ට පීඩා කරන්නා මහණෙක් ද නොවේ.
*සියලු පව් නොකිරීම ද කුසල් රැස් කිරීම ද තම සිත පිරිසුදු කර ගැනීම ද යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි.
*අනුන්ට නොබැනීමත්, අනුන්ට හිංසා නොකිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවරයත් ,ආහාරයෙහි පමණ දැන ගැනීමත්, ගමින් දුර පිහිටි වනසෙනසුන් හි ඇල්මත් ,අෂ්ට සමාපත්තීන් හි යෙදීම ගැන කරුණු සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි

උක්ත අරුත් එම ගාථා ත්‍රිත්වයේ අරුත් ගනී.
මහා කාරුණික වූ බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසක් පුරා බොහෝ මිනිසුන් ගේ පමණක් නොවෙයි… දේව, බ්‍රහ්ම ,රාක්ෂ, යක්ෂ ආදීන්ගේ හා අපා දෙපා සිවුපා සතුන්ගේ යහපත උදෙසා ධර්මය දේශනා කළ සේක .
අසූ වැනි වියට ළං ව සිටිය දී සියලු සත්ත්වයාට පොදු අනිත්‍යතාව තමන් වහන්සේට ද පොදු බව පහදා දෙමින් පිරිනිවන් පෑමට තීරණය කළ සේක.
මේ තීරණය ආයු සංස්කාර අත්හැරීම ලෙස හඳුන්වනු ලබනවා.. බුදුරජාණන් වහන්සේ මෙසේ ආයු සංස්කාරය අත්හළේ නවම් පොහොය දිනයක ලෙස බෞද්ධ ඉතිහාසයේ සනිටුහන් වෙනවා…
මෙවන් උතුම් වැදගත් ආගමික සංසිද්ධීන් සනිටුහන් වන මේ බැතිබර පෝදා …තෙල් මල් සඳුන් පෙරටු කොට ඒ උතුම් මුනිඳු පුදමු…
තෙරුවනේ අනන්ත ගුණ බලෙන් ඔබට සෙත් වේවා!!!


ඇසුර - බෞද්ධ සහෝදරත්ව පදනම.

2025-02-11

මානුෂිකයි නේද ?.




මම මේ කියන්න යන්නෙ පෘතුගාලයේ තියන එක්තරා ප්‍රධාන පෙලේ සුපිරි වෙළෙඳසලකට ගිය වෙලාවේ දකින්න ලැබුන ලස්සන වගේම හරිම මානුෂිය සිදුවීමක් ගැන. 

මම මේ සුපිරි වෙළෙඳසලට උදෙන්ම ගියා ගෙදරට අවශ්‍ය බඩු ටිකක් ගන්න, ඒ ගිය වෙලාවේ ලොකු සෙනගක් හිටියෙත් නෑ. මම ඉතිං මට අවශ්‍ය බඩු ටික අරගෙන කැෂියර් එකට ගියා බිල ගෙවන්න, ඒ ගිය වෙලාවේ මට කලින් කෙනෙක් සහ මට පිටුපසින් තව කෙනෙක් විතරයි පෝලිමේ හිටියේ. මට කලින් කෙනා එයාගේ බඩු වලට බිල ගෙවද්දී, ඒ කවුන්ටරය ලඟ ගෑනු ළමයි දෙන්නෙක් වැඩ, එක ගෑනු ළමයෙන් සාමාන්‍ය විදියට, බඩු වල බාර් කෝඩ්, කෝඩ් රීඩර් එකට අල්ල අල්ල බිල දානවා, කවුන්ටරේ කිට්ටුව ඉන්න අනිත් ගෑනු ළමයා හරිම හිමීට, මට කලින් ඉන්න කෙනා ගත්තු කිරන බඩු ටික තරාදියේ තියලා බලනවා. ඊට පස්සේ අපේ දිහා බලන් ඉන්නවා, ඊට පස්සෙ ආයෙත් තරාදිය පොඩ්ඩක් පිහිදනවා. 

මම ටික වෙලාවක් බලාගෙන ඉද්දි මට තේරුනේ ඒ කවුන්ටරය ලඟ උදව්වට ඉන්න ගෑනු ළමයා බුද්ධිය වර්ධනය අතින් අඩු මට්ටමක ඉන්න ළමයෙක් කියලා. ( differently able ) ඇත්තටම කියනවනම් පෘතුගාලයේ තියන ලොකුම සුපිරි වෙළෙඳසල් ජාලයක ඒ වගේ තත්වයක ඉන්න කෙනෙක්ට වැඩකරන්න දෙනවා කියන එක මම ඒ වෙලාවේ මැජික් එකක් විදියට දැක්කේ . ඒකට හේතුව මම මීට කලින් එහෙම දෙයක් මගේ ජිවිත කාලයට දැකලා නොතිබුන නිසා ( සමහර විට වෙනත් රැකියා ස්ථාන වල මේ වගේ අවස්ථාවන් ලබා දෙනවා ඇති ).

හැබැයි මට මේ දේ හරියටම තහවුරු කරගන්න ඕන නිසා මම හිතුවා කැෂියර් එකේ ඉන්න ගෑනු ළමයාගෙන් අහන්න අනිත් ගෑනු ළමයා එතන වැඩ කරන කෙනෙක්මද කියලා. ඒක නිසා පෝලිමේ මට පිටිපස්සේ හිටපු කෙනාට මම, මට කලින් යන්න දීලා මම ඒ මොහොතේ පෝලිමේ අන්තිමය උනා. එතකොට මට හරියටම කලබලයක් නැතුව විස්තරය අහගන්න පුළුවන් නිසා. සාමාන්‍යයෙන් මට ඔහොම දෙයක් හරියටම තහවුරු කරගන්න ඕන කියලා හිතුනොත් මම කොහොම හරි ඒ දේ තහවුරු කරගන්න තමයි බලන්නෙ.

ඉතිං මම අන්තිමය විදියට බිල දාන්න ගිය වෙලාවේ, මට හිතේ තිබුන ප්‍රශ්නය නිරාකරණය කරගන්න ප්‍රශ්නය අහන්න ලෑස්තිවෙන කොටම, කැෂියර් එකේ හිටපු ගෑනු ළමයා අනිත් උදව්වට ඉන්න ගෑනු ළමයාගෙන් හැරිලා ඇහුවා "Como estás, minha querida, está cansado? Diga-me se está cansado" ( "කොහොමද මගේ මැණික? ඔයාට මහන්සිද, මහන්සිනම් මට කියන්න හොඳේ" ). මට ඒක ඇහුන ගමන් හිතට හරිම සතුටක් දැනුනා. 
ඒ එක්කම ඒ උදව්වට හිටපු ගෑනු ළමයා, පොඩි බබෙක් වගේ හරිම ආදරෙන් පිළිතුරු දුන්නා, " නෑ මට මහන්සි නෑ, ස්තුතියි ඇහුවට කියලා". ඊට පස්සෙ ඒ ගෑනු ළමයා හිමින් හිමින් ගිහින් බඩු ගත්තු අය දාල ගියපු කූඩ ටික එකතුකරන්න ගත්තා. දැන් තමයි මට හොඳම වෙලාව කියලා, මම කැෂියර් එකේ හිටපු ගෑනු ළමයට කිව්වා. " සමා වෙන්න මම මේ අහන දේ වැරදියට හිතන්න එපා, අර ගෑනු ළමයා ඔයාලා එක්ක වැඩ කරන කෙනෙක්ද නැත්නම්, ඔයාගේ කව්රු හරිද" කියලා. ඊට පස්සෙ මට කිව්වා "නෑ එයා මෙතන වැඩ කරන කෙනෙක් තමයි. දැන් දවස් තුනක් තිස්සේ එයා මෙතන වැඩ " කියලා. 

එහෙම කියපු ගමන් මට හරියටම මගේ හිතේ තිබුන කුතුහලය නැතිකරගන්න පුළුවන් උනා. මට මේ සිද්දියෙන් හිතට වැදුන සුන්දරම දේ තමයි, ඒ ගෑනු ළමයට කැෂියර් එකේ ඉන්න ගෑනු ළමයා වෙනසක් නොකර, හිමින් වැඩ කරන එකට පොඩ්ඩක් වත් තරහක් නොගෙන ආදරෙන් කතාබහ කරලා ඉන්න එක. ඒ වගේම වැදගත්ම දේ තමයි, පෘතුගාලයේ තියන ලොකුම සුපිරි වෙළඳ සල් ජාලයක මේ වගේ differently able ළමයෙකුට රැකියාවක් දුන්න ඒ ආයතන ප්‍රධානින්ගේ තියන සුන්දර මනුස්සකම. 
මට මේ දේ මහලොකු දෙයක් විදියට පේනවා ඇත්තෙ සමහර විට මම මෙහෙම දෙයක් දැකපු පලවෙනි අවස්ථාව නිසා වෙන්න ඇති. ඒත් මට මේ දේ ලියන්න හිතුනේ. මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ අසරණ කම් දැනගෙන, හැම කෙනාටම උදව් කරගෙන, සතුටින් සහයෝගයෙන් ඉන්නවනම් මේ ලෝකේ කොච්චර ලස්සන්න වෙයිද. 

අපි අපේ වටේ ඉන්න හැම කෙනාටම එක විදියට හොදින් සලකන්න පුරුදු වෙමු. මේ වගේ සේවා ආයතන වලින් අපිට ඒකට උදාහරණයක්ම දීලා තියනවා.එහෙම උනාම හැමෝටම මේ ලෝකේ පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි.
A day in the life