පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2025-01-06

ඩබල්යූ.ඒ.සිල්වා








සිංහල නවකථාව ජනකාන්ත භාවයට පමුූණුවන ලේඛකයා ඩබල්යූ.ඒ.සිල්වා ය.
ඔහුගේ නවකථා කෙතරම් ජනප්‍රියවීදයත්,
ඒවායේ අළෙවියේ ප්‍රාමාණයෙන්ම පෙනේ.
එමතු නොව මෙම සිදුවීමද ඊට නිදසුනකි.
ව්‍යාපාරික පවුලක සාමාජිකයෙකු වූ සිල්වා දිනක්,
මන්නාරම කරා යාම සඳහා රාත්‍රී දුම්රියට නැඟුනේ
එහි "පළමුවැනි පංතියේ නිදන මැදිරියක්" වෙන්කොට ගෙන ය.
තට්ටු දෙකකින් සමන්විත එම නිදන මැඳිරියේ
පහත ඇඳ සිල්වානන් සඳහා වූ අතර
ඉහළ තට්ටුව වෙන් කොටගෙන තිබුණේ ද
"තරබාරු මුදලාලී" කෙනෙකු විසිනි.
දෙදෙනාතර වැඩි කතා බහක් සිදු නොවින.
දුම්රිය ගමණ ඇරඹීය.
සිල්වා⁣නෝ තමා අදහස් කළ පරිදි නිදන්නට සූදානම් විය.
නමුත් කුටියේ විදුළි පහණ දැල්වේ.!
මුදලාලී පොතක් කියවයි.
නිඳනු බොරු ය.
මඳ වෙලාවක් ඉවසූ සිල්වානෝ
"ඔය ලයිට් එක නිවන් නැත්දැ?"යි ඇසූ හ.
තරමක් තිගැස්සුන මුදලාලී,
"ංආ මහත්තයට ලයිට් එක කරදරයක් නෙඃ.
මට මේ හොඳ පොතක් හම්බ වුණා.
තව ටිකයි"
මුදලාලී පිළිතුරු දුන්නේ ය.
සිල්වානෝ නිහඬ වූහ.
නමුත් වේලාව ගත වේ.
පහණ නිවන ලකුණක් නැත.
මැදියම් රැයද ලං වේ.
සිල්වානන්ට මල පැන්නේ,ය.
"මේ අයිසෙ,වැඩිපුර මුදලක් ගෙවලා
"බර්ත්"එකක් ගත්තෙ පොත් කියවන්ටද?
නිදා ගන්නවා අයිසේ ඔන්න ඔය උලවු පොත වීසිකරලා!" කී ය
"මහත්තයා,මේක උලවු පොතක් නෙවෙයි වීසි කරන්ට.
මේක හොඳ සිංහල නව කතාවක්.
මහත්තයලා ඉංග්‍රීසි ටිකක් කට ගාගෙන
කළිසමක් ඇඳ ගත්තට මේවයේ වටිනාකම දන්නෙ නෑ!"
මුදලාලී පිළිතුරු දුන්නේය.
"මොකක්ද පොතේ නම?" සිල්වා ඇසී ය.
"හිඟන කොල්ලා" මුදලාලී කීය.
නිරුත්තර වූ සිල්වානෝ දෑස පියා ගත් හ.
පසු කලක මේ සිදුවීම අළලා සිල්වානෝ "සිළුමිණ "පත්‍රයට මෙසේ කියයි.
"හිඟන කොල්ලා කියවමින් එදා මා සමඟ දුම්රියෙන් මන්නාරම් ගිය මුදලාලී
මට බැණුම එපමණකින් නොනැවැත්වී ය.
මා කෙරේ උපන් මහත් පිළිකුලෙන් හෙතෙම පොත වසා,බෑගයේ දමා
මට ඇසෙන්නට නොව,
වැඩියෙන්ම තමාට ඇසෙන්නට මෙන්
මොන මොනවාදෝ දොඩවන්නට විය.
නින්දට ගොසිනුත් ඔහුගේ දෙඩවිල්ල නොනැවතුනේ ය.
පසුවදා දුම්රියෙන් බසින විටද,ඔහු මට ප්‍රත්‍යාචාර මුඛයෙනි වචනයක්වත් නොතෙපලා
මහත් නොමනාපයකින් යන්නට ගියේ ය.
ඔහුට මා හඳන්වා දෙන්නට නොලැබුණා ගැන දැනුදු කනගාටු වෙමි.
ඉන් පසු එම මුදලාලී මම අදවන තුරුත් නුදුටුවෙමි.
දැනුදු ඔහු ජීවතුන් අතර වෙතොත්
මෙය කියවන ඔහුට එදා යුක්ති යුක්තව බැණ වැදුනේ
කා හටද යන්න මතක් වනු නිසැක ය"

- කමල් පී අලහකෝන්.
A day in the life

2025-01-05

කටු අතැර මල සිබිමු





 කවියා මිනිස් සිත හා ජීවිතය කියවයි. හේ සොබා දහම විදියි. ඔහු මිනිසා විසින් නිර්මිත භෞතික බුද්ධිමය හා කාව්යමය ලොකය ගවේෂණය කරයි.ඉන්පසු එයින් ඇවසි දේ ඇවසි පමනට ගෙන නැවුම් කවියක් නිමවයි. එබදු නැවුම් කවි පිරුණු පොතකි මේ. “ ……………………මෙසේ කියන්නේ විශ්රමලත් කලාප අධ්යාපන අධ්යක්ෂක පී.ජී. ආරියපාල විද්යාරථියාය . සහෘද හිතැති මානව හිතවාදියාය.
ඔහු පල කල “ කටු අතැර මල සිබිමු “ ඇත්තෙන්ම කටු අතැර මල සිඹීමකි.

ඔහු කටු අතැර මල සිබින්නේ මෙලෙසිනි.

පස් පව් දස අකුසල් ගැන
මෙලෝ හසරකුත් නොදැනම
ලිව්වා බුදු ගුණ ගීයක්
සදහම් සිසිලස බෙදන්න

අමතක කර ඇගෙ ගුණ කද
නිවසෙහි කුටියක සිරකර
ලිව්වා මව් ගුණ ගීයක්
ඇසු දන දෙනුවන් පියවන

වාරු නොමැති කල පියතුම
පිටමන් කර දොරටු වසා
ලිව්වා පිය ගුණ ගීයක්
කරුණා රස උතුරවන්න.

රුව දන බල ගැනම සිතා
කුලගෙට කැදවාගෙන ඈ
ලිව්වා ආදර ගීයක්
පෙම් හැගුමින් උමතුවන්න.

විචාරකයෙකු නොවන මට රසවිදින්න සීමා මායිම් නොමැත.
එහෙයින් නොදන්නා දේ කියා වරිගේ නසා නොගත්තෙමි.
සරසවි ප්රකාශනයක් වන කටු අතැර මල සිබිමු රුපියල් හයසීයයක් මිල කල එවන් දස ගුණයක් වටිනා සාහිත්ය කෘතියකි.
ආරියපාලයන් අතින් තව තවත් මෙවන් රස කෘතීන් බිහිවෙනවා සිකුරුයි.
එය මගේ පැතුමයි. 
A day in the life