පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-12-31

ඇසින් දුටුවත් අතට අල්ලා ගන්නා තුරු










ඇසින් දුටුවත් අතට අල්ලා ගන්නා තුරු විශ්වාස කරන්න එපා කියලා කියමනක් අහලා තියෙනව නේද .එහෙනම් බලන්නකො මේ කතාවත් අහලා
ලංකාවේ පිටිසර ගමක ඉතා දක්ෂ වඩුවෙක් වාසය කෙළේය. ඔහුට ඉතා ලස්සන බිරියක්ද සිටියේය. වඩුවා වඩුකමට කොතරම් දක්ෂ වීද යතහොත් ගම්මානයේ හැම තැනකම ඔහු ගැන ප්රසිද්ධ විය. දක්ෂයකුගේ කීර්තිය ගමකට පළාතකට පමණක් සීමා වන්නක් නොවේ. ඉතා ඉක්මනින්ම ඔහුගේ කීර්ති රාවය රට පුරා පැතිර ගියේය. වඩුවාගේ කීර්තිය රට පුරා පැතිරී යත්ම මනනුවන් බඳනා රූසපුවකින් හෙබි ඔහුගේ භාර්යාවගේ කීර්ති රාවයද රට පුරා පැතිරී ගියේය. ඇයගේ මුහුණ පායන චන්ද්රයා වැනි යැයි මිනිස්සු කීහ. එහෙයින් ඕ 'සඳවතී' යනුවෙන් හඳුන්වනු ලැබුවාය.
රටක රූමතියක සිටින විට එවක රජවරුන්ට කෙසේ හෝ සැලවීම සිරිති. දැන් සඳවතී ගැන රජ්ජුරුවෝ ද දනිති. තම බිරිය කෙරෙහි වඩුවා තුළ පැවැත්තේ ඉමහත් ස්නේහයකි. වඩු භාර්යාවද තම ස්වාමිපුරුෂයාට මහත් සේ ප්රේම කළාය.
.
මෙසේ දෙදෙනා රන්රස ලෙසින් කල් ගෙවන කාලයේදී දිනෙක වඩු ගෙදරට රාජදූතයෙක් පැමිණියේය. වඩුරාල රජ ගෙදරට කැඳවා ගෙන එන ලෙස රජ්ජුරුවන්ගෙන් අණ ලැබුණු බව දූතයා පැවැසීය. වඩු ගෙදර සිට රජ ගෙදරට විශාල දුරකතරක් ගෙවා යා යුතු විය. රජ්ජුරුවන් තමා කැඳවන්නේ තම වඩුකමේ හාස්කම නිසා නොවේ යැයි සිතූ වඩුරාල තලියේ කිඹුලන් දකින එකකු මෙන් තම බිරියගේ සොඳුරු මුහුණ ගැන සිත සිතා දුක් වන්නට විය. 'මා රජමැඳුරට ගිය විට සඳවතීට කුමකින් කුමක් සිදුවේද? ඇයගේ තරුණ සිත කොයි අත කැරකේද?' මේ ඈ දහසක් සිතුවිලි වඩුවාගේ සිතට නැඟිණි. රජු තමා කැඳවන්නේ තම භාර්යාව කෙරෙහි පිළිබඳ සිතක් ඇති කරගෙන යැයි හේ අන්තිමේදී තීරණය කර ගත්තේය. ඒ කොයි හැටි වෙතත් රජ අණ නොයික්මවිය හැකි හෙයින් වඩුරාල තම භාර්යාවගේ සිත සනසා දෙළොස් හැවිරිදි පමණ වූ තම එකම දරුවාද සිප වැලඳ සනසා දූතයා කැටුව රජමාලිගයට යෑමට පිටත් විය. දැන් මෙන් මහාමාර්ග නැති ඒ කාලයෙහි ඒ සා දුරකතරක් ගෙවීම ලේසි පහසු වැඩක් නොවීය. වඩුවාට මාලිගයට පැමිණීමට දින ගණනක් ගත විය.
ඔහුට එය අවුරුදු ගණනක් මෙන් දැනිණි. රජ තෙමේ ඔහු දැක සතුටුව තමාට වුවමනා කර තිබුණු නොයෙක් විසිතුරු සියුම් කැටයම් කර්මාන්ත කරදෙන ලෙස ඔහුට දන්වා සිටියේය. වඩුවා රජුගේ සිත දිනාගනිමින් කැටයම් සියල්ල දක්ෂ ලෙස නිම කෙළේය. මේ වැඩකටයුතු නිම කිරීමට ඔහුට තුන් වසක් ගත විය. තුන් වස වඩුවාට දැනුණේ තුන් කපක් මෙනි. තම සුන්දර බිරියත් ආදරණීය දරුවාත් නොදැක සිටීම අපහසු කාර්යයක් වූ නමුදු රජ අණ නිසා කර්මාන්ත සියල්ල අවසන් කරන තුරු ඉවසිල්ලෙන් කල් ගත කෙළේය.
රජතුමා වඩුවාගේ දර්ශනීය කර්මාන්ත නරඹා බෙහෙවින් සතුටට පත් වූයේ ඔහුට ආමන්ත්රණය කොට 'එම්බා වඩුව, තොප කළ මේ අගනා කර්මාන්තයට මිල මුදලක් වේවයි, අවවාදයක් වේවයි ඕනෑ දෙයක් දීමට මම කැමැත්තෙමි. එහෙයින් තොපට වුවමනා දෙය කියව' යි කීයේය. ඉක්බිති වඩුවා ටික වේලාවක් කල්පනා කොට තමා රජතුමාගෙන් අවවාදය පිළිගැනීමට කැමැති බව දන්වා සිටියේය. රජ්ජුරුවෝ ඊට සතුටට තොපට යහපත් අවවාදයක් දෙමියි 'කනින් ඇසුවත් ඇසින් දුටුවත් අතින් අල්ලා ගන්නා තුරු විශ්වාස නොකරව' යන අවවාදය තල්පතක ලියා දුන්හ. තුන් අවුරුද්දක් වැඩ කොටත් හිස් අතින් ගෙදර යෑමට සිදුවීම ගැන වඩුවාට තරමක කනගාටුවක් ඇති වූ නමුදු හේ එය විඳදරාගෙන ආපසු ගමට යෑමට පිටත් වූයේය. ගමරට ළං වෙත්ම දන්නා හඳුනන බොහෝ දෙනෙක් ඔහුට මුණ ගැසුණහ. තම බිරියගේ විත්ති ඔවුන්ගෙන් ඇසූ විට ඔවුහු නොයෙක් අපූරු කතා ඇද බෑහ.
වඩුවාට තල්පතේ අවවාදය සිහි වී කනින් ඇසූ පමණින් විශ්වාස නොකොට අතට හසු වන තුරුම ඉවසා සිටියේය. ගමට ළඟා වූ පසු ගෙදර ඉසව්වට නොගොස් රෑ වන තුරු කල් බලා සිට මැදියම් රෑ ගොස් නිවෙසෙහි දොරට තට්ටු කෙළේය.
වඩු භාර්යාව මැදියම් රෑ ආ අමුත්තා කවරෙක් දැයි නොදන්නී දොර නාරිමියි කීවාය. දුර ගිය සැමියා තමා යැයි වඩුවා නැවත නැවතත් කියා සිටි නමුත් භාර්යාව එය විශ්වාස නොකොට 'මගේ පුරුෂයා යකුන් ගස් යන මේ මැදියම් වෙලේ කිසි විටෙකත් නොඑති යි එළිවන තුරු දොර නාරින බව' තරයේ කීවාය.
තම භාර්යාවගේ රූසපුව ගැනද තරුණභාවය ගැනද කරුණු මෙනෙහි කළ වඩුවාගේ සිතේ උපන්නේ බලවත් කුහුලකි. හේ සිතුවිලි නමැති පඹගාලෙහි තව තවත් එතෙන්නට වන මෙසේ දස අතේ කල්පනා කරමින් ආලින්දයෙහි මහ රෑ ගත කරන්නට වූ ඔහුට එක් අදහසක් පහළ විය. එනම් ඉණිමගක ආධාරයෙන් වහලට නැඟ පොල්අතු ඉවත් කොට තම බිරියගේ හැසිරීම ගැන විපරම් කොට බැලීමයි. එසේ බැලූ විට තම තරුණ බිරිය තවත් තරුණයකු සමඟ එක යහනේ නිදා සිටි බව ඔහුට දක්නට ලැබිණි. වියරු වැටුණකු මෙන් වහලෙන් බැස දිග රිටක ආයුධයක් බැඳ දෙදෙනාටම ඇනීමට තීරණය කර ගත්තේය. එහෙත් මෙහිදීද ඔහුට 'තල්පතේ අවවාදය' සිහි වී 'ඇසින් දුටුවත් අතට හසු වන තුරු විශ්වාස නොකළ යුතු බව සිතා' ඒ නපුරු අදහස සිතින් දුරු කොටගෙන පහන් වූ විට දෙදෙනා අතින්ම අල්ලා ගනිමියි නිසොල්මන්ව සිටියේය.
ස්වකීය පුත්‍රයා හා සමඟ නිදා සිටි වඩු භාර්යාව උදෑසනින් පිබිදී දොර විවෘත කළාය. වඩුවා ගේ ඇතුළ පරීක්ෂා කොට නිදා සිටි තැනැත්තා තම පුත්‍රයා බව දැන සිදු වන්නට ගිය මහා විපත්තිය කියා සිය බිරිය හා පුතා සිප වැලඳ ගත්තේය. වඩුවාට රජුගේ අවවාදයෙහි 'තල්පතේ අවවාදයෙහි' වටිනාකම තේරුණේ ඉන් පසුය. ඔහු අවවාදය වෙනුවට රජුගෙන් වස්තුව ලබා ගත්තේ නම් ඔහු සහ මුළු පවුලම විනාශ වීමට ඉඩ තිබුණේය. ඔහු නැවතත් රජු වෙත ගොස් සියලු පවත් සැල කර සිටි කල්හි රජතුමා යළිත් ඔහුට අවවාද කොට බොහෝ සම්පත්ද දුන්නේය.
උපුටා ගැනීමකි.
ස්තුතියි මුල්හිමිකාරිත්වයට🙏
A day in the life

2024-12-29

එතකොට මම සියඹලා ගෙනල්ලම නැද්ද...?








මේ කියමන මේ තරමටම ප්රසිද්ධ වෙන්න මේකට ගෙතුණු ගැමි කතාවක් තියෙනවා. ඒ කතාව මෙන්න මෙහෙමයි..
එක්තරා ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. මේ මනුස්සයා එක එක කාළෙට එක එක ජාතියේ වැඩ කරමින් ජීවිකාව ගෙන ගිය කෙනෙක්. මිනිහගේ එක ජීවිකාවක් උනේ කැලේ ගස්වල පැහිලා,ඉදිලා තියෙන සියඹලා කඩලා එකතු කරලා ගෙනල්ලා ගෝනි වලට පුරවලා ගමේ තියෙන එකම කඩේට විකුණන එක.
ඉතිං සියඹලා වාරෙට සෑහෙන සියඹලා ගෝනි ගානක් මේ මනුස්සයා මේ කඩේට විකුණනවා.
ඒත් මේ කඩේ මුදලාලියා ටිකක් කට්ටයා... අර මනුස්සයා පුරවලා ගෙනෙන සියඹලා ගෝනිවල බර මුදලාලි එකින් එක කිරනවා. ඊට පස්සේ ඒ එක් එක් ගෝනියකින් සියඹලා කිලෝ දෙකක් විතර ඒ සියඹලා දාගෙන ආපු ගෝනියේ බරට කියලා හැම ගෝනියකින්ම අඩු කරනවා. අර මනුස්සයත් ඉතිං සද්ද නැතිව මුදලාලිට එකඟ වෙලා සියඹලා ටික දීලා සල්ලි අරගෙන යනවා. සියඹලා යහමින් තියෙන කාලෙට මනුස්සයට ඒ ගැන ගානක් නැති උනත්, සියඹලා හිඟ කාලෙට මේක හරි අසාධාරණයක් බව මේ මනුස්සයට තේරුණත්, කට වහගෙන ඉන්නේ සියඹලා ටික විකුණ ගන්න ගමේ වෙන තැනක් නැති හින්දයි.
සියඹලා අවාරේ කාළේ ඔන්න දවසක් මේ මනුස්සයා ඇවිදලා, ඇවිදලා අමාරුවෙන් සියඹලා ටිකක් ඇහිඳ ගෙන ගෝනියක දාගෙන කඩේට අරගෙන එනවා...
මුදලාලි සියඹලා ටික කිරනවා... කිරපු ගෝනියේ තිබුණු සියඹලා ටික කඩේ ඇතුලේ තැනකින් හලලා හිස් ගෝනිය මේ මනුස්සයට ගෙනත් දෙනවා...
දීලා කඩේ ඇතුලට ගිය මුදලාලි වෙන වැඩක් කර කර ඉන්නවා. මේ මනුස්සයට සල්ලි දෙන පාටක් නෑ... මනුස්සයත් ඉතිං සියඹලා වල සල්ලි දෙනකම් බලාගෙන ඉන්නවා...
මුදලාලිට ගානක්වත් නෑ... මුදලාලි වෙන වැඩක...
බැරිම තැන අර මනුස්සයා මුදලාලිගෙන් සල්ලි ඉල්ලනවා...
" මුදලාලි මගේ සියඹලා වල සල්ලි..?"
" උඹ අද හරි පොඩ්ඩයිනේ ගෙනත් තියෙන්නේ..."
" ඒක තමයි මුදලාලි දැන් අවාරෙනේ... ඇවිදලා ඇවිදලා අමාරුවෙන් ඔය ටික තමයි හොයා ගන්න පුළුවන් උනේ... කොච්චර තිබ්බද මුදලාලි..?"
" කිලෝ දෙකයි..."
" කමක් නෑ මුදලාලි ඒ කිලෝ දෙකේ සල්ලි දෙන්නකෝ..."
" මොන සල්ලිද..? ඒවා ඔක්කොම හරි..."
" ඒ කිව්වේ මුදලාලි..?"
" ඒ කිව්වේ... කිලෝ දෙකයි තිබ්බේ... ඒ කිලෝ දෙක මම ගෝනියේ බරට අඩු කලා... එතකොට ඒකට ඒක හරි... උඹට අද සල්ලි නෑ..."
" ඈ... එහෙම වෙන්නේ කොහොමද..?
ඒ කියන්නේ මුදලාලි..."
" මම අද සියඹලා ගෙනල්ලම නැද්ද...????
මොකක් හරි ලොකු වැඩක්, ව්යාපෘතියක්, කලාත්මක නිර්මාණයක් වගේම දේශපාලන වැඩකදී හෝ වෙනයම් ඕනෙම වැඩකදී මුළ ඉදන්ම කට්ට කාගෙන ශ්රමයෙන්, ධනයෙන් දායකත්වයක් දීලා අන්තිමට ඒ වැඩේ සාර්ථක උනාම ලොක්කන් විසින් බැරිවීමකින් හරි ඕනකමින් හරි අර මුළ ඉදලා බර ඇදපු කෙනෙක්ව සඳහනක්වත් නොකර අමතක කරලා දාපු වෙලාවට ඒ අයට ඒ ගැන කලකිරිලා හැම තැනම කියන කතාවක් තමයි " එතකොට මේ වැඩේට මම සියඹලා ගෙනල්ලම නැද්ද..?" කියලා අහන එක. මේක මේ දවස්වල බහුතර දෙනෙක් අතර ඉතාමත් ප්රසිද්ධ කියමනක් වෙලා තියෙනවා.
ඒ වගේම මේ කතාව මේ දවස්වල ඡන්දයෙන් පස්සේ පැරදුණු මන්ත්රීවරුන් පළතේ ජනතාවගෙන්ද, දිනුවේ නැති උනත් හම්බවෙලා තියෙන ලිස්ට් එකේ මන්ත්රීකමට කෑදරවෙලා එක එකා පොර කනකොට ඒ පක්ෂයේ ඉහළ නිළතල වලින්ද, දිනලත් ඇදපු බර ගානට, කාපු කට්ටට හරියන හොඳ ඇමතිකමක් නොලැබුණු හෝ අඩු ධාරිතාවයකින් යුක්ත රාජ්ය ඇමතිකමක් ලැබුණට පස්සේ නායකයන් නැති තැන්වලින්ද අහන්න ලැබෙන ජනප්රිය කියමනක් වෙලා තියෙනවා...
- ධම්මික සමරතුංග -

A day in the life