පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-12-29

එතකොට මම සියඹලා ගෙනල්ලම නැද්ද...?








මේ කියමන මේ තරමටම ප්රසිද්ධ වෙන්න මේකට ගෙතුණු ගැමි කතාවක් තියෙනවා. ඒ කතාව මෙන්න මෙහෙමයි..
එක්තරා ගමක හිටියා දුප්පත් මනුස්සයෙක්. මේ මනුස්සයා එක එක කාළෙට එක එක ජාතියේ වැඩ කරමින් ජීවිකාව ගෙන ගිය කෙනෙක්. මිනිහගේ එක ජීවිකාවක් උනේ කැලේ ගස්වල පැහිලා,ඉදිලා තියෙන සියඹලා කඩලා එකතු කරලා ගෙනල්ලා ගෝනි වලට පුරවලා ගමේ තියෙන එකම කඩේට විකුණන එක.
ඉතිං සියඹලා වාරෙට සෑහෙන සියඹලා ගෝනි ගානක් මේ මනුස්සයා මේ කඩේට විකුණනවා.
ඒත් මේ කඩේ මුදලාලියා ටිකක් කට්ටයා... අර මනුස්සයා පුරවලා ගෙනෙන සියඹලා ගෝනිවල බර මුදලාලි එකින් එක කිරනවා. ඊට පස්සේ ඒ එක් එක් ගෝනියකින් සියඹලා කිලෝ දෙකක් විතර ඒ සියඹලා දාගෙන ආපු ගෝනියේ බරට කියලා හැම ගෝනියකින්ම අඩු කරනවා. අර මනුස්සයත් ඉතිං සද්ද නැතිව මුදලාලිට එකඟ වෙලා සියඹලා ටික දීලා සල්ලි අරගෙන යනවා. සියඹලා යහමින් තියෙන කාලෙට මනුස්සයට ඒ ගැන ගානක් නැති උනත්, සියඹලා හිඟ කාලෙට මේක හරි අසාධාරණයක් බව මේ මනුස්සයට තේරුණත්, කට වහගෙන ඉන්නේ සියඹලා ටික විකුණ ගන්න ගමේ වෙන තැනක් නැති හින්දයි.
සියඹලා අවාරේ කාළේ ඔන්න දවසක් මේ මනුස්සයා ඇවිදලා, ඇවිදලා අමාරුවෙන් සියඹලා ටිකක් ඇහිඳ ගෙන ගෝනියක දාගෙන කඩේට අරගෙන එනවා...
මුදලාලි සියඹලා ටික කිරනවා... කිරපු ගෝනියේ තිබුණු සියඹලා ටික කඩේ ඇතුලේ තැනකින් හලලා හිස් ගෝනිය මේ මනුස්සයට ගෙනත් දෙනවා...
දීලා කඩේ ඇතුලට ගිය මුදලාලි වෙන වැඩක් කර කර ඉන්නවා. මේ මනුස්සයට සල්ලි දෙන පාටක් නෑ... මනුස්සයත් ඉතිං සියඹලා වල සල්ලි දෙනකම් බලාගෙන ඉන්නවා...
මුදලාලිට ගානක්වත් නෑ... මුදලාලි වෙන වැඩක...
බැරිම තැන අර මනුස්සයා මුදලාලිගෙන් සල්ලි ඉල්ලනවා...
" මුදලාලි මගේ සියඹලා වල සල්ලි..?"
" උඹ අද හරි පොඩ්ඩයිනේ ගෙනත් තියෙන්නේ..."
" ඒක තමයි මුදලාලි දැන් අවාරෙනේ... ඇවිදලා ඇවිදලා අමාරුවෙන් ඔය ටික තමයි හොයා ගන්න පුළුවන් උනේ... කොච්චර තිබ්බද මුදලාලි..?"
" කිලෝ දෙකයි..."
" කමක් නෑ මුදලාලි ඒ කිලෝ දෙකේ සල්ලි දෙන්නකෝ..."
" මොන සල්ලිද..? ඒවා ඔක්කොම හරි..."
" ඒ කිව්වේ මුදලාලි..?"
" ඒ කිව්වේ... කිලෝ දෙකයි තිබ්බේ... ඒ කිලෝ දෙක මම ගෝනියේ බරට අඩු කලා... එතකොට ඒකට ඒක හරි... උඹට අද සල්ලි නෑ..."
" ඈ... එහෙම වෙන්නේ කොහොමද..?
ඒ කියන්නේ මුදලාලි..."
" මම අද සියඹලා ගෙනල්ලම නැද්ද...????
මොකක් හරි ලොකු වැඩක්, ව්යාපෘතියක්, කලාත්මක නිර්මාණයක් වගේම දේශපාලන වැඩකදී හෝ වෙනයම් ඕනෙම වැඩකදී මුළ ඉදන්ම කට්ට කාගෙන ශ්රමයෙන්, ධනයෙන් දායකත්වයක් දීලා අන්තිමට ඒ වැඩේ සාර්ථක උනාම ලොක්කන් විසින් බැරිවීමකින් හරි ඕනකමින් හරි අර මුළ ඉදලා බර ඇදපු කෙනෙක්ව සඳහනක්වත් නොකර අමතක කරලා දාපු වෙලාවට ඒ අයට ඒ ගැන කලකිරිලා හැම තැනම කියන කතාවක් තමයි " එතකොට මේ වැඩේට මම සියඹලා ගෙනල්ලම නැද්ද..?" කියලා අහන එක. මේක මේ දවස්වල බහුතර දෙනෙක් අතර ඉතාමත් ප්රසිද්ධ කියමනක් වෙලා තියෙනවා.
ඒ වගේම මේ කතාව මේ දවස්වල ඡන්දයෙන් පස්සේ පැරදුණු මන්ත්රීවරුන් පළතේ ජනතාවගෙන්ද, දිනුවේ නැති උනත් හම්බවෙලා තියෙන ලිස්ට් එකේ මන්ත්රීකමට කෑදරවෙලා එක එකා පොර කනකොට ඒ පක්ෂයේ ඉහළ නිළතල වලින්ද, දිනලත් ඇදපු බර ගානට, කාපු කට්ටට හරියන හොඳ ඇමතිකමක් නොලැබුණු හෝ අඩු ධාරිතාවයකින් යුක්ත රාජ්ය ඇමතිකමක් ලැබුණට පස්සේ නායකයන් නැති තැන්වලින්ද අහන්න ලැබෙන ජනප්රිය කියමනක් වෙලා තියෙනවා...
- ධම්මික සමරතුංග -

A day in the life

2024-12-28

මිතුරන් අඩු කර ගන්න.







තරුණ ගැහැණු ළමයෙක් වයෝවෘද්ධ කාන්තාවක්ගෙන් මෙසේ ඇසුවාය.

"මට ඇත්තටම ජීවිතයේ මිතුරන් අවශ්යද..?"
මහලු කාන්තාව පිළිතුරු දුන්නේ.
"ඔව්. ජීවිතේ ඇත්තටම හරිම රළුයි. ඔයාගෙ පැත්තෙ කෙනෙක් ඉන්න ඕන ඔයාව විනිශ්චය කරයි කියලා හිතෙන්නේ නැතුව පැය ගණන් කතා කරන්න පුළුවන් කෙනෙක්, ඔයාට අඬන්න පුළුවන් කෙනෙක්, ඔයාට හැඟුම්බර සහයක් දෙන කෙනෙක්. කවුරුවත් නැති වෙලාවට ඔබ වෙනුවෙන් එහි සිටින්න, ඔවුන් සමග හොඳ කාලය බෙදා ගැනීමට සහ දුෂ්කර අවස්ථාවන් ජය ගැනීමට උපකාර කිරීමට."

තරුණ දැරිය මෙසේ ඇසුවාය.

"ව්‍යාජ මිතුරෙකු සතුරෙකුට වඩා භයානක බව ඇත්තද.. ?"
මහලු කාන්තාව පිළිතුරු දුන්නේ.
"ඔව්.ඒ ඔයාව දන්න නිසා, එයාල ඔයාට කාටවත් ලංවෙන්න දෙන්නෙ නෑ. ඒත් ඔයාගෙ විශ්වාසය දිනාගන්න ගමන් බොරු යාළුකමක් මවාපානවා.ඔවුන් ඔයාගෙ දුර්වලතා, රහස්, ඔයාගෙ හීන හොයනවා. එයාලා දන්නවා. කුමන බොත්තම එබිය යුතුද සහ ඔබට පිටුපසින් පිහියෙන් අනින්නේ
කෙසේද කියා"

තරුණ දැරිය මෙසේ ඇසුවාය.
"ව්‍යාජ මිතුරන් වටකර ගැනීමෙන් මා ගැලවෙන්නේ කෙසේද...?"
වයෝවෘද්ධ කාන්තාව මඳ වේලාවක් නතර වී මෙසේ ඇසුවාය.
"කුඩා වත්තක් සහ වනාන්තරයක් අතර, සර්පයන් සහ ගෝනුස්සන් වැඩිපුර සිටින්නේ කොයි එකේද..?"

තරුණ දැරිය පිළිතුරු දුන්නේ:
"වනාන්තරය, නිසැකවම!"

වයෝවෘද්ධ කාන්තාව සිනාසෙමින් මෙසේ පැවසුවාය.
"හොඳයි! ඔබ කුඩා වත්තක් මෙන් ඔබේ මිතුරු කවය කුඩා කර ගත් විට, ඔබට සර්පයන් සහ ගෝනුස්සන් ගැන කරදර වීමට සිදු නොවේ, මීයන් පවා අඩු වේ. ඔබ සමග ගැවසෙන පුද්ගලයින් අඩු වන තරමට ඔබට මුහුණ දීමට සිදුවන කරදර අඩු වනු ඇත.

මම තරුණ වියේදී, මට ඉතා විශාල මිතුරන් පිරිසක් සිටියා. සෑම කෙනෙකුම ඔබව බොහෝ හඳුනන අය විය හැකි නමුත් සැබෑ මිතුරන් සැමවිටම ඔබ ආදරය කරන සහ විශ්වාස කරන කිහිප දෙනෙකු පමණක් අවසානයේ වනු ඇත."


A day in the life