පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-12-17

මරිය මග්දලේනා'






'
මරිය මග්දලේනා ශුද්ධවූ බයිබලය තුළ තවත් කැපී පෙනුණු චරිතයක් විය. එහෙත් ශුද්ධවූ බයිබලයේ පවා ඇයගේ සම්පූර්ණ වතගොත සඳහන් වී තිබුණේ නැත.
ඊශ්රායලයේ, මග්දලා නුවර, ඇය උපත ලැබූ බවත්, තුර්කියේ සෙලන් නගරයේදී ඇය මියගිය බවත්, ඇයට බෙන්, හා ඩේවිස් යනුවෙන් සහෝදරයන් දෙදෙනෙක් සිටි බවත් ඇය ගැන කල ගවේශනයේදී සොයා ගත හැක. මග්දලා නුවර එකළ ප්රසිද්ධ වී තිබුණේ ධීවර කර්මාන්තය ටය. ඇය ගේ පියා සයිරස් නම් තැනැත්තෙක් වූ අතර,මවගේ නම එයුචරින් විය. ඔවුන් වත් පොහොසත් කම් වලින් සැපිරූ ධනවත් පවුලක් විය.
මරියා ට මග්දලේනා කියා නමක් තිබුණේ නැත. ඇය මග්දලා නුවර වෙසෙන නිසා එකී නගරයේ නම ඇයගේ නමට කෙළවරින් එකතු වී මරිය මග්දලේනා කියා බෞතීස්ම වී ඇත .
වත් පොහොසත් කම් ඇති පවුලක ස්ත්රියක් අනාචාරයේ හැසිරීමට ප්රධනතම හේතුව වුයේ, රාගාධීක බව පාලනය කිරීමට ඇති අකමැත්තය. එයට ඇයගේ අසාමාන්ය වූ සුරූපි බවත්, හැඩ කාර සිරුරත් හේතු විය. ඇත්තෙන්ම මරිය මග්දලේනා වෛශ්යාවක් වූයේ නැත. ඇය තම අනාචරයෙන් මුදල් ඉපයූවේ නැත. ඇය උපතින්ම ධනවත් තරුණියක් නිසා, ඇය ජීවිතය සෙල්ලමකට ගෙන, ඇති තරම් විනෝද විය. ඇයට ප්රිය මනාප මිනිසුන් සමඟ යහන් ගත විය. එහී ගානක් මිම්මක් නැත. මේ හෙයින් නගර වාසින් ඇයව සැලකූයේ පව්කාර ස්ත්රියක් ලෙසටය.
ඇය ශුද්ධවූ බයිබලයේ කැපී පෙනෙන චරිතයක් වනුයේ ඇයට ක්රිස්තුස් වහන්සේ මුණ ගැසුණු පසුව ය. ඇයගේ සීමා රහිත නොමනා හැසිරීම තව දුරටත් ඉවසා ගත නොහැකි වු නගර වාසින් ඇයට ගල් ගසා මරා දැමීම සඳහා ඇය පසු පස එළවා එන නිසා ඇය දිව ගොස් නැවතුනේ ක්රිස්තුස් වහන්සේ ගේ පා මුලය.
ක්රිස්තුස් වහන්සේ එම සිදුවීම තේරුම් ගෙන, ඇය පසු පස දිව ආ නගර වාසින් ට කීවේ, පළමු ගල ඇයට ගැසිය යුත්තේ කිසිදු වරදක් නොකෙරූ අයෙක් කියාය. ඇය පසු පස ගල් අතේ තබාගෙන දිව ආ නගර වාසින් අතර, ඇය සමඟ යහන් ගත වූවන්ද සිටියහ. ක්රිස්තුස් වහන්සේ, නිවැරදි කරුට මුල් ගල ගැසීමට කිව් පසු, ඔවුන් සියල්ලම ගල් බිම දමා ආපසු හැරී ගියහ.
එතැන් පටන් ඇය ක්රිස්තුස් වහන්සේ ගැන පැහැදී, එතුමන් පැහැදිලි කරන ධර්මය අවබෝධ කර ගෙන , එතුමන්ගේ අනුගාමිකයෙක් ලෙස එතුමා පසු පස ගියාය.
මරිය මග්දලේනා වැනි අනුරාගීක ස්ත්රියක් ,එවකට තාරුණ්යයේ පසුවන ක්රිස්තුස් වැනි කෙනෙක් වෙනුවෙන් තමා එතෙක් ගෙන ගිය පව්කාර ජීවිතය අත්හැර එතුමා පසු පස යෑම ගැන කෝණ කීපයකින් බැලිය හැක. ඇය සත්ය වශයෙන්ම තම ජීවිතය ගැන කළ කිරුනාද, නොඑසේ නම් තරුණ ක්රිස්තුස් ලඟ ගැවසීමට ප්රිය වුනාද ,එසේත් නැති නම්, ක්රිස්තුස් විසින් තමන්ගෙ ජිවිතය රැක දුන් නිසා, ඊට කෘතඥතාවය පළ කිරීම නිසා එතුමා සමඟ සිටියාද කියා කො⁣තැනකවත් සඳහන් නොවීය. මරියා මග්දලේනා ද, තම ජීවිතයේ සිදු වූ කිසිදු සිදුවීමක් කුමන අයුරකින් හෝ සඳහන් කර තිබුණේ නැත. එහෙයින්, මේ සිදුවීම තුළ වූ විවිධ පැති කඩ, එකල, ඒවා ලේඛන ගත කළ අයගේ උපකල්පනයන් යැයි සිතිය හැක.
තරුණ වියේ පසුවූ ක්රිස්තුස් වහන්සේ ත්, අතීශයින්ම රූමත් අනුරාගීක ස්ත්රියක් වූ මරිය මග්දලේනා අතර, අනුගාමීත්වය ට වඩා එහායින් ගිය සබඳ කමක් තිබූ බවක් ඇතැම් ලේඛනයන් හී සඳහන් වී තිබුණි. ක්රිස්තුස් වහන්සේ වූවද මෙලොවට පැමිණියේ මනුෂ්යයෙකු ලෙසය. එහෙයින් තාරුණ්යයේ පසුවූ ක්රිස්තුස් තුල මනුෂ්ය හැඟීම්, දැනීම්, ඇති නොවෙනවා නොව. මෙය තහවරු කිරීම වස් බයිබලයේ කිසිදු තැනක සඳහන් නොවුනද, ඉන් පිට ලියූ විකල්ප ලේඛනයන් හී, ක්රිස්තුස් හා මරිය මග්දලේනා ගැන ලියවුණේ ඔවුනත⁣රේ ගැඹුරු සබඳතාවයක් ඇතිවූ බවක්ය. ඇතැම් තැන්වල මරිය මග්දලේනා ක්රිස්තුස් වහන්සේගේ බිරිඳ ලෙස ද හුවා දක්වා තිබුණි. නමුත් ඒවා සනාථ කිරීමට නිවැරදී කරුණු ඉදිරිපත් කර තිබුණේ නැත.
ක්රිස්තුස් වහන්සේ ගැන නිර්මාණය වූ දැවැන්ත සිනමා කෘති තුළින් ද, ක්රිස්තුස් හා මරිය මග්දලේනා ගේ සමීප සම්බන්ධය ගැන ⁣නොපෙන්නුවද, එක් දහස් නමසිය හැත්තෑ දශකය තුළ ඇමරිකානු තරුණ නිර්මාණ ශිල්පින් පිරිසක් විසින් නිපදවූ සංගීතමය රොක් ඔපේරා චිත්රපටයක් වූ 'ජීසස් ක්රයිස්ට් සුපර් ස්ටාර්' චිත්රපටයේ නම් ක්රිස්තුස් වහන්සේ හා මරිය මග්දලේනා අතර සමීප සබඳ කමක් තිබූ බවක් මෙන්ම ඔවුන් එකට ජීවත් වූ බවක් පෙන්වා තිබුණි.
මරිය මග්දලේනා ක්රිස්තුස් වහන්සේ හා එක්වීමෙන් එතුමන් හා අපෝස්තුළු වරුන් එක්ව පිහිටුවා ගත් ශුද්ධවූ සභාව, සඳහා ආර්ථීක හා මුල්යමය සහයෝගය දීමට මරිය මග්දලේනාට හැකි වී තිබුණි. බයිබලයේ සඳහන් වී ඇති පරිදි ක්රිස්තුස් වහන්සේ හා එක්වුනු අපෝස්තුළු වරුන්, එසේ එක්වූයේ තමන් කරමින් සිටි රැකියාවන් අත් හැර දමාය. වරක් දෙවරක් ක්රිස්තුස් වහන්සේ තම ප්රාතිහාර්ය තුළින් කෑම දුන්නද, එසේ දිගටම එය සිදුවූයේ නැත. එහෙයින් ඔවුනොවුන්ගේ මූලික අවශ්යතාවය න් ඉෂ්ඨ කරගැන්මට මුදල් අවශ්යය විය. ජෝශප් වැනි වඩුවෙකුගේ පුත්රයෙකු වූ ක්රිස්තුස් ටත් ඒ හැටි මුදලක් තිබුණේ නැත. තම ජීවිකාව සඳහා ක්රිස්තුස් වහන්සේ වෘත්තිය ක් කළ බවක් ශුද්ධවූ බයිබලයේ සඳහන් වෙන්නේ නැත. විටින් විට තම පියා වූ ජෝශප් ගෙ වඩු මඩුවේ ඔහුට අත් උදව් දුන් බව සඳහන් වූවද, ක්රිස්තුස් වහන්සේ අත යහමින් මුදල් ගැවසුණු බවක් නොපෙනුනි. එසේ මුදල් ගැවසෙන්නට ක්රමයක්ද නොතිබුණු. මරිය මග්දලේනා ක්රිස්තුස් වහන්සේටත්, එතුමන් හරහා එතුමන්ගේ ගෝලයන්ටත් මුදල් මය උපකාර කළ බවක් සපත වන්නෙ මෙතැනදී ය.
ක්රිස්තුස් වහන්සේ ගේ මව් තුමිය සමඟ දැඩි සම්බන්ධ තාවයක් මරිය මග්දලේනා ඇති කර ගෙන තිබුණි. එතුමිය ඇයට සලකා ඇත්තේ තම ලේලිය ලෙස යැයි ඇතැම් ලේඛන වල සනිටහන් වී තිබුණි. එහී සත්යතාවය කොතෙක්දයත් නොදනී මුත්, මරිය මග්දලේනා බොහෝ අවස්ථාවල සිටියේ මරිය තුමිය සමඟ මය. ක්රිස්තුස් වහන්සේ කුරුසියේ මිය යන අවස්ථාවේ දීත් කුරුසිය පාමුල මරිය තුමිය සමඟ සිටියේ මරිය මග්දලේනාය. එතැන තවත් ස්ත්රියක් සිට ඇත. ශුද්ධවූ මාර්ක් ලියූ සුවිශේෂ යේ සඳහන් වන්නෙ ඒ ස්ත්රිය සැලෝමි බවය.
ක්රිස්තුස් වහන්සේ කුරුසියේ මිය ගිය බවටත්,එතුමාගේ නිසල සිරුර ගල්ලෙනක තැන්පත් කර ගල්ලෙන් දොර විශාල ගලකින් ආවරණය කෙරු බවට, ඇසින් දුටු ප්රබලම සාක්ෂිය වූයේ මරිය මග්දලේනාය. සාමාන්යයෙන් කුරුසියේ ඇණ ගසන බොහෝ වැරදි කරුවන් කුරුසියේ සිටිද්දීම උකුස්සන් විසින් කා දමනු ලැබේ. ⁣නොඑසේ නම් කුරුසියේ දීම මිය ගිය පසු එය බිමට බා ගත් සැනින් එතනට එන දඩ බල්ලන්ට එකී මිනී ආහාරයක් වනු ඇත. ක්රිස්තුස් වහන්සේගේ නිසල සිරුරට එවන් කිසිඳු දෙයක් සිදු නොවූ බව මරිය මග්දලේනා සාක්ෂි වූ බවක් ද ශු මාර්ක් විසින් ලියා තිබුණි.
එලෙසම දින තුනකට පසු ක්රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී, ගල්දොර හරස් කර, තිබූ ගල ඉවත් කර, ගල්ලෙනෙන් නික්ම ගොස් ඇති බවක්ද, සපත කරනුයේද මරිය මග්දලේනා ය. ඒ, ඇය තුන්වන දිනයේ ක්රිස්තුස් වහන්සේ සිටිනවාදැයි කියා එතුමා තැන්පත් කෙරූ ගල්ලෙනට පැමිණ පසුවය.
ක්රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පසු දින හතලිහක පමණ කාලයක් අජීවීව, හා සජීවීව අපෝස්තුළු වරුන් විටින් විට සම්බන්ධ විය. එතුමා මරිය මග්දලේනා හමුවේ ද කීප විටක් පෙනී සිට ඇත. එලෙසම එතුමාගේ අහස් නැගීම ද, මරිය මග්දලේනා විසින් තම සියැසින් දුටු බව සඳහන් වී ඇත. මේ කරුණු සෘජුවම ශුද්ධවූ මාර්ක්, ශුද්ධවූ ලූක් හෝ ශුද්ධවූ මතායෙස් ගේ සුවිශේෂයන් හී සඳහන් නොවූව ද, තිදෙනාගේම ලේඛන වල මෙයට සමාන සිදුවීම් වෙනත් කෝණ වලින් ලියා තිබුණි.
ක්රිස්තුස් වහන්සේ ගේ අහස් නැගීමෙන් පසු මරිය මග්දලේනා දිගටම මරිය තුමිය සමඟ සිටියාය. ඒ අතරේදී ද ඇය ක්රිස්තුස් වහන්සේ ගේ පණිවිඩය පේදුරු සමඟ එකතු වී ජනතාව අතරට රැගෙන ගියාය.
පසු කලෙක ඇය පේදුරු සමඟ එකට ජීවත් වූ බවක්ද ඇතැම් ලේඛන වල ඉඟි දී තිබුණි. කෙසේ වෙතත්, ඇය අවසන් කාලයේදී වාසය කර ඇත්තේ තුර්කියේ සෙලන් නගරයේය. ඒ කා සමඟ ද කියා සඳහන් වී නැත. නමුත් ඇය මිය ගොස් ඇත්තේ සෙලන් නගරයේදී මය.
1946 දී මැක්සිකොවේ 'මරිය මග්දලේනා' නමින් ඇයගේ පුරාවෘත්තිය ගැන චිත්රපටයක් නිර්මාණය කළ අතර, 1954 දී ආජන්ටිනා සිනමා කරුවන්ද, එම නමින්ම චිත්රපටය ක් නිපදවිය. 'මේරි මග්දලේනා' නම් තවත් චිත්රපටයක්ද, ඇමරිකානු වන් ගේ අතින් 2018 දී නිර්මාණය වූ අතර, ඇමරිකාවේම 2019 දී මරිය මග්දලේනාගේ කථාව ඇතුලත් රුපවාහිනි කථා මාලාවක් නිපදවිය. ඒ හැම නිර්මාණයන් තුළ, ඇයගේ කථාව එකී අධ්යක්ෂක වරුන් ගේ දෘෂ්ටියන්ට අනුව නිර්මාණය වූ අතර, ඒවා එකිනෙකට පරස්පර විය. ඒවා තුළින් ඇයගේ සැබෑ තතු හෙළිවූවාදැයි නම් සැක සහිතය.
පසු කලෙක කතෝලික සභාවට වුවද ප්රශ්නයක් වී තිබුණේ පව්කාර ස්ත්රියක් ව සිටි මරිය මග්දලේනා ව ශුද්ධවන්ත ස්ත්රියක් කරන්නේ කෙසේද කියාය.
-ශෝන් මැක්ස්මස් දිසානායක-
day in the life

2024-12-14

යමු අපි සිරිපාදේ .





බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 20 වැනි සියවසේ මැද භාගයේදී සිරි පා කඳු මුදුන හා ඒ ආශ්‍රිත වනාන්තරය අභය භූමියක්‌ බවට ප්‍රකාශයට පත් කර ඇත. ලෝක උරුමයක් බවට ප්‍රකාශයට පත් ඇති ශ්‍රි පාදස්‌ථානය මාස හයක පමණ නිද්‍රාවෙන් පසුව අද සිට යලිත් ජනාකීර්න බවට පත්ව අවදිවන්නේය. වෙසක් මස පුන් පොහොයෙන් අවසන්වු ශ්‍රි පාද වන්දනාව යලිත් ඇරඹෙන්නේ උදුවප් පොහායෙනි. 2024 වසරේ උදුවප් පෙහොය යෙදී ඇත්තේ දහහතර වෙනිදාය. අද පැල්මඩුල්ල ගල්පොත්තාවෙල කීර්ති ශ්‍රී රාජසිංහ රජමහා විහාරයේ තැන්පත්ව පවතින සුමන සමන් දේව ප්‍රතිමාව සහිත පුරා වස්තු ශ්‍රී පාදයට උත්සවශ්‍රීයෙන් වැඩමවාගෙන යාම සිදු කරනු ලබයි.

ADAMS PEEK ලෙස ඉංග්‍රීසින් හැදුන්වු ශ්‍රි පාද කන්ද මුස්‌ලිම් භක්‌තිකයෝ මහමද්තුමාගේ පා සලකුණ ඇකි ස්ථානය ලෙසටත් හින්දු ආගමිකයන් ශිව දෙවියන් ගේ පාද ලාංඡනය ඇති ස්ථානය ලෙසටත් ක්‍රිස්‌තියානි ආගමිකයෝද, ඔවුන්ගේ ආගමික නායකයකුගේ පා සලකුණක්‌ ඇති ස්ථානය ලෙසටත් සලකනු ලබන අතර බෞද්ධයන්වු අප බුදුරජානන් වහන්සේගේ ශ්‍රි පාද ලාංඡනය සමනල කදු මුදුනේ පිහිටා ඇති බව විශ්වාස කර පූජෝපාහාර දක්වනු ලැබේ.

පුරාතනයේ සිටම බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ පාලනය යටතේ පවතින ශ්‍රි පාද ස්ථානය පසුගිය මාස කිහිපය තුල අවාරයේ වුවද දැඩි කතාබහට පත්වු මාතෘකාවක් විය. කිරිඇල්ලේ නැදුන් විහාරයට අයත්ව තිබු ශ්‍රි පාද අධිපතිත්වය එම විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අපවත්වීම හේතුවෙන් වෙනත් අධිපති ස්වාමීන් වහන්සේගේ නමක් තෝරා ගැණිමට ඡන්දයක් පැවත්වීම මෙයට හේතු විය.
වර්ථමාන  අධිපතිත්‍වය පැල්මඩුල්ල රජ මහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේ පත්වීය.  
අපේ ඉතිහාසයෙහි සාහිත්‍ය ග්‍රන්ථ හා වාර්තාවලින්ද ශ්‍රි පාදස්‌ථානය සම්බන්ධයෙන් අපට හමු වන තොරතුරු අප්‍රමාණය. සැළලිහිණි සන්දේශ කතුවරයාත් හංස සන්දේශ කතුවරයා ත් තම කාව්‍ය ග්‍රන්ථ වල ශ්‍රි පාදස්‌ථානය පීපිබද විස්‌තර ඇතුළත් කොට ඇත්තේ මෙසේය.

සුර රද සමන් සමගින් සුරගන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කැර පුද වදින රැදිමුනි සිරිපා තඹර
සකිසද පෙනේ සමනල ගල නැගනහිර
– සැළලිහිණි සන්දේශය

සමනොල මුහුල සිරිපද ඔබන මගුලට
නිකසල මහ සගන ගෙන වඩින මුනිදුට
පැහරදුල සුනිල් මැණිකෙන් කළ මග ලෙසට
මනදොල පිරෙයි ගග සිරි සර දුටු තොපට
-හංස සන්දේශ

පොලොන්නරු හා දඹදෙණි යුගයන්හි රජ කළ බොහෝ රජවරු ශ්‍රි පාදස්‌ථානය වැඳ පුදා ගැනීමට පැමිණ එහි දියුණුවට ගම් බිම් පවා පූජා කිරීමට ඉදිරිපත් වී ඇත. පොලොන්නරු රාජධානිය පිහිට වූ 1 වැනි විජයබාහු රජතුමා තම ජයග්‍රහණයෙන් පසු ශ්‍රි පාද වන්දනාවේ ගිය බව ඔහුගේ අඹගමුව ශිලා ලිපියෙහි සඳහන් වේ.
ශ්‍රි පාදස්‌ථානයට සංවර්ධනය සඳහා කටයුතු කළ රජුන් අතර මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, කීර්ති ශ්‍රි රාජසිංහ යන රජවරුන්ගේ නම් චූල වංශයේ දැක්‌වේ. වට්‌ට ගාමිණී අභය, ශ්‍රී සංඝබෝධි, මිහිඳු, වික්‍රමබාහු යන රජවරුන් ද ශ්‍රි පාද වන්දනාවේ යෙදුණු බවද සඳහන් වේ.
භාතිය රජු දවස එක්‌තරා මල් උයනක්‌ මුර කරමින් සිටි අත් පා නැති කොටෙකු මල් කැඩීමට ආ සුරඟනන්ගේ ආධාරයෙන්, ශ්‍රි පාදස්‌ථානයට ගිය බවද එතැන් පටන් ශ්‍රි පාද වන්දනා, ජනයා අතර ප්‍රචලිත වූ බවද අපේ ජනප්‍රවාදයන් හි සඳහන් වේ.

ශ්‍රී පාද වන්දනාවේදි භාවිතාවන විශේෂිත පද කිහිපයක්ද වේ. වන්දනාවේ ගෙන යන අඩුම කුඩුම පොදිය කර තබාගෙන යන තරම් බරවුවත් හදුන්වන්නේ “සැහල්ලුව”යනුවෙනි. පලමුවරට වන්දනාවට එක්වන පිරිස “කෝඩු”වන අතර කිහිප වරක් වන්දනාවේ යෙදුන වැඩිහිටියෝ “දඩු කෝඩු ”වෙති.පුංචි එවුන් “කිරි කෝඩු” වෙති.
දශක දෙකකට තුනකට එහා සිරිපා වන්දනාව මෙත් සිතින් ගරු සරුව අනෙක් වන්දනා කරුවන්ගේද සිත සුව සදමින් කල යුතු වන්දනාවක් විය. ගමනේ මහන්සියත් දුෂ්කරබවත් නිවි පහන් වුයේ සිත් සනසන ලද්දේ මෙවැනි ගායනාවන් ගෙනි.

“බුද්ධං සරණේ සිරස දරාගෙන -ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන-ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන”
සිරිපා වැද පුදා ආපසු බහින නඩයක් අතරමගදී හමුවන මලුව වෙත කරුණා කරන නන්නාදුන නඩයකට වුවද ආශිර්වාද කරණුයේ,“වදින්න යන මේ නඩේට -සුමන සමන් දෙවි පිහිටයි” යනුවෙන් ඉතා බැතියෙන් යුතුවය.එවිට නිතැතින්ම “වැදලා බහින මේ නඩේට – බුද්ධං සරණේ සරණයි.” යනුවෙන් පිළිතුරු ආශිර්වාදයක් ද ලැබේ.

“වදින්න යන කිරි කෝඩුට – සුමන සමන් දෙවි පිහිටයි
වැදලා බහින කිරි කෝඩුට – සමන් දෙවිදු කරුණාවයි”

කිරි කෝඩු යනුවෙන් හදුන්වන්නේ පළමුවෙනි වරට සිරිපා කරුණාකරන පුංචි දරුවෙකි.
නඩේ ගුරාගේ අවධානය වෙහෙස මහන්සිය නිමාගැණිම සදහා ලබා ගැණීමට “මෙන්න මෙතන තැනිතලාව – කෝපි බොන්න හොද වෙලාව”යනුවෙන් පණිවිඩයකි.



වේගයෙන් පිය ගැට පෙල නගින තරුන පිරිස් ගාටන වැඩිමහල්ලන්ගෙන් මග ඉඩ ඉල්ලන්නේ“දෙන්න අපට සන්හිදේ – දුන්න අයට පින් පිරේ” යනුවෙනි. අළුත විවාහවු යුවලකට හෝ තරුන යුවලකට කරන සුහද විහිළුවකට පිළිතුරු ලැබෙන්නේ “අපේ බුදුන් – අපි වැදගෙන- ගමට යන්න යනෝ – එන මත්තේදි කෝඩු සමග බුදු පුදයට එනෝ.”………. යනුවෙනි.

“අපේ බුදුන් – අපි වදින්න -පෙරලි පෙරලි -අපි වදින්න
සමන් දෙවිදු පිහිට වෙන්න-නළල තබා- අපි වදින්න
දොහෙතේ නගා -අපි වදින්න-දෙ‍දන නමා -අපි වදින්න
මලුත් පුදා- අපි වදින්න-තෙලුත් පුදා – අපි වදින්න

සුවද පුදා – අපි වදින්න-පහන් පුදා – අපි වදින්න…………….” . දුෂ්කරවු ගමන් මගේ පය ඉක්මන් කරන වේග රිද්මයේ පදමාලා සිරිපා ගමනේ විඩාව නිමා කරයි.



2015 වෙසක් පුන් පෝදිනෙන් සිරිපා සමය අවසන් වන්නට පෙර
…………. දී දි සාදු නාදේ – යමු අපි සිරිපාදේ.



මෙය බෙදාගන්න:
A day in the life