පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-12-13

මම - පුර්විකාවක් .




මම ලොකු පුතා. වැදගත් නොවන චරිතය. හදහන කියන හැටියට කේතු මහා දසාවෙන් අවුරුදු හතරක් ඉදිරියට තියාගෙන ඉපදුන පින්වත් කුමාරයා. ඒ අවුරුදු හතර එවරවෙන්නේ සිකුරා ලබලා. තාත්තයි අම්මයි කියවන කොට හිතෙන්න ඇති කාලා බීලා,ජේත්තුවට ඇදලා, සුව පහසු කාලයක් ඇතුලේ ජීවිතේ නාස්තිකරගන්න ඇති කියලා මේ කාලේ. අධ්‍යාපනයට වඩා වෘත්තියට යොමුවුන අධ්‍යාපනය උසස් පෙලින් නිම කල ඒ කාලය මට අද නම් සංවේගයට කරුනක්. මම ඒ නරක ආදර්ශයට දරුවන් යොමු කරන්න කැමති වුනේ නැහැ. ඒ යුගයත් හැත්තෑවේ දශකයත් වෙනස්. ජීවිතය සමබිමක ගලාගෙන ගිය ,යන ගමනක් නෙමෙයි. රැලි හෙල් බෑවුම් කදු තරණය කරමින් ගිය දුර ගමනක්. දශක හතයි දශම හතකට දැනෙන්නේ විඩාවක්. කළකිරීමකට වඩා කිසිවක් කෙරෙහි ආසාවක් කැමැත්තක් නැති මහත් උදාසීන බවක්. විමුක්තිය නිදහස සොයාගෙන යන්න තියෙන්නේ එක් තැනයි. කියලා හිතෙන පාලුවක්. බෞද්ධයෙක් ලෙස හිතන්නත් කියවන්නත් පටන් ගත්තම , බෞද්ධ සාහිත්‍යය අත්හැර හිතන්න යොමු වුනාම අතීතය අත්හැර වර්මානය ගෙවීම පහසුවක්. තවත් මේ නිසරු කය නඩත්තු කිරීම නොවැදගත් කාර්යයක්. දවසින් දවස අක්‍රීයවන ඉන්ද්‍රීයයන් නොයෙක් ක්‍රම විදිවලින් යථාවත් කරන්න දරන උත්සහාය මට නම් කලකිරවන්නක්. එය පලරහිත කටයුත්තක් කියලා මගේ මනස මට කියවන්න පටන් අරන්…. මට හිතනා තරමින් මගේ වගකීම් වගවීම් බිංදුව වෙලා. මට වගකිම් වගවීම් කරන පිරිසකගේ උත්සහායක මැදිහත්වීමක මම ධන අගයක් බවට පත්වෙලා. මට නික්ම යන්න පුලුවන්නම් . මා නික්ම යනවා නම් ඔවුන්ගේ මැදිහත්වීම් සූන්‍යවී යනවා නේද මගේ මනස කියවන්න පටන් අරන්. මගේ විකාරත් සමග ආයෙත් ඉඩක් ලදොත් හමුවෙමු.


A day in the life

2024-12-12

පී.බී. අල්විස් පෙරේරා



'පීබී' කිවු පමනින්ම සිහිපත් වන්නේ පී.බී .අල්විස් පෙරේරා කවියාය.සාහිත්‍යධරයාය.
එතුමන් 1917 මාර්තු මස කොළඹ කොල්ලුපිටියේ පල්ලිය වත්තේ දී උපත ලැබු පිලදුව බෝයගමගේ අල්විස් පෙරේරා නමින් දෙමව්පියන් විසින් හදුන්වනු ලැබීය.පී.බී.ජෙමිස් පෙරේරා මහතා සහ බෙන්තරආරච්චිගේ පොඩිහාමිනේ මහත්මිය එතුමාගේ
දෙමාපියෝ වූහ. කොල්ලුපිටියේ වැස්ලියන් මෙතෝදිස්ත පාසල සහ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ පාසල. එතුමන් මූලික අධ්‍යාපනය ලැබු පාසල් වන අතර පස්වැනි පන්තියෙන් පාසල් අධ්‍යාපනය අවසන් විය. ඉන්පසු බම්බලපිටියේ වජිරාරාම පුස්තකාලය, කොළඹ කෞතුකාගාර පුස්තකාලය ආදිය පරිහරණය කරමින් ස්වෝත්සාහයෙන් නොවිධිමත්ව අධ්‍යාපන කටයුතු කර ගත්තේය.

පීබී ගේ බිරිද වුයේ පුහුණු ගුරුවරියක හා ප්‍රවීණ කිවිඳියක වූ ඉන්ද්‍රා කුමාරනායක මහත්මියයි. පසුකලෙක කුරුණෑගල වදාකඩ පදිංචි වී "අංගංගල දේදුනු කාව්‍ය විද්‍යාලය " නමින් ආයතනයක්ද දේදුන්න නමින් කවි සඟරාවක්ද පවත්වාගෙන ගියේය. 1942 දී ප්‍රථම කාව්‍ය සංග්‍රහය වූ "උක්දඬු දුන්න" ඔහුගේ සංස්කාරක්වයෙන් පලකරවීය.

පෙරේරා මහතා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය සිංහල සමිතියේ මෙහෙයවීමෙන් 1944 දී පැවැත්වුණු සිංහල පද්‍ය තරගයෙන් මුල් තැන දිනා ගත්තේය. "හෙළදිව" නැමති සතිපතා පත්‍රයේ ප්‍රධාන සංස්කාරක ධූරය දැරීමෙන් සහ "සිංහල ජාතිය" "ස්වදේශ මිත්‍රයා" "ලංකාදීප" "දිනමිණ" ආදී පුවත්පත් සඟරාවලට රචනා සැපයීමෙන් වැදගත් සාහිත්‍ය සේවාවක් ඉටු කළේය.

ඔහු විසින් රචිත සොබාදහම, රන්තලිය, අපේ හටන, වේදනාව, ළමයින්ගේ සුරපුර, මියගිය කිරිල්ලී, සංවාදය, අන්ධ කවියා, බුදුමැදුර, මිණිපාන, දෙව්ලොව ගිය කම්මැලියා, ලුමුම්බා, කේයස්, විමලරත්න කුමාරගම, ජන්ම භූමි, ඉරුණු කොඩිය, අනුර සීනය, සුවඳවිලවුන්, නොගයන ගීතය, වනමාලා, කව්ද ඇවිල්ලා, සුදු මැණිකේ, ගොවි පෙරමුණ, කරදාසි පහන්, නා ගහ යටදී, ජපන් රටේදී ලියවුණු කවි, අලුත් කඳුල, සහ පබළු මිණි අනෙකුත් කාව්‍ය සංග්‍රහයන්ය. "පී.බී අල්විස් පෙරේරා පැදි එකතුව " නමින් සියලු පද්‍ය එක්තැන් කළ කෘතියක පළමු වෙළුම අමර හේවාමද්දුම සහ සරත් විජේසූරිය විසින් 1993 වර්ෂයේදී පළ කරන ලදී.

එතුමා 1966 අගෝස්තු 26 දින අභාවප්‍රාප්ත විය.



මගේ රට |

පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය
පණ ඇති මහා සමුදුර පවුරෙන් ව ටය
හෙල දිවයින මගෙයි මා ඉපදුණ රටය
ලොව අන් සියලු දිවයින් මේකට ය ටය

මහවැලි කැළණි වළවේ කළු යන ගංගා
සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා
බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා
මේවා ගලයි මිණි කැට දිය යට හංගා

උණුසුම සිසිල සහ අතරෙහි සම ගුණය
ඇති අන් රටක් නැත, මගෙ රට ඇති තැ නය
මුව, මී,ගෝණ, ඇත් සේනා යුතු ව නය
පවසන්නේය මට ඇති ජාතික ධ නය

අගනා දුලබ වන මල් ගොමු ඇත බැද්දේ
තුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි ස ද්දේ
මීදුම් පටල පෙර වූ නිල් කඳු මැ ද්දේ
සීතල රිදී දියවැල් පහළට ඇද්දේ

තෝපා, තඹලගම, මිණිපේ, මින්නේරි
මහ වැව් වලින් දියවැල් ඇදෙමින් බේරි
සරු කරවයි කුඹුරු නිල් පැහැයෙන් මේ රි
මගෙ ලක් මෑණියන්දෑ හරි පින් කා රි

අඹ,දුඹ,පේර,වැළ,වරකා, අන්නා සී
රඹුටන්, දිවුල්, බෙලි, මොර තුරු අග රා සී
පලතුරු ඉදී සුවඳින් අමරස පෑ සී
ගෙන දෙන්නේය මගෙ ලක්මව වෙත ආ සී

සැපසේ වැඩුණු නව දලු යුතු තුරු වැල්ය
මී මැසි බමර මිණි මැද වැජඹෙන මල්ය
බැලු බැලු පසින් හැම පැත්තෙන් ගණ නිල්ය
පස් පියුමෙන් පිරී බබලන දිය විල්ය

අව්කණ ගල් වෙහෙර ඇත මහ පිළිම තැණු
සුකිරි වගෙයි පුත්තලමේ මිදුණු ලු ණු
සීගිරි ගලේ සිතුවම් ලොව පුදුම වුණු
ආඩම්බරයි ලෝවා මහ පහයෙ කණු

වළවේ දෙනුන් හට කිරි හැම දිනම එරේ
වන්නියෙ බඳෙන මීවද පැනි බිමට පෙරේ
මුතුපර තිබේ සමුදුර රැළි අතර තුරේ
පොළවේ මැණික් උපදිනවා රත්නපුරේ

රුහුණේ කුඹුරු සරු සාරයි එක හීයයි
මින්නේරියේ ජනපදයයි වෙල් යායයි
රජරට පලාතේ පමණක් වැව් සීයයි
මේවා බලන්නට මෙන් ඉර හඳ පායයි

නටබුන් නගර අනුරාපුර පොළොන්නරු
පේරාදෙණිය, හග්ගල මල් උයන් සරු
දුම්හිඳ වගේ මහ දිය ඇලි කඳින් පරු
මැද මහනුවර දළදා හිමි සඳුන් ගරු

හරියට නියම කාලය තුළ වහින වැසී
නව තඹ පාට වැල්ලක් හැම තැනම දිසී
දිවයින මගේ මුළු ලෝකය කරන ව සී
දණ බිම ඔබා නිතරම නැමදුමට නි සී


A day in the life