පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-11-29

දානයක් සංඝික කිරීමට කොපමණ භික්ෂූන් වහන්සේලා සිටිය යුතු ද?








'දානයක් සංඝික කිරීමට යටත් පිරිසෙයින් උපසම්පන්න භික්ෂූන් වහන්සේලා සතර නමක් සිටිය යුතුය’ යන හැඟීමක් ඇතැමුන්ට ඇත්තේ ය. එය සංඝික කිරීමය යන්නෙහි තේරුම නො දැනීම නිසා ඇති කරගෙන තිබෙන වැරදි හැඟීමෙකි.
සංඝික කිරීම භික්ෂූන්ට අයිති වැඩක් නො වේ. දායකයකු ගේ දානයක් සංඝික කිරීම දායකයා ගේ වැඩකි. ආහාරපානාදි යම්කිසි වස්තුවක් සංඝික කළ හැක්කේ ඒ වස්තුවේ අයිතිකරු විසින් පමණෙකි. අනිකකුට එය නො කළ හැකි ය.
දාන සංඝික කිරීමේ දී “ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දෙම” යන වගන්තිය භික්ෂුවක් විසින් කියවන්නේ සංඝික කිරීමේ දී කියයුතු ඒ වැකිය දායකයන් කියන්නට නො දන්නා නිසා ය. සංඝික වන්නේ භික්ෂුව විසින් ඒ වගන්තිය කියවන නිසා නොව දායකයා විසින් ඒ වස්තුව සංඝයාහට පූජා කරන නිසා ය.
"සංඝික” යන වචනයේ තේරුම, සංඝයා අයත් දෙයය යනුයි. “සංඝයාට අයිති දෙය සංඝිකය” යි කියනු ලැබේ. යම් කිසිවකු විසින් තමාට අයිති වස්තුවක් ඒ වස්තුවෙහි තමාට ඇති අයිතිය අතහැර එහි අයිතිය සංඝයාට පිරිනමනවා නම් එයට සංඝික කිරීමය යි කියනු ලැබේ. සංඝික කරන තැනැත්තා විසින් සංඝයා හැඳින එය කළ යුතු ය. විනය කර්ම කිරීමේ දී සතර නමක් වූ හෝ සතර නමකට වැඩි උපසම්පන්න භික්ෂු පිරිසක් සංඝයා වශයෙන් සලකනු ලැබේ. වස්තුවක් සංඝික කිරීමේ දී සැලකිය යුත්තේ සංඝ රත්නය ය.
සංඝරත්නය යි කියනුයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන් වහන්සේ සමග වැඩහුන් සැරියුත් මුගලන් ආදි මහ රහතන් වහන්සේලා ගේ පටන් අද දක්වා යම් පමණ කුල පුත්යන් මේ ශාසනයෙහි පැවිද්ද ලැබුවා නම් ඒ සැම දෙනා වහන්සේ ය. සාමණේරයෝ ද සංඝරත්නයට ඇතුළත් ය. සංඝික වස්තුවක් බෙදීමේ දී සාමණේරයන්ටත් කොටස දිය යුතු බව විනයෙහි නියම කර ඇත්තේ ඒ නිසා ය. සාමණේරයන් සංඝරත්නයට ඇතුළු නො වන්නේ නම් තථාගතයන් වහන්සේ ඔවුනටත් කොටස දීමට නියම නො කරන්නාහ.
යම්කිසි වස්තුවක් සංඝික කිරීමේ දී ඒ වස්තුව රැස්ව ඉන්නා සංඝයාට දෙමිය කියා හෝ අසවල් විහාරයේ සංඝයාට දෙමිය කියා හෝ අසවල් ගමේ අසවල් පළාතේ සංඝයාට දෙමිය කියා හෝ සංඝයා පරිච්ඡේද කොට ද සංඝික කළ හැකි ය. උසස් සංඝිකය වන්නේ එසේ පිරිසිඳීමක් නො කොට, ලෝකයෙහි ඇතිතාක් සංඝයා හට හිමිවන ලෙස දෙන අපරිච්ඡින්නක සංඝිකය ය. බොහෝ අනුසස් ඇති බව කියන්නේ අපරිච්ඡින්නක මහා සංඝ රත්නයට දීමෙන් ය. අපරිච්ඡින්නක මහා සංඝ රත්නයට දෙන දානය සැරියුත් මුගලන් ආදි ආර්ය්ය සංඝයා සහිත ලෝකයෙහි ඇතිතාක් සංඝයාට පැමිණෙන බැවින් එය මහත් කුශලයක් වන්නේ ය.
සංඝික කිරීමය, සංඝ රත්නයට පූජා කිරීමය යන මේ දෙක ම එක බව විශේෂයෙන් සලකා ගත යුතු ය. මෙයත් සමහරුන් අවුල් කර ගන්නා කරුණෙකි. දාන වස්තුවක් සංඝික කිරීම ඒ වස්තුවෙහි අයිතිකරුට එක් භික්ෂුවක්වත් නැති තැනක දී වුව ද කළ හැකි ය. එක් භික්ෂුවක් ඉදිරිපට දී ද කළ හැකි ය. භික්ෂූන් දෙනමක් තුන් නමක් ඉදිරියේ දී ද කළ හැකි ය. බොහෝ භික්ෂූන් ඉදිරියේ දී ද කළ හැකි ය.
යම්කිසි වස්තුවක් සංඝාරාමයකට ගෙන ගොස් “මේ වස්තුව සංඝරත්නයට පුදමි. සංඝරත්නයට වේවාය” කියා එහි තැබුවහොත් එහි එක භික්ෂුවකුදු ඒ වේලාවෙහි නො සිටියත් එතැන් පටන් ඒ වස්තුව සංඝික වස්තුවක් වේ. සංඝික වීමට ඇති එක ම කාරණය අයිතිකරු විසින් ඔහුගේ අයිතිය සංඝයාට පිරිනැමීම ම ය.
“තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු එකො වස්සං වසි. තත්ථ මනුස්සා සංඝස්ස දෙමාති චීවරානි අදංසු - පෙ - තෙන ඛො පන සමයෙන තයො භික්ෂු රාජගහෙ වස්සං වසන්ති. තත්ථ මනුස්සා සංඝස්ස දෙමාති චීවරානි දෙන්ති”
මහාවග්ගපාලියේ චීවරක්ඛන්ධකයෙහි එක් භික්ෂුවක් විසූ තැනත් භික්ෂූන් තුන් නමක් විසූ තැනත් සංඝයාහට සංඝික වශයෙන් සිවුරු දුන් බව දක්වා තිබේ. තථාගතයන් වහන්සේ ඒවා සංඝික නො වේය යි නො වදාළ සේක. උන් වහන්සේ ඒ එක් භික්ෂුවක් ඉදිරිපිට දී ද භික්ෂූන් තුන් නමක් ඉදිරිපිට දී ද සඟ සතුකොට දුන් සිවුරු ගැන ඒ භික්ෂූන් විසින් පිළිපැදිය යුතු ආකාරය පමණක් වදාළ සේක. එක භික්ෂුවක් දෙනමක් තුන් නමක් ඇති තැන්වල දී සංඝික කළ සිවුරු සංඝික වන්නාක් මෙන් ආහාරපානාදි කිනම් දෙයක් වුවත් සංඝික කළහොත් සංඝික වන බව කිය යුතු ය. එහි සැක කළ යුත්තක් නැත.
දානයක් හෝ අන්කිසි වස්තුවක් හෝ දායකයකු විසින් අසවල් විහාරයේ සංඝයාට ය, අසවල් පළාතේ සංඝයාට ය, අසවල් නිකායේ සංඝයාට ය යනාදීන් සංඝ පරිච්ඡේදයක් කොට දෙන්නට යෙදුනහොත් ඒ දෙය දායකයා ගේ අදහස පරිදි ඒ සංඝයාට පමණක් අයිති ය. එය අන්ය භික්ෂූන්ට අයිති නැත. දානයක් හෝ අන් දෙයක් හෝ සංඝ පරිච්ඡේදයක් නො කොට “සංඝස්ස දෙම” කියා දුනහොත් ඒ දෙය ලෝකයේ වාසය කරන සියලු ම භික්ෂූන්ට වෙනසක් නැතිව අයිති ය.
ධර්ම විනිශ්චය
පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන් වහන්සේ
උපුටා ගැනිමකි
A day in the life

2024-11-28

කැප්පෙට්ටිපොල මහ දිසාව.







..කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන දෙදෙන ඔවුන්ගේම ඉල්ලීම පරිදි (වර්ෂ 1818) නොවැම්බර් මස 25 වනදා අලුයම් වේලෙහි දළදා මාලිගාවට කැඳවාගෙන යන ලද්දෝ ය. කැප්පෙටිපොළගේ ඉල්ලීම සහ ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් උතුමාණන්ගේ අවසරය පරිදි සෝවර්ස් මහතා දළදා මාලිගාවේදී ඔහුට මුණගැසිණි.
භික්ෂූන් වහන්සේ අභිමුඛයෙහි, වැඩහිඳින මාලිගාවේ එළිපත්ත මත දණගසා ගත් නිලමේ තමා භික්ෂූන්ට කළ සේවය, විහාරවලට කළ පුදපූජා වැනි තම ජීවිත කාලය තුළ සිදු කරන ලද පරධාන පින්කම් ද, අනෙක් ධාර්මික කටයුතුද ද විස්තර කළේ ය.
ඊළඟට ඔහු ප්‍රාර්ථනා කළේ එනම් "ඊළඟ ආත්මභාවයේදී හිමාලය පර්වතයෙහි උපදිම්වා, කෙළවර අමා මහ නිවන් දකිම්වා" යන්නයි.
මෙයින් පසු භික්ෂූන් වහන්සේ ඔහු ඇමතූහ. උන්වහන්සේ ආවේග බහුල ස්වරයකින් හා ලීලාවකින් කැප්පෙටිපොළගේ පුණ්ය කිරයා මහත්ඵල මහානිශංසදායක යයි පවසා ආශංසනයකින් සිය දේශනය අවසන් කළහ.
එහි අවසාන වචන මෙසේ ය; "අහසට දැමූ ගල් කැටයක් නැවත පොළොවට පෙරළා එන්නේ යම් සේ ද, එසේම ඔබතුමා කළ පින් මහිමයෙන් ඔබතුමා මීළඟ බුද්ධෝත්පාද කාලයෙහි ඉපිද ඉෂ්ට විපාක ලැබීම ඒකාන්ත ය". නිලමේ සහ භික්ෂූන් වහන්සේ අතර පැවැත්ම සානුකම්පිත හා උදාර විය.
මෙතෙක් දණ ඔබා සිටි නිලමේ නැඟිට සෝවර්ස් මහතා දෙසට හැරී "මගේ අවසන් පින්කමෙන් ලත් පිනෙන් කොටසක් ඔබට අනුමෝදන් කරවමි"යි කියා ඉණේ ඔතා සිටි තුප්පොට්ටිය ගලවා මාලිගාවට පූජා කොට, එය අපිරිසිදු වැරහැල්ලක් නමුත් "මා සන්තක එකම වස්තුව මෙය නිසා එය පිදීමෙන් ලත් පින අඩු නොවේ"යයි සරදම් සහගතව පැවසීය.
ඉනික්බිතිව ඔහු වධකස්ථානයට තමා හා කැටුව එන ලෙස සෝවර්ස් මහතාගෙන් ඉල්ලා සිටි නමුත් ඒ ඉල්ලීම කාරුණික හා විනීත ලෙස පරතික්ෂේප කරන ලදී.... ඉන්පසු කැප්පෙටිපොළ ස්ථීර හා තැන්පත් ලෙස සෝවර්ස් මහතාට අතට අතදී සමුගත්තේ ය.
සිරකරුවෝ දළදා මාලිගාවට සැතපුමක් පමණ ඈතින් බෝගම්බර වැව අසල පිහිටි වධකස්ථානයට කැඳවාගෙන යන ලදී. මෙහිදී වතුර සපයන ලෙස සිරකරුවන් ඉල්ලා සිටින ලදුව එසේ කැරිණි. ආගමික වතාවත් සඳහා සුළු වේලාවක් ඉඩදෙන ලෙස කැප්පෙටිපොළ ආයාචනය කළෙන් එයට අවස්ථාව සලසන ලදී. සිරකරුවෝ මුහුණ හා අත් දෝවනය කළහ.
මෙයනික්බිති කැප්පෙටිපොළ තම හිසකෙස් හිස් මුදුනේ කොණ්ඩයක් කොට බැඳ, කුඩා පඳුරක් ළඟ වාඩිවෙමින් පා ඇඟිලිවලින් අල්ලාගත්තේ ය. ඔහු ඉණේ රෙදිපට අතරින් කුඩා බණපොතක් ගෙන ගාථා කිහිපයක් කියවා එය එහි සිටි ස්වදේශික නිලධාරියකුට දෙමින් බදුල්ලේ සේවය කළ කාලයේදී තමන්ට දැක්වූ මිතරත්වය සහ කාරුණික බව පිළිබඳ කෘතඥ පූර්වක ලකුණක් වශයෙන් එය සෝවර්ස් මහතාට දෙන ලෙස කීය.
කැප්පෙටිපොළ නිලමේ පාලි ගාථා සජ්ඣායනය කරමින් සිටියදී වධකයා තියුණු කඩු පහරක් බෙල්ල පිටිපසට ගැසීය. ඒ මොහොතේදී "අරහං" යන වචනය ඔහුගේ මුවින් පිටවිය. දෙවැනි පහරින් පරාණය නිරුද්ධව මෘත කලේබරය වැටුණේ ය.
ඔහුගේ හිස කඳින් වෙන්කොට උඩරට සිරිතට අනුව ළය මත තබන ලදී....
ඉංග්රීසි පාලනයට එරෙහිව පැනනැඟුණු 'උඩරට මහ කැරැල්ල' සඳහා නායකත්වය ලබාදී, කැරැල්ල බිඳවැටීමෙන් පසුව අත්අඩංගුවට පත්ව යුද්ධාධිකරණය මගින් රාජද්රෝහී වීමේ වරදට මරණ දණ්ඩයට නියම කළ කැප්පෙටිපොළ මහදිසාවේගේ අවසන් දිනය පිළිබඳ මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ මෙම සිදුවීම ඇසින් දුටු වෛද්ය හෙන්රි මාර්ෂල් විසිනි.
බ්රිතාන්ය යුද හමුදාවේ ශල්ය වෛද්යවරයකු ලෙස වර්ෂ 1809 සිට 1821 දක්වා ලංකාවේ සේවය කළ වෛද්ය හෙන්රි මාර්ෂල් රචනා කළ Ceylon: A General Description of the Island and Its Inhabitants කෘතිය පසුව ඇල්ලෙපොළ එච්.ඇම්. සෝමරත්න මහතා විසින් 'සිංහලේ' නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී. ඉහත කොටස එම කෘතියෙන් උපුටාගෙන තිබේ.
මව්බිමේ නිදහස වෙනුවෙන් මොනරවිල රාජපක්ෂ වික්රමසේකර බණ්ඩාරනායක මුදියන්සේ රාලහාමි හෙවත් මොනරවිල කැප්පෙටිපොළ මහදිසාවේ දිවි පුදා වසර 206ක් ගෙවෙන දිනයේ එකී කැපකිරීම පිළිබඳ ගෞරවයෙන් සිහිපත් කරමු.
ඡායාරූපය : වෛද්ය හෙන්රි මාර්ෂල් විසින් ස්කොට්ලන්තයට රැගෙන ගිය කැප්පෙටිපොළ මහදිසාවේගේ හිස් කබල වර්ෂ 1948 නැවත වරක් ලංකාවට රැගෙන ආ අවස්ථාවේ එය ප්රදර්ශනයට තබා තිබූ ආකාරය මෙම ඡායාරූපයෙන් දිස් වේ.
වම්පස ඉදිරියෙන් සිටින්නේ කැප්පෙටිපොළ පවුලේ සිවුවැනි පරම්පරාවට අයත් උපාලි මොනරවිල කැප්පෙටිපොළ මහතා ය.
කැප්පෙටිපොල මහදිසාවේගේ හිස්කබල ඇති මංජුසාවට ඉහළින් තබා තිබෙන හතරැස් මුළු තොප්පිය එතුමා විසින් පැළඳි තොප්පියයි. එතුමාගේ සම්පූර්ණ ඇඳුම් කට්ටලයක් මහනුවර ජාතික කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබේ.
එසේම හිස්කබල සහිත මංජුසාවට පසුබිමෙන් අඩක් පෙනෙන ධජය නම් කැප්පෙටිපොල පවුලේ ධජයයි. මෙම ධජය ද මහනුවර ජාතික කෞතුකාගාරයේ ප්රදර්ශනයට තබා තිබේ.

Hasitha Chamikara Gunasinghe

A day in the life