පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-11-26

කැළණි රජ මහා විහාරය









කැළණි රජ මහා විහාරය නිතර කතා බහට ලක් වෙන්නේ දේශපාලන වේදිකාවේ හාස්‍යමත් සිද්ධියක් සිහිපත් කිරීමටය. හදිසියේ මතුවු නාගයෙක් පෑ ප්‍රාතිහාර්ය අවුරුදු ගණණාවක් ගෙවී ගියත් අදත් ජනතාවට මතකය.
නාගයෝ මනුෂ්‍ය ගෝත්‍රයක් බව අමතකය.
කැළණියේ රජකල මණිඅක්ඛිත නා රජුගේ ආරධණයෙන් පන්සියයක් මහ රහතුන් වහන්සේලා සමග ගෞතම බුදුන් වහන්සේ කැළණියට වැඩම කලේය. මණිඅක්ඛිත නා රජුට සහ පිරිසට ධර්ම දේශණා කලේය.
බුදුන්වහන්සේ වැඩ සිටි ආසනය නිදන් කොට මණි අක්ඛිත නා රජු කුඩා චෛත්‍යයක් ඉදිකර  සිහිවටනයක් පුජණිය ස්ථානයක් බවට කැළණි පුද බිම පත් කලේය.
ක්‍රි. පූර්ව තුන්වන සියවසේදී කැළණියේ රාජ්‍යත්වයට පත් යඨාලතිස්ස කුමාරයා විසින් මෙම චෛත්‍යය සැට රියනක් උස් කොට ප්‍රතිනිර්මාණය කලේය.
ක්‍රි.ව 1187 සිට 1196 දක්වා පොලොන්නරුවේ රජ කල නිශ්ශංකමල්ල රජු කැළනි විහාරය ප්‍රතිසංස්කරණය කළ බව පොලොන්නරුව ගල් පොත සෙල් ලිපියේ සදහන්ය.
ක්‍රි.ව 1213 දී ලංකාව ආක්‍රමණය කල කාලිංග මාඝ විසින් විහාරය , චෛත්‍යය කඩා විනාශ කර කොල්ල කෑවේය.
කාලිංඝ මාඝ ආක්‍රමණයෙන් රට මුදවා ගත් තුන්වන විජය බා රජු ක්‍රි.ව 1232 දී කැළණි වෙහෙර ප්‍රතිසංස්කරණය කර රන් කොතක් පැලදු බව වංශ කතාවල සදහන්ය.
ක්‍රි.ව 1505 දී පෘතුගීසීන් ක්‍රි.ව 1882 දී ලන්දේසීන් විසින්ද වරන් වර කැළණි විහාරය විනාශ කලද එම වකවානුතුල රජ කල සිංහල නරපතීන් කැළණි විහාරය ප්‍රතිසංස්කරණය කර ඇත.
කෝට්ටේ රාජ්‍යත්වයට පත් රජවරුන්ගේ භක්තියාදරයට පත් කැළණි විහාරයෙහි 1509 වසරේදී ධර්ම පරාක්‍රමබාහු රජු විසින් පිරිටුවන ලද සෙල් ලිපිය පෘතුගීසීන් විසින් කැබලි අටකට කඩා දැමු අතර නැවත ප්‍රතිසංස්කරණය කර විහාර භූමියේ තැන්පත් කර ඇත.විදේශීය ආක්‍රමණ නිසා නිහඩ භූමයක් බවට පත්වු කැළණි පුද බිම උඩරට රාජධාණියේ රාජ්‍යත්වයට පත්වු ( ක්‍රි.ව 1747 - 1782 ) කිර්තී ශ්‍රී රාජසිංහ සමයේ නැවතත් නවෝදයක් උදාවන්නේය.
වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන්ගේ මාර්ගොපදේශයන් යටතේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් කැළණි රජ මහා විහාරය වැඩි දියුණු කල බව ක්‍රි.ව.1779 දී පිහිටුවන් ලද කැළණි විහාර සෙල් ලිපියේ සදහන්ය.
කැළණි රජ මහා විහාරයේ වර්තමාන පුනරුදය ඇරඹෙන්නේ ක්‍රි.ව 1888 වර්ෂයේදීය.
1888 වර්ෂයේ හෙලේනා විජයවර්ධණ ළමාතැනිය විසින් බුදු මැදුරු බිමෙහි ගල් ඇතිරීමෙන් සහ 1927 දී බව බුදු මැදුර සදහා මුල් ගල් තැබීමෙන් ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වර්තමානයේ දකින කැළනි විහාරයේ සිත් පහන් කරන පරිසරයට දායක වී ඇත.


A day in the life

2024-11-24

නිදහස් වෙළද පල.









නිදහස් වෙළඳපල වෙනුවෙන් කතා කරන නව ලිබරල්වාදීන් කියන දෙයක් තමයි, රජය ආර්ථික කටයුතු වලට නැතිනම් වෙළඳපලට මැදිහත් නොවිය යුතුයි කියන කාරනාව වගේම වෙළඳපලට රිසිසේ ක්රියාත්මක වීමට ඉඩ දිය යුතුයි කියන කාරණය. අපි ගත්තොත් Advocata වගේ think tanks, ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ශ්රී ලංකාවේ ක්රියාත්මක කිරීමට උත්සහ කරන්නේ මේ කියන ආර්ථික ප්රතිපත්තිය. බැලූ බැල්මට කෙනෙක්ට පෙනෙන්න පුළුවන් මේක නිරවද්ය තර්කයක් විදිහට. නමුත් නිදහස් වෙළදාම කියල දෙයක් පවතින ලෝකයේ හෝ අතීතයේ පැවතියේ නැහැ කියන කාරණය, "හා ජූන් චැන්ග්" කියන ආර්ථික විද්යාඥයා හොදින් පැහැදිළි කරනවා. ඔහු කියන විදිහට ඊනියා නිදහස් වෙළඳපොළකට යටින් පවතින නීති රෙගුලාසි මොනවද කියන දේ දකින්න අපි අපොහොසත් වෙනවා නැතිනම් හිතා මතාම අපි ඒක නොසලකා හරිනවා.
1819දී එංගලන්තයේදී නීතියක් සම්මත කරනවා. මේ නීතිය තමයි, එකල පැවති කපු කර්මාන්තශාලාවල අවුරුදු නවයට අඩු දරුවන්ට වැඩ කිරීම තහනම් කිරීමත් වයස අවුරුදු දහයත් දහසයත් අතර දරුවන්ගේ වැඩ කාලය පැය දොළහකට සීමා කිරීම. නමුත් ඒ කාලයේ හිටපු ලිබරල්වාදීන් දැඩි ලෙස මේ නීතියට විරුද්ධ වෙනවා, මොකද මේ නීතිය නිදහස් වෙළඳපල කියන සංකල්පයට විරුද්ධව යාමක් කියලා. ඔවුන් නගපු තර්කය තමයි, යම් පාර්ශවයකට ශ්රමය විකිණීමට අවශ්යතාවයක් පවතිනවානම් (කුඩා දරුවන්ට) සහ අනිත් පාර්ශවයට ශ්රමය ලබාගැනීමට අවශ්යතාවයක් පවතිනවානම් (කපු කර්මාන්තශාලා හිමියන්ට), එයට රජය මැදිහත් නොවිය යුතුයි කියන කාරනය. නමුත් අද වෙනකොට අන්ත දක්ෂිණාංශික නව ලිබරල්දිවායෙක් වත් නොකියන දෙයක් තමයි ළමා ශ්රමය පැවතිය යුතුයි කියන එක. ඒ කියන්නේ නිදහස් වෙළඳපලේ මේ කියන තහනම දකින්න අද ඉන්න නව ලිබරල්වාදීන් අපොහොසත් වෙනවා, නැතිනම් හිතාමතාම නොසලකා හරිනවා. මේකෙන් අදහස් වෙන්නේ free market නැත්තන් නිදහස් වෙළඳපල යන්න subjective කියන එක. ඒ කියන්නේ නිදහස් වෙළඳපල interpretation එක අනුව වෙනස් වෙනවා කියන කාරණය.
මේක තවදුරටත් විස්තර කළොත්,රජය පරිසර දුෂණය අවම කිරීම සඳහා වෙළඳපොලේ පවතින රථ වාහන වලට නීති රෙගුලාසි පැනවීමට වසර කිහිපයකට පෙර මැදිහත් වෙනවා. මේ මැදිහත්වීමට ඒ කාලයේ නවලිබරල් වාදීන් නැගු තර්කයක් තමයි, පරිසරය දුෂණය වුවත් යමෙකුට ඒ කියන වාහනය පාවිච්චි කිරීමට අවශ්යනම් සහ රථවාහන කර්මාන්තශාලාවට ඒ හරහා ලාභයක් ලැබෙනවානම්, රජය එයට මැදිහත් නොවිය යුතු බවත් ඒක නිදහස් වෙළඳපොල කියන සංකල්පයට පටහැනියි කියන කාරණය. නමුත් වසර කිහිපයක් ගතවෙනකොට අද සිටින නවලිබරල්වාදීන් මේ කියන නීති රෙගුලාසි දැකීමට අපොහොසත් වුවත් ඊනියා නිදහස් වෙළඳපොලේ මේ කියන රජය විසින් පැනවූ රෙගුලාසි පවතිනවා.
කුඩා කාලයේදී චීන කුන්ග්ෆු කතාවල සිටින බොහෝ සටන්කාමින්ගේ කතා බැලීමට අපි බොහෝ සෙයින් කැමතියි. නමුත් කාලයක් ගතවෙත්ම ඒවායේ සටන් ජවනිකා රගපෑම් බව අප ඉගෙනගන්නවා. නිදහස් වෙළදපොලත් එවැනිම වූ කාරණයකි. නිදහස් වෙළඳපොළක් තුළ දේවල් වෙළඳාම් කිරීමට කිසිදු තහංචියක් නැතැයි සිතුනත් බොහෝ තහංචි ඇති බව අපට දැනගැනීමට පුලුවන්. උදාහරණයක් විදිහට සර්වජන ජන්ද බලය, රජයේ රැකියා, නීතිමය තීරණ, බොහෝ රටවල අවි ආයුධ වෙළඳාම් කිරීමට නොහැකිය. ඒ වගේම වෛද්යවරුන්ට, ඉංජිනේරුවන්ට බලපත්ර තිබීමත් අනිවාර්යය කරුණක් වගේම බොහෝ රටවල් බැංකු ස්ථාපනය කිරීම සඳහා යම් ප්රමාණයක ප්රාග්ධනයක් තිබීමත් අනිවාර්යය රෙගුලාසියක්. නමුත් මෙවැනි නීතිමය රෙගුලාසි අපි හිතාමතාම නොසලකා හරිනවා. නියාමනය නොමැතිකම හේතුවෙන් 2008 ගෝලීය අවපාතයට හේතු වූ කොටස් වෙළඳපොලේ පවා වෙළඳාම් කළ හැක්කේ කාටද යන්න පිළිබඳ නීති තියෙනවා. සමාගම් තම කොටස් වෙළඳාම සඳහා ඉදිරිපත් කිරීමට පෙර නිශ්චිත කාලයක් සඳහා දැඩි විගණන ප්රමිතීන් සපුරාලිය යුතුයි. ඒ වගේම කොටස් වෙළඳාම් කිරීමට අවසර ඇත්තේ බලපත්රලාභී තැරැව්කරුවන් සහ වෙළඳුන්ට පමණයි. මේ සියලු නීති රෙගුලාසි නිදහස් වෙළඳපොළක් කියන සංකල්පයට පටහැනි කාරණා.
ධනවත් රටවල මිනිසුන්ට ගෙවන මුදල ප්රධාන වශයෙන් තීරණය වෙන්නේ අවම වැටුප් කියන නීති මත නොව ආගමන පාලනය මගින්. ඒක තවදුරටත් පැහැදිලි කලොත් රටකට ඇතුළු වීමට අවසර දී ඇති උපරිම සංක්රමණිකයන් සංඛ්යාව තීරණය කරන්නේ නිදහස් වෙළඳපොල විසින් නොවෙයි, එහි ප්රතිඵලයක් ලෙස ස්වදේශික කම්කරුවන් වෙනුවට ලාභදායී, වඩා ඵලදායී සංක්රමණිකයන් විසින් ප්රතිස්ථාපනය වෙනවා. ඒ වෙනුවට ආගමනය බොහෝ දුරට තීරණය වන්නේ දේශපාලනය මගිනි. මෙයින් අදහස් කරන්නේ රජය නිදහස් වෙළඳපොල ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරන අතර අපගේ සියලුම වැටුප් අවසානයේ දේශපාලන තීරණ මත තීරණය වන බවයි.
2008 මූල්ය අර්බුදයෙන් පසු, නොකඩවා පොලී අනුපාත අඩු කිරීම හේතුවෙන් බොහෝ රටවල ණය මිල විය. මෙය සිදු වූයේ මිනිසුන්ට හදිසියේ ණය අවශ්ය වූ නිසා නොව, පොලී අනුපාත අඩු කිරීමෙන් ඉල්ලුම ඉහළ නැංවීමට ගත් දේශපාලන තීරණ නිසායි. සාමාන්ය කාලවලදී පවා, බොහෝ රටවල මහ බැංකුව විසින් පොලී අනුපාත නියම කරනු ලබනවා, එයින් අදහස් කරන්නේ දේශපාලනය විශාල කාර්යභාරයක් ඉටු කරන බවයි. ඉතින් පොලී අනුපාත තීරණය වෙන්නෙත් දේශපාලනය විසින්.
සමහර අවස්ථාවලදී රෙගුලාසි නරක දෙයක් ලෙස පෙනෙන්නේ අප ඒවායේ වටිනාකම් සමඟ එකඟ නොවන විටය. නිදසුනක් වශයෙන්, අතීතයේ දී, එක්සත් ජනපද රජය ඉහළ තීරුබදු සමඟ නිදහස් වෙළඳාමට සීමා පැනවූ අතර, මෙය වහල් හිමියන් කෝපයට පත් කළේ මිනිසුන් වෙනත් ඕනෑම දෙයක් මෙන් වෙළඳාම් කළ හැකි යැයි ඔවුන් සිතූ බැවිනි. වහල් වෙළඳාම තහනම් කිරීම ගැටලුවක් ලෙස ඔවුන් දුටුවේ මිනිසුන් අයිති කර ගැනීම වැරදි යැයි ඔවුන් විශ්වාස නොකළ බැවිනි.
ආර්ථික විද්යාඥයන් යම් යම් රෙගුලාසිවලට එරෙහිව තර්ක කරන විට එය වෙළඳපලක "නිදහස" සීමා කරනු ඇතැයි විශ්වාස කරන නිසා, ඔවුන් ඇත්තටම කරන්නේ ඔවුන්ගේ දේශපාලන මතය ප්රකාශ කිරීම පමණි. ඔවුන්ගේ මතය objective ආර්ථික සත්යයක් මත පදනම් වූවක් බව ඔවුන් මවාපාමින් සිටින නමුත් එය සැබවින්ම ඔවුන්ගේම දේශපාලන මතයක් පමණි. ධනවාදය සත්ය වශයෙන්ම තේරුම් ගැනීමට නම් වාස්තවික වෙළඳපොළක් නොමැති බවත් එය හැඩගැස්වීමේදී දේශපාලනය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවත් අප හඳුනා ගත යුතුයි.
2008 දී එක්සත් ජනපද රජය Fannie Mae සහ Freddie Mac ඇතුළු මුල්ය සමාගම් වලට ඩොලර් බිලියන 200 ක් ලබා දුන් අතර මූල්ය පද්ධතිය අර්බුදකාරී වූ නිසා ඔවුන් පාලනය කර ගත්තේය. ජිම් බන්නින් නම් රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙකු මෙම ක්රියාව විවේචනය කළ අතර එය ප්රංශය වැනි සමාජවාදී ප්රතිපත්ති ඇති රටක පමණක් සිදුවන දෙයක් බව පැවසීය. 2008 සැප්තැම්බර් 19 වන දින, ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් TARP නම් සැලැස්මක් ප්රකාශයට පත් කරන ලද අතර, එක්සත් ජනපද මූල්ය පද්ධතියේ ගැටළු ඇති කරන "toxic assets" මිලදී ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ මුදල් අවම වශයෙන් ඩොලර් බිලියන 700ක් භාවිතා කර ඇත. මූල්ය ක්රමය අවුල් සහගත තත්ත්වයක පැවති අතර විශාල ආර්ථික අර්බුදයක අවදානමක් පවතින බැවින් මෙම ක්රියාමාර්ගය ගෙන ඇත. බදු ගෙවන්නන්ගේ මුදලින් troubled assets මිලට ගැනීමේ ආන්ඩුවේ සැලැස්ම සමාජවාදී නොව ඒ වෙනුවට වෙලඳපොලට මැදිහත්වීම අත්යවශ්ය බව ජනාධිපති බුෂ් විශ්වාස කලේය. ඇමරිකානු නිදහස් ව්යවසාය ක්රමය විශ්වාස කරන්නේ රජය මැදිහත් විය යුත්තේ අවශ්ය අවස්ථාවලදී පමණක් බවත් ඔහුගේ අදහසට අනුව මෙම තත්ත්වය තුළ මූල්ය අංශයෙන් විශාල කොටසක් ජනසතු කිරීම අවශ්ය වූ බවත් ඔහු තර්ක කළේය. එය ඇත්ත වශයෙන්ම පෙන්නුම් කරන්නේ සම්පූර්ණයෙන්ම නිදහස් වෙළඳපොල පිළිබඳ අදහස යථාර්ථවාදී නොවන බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් රජයේ කාර්යභාරය විද්යාත්මක කරුණකට වඩා දේශපාලන මතයක් බවත් ය.
නිදහස් වෙළඳපල බලකොටුවක් සේ සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේද ආර්ථිකයට රජය ඉහතකී ලෙස මැදිහත්වන අතර, ශ්රී ලංකාවේ වෙසෙන නවලිබරල්වාදී ඔස්තාර්ලා මේ කිසි දෙයක් නොදන්නා අතර ඔවුන් නිදහස් වෙළඳපල පිළිබඳව ගුණ ගායනා කරයි. ඒ නිසා Advocata වැනි think tanks වගේම, රනිල් වික්රමසිංහ සිදු කරන්නේ දේශපාලනයක් මිස ආර්ථික සත්යයක් යැයි සිතීමෙන් අප වැළකිය යුතු යි.
මහාචාර්ය හා ජූන් චෑන්ග් ගේ "23 things they don't tell you about Capitalism" කෘතිය ඇසුරෙනි.
- මිගාර රත්නායක


A day in the life