පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-07-07

ජුලි හතයි........










 

අද  ජුලි හතයි........

1976 වෙන්න ඕන.

ජුලි හත්වෙනිදා මම හිටියේ බොරැල්ල රිමාන්ඩ් බණ්ධනාගාරයේ.......

බාන්ඩාගාරයේ ඒහෙම නෙමෙයි.

අදට අවුරුදු  හතලිස් අටකට ඉස්සෙල්ලා මගේ වයස අවුරුදූ විසි අටයි.

තරුන ජවය ..............

වටේම හිටියා දහයක් පහලොවක්  තරුන පිරිසක්. ඕ්න ඒහෙකට ලෑස්තියි. ඒකාවන්ව. මේ ඔක්කොම අද නෑ. ඉන්න අයත් වගකීම් සහිත රහිත විශ්රාමිකයෝ.

අනෙක් අය භව ගමනේ යෙදිලා.

ඒ කාලේ ග්‍රාමවාසී වැඩිහිටියන්ට අපි නාහෙට අහන්නේ නැති කොල්ලෝ ටිකක් !

වැඩිහිටියන් නොහදුන ඒකමුතූවක් අපිට තිබුනා.

දෙසැම්බර් 31 වෙනිදාට කාලා බීලා සිංදු කියලා ජනවාරි පලවෙනිදා පිලිගත්තා කතෝලික සහෝදරයොත් ඒක්ක.

සිංහල අවුරුද්ද අති උත්කර්සව සැමරවා . බයිසිකල් රේස් අවුරුද්දේ දවස පුරාම ගම් මැද්දේ උත්සවයක් මේවට ගමේ ඔක්කොම ඒකතු වුනා.වෙසක් ඒකට ගමම සැරසිලි කලා පොසොන් ඒකට කැරොල් පන්නයේ භක්ති ගීත කිව්වා.මේවාට වියදම් කරන්න දානපතියොත් හිටියා. අපි කරන්නේ පොතත් අරන් පාරට බහින ඒක.

සල්ලි ඒකතුවුනා. අවුරුද්දට ඒකතු කරපු සල්ලි පොසොන් ඒකටත් වියදම් කරන්න සමහර අවුරුදු වල ඉතිරි වුනා. පන්සලේ චෛත්යය හුණු පිරියම් කරලා සුදු පාට කලා පොසොන් පෝයට කලින්. පුංචි පුංචි නාට්‍යය ගෙන්වාගෙන ගමේ පෙන්නුවා.

අදත් ඒ් ගම තියෙනවා. තරුන ජවය නැහැ. කීයක් හරි හම්බකරගෙන වයින් ස්ටෝර්ස් ඒකට දියකරලා., දවස කෙලවර කරගන්න තනිවූන පිරිසකූයි මම දකින්නේ.

හොදට නරකට දෙකටම හිටිය මේකොළු නඩේ මුහුන දුන්න නරක යයි කියාපු වැඩක් නිසා මම ගිය ටුවර් ඒකක් තමයි අද සමරන්නේ !!.

අපේ පදිංචියේ ඉදන් ග්‍රාමීය රෝහලට යන්න බස් ගාස්තුව ශත තිහයි. එදා මගේ නංගියෙකුට බෙහෙත් ගන්න මේ රෝහලට ගිහින් ආපහු එනවා. බස් ගාස්තුව ශත හැට කොන්දොස්තර මහත්තයාට දීලා බස් එකට නැග්ගා. ටිකට් දෙක ඉල්ලපුවම මම මුදල් ගෙව්වේ නෑ කියලා කොන්දොස්තර මහහත්තයා කියනවා. ඔන්න ඕකයි අරගලේට මුල.

මටත් හරි ලැජ්ජයි. මට වඩා අපේ තාත්තට සමාජ තත්වයක් ගෞරවයක්තිබුනා. ඒ තාත්තගේ පුතා බස් එකේ හොරට යයි ද ? බස් එකේ හිටපු මගීන් සියල්ලම පාහේ දන්න අදුුරන අය.

ඉතින් ඔය ලජ්ජාව ගින්නක් බවට පත්වුනා.

බස් එක නයිට් පාක් කරන්නේ අපේ අඩවියේ .

අපිට පුරුද්දක් තිබුනා  අපේ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉස්සරහ පේව්න්මන්ට් එකේ කල්ලි දාගෙන පේලියයට වාඩි දා ගෙන ඕපා දූප කතා කර කර හවස ගෙවා දාන.

එදා මාතෘකාව උනේ බස් එකේදී මට වුන සිද්ධිය.  

 මේ ගොඩනැගිල්ල ඉස්සරහ බස් හෝල්ට් එකක් තිබුනා.

මගේ උදේ වීරවරයා බස් එක නයිට් පාක් කරලා , එදාට වැඩ වරලා ගදර යන්න බස් හොල්ට් එකට ආවා.

අපේ පේව්මන්ට් සාමාජිකයෝ දහයක් දොළහක් ඉන්න ඇති. සිද්ධියේ ප්‍රවෘත්තිය නිසා රබානත් හොදට රත් වෙලා.

මූද චන්ඩියා ........?

ගහමුද ......?

ගැහුවා. මාර කාලගෝට්ටියයි.     කොන්දොස්තර මහත්තයා තුවාලත් කරගෙන ජීවිත ආරක්ෂාවට පසු බැස්සා.

එවෙලේ ආවේගෙට වැඩට බැස්සට ටිකක් වෙලා යන කොට මාර  බයක්  දැනෙන්න පටන් ගත්තා.

එන ආරංච් හොද නෑ. පොලිසිය මැර පිරිසක් හොයනවා. කොන්දොස්තර මහත්තෙකුට  පහර දීලා ටිකට් පොතයි, මුදලුයි පැහැරගෙන , තුවාල සිදුකරලා. කොන්දොස්තර මහත්තයා රෝහලේ.........

තාමත් මැර පිරිස  අඩංගුවට අරගෙන නැහැ.....

ලංගම ඩිපෝව වැඩ වර්ජනයක් පටන් අරගෙන......

තුන්වෙනි දවස ........දිස්ත්‍රික් ප්‍රධාන ඩිපෝවත් වැඩ වර්ජණයට එකතු වෙනවා....

මාව පොලිසියේ ටාගට් එක..........

අන්තිමට මම පොලිසියට බාර වුනා. වැඩ වර්ජණය නිමා වුනා. ඒ දවස සිකුරාදාවක් ඇප ගන්න බැහැ.එදා පොලිස් කූඩුවේ  පහුවදා බන්ධනාගාර රැදවුමක, ඉරිදා බොරැල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ . ඒ රවුම ආපහු ඇවිත් අගහරුවාදා අධිකරණයට. 

අධිකරණයෙන් ඇප..........!.

1976 ජුලි කියන්නේ,  රට මැතිවරණයක් මුව විට තිබු කාලයක්. මම අත පය දික්කරලා තිබුනේ එවකට රජයට අයත් වෘත්තීය සමිතියක ලේකම් කෙනකුට. කොච්චර බරපතල පීඩනයක් එන්න ඇද්ද ?.

මාව පොලිස් භාරයේ ඉන්න කොට ප්‍රදේශයේ මංත්‍රීතුමිය ආවා “‘මැරයාබලන්න. මට රවලා සැර දාලා මෙයාද මිනිහාකියලා  ඇහුවා. වටේ හිටපුු අනුගාමිකයින්ට ජොලි. වයසක පහේ එක්කෙනෙක් කාරලා මුණට කෙල ගහන්න බැරිකමට එලියට ගිහින් කෙල ගහලා  ආ වා.

සිද්ධිය වුන තැන හෝටලේ අයිතිකාර මහත්තයා ටිකට් පොතයි සල්ලියි පොලිසියට බාර දීලා තිබුනා.

මාස කිහිපයකට පස්සේ අධිකරණ  චෝදනා වලින් මාව නිදහස් කලා

ජුලි හතයි නේද ?

 1977 මැතිවරණයෙන් මංත්‍රීතුමිය පරාජය වුනා. කොන්දොස්තර මහත්තයා ඈත පලාතකට ස්ථාන මාරුවක් ලැබුනා.මම ධාර්මිස්ඨ සමාජය පිහිටුුවන්න ගිහින් අතරමංවුුනා.

1989 දවසක එකම වේදිකාවක මමයි මංත්‍රීතුමයයයි හමුවෙනවා.  මංත්‍රීතුමිය මගෙන් අහනවා කවුද මේ ළමයා කියලා. ?. මම මැරයා ගැන පැහැදිලි කලාම එතුමියට ඩිංගක් වෙන්න ලැජ්ජා හිතතෙන්න ඇති. මම සංවිධානය කල මැතිවරණ ව්‍යාපාරයේ ජයග්‍රහණය කරලා පැවත්වුු රැලියකදී කොන්දොස්තර මහත්තයා මාව ඔසවා ගෙන ජයග්‍රහණය සැමරුවම මම කලේ ඇස් දෙකට කදුළු පුරවගන්න එක.

ජීවිතයේ හැටි එහෙමයි.

එදායින් පස්සේ මට එරෙහි වුන කිසිවෙක් හා  අද වනතුරු  කිසිම විරෝධතාවයකට   එරෙහිව ගිහිල්ලා නෑ .අද වනතුරු.පරුෂ වචචනයක් වත් භාවිතා කරලා නැහැ. මම අහගෙන ඉන්න පුරුදුවුනා. මම බලාගෙන ඉන්න පුරුදුවුනා. මට එය කරන්න  පුළුවන් වුනා.

ජූලි හතෙන් මට හිමිවුුන දායාදය  තමයි “හික්මීම“.





A day in the life

2024-07-06

බූරුවන් සමඟ තර්ක කිරීම නවත්වන්න












බූරුවන් සමඟ තර්ක කිරීම නවත්වන්න
දිනක් බූරුවෙක් කොටියෙකුට මෙසේ කීවේය.
"තණකොළ නිල්".
කොටියා මෙසේ පිළිතුරු දුන්නේය.
"නෑ, තණකොළ කොළ පාටයි."
කතාව උණුසුම් වූ අතර, එය විසදීමට කැලෑවේ රජු වන සිංහයා ඉදිරියට යාමට දෙදෙනාම තීරණය කලේය.
සිංහයා තම සිංහාසනය මත හිඳගෙන කතා කරන්නට පටන්ගන්නට පෙරදීම බූරුවා කෑගැසීමට පටන් ගත්තේය:
"උතුමාණනි, තණකොළ නිල් බව ඇත්තද?".
සිංහයා මෙසේ පිළිතුරු දුන්නේය.
"ඇත්ත, තණකොළ නිල් පාටයි."
බූරුවා ඉක්මන් වී දිගටම මෙසේ කීවේය.
"කොටියා මා සමඟ එකඟ නොවන අතර, තණකොළ කොළ පාට බව කියමින් මට කරදර කරයි, කරුණාකර ඔහුට දඬුවම් කරන්න."
එවිට රජු මෙසේ ප්‍රකාශ කළේය.
"කොටියාට වසර 5 කට පසු ඔබත් සමඟ තර්කයට නොයන ලෙස දඬුවම් ලැබෙනු ඇත."
බූරුවා සතුටු සිතින් පැන හැරී යන්නට ගියේය.
"තණකොළ නිල් පාටයි"...
කොටියා ඔහුගේ දඬුවම පිළිගත්තේය, නමුත් ඔහු සිංහයාගෙන් මෙසේ ඇසුවේය.
"රජතුමනි, ඔබ මට දඬුවම් කළේ ඇයි?, තණකොළ කොළ පාටයි."
සිංහයා මෙසේ පිළිතුරු දුන්නේය.
"ඇත්ත වශයෙන්ම, තණකොළ කොළ පාටයි."
කොටියා මෙසේ ඇසීය.
"ඉතින් ඇයි ඔයා මට දඬුවම් කරන්නේ?".
සිංහයා මෙසේ පිළිතුරු දුන්නේය.
"තණකොළ නිල් ද කොළ ද යන ප්‍රශ්නයට එහි කිසිදු සම්බන්ධයක් නැත".
බූරුවෙකු සමඟ වාද කරමින් කාලය නාස්ති කිරීමට ඔබ වැනි නිර්භීත බුද්ධිමත් සත්වයෙකුට නොගැලපෙන නිසා දඩුවමක් ලබා දීමට තීරණය කළෙමි.
කාල නාස්තිය යනු සත්‍යය හෝ යථාර්ථය ගැන නොතකන, නමුත් ඔහුගේ විශ්වාසයන් සහ මිත්‍යාවන්ගේ ජයග්‍රහණය පමණක් නොසලකන මෝඩයා සහ උමතුවාදීන් සමඟ වාද කිරීමයි. කිසිම තේරුමක් නැති තර්ක වලට කාලය නාස්ති කරන්න එපා...
අපි කොයිතරම් සාක්‍ෂි ඉදිරිපත් කළත් තේරුම් ගැනීමේ හැකියාවක් නැති අය ඉන්නවා. තවත් අය මමත්වයෙන්, ද්වේශයෙන්, අන්ධ වෙලා, තමන්ට අවශ්‍ය වෙන්නේ බුද්ධියක් නැති වුණත් හරි වෙන්න විතරයි.
අවිද්‍යාව කෑගසන විට බුද්ධිය නිහඬය. ඔබේ සාමය සහ නිශ්ශබ්දතාවය හැම දේකටම වඩා වටිනවා. එය රැකගන්න.

❤️
පූර්නිමා හේරත් ( පරිවර්තනයකි)




A day in the life