පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-07-03

රටා පැදුරු.




ඉඳුරුවේ රටා පැදුරු....
ඉඳුරුව අපේ ගම් පළාත. දකුණු පළාතටයි අයිති. බස්නාහිර පළාතෙ මායිමට වෙන්න පිහිටි ගමක්. රටා පැදුරු විවීම අතින් ඉඳුරුව දුම්බරට දෙවෙනි නැහැ. මෙහි විශේෂත්වය වන්නේ පැදුරු විවීම හස්ත කර්මාන්න්තයක් ලෙස පවත්වාගෙන යාමයි.
පැදුරු වියන්නෙ අතින්. බිම වාඩිවෙලා. එය ගැහැනු අයගෙ කර්මාන්තයක්. සෑම ගෙදරකම ඒ කාලෙ වැඩිහිටි ගැහැනු අයට පැදුරු වියන්න පුලුවන්. සමහර තරුණියන්ද මේ වැඩේට දක්ෂයි. එය ඔවුන්ගෙ අතිරේක ආදායම් මාර්ගයක්.
සමහර අය පැදුරු වලට අමතරව මලුත් වියනව. ඉස්සර කඩේ ගෙනියන්නෙ පන් මලු. පාසල් ළමුන් පොත් බෑග් වෙනුවට පාවිච්චි කරන්නෙත් පන් මල්ල. අපිත් ප්රාථමික පන්ති වලදි පොත් දාගෙන ගියේ පන් මල්ලක. මේක පරිසර හිතකාමී කර්මාන්තයක්.
පැදුරු මලු වියන්නෙ පන් වලින්. පන් වර්ග තුනක් ඒ පැත්තෙ පාවිච්චි වෙනව. බොරු පන්, ගල්ලැහැ, සහ තුන්හිරියා කියන වර්ග. බොරු පන් හා තුන් හිරියා කුඹුරු ඉඩම් වල ඉබේ හැදෙනවා. ගල්ලැහැ පන් ඕවිටිවල වගා කරනවා. ඒ වර්ගය ටිකක් ඉහලයි. මිල අධිකයි. ශක්තියෙන් වැඩියි. ගල්ලැහැ පන් බොහෝ විට වගා කරුවන්ගෙන් මිලට ගන්න ඕන.
පන් වගාවත් හොඳ ආදායම් මාර්ගයක්. අපේ ගෙවල් ලඟ හිටිය නෑයෙක් වූ පන් මුදලාලි කෙනෙක්. අක්කර දෙකක විතර ගල්ලැහැ පන් කොටුවක් තිබුන එයාට. එයා තමයි වැලිකඩ සිරගෙදරට ඒ කාලෙ පන් සහ බොරුපන් පැදුරු සැපයුවෙ. හොඳට හම්බ කළා එයා.
පැදුරු වියන ගෙවල් වල ආච්චිල , අම්මල , දූල ඔක්කොම ඒක තරඟෙට කරනව. පාසල් යන තරුණ ගැහැනු ළමයිද බොහෝ විට විවේක කාලෙට පැදුරු වියනව. ඒක ඔවුන්ටත් ආදායම් මාර්ගයක්.
පැදුරු වෙලෙන්දො ගෙවල් වලටම එනව. පැදුරු වල තරම, ශක්තිය, නිමාව හා රටාව අනුව මිළ නියම වෙනවා. අමාරු රටාවක් නම්, යොදල තියෙන වර්ණ සංයෝගය කදිම නම්, හොඳ මිලක් ලැබෙනව. සමහර කපටි වෙලෙන්දො පැදුරුවල නොයෙක් අඩුපාඩු කියමින් ලාබෙට ගන්න කේවල් කරනව. පැදුරු අහසට අල්ලල සිදුරු පේනවද බලනව. ඒත් ඉඳුරුවෙ ගෑනු ඒ වෙළඳ ගැට වලට අහුවෙන්නෙ නැහැ. පාසල් ළමුන්ගෙ පැදුරු ඉහල ප්රමිතියෙන් නැහැ. ඒ නිසා ඔවුන්ට ලැබෙන්නෙ අඩු මුදලක්. ආච්චිල තමයි දුර්ලභ ලස්සන රටා වියන්නෙ. ඒවට එක එක නම් තියෙනව. පත්තෑය, මොනරා, තාරකා, කිරිබත් කෑල්ල , ආදී වශයෙන්. සමහර පැදුරු රටා ඒ ඒ පවුල් වලට ආවේනිකයි. ඒ මෝස්තරය වෙන අයට වියන්න බැහැ.
ඈත ගම් වල ගැහැනුත් අපේ හරියෙ වෙල්යායට එනව පන් උදුරන්න. උදේ ඉඳල උදුරපු පන් විශාල මිටි බැඳල ඔළුව උඩ තියාගෙන හවසට පෝලිමේ යනව පෙරහැර වගේ. ජෝති අයිය කියල කෙනෙක් එහෙම එන ලස්සන අම්මණ්ඩි කෙනෙකුට පන්මිටි උස්සන්න උදවු කරල අන්තිමේ ඒ ගෑනු කෙනාව කසාද බැන්දා.
පැදුරු විකුණන්න ඉඳුරුව හා තදාසන්න ප්රදේශ වල අයගෙ වෙළඳපොල තිබුනෙ ගෝනගල. ඒක තරමක කඩ මණ්ඩියක්. පොළ තියෙන්නෙ අඟහරුවාදා. ලංකාවෙ හතර දිග්බාගෙන් එන පැදුරු වෙලෙන්දො එක්ක හෙට්ටු කර කර පැදුරු විකුණන ගැහැනු බලන්න ලස්සනයි එදාට. ඉතින් බොහෝ අය ඒ මුදල් වලින් සියලුම දේවල් ඒ පොළෙන්ම මිළට අරන් ගෙදර එන්නෙ රටක් රාජ්යයක් ලැබුන වගේ සතුටින්. ඒක හරියට ඒ පැත්තෙ සංස්කෘතියක් වගෙයි.
ඉඳුරුවෙ බොහෝ ගම් වල පැදුරු වියන්නන්ගේ සමූපකාර සමිතිය නමින් සමිති ශාලාවක් තිබුන. ඔවුන්ගේ පොදු ගැටලු හා සුභ සාධනය එහි අරමුණ වුනා.
පැදුරු එකතු කරන තවත් වෙලෙන්දො කීප දෙනෙක් අපේ ගමේම හිටිය. ඒ අය පැදුරු අරන් කෝච්චියෙන් යනව ඒ ඒ කාලවල උත්සව පවත්වන තැන් වලට. හලාවත මුන්නේශ්වරම, කතරගම, අනුරාධපුරේ , නුවර දළදා මාලිගාව ආදී තැන් වල ඉඳුරුවෙ පැදුරු හොඳට අළෙවි වෙනවා.
පැදුරු වියන ගැහැණු ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් කැප කිරීමක් කරනව. ගෙදර වැඩ අවසන් කරල රෑ එක දෙක වෙනකම් කුප්පි ලාම්පු එළියෙන් පැදුරු වියනව. දවල් කාලෙදි සමහර නැන්දල එක ගෙදරකට රොක් වෙල තේ කහට බිබී බුලත් හපමින් , රටේම ආගත නාගත දොඩමින් පැදුරු වියන අවස්ථාද නැතුවා නොවෙයි.
ඒක ඒ අයගෙ නිල නොවන රස්සාව.
ගල්ලැහැ පන් විවීමට පෙර තලා පැතලි කරගත යුතුය. ඒ සඳහා පන් මෝල් තිබේ. අතින් කරකවන මේ පන් මෝල යකඩ රෝලර් දෙකක් එකිනෙකට යාව කැරකෙන පරිදි සකසා තිබේ. මේ බර යකඩ රෝලර් දෙක අතරින් යන පන් ගස් සුමටව තැලී පැතලි වීයයි. කුඩා අපි ඒ කාලෙ මේ පන් මෝල කැරැකැවීමෙන් ලොකු විනෝදයක් ලැබුවා.
බොරු පන් හා තුන්හිරියා පන් සුමට කිරීමට මෝල අවශ්ය නොවේ. ඒවා මිටියක් බැඳ පයින් පාගා ගැනීම ප්රමාණවත් වේ.
පන් ගස් වර්ණ ගැන්වීමද කලාවක්. ඒ සඳහා කුකුළු සායම් කඩෙන් මිළට ගතයුතුයි. ඒවා කහ, නිල්, කොල, දම් හා රතු පැහැයෙන් ලබා ගත හැක.
ලොකු තඹ මුට්ටියක වතුර නටවා ඊට සායම් කුඩු දමා කුඩාවට ඔතන ලද පන් මිටි එහි දමා තම්බා අනතුරුව අව්වේ දමා හොඳට වේලා ගනු ලැබේ. මේ විවිධ වර්ණ සංයෝජන මනා ලෙස යොදමින් රටාවන් එන ලෙස පැදුරු විවීම ඒ අයට ආවේනික කලාවක්.
පැදුරක් විවීමේ ආරම්භය "පැදුර පිරීමයි". එහි අවසානය " මෝටි දැමීමයි". ලිහෙන්නෙ නැති ලෙස පැදුරේ වාටිය ගෙතීමයි එයින් අදහස් කරන්නේ. මෝටි දැමීම ළමුන්ට කළ හැකි දෙයක් නොවන බැවින් ඒවාට වැඩිහිටියන් උදව් කරනවා.
ඉඳුරුව පැත්තේ අය පිට පළාත්වල නෑ මිත්රාදීන්ට තෑගි ලෙස දෙන්නේද ලස්සන රටා පැදුරකි. එය ඔවුන්ට වටිනා තෑග්ගකි. පන්සල් වල පිරිකරටත් බොහෝවිට පැදුරු පූජා කරති.
කොහොම නමුත් එකක් කියන්න ඕන. ඉඳුරුවෙ පැදුරු ඇඟට හරිම සනීපයි . පැදුර පෑගුනත් ඇති නිකම්ම නින්ද යනව.
කෙසේ නමුත් දැනට එම පළාතේ එම සුප්රකට පැදුරු කර්මාන්තය තවම තිබේදැයි මා හරි හැටි නොදනියි. ලංකාවෙ කොහු කර්මාන්තයට ආනයනික ප්ලාස්ටික් බඩු නිසා හෙනහුරා වැහුව වගේ චීනෙන් ආනයනය කරන ලාබ ප්ලාස්ටික් පැදුරු හා කාපට් නිසා මේ වටිනා කලාවත් අභාවයට ගිහින් වගෙයි.

ජයකුමාර රංචා ගොඩ - අඩයාලමට වියමන් කල වියමනකි.

A day in the life

2024-07-02

රුහුණේ ආහාර.



යකුන්ටත් බය නැති රුහුණේ ආහාර...

දකුණු ලක රුහුණු රටට මා තුල ඇත්තේ අපමණ බැඳීමකි. එක පසෙකින් ලොව සුන්දරම මුහුදු තීරයන්ගෙන්ද , අනෙක් පසින් ජෛව විවිධත්වයෙන් අනුන සිංහරාජ වනාන්තරයෙන්ද වටවුණු රුහුණු පුරවරය තවදුරටත් අලංකාර වුයේ ආගන්තුක සත්කාරයෙන් සහ මුනිදස් කුමරතුඟු වැනි භාෂා පඬිවරුන් බිහි කල ඔවුන්ටම ආවේනික වූ සුන්දර දකුණේ බසිනි.
රජවාසල කවටයා අන්දරේගේ සිට ගජමන් නෝනා දක්වා සාහිත්‍යකරුවන්ද, මාටින් වික්‍රමසිංහ වැනි මෑත යුගයේ හෙළ සාහිත්‍ය ලේඛකයින්ද රටට දායාද කල දකුණු ලක, ගැමුණු රජුට යුධ කිරීමට මග පෙන්වීමේ සිට ත්‍රිවිධ කල්හිම රට එක් සේසත් කිරීමට දායකත්වයක් දැරූ දේශ මාමක විරයින්ගේද නිජ භූමියකි.

වැවුරු කන්නල- වෙහෙරහේන වැනි ඔවුන්ටම ආවේනික සිත්තරුන් සහ මුර්ති ශිල්පින්ගෙන් පෝෂණය වූ දකුණේ කලාව වඩා ඔප් නැංවුණේ සාම්ප්‍රධායික පහත රට යක් නැටුම්, බෙර වාදන සහ බලි තොවිල් කලාවෙනි. යක්කුන්ට බය නොවී ඔවුන් නම්මවා වැඩ ගැනීමට සමත් වූ දකුණේ ජනතාව ඒ නිසාමදෝ අන් පළාත් වලදී මෙන් සැර යයි සම්මත ආහාරයට බය වුනේද නැත.

බලමාලු සමඟ දෙල් වුව, දැල්ලෝ ,ඉස්සෝ සමඟ අච්චාරු එක් කරන්නටත් බිය නොවූ දකුණේ ආහාරය තරම් කටට සැර මිරිස් බහුල නමුත් රසයෙන් කිසිවකට සම කල නොහැකි ආහාර දකුණේදී හැර ලොව කොතනකදී වත් මා රසබලා නැත.. ඒ යකුන් නම්මන්නාක් සේ එම ආහාර නම්මාගෙන සැර මකා ගුණ පමණක් ගන්නට ඔවුන් තුල තිබු සියුම් ආහාර තාක්ෂණයට පින් සිදු වන්නටය.

මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ දකුණටම සුවිශේෂ වූ ආහාර සහ ආහාරයේ සැර මකන්නට ඔවුන් යොදා ගත් සියුම් තාක්ෂනය පිලිබඳ කෙටි සටහනකි.

රතු කැකුළු බත
රතු කැකුළු බත දකුණටම ආවේනික ආහාරයක්. පොදුවේ හැම කෙනෙකුම දන්නේ මේ බතේ පිෂ්ඨයට අමතරව විටමින් බි අඩංගු බව. අදවන විට සාමාන්‍ය රතු කැකුළු බත බවට පරිවර්තනය වී ඇතත් පෞරාණික රුහුණේ කැකුළු බත ලෙස හඳුන්වා ඇත්තේ
රතු මානික්කම් නැමැති දේශීය සහල් වර්ගය.
රතු කැකුළු සහල් නිවුඩ්ඩේ ගුණ අති විශාල ප්‍රමාණයක් ඇතත් දකුණේ ආහාරයේදී ඉස්මතුවී පෙනෙන්නේ මේ සහලේ ඇති ආසාත්මිකතා වලකන විශේෂ ගුණාංගයයි.
තුන් වේලටම බත් කෑ දකුණේ මිනිසුන්ට ඒ සමඟ මොන සැර කෑමක් ඇඟට වැටුනත් රුහුණු රට උපුල්වන් දෙවි පිහිටෙන් වගේ වගක් නොදැනුනේ ඔන්න ඔහොමයි.




කෑම මේසයට යැවෙන පොල් පලගාන
ආගන්තුක සත්කාරයට පරසිඳු දකුණේ ගෙදරක බත් මේසයේ නොවරදින පොල් පලඟාන ගැන නොකිය කොහොමෙයි? හත් අට වෑන්ජනයක් තිබුනත් කිරි සුදුවට එවෙලේ ගෑ පොල් නොතිබුනොත් එය නම් උගුරෙන් පහලට බත් නොගිලෙන
ගැටලුවකි.
පොල් අස්වැන්නෙන් අඩු පාඩුවක් නැති රුහුණු රටේ මිනිසුන් තුල අමු පොලේ ඇති විෂ නැසීමේ, භාශ්මියකරණයේ හැකියාව ගැන ඇත්තේ අචල විශ්වාසයක්..බලමාලු ඇඹුල සමඟ අමු පොල් කැකුළු බතට..ආයි මක්කටෙයි වෙන මොනවත්?


ජාඩි හොද්ද
රුහුණු රටේ වෙරලබඩට ආවේනික ආහාරයක් ජාඩි හොද්ද..ජාඩි දමන්න ගන්නෙත් අන් පලාත්වල බොහෝ විෂ යයි සම්මත කුම්බලා, හුරුල්ලෝ, අලගොඩු පැටව් වගේ මාළු වර්ග.
ජාඩි දැමීමේ මුලික සිද්ධාන්තය කරදියෙන් පමණක් සෝදා ලුණු කැට සහ ගොරකා මත අතුරා මාසයක් හමාරක් වසා තැබීම.

ධුලකහරණයට, ආසාත්මිකතා වැලක්වීමට සහ බැක්ටීරියා, දිලිර විනාශ කිරීමට ගොරකා වල ඇති හැකියාව විශ්මිත බවයි අද වෙනවිට පැවසෙන්නේ.. ඉතින් මේ ගොරකා වලට පින් සිදු වෙන්නට විස නැතිව හැදෙන ජාඩි කරවල තව දුරටත් විස නැසෙනවා පොල් කිරෙන් ඉව්වාම..ඉතිරි අඩුපාඩු මැකෙන්න පලඟානෙන් පොල් ටිකක් බෙදා ගමු.

විජහට පොලක් ඔයල ගෙනෙන් හිච්චි කෙල්ලේ ජාඩි හොද්දට කොස් එක්ක කන්න..

දෙහි ආනම:
මේක නම් හරිම අපූරු ආහාරයක්. ඉදුණු දෙහි කුඩා කැබලි කපා ඔවුන්ටම ආවේනික තෙම්පරාදුවක් සමඟ මිටිකිරි ඩිංගක් සමඟ රස අනුව සිනි ඩිංගක් දමා හිදෙන්නට පිසෙන මේ දෙහි මාළුව කෑම රුචිය වඩවන දිව්‍ය රස ඇති ව්යංජනයක්..ඕනෑම ආහාරයක් සමඟ බතට ගැලපෙනවා..දෙහි වෙනුවට ඉදුණු හීන් නාරං යොදා ගන්නත් පුළුවන්.
දෙහි ආනම ඇත්නම් බල මාළු ඇඹුල් තියල් කන්න ඔයැයිතු මක්කට බය වෙනවද ? ගැට කාලෙම ඔලුව වටේ තුන් වංගියක් කරකොල ගිරෙන් කපල ගත්තාම යක්කු පෙරේතයොත් බය වෙන දෙහි, හොදට පැහුනම බය වෙයිද හට්ටියේ ඉන්න මැරිච්ච බල මාළු කූරියට?



රුහුණු අච්චාරු:
අච්චාරු නම් රට පුරාම ඕන පදම්..නමුත් රුහුණු අච්චාරුව..කෑ කෙනෙක් නැවත වෙන අච්චාරු නොකන වෙනස්කම් ගොඩයි.
පුංචි රතුලූනු, ගස්ලබු, අමුමිරිස්/කොච්චි සමඟ විශේෂයෙන් බැදපු හාල් මැස්සන් එකතුවෙන මේ අච්චාරුවේ අබ විනාකිරි වල විස මැකෙන්නේ අලුත කපාගත් මුරුංගා පොත්තකින්.
සැර ඩිංගක් තිබුනත් කෑමට ගන්නේ පොල් එක්කනේ..සියලු දෝෂ නිවාරණයි

හාල් පොල් බැඳි මාළු හොද්ද:

මාළු හොද්දට වැඩියෙන් ප්‍රසිද්ධ කොළඹ මිගමු පළාත්. නමුත් දකුණේ බල මාළු හොද්ද හැදෙන්නේ අපුරු ක්‍රමයකට..ඒ තමා පොල් කබලේ බැද අමුමිරිස්, වියලි මිරිස්, ගොරකා, කරපිංචා සමඟ මුරුංගා පොත්තක් අඹරාගෙන.
මුරුංගා පොත්තේ ඇති විස නැසීමේ බලේ ගොරකා, කරපිංචා සමඟ එක් වුනාම ඩබල් ට්‍රිබල් වෙනවා. මාතර දැල්ලෝ කියන ලොව රසවත්ම දැල්ලා පිසෙන්නෙත් මේ ආකාරයටමයි.
කැකුළු බතට රුහුණු මාළු හොදි සහ අමු පොල්.....ලොව වෙන කිසි තැනෙක නැති රස ගුලාව...

ඇඹුල් තියල් :
අනෙක් පලාත්වල මිනිසුන් බය කරන බල මාලුවෙන් සෑදෙන ඇඹුල් තියල් වල සිධ්ධාන්තයත් පෙර කි ගොරක සාස්තරේම තමා..ඊට අමතරව ඇඹුල් තියලේ ඇති ගම්මිරිස්, කරපිංචා යන සුසන්යෝගයත් ඕනෑම විසක් නැති කරන අපූරු ඖෂධ..
බල මාළුවාගේ ගණන් බස්සන්නේ ඕන් ඔහොමයි......
දෙවෙනි පාරටත් එහෙනම් බෙදා ගමු කැකුළු බත්, පොල් සම්බෝල සමඟ ඇඹුල්තියල්..ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ මෙහෙම රසක් ..


සුනු සාල් බත්:
උදේ කෑම වේලට රුහුණේ ගොවි ගෙවල් වල නොවරදින ආහාරයක්..සහල් කෙටීමෙන් ඉතිරිවන කුස්සියේ මුල්ලක ගබඩා වෙන කැකුළු සුනු සහල් බත ඉදිගෙන එන විට ඔයාගත් අමු පොලක් -දෙකක් අවශ්‍ය පමණ කලවම් කර ඉදෙන මේ බත ආහාරයට ගන්නේ රතුළූණු, දෙහි, උම්බලකඩ දැමු කට්ට සම්බෝලයක් සමඟ.
ගානට තෙතමනය රැදෙන මේ බතට උණු උණුවේ හොදි අවශ්‍ය වන්නේ නැහැ.. රස බැලුවෝ රස දනිති..
ආයේ නොදොඩා මොකෑ හිච්චි උන්ටත් බය නැතිව පිහ දෙන්න ඇහැකි බත....මද්දහනේ වෙනකන් බඩ ගෙඩිය පුරෝලා, පොල් නිසා දවල් බතට පිහෙන දැල්ලෝ, දෙල් වලට උදැහැනැක්කෙම ලේස්ති වෙලා..
උදේ කෑමට හීල් බත් කිරි හොදි සමඟ රතු ළුණු සම්බෝලය:
තුන් වේලට බත් බුදින රුහුණු රටේ උදේ ආහාරයට බත පිළියෙළ වන තවත් විධියක් මේ..කැකුළු බතට කිරි හොද්ද සමඟ කට්ට සම්බෝලය..දවස පුරා සිත ගත ප්‍රබෝදයෙන් තබන ආහාර රුචිය වඩන අපූරු සුසංයෝගයක්.
උදේට කන කිරි හොද්දයි, පදමට දෙහි වැටිච්ච රතු ළූනුයි මදෑ දවස පුරා කන කෑමේ විස නැසෙන්න..


අමු ගස්ලබු ව්‍යංජනය:
වෙනත් පළාත් වල නොදකින රුහුණේ නිතර බහුල ව්‍යංජනයක් පොල් හාල් ඇඹරු අමු ගස්ලබු .
අමු ගස්ලබු වල ඇති විෂ නැසීමේ ගුණය අනෙක් ආහාර වල ඇති සැර මකනවා පමණක් නොවේ. එය ඇඹුල්තියල් සහ කැකුළු බතට අපූරු රස එකතුවක්.


මි කිරි:
අතුරුපසට මි කිරි නැතිව රුහුණු කෑම වේල සම්පුර්ණ වෙන්නේ නැහැ..ශරීරය සිසිල් කර විස නසා භාශ්මිකරණය කිරීමේ හැකියාව ඇති මි කිරි ප්‍රධාන ආහාර වේලේ සියලුම විස නසා අඩු පාඩුවක් නැතිව ගුණ පමණක් සිරුරට ලබා දෙන්නට උදව් කරනවා..
බත් කෑමෙන් පසු අන්තිම ඩිංග මීකිරි සහ කිතුල් පැණි සමඟ ආහාරයට ගැනීමත් රුහුනටම ආවේනිකයි.. කිතුල් පැණි තවත් විස නසන ඖෂධයකි.


ජූල් කිරි සමඟ බත්:
දිවුල් රටපුරා තිබුනත් ජුල් කිරි සමඟ බත් කෑම නම් රුහුණට ආවේනිකයි. අමු පොල් කිරි සහ දිවුලේ ඇති විෂ නැසීම ආහාරයේ ආසාත්මිකතා නසා සිරුර සිසිල් කිරීම අහන්නත් දෙයක්ද?




කළු දොදොල්:
දකුණේ ඕනෑම උත්සවයකට නොවරදින,ඔවුන්ටම ආවේනික කළු දොදොල් වෙන මොන පලාතෙන් කෑවත් ඒ රස නම් ලැබෙන්නේ නැහැ. මුලින් සඳහන් කල කැකුළු හාල් දියේ දමා කොටා ලේස්ති කෙරෙන හාල් පිටි වලට පොල් දහ පාළොහක කිරි එක්කර පැය 3-4ක් මද ගින්දරේ පත්ත ගාලා හදාගන්න දොදොල එතනට වෙලා බකං නිලන් ඉන්න මං වගේ කෙනෙකුට නම් බර වැඩි ආහාරයක්..
නමුත් සකස් කරන පවුලේ උදවියට නම් සතියක් ජිම් ගියාට වඩා ඇඟ මහන්සි වෙලා, කෑමේ තහනම් කොයින්ද එතකොට? තෙල් බේරෙන දොදොලේ ඇති වාසියත් බර වැඩි කමම තමයි..අද වෙනකොට කියවෙන්නේ මෙවන් අවස්තාවක ආහාරයට පොල් කිරෙන් ඉබේම එකතුවෙන "කන්‍යා පොල් තෙල"(Virgin Coconut Oil) සියලු විස නැසෙන ඖෂධයක් බව..
බලමාලු බතට කෑවට..කහට කෝප්පයක් එක්ක අවුලක් නැතිව උගුරෙන් පහලට බහින දොදොලෙන් බල මාලුවෙ සැර මැකෙන්නේ ඔහොමලු..



රේණුකා විමලරත්න : 
දුටු ගැමුණු රජුට යුධ වදින්නට මග පෙන්වූ රුහුණු රට සිට 
(අප-රැකු -ගම)
අපරැක්ක


A day in the life