පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-06-27

ලොකුවට බුද්ධ පූජා තියන්න ඕන ද?



 

මෙච්චර ලොකුවට බුද්ධ පූජා තියන්න ඕන ද?
සාමන්‍ය ගෙදරක කරන බුද්ධ පූජාවකුයි පිරිසක් එකතු වෙලා කරන බුද්ධ පූජාවකුයි අතර තියෙන වෙනස තමයි පිරිස එකතු වෙලා කරන පූජාව විශාල දෙයක් වගේ පේනවා. ඒ වගේ විශාල පින්කම්වලට අනුරූප විපාක නෑ කියලා කාට හරි හිතෙන්නේ " නත්ථි යිට්ඨං" ( මහා පූජාවන් හි විපාක නැත) කියලා හිතෙන මිත්‍යාදෘෂ්ටිය නිසා.
මේවා දුප්පත් මිනිස්සුන්ට, දානේ හිඟ පන්සල්වලට දෙන්න බැරි ද?
පුළුවන්. හැබැයි දානමය කුශලය අග්‍රඵල වන්නේ ප්‍රතිග්‍රාහකයා ගේ අසරණකම අනුව නෙමෙයි ප්‍රතිග්‍රාහකයා ගේ ගුණවත්කම අනුව. බුදුන් වහන්සේට පූජා කරන දානය අග්‍රඵලයි. මහත්ඵල මහානිසංසයි. ( දක්ෂිණ විභංග සූත්‍රය | මජ්ඣිම නිකාය)
(හොඳට බලන්න..සත්තුන්ට, දුප්පතුන්ට, පිළිකා රෝහලට ආහාර වේලක් හරි දෙන්නෙත් බුද්ධ පූජාව තියෙන මිනිස්සුම තමයි.)



ඔය සිමෙන්ති පිළිම දානේ වළඳනව ද?
පිළිම දානේ වළඳන්නේ නෑ. බුදු දහම සිත මූලික කරගත්ත දහමක් නිසා බුද්ධ පූජාවන් සිදු කරන පිරිස ඒ දානමය කාර්යයන් කරන්නේ ජීවමාන බුදුන්ට කරන දානයක් හැටියට සලකලා. මේවා ගැන බෞද්ධයන්ට යම් හෝ අවබෝධයක් ලැබෙන්න නම් අභිධර්මයේ චිත්ත කාණ්ඩයේ තියෙන කාමාවචර කුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත් ගැන පොඩි අධ්‍යනයක් හරි කරලා තියෙන්න ඕන. මේ ගැන වැඩිදුර දැන ගන්න ඕන නං මිලින්ද ප්‍රශ්නයේ එන "පූජා අප්‍රතිග්‍රහණ ප්‍රශ්නය " බලන්න.
ජීවමානව නැති බුදු කෙනෙක්ට දාන මොකටද ?
තිට්‌ඨන්‌තෙ නිබ්‌බුතෙ චාපි
සමෙ චිත්‌තෙ සමං ඵලං
චෙතොපණිධිහෙතුහි
සත්‌තා ගච්‌ඡන්‌ති සුග්‌ගතිංති
(තේරුම : ඒ උතුම් ගුණ දරණ බුදු, පසේබුදු, මහා රහතන් වහන්සේලා ජීවමානව වැඩ සිටිය ද, නොසිටිය ද, උන් වහන්සේලාගේ උතුම් ගුණ සිහිකොට ජීවමාන වූ කලෙක ලෙසින් ම බලවත් ශ්‍රද්ධා පිහිටුවා වන්දනා මාන කරයි ද, උපස්ථානාදිය සිදු කරයි ද චිත්තප්‍රසාදය සමාන වන බැවින් ඒ තැනැත්තාට ඒ කුසලය හේතුවෙන් ලැබෙනා කුසල විපාකය ද සමාන වේ. උතුම් බුද්ධාදී උතුමන් කෙරෙහි සිත පහදවා ගැනීම හේතු කරගෙන සත්වයන් සුගතියට යන්නාහ යනු බුද්ධාවවාදය යි.)
සූත්‍ර පිටකය | ඛුද්දක නිකාය | විමානවත්ථුපාළි
ඉතිං ඔය වගේ මහා පරිමාණ සෝබන දාන දෙන්න ඕන නෑ නේ " චේතනාව " විතරක් ඇතිකර ගත්තා නං ඇති නෙ?
මේ ප්‍රශ්නය එන්නෙත් පරමාර්ථ ධර්ම ගැන අවබෝධයක් නැති නිසා. චේතානාව කොටස් 3 ක් තියෙනවා. දාන චේතනාව සම්පූර්ණ වෙන්නෙ මේ ආකාරයට.
පූර්ව චේතනාව - දානය ප්‍ර‍තිග්‍රාහකයන්ගේ අතට පත් කිරීමට පළමු ඒ දාන ක්‍රියාව සම්බන්ධයෙන් ඇතිවන්නා වූ චේතනාව.
මුඤ්චන චේතනා - දානය ප්‍ර‍තිග්‍රාහකයන්ට පිරිනමන්නා වූ හෙවත් ප්‍ර‍තිග්‍රාහකයන් අතට පත් කරන්නා වූ චේතනාව.
අපර චේතනා - දාන ප්‍ර‍තිග්‍රාහකයන්ට පිරිනැමීමෙන් පසු එය සම්බන්ධයෙන් ඇති වන්නා වූ චේතනා රාශිය.
එතකොට මේ මහා පරිමාණයෙන් ඉතුරු වෙන ආහාරවලට මොකද කරන්නේ?
ඒවා අවශ්‍ය නම් භික්ෂුන් වහන්සේලාට හෝ ගිහියන්ට පරිභෝජනය කරන්න පුළුවන්. මේ ගැන වැඩිදුර දැන ගන්න ඕන නං දක්ෂිණ විභංග සූත්‍රය කියවලා අටුවාවත් කියවන්න පුළුවන්.
බුදු හාමුදුරුවොන්ට පූජා කරන දානයට වඩා ආනිශංස නැද්ද ධර්මයේ හැසිරුණොත්?
අසුර සැණක් තරම් සුළු මොහොතක් " අනිත්‍ය සංඥාව " වඩනවා නම් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානයෙන් ලැබෙන කුසලයට වඩා මහත්ඵලයි.මහානිසංසයි.
(වේලාම සූත්‍රය | අංගුත්තර නිකාය)
බුදු දහමේ මූලික කරුණුවත් දන්නෙ නැති බෞද්ධයෝ අනිත්‍ය සංඥාවක් වඩයි ද ?
මේ වගේ දානමය පිංකම් දැකලා සිත පහදවා ගන්නවා වෙනුවට ටිපර් වෙන්නේ ඇයි?
එහෙම වෙන්නෙත් ධර්මය ගැන තියෙන අනවබෝධය නිසා. විශේෂයෙන්ම මේ වගේ දානමය පිංකමක් දැක්කහම ගරහන්නෙත් බෞද්ධයෝ වීම ම තමයි තියෙන ලොකුම කණගාටුව.
=================
සොනාල ගුණවර්ධන
උපුටා ගැන්මකි
Sonala Gunawardana

මේ වියමන මෙටාවේ බෙදා ගත්තම මේ ප්‍රතිචාර ලැබුනා.

බොරු සෝබන
කට්ටියටම තවම බුදු බණ වැටහිලා නැහැ. නිවන් මග සාක්ශාත් කරගන්න මෙහෙම ශෝභන වැඩ වලින් පුලුවන් නම් රජවරු, සිටුවරු එකෙක්වත් අපාගත වෙන්නෙ නැහැ . කඩි රෑනක් දුටු බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට පැවසුවාලු පෙර මහා රජවරුත් එතණ ඉන්නවා කියල. අත් හැරීම පුරුදු කල බුදු පියානෝ මේ මෝඩ ක්‍රියා දුටුවානම් ලංකාවට පය තියන එකක් නැහැ .
බුදු බණ මෙනෙහි කරන්න. පියවි සිහියෙන් වැඩකරන්න. රාග ද්වේශ, මෝහ දුරුකරන්න. මේ මෝහයෙන් කරන වැඩ. දාන මාන කිරීමේදී සෝභන වැඩ වලින් වළකින්න. කට්ලට්ස්, එලවලු රොටී, බනිස් , සුකුරුත්තන් කෑම, මොන දානෙකදිවත් ගෙදරකදි පූජා කරනව දැකල තියෙනවද? . ඉතින් මේ ශෝභන වැඩ නොවේද?
බුදු හාමුදුරුවෝ මෙවැනි වැඩ අනුමත නොකරාවි.
දක්ෂිණා විභංග සූත්‍රය දැන සිටින බැවින් මෙබඳු ප්‍රශ්න නැත......කොසොල් මහ රජු ගේ අසදෘශ මහා දානය දුටුවේ නම් ........අද සිටින්නවුන් කොසොල් රජු හා දේවිය මරා දමනු නිසැකය .
මෙහෙම මෙච්චර වළඳන්න යකෝ බුදුහාමුදුරුවො මොකෙක් වෙන්න ඕනිද මෝඩයිනේ බුදුහාමුදුරුවො මිනිහෙකුට දාව ගැහැණියකගේ කුසේ උපන් මනුස්ස පුත්‍ර යෙක්.එතුමාටත් තිබුනෙ අපිට තියෙන ආමාශයඔයම තමයි.
දහම තුලින් බුදුන් දකින්න ...හරිම සරලයි ...මේ පෙරේත තටු තියන එක නතර වෙයි එතකොට මේකෙ විසඳාගත යුතු දෙයක් දකිනව...මේකෙ සඳහන් විදියට දානයේ ආනිසංස තීරණය වෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ අසරණ කම මත නොව..ප්‍රතිග්‍රාහකයාගේ ගුණය මත..ඒකෙන් දානය දෙන්නා ප්‍රතිග්‍රාහකයාව තෝරාගැනීමකට පොළඹවනවා අසරණ කෙනා මඟහැර ගුණවත් කෙනාට...ඒක තීරණය කරන්නේ ආනිසංස බලාපොරොත්තු වෙන්..ඒ කියන්නේ පුද්ගලයා ආනිසංස කෙරෙහි ඇතිකරවන බලාපොරොත්තු වෙන් සහ ලෝබ සහගත සිතෙන් තමයි එයට පොලඹවන්නේ..එතෙන්දි දානයේ මූලික පරමාර්ථය වන අත්හැරීම කියනදේ ඉටුවෙන්නේ නෑ කියලයි හිතෙන්නෙ...
ගිලනුන්ට සහ සතුන්ට දන් දෙන්නෙත් බුද්ධ පූජාව තියන අයමයි කියන එකනම් පිළිගන්න අමාරුයි..එලෙස දන් දෙන අන්‍යාගමිකයන් වගේම නිරාගමික අයත්,බුද්ධ පූජාවන් නොදෙන අනුමත නොකරන බෞද්ධයනුත් දැකගන්න පුලුවන්..එය බුද්ධ පූජාව උත්කර්ශයට නඟන්න යොදාගත්ත ජනප්‍රිය කියමනක් විතරයි කියලයි හැඟෙන්නෙ..
අනිත් ගැටලුව තමයි පෝස්ටුවෙම සඳහන් විදියට බුදු දහම සිත මූලික කරගත් දහමක්..එහෙනම් දානයක ආනිසංස කෙරෙහි බලපෑ යුත්තේ දන් දෙන්නාගේ සිතුවිලියි ...එහිදී ලබන්නාගේ ගුණවත්කම හෝ දුශ්ශීල බව කියන්නෙ සම්පූර්ණ යෙන්ම බාහිර කරුණක් නේද..?අද දානය කියන්නෙම නිවන නැති වෙන වැඩක්.

සමහර විට හරියට වියමන ධාරණය වෙලා නෑ කියලත් හිතුනා. කොසොල් රජතුමාගේ අසදෘශ මහා දානය ගැන මම ඊලග වියමනනෙන් ඉඩ ගන්නම්

 A day in the life

2024-06-26

පොඩ්ඩිගේ කතාව - එකලොස්වෙනි දිගහැරුම


අපි හැගීම් බරවුනාම මනස තුල ඇති වන්නේ කුණාටුවක් .මේ කුනාටුව අපේ මනස කලම්බනවා. අපේ හිතේ තියන නිහඩ බව සන්සුන් බව අපෙන් ඈත්වෙනවා. කුනාටුව ටිකින් ටික සන්සිදෙන විට මනස නිහඩ වෙනවා .සනසුන් වෙනවා.උපේක්ෂා සහගත වෙනවා. මනස සන්සුන් වුනාම තමයි සැබෑ තත්වය අවබෝධ වෙන්නේ. මනස නිහඩ වුනේ නැත්නම් හැගීම් බර විනිශ්චයන් කරා අපි යොමු වෙනවා.හැගීම් බර විනිශ්චයන් නිසා අපි කරදරයට පත් වෙනවා.
අපි හරි ආශයි හිතේ මවා ගත්ත දේවල් සැබෑ ලෝකයේ ඒ අයුරින්ම දකින්න.ඒවා පෞද්ගලික අයිතියක් ලෙසින් අත්පත් කරගන්න.හරි වැරද්ද තීරණය කරන්නේ ඒක පාර්ශීයව , ලස්සන , හොද නරක හැම දේකම මගේ අදහස් වල එල්ලී ගෙන ඉන්න උත්සහා කලාම හිත දර දඩු වෙනවා.
මටත් සමීරටත් උනේ ඒ්ක ද ?
අපි උපේක්ෂා සහගත වුනේම නැහැ. හැම අරගලයක්ම විසදන්න ගියේ කැත්තට පොල්ල න්‍යායෙන්.කතා සංවාද අවසන් වන්නේ හිත බිදවාගෙන......
කාලය ඉකුත් වෙලා . මේවා හිතන්න තිබුුුුනේ කලින්.
මමත් කම්පනය ජීවිතයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න සන්සුන් වෙන්න සන්සුන් වෙන්න......සැබෑව ගැන හිතන්න පටන් අරන්.
මගේ හිතට එන්නේ ලජ්ජාවක් .සේපාලී එක්කවත් මේවා මේ විදියට දිග අරින්න බැහැ. හිතේම ඉපදී හිතේම සාකච්චා කර මියයදෙන්නට ඉඩ හරිනවා මිස ගිය හකුරට නාඩා තියෙන හකුර රැකගන්න ඕනි කියන න්‍යායට හුරුවෙන්න ඕනි.
අම්මා වත්ත පිලිවෙලකට එලි පෙහෙලි කරගෙන ඇවිත් මට මිදුල සකස් කර ගන්න ඉඩ දුන්නා. මම උදේට කලයුතු දේවලට උපදෙස් දී මගේ දවස පටන් ගන්න යනවා.සතියක් විතර යන කොට ඒකලස් වුන මිදුල ,මල් පාත්ති . කප්පාදු කර සකස්කල පැරණි මල් ගස් හරියට අළුතෙන් ඉපදුනා වගෙයි.විවේක කාලය වතුර , පොහොර යොදලා සාත්තු සප්පායම් කරන්න කාලය යෙදුවාම හිතටත් සහනයක්
අපේ හිරවෙලා ඉන්න සංකල්පමය රාමුවෙන් ඒලියට එන්න ඒන්න ලෝකය ගොඩාක් පුළුල්ව පේන්න පටන් ගන්නවා. බැමි බැදලා හිර කරලා තිබුන දේවල් බැමි පුපුරවලා නිදහස් කරපුවම ගලාගෙන යන්නේ ආදරය , කරුනාව ,උපේක්ෂාව වගේ සංකල්පයන් ඔස්සේ .....
කොයිතරම් නිදහසක් හිතට එනවද ? මට මිදුලට බැහැලා උඩ පැනලා නටන්න තරම සැහැල්ලුවක්........
අම්මා අහයි උඹට පිස්සුද ?.......කියලා මතක් වෙන කොට ආයෙත් ම පොලවට සිතිවිලි පහත් වෙනවා.
සමීරත් සමග ජීවත්වු අතීතය ගැටුම් බලාපොරොත්තු කඩවීම් නොසලකා හැරීම් නිතරම වගේ කේන්තියෙන් සිටීම නිසා සිරුරටත් දැනුනේ මහත් වෙහෙසක්.
දැන් මේ අසීරුතාවන්ගෙන් මිදිලා. මනසට වගේම ගතටත් දැනෙන්නේ සැහැල්ලුවක් සතුටක්.
පන්සල නිවසින් බැහැරව සමාජයක් මගේ ජීවිතයට ඇතුල් කලා. ඒ තුලත් මට ලැබුනේ සහනයක්. ගැටුමින් තොරවු නිදහස්වු මනස ඵලදායි සමාජ සම්බන්ධතා ,අර්ථ සම්පන්න ජීවිත ගත කරන්නන් මුණගැස්සුවා.මේ අයත් සමග ඇතිවු සම්බන්ධතා නව දෘෂ්ඨියකින් බලන්නත් ඔවුන් හා සුසංයෝග වෙන්නත් මගේ ජීවිතය ටිකින් ටික හුරුකලා.A day in the life