පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-06-07

නිරුවත් සත්‍ය



දවසක් බොරුවයි ඇත්තයි කතා කර කර ඉන්න අතර බොරුවට යෝජනා කලා අපි නාමු කියලා
ළිං වතුර හරිම ලස්සනයි.පැහැදිලියි
සත්‍යය, තවත් සැක හැර දැනගන්න , ජලය පරීක්ෂා කලා.
ඇත්තෙන්ම ජලය පිරිසිදුයි.
එහෙනම් අපි දෙන්නා ජලයට බැහැලා නාමු කියලා සත්‍ය යෝජනා කලා.
දැන් සත්‍ය යයි බොරුවයි නිරුවත්ව ජලයට බහැල ස්නානය කරනවා.
නමුත් හදිසියේම, බොරුව වතුරෙන් එලියට පැන, සත්‍යයේ ඇඳුම් ඇඳගෙන පලා යනවා
සත්‍යයට, කේන්ති එනවා,
ඈ ඇගේ ඇඳුම් නැවත ලබා ගැනීම සඳහා ළිඳෙන් ගොඩ විය යුතුයි.
ළිදෙන් ගොඩ ආ නිරුවත් සත්‍ය දකින විට ලෝකය
කෝපයෙන් හා අවඥාවෙන් අහක බලා ගන්නවා.
සත්‍ය යට දැන් කල යුතු විකල්පයක්. නැහැ.
ඈ නිරුවත්............
සත්‍ය නැවත ළිඳට පැමිණ සදහටම අතුරුදහන් වී ඇගේ ලැජ්ජාව සඟවා ගන්නවා.
එතැන් පටන් බොරුව සත්‍ය ලෙසින් සැරසී ලොව වටේ දුවනවා.
සමාජය මහත් සතුටට පත්වනවා.
මොකද නිරුවත් සත්‍යය දැනගැනීමට සමාජයට ඕනෑ කමක් නැහැ.
සමාජය බොරුවෙන් මුලා වෙලා.
පින්තූරය-
" ළිඳෙන් එළියට එන සත්‍යය", ජීන්-ලියොන් ජෙරෝම්, 1896.


The Lie said to the Truth, "Let's take a bath together, the well water is very nice.
The Truth, still suspicious, tested the water and found out it really was nice. So they got naked and bathed.
But suddenly, the Lie leapt out of the water and fled, wearing the clothes of the Truth.
The Truth, furious, climbed out of the well to get her clothes back.
But the World, upon seeing the naked Truth, looked away, with anger and contempt.
Poor Truth returned to the well and disappeared forever, hiding her shame.
Since then, the Lie runs around the world, dressed as the Truth, and society is very happy..... because the world has no desire to know the naked Truth.
Painting: Truth Coming Out Of The Well, Jean-Léon Gérome, 1896.


A day in the life

2024-06-06

ශ්‍රී ලංකාවේ ගංගා .


ශ්‍රී ලංකාවේ ගංගා .

ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි 103 ක් භූමියෙන් 90% ක් පුරා පවතිනවා.
ප්‍රධාන වශයෙන් යාපනය අර්ධද්වීපය හා ගංගා ද්‍රෝණි අතර මුහුදු තීරයන්වල පිහිටි ජල විද්‍යාත්මක අතින් නොවැදගත් අවශේෂ බිම් ඉතිරි 10% ට අයත් වෙනවා.
ශ්‍රී ලංකාවේ විශාලතම ගංගා ද්‍රෝණි වන මහවැලි ගංගා ද්‍රෝණිය වර්ග කිලෝමීටර 10,327 ක් පුරා විහිදී පවතිනවා.
එය ශ්‍රී ලංකාවේ මුළු වර්ගඵලයෙන් 16% ක් සහ මුළු ජල පරිමාවෙන් 19% ක් වෙනවා.
ශ්‍රී ලංකාවේ කුඩාම ගංගා ද්‍රෝණිය වන්නේ වර්ග කිලෝමීටර 9 ක පවතින තුම්පන්කෙනි ජලාශය ආශ්‍රිත ගංගා ද්‍රෝණියයි.
ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ගංගා ද්‍රෝණි 12 හි වර්ගඵලය, මුළු වර්ගඵලයෙන් 80% ක් වෙනවා.
ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම ගංගා ද්‍රෝණි 25 හි ජල පරිමාව, මුළු ජල පරිමාවෙන් 80% ක් වෙනවා.
මෙම ගංගා ද්‍රෝණි 103 න් වර්ගඵලය වර්ග කිලෝමීටර් 1,000 කට වඩා වැඩි ගංගා ද්‍රෝණි තියෙන්නේ 17 ක් පමණයි.
  1. මහවැලි ගඟ - 10,327
  2. මල්වතු ඔය - 3246
  3.  කලා ඔය - 2772
  4. කළු ගඟ - 2688
  5.  දැදුරු ඔය - 2616
  6. වලවේ ගඟ - 2442
  7. කැලණි ගඟ - 2278 
  8. ගල් ඔය - 1792
  9. මාරු ඔය - 1541
  10.  යාන් ඔය - 1520
  11. මී ඔය - 1516
  12. මහා ඔය - 1510
  13.  මුන්දෙනි ආරු - 1280
  14.  මැණික් ගඟ - 1272
  15. කුඹුක්කන් ඔය - 1218
  16. කිරිඳි ඔය - 1165
  17. මා ඔය - 1024
ශ්‍රී ලංකාවේ ගංගා ද්‍රෝණි අංකනය කරන්නේ හරි අපූරු විදියකටයි. ඒ අනුව,
අංක 1 ගංගා ද්‍රෝණි වෙන්නේ කැලණි ගඟ ගංගා ද්‍රෝණි යයි.
එතැන් සිට වාමාවර්ත දිශාවට අනිත් ගංගා ද්‍රෝණි අංක කෙරෙනවා.
අවසාන අංකය වන අංක 103 ගංගා ද්‍රෝණිය වෙන්නේ අත්තනගලු ඔය ගංගා ද්‍රෝණියයි.
සාම්ප්‍රදායානුකූලව වසර මුළුල්ලේ ජලය ගලා යන්නේ නම් එය "ගඟ"ක් යනුවෙන්ද වැසි නොමැති සමයේදී වියැකී යන්නේ නම් එය "ඔය" හෝ "ආර" යනුවෙන්ද නම් කිරීමෙන් දියමං හා ගංගා වෙන්කර හඳුනාගෙන තියෙනවා.
දත්ත : ශ්‍රී ලංකා ජාතික සිතියම් සංග්‍රහය - දෙවන සංස්කරණය : පළමුවන වෙළුම (ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව)
---විකුම් හර්ෂ , මෙටාවෙන්.
A day in the life