පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-06-02

උපකාර පන්ති.



ඊයේ මැයි 31 දා උසස් පෙල ප්‍රතිපල නිකුත් වුනා .උසස් අධ්‍යාපනය සදහා 64 % ක ප්‍රතිශතයක් සුදුසුකම් ලබනවා. රජයේ සරසවිවලට නම් මින් 10% කට පමන ඉඩකඩ තියේවි.
මේ විමසුම නම් උපකාරක පන්ති ගැන.

කාලය වෙනස් වෙනවා මේ පනහේ දශකය නෙමෙයි. එදා අපේ ගමේ ස්කොලේ මතක් වෙනවා. ලොකු ස්කොල මහත්තයායි නෝන මහත්තයයි නවාතැන් ගෙන හිටියේ ස්කොලෙමයි . ගුරු නිවාසයක් කියලා කියන්නත් බැරි අක්‍රමවත් ගුරු නිවාසයක. ස්කෝලේ ගොඩනැගිලි දෙකක් තිබුනා. එක ගොඩනැගිල්ලක තමයි ඒතුමන්ලා පදිංචිව සිටියේ.පාසල් කාලයෙන් පස්සෙත් ගමේ ළමයින්ගේ අධ්‍යාපනය ගැන සොයන්න විධිමත් වගේම නොවිධිමත් ක්‍රියාන්විතයක් එතුමාලා අතින් ඉටුවුනා.දශකයෙන් දශකයට ජනගහනය පිපුරුනා. ගුරුවෘත්තියටද ඒ් පිපිරීම බලපෑවා. පන්තියේ් බැරිවු කොටස හවස නතර කරගෙන කරදුන්න ස්වේ්ච්චා අධ්‍යාපනය ටිකින් ටික වෙළදපලේ මිළක් නියම වෙන්න පටන් ගත්තා.අද වන විශ්ව විද්‍යාලත් අධ්‍යාපනය මිළදී ගන්න පූළුවන් තැනට ඇවිල්ලා. ඉතින් ප්‍රාථමික තලයේ ඉදන්ම අධ්‍යාපනය විකිනෙනවා.මැතිවරණ කාලේ බිත්ති පුරා හිටපු වාමනරූප වෙනූවට දැන් බිත්ති ලයිට් කනුවල එල්ලිලා ඉන්නේ අධ්‍යාපන මුදලාලිලා නැත්නම් අධ්‍යාපන තාරකා. විවිධවු තේමාත් සමග මේ විපරියාස විරෝධාකල්ප මනසින් දකින නිර්මාණකාරිණියක් මෙහෙම කියනවා.“තාප්පය පුරා හිනැහෙන
පාප්පයෙන් ඇලී ඉන්න
නේක වර්ණ මන බන්දන
ආල වඩන රූ සිරි පිරි
ශිල්ප හොරුන්ගේ විස්තර
කියවපන් පුතේ .
ෆිසික්ස් ,බයෝ ,ඉංගිරිස් ද
කෙමිස්ට්‍රි ,සිංහල ,දෙමළ ද
එකී මෙකී නොකී ශිල්ප
(කඩුවෙන් නැත්නම් පොරොවෙන් .....)
තොරණ බලනවා වාගේ
බලා ගනිං වරුණනාව .
ටක් ටික් ටුක් ඇස් වහගෙන
ඇඟිල්ල තියපන් රූපෙට
තෝරගනින් උඹට ඕනෙ
හොඳම ශිල්ප හොරා කවුද!“
--------රෝ.සි.

අම්මලා තාත්තලා මේ තත්වය දකින්නේ විවිධාකාරයට. තමන්ගේ දරුවන්ගෙන් බැළුවොත් උපකාරක පන්ති පවත්වන එක හොදයි. චැනලින් එකේ දොස්තරයි - ටියුෂන් කරන ගුරුවරයයි වෙනසක් නැහැ. දෙන්නම එකම භූමිකාව එක විදියට රගපානවා.

මේ ඉහත නිර්මාණයට මෙටාවේ ලැබුන ප්‍රතිචාර කිහිපයක්.

““ඒත්..අද පවතින අධ්‍යාපනයේ තරඟය නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ. අපි කැමැති වුනත් අකමැති වුනත් අපේ දරුවෝ ටියුෂන් යවන්න වෙනවා.හැබැයි ඉතිං දෙමාපියන් බලෙන්ම වුනත් ඒවට ළමයි යවන්නෙ වැඩි හොඳට කියල !

අනේ මන්ද... අපේ කාලෙ ටියුෂන් ගිය අය හොරෙන් ගියේ, මෝඩයො තමයිඒවට යන්නෙ
කියල කතාවක් හැදිල තිබුණ නිසා.
දැන් ඒක style එකක් වෙලා .
මේක ලොකු කතාවක් ...තේරුම් කරන්නත් අමාරු ...තේරුම් ගන්නෙත් නැති ...ඕනෑම රැල්ලකට ගසාගෙන යන දරුවන්ට ,දෙමව්පියන්ට හිතන්න යමක් ඔයා පෙන්නලා දුන්න එක හරිම වටිනවා . වචන කීපයකින් ඒක ලස්සනට කියලා “““තවත් කෙනෙක් මේක දකින්නේ මෙහෙමයි.
පාසැල් වල හොරු හිටිය නිසයි
ටියුෂන් හොරු බෝවුනේ
මෑත අතීතය කෙසේ උවත් අපි පාසැල් ගිය කාලෙත් අපි ගොඩ ගියේ ටියුෂන් නිසා
පාසැල් ගුරුවරු ඇත්තෙන්ම උනන්දු නෑ
අපට නිවැරැදි ව කියාදෙන්න
මේ කියමනට එරෙහි වෙන්න පුලුවන්
මගේ පුතාගෙ කාලෙත් හරියට මියුසික් කියල දෙන්න ඕනෙ නම් එයාගෙ හවස ක්ලාස් එකට එන්න කීවලු
ඒ වගේ අය නිසා ටියුෂන් ගුරුවරු බිහි වුනා
එයාලට දොස් කියලා වැඩක් නෑ
අද ගොඩ ගිය හැම දරුවෙක්ම මාව අනුමත කරාවි
වර්තමාණ වෙළද ගුරුභූමිකාව නිසා මේ කියන කතාවත් බැහර කරන්න බැහැ. ව්‍යාරිකයෙකු බවට පත්වන මිනිසා තම ව්‍යාපාරය තර කරගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. ප්‍රචාරණයට අමතරව ප්‍රචණ්ඩත්වය ?. හැම දරුවෙක්ම ගොඩ ගියේ ටියුෂන් ගුරුවරයෙක් නිසා නම් ආර්ථිකයෙන් ගොඩ ගිය හැම ගුරුවරයෙක්ම ටියුෂන් කාරයෙක් !.
හිරකරුවාත් මනුෂ්‍ය යෙකි. කියන්නා වගේම ගුරුවරයාත් මනුෂ්‍ය යෙක් බැවින් වැටුප ඇතුලේ හිර වෙලා ඉන්න බැරිව දඩබ්බර භූමිකාවක කටයුතු කරන ඔහුත් සාරධර්ම අමතක කර ශිල්ප බෙදා දෙන්නෙක් වෙලා.මේ තව ප්‍රතිචාරයක්
ඔව් ......ඔයා වැරදි නෑ ..ඕනෙ ම සිදුවීමක් කීප ආකාරය කින් විග්‍රහ කරන්න පුලුවන් .එක් ගුරුතුමිය ක් තමන් ගෙ ටියුෂන් ක්ලාස් එකට නොඑන දරුවෙකු ට හරිම මානසික වදයක් දුන්නා .මං අවවාද කළා .තමන්ගෙම පංතියෙ ළමුන්ට ටියුෂන් නොකර ,අනිත් පාසැල් ළමුන්ට කරන්න කියල .එයාගෙ බඩට ගහන්න හදනව කියල , තරහ උණා .අදටත් කතා කරන්නෙ නෑ .මනුස්සකම තියෙන ගුරු වරු මුදල් පස්සෙ ම යන්නෙ නෑ .
ස්තුතියි හොඳ විවරණය ක් දුන්නට.

මේ තව අදහසක්.
100%ක්ම එකඟයි..සමහර ගුරුවරු ගැන වෛරයක් පවා තියෙනවා දරුවන්ගෙන් පලිගත් විදියට

කොහොම උනත් මේ අදහසට අනුගත වෙන්න සිදුවෙනවා.නැත්නම් දරුවන්ට වෙන්නේ බඩ ගාන්න. නැගිට ගන්න බැරි වෙනවා.
ඒත්..අද පවතින අධ්‍යාපනයේ තරඟය නිසා තමයි මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ.
අපි කැමැති වුනත් අකමැති වුනත් අපේ දරුවෝ ටියුෂන් යවන්න වෙනවා. එසේ නොකළොත් උන්ට තරඟයෙන් පසු බැසීමට සිදුවෙනවා .

A day in the life

2024-05-30

මල්වර නැකත මල් කැකුළක් හිසේ තියා




පසුගියදාක අපේ අසල්වැසි නිවසක මල්වර මංගල්‍යයක් පැවැත්විනි දවස පුරා ආරාධිතයන්ට පැමිණීමට පහසුකම තිබිනි.දෙතුන් සීයයක් එදින පැමිනෙන්නට ඇතියි මම සිතින් ගනනය කලෙමි.රාත්‍රිය නිමාවුයේ මධු සාදයක් සමග සංගීතමය රස සාගරයක් මවමිනි. එම දෙමව්පියන් වියදම් කර තිබු මුදල පුංචි ගෙයක් හදා ගන්නට තිබුනා නේදෑයි එදා මට සිතිනි.
අටවසර පන්තියේ පමණ අධ්‍යාපනය ලබන පුංචි දියණියකට ඒ් දවස වදයක් වෙන්න ඇතැයි සිතන්න තවත් එවන්ම පුංචි දැරිවියක් මට මගපෙන්වු බවද සටහනට එක් කරමි. ඈ අළුත් ඇදුමක් පවා පිලිකෙව් කල උත්සව ප්‍රතික්ෂෙප කර මෙය සාමාන්‍ය අවස්ථාවක් බව කීමට එඩිතරව සිටීම ගැන මම ආඩම්බර වුනෙමි.ඇගේ දෙමව්පියන්ද එම අදහසට එකගව ඇගේ උඩුගම් බලා යන ගමනට අත්වැලක් වී තිබිනි.
මේ උත්සව දෙකම සංවිධානය වී තිබුනේ එක්වන් අධ්‍යාපනයක් සහ වත් පොහොසත් කම් ඇති දෙමව්පිය පවුල් දෙකකිනි.
මතෘත්වය කාන්තාවකට හිමිවීමේ පලමු වරම ලෙස මල්වර වීම හැදින්විය හැකිය .කායික විද්‍යාණුකුලව මල්වරවීම කාන්තා සිරුරක සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියක ආරම්භක අවස්ථාවයි.
මෙය අඩ බෙර ගසා රටට කිවයුතු කාරනාවක් නොවේ.එහෙත් අපේ සංස්කෘතිය විසින් යම් යම් සිරිත් විරිත් මල්වර වීමෙදී පෙර පටන් අනුගමනය කරන්නට පරිසරය සකස් කර තිබේ. ඒවා අඩු හො වැඩි වශයෙන් අනුගමනය කරන අතර දැනුම්වත් දෙමව්පියන් පවුලේ ඥාතීන් අතර පමනක් පවත්වන සරල උත්සවයක් බවට මල්වර උත්සවය පත්කර ගෙන සිටී.
අතීතයේ සිට පැවත එන සිරිත් අනුව දියණියක විසින් තම මවට මේ බව දැන්වු විට , මව ඇය අතට ලෝහමය ආයුධයක් අතට දී කිරි ගහක් ලගට ගොස් ගසට කිරි එනසේ කැපුමක් කරනු ලැබේ ලෝහමය ආයුධයෙන් ආරක්‍ෂාවත් කිරි ගහෙන් සෞභාග්‍යත් සංකේතවත් කරනු ලැබේ.
පෙර පැවති සමාජයේ සිරිත් විරිත් අතරට ශබ්ද නගා කතා නොකිරීම, දින තුනක්‌ ගතවන තුරු කිසිවෙකුට මුහුණ නොපෙන්වීම, තාරකාවන් දෙස නොබැලීම, සුවඳ විලවුන් පාවිච්චි නොකිරීම, ස්‌නානයෙන් වැළකීම, ආභරණ නොපැළඳීම, නියපොතු, හිසකේ නොකැපීම, හිසකේ පීරීමෙන් වැලකීම යන සිරිත් විරිත් මල්වරය මංගල්ලය සම්බන්ධ සිරිත් විරිත්අතරටට ඇතුළත් වේ. නැවුම් මැටි බදුනක ආහාර ගැනීම, දෝතින් ගෙන ජලය පානය කිරීමත් ,මෙම සිරිත්ම අනුගමනය කරන මල්වරවු දියණියකට තාවකාලික සිර දිවියක් ගතකිරීමටත් සිදුවේ.
සමහර ප්‍රදේශවල පස්‌ මොරු කුල්ල දීම නමින් සිරිතක් ‌තිබේ. මෙම සිරිතේදී හාල්, පොල්, තුනපහ, පළතුරු, කැවිලි, බුලත්, පුවක්‌ ආදිය ද, දියලබු, වට්‌ටක්‌කා වැනි එළවළු වර්ග කීපයක්‌ද කුල්ලක අතුරා පහනක්‌ තබනු ලැබේ
මල්වරවු දියණියක ස්නානයෙන් පසු නිවසට පිවිසෙන අවස්ථාවේ දොරකඩ හරහා පැදුරක් එලා වී,තල උදු මුං මෑ ඇට දමා ඒ මත තොලබෝ අත්තක් සහ මොල්ගහක් හරහට දමා ඒ උඩින් ඇවිද ගෙන යාමට සලස්වනු ලැබේ .
මේ අවස්ථාවේ රෙදි නැන්දා විසින් පොල් ගෙඩියක් බිම තබා දෙපළු වනසේ බිදිනු ලැබේ. මින් පසු ඈ කැදවා ගෙන යන්නේ නිවසේ මැද සකස් කර ඇති රන්, රිදී, මුතු, මැණික්‌ ආදියෙන්ද කැවිලි, එළවළු, හාල්, පොල් හා ඇඳුම් ආදි ද්‍රව්‍ය වලින් බිම පැදුරක අතුරා සකස් කර ඇති ස්‌ථානයටයි. මෙම ස්ථානය පැදකුණු කර පහන් දල්වා සිරිත් කරනු ලැබේ. වැඩිවියට පත්වන අවස්ථාවේ ඇඳ පැළඳගෙන සිටි කණකර ආභරණ, ඇඳුම්, කොට්‌ට, පැදුරු සියල්ලම රෙදි නැන්දාට භාරදීම වැනි සිරිත්ද මෙයට ඇතුලත්වේ.
රෙදි නැන්දා අද වොසින් මැසින් එකවී ඇති බැවින් මව හෝ ඥාති නැන්දා කෙනෙක් මේ සිරිත් විරිත් සදහා මැදිහත්වේ. සිරිත් විරිත්ද වර්තමානය වන විට ලඝු වි ඇතත්, උත්සවශ්‍රීය නම් සංකීර්ණවී ඇති සෙයකි. මගේ අඅසල්වැසියාට සිදුව ඇත්තේ උත්සවශ්‍රීය සංකීර්ණවීමයි.


විජේසිරි ජයසේකර මෙටාවට එක් කල සිතිවිල්ලක්

මල්වර නැකත මල් කැකුළක් හිසේ තියා
නැන්දට වෙල්ලාව පොට්ටනි ලියා තියා
සිරිතට වරිගෙ වංශෙට මල පොතේ ලියා
කෙල්ලගෙ ජීවිතේ කනවා මගුල් කියා

ජීවයෙ නියම ගමනට පිළිපන් විටදී
කාටත් පොදුයි ලෝ දහමට රුකුල් දිදී
කය තුළ සිදුවෙනා වෙනසක් නැකතට දී
ලෝකෙට කෙල්ල විකුණනවා මගුල් යෙදී

ගහලා පොටෝ ඇල්බම් උඩ නැගල හිඳී
යහපත් ගුණ ධර්ම වෙනුවට බයිල වදී
ගමටම බොන්න දී රෑ පාටියට හිඳී
දරුවව නටවනව අම්මල අකුණු වදී

නැකතට කියන දේවල් ගුරු කොට රැගෙන
දරුවගෙ ජීවිතේ කනවා නැත සිතින
යහපත අයහපත ගැන කිසිවක් නොදැන
කොටහළු මගුල ජයටම කයි ණය රැගෙන

නැකතට වතුර කලයක් නාවා ඇතිද
පහනක් එක් දිනක් දල්වාගෙන කිමද
සුදු වත හැමදාම අඳිනට හිත නැතිද
කිරි ගහකට කෙටුම කුමකට එය හරිද

සතියක් හමාරක් ඉගෙනුම නෑ ඔට්ටූ
කෑමක් බීම නෑ හරියට වෙයි තට්ටූ
සෙල්ලම් කරන්නට මුත් හිත වෙයි මට්ටූ
මුල්ලක තනි කරන්නේ මොන කරුමද පිට්ටූ

අන්දල නේක වයිවාරණ ඇඳුම් රෙදී
ගමටම කියල කෙල්ලගෙ ගලවනව රෙදී
ණය වී තම්බලා බත් ගෙඩි එක්ක හොදී
මෙහෙමත් පිස්සු කෙළිණා අය කොහේ හිඳී

පොඩ්ඩක් හිතල මේ ගැන දැන් හැදෙන අය
විකුණනු එපා දරුවා මේ ලෙසින් කය
යහපත් ගුණ ධර්ම දරුවට දිදී ළය
මල් පූදින්න ඉඩ දෙනු එය තමයි පිරිය

 ස්තුතියි .


A day in the life