පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-05-29

හුචක්කුව








හුචක්කුව යනු ඈත අතීතයේදී ගැමියන් ඇඳි කොට කලිසමට යම් සමානකමක් ඇති ඇඳුමකි. එය කලිසම මෙන් පිළිවෙලකට ඇති ඇඳුමක් ලෙස බැලූ බැල්මට නොපෙනේ.හරි අපිළිවෙල ගතියක් බැලූ බැල්මට පෙනේ. එම නිසා ජනප්‍රිය නොවුන ඇඳුමක් ලෙස භාවිතයෙන් ඉවත්ව ගොස් ඇත.
හුචක්කුව ගැන නිතරම කීවාට කිසිම තැනක හුචක්කුව යන වචනයට සමාන හෝ එහි අරුතක් ගැන විස්තර දකින්නට නොමැත. ඒ තරම්ම මෙම වචනයද මෙම ඇඳුම හා සමානවම සැඟව ගොස් ඇත.
හුචක්කුව ගැන කියද්දී දන්දෙනි කුඹුරේ මාමා වන හීන් බණ්ඩා මාමාව අමතක කල නොහැක. එම ඇඳුම ඇඳ ඡායාරූප ගන්නටත්, ඒ ඇඳුම ගැන විස්තර පැවසුවේත් හීන්බණ්ඩා වෙදමහත්තයා වන
දන්දෙනිකුඹුරේ මාමාය.
ජීවත්වීමට හැකි කිසිදු පහසුකමක් නොමැති මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානයක් වන මේ දණ්දෙනි කුඹුර මේ වන විට හුදකලා ගමක් බවට පත්වී ඇත.
මීමුරේ,සුළුගුණේ,ගලමුදුන, හෙට්ටිපොළ, , ගොඩඋල්පත යන ගම්මාන වලින් දන්දෙණිකුඹුර වටවී ඇත. එම ගමට සුළුගුණේ සිට කඳු හරහා පැය තුනකට ආසන්න කාලයක අති දුශ්කර ගමනක් පයින් ගමන් කළ යුතුය.
මීමුරේ ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් අති දුෂ්කර ගමක් වන දන්දෙණිකුඹුර අද වන විට කිසිදු පුද්ගලයෙකු ජීවත් වන ගම්මානයක් නොවේ. ජනතාවට ජීවත්වීමට හැකි ප්‍රමාණවත් පහසුකම් එහි නොමැත.
එහෙත් මෙම රට උළු සෙවිලිකල නිවස සාදන්නට කෙසේ අමුද්‍රව්‍ය රැගෙන ආවාදැයි පුදුම සහගතය.ගෙවත්ත පොල් ගස් රාශියකින් සමන්විතය.නිවසේ එක කාමරයක් පොල් වලින් පුරවා ඇත.ඒවා මිලදී ගැනීමට කෙනෙකු එන බව ඔහු පැවසුවා.එහෙත් අද ඒවා පරිභෝජනය කරන්නට කිසිවෙක් ඇද ඉතිරිව නැත.
නිවසේ ගෙවත්තේ එක් මායිමක් අසලින් දොල පහරක් ගලා යයි. එයින් ජල අවශ්‍යතා සපුරාගනී.අනිත් අන්තයෙන් හීන් ගඟ ගලායයි.
මේ ගමේ ජීවත්වූයේ හීන්බණ්ඩා වෙදමහත්තයා පමණ යි. එහෙත් ඔහුද දැන් මියගොස් වසර කීපයකි.ඔහුගේ ඥාතින් සිටින්නේ මීමුරේ ගම්මානයේය. මීමුරේ ගමට යාමට කිලෝ මීටර් 8ක් පමණ යායුතුය.
මලියදේව මහ රහතන්වහන්සේ ඇතුලු තවත් රහතන් වහන්සේලා පිරිසක් මේ අසල වැඩවාසය කරලා තියනවා ..උන්වහන්සේලාට
දන් පිලිගන්වලා තියෙන්නේ මේ දන්දෙණිය කුඹුරු අස්වද්දලාලු .දන්දෙන කුඹුර පසුව දන්දෙණිකුඹුර බවට විවහාර වී ඇත.
අදින් වසර පහළොවකට පෙර පවුල් තිහක් පමණ ජීවත් වී ඇති මෙම ගම්මානයේ ජනතාව මෙහි ඇති අති දුෂ්කර බව හේතුවෙන්ම ක්‍රමක් ක්‍රමයෙන් ගම අතහැර ගොස් වෙනත් ප්‍රදේශයන්හී පදිංචිවී ඇත. අවසාන වශයෙන් දන්දෙණිකුඹුරේ මාමාට නැතිනම් හීන්බණ්ඩා මාමාට නිවන්සුව අත්වේවා යි පතමි.

මීදුම එකතු කලා මේ ටික.
******සබරගමුවෙත් ඌවෙත්්මීට සමාන ඇදුමක් භාවිතා වුනා. ඒ ඇදුම හැදුන්වුනේ “ සරුවාලය“ කියලා දැන් සැහැල්ලු කොට කලිසමක් ඒ වෙනුවට ආදේශවෙලා. මේ පලාත් වල හුචක්කුව කියලා අබලි උපකරන වලට කියනවා. බයිසිකලයක් , කරත්තයක් පැරණි වාහනයක් වගේ දෙයක් භාවිතයට ගෙනත් දුන්නොත් “ මොකක්ද මේ හුචක්කුව “ කියලා කියන අවස්ථා තියෙනවා.
මිනිස්සු වයසට ගියාම “ කෝ බන් උබේ හුචක්කුව “ කියලා භාවිතා වෙන්නේ බිරිදට හෝ ස්වාමිපුරුෂයාට. ඕන හුචක්කුවක් හිතා ගන්න . ඒකට කමක් නැහැ. කුඹුරට හේනට ගැලපෙන ඇදුමක් තමයි “ හුචක්කුව “





සටහන හා ජායාරූප කේ.ජී.කීර්තිරත්න


A day in the life

2024-05-27

වරප්‍රසාද



වරප්‍රසාද 

ලොකු ලොකු දේවල් හිත හිතා ඉන්න කොට පුංචි එකෙක් කිව්ව කතාවක් මතක් වුනා.
එක එක කාලෙට එක එක සංකල්ප එනවානේ. ඒවා එනවා වගේම නැතිවෙලත් යනවා. ප්‍රායෝගික නූනාම ඔය සංකල්ප පවතින්නේ නැහැ. මේ කතාව කෑම පාර්සල් ඔතාගෙන එන පොලිතීන් කොළ ගැන. අපි සිංහල භෂාවෙන් “ ලන්ච් සීට් “ කියන්නේ !!. අන්න ඒ් කොළ ගැන.
පොලිතීන් සීමාකරන්න ඕන කියලා ලොකු අඩහැරයක් තිබුනාගේ සිරිසේන උන්නැහේගේ රාජ්‍ය පාලන සමයේ. ඉතින් ඒ කාලේ පාසල් වල දරුවන්ට තමන්ගේ දිවා ආහාරය ගේන කොට විකල්පයක් භාවිතා කරන්න සිද්ධවුනා. මේක අකුරටම කෙරෙන්න ඕන කියලා පාසල්වල නියෝගයක් පනවලා තිබුනා. ඔය මම කියන පාසලේ කෑම පාර්සල් පරීක්‍ෂණයට ‍ගුරුවරයෙක් වෙන් වෙලාම හිටියා .

 


එතුමා පාර්සල් පරීක්‍ෂා කරමින් යනවා දිනපතාම. මුළු පාසලේම ලන්ච් සීට් භාවිතයෙන් ඉවත් වෙලා. ඒත් ලමයි දෙන්නෙක් විතරක් මේ වැඩේ අත්හැරලා නැහැ. කොයිතරම් අවවාද කලත් මේ දෙන්නා පිලිගන්නේ නැහැ.ඒ මදිවට මේ දෙන්නා ශිෂ්‍ය නායකයෝ.
අමුතු වරප්‍රසාද මේ දෙන්නට විතරක් තියෙන්න බැහැනේ. එහෙම හිතාගන විදුහල්පතිතුමාට පැමිණිලි කරන්න සිකුරිටි ගුරුතුමා හිතාගත්තා.
ගුරුතුමා ගේ ක්‍රිියාකලාපය නිරීක්‍ෂණය කරගෙන හිටපු පොඩි එකෙක් සර් ලගට ඇවිත් කියුවේ අමුතු කතාවක්
“ ඔය අයියලා දෙන්නා සර් කියන නියෝගය පිලිපදින්නේ නැහැ සර් “ කියලා
“ඇයි එහෙම කියන්නේ ?.
“ ඇයි සර් දන්නේ නැද්ද අර වැසිකිලිවල කැපුවේ කවුද කියලා ?. එතකොට මතක් වුනා මේ දෙන්නා නේද නේද ? කියලා.
“සර් විසිපන්දහක් ඉල්ලපු වැඩේ මේ දෙන්නා කරලා දුන්නේ හත්දාහට නේ‘‘. පොඩි එකා කිව්වා.
හොයලා බලපුවම රුපියල් විසිපන්දාහක් පාසලෙන් ගෙවලා.
රුපියල් දහඅට දාහක් ආගිය අතක් නෑ.ඉතින් අවශේෂ ගුරුවරයෙක්ගේ අණක් ඒ ගෝල දෙන්නා පිලිගනීවියැ.

 

 



A day in the life