පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2024-05-16

අපෙ හැඟුම්වලට | - වික්ටර් රත්නායක.



අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ තබා ගනිමු තරමින් වියතක්
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ//
 
ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුනා
හදපානේ මද අදුරේ
 
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ//
හිර  කර හසරැල්ලෙන් බැදුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
හිර  කර හසරැල්ලෙන් බැදුම්
අපි හිනහෙමු සපුරා පැතුම්
මතුආත්මයෙ හමු වෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
 හදපානේ මද අදුරේ
අත් පටලා යමූ ආයේ
 හදපානේ මද අදුරේ

අත් පටලා යමූ ආයේ

 
පද ප්‍රේමකීර්ති අල්විස්ගේ . 
සංගීතය සහ ගායනය ආචාර්ය වික්ටර් රත්නායක යන්ගේ.
මට මතක හැටියට හැත්තෑව දශකයේ ගීතයක්. අපි එදා රසවින්දා වගේ අදත් රසවිදිනවා.

 පෙර කලෙක ආදරයෙන් බැඳී සිටි යුවලක් වෙන්ව ගොස් යලි හමූ වූ මොහොතක්.දැන්  කාලය ගෙවී ගිහින්.
දවසක අහම්බෙන් ඔවු නොවුන් මුණගැහෙනවා.
අගුලු ලා තිබූ හැඟුම් ලිහිලා යනවා.
අගුලු ලා තිබූ හැඟුම් වලට යම් සීමාවක් ඇතුව යලි ඉඩ දෙන්නට ඔවුන් තීරණය කරනවා. 
ඔබ , ඔබ  හෙවනැල්ලෙන් මිදී
මම , මගෙ හෙවනැල්ලෙන් මිදී
ඔබ ඔබ හෙවනැල්ලෙන් මිදෙන්න......වර්තමානයේ ඈ විවාහකයි
මම මගේ හෙවනැල්ලෙන් මිදෙන්නම් .........මාත් දැන් විවාහකයි
අපි හැගුම් වලට ඉඩ දී මොහොතක්
ඉඩ තබා ගනිමු තරමින් වියතක්
යෝජනාවක්
 
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ
අවුදින් හෙමින් රහසින් මුමුනා
හදපානේ මද අදුරේ
අත් පටලා යමූ අප ආයේ
යෝජනාවට දෙදෙනාම එකගවනවා
 
හදපාන ඔවුන් වෙනුවෙන් වෙන්වෙලා. - අවුදින් හෙමින් රහසින් මුමුනා
අත් පටලා යමූ අප ආයේ
හිර  කර හසරැල්ලෙන් බැදී
අපි හිනහෙමු සපුරා පැතුමෙන්
තාවකාලිකවු නවාතැනෙන් ඔවුන් පිටවෙලා  යනවා.
මතුආත්මයෙ හමු වෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
සමහර විට යලිත් හමු වෙන්නේ මතු ආත්මයේ වෙන්න පුළුවන්.
 
 


 


2024-05-15

අපි චක බ්ලාස්


 අඹ ගහට බකමුනෙක් ඇවිල්ලා
යන්නෙත් නැ  මා දිහා බලාගෙනම ඉන්නවා
බකමුනෝ උඹට මොනවද ඕනි
මම කරුනාවෙන් අහනවා.

හ්ම්........

බකමුනෝ
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කරනවළු
ටෙලිකොම් එකේ රජය සතු කොටස් විකුණා දමනවළු
උඩින් යන ඒයාර් ලංකා එකත්  විකුනවලු.
පාඩු ලබන රජයේ ආයතන සියල්ලම  දෙනවළු,
හ්ම්...............හ්ම්............
හ්ම් හ්ම් කියලාත් හරියන්නේ නෑ 
විසදුමක් කියන්නකෝ.
හ්ම් හ්ම්
විශ්ව විද්යාල කාර්ය මණ්ඩල
වැඩ වරල
රෝහල් කලාවට වැඩ වරනවා.
අද ඒක පලාතක --හෙට තව පලාතක
හ්ම් .......හ්ම්.........හ්ම්
විශ්ව විද්යාල ඇන හිටලා
ශීෂ්යයන් අතරමන් වෙලා
රෝහල් වල ලෙඩ්ඩු රස්තියාදූ වෙනවා
අසාධ්‍යය   වෙනවෙ.....ට්රොලිය මත්තේ පණ අදිනවා
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
එක්කෝටමත්  හ්ම් ඔට්ටු නැහැ.
හ්ම්..............
ඒ්කටත් උඹට  හ්ම්.
රටේ සල්ලි නැහැල්ලු
සාමාන්‍්‍ය කෙනෙකුට ගමන් බිමන් යන්න
පුංචි වාහනයක් ගන්න ඉඩ නැහැ
ආර්ථික අර්බූදෙලු
මන්ත්‍රී  උත්තමයන්ට
වාහන ගෙන්නා ගන්න පර්මිට් දෙනවලු
හ්ම් ....හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
එතකොට ඔය අර්බුදය නැද්ද
හම් ....හ්ම්
එක්  කෙනෙක්
හාල් බෙදනවා
ඉඩම් බෙදනවා
අස්වැසුම දීලා සනසනවා
මේ ඔක්කොම ඡන්ද උනොත්
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
තවත් කෙනෙනක්
බස් දෙනවා
සුහුරු පන්ති කාමර දෙනවා
හුස්ම දෙනවා.............
ඒ් ඔක්කොම ඡන්ද උනොත්
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
දූෂණය අතු ගානවා
ඒකෙන්ම අපි රට ඉහලට ඔසවනවා.
ඩිංගක් විතර විපක්ෂයට
පාට් දමනවාමේ ඔක්කොමත් ඡණ්ද
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.
 

 


උඹ
හ්ම්...........හ්ම්...........හ්ම්.........හ්ම්.

අපි

චක බ්ලාස්.............


A day in the life