පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2023-05-17

රස භාව හිඳිලද ...?? (Human Robots )


සත්‍යජිත් රායි කල්කටාවේ ඉඳන්

පාතර් පංචාලි හැදුවම ....

සේකර ඊට හුඟ කාලෙකට පස්සෙ

තුන් මං හංදිය හැදුව.

ලියනාර්ඩෝ ඩා වින්චි ,මෝනාලිසා

ඇන්දම ....

ජෝර්ජ් කීට් ගෝතමී විහාරෙ

අපූර්ව ලෙස සිතුවම් ඇන්දා .

ප්‍රංශයේ ඉඳල ,වික්ටර් හියුගෝ  Les Miserables

ලිවුවම ,ඊරියගොල්ල මහත්තය ,

මනුතාපය කියල ..ඒක පරිවර්තනය කළා .

ටෝල්ස්ටෝයි ඇනා කැරනිනා අරං ආවම

මඩොල් දූවට වික්‍රමසිංහ මහත්තය අපිව

අඬගහගෙන ගියා.

සීගිරි ගිහිං කුරුටු ගී ලියල ,පහළට බැස්සෙ

ඒ කාලෙ ගමේ ගොඩේ වැඩ කරපු ,අපේ

සිංහලයො .

නිල් කට්රොල් මලෙකැ ඇවුණු

වැට් කොල් මල සෙය් ...

උපමාවක් ලස්සණට තෝරාගන්න ,එයාලට

පුළුවන්කම තිබුණා .

අද කාලෙ, රුවන් බන්දුජීවල ..රසවත් කවි ලියනව

අපිට වින්දනයක් ලබා දෙන්න.

මේ බලන්න....

ඇළ හොඳින් හැඳ පැළඳ

ඇවිද යයි කුඹුරු මැද

වැව අරෙහෙ නිදි නැතිව

මේ ඇඳුම මහපු බව

කිසිම වී කරලකට

ඇළ කියා නැත තවම .

මොනතරම් රසවත් ද?

ඉර බැහැගෙන වළාකුළු රන්වන් පාට වෙනකොට

කුත්තාකාර හැඩේට කොක්කු රෑනක් අහසෙ

පියාඹගෙන යනව මං හරි ආසාවෙන් බලා ඉන්නෙ .

ඒත් ...

ලෝකෙ අපූරු චිත්‍ර මොනතරම් බිහි උණත් ,

චිත්‍රපටි මොනතරම් කලාත්මක උණත් ,

මන මෝහනය කරන රස ගීත ලියැවුණත් ....

සොබාදහම අපිව විශ්මයට පත් කළත් ...

.........................................................................

ඉහළටෝමඉගෙනගෙන ..

ලොකු රස්සාවක් කරන සමහරු ..

යමක් රස විඳින්න දන්නෙ නැත්නම් ...

ඒකට වත් වෙලාවක් නැත්නම්...

හරියට රොබෝලවගෙ ..

වැඩ ..වැඩ ..වැඩ..නම් ,

අනේ ..පව්” ! කියල හිතෙන්නෙ නැද්ද??

 

සටහන - රෝ.සි.

 


notes of imaginary

2023-05-09

ජුලියට් ලා ගේ ඉරණම.



සරාගික හීන තොටුපලේ
රෝමියෝ සොයා ඇදෙනා
මීතොටමුල්ලේ ජුලියට්
පෙම් හබයක පැටලෙන්නා ..
ඒ.එල් .කරළා ඉවරයි
රතු ඉරි පැන ඇය ඉගිළෙයි .
රෙද්දේ තුත්තිරි සොයනා
පත්තිනි අම්මලා ගොඩයි.
සංචාරක කුරුල්ලන්ට
සීමා මායිම් කොහෙන්ද ...
ඇඩ්රස් නැති රෝමියෝට
තහනම් ගෙඩි මොන කජ්ජද?
අඳුරේ සළු ලෙහුව පවට
කඳුළු කතා වැල් ඇදුනට
ජාන් බේරගන්න බැරිව
විභාග ප්රතිපල ලැබුණා .
නාන පයිප්පය වටකර
කුණු ඔක්කොම ගලා ගියා
රේල්ලුවේ ඇමිණී ගිය
සිරුරක දරු ගැබ ගැහුණා .!
රෝ.සි.ගේ සිතිවිල්ලක්. ඇයට ස්තුතියි.

notes of imaginary