පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2022-07-16

අපි බලා ගෙන ඉමු.





මීදුම සිකුරාදා පල කල වියමනට ප්‍රතිචාර වශයෙන් තම තමන්ගේ දේශපාලන කියවීම් දක්වලා තිබුනා. එවැනි සංවාදයක් ඇතිවීම ගැන මට සතුටුයි.

මේ පැය ඔරලෝසුවේ තප්පර කට්ට වගෙයි තප්පරයෙන් තප්පරය ගලා එන ලාංකීය දේශපාලනයේ චලනය විවිධාකාර රට මවනවා..

අපි ප්‍රේක්‍ෂකයෝ .

අපි ප්‍රේක්ෂකත්‍වයට පත්වුනේ අපේක්‍ෂකයාගේ ලකුණත් අංකයත් ඉදිරියෙන් ඡන්දයත්, මනාපයත්  පළකල මොහොතේ.ඉන් පසු අපේ අයිතිවාසිකම් අහිමි කරගෙන එකෙකුට ඒ අයිතිවාසිකම් බාර දුන්නා.එහෙම  225ක් හැදෙන්න මග පෑදුනා.ජනාධිපතිවරණයේදී වුනෙත් ඒ ටිකමයි.දාම් බෝර්ඩ් එකට දාමෙක් පත්තරගෙන ඌත් එක්ක තිබුන ඇයි හොදයිය දාමා උනාට පස්සේ අහිමි කර ගත්තා

අපි නරඹන්නෝ බවට පත්වුනා. ඉන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව .තුල මේ කන්ඩායම අතර අපි නරඹන්නෝ පමනයි.

උන්ට උන්ගේ ඕනෑ එපාකම් මත පිස්සු නටන්නත් , මගුල් නටන්නත් පුළුවන් මේ ක්‍රමය හදුන්වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා.

මේ හින්දා මම මගේ දේශපාලන කියවීම කරන්නේ බොහෝම පරිස්සමෙන්.

'අපි බලා ගෙන ඉදිමු. '

කියලා “මාර්ක් සකර්බර්ග්” වියමනට ප්‍රතිචාර දැක්වු වේයන්ගොඩ , -විශ්‍රාමලත් පාඨශාලා ආචාර්ය කුරුප්පු මයාට මීදුම ප්‍රතිචාර දැක්වුවා. එතුමා ඒ ප්‍රතිචාරයට අසතුට පල කලේ මෙහෙමයි.
“එපමණද ඔබතුමාගේ අදහස ලයනල් මහත්මා? කණගාටුයි.”

 කියලා.

ඇත්තෙන්ම අපි හදිස්සි වෙන්න ඕන නැහැ. 20 වෙනිදායින් පසු උදා වෙන දවස ගැන අපිට කියන්න බැහැ. මේ අවපාතය ගැන කියවීම නිසා විසිවී ගිය මැති ඇමතිවරු ගොඨා ගේ ආණ්ඩුවේ ඉන්නවා. ඔවුන්ගෙන් සමහරු කොරෝනා රැල්ල අවසාන වුනදා සිට අදහස් පල කරමින් සිටියා. අර්බූදය  ඔඩු දුවන්න පටන් ගත්තා. ආර්ථික ඝාතකයා ලෙස හදුන්වා දුන් පී.බීත් මහ බැංකුවේ ආටිගල වැනි රාජ්‍ය සේවකයෝ බොහෝමයක් මාර්තු වෙන කොට විසිවුනා.නැත්නම් ඉවත් වුනා.  එතකොට ගොඩ එන්න බැරි තරමකට අපි තල්ලු වෙලා.

අරගලය හොදින් නිරීක්‍ෂණය කරන්න. පාලකයින් අපි පාලනය කරගන්න අරගලය උර දෙනවා. ඒක නියමෙන් නොවෙන්න පුළුවන් . අනියමින්.

අපිට තෙල් නැහැ , ගෑස් නැහැ. ආහාර ,ඖෂධ නැහැ නැත්නම් මිළ අහස උසට ගිහින්  කවුරුවත් හාං කවිස්සියක් නැහැ දරා ගෙන ඉන්නවා.

අපේ මනස එතනට ගෙනල්ලා.

Anonymous said…

“ඔන්න ලයනල්ලාගේ රනිල් හාමු වැඩ පටන් අරන්. මර්ධනය ආරම්භකරයි.
අරගලයේ සිටි නායකයිනි. ජීවිතය බේරා ගන්න රටින් පලා යන්න.”

මේ මීදුමට ලැබුන තවත් ප්‍රතිචාරයක්. කෙටිම පිළිතුර නම් මීදුම  ජේ. ආර් ගේ නායකත්‍වයෙන් පසු එම පිළ අත් හැරි බවයි.

අපි කතා කරමු අපි ඉවසා ගෙන බලා ඉදිමු . අරගලයට බලපෑමක් කරන්න හැකිවුනාට අපිට එහෙම බල පෑමක් කරන්න බැහැ. අපේ විශ්වාශය රැදිලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට කොටු වෙලා.


notes of imaginary

2022-07-15

මාර්ක් සකර්බර්ග්.



එඩ්වඩ් සැවරින් සමඟ මාර්ක් සකර්බර්ග් කියන විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ නිර්මානයක් අද ජාත්‍යන්තර ව්‍යාප්ත වු මහා ව්‍යාපාරයක්.2004 පෙබරවාරි මාසයේ සිට පේස්බුක් ආපු ගමන ලෝක සමාජයම විප්ලවයකට පත් කරලා .

අපේ රටේ අදහස් විකාශණය කර ගන්නා ජනප්‍රිය මාධ්‍යය මුණු පොත. එය නිවරදි විදියට භාවිතයට ගත්තොත් විශාල මෙහෙවරක් කරගන්න හැකි මාධ්‍යයයක්. අපි  අරගලයේ දී බොහෝ අදහස් හුවමාරු කර ගත්තේ මූණු පොතෙන්. මේ අදහස් විවේචනයට ලක්වු අවස්ථා වගේම තර්ජනයට ලක්වු අවස්ථා බොහෝමයි.

මම සීයා කෙනෙක්. 71 කැරැල්ල පටන් ගන්න කොට මට 23යි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්‍ධ වුනේ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන අදහස් වලිනුත් ඔළුව පුරෝගන. අපේ පවුලම තනි අලියට වෙලා ඉන්න කොට අපේ  තාත්තා කිව්වේ “ඔය වයසේ වැරද්ද “කියලා.ඒත් කැරැල්ල ඇති වෙනකොට අඩියක් පස්සට අරන් රැදෙන්න තරම් දෙවරක් හිතන තරුන මදයක් මට වගේම මා වටා සිටි අපේ වයසේ අයට තිබුනා. දැන් අපි ගෙවන්නේ අපෙන් පස්සේ මේ  තුන්වන තරුන පරම්පරාවේ උදවියත් එක්ක.

දෙවෙනි පරම්පාරවටත් වඩා ඔවුන් ආවේගශීලියි.ඔවුන් අඩියක් පස්සට ගන්නේ ඔක්කොම හරිගියාම. නැත්නම් විනාශ වෙලාම ගියාට පස්සේ.

ඉතින් මම මගේ මූණු පොතේ පලකරන අදහස් බොහෝම පරිස්සමෙන් කරන්නේ. මගේ කාලය වැයකරන්නේ සතුටෙන් ඉන්න. ඉතින් මොකටද  මේ තර්ජන ගර්ජන වලින් මගේ හිත පාරා ගන්නේ ?.මම පේස්බුක් පිටු අතරින් දෑක්ක දෙයක් තමයි අන් මත ඉවසීමට නොහැකි කම. අන් මත විවේචනය කිරීම අදහස් දැක්වීම හොද ලක්‍ෂණයක්.ඒත් කරන්නේ වැකියකින් දෙකකින් මූණටම දමා ගැසීමෙන්. පැහැදිලි කිරීම් නැහැ. පැහැදිලි කලත් එම පැහැදිලි කිරීම්  තුල පවත්වා ගෙන යන ස්වරූපය තර්ජනාත්මකයි. සමහර විට අවිනීතයි. ඒවා පලකිරීම් කරන්නෙත් short and sweet ක්‍රමයට.

අද මාධ්‍ය මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍ය පාඨක ශ්‍රාවක සහභාගිත්‍වයකින් තොරවයි පවත්වා ගෙන යන්නේ. සති අන්ත පත්‍ර බලන්න හැමදාමත් එකම ලේඛක පිරිසක් ලියන්නේ.එයාලගේ අදහස්. අපි බලන්නන් පිරිසක් වෙලා. සංවාදයක් කරන්න ඊලග පිටපතෙන් වත් ඉඩක් නැහැ. සුනිල් මාධව වගේ මාධ්‍යවේදීන් තුල මීට වඩා වෙනස් පිලිවෙතක් තිබුනා. මට මතක් වෙනවා දිවයින පත්‍රයේ අට වෙනි පිටුව.මේ  හිදැස පුරවන්න මූණු පොතට විශාල වපසරියක් තියෙනවා.. මූණු පොතේ කෙටිකතා කොටස් වශයෙන් පලවෙන නවකථා , පද්‍ය නිර්මාන දේශපාලන අර්ථ නිරූපන. අධ්‍යාපන,  වෛද්‍ය වැනි විවිධ ක්‍ෂෙත්‍රවල ලිපි ලේඛණ  දැනටමත් පලවෙනවා.

 ඇතැම් මුණු පොතේ  පිටු ජාති ආගම් අතර මතභේද ඇති කිරීමට, දේශපාලන මතවාද අතර ගැටුම් ඇති කිරීමට යොදා ගෙන තියෙනවා.  මෙය රටක්  වශයෙන් ගත් කල තරමක් මතභේදකාරී තත්ත්වයක්. මිනිසුන්ගේ හැගීම්වලට පහර ගැසීමටද තර්ජන හෝ හිරිහැර “Cyber bullying” කිරීමටද මෙම පිටු හසුරුවන්නන් කටයුතු කරනවා .

සමාජවාදී රාමුවට සිදුවිය හැකි දේශපාලනික, ආර්ථික බලපෑම් මත චීනයද , ආගමික මතවාදයට හානියක් වේ යැයි උපකල්පනය කරමින් ඉරානය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය වැනි රටවලද   මුණු පොත තහනම් කිරීම හෝ සීමා කිරීම  දක්නට ලැබෙනවා .  

අන්තර්ජාලය නිදහස් මාධ්‍යයක් .  ස්වයං අවබෝධය, ස්වයං විනය, අවංක බව භාවිතයේදී අත්‍යවශ්‍යමවෙනවා..  මුනු පොත භාවිතා කරන අය   තම පලකිරීම් වල  හොඳ නරක නැවත නැවතත් හිතා බලන්නේනම් බොහෝ ගැටළු ඇතිවෙන්නේ නැහැ.     

එහෙම වුනහම  මිතුරු පිටු වාරණය කිරීමකුත්  අවශ්‍ය වන්නේ නැහැ.

     

 

 

 

notes of imaginary