පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2012-01-17

කැළණි රජමහා විහාරයේ - ආනන්දයේ ප්‍රඥාව .


කලාගුරු වලිමුණි සොයිලියස් මැන්දිස් මහතා 

කැළණිය ගැන තොරතුරු සොයා යන විට කැළණි විහාරයත් සමග අපට තවත් නමක් සිහිපත් වන්නේ ය ඒ විශිෂ්ඨ කලා කරුවෙකුවු  කලාගුරු වලිමුණි සොයිලියස් මැන්දිස් මහතා ය. චිත්‍ර කලා විශාරදයෙක් වු මෙතුමා පෙරදිග සම්භාව්‍ය සම්ප්‍රදාය  අනුව යමින් ශ්‍රී ලාංකීය අනන්‍යතාව ද ස්වභාවිකත්වයද  ඇසුරින් නිර්මාණාත්මක සිතුවම් කලාවක් ශ්‍රී ලංකාව තුල බිහිකිරීමට පුරෝගාමී විය.

1896 ජූලි මස දොළොස්වැනි දින මාදම්පේ මහ බද්දේගම උපන් සෝලියස් මැන්දිස් මහතා ගේ පියා වූයේ ආයුර්වේද වෙද මහතෙකුවූ වලිමුණි සිරිනේලිස් මැන්දිස් මහතා ය. සිරෝ මැන්දිස් මහත්මිය එතුමාගේ මෑණියන් විය.
මාදම්පේ ක්‍රිස්තියානි පාසලේ සත්වැනි පන්තිය දක්වාත්  අනතුරුව නාත්තන්ඩිය වීරසේන විද්‍යාරතන පිරිවෙනට ඇතුළුව අධ්‍යාපනය ලැබ  සොයිලියස් මැන්දිස් පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේ ය.
ඔහුගේ ඥාතියකු වූ මෙමෝනිස් ද සිල්වා ඇතුළු ශිල්පීන් කිහිප දෙනෙකු විසින් මාවිල විහාර බිතුසිතුවම් නිර්මාණය  කරමින් සිටින අවධියේ ඔහු හා එක්ව කටයුතු කරමින් සිතුවමට මෙන්ම ඇඹීම් කටයුතුද ප්‍රගුණ කිරීමට  අවස්ථාව ලබා ගත්  එතුමා එතැන් පටන් විහාර කර්මාන්තයෙහි නියැලුණු සිත්තරෙකු බවට පත්විය.
මාවිල විහාරස්ථානයේ කලා කර්මාන්තයන්ගෙන් අනතුරුව සොයිලියස්  මහතා පොළොන්නරුව ශ්‍රී ජය විහාරය, උඩුබද්දාව විහාරය, මල්වානේ ලෙනගම්පල පුරාණ විහාරය හා ගිරිඋල්ලේ මැද්දෙපොල යන විහාරස්ථානවල චිත්‍ර හා මූර්ති කර්මාන්තයන්හි යෙදී ඇත. 1922 වර්ෂය ගිරිඋල්ල මැද්දේපොල විහාරස්ථානයේ  විශේෂත්වය වන්නේ එහි කල  මූර්ති කලානිර්මාණයන් ය. එම මූර්ති තුළින් මතුවන්නේ සොයිලියස් මැන්දිස්ගේ නිදහස් බෞද්ධ කලා ආරේ අනන්‍යතාවයි.මේ වන විට ප්‍රවීන සිත්තරයෙක් බවට පත්ව සිටි සොයිලියස් මැන්දිස් මහතා හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ ආරාධනයෙන් කැලණි රජ මහා විහාර කර්මාන්තයේ  සිතුවම් හා මූර්තියෙන් විසිතුරු කිරීමට එක්වන්නේය.
කැලණි රජ මහා විහාරයේ නව බිතුසිතුවම් ඇඳීමට පෙර මෙතුමා  භාරතීය චිත්‍රකලා නිර්මාණ අධ්‍යයන චාරිකාවක යෙදී ඇත. පෙරදිග සම්භාව්‍ය කලාවේ විශිෂ්ටතම නිදසුන් සමූහයක් සහිත අජන්තා, එල්ලෝරා හා භාග් යන ස්ථාන නිරීක්‍ෂණ චාරිකවකින් පසු කැලණි රජ මහා විහාරයට හෙල ආරට නිමවුන සිංහල බෞද්ධ සිතුවම් කලාවේ විශිෂ්ටතම නිර්මාණ එක් කලේය.
බොහෝ පන්සල් වල මෙන් ඒකාකාරී ලෙසින් ජාතක කථා ඇඳීමක් කැලණි සිතුවම් වල නොමැත. ඒ වෙනුවට සම්බුදු සසුනෙහි ඓතිහාසික සිදුවීම් මාලාවක් බොදු සිත් පහන්වන හැඟුමින් යුතුව සිතුවම් වී ඇත. කැලණි වෙහෙර පිළිබඳ ඉතිහාසය, ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම, විහාර මහා දේවියගේ කථාපුවත, ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවීම බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය, චූලෝදර, මහෝදර යුද්ධය ආදී ඓතිහාසික පුවත් ගුරු, දුඹුරු හා අඳුරු කහ යන වර්ණ ප්‍රභේද සංයෝජනයෙන් අපූර්වත්වයෙන් යුතුව චිත්‍රණය කොට ඇත.කැලණි සිතුවම් වර්ණ ගැන්වීම සඳහා එතුමා යොදාගත්තේ දේශීය අමුද්‍රව්‍යයන් වූ මකුළු මැටි ස්වභාවික කොළ, මල් හා කැඩුනු බිත්තරවල සුදු මද වලින් කල මිශුණයකි.
අව්‍යාජ ගැමියෙක් ලෙස  සරමක් හැඳ කොණ්ඩය බැඳි, බුලත්විට සපන සාමාන්‍ය සිත්තර බාස් උන්නැහේ කෙනෙකුවු සොයිලියස් මහතා මුළු දිවියම නිහඬව තම නිර්මාණ ශක්තිය ජාතියට, ආගමට,හා  රටට මහඟු මෙහෙවරක්  උදෙසා දායාද කර තම නාමය සදාකාලික ජීවනයට පත්කරවමින්  1975 සැප්තැම්බර් මස පළමුවැනි දින  අප අතරින් සදහටම සමුගත්තාය

2012-01-08

උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ.




දුරුතු පෝදා අපට සිහිවන්නේ කැළණියයි. එහෙත් මෙකල නම් දුරුත්තේ නොව දිනපතාම මාධ්‍ය විසින් කැළණිය අපට සිහිපත් කරයි. ඒ කැළණිය නම්වු පුදබිම නිසා නොව අසංවර දේශපාලකයින්ගේ මාධ්‍ය සංදර්ශණ නිසාවෙනි. බුදුන් වැඩි මේ පින්බිම කෙලෙසන මේ මිනිසුන් දෙව්දත් තෙරුන් ගිය මග නොයන්නේ ලෝකයම දෙව්දත් ලා ගෙන් පිරී ඇති නිසාවෙනි.

මේ සියල්ල අමතක කර අපි සීතල දුරුත්තේ බුදුන් වැඩි පින්බිම ගැන කතාකරමු. එවිට මොහොතකට හෝ අපේ සිත් නිවාලනු ඇති. අපේ ගැමි කවියෙකු කැළණියේ වටිනාකම පලකර ඇත්තේ මෙවන් පදවැලකිනි.
පසන් ගව්තම මුනිදු බුදු වී - සාසනේ ලොව පැවතියේ
එසන් පත් ඇති අයත් මරුවා කැටුව යනවා උරුදියේ
වසන් ඇති දා කරපු හිතමය කැටුව යන්‍නේ පැහැදියේ
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ.

ලක්දිව බටහිර වෙරලේ වෙළද නගරයක් වු කල්‍යාණී නගරයක් ගැන පන්සිය පනස් ජාතකයේ “වලාහස්ස ජාතකයේ ” කියවේ. වාල්මීකීගේ රාමායනයේ ඉන්දියාව් රාම රජු පරදා කැළණියේ විසු විභීෂනට ලංකා රාජ්‍ය භාර කල බව පැවසේ. මේ කතා වෘතාන්තවුවත් කැළණිය මෙරට පමනක් නොව ඉන්දියාවේද ප්‍රසිද්ධ හා දියුණු නගරයක් ව පැවති බව මේ කතා මුළාශ්‍රකරගෙන අපට සිතා ගැණිමට හැකියාව ලැබේ.

බුදුරජානන් වහන්සේ ලංකාවට වැඩම කිරීම සමග කැළණියට සුවිශේෂවු ආගමික වැදගත් කමක් අත්වේ. බුද්ධත්වයෙන් නව මාසයකට පසු මෛහියංගණයට වැඩම කල බුදුරජානන් වහන්සේ ට බුහුමන් දැක්වීම පිණිස එහි ගිය මණිඅක්ඛික නාග රජුගේ ආරාධනයෙන් කැළණියට වැඩම කලේය. එහිදී චුලෝදර - මහෝදර සහෝදරයින් මැණික් පුටුවක් උදෙසා ඇතිවු අරගලය සංසිදුවා නා රජ දරුවන්ට බණ දේශණා කල බව සදහන්වේ. ඉන්පසුව බුදුරජානන් වහන්සේ ධර්ම දේශණා කල තැන අරගලයට තුඩුදුන් මැණික් පුටුව පිහිටුවා චෛත්‍යයක් ඉදිකල බව පැවසේ.

කැළණිය ක්‍රිස්තු පුර්ව දෙවෙනි සියවස්වලදී පවා ජනාවාසයක්ව පැවතී ඇත.එකල කල්‍යාණී දේශ යනුවෙන් හදුන්වන ලද කැළණිය දියුණු නගරයක්ව පැවතෙන්නට ඇත. ක්‍රිස්තු පුර්ව දෙවෙනි සියවසේ කල්‍යාණ තිස්ස රජු විසින් උණු තෙල් කටාරමක ලා රහතුන් වහන්සේ නමක් මැරවු හෙයින් මුහුද ගොඩ ගලා විත් මහත් ව්‍යසනයක්වු බව පුරා වෘත්තියේ සදහන් වේ.