දුරුතු පෝදා අපට සිහිවන්නේ කැළණියයි. එහෙත් මෙකල නම් දුරුත්තේ නොව දිනපතාම මාධ්‍ය විසින් කැළණිය අපට සිහිපත් කරයි. ඒ කැළණිය නම්වු පුදබිම නිසා නොව අසංවර දේශපාලකයින්ගේ මාධ්‍ය සංදර්ශණ නිසාවෙනි. බුදුන් වැඩි මේ පින්බිම කෙලෙසන මේ මිනිසුන් දෙව්දත් තෙරුන් ගිය මග නොයන්නේ ලෝකයම දෙව්දත් ලා ගෙන් පිරී ඇති නිසාවෙනි.
මේ සියල්ල අමතක කර අපි සීතල දුරුත්තේ බුදුන් වැඩි පින්බිම ගැන කතාකරමු. එවිට මොහොතකට හෝ අපේ සිත් නිවාලනු ඇති. අපේ ගැමි කවියෙකු කැළණියේ වටිනාකම පලකර ඇත්තේ මෙවන් පදවැලකිනි.
පසන් ගව්තම මුනිදු බුදු වී - සාසනේ ලොව පැවතියේ
එසන් පත් ඇති අයත් මරුවා කැටුව යනවා උරුදියේ
වසන් ඇති දා කරපු හිතමය කැටුව යන්‍නේ පැහැදියේ
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ.
ලක්දිව බටහිර වෙරලේ වෙළද නගරයක් වු කල්‍යාණී නගරයක් ගැන පන්සිය පනස් ජාතකයේ “වලාහස්ස ජාතකයේ ” කියවේ. වාල්මීකීගේ රාමායනයේ ඉන්දියාව් රාම රජු පරදා කැළණියේ විසු විභීෂනට ලංකා රාජ්‍ය භාර කල බව පැවසේ. මේ කතා වෘතාන්තවුවත් කැළණිය මෙරට පමනක් නොව ඉන්දියාවේද ප්‍රසිද්ධ හා දියුණු නගරයක් ව පැවති බව මේ කතා මුළාශ්‍රකරගෙන අපට සිතා ගැණිමට හැකියාව ලැබේ.
බුදුරජානන් වහන්සේ ලංකාවට වැඩම කිරීම සමග කැළණියට සුවිශේෂවු ආගමික වැදගත් කමක් අත්වේ. බුද්ධත්වයෙන් නව මාසයකට පසු මෛහියංගණයට වැඩම කල බුදුරජානන් වහන්සේ ට බුහුමන් දැක්වීම පිණිස එහි ගිය මණිඅක්ඛික නාග රජුගේ ආරාධනයෙන් කැළණියට වැඩම කලේය. එහිදී චුලෝදර - මහෝදර සහෝදරයින් මැණික් පුටුවක් උදෙසා ඇතිවු අරගලය සංසිදුවා නා රජ දරුවන්ට බණ දේශණා කල බව සදහන්වේ. ඉන්පසුව බුදුරජානන් වහන්සේ ධර්ම දේශණා කල තැන අරගලයට තුඩුදුන් මැණික් පුටුව පිහිටුවා චෛත්‍යයක් ඉදිකල බව පැවසේ.
කැළණිය ක්‍රිස්තු පුර්ව දෙවෙනි සියවස්වලදී පවා ජනාවාසයක්ව පැවතී ඇත.එකල කල්‍යාණී දේශ යනුවෙන් හදුන්වන ලද කැළණිය දියුණු නගරයක්ව පැවතෙන්නට ඇත. ක්‍රිස්තු පුර්ව දෙවෙනි සියවසේ කල්‍යාණ තිස්ස රජු විසින් උණු තෙල් කටාරමක ලා රහතුන් වහන්සේ නමක් මැරවු හෙයින් මුහුද ගොඩ ගලා විත් මහත් ව්‍යසනයක්වු බව පුරා වෘත්තියේ සදහන් වේ.
3 comments:
mewage dewal bedaa hadaa ganna ekath pinak....
අනේ මන්දා. ඒ නිසාමද දන්නේ නෑ, අර කැළණියේ යකා හැමදාම පවුකාර වැඩ කරන්නේ.
අනේ මන්දා. ඒ නිසාමද දන්නේ නෑ, අර කැළණියේ යකා හැමදාම පවුකාර වැඩ කරන්නේ.
Post a Comment