Tuesday, December 12, 2023

ගජමන් නෝනා



උපත ක්රි.ව 1746 - විපත ක්රි.ව 1815)
ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙල් පෙරුමාල් කොර්නේලියා උපත ලබන්නේ 1746 වසරේ කොල්ලුපිටියේය. කිවිඳියක ලෙස සහජ දක්ෂතාවයක් පෙන්වූ ඇය කාව්යය නිර්මාණයෙහිලා භාෂා භාවිතයේදී මනා නිපුණතාවයක් දැක්වූවාය.
දොන් ෆ්රැන්සිස්කු සේනාරත්න කුමාර පෙරුමාල් වන ඇගේ පියා ලිපිකරුවකු ලෙස සේවය කළ අතර, ඇගේ මව වන ප්රැන්සිනා ග්රේරු හෙවත් නෝනා බබා හාමිනේ මිලාගිරිය පාසලේ ගුරුවරියක්‌ ලෙස සේවය කළා. මේ දෙපලට ලැබුණු පළමු දරුවා වන දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා උපන්නේ 1746 මාර්තු 10 වැනිදායි. ඇයට බාල සහෝදරියක් සහ සහෝදරයෙක් සිටි අතර පසු කාලයේදී කොර්නේලියා, පියාගේ නමෙන් ගජමන් යන කොටසත් මවගේ නමෙන් නෝනා යන කොටසත් එක්වී ගජමන් නෝනා ලෙස ප්රසිද්ධ වුණා.
මොවුන් කොල්ලුපිටියේ පදිංචිව සිටි අතර කොර්නේලියාට වයස අවුරුදු 13දී පමණ එහි සිට මාතරට පැමිණ ඇත්තේ ඇගේ පියාට මාතර තෝම්බුව භාර නිලධාරී තනතුර ලැබීමෙන් පසුවයි. ඔවුන්ගේ මාතර වේරගම්පිට තුප්පහි වත්තේ නිවසට ආසන්නව පිහිටා ඇති වේරගම්පිට රජමහා විහාරයේ එවකට වැඩ සිටියේ කරතොට ධම්මාරාම ස්වාමීන් වහන්සේයි.
වේරගම්පිට පන්සලේ කරතොට ධර්මාරාම හිමියන්ගෙන් අධ්යාපනය ලැබූ ඇය එකල භික්ෂුවක වූ (ඇලපාත ධම්මරතන) ඇලපාත මුදලි සමග හුවමාරු කරගත් කවි සංවාද ඉතා රසවත් මෙන්ම ප්රචලිතය.

ලමා කාලය ...

කොර්නේලියා කුඩා කාලයේ පටන්ම අකුරු ලිවීමටත්, කවි නිර්මාණයත් ආශා කළා. ඇගේ හැකියාවන් හඳුනාගත් කොර්නේලියාගේ මාමා වන පත්තායමේ ලේකම් පිරිමි දරුවෙකු ලෙස ඇයව වෙස් ගන්වාගෙන කරතොට ධර්මාරාම පණ්ඩිත නාහිමි වෙත රැගෙන යන්නේ ඇගේ කවීත්වය දියුණු කිරීමටයි. ඇය පිරිමි දරුවෙකු මෙන් කොණ්ඩය පැත්තට පීරා සරමක් සහ බැනියමක් ඇඳ වේරගම විහාරයේ නැවතී අධ්යාපනය ලැබුවා.
“පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ළිඳ උඩ තැබුවාය කළේ
අට පහ නොදන්නා ජඩයෙකි මේක කළේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කළේ”
මෙය වයස අවුරුදු 8දී පමණ ඇය කියූ කවියක් බව සඳහන් වෙනවා.
අධ්යාපන කටයුතු නිම වීමෙන් කාලයක් ගත වූ පසු ඇය දිනක් කරතොට හිමියන් හමුවීමට ගොස් තම අනන්යතාවය හෙළි කර සිටියා. එවන් දෙයක් කිරීමෙන් ඇය මහත් පාපයක් අත් කරගත් බව කරතොට හිමියන් පැවසූ විට තමන් එසේ කළේ කාව්ය නිර්මාණයට තිබූ කැමැත්ත නිසාම බව ගජමන් නෝනා පැහැදිලි කර කරතොට හිමියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
මෙම සිද්ධිය දැනගත් පසු බොහෝ දෙනා කෝපයට පත් වී කරතොට හිමියන් සහ කොරනේලියා සම්බන්ධ කර විවිධ කටකතා ගොතා තිබෙනවා. ඒ අවස්ථාවේදී නොසැලී සිටි කොර්නේලියා කවියක් ලියා සියල්ලටම බෙදා හැරීමෙන් පසු එම කටකතා ක්රමයෙන් තුරන් වූ බව සඳහන් වෙනවා.

හැඩකාර කොර්නේලියා ...

බොස්තරුක්ක හැට්ටය සහ ගවුම් සායකින් සැරසී, ඇට මාලයක් පැළඳ සිටි කොර්නේලියාව අවට වැසියන් ඇමතුවේ නෝනා ලෙසයි. ඇය ඉතාමත් සුන්දර රූපයකට හිමිකම් කියූ බවත් සඳහන් වෙනවා. වයස අවුරුදු 22දී ගාල්ලේ පරකට කවියෙකු වූ තල්පේ මෙරෙංචිගෙයි ගාර්දියෙස් ආරච්චි සමඟ විවාහ වී ඇය ගාල්ලේ තල්පේ ප්රදේශයේ පදිංචියට ගියා. විවාහයෙන් පසු උපන් දරුවාට ඔවුන් ජුවානිස් අල්විස් යන නම තැබුවා. කිසිදු අඩු ලුහුඬුකමකින් තොරව ගලා ගිය ජීවිතයට තිත තබමින් විවාහයෙන් දෙවසරකට පසු කොර්නේලියාගේ සැමියා මිය යනවා. ඉන්පසු පියාගේ ඉල්ලීම මත ඇය නැවතත් මාතර නිවසට පදිංචියට ගියා.

දෙවන විවාහය ...

තම දරුවාද රැක බලාගෙන ජීවත් වූ තරුණ කොර්නේලියා දෙමව්පියන්ගේ පෙරැත්තය නිසා නැවතත් විවාහ වීමට තීරණය කළා. ඇගේ දෙවැනි විවාහය සිදු වුණේ මාතර උයන්වත්තේ පදිංචි දොන් ග්රේබ්රියල් හෙන්ද්රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහන්දිරම් සමඟයි. මෙම විවාහයෙන් ඔවුන් දොන් ගිරිගෝරිස්, දොන් දාවිත් සහ දොන් දියස් නම් දරුවන් තිදෙනෙකු ලබනවා. නමුත් විවාහයෙන් වසර 8කට පසු ඇගේ දෙවන සැමියාත් මිය යන්නේ ගජමන් නෝනා දරුවන් සිව් දෙනෙකු සමඟ මෙලොව තනිකර දමමිනුයි.
මෙම අවාසනාවන්ත සිදුවීම් වලින් හෙම්බත්ව සිටි ගජමන් නෝනාට පිහිටට සිටියේ ඇගේ පියා පමණයි. නමුත් ජනප්රවාද වල සඳහන් පරිදි කසාගල් විහාරයට ගොස් එන අතරමඟදී ගජමන් ආරච්චි වල් අලියෙකුගේ පහර දීමකින් 1801දී පමණ මිය ගොස් තිබෙනවා. ඉන්පසු දැඩි ආර්ථික අඟහිඟකම් වලට මුහුණ දුන් ඇය තම දරුවන් පෝෂණය කළේ උසස් පවුල් වල ගැහැණු ළමුන්ට අධ්යාපනය ලබා දීමෙන් උපයා ගත් මුදලින්. කලකට පසු ඇගේ දරුවන්ගෙන් දෙදෙනෙක් උණ රෝගයකින් පීඩා විඳ මිය ගිය අතර එය සිදුවී ටික කලකින් ඇගේ මවත් මියැදුණා. ඇගේ එක් දරුවෙක් සසුන්ගතව සිටි බවත් ඒ සාමණේරයන් වහන්සේත් අකාලයේ අපවත්ව ඇති බවත් පැවසෙනවා. මෙලෙස ටිකෙන් ටික සිදු වන සමීපතමයන්ගේ වියෝව ඇයට දරාගත නොහැකි තරම් බලවත් වුණා. ඇයට තම දුක නිවා ගන්නට තිබූ මාර්ගයත් කවිය පමණයි.
“සිතට කයට සැපදෙන මව්පියොත් නැත
නිවට කලට සලකන නෑසියොත් නැත
ගැහැට ලෙඩට වෙද පිළියම් කිසිත් නැත
දුකට අපට පිහිටවන්නට කාත් නැත”

නිර්මාණ ...

මාතර යුගයේ කවි කිවිඳියන් අතරින් උගත් කමෙන් සහ කවීත්වයෙන් ඉහළම තැනක සිටි ගජමන් නෝනාට මුහුණ පාන්නට සිදුවූ හැල හැප්පීම් නිසා ඒ හැකියාවන් ඔප් නංවා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇය පසු කාලීනව කවි ලියා ඇත්තේ ඇගේ දරුවන් ජීවත් කරවීමටයි. ඇගේ කවි සමකාලීන නිර්මාණ වලට සාපේක්ෂව උසස් නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කළා. දෙනිපිටියේ නුග රුක වැනුම, පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය, දැඩිතර ශෝක මාලය, මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යැවූ පෙත්සම, සෙව් විකරම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි, තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සන්දේශය, තිලකරත්න දිසානායක ළමාතැනීට කළ පින්කම් වැණුම, ඇලපාත මුදලි සමඟ සිදුවූ කවි සංවාද සහ සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වරුණ ඇයගේ නිර්මාණ කිහිපයක්.

ඇලපාත මුදලි ..

වැන්දඹුවක් ලෙස ජීවත් වූ කාලයේදීත් ගජමන් නෝනා සමඟ පෙම් සබඳතා ඇති කර ගැනීමට ප්රභූවරුන් රැසක් උත්සාහ ගත් අතර ඔවුන් අතරින් ඇලපාත මුදලි සුවිශේෂීයි. කරතොට භික්ෂූන් වහන්සේගේ ශිෂ්ය භික්ෂුවක්ව සිටි ඔහු පසුව උපැවිදිව ක්රිස්තියානි ආගම වැළඳගත්තා. ඔහු ගජමන් නෝනාට තම සිතැඟි කවියෙන් පැවසූ අතර ඇයත් කවියෙන්ම ඒවාට පිළිතුරු දුන්නා. ඔවුන් දෙදෙනාගේ කවි සංවාද මාතර යුගයේ කවිය ඉතාමත් රසවත් කිරීමට දායක වුණා.

නෝනාගම..

ඇය පියාගේ මරණයෙන් පසු ආර්ථික පරිහානියට පත්ව සිටි කාලයේ මාතර අධිකරණ භාර නිලධාරියා ලෙස කටයුතු කළේ ජෝන් ඩොයිලි විසින්.ඔහු ඇගේ කවි ඉතා ප්රිය කළ පුද්ගලයන්ගෙන් කෙනෙක්. තමන් මුහුණ පා ඇති අසීරු තත්ත්වය කවියෙන් පැහැදිලි කළ ගජමන් නෝනා, තමන්ට පිහිටක් වන ලෙස ඩොයිලිගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ඇගේ කවීත්වයට ගරු කිරීමක් ලෙස ඩොයිලි අම්බලන්තොටින් ඇයට ගම්වරයක්‌ ලබා දුන් අතර එම ගම්මානය “නෝනාගම” ලෙස අදටත් ප්රසිද්ධයි. නෝනාගම හන්දියේ ඇගේ පිළිරුවක්ද ඉදිකර තිබෙනවා.
තවද ජෝන් ඩොයිලි දිසාපතිතුමාට ඇයගේ දුක ලියා යවන ලද පෙත්සම, පියාගේ මරණය අරබයා ලියූ කවි පන්තිය, "දෙනිපිටියේ නුග රුක වැනුම", ඇයගේ නිර්මාණ අතරින් කීපයකි.

මරණය...

ගජමන් නෝනා 1815 දෙසැම්බර් මස 15 වැනිදා මියගිය බව සඳහන් වෙනවා. ඇය මිය ගියේ දුක් පීඩා දරාගත නොහැකිව ගෙල කපාගෙන යැයිද ඇතැමුන් පවසනවා. එය සත්යයක් නොවන බව තවත් කෙනෙකුගේ පිළිගැනීමයි.
“සකවසිනෙක් දහස් සත්සිය සතිස් වස
වකලද තෙළෙස් උඳුවප් අවගුරු දවස
නෙක ගුණ දෝන ඉසබෙල් පෙරුමල් දිගැස
සකපුර පැමිණ දිවසිරි සැප විඳින ලෙස”
මෙය ඇය මිය යන්නට පෙර මරණය හඟවමින් ලියූ කවියකි.
සිංහල සාහිත්යයට කවියෙන් අනූපම දායකත්වයක් දැක්වූ ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා නම් කිවිවරිය 1814. 12. 15 දා දිවියෙන් සමුගත්තාය.

දෙනිපිටියේ නුගරුක වැනුම

පිනවන දුටු දන සෑම - ගඟ ළඟ පිහිටි කදිම
තුරු පෙල අවට සැදීම - යුත් සෙවනැල්
ගණ මේ කුලෙව් දිලීම - විහඟුන් මත රැව් දීම
සුළඟින් පත් ලෙල දීම - ඇති හැම කල්
යන එන අය සැප සේම - එහි හිඳ ගිම් සැනසීම
දස අත අතු විහිදීම - ගිමෙන විසල්
දෙනිපිටියටම ඉතාම - වටිනා මහ නුග දුම
බල එක් එහි සිතු සේම - නිලඹර දුල්
සැම වර දන මන නන්ද - පලබර පුලුපු උයන් ද
නෙක වතු කුඹුරුවලින් ද - සැදි දෙපසේ
පෙම කරවන නිතියෙන් ද - සල්පිල් සහ
ගෙවලින් ද
එහි සරණා මැති සෙන්ද - සැණකෙළි සේ
කවියන් වඩු සිතියන් ද - දැනගත් සිපි ඇදුරන් ද
සැදි දෙණිපිටිය නමින් ද - යුත් පියසේ
නුගතුර තුනු රුසිරෙන් ද - පළ කර සකි දේවින්ද
පරසතු රුක විලසින් ද - නිබඳ දිසේ
සගා
(පොත්පත් ඇසුරෙනි)
උපුටා ගැනීම​

notes of imaginary

Sunday, December 10, 2023

අතුරුදහන් වීමට නියමිත වස්තුවකි.




අපේ පුංචි මුණුපුරා අසන ප්‍රශ්න වලට ඔහුට ගැලපෙන අන්දමින් උත්තර සපයන්න අසීරු වේ. ඔහු පලමුවෙනි වසරේ අධ්‍යාපනය ලබයි.  අද උදේ ඔහු ශිෂ්ඨාචාරය කියන්‍‍ෙන් ‍ෙමාකක්ද සී‍ෙය් යන්න ම‍ෙගන් ප්‍රශ්න කරයි.මා උත්තර සැපයිය යුතුය.

මම අතරමංව පුතේ ආතම්මාගෙන් න්න කියා ආතම්මාට යොමුකලෙමි. ඈ ගුරුවරියකව සිටි නිසා පුංචි මුනනුපුරාට ගැලපෙනන ලෙස ශිෂ්ඨාචාරය තේරුුම් කරදෙන්නට ැත.

ලොකු මුණුපුරා හත වසරේය. ඔහු පරිඝණකය රිසිසේ හසුරුවයි.. තොරතුරු සොයා ගනී. අධ්‍යාපන කටයතු සදහා වුවද උදව් ඉල්ලන්නේ කලාතුරකිනි 

ඔහු සීයාව ප්‍රශ්න කරයි

 "සීයේ  ඔයා කොහොමද තාක්ෂණයක් නැතුව අතීතයේ ජීවත් වුනේ...?.

ඔහුට ප්‍රශ්නයකි ?.

පරිඝණකයක් , කැල්කියුලේටරයක් ඔහුගේ වයසේදී දැක තිබුනේ නැත. ඒවා ගැන අසා තිබුනේ වත් නැත.

අපි පරිඝණක නොමැතිව

ඩ්රෝන් නොමැතිව

බිට්කොයින් නොමැතිව

අන්තර්ජාල සම්බන්ධතාවයකින් තොරව

රූපවාහිනී නොමැතිව

වායු සමීකරණ නොමැතිව

අපි ලොකු මුනුපුරාගේ වයසේදී ජංගම දුරකථන නොමැතිව ජීවත් වුනෙමු..

සීයා  පැහැදිලි කරන්නට උත්සහා දරයි

ඒත් අපි අවශ්‍යතාවයන් සපුරා ගෙන  "ඔබේ පරම්පරාව අද ජීවත් වන ආකාරයටම ...ජීවත් වු බව පැහැදිලි කරමි

  අපිට...................

යාච්ඤා නැත,

අනුකම්පාවක් නැත,

ගෞරවයක් නැත,

සැබෑ අධ්‍යාපනයක් නැත,

දුර්වල පෞරුෂය,

මානව දයාව නැත

ලැජ්ජාවක් නැත,

නිහතමානීකමක් නැත,

අවංකකමක් නැත.

1930-1980 අතර කාලයේ උපන් අපි භාග්‍යවන්තයෝ වෙමු.

අපේ ජීවිත ජීවමාන සාක්ෂියක්.

සෙල්ලම් කර කර බයික් පදිනකොට අපි කවදාවත් හෙල්මට් භාවිතා නොකෙලෙමු .

පාසලෙන් පසු අපි අපේ ගෙදර වැඩ අප විසින්ම කළ අතර අපි සෑම විටම ඉර බැස යන තුරු තණබිම්වල සෙල්ලම් කළෙමු

අපි සෙල්ලම් කළේ සැබෑ මිතුරන් සමඟ මිස අතථ්‍ය මිතුරන් සමඟ නොවේ.

අපට පිපාසය ඇත්නම්, අපි දිය උල්පතෙන් බොමු, දිය ඇලි වලින්, කරාමය ජලය මිස ඛනිජ ජලය නොවේ.

අපි අපේ මිතුරන් සමඟ එකම කෝප්පය හෝ පිඟාන බෙදා ගත්තද අපි කිසි විටෙකත් කලබල වී අසනීප වන්නේ නැත.

අපි හැමදාම පාන් සහ පැස්ටා කන එකෙන් කවදාවත් බර වැඩි වුණේ නැත.

පාවහන් නොමැතිව ඇවිද ගියත් අපේ දෙපාවලට කිසිම දෙයක් වුණේ නැත

සෞඛ්‍ය සම්පන්නව සිටීමට අපි කිසි විටෙකත් අතිරේක ආහාර භාවිතා කළේ නැත.

අපි අපේම සෙල්ලම් බඩු හදාගෙන සෙල්ලම් කලෙමු.

අපේ දෙමව්පියෝ පොහොසත් අය නෙවෙයි.

ඔවුන් අපට දුන්නේ ආදරය මිස ද්‍රව්‍යමය තෑගි නොවේ.

 අපට කවදාවත් ජංගම දුරකථනයක්, DVD, PSP, ක්‍රීඩා කොන්සෝලය, Xbox, වීඩියෝ ක්‍රීඩා, PC, ලැප්ටොප්, තිබුනේ නැත අන්තර්ජාල කතාබස් තිබුණේ නැත. . . නමුත් අපට සැබෑ මිතුරන් සිටියේය.

අපි ආරාධනයකින් තොරව අපේ මිතුරන් බැලීමට ගොස් ඔවුන්ගේ පවුලේ අය සමඟ ආහාර බෙදාගෙන භුක්ති වින්දා.

පවුලේ කාලයෙන් ප්‍රයෝජන ගැනීමට දෙමාපියන් අසල ජීවත් විමු.

අප සතුව කළු සහ සුදු ඡායාරූප තිබිනි

පි ඒවායෙන්  ඔබ මෙන් ඡායාරූපවල වර්ණවත් මතකයන් සොයාගත්තෙමු.

අපි අද්විතීය හා වඩාත්ම අවබෝධය ඇති පරම්පරාවකි,

මන්ද අපි අපේ දෙමාපියන්ට සවන් දුන් අවසාන පරම්පරාවයි.

ඒ වගේම අපි තමයි

මුලින්ම තමන්ගේ දරුවන්ට ඇහුම්කන් දෙන්න යොමුව පරම්පාරාව.~

අපි සීමිත සංස්කරණයකි.

අපෙන් ප්‍රයෝජන ගන්න.

අපෙන් ඉගෙන ගන්න.

අපි ඉක්මනින් අතුරුදහන් වීමට නියමිත වස්තුවකි.

 මුනුපුරා සීයාට  ඇහුම් කන් දෙයිද නොදනිමි..

මගේ දරුවන්ට මම ඇහුම් දීමට පුහුණූ වුනෙමි.

notes of imaginary

Saturday, December 09, 2023

ඒක තමයි ආදරය....



මගේ සැමියා වෘත්තියෙන් ඉංජිනේරුවෙක්...
මම ආදරය කලේ එයාගේ සෘජු බවට, එයාගේ පළල් උරහිසේ මට දැනුන ආරක්ෂාවට උණුසුමට...
වසර තුනක ආදර සම්බන්ධතාවයකින් පසුව අපි විවාහ වෙලා දැනට අවුරුදු දෙකක්...
අවුරුදු දෙකක් යනකොට මට විවාහය එපාවුනා.
ඒ විවාහ ජීවිතය වෙහෙසකාරී අත්දැකීමක්.
මුල් කාලයේ මම එයා ගේ ආදරය කරපු ගතිගුණම, දැන් මට වදයක් වෙලා.
මම ලේ මස් නහර වලින් හැඳුන දුක සතුට දැනෙන ගැහැණියක්.
ආදරය හමුවේ මම හොඳටම සංවේදී යි.
මගේ හදවත ආදරණීය අවස්ථා ඉල්ලා හඬා වැළපෙන්නේ හරියට පොඩි දරුවෙක් සෙල්ලම් බඩු ඉල්ලනවා වගේ.
මගේ සැමියා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත.
හරිම අසංවේදි පුද්ගලයෙක්.
කොයිම වෙලාවකත් අපේ සම්බන්ධයට romance ගේන්න එයාට බැරි වුනා.
මේ දේවල් මාව විඩාවට පත්කලා, මට ඇතිවුනා.
අවසානයේ මගේ තීරණය මම එයාට කිව්වා.
"මම දික් කසාද වෙන්න තීරණය කලා "
එයාට මගේ තීරණය හිතාගන්න බැරි එකක් වුනා.
"ඒත් ඇයි.. ඇයි මෙහෙම වුනේ"
"මට ඔයාත් එක්ක ජීවත් වෙන එක හරි වෙහෙසෙයි.
හැම දෙයකටම හේතුවක් කියන්න බෑනේ"
ඊට පස්සේ මුළු දවසෙම කතාවක් නෑ, එයා බොහොම නිශ්ශබ්ද ව කල්පනා කලා, මම තව තවත් කලකිරීමට පත්වුනා.
මේ වගේ අසංවේදි පුද්ගලයෙක් සමග තව මොනවා කරන්නද, මේ වගේ වෙලාවක වචනයක්වත් කියන්න බෑ.
ඊළඟ දවසේ එයා මගෙන් මෙහෙම ඇහුවා...
" මම ඔයාගේ ඔය තීරණය වෙනස් කරන්න මොකක්ද කරන්න ඕනේ..."
මට මේ වෙනකොට එයාව වෙනස් කරන්න පුළුවන් කියලා කිසිම විශ්වාසයක් නෑ.
එයාගේ විදිහ කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මම එහෙමයි හිතුවේ.
මම එයාගේ ඇස් දෙක දිහා බලාගෙන එයාට මෙහෙම කිව්වා....
"ඔයා මට මේ ප්රශ්නයට දෙන උත්තරය අනුව මම මගේ තීරණය ගැන ආයෙත් හිතන්නම්....
කන්දක අයිනක ලස්සන මලක් පිපිලා තියෙනවා, මේ මල කඩන්න ගියොත් ඔයාගේ ජීවිතය අවධානමකට ලක්වෙන්න පුළුවන්, ඒත් මට මේ මල ඕන...
ඔයා මා වෙනුවෙන් මේ මල් කඩලා දෙනවාද.."
"මම හෙට උත්තර දෙන්නම්"
එයාගේ උත්තරය මාව තවත් කලකිරීමට පත් කලා.
මම ඊළඟ දවසේ උදේ නැගිටින කොට එයා නෑ. එයාගේ කටු අකුරු වලින් ලියපු ලියුමක් තිබුනා...
මම ඔයා වෙනුවෙන් ඒ මල කඩන්නේ නෑ,
මට පැහැදිලි කරන්න ඉඩදෙන්න...
මගේ හදවත කඩා වැටුනා
ඒත් මම දිගටම ලියුම කියෙව්වා...
ඔයා computer එක පාවිච්චි කරන කොට ඔයා හැම වෙලේම ඒකේ තියෙන මෘදුකාංග අවුල් කරගන්නවා, මම මගේ ඇඟිලි ආරක්ෂා කරගන්න ඕන
ඔයාට ඒ වෙලාවට උදව් කරන්න..
ඔයා හැම වෙලාවකම ගෙදර යතුර අමතක කරනවා, මම මගේ කකුල් ආරක්ෂා කරගන්න ඕන ඔයා වෙනුවෙන් දුවගෙන ඇවිත් දොර අරින්න...
ඔයා ඇවිදින්න ආසයි ඒත් ඔයා පාරවල් දන්නේ නෑ, මම මගේ ඇස් ආරක්ෂා කරගන්නවා ඔයාට පාර හොයලා දෙන්න...
ඔයා මාසයක් ගානේ අපහසුවෙන් ඉන්නවා නේද.. මගේ අත් ආරක්ෂා කරගන්න ඕන ඔයාගේ උදර වේදනාව අඩුකරන්න...
ඔයා දුකින් ඉන්න දවස් තියෙනවා, මම මගේ කට ආරක්ෂා කරගන්නවා ඔයාව සිනහගස්වන්න...
අපි වයසට ගිහින් ඔයාගේ ඇස් නොපෙනෙන්න ගත්තොත්, මම ඔයාගේ නියපොතු කපන්න උදව් කරන්න ඕන, ඔයාගේ සුදු කෙස් අයින් කරන්නම්...
මට කවදා හරි දැනගන්න ලැබුනොත් ඔයාට මට වඩා කවුරුහරි ආදරෙයි කියලා, මට වඩා එයාට ඔයාව බලාගන්න පුළුවන් කියලා, මම එදා ට ඒ මල කඩනවා....
මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගිහින් ලියුමට වැටුනා...
අකුරු බොඳවුනා....
මම දිගටම කියෙව්වා....
ඔයා දැන් මේ ලියුම කියවලා ඉවරයිනේ, ඔයා මගේ උත්තරය ගැන සතුටුයි නම්, ඉස්සරහ දොර අරින්න..
මම ඔයා ආසම දේවල් එක්ක දොර ගාව...
මම දුවලා ගිහින් දොර ඇරියා..
එයාගේ බලාපොරොත්තු සහගත බැල්ම මම දැන් දන්නවා...
වෙන කවුරුවත් නෑ එයා තරම් මට ආදරය කරන...
මම තීරණය කලා මල එතනම තිබුනාවේ....
ඒක තමයි ජීවිතය....
ඒක තමයි ආදරය....
කෙනෙක්ව ආදරය වටකරගෙන හිටියත් එයාට ඒ හැගීම් වල නැවුම් බව නැතිවුන දවසට ඒ සාමය පිටුපස තියෙන සත්ය ආදරය අමතක වෙනවා,
ඒ ආදරයේ වටිනාකම නැතිවෙනවා...
ආදරය එක එක විදිහයි.
ඒක මේ වගේ කියලා කියන්න ස්වරූපයක් නෑ..
ඒක ගොඩක් වෙහෙසකාරී කම්මැලි දෙයක් වෙන්න පුළුවන්...
මල් වගේම එක් එක් අවස්ථා (romantic moments) සම්බන්ධයකට ලස්සනක් ගේනවා..
නමුත්..,
ඒත් ඒ හැම දෙයක්ම යට පවතින ආදරය තමයි සම්බන්ධතාවයක් සඳහා වැදගත්වන අත්තිවාරම..
Translated
ජය ❤️❤️
Jordan M Fernandes
notes of imaginary

Friday, December 08, 2023

ඇය






















කඳු යායට ඔබින් සරතැස නිවාලන
මුදු මඳ පවන් සනසා තුරු පත් සලන
වියපත් හිරු සිඹියි රත් දෙකොපුල සොඳින
රන්වන් සිතුවමකි වැව අසබඩ හිඳින .
රළ පෙළ සසළ වෙයි වැව් තාවුලේ ඇනී
බිඟු කැළ ගී ගයති කුමුදක සුවඳ දැනී
මඳනල කියඹු වැල් හා දඟ කරනු පෙනී
සුලකළ වටොර නෙත් සළෙළුන් වැළඳ ගනී .
දිය කාවුන් ඉගිළ යති සුළි නංවාලා
ගිරවුන් කුඹුක් අතු මත පළසක් වියලා
තනි වූ ඔරු කඳක් එගොඩට යන ලීලා
ඇයගේ දෙපා වෑ කණ්ඩිය මත රැඳිලා .
සිතිජය රේඛාව කෙළවර වන බැද්දේ
විළිකුන් හිරු මඬල වැටිලා වැව මැද්දේ
අත වූ රෙදි බරට පුළුලුකුලත් පැද්දේ
දිය බිඳු වැටෙන ගෙල ලැම මා මන බැන්දේ .
පළුගස් මංඩියේ සුපුරුදු සෙවනැල්ලේ
මා නෙත් ඇගේ නෙත් යාවුණි එක එල්ලේ
තොල්පෙති ලිහී මතුවුණු පෙම් හසරැල්ලේ
නාමල් සුවඳ දැනුණා මට ඇගෙ.... කොපුලේ.
රෝ.සි.

notes of imaginary